Tuesday, June 30, 2020

ධර්මයෙන් බිඳක්


255            කඨිනානිසංසය

විචාර බුද්ධියෙන් යුතුව ධර් මය සම්මර් ශනය කිරීම ධර් මයට අගෞරවයක් වත් වරදක්වත් නොවන අතර එය ධර් ඥානය හා දිට්ඨිය සෘජු කිරීමට හේතු වන්නේය.

පසුකාලීනව සිදු කරණ ලද ධර් ග්රන්ථකරණයේදී හා අටුවා ටීකා ටිප්පනී කරණයේදී, අතිශෝක්තිය හා අධිමාත් ශ්රද්ධාව ධර් ගෞරවයෙන් යුතුව ධර් මයට මුසු කිරීමට බොහෝ ග්රන්ථකාරක පිරිස් උත්සුකවී ඇත.

ආනිසංස හා විපාක යන මාතෘකා දෙක විස්තර කර දීමෙදී මෙය වැඩිපුරම දැකිය හැකිවන්නේය.

සූත්රයන්ට අනුකූලව දස අකුසල් දැක්වෙන අතර සංගීතිකාරක භික්ෂූන් විසින් දස කුසල් ලෙස එහි ප්රතිපාර් ශවය ලෙස ගෙන හැර දක්වා ඇත.

තවද සූත්රයන්ට අනුකූලව ත්රිවිධ පුණ්යක්රියා දැක්වෙන අතර සංගීතිකාරක භික්ෂූන් විසින් දස පුණ්යක්රියා එහිම දිගුවක් ලෙස දක්වා ඇත.

අකුසල පාර් ශවයේ බලවත් විපාක ලෙස, පංච ආනන්තර් කර් මය සූත්රයන්හි දැක්වෙන අතර සංගීතිකාරක භික්ෂූන් විසින් බලවත් ආනිසංස කුසල් ලෙස අටමහ කුසල් දක්වා ඇත.

දානය අග්රගණ් කුසලයකි. දැහැමිව උපයා සපයා ගත් ධනය යොදා, ශීලයෙන් ගුණයෙන් යුතු අය කෙරෙහි පිරිනමන දානය අන් අය කෙරෙහි වන දානයට වඩා උසස් බව ධර් මයේ දක්වා ඇත.

අනුව යමින් ආරණ්යවාසී භික්ෂූන් වහන්සේලා විසින් කඨිනය පෙරටු කොට අටමහ කුසල් දක්වා තිබීමේ දෝෂයක් දැකිය නොහැක.

චීවර, පිණ්ඩපාත, ගිලානප්රත්, සේනාසන යන සිව්පසය ප්රදානය කල හැකි හෙයින් වස් පින්කම් පෙරටු කොට කරණු ලබන කඨින චීවර පූජාවට මුල් තැනක් දී තිබේ.

එහෙත් මෙහි ඇති බලවත් දෝෂය වන්නේ නිර්මල දේශනයේ වත් දක්වා නොමැති නමුත් කුමන ආකාරයෙන් උපයා ගත් ධනයක් යොදා කුමන ආකාරයේ දායකයකු විසින් කරනු ලබන කඨින චීවර පූජාව හේතු කොට ඔහු හෝ ඇය එක එල්ලේම නිවන් පසක් කර ගැනීමටත් එසේ නොවන්නේ නම් දිව්යලෝක සම්පත්තිය සලසා දෙන බව දන්වා කරණු ලබන මුලා කිරීමයි.

සමාජගතවී ඇති මෙකී සාවද් මතය නිසා සාමාන් ජනයාට ජීවිත කාලයටවත් කඨින චීවර පූජාවක් කිරීමට නොහැකිවන ලෙසට කඨිනයට ලංසු තබා ඇත.

මෙසේ ලියා තැබීමෙන් අදහස් කරන්නේ කඨින පිංකමක් කිරීමට නොහැකිව ලත වන අය අස්වැසීමට පමණක් නොව, කඨින චීවර පූජාව මූලික කොට ඇති අට මහ කුසල් යනුවෙන් දැක්වෙන, කඨින සිවුරක් පූජා කිරීම, අටපිරිකර පූජාකිරීම, ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම, බුදුපාමොක්, මහ සඟනට සඟ සතු කර දන්දීම, බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්රණය කරදීම බෙදා හැරීම, සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම, බුදු පිළිම සෑදවීම, චෛත් විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම, වැසිකිළි තනවා සඟසතු කර පිදීම වැනි ක්රියා අනාගත සාසනයේ උන්නතිය සඳහා හඳුන්වාදී ඇති බව දැක්වීමටයි.

තවද අටමහකුසල් කිසිවක් පංච සීලය තරම් වත් එක එල්ලේ නිවන් මගට දායක නොවන බව ප්රකට කොට සඳහන් කරනු කමැත්තෙමි.

දානය (සංඝයාට පමණක් නොව ) සීලය, භාවනාව යන ත්රිවිධ පුණ්යක්රියාවන්ම පුරුදු පුහුණු කලයුතු වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

254            බෝසතාණෝ සත් අවබෝධ කල ආකාරය

 

සියල්ල දුකට මුලය. සියල්ල දුකින් අවසන් වන්නේය.

දුකින් නිදහස් වීමේ මාර් ගය සොයමින් සිටි බෝසත් සිදුහත් තවුසා වෙසක් පුණුපොහෝ දින මැදියම් යාමයේ ආනාපාන සති භාවනා පරිකර්මය මෙනෙහි කොට ප්රථම, දෘතීය, තෘතීය, චතුර් යන ධ්යානයන්ට සමවැදී ඉන් නැගිට සියලු දුක්ඛයන්ට හේතුව ජාතිය (ඉපදීම) යයි පසක් කර ගත්තේය.

පිලිවෙළින් ජාතියට (උපතට ) හේතුව භවය යයිද, භවයට (උත්පත්ති කර්මයට ) හේතුව උපාදානය යයිද, උපාදානයට (අල්ලා ගනීමට ) හේතුව තණ්හාව යයිද, තණ්හාවට (ඇලීමට ) හේතුව වේදනාව යයිද, වේදනාවට (විඳීමට ) හේතුව පස්සය යයිද, පස්සයට ( ස්පර් ෂයට ) හේතුව සලායතන යයිද, සලායතන යන්ට (ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස ) හේතුව නාමරූප බවද, නාමරූප යන්ට (පංචස්කන්ධයට ) හේතුව විඥ්ඥානය බවත්, විඥ්ඥානයට ( කර් නිසා හටගත් සිත ) හේතුව සංඛාර බවත්, සංඛාරයන්ට (කුසල්, අකුසල්, අරූපාවචර සිත් සකස්වීමට ) හේතුව අවිද්යාව බව පසක් කර ගත්තේය.

අවිද්යාව යනු දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර් ගය ගැන ඇති නොදැනුවත් කම බවත්ය යනුවෙන් ප්රතිලෝම වශයෙන් පැනවෙන දොලොස් ආකාර පටිච්ච සමූප්පාදය සම්බන්ධ ඥානය ප්රථමයෙන් පහල වූයේය.

එකී පටිච්ච සමූප්පාදය අනුලෝම, ප්රතිලෝම වශයෙන් මෙනෙහි කොට චතුරාර් සත් දොලොස් ආකාරයෙන් අවබෝධ කර ගැනීමෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර් හත් යන සතර මග සතර ඵලයෙන් නිර් වානය සාක්ෂාත් කොට සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාල බව සංයුක්ත නිකායේ අට්ඨ කතාවේ සඳහන් වන්නේය.

අනුව සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීමට ආනාපාන සති භාවනා වෙන් ධ්යාන සතර ලබා අනතුරුව පටිච්ච සමූප්පාදය මෙනෙහි කරමින් එය පාදක කොට චතුරාර් සත් අවබෝධ කර ගැනීම මගින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර් හත් යන සතර මග සතර ඵල පිළිවෙලින් නිර් වානය පසක් කල බව දැක්වේ.

බෝධි මූලයේදී චතුරාර් සත් අවබෝධ කර ගැනීමට හේතු පාදක වූයේ දොලොස් ආකාරවූ ප්රනීතසමූප්පාද යයි.

එය ප්රථම අවබෝධ ඥානයයි. අවිද්යාව පිළිබඳ ඥානයයි. අවිද්යාව පහකොට විද්යාව ඉපදවීම යනු චතුරාර් සත් අවබෝධයයි.

පටිච්ච සමුප්පාදය අනුව ජරා මරණ ආදී සියලු දුක්කයන්ට හේතුව ජාතිය වන්නේ යයි දීර් ලෙස විග්රහ කොට ඇති අතර චතුරාර් සත් අනුව සංෂික්ප්තයෙන් දුකට හේතුව තෘෂ්ණාව වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

 

253              යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං    තථාගතෝ ආහ

බුදු දහම වත් හේතු ඵල දහම වත් තථාගතයන් වහන්සේගේ නිර් මාණයක් නොවේ. එහෙත් තථාගතයන් වහන්සේ අනුදැන වදාළ සාසනය පදනම්වී ඇත්තේ හේතු ඵල දහම මතයි.

සෑම ඵලයකටම හේතුවක් ඇත්තේය. හේතුවක් ඇතිනම් ඵලයක්ද ඇත්තේය.

හේතුවට හේතුව කුමක් යැයිද නොව, හේතු නිසා යම් හටගන්නා ස්වභාවයක් තිබේද, ඒවාට හේතු තථාගතයන් වහන්සේ දෙසූ සේක යන්න ඉහත උදෘතයේ අදහසයි.

බුදු දහම පිළිගන්නා තැනැත්තා හා බුදු දහම පිළිපදින්නා විසින් හේතු ඵල දහම අධ්යයනය කලයුතුවාක් මෙන්ම විශ්වාස කිරීමද කලයුතු වන්නේය.

අධ්යයනය කරනලද හේතු ඵල දහම ප්රායෝගිකව ජීවිතයට ගලපාගැනීමෙන් නිවනින් මෙපිට වුවද නිවීමක් සැනසීමක් ලබාගැනීමට දහමට ලැදි පෘතග්ජනයාට හැකි වන්නේය.

හේතු ඵල දහම නොදැනුවත්කම නිසා බොහෝ දෙනා දුකින් දුකටම පත්වන අතර ජීවිතය කළමනාකරණය කරගැනීමට නොහැකිවීමෙන් එලොව මෙලොව දෙලොවම විනාශ කර ගන්නේය.

විශේෂයෙන්ම දුකක් කණගාටුවක්, අලාභයක්, පාඩුවක්, නින්දාවක්, අපකීර් තියක්, පරාජයක්, පහත වැටීමක්, පෙලීමක්, විෂාදයක්, ආතතියක්, ඉච්ඡා භංගත්වයක්, නොපිළිගැනීමක්, අස්ථාන චෝදනාවක්, යනාදී ස්වභාවයක් හටගත්තේ නම් එකී ඵලය ගැන ලතැවීමෙන් හැඩීමෙන් දෙඩීමෙන් ඵලක් නොවනවාක් මෙන්ම සිතෙහි හටගත් වෛරයක්, ඉරිසියාවක්, මානයක්, එකට එක කිරීමක්, මසුරුකමක්, වැනි කුඩා අනුකුඩා ක්ලේෂයක් මෝදු වුවහොත් ඊට හේතුව සොයා බලා ඉන් ඉවත්වීමෙන් ඉදිරියේ සිදුවන්නට නියමිත අනේක විධ දුක් කම්මටොලු ව්ලින් මිදී සිත සැනසිල්ලේ පවත්වා ගැනීමට හැකිවනු ඇත.

සමහර විට එයට මූලාරම්භවූ හේතුව, ලඟම හේතුව නොව ඊට පෙර හේතුව වුවද විය හැක.

දරුවකුගේ අභාග්යයට හේතුව දෙමව්පියන් විය හැක. දෙමව්පියන්ගේ දුර් භාග්යයකට හේතුව දූදරුවන් වියහැක.

මහා විනාශයකට හේතුවූයේ නොපිළිපදින ලද උපදේශයක් වූවාද විය හැක.

ජීවිතයක් කෙලවර වීමට ඉතාමත් සුලු කාරණයක් හේතුවූවා වියහැක.

හේතු ඵල වාදය, ආදීනවයත් නිස්සරණයත් පසක් කර දෙන්නේය.

හේතු ඵල වාදය මත සියල්ල තීරණය වන හෙයින් යමක් කීමට, කිරීමට, සිතීමට පෙර ඉන් ඇතිවන්නට තිබෙන්නාවූ ඵලය සිහිකොට කටයුතු කිරීමෙන් ලෞකික, ලොකෝත්තර සුභසාදනය සලසාගත හැකි වන්නේය.

අස්ථානයේ හෝ වගවීමෙන් තොරව යම් ස්වභාවයක් සිදුවේද එය පවා හේතු ඵල ධර්මතාවයට යටත් කොට තැබීමෙන් සහනයක් නිවීමක් ලද හැකි වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

252      මෛත්රිය වැරදුනොත් අපායේ

 

 

මෛත්රී භාවනාව යනු මහත් ඵල මහානිසංස මෙන්ම සාන්දෘෂ්ටික ඵල ලබාදෙන්නාවූ නිතර පුරුදු පුහුණු කලයුතු උතුම්වූ මිහිරි භාවනා පරිකර් මයකි.

පුහුදුන් සිතට නිරන්තරයෙන් මෝදුවන ක්රෝධ, වෛර ආදී අවර ගනයේ සිතුවිලි වලින් සිත මෑත් කොට සිත සැනසිල්ලේ තබමින් ලෞකික ලොකෝත්තර සුඛ විහරණය සාධනය කිරීමට මෛත්රී සිත දායක වන්නේය.

මෙම භාවනාව හරියාකාරව හා අර් ථාන්විතව නොකිරීම නිසා කිසිදු ඵලයක් ප්රයෝජනයක් නොලැබී යනු ඇත.

ප්රථමයෙන්ම වරද්දා ගන්නේ ආරම්භයයි.

මෙම භාවනාව පෙලෙහි සඳහන් වන්නේ " අහං අවේරෝ හෝමී, අභ්යාපජ්ජයා හෝමී, අනීගෝ හෝමී... " යනුවෙනි. එනම් මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, නිදුක් වෙම්වා ... යනුවෙනි.

එහෙත් අප පුරුදුව සිටින්නේ "මම නිදුක් වෙම්වා, නීරෝගී වෙම්වා, සුවපත් වෙම්වා..." යනුවෙන් පැවසීමටයි.

අනුව භාවනා කෘතයයෙන් තරහව, වෛරය ගිලිහී ගොස් ඇත. ඉන් තමා තුල ඇති වෛර, ක්රොධ, තරහ සිතුවිලි ඉවත් කර ගනීමට අදහසක් පහල නොවන්නේය. තවද මෛත්රී භාවනාවෙන් මූලික අදහස ඉන් ගිලිහී යන්නේය.

මෛත්රිය ඇතිවීමට තරහව දැන හැඳිනිය යුතු අතර තරහව නැතිකිරීමට මෛත්රිය පෙරදැරි කලයුතු වන්නේය. මෛත්රි භාවනාවේ ක්රියාපිළිවෙත එයයි.

දෙවනුව වරද්දාගන්නේ ක්රියාත්මක කිරීමෙනි.

මෛත්රිය යනු කීමට, පැවසීමට හෝ සජ්ජායනා කිරීමට පමණක් ඇති දෙයක් නොව කිරීමට (ක්රියාවේ යොදවා අත්විදීමට ) ඇති දෙයකි.

උදේ දවල් සවස තුන් වේලේම මෛත්රී පාඨය සජ්ජායනා කලද අනුනට ඊරිසියා කරන්නේ නම්, උසිගන්වන්නේ නම්, කෙනෙකුගේ සැපතට අකුල් හෙලන්නේ නම්, තමා ක්රොධයෙන් ඇවිලෙන්නේ නම්, අනුනට විපතක් කරන්නේ නම් මෛත්රී භාවනාව කීවා මිස නොකලා වන්නේය.

තෙවනුව වරද්දාගන්නේ විකාලයේ කොට කාලයේ නොකිරීමෙනි

අවේලාවේ කොපමණ කාලයක් මෛත්රි වැඩුවද, වෙලාවේ මෛත්රිය නොකලා නම් අපායේ දොර වසා නොගත්තා වන්නේය.

ක්රොධ, වෛර ආදී ක්ලේෂ සිතිවිලි උපදින උපදින සෑම අවස්ථාවෙදීම, වෛර සිතටත්, ප්රස්තුත පුද්ගලයාටත්, සඳහන් කාරණය දෙසටත් මෛත්රී සිත පැතිරිය යුතු වන්නේය. එය ඔබ පාපයෙන් ගලවා තබා සුගතියේ රැඳවීමටත් අපායෙන් මුදවාලීමටත් සමත් වන්නේය.

වෛර සිතක් ඇතිවූ සැම අවස්ථාවේදීම එය හඳුනාගෙන සිත මෛත්රියෙන් පුරවා ගැනීම මෛත්රිය වැඩීමයි.

කුමන වේලාවක හෝ මතුවූ ක්රොධ සිතක් හේතු කොට අපායගාමී පාපයක් සිදු කලේ නම් ඊට පෙර හෝ පසු වඩන ලද මෛත්රිය අසරණ වන්නේය. එහෙයින් මෛත්රිය කලයුත්තේ උපදින ලද වෛර සිතට මිස නිසොල්මන් සිතට නොවන්නේය. කාලයේ මෛත්රිය යනු එයයි.

අපාය වලකාලන්නේ ව්කාලයේ මෛත්රිය නොව කාලයේ මෛත්රියයි.

මනාව වඩන ලද (කාලයේ වඩන ලද ) මෛත්රී සහගත සිතෙන් අපායගාමී අකුසලයක් සිදු නොවන අතර බ්රහ්ම ලෝක, දිව් ලෝක අතහැරුනොත් මනුෂ ලෝකයේ හෝ රැඳී සිටීමට වරම් ලැබෙනු ඇත.

විකාලයේ වැඩුවද කාලයේ නොවැඩුව හොත් අපායගාමී වන්නේය.

විකාලයේ නොවැඩුවද කාලයේ වැඩුව හොත් අපායගාමී නොවන්නේය.

ථෙරුවන් සරණයි

 

 

 

251            සරණාගමනය

 

බෞද්ධ උපාසකයකු හෝ උපාසිකාවක් වීමට තෙරුවන් සරණ යායුතු වන්නේමය.

"බුද්ධං සරණං ගච්ඡාමී, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්චාමි " යනුවෙන් තෙවරක් පවසා සරණාගමනය කලහැකි වන්නේය.

බුදුන් දහම් සගුන් සරණ ගිය තැනැත්තෙකු විසින් අන් සරණක් පැතීම නොකල යුතු වන්නේය.

එහෙත් අන් පිහිටක් පැතීම කල හැක්කේය.

සරණ ගිය තැනැත්තා යනු කිසිවක් නොකලයුත්තෙක් නොවන අතර ඔහු විසින් සරණාගමණය පරිපුර් විමට කලයුතු කටයුතු කාරණා බොහොවක් ඇත.

සරණ යන්නෙහි ධර් මාර්ථය වන්නේ චරණයයි. එනම් අනුව යෑමයි.

බුදුන් වහන්සේ අනුගමනය කල පිලිවෙත් අනුගමනය කිරීමත්, ධර්මයට අනුකූලවූ දිවි පැවැත්මත් හා සංඝයා ගමන් ගත් මාර් ගයේ ගමන් කිරීමත් චරණය වන්නේය.

සරණා ගමනය (චරණාගමනය ) පසෙක තබා පිහිටාධාරය පතා කටයුතු කිරීමෙන් දහම් මගට වන සෙතක් නම් නොමැත්තේමය.

සම්යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් පවා පිහිටක් ලැබිය හැකි වන්නේ සරණ යෑම කල අයට නොව සරණාගමනය කල අයටයි.

සරණාගමනයේ නියම අරුත දැන කටයුතු කරන්න. ප්රතිඵල සන්දෘෂ්ටික වන්නේය, අකාලික වන්නේය.

සංසාර ගමනට ඇති එකම පිහිටද එය වන්නේය.

ධර්මය හරිහැටි දැන කටයුතු කිරීමෙන් ධර් මයේ පල ලබා ගත හැකි වන්නේය.

සරණාගමනය යනු වදනක් පැවසීම නොව දහමක් අනුගමනය කිරීමයි. නියම බෞද්ධයකු වන්නේ බුදුන් වහන්සේ ගමන් කල මාර් ගයේ ගමන් කිරීමත්, දහමට අනුව කටයුතු කිරීමත්, සංඝයා වහන්සේලා පිළිපන් මාර් ගයට පිවිසීමත් වන්නේය.

බුදුන් වහන්සේ ගමන් කල මාර් ගයේ ගමන් නොකළ, දහමට අනුව කටයුතු නොකළ භික්ෂුවක්, සංඝයා ගණයට තබා උපාසක ගණයටවත් නොගැනෙන්නේය.

තෙරුවන් සරණයි.

 

 

250            කළගුණ නොදනී කළඅගුණ දනී

ලෝකයේ පහළවන දුලභ කරුණු කවරේද යන්න විසාලා මහනුවර සාරාන්ද්ද චේතිය අසලදී වජ්ජි රජදරුවන් විසින් තථාගතයන් වහන්සේ ගෙන් අසන ලදුව ඊට පිළිතුරු ලෙස දැක්වූ කාරණා 5 අතර තථාගත දේශනයේ යථාවත් බව, ආශ්චරියමත් බව, සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිඹිඹු වන පිවිතුරු දහම් කරුණක් ගැන සඳහන් වන්නේය.

සම්මා සම්බුදු වරයකුගේ පහලවීම දුලභය,

සුභාෂිත දහම විනය දේශනා කරණ පුද්ගලයාගේ පහලවීම දුලභය,

දෙසා වදහල දහම දැන ගන්නා පුද්ගලයා දුලභය,

දහමට හා විනයට අනුව ප්රතිපදාවේ යෙදෙන පුද්ගලයා දුලභය,

කලගුණ දන්නා පුද්ගලයා ලොව දුලභය.

කාරණා 4 ක් දහම ගැන සඳහන් වන අතර 5 වැනි කරුණ සඳහන් වන්නේ කලගුණ සැලකීම සම්බන්ඳවයි.

කලගුණ සැලකීම දුලභ මෙන්ම උදාර ගුණාංගයක් බවත් නෛර්යාණික දහම හා සමතැන් ගන්නා බවත් ඉන් අදහස් වන්නේය.

මව් පිය ගුරුවර වැඩිහිටියන්, සොහොයුරු සොහොයුරියන් ඥාති මිත්රාදීන්, හොඳ නොහොඳ යහපත අයහපත ගුණ අගුණ කියාදුන් හා බත බුලතදී උදව් උපකාර කල අත හිත දුන්නවුන්, භාරකාර, ආරක්ෂාව රැකවරණය ලබාදුන්නවුන්; නොසලකා නොහැරීම, අමතක කර නොදැමීම, රැකබලා ගැනීම, පිහිටවීම, ප්රති උපකාර කිරීම කලගුණ සැලකීමයි.

ජීවමාන අයට කරණු ලබන ප්රතිඋපකාරය මෙන්ම මලගිය අයට හා දෙවි දේවතාවන්ට පින්පෙත් දීම පවා කලගුණ සැලකීමකි.

අප්රාණී අජීවී දෑ කෙරෙහිත් කලගුණ සැලකීමේ වැදගත් කම, බුදු සමය පුරාවටම දැකිය හැක්කකි.

වගකීම පැහැර හැරීම කලාව කරගත්, තම ආත්මය ගැන පමණක් සෙවීම ආගම කරගත් සමාජයට; කල හොඳ අමතක මුත් කල නොහොඳ අමතක නොවීයාම වඩාත් බරපතල කාරණයකි. එය ජීවිතයට, ගෙදර දොරට, මුලුමහත් සමාජයටම විනාශය ලඟා කර දෙන්නේය.

කල ගුණ අමතක වීමෙන් සතර බ්රහ්ම විහරණම චිත්ත සන්තානයේ හෝදා පාලුවට ලක්වන අතර කල අගුණ අමතක නොකිරීමෙන් සිතෙහි වෛරය ක්රෝධය ලියලා වැඩෙන්නේය.

සිතක් තුල පැවතිය යුතු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඇතිවීම සඳහා ඉවසීම, සමාව, අත්හැරීම පුරුදු පුහුණු කලයුතු වන්නේය.

කලගුණ දත්තා තුල ඉහතකී ගුණාංග පවතින අතර ඔහු නිවන් දකිනා තාක් කල් සුගති භූමියන්හිම සැරිසරන බව දහමේ සඳහන් වන්නේය.

අබමල් රේණුවක් තරම්වත් කළගුණ දන්නා අයකු විසින් කිසිදිනක සමාජයට අහිතක් නොකරන්නේමය. මන්ද යත් ඔහුට තිලිණවූ ඔහු ලබාගත්දෑ වෙනුවෙන් කිසිදිනක කලගුණ සලකා අවසන්කල නොහැකි හෙයිනි.

බුදුන් අනු දැන වදාළ කලගුණ සැලකීම මහත් ඵල මහානිසංස වන්නේය.

කලගුණ සලකන්න පෙරලා යළි ඔබ වෙතටම එන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

249            ශ්රද්ධාව

 

විමසා නොබලා ඇති කරගන්නා පැහැදීම අමූලිකා ශ්රද්ධාව ලෙසත් ධර්මය ගැන අවබෝධයෙන් ඇතිකර ගන්නා පැහැදීම ආකාරවතී ශ්රද්ධාව ලෙසත් ධර්මයේදී ශ්රද්ධාව පහදාදී ඇත.

බුදු දහමේ පදනම ශ්රද්ධාව වන අතර ඉන්ද්රිය ධර්මයක් ලෙසත්, බල ධර්මයක් ලෙසත්, ධනයක් ලෙසත් දහමේ දක්වා ඇත.

බුදු සමයෙහි දැක්වෙන ශ්රද්ධාවෙන් පටන්ගෙන ප්රඥ්ඥාවෙන් අවසන් වෙන නිර්වාණ පටිපදා මාර්ගයෙහි ශ්රද්ධාවට ප්රමුඛ ස්ථානයක් ලබේ.

අනෙකුත් සියලු ආගම් මතවාද භක්තිය මූලික සාරය කොට පිහිටුවා ඇති අතර බුදු දහම ශ්රද්ධාව මූල සාරය කොට දක්වා ඇත.

භක්තිය අකුසල චෛතසිකයන්ට ඥාති වන හෙයින් සිත වික්ශිප්ත කිරීමට පවා හේතුවීමෙන් අනර්ථකාරී වියහැකි වන අතර ශ්රද්ධාව කිසිදු ආකාරයකින් පාපකාරී චෛතසිකයන්ට ඥාතීත්වයක් නොදක්වන්නේය.

අමූලිකා ශ්රද්ධාව ඉක්මනින් වෙනස් වියහැකි අතර ආකාරවතී ශ්රද්ධාව ස්ථාවරව පවතියි.

ධර්මාවබෝධය අල්ප වුවත් අමූලිකා ශ්රද්ධාව හීන, ග්රාම්යය ලෙස නොසැලකිය යුත්තේ විචිකිච්චා චෛතසිකය දුර්වලව හා ශ්රද්ධා චෛතසිකය ප්රභලව පවත්නා හෙයිනි.

ආකාරවතී ශ්රද්ධාවෙන් ඍජුව ප්රතිපදා මාර්ගයට යොමුවිය හැකි මුත් අමූලිකා ශ්රද්ධාවෙන් පවා වක්රාකාර ලෙස ප්රතිපදා මාර්ගයට යොමු විය හැකි හෙයින් බහැර කල යුතු නොවන්නේය.

බෞද්ධ පිළිවෙත් ලෙස ගැනෙන මල් පහන් සුවඳ දුම් පූජා කිරිම, ආහාර ගිලන්පස පූජා කිරීම, බෝමලු ඇමදීම, බෝධි පූජා, කිරි ආහාර පූජා, බෝධි වන්දනා, දාන මාන පිදීම, චෛත්යය විහාර පෙත් පිළිම වැදීම, පිරිත් සූත් ගාථා සජ්ජායනා කිරීම, භක්ති ගීත, දන්සැල්, තොරණ, පෙරහැර පැවැත්වීම වැනි දෑ අමූලිකා ශ්රද්ධාව යටතේ වර්ගීකරණය කර තිබීම ආකාරශ්රද්ධාව ඇති අය විසින් ප්රඥ්ඥාවෙන් තොරව කරන ලද්දකි.

කුමන හෝ ශ්රද්ධාවක් අවදිවී ඇති නම් අවස්ථාවේදී එම සිතෙහි කිසිදු අකුසල චෛතසිකයක් පවතින්නේ නැත.

එකී අවස්ථාවන් හිදී ක්ලේෂයන් ගෙන් තොර පහන් සිතක් පරිහරණය කරණු ලබන බැවින් කිසිදු අකුසලයකින් සිත දූෂණය නොවන අතර සතිමත් වන්නේය.

ලිහිල්ව ධර්මයට අනුගත වන්නාට ශ්රද්ධාව යනු පහසුවෙන් ගමන් කල හැකි දුහුල් මලින් සරසනලද මං පෙතක් වන්නේය.

ශ්රද්ධාවෙන් පිරුණු සිතක් කිසිදිනක නිරයගාමී නොවන බව ධර්මයේ දැක්වේ.

ශ්රද්ධාව යනු සිතෙහි පවත්වාගත යුතු ගුණාංගයක් වන හෙයින් එය බාහිරව බලපවත්නා හේතුවකට අතික්රමණය කිරීමට ඉඩ නොතබන්න.

සෑම අවස්ථාවේදීම තම සිතෙහි ශ්රද්ධාව උපදවා ගන්න.

ථෙරුවන් සරණයි.

 

 

 

 

248            නිර්වාණය නම්

 

"තණ්නක්ඛයෝ, දෝෂක්ඛයෝ, මෝහක්ඛයෝ" යනු නිර්වාණයයි දැක්වේ.

සකල ක්ලේශයන්ගේ මුලිනුපුටා දැමීමෙන් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි වන අතර ඉන් මෙපිට විනාශ වන ක්ලේශයන්ගේ පරිමාණයට සරිලන නිවීමක් ඇතිවන්නේය.

මාර්ගයට පිළිපන් (බැසගත්) තැනැත්තා විසින් රළු ක්ලේශයන් වන්නාවූ මුලික සංයෝජන තුන ප්රහීණය කිරීමෙන් සෝවාන් ඵලයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගනී. හේ නිර්වාණය ලැබුවෙකු වන්නේය.

කිඳාබැසගත් ක්ලේශයන්වූ කාමරාග, පටිඝ සංයෝජන දෙක තුනී කිරීමෙන් හා නසාදැමිමෙන් ඔහු පිළිවෙලින් සකෘදාගාමී හා අනාගාමී මග ඵලයෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්නේය.

පසුව උද්ධම්භාගිය ක්ලේශ සංයෝජන පහක් නැති කිරීමෙන් අර්හත් ඵලයෙන් නිර්වානය සාක්ෂාත් කරගන්නේය.

ඉහත පරියාය අනුව නසාදැමූ ක්ලේශයන්ගේ පරිමාණයට අනුකුලව අදාළ නිර්වාණය (නිවීම) ලඟාකර ගත හැකි බව ප්රත්යක්ෂ වන්නේය.

ඉහත දක්වා ඇත්තේ ධර්මානුධර්ම ප්රතිපත්තියට අනුව නිර්වනගාමි පටිපදාවට බැසගත්තකු විසින් ලබන (නිවනයි) නිවීමයි.

ඕරම්භාගිය හෝ උද්ධම්භාගිය නොවන්නාවූ කුමන හෝ කුදු මහත් ක්ලේශයක් (පාපයක්) නැතිකර දැමීමෙන් පමණට නිවීම (නිර්වාණය) ලඟා වන බව පෘතග්ජනයන් වන අප විසින් විශේෂයෙන් දතයුතු වන්නේය.

එතකුදු නොව වඩාගත් කුසල ධර්මයන්ට අනුව සම්මා දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජිව, වායාම, සති, සමාධි, ඥාන, විමුක්ති යන දස අංගයන්ගෙන්ද නිර්වාණය (නිවීම) ලඟා වන බවත් දත යුත්තේය.

පච්චත්තං වේදිතබ්බෝ විඥ්ඥුහීතී හා යථාභූත ඥාණ දස්සන යනුවෙන් දක්වා ඇති පාඨයන්හි එන, තමා විසින්ම අත් විඳ හඳුනා ගතයුතු හා යමක (ස්වභාවය) යථා ස්වරූපය වටහා ගැනීම යන අලංකාර දේශනාව ගැන සැලකිලිමත් නොවීම නිසා බොහෝ දෙනා ධර්මයෙන් හා නිර්වාණයෙන් ඈත්වී සිටිති.

පරිපුර්ණ නිර්වාණය ලඟාකර ගැනීමට පෙර වැළකුණු පාපයෙන් ලැබෙන (නිවීමත්) නිවනත්, කල කුසලයෙන් ලැබෙන (නිවීමත්) නිවනත් සුළුකොට නොතකා මහත් කොට සලකමින් (නිවිමට) නිවනට ළංවීමට උත්සුක විය යුතු වන්නේය.

අපි පන්සල් යන්නෙමු එහෙත් බුදුමග නොයන්නෙමු,

ගාථා කියන්නෙමු එහි අරුත නොදන්නෙමු,

සිල් ගන්නෙමු එහෙත් සිල් ගුණ නොරකින්නෙමු,

පව් කරන්නෙමු එහෙත් පවු දැයි නොදනින්නෙමු.

පිරිත් සුත් සජ්ජායනා කරන්නෙමු එහෙත් පිළිවෙත් නොසපුරන්නෙමු.

දන් දෙන්නෙමු එහෙත් අත්නොහරින්නෙමු,

භාවනා කරන්නෙමු එවිට කල්පනා කරමින් සිටින්නෙමු,

මෛත්රී පාඨ කියන්නෙමු එහෙත් වෛර කරන්නෙමු,

පින් දෙන්නෙමු එහෙත් පිනක් නොකරන්නෙමු.

නිවන සාක්ෂාත් කර ගැනීමට උත්සාහ නොගන්නෙමු එහෙත් නිවන ප්රාර්ථනා කරන්නෙමු

නිවීමක් ලබන්නෙමු එහෙත් නිවුනාදැයි නොදන්නෙමු.

අප කෙතරම් දුරට බුදු මගින් ඉවත්වී ඇතිදැයි වැටහෙනු ඇති.

තෙරුවන් සරණයි.

 

 

 

247            උපාදානය

ධර්මයට අනුගත වීමේදී මෙන්ම ධර්මය අධ්යයනය කිරීමේදීද ධර්ම න්යාය ගැන අවබෝධයක් තිබීම ධර්මය වහා වටහා ගැනීමට මහෝපකාරී වන්නේය.

ධර්ම න්යාය ගැන අවබෝධයක් ඇතියකුට බාහිර උපදේශනයක් නොමැතිවම විචිකිච්චාව දුරලා ගැනීමට හැකිවන අතර ඥානය හා ප්රඥාව ලබාගැනීමට ත්රිපිටකය හෝ අටුවාව කියවා තිබීම අත්යවශ්යය නොවන්නේය.

සුනිත සෝපාක මෙන්ම සත් හැවිරිදි අය පවා ධර්මය වටහානෙන ඇත්තේ එහෙයිනි.

න්යාය යනු යමක ස්වභාව සංස්කරණ යයි. සත් ස්වරූපයයි. දැරීම් ස්වරූපයයි.

පරියායාර්ථ විග්රහය අනුව උපාදානය යනු අල්ලාගැනීම යයි අර්ථ දක්වා ඇත. පටිච්චස්මුප්පාදයේදී තණ්හාවට පසු උපාදානය ගැනෙන අතර උපාදානයට පසු ගැනෙන්නේ භවයයි.

භව යනු උපතක් (ජාති) සකස් කරදීමට සමත් කර්මයයි. එසේ නම් උපාදානය යනු තණ්හාවේ ගාමක ජීව ගුණයයි. මෙය ස්වභාව සංසිද්ධියකි. ධර්මයේ දී අදහස් කරන්නේ මෙකී ජීව ගුණය නසා දැමීමයි.

මෙය චිත්තයා සතු සියුම්වූ ස්වභාවික ක්රියාවලියක් බැවින් නසාදැමීම අපහසු වන්නේය. උපාදානයේ මායාකාරී බව කෙසේද යත් එය රළුව මෙන්ම සියුම්වත් ක්රියාත්මක වන්නේය. සියුම්ව ක්රියාත්මක වීම සිතින් සිතා ගැනීම උගහටය. කුසල හා අකුසල චෛතසික යන්ගේ ස්වයං ස්ථාපිත නෛසර්ගික ගුණය උපාදානයයි.

උපාදානය යන්නෙහි ධර්ම න්යාය වන්නේ යමක් වෙත නැමී සිටීමේ, හා ඇලී සිටීමේ හා බැදී සිටීමේ ස්වභාවයයි. ලෝභයට පමණක් නොව ද්වේශයටත් උපාදානය සාධාරණ වන්නේය.

උපාදානය නසා දැමූ පසු ලෝභයත් ද්වේෂයත් මදසරු බවට පත්වන්නේය.

ධර්ම දේශකයෙකු සතු ප්රඥාවේ වැදගත්ම අංගය වන්නේ ධර්ම න්යාය පිළිබද අවබෝධ යයි. නැතහොත් සාවද් අර්ථ කථනයන් පසු කලෙක ධර්මයට මුසුවී අනර්ථයක් සිදුවීමට ඉඩ ඇත.

කිසියම් පවුලක ගැහැණු දරුවන් උපදින්නේ පියා විසින් කරන ලද පාපයකට යයි ධර්මධරයකු විසින් දේශනා කරන්නේ නම්, ධර්ම න්යාය ගැන ඇති අල්ප දැනුම මිස ධර්මය නොදත් කම නිසා නොවන්නේය.

ජාතක හා සුත්රාන්ත් යන්හි, බොහෝ ආත්ම වාර ගණනක් පුරුෂයන් පුරුෂයන් ලෙසත් ස්ත්රීන් ස්ත්රීන් ලෙසත් උපත ලබා ඇති බව දක්වා තිබීම හේතුවෙන් ස්ත්රීන්ට ස්ත්රී ආත්ම භාවයෙන් මිදීම උගහට කාර්යයක් බවට පදනම් විරහිත තර්කයක් ගොඩනගා ඇත.

එහි පරමවූ සත්යතාවයක් නැතත් එසේ සිදුවීමට හේතුව උපාදානය බව ධර්ම න්යාය දත්තෙකුට වැටහෙනු ඇත. ස්ත්රියක් විසින් ස්වභාවයෙන්ම ස්ත්රීත්වයට ඇලුම් කරන්නේය. ජානමය ක්රියාවලියක් විසින් හෝ වර්ගයාගේ පැවැත්ම හේතුවෙන් ස්ත්රීන් විසින් ස්ත්රීත්වයට ඇලුම් කීරීම ධම්ම නියාමයයි.

ස්ත්රිය ස්ත්රීත්වයට ඇලුම් කිරීමට ස්වාභාවයා විසින් ආදරය, කරුණාව, ප්රේමය, දයාව, සෙනෙහස, දාරක ප්රේමය,මාතෘ සෙනෙහස, පියකරුබව, ලාලිත්, සුකුමල බව, මායාව යන සියල්ල ත්යාගයන් ලෙස ඇය වෙත පිරිනමා ඇත.

මේ සියල්ල ඉදිරියේ ස්ත්රිය අසරණය. ඉන් ඇය ස්ත්රීත්වයට බැඳ තබා ඇත. මෙය ස්ත්රීත්වයට ඇති උපාදානයයි.

අනුව "උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති" යන ධර්ම න්යාය මිස ස්ත්රිය ස්ත්රියක් වශයෙන් උපදින්නේයයි අර්ථ දැක්වීමක් නොවන්නේය.

ගසකින් සෙවනක් ආවරණයක් ලැබෙන බව සත්යය, එහෙත් මල් වත්තක් ලස්සන වන්නේ මල් ගස් වලින් නොව එහි පිපුණු මල් වලිනි. පුංචි හෝ කැකුලියක් නිවහනක සිටිය යුතුම වන්නේය. එය ආයෝජනයකි.

ස්ත්රීන් පහත් කොට සැලකීම බුදුසමය අනුමත නොකරන්නේය.

ධර්ම න්යායට අනුගත වන්න. එවිට ධර්මය පහල වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

246            ධම්ම වින්නැහිය

 

ලේඛකයා විසින්වි පාඨකයා ගොනාට අන්දවයි, ඒවත් හැර ඔහු කරපිටින්ම යයි. මෙය ලේඛණ කලාව සතු වරප්රසාදයකි.

අනෙකුත් දර්ශන, ආගම්, මතවාද වලට වඩා බෞද්ධ සාහිත්යයේදී මෙය මොනවට දැකිය හැක.

බෞද්ධ සාහිත්යයේදී උපාය මාර්ගික සත් ක්රියාවක් ලෙස මෙය යොදාගෙන ඇත්තේ අතිශෝක්තිය, උපමා, උපමේය, අධිමාත් ශ්රද්ධාව, පුර්වාපර සන්ධි ගැලපීම, ලග පමණක් පෙනීම වැනි කාරනා පදනම් කරගෙන විය හැක.

නොහොත් ලියන ලද පණ්ඩිතයන්ගේ මෝඩ පාණ්ඩිත්වය නිසා විය හැක.

මෙය සිවුරු පොරවාගත් බමුණකු හෝ බමුණන් කිහිප දෙනෙකු විසින් යම් යටි අරුතක් ඇතුව ආරම්භ කොට දියත් කරණ ලද්දක් යයි යමෙක් කිවහොත් එය සාවද් යැයි බැහැර කල නොහැක.

ත්රිපිටකය ලියා දැක්වීමේදී ඉතාමත් අඩුවෙන් සිදු කර ඇති මෙම වින්නැහිය; අටුවා, ටීකා, ටිප්පනී, අලංකාර ග්රන්ථ ලියා දැක්වීමේදී වන්නම්, තාල, අඩුක්කු පිටින් ලියා දක්වා ඇත්තේ සමකාලීන සමාජය උද්දීපනය කිරීම් වස් විය හැකි වුවද ඉන් පරියාප්ති සාසනය ඇහිරී ගොසිනි.

මිහිදු මාහිමියන් විසින් පෙන්වාදී තිබු බුදුන් වහන්සේගේ පණිවුඩය (සාසනය) යටපත්වීම හෝ බලෙන් යටපත් කිරීම මගින් දහමේ වින්නැහිය සලසා ලිය හැකි බව එකල ඔවුන් දැනසිටියා විය හැක.

අනුස්සති ලෙස වැඩිය යුතු බුදුන්, දහම්, සගුන් ගුණ දක්වා ඇත්තේ ප්රශත්ති ගායනා ආකාරයට මිස සැබෑ අරුත දැක්වීමට නොවේ. ඉන් ශ්රද්ධාවට වඩා හාස් හා සැකය මතුවීමට ඉඩ නැතුවා නොවේ.

සමාජ ප්රගමනයේදී ඊට අනුගත සියල්ලම රැගෙන යන්නේය. අදාළ නොමැති දෑ හැලියාමට ඉඩ ඇත. ධර්මය ඇතුළු සියල්ලට එය වලංගු වන්නේය.

ධර්මය ධර්මය හැටියටත් සාහිත් සාහිත් හැටියටත් හදුනා ගැනීමට අප දක්ෂ විය යුතු වන්නේ එහෙයිනි.

ශ්රද්ධාව හා ප්රඥාව අංශ දෙකකි. ශ්රද්ධාව ප්රඥාවට නැමී ගියද අධිශ්රද්ධාව ප්රඥාවෙන් බැහැරව පිහිටන්නේය.

සත් වූත්, විද්යාත්මක වූත් බුදු දහම, නිසි නිරුක්තියෙන් (දේශයට අදාළ භාෂාවෙන්) නොපිහිටුවිම හේතුවෙන් සාසනය නමැති කෙතෙහි වල් බිහිවීම කනගාටුවට කරුණකි.

මන්ද යත් බොහෝ දෙනා අර්ථය වත් නොදැන මල් පහන් තබා ගාථා කියා, සංඝයාට දනක් පිරිනමා ප්රාර්ථනා කිරීමෙන් නිවන් දැකිය හැකියයි ඉගෙණ කියා ඇති බැවිනි.

නුදුරේදීම කහපාට රෙද්දක් කරේදමා කුරුසය, ත්රිශුලය, හද පලුව, දෑකැත්ත අතින් ගත් කොණ්ඩා රැවුළු වවා, තරුණියකගේ කරවටා අත දමාගත් අය සාසනයේ බාරකරුවන් යයි දැක්වුව හොත් එහි වරද කරුවන් වන්නේ ඔවුන් නොව අපිම බව වටහා ගත යුතුය.

දේශපාලන විකාර, පක්ෂ පාට, කාසි පනම්, කුට්ටි, පට්ටම්, තාන්න මාන්න, නිකාය, විහාර දේපොළ බදා ගෙන අන්ධව සිටින මහා සංඝයාට ඉහත අනතුර නොපෙනීම ගෙනහැර දැක්වීමට බෞද්ධ සාහිත්යයේ එන ඇත් කුණ උපමා කොට ගත් ජාතක කථාව දැක්විය හැක.

කුමන විකාරරූපි නාටක රඟ දැක්වුවද ධර්මයෙන් ඈත් නොවන්න.

එකම පිළිසරණ ධර්මය පමණි.

තෙරුවන් සරණයි.

 

 

 

245            නිවන් දැකීමට පාලි අවශ්යයි

 

නිවන් දැකීමට පමණක් නොව බෞද්ධයෙකු වීමටත් පාලි භාෂාව අත්යාවශ් වන්නේය. එපමනක් නොව පාලි භාෂාව නොමැතිව නිවන් දකින්නේ බුදුවරැ හා පසේබුදුවරු පමණි.

ඉහත දක්වා ඇත්තේ බුද්ධ දේශනයක් නොව කන්ට සූත්රය ඉදිරියට දමාගත් යම් කොටසක් විසින් බලයෙන් පනවාගත් හා පවත්වා ගෙන යමින්, බලහත්කාරයෙන් අප කර මත පැටවූ මහපොලවේ දැනට සිදුවෙමින් පවතින යතාර්ථයයි.

ජනපද නිරුක්තිය ඉක්මවා නොයා යුතුයයි තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට තිබියදීත් එය නොසලකා පාලි (මාගධී ) භාෂාවෙන් පමණක් තථාගත ධර්මය ලේඛන ගතවිය යුතුයි, දේශනා කලයුතුයි දක්වමින් පාලි උගෙන ගත් අය විසින් බුදුදහමත් නිර්වානයත් පරම භුක්තියට සවිකොට ගෙන තිබීම දහමේ අභාග්යයකි.

ජනපද නිරුක්තිය යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ මාගධියයි. එය වැරදි අර්ථකථනයකි. ජනපද නිරුක්තිය යනු අදාල ජනපදයේ (භාෂාවයි) නිරුක්තියයි.

ජනපද නිරුක්තිය යනු මාගධිය නම් තථාගතයන් වහන්සේ විසින් අසාධාරණ ලෙස පාලි භාෂාව ප්රවර්ධනය කිරීමට ව්යංග උත්සාහයක් දරා ඇති බව පෙනේ. එපමණක්ද නොව ශ්රී සද්ධර්මය මගධ දේශයට පමණක් සීමාකිරීමට උත්සාහයක් දරා ඇති බවක්ද පෙනේ. මෙය බුදුන් විකුණාගෙන කෑමකි.

මිහිඳු මාහිමියන් එකල ලක්වැසි භාෂාවෙන් හඳුන්වාදී තිබුනු අර්ථකතා (අට්ඨකතා) කිසිවක් අද නැත. වෙනුවට අද ඇත්තේ සීහලට්ඨ කතාවෙන් පාලි අට්ඨ කතා ගොඩනගා යලිත් සිංහලට පෙරලූ අට්ඨකතාවන්ය.

මේවා රහතන් වහන්සේලා නොව අටුවාචාරීන් යයි හදුන්වාගත් අය විසින් ලියන ලදින් බොහෝසේ සදොස් වීමට ඉඩකඩ ඇත.

පාලි භාෂාව නොදත් අයට නිර්වානය මිරිඟුවකි. එපමණක් නොව මල් පහන් පූජා කරයි ගාථාවේ තේරුම නොදන්නේය. පිරිත් සූත් සජ්ජායනා කරයි එහි අන්තර්ගතය නොදනී. මවට පියාට ගාථා කියා වඳින්නේය, බෝධියට, චෛත්යයට ගාථා කියා වඳින්නේය තේරුම් කිසිවක් නොදන්නේය. තේරුමවත් නොදැන නිවන් දකින්නේ කෙසේදැයි නොවැටහේ. එහි අදහස නම් නිර්වාණය සඳහා ප්රතිපදාවක් අවැසි නොවන්නේය යන්නයි. මෙය නම් බුද්ධාගම නොවන්නේය.

මෙයට දිය හැකි කෙටි අර්ථකථනය වන්නේ සිතට හොරා නිවන් දැකීමට හැකියාවක් ඇති බවයි. එය කෙතෙක් දුරට සත්යදැයි සිතා බැලීම ඔබටම බාරවන්නේය.

ත්රිපිටකය පාලියට නැගුවාට හෝ අට්ඨකතා පාලියට නැගුවාට ඇති වරදක් නැත. වරද වන්නේ ධර්මය ඉගෙන කියා ගැනීමට පාලි භාෂාව අනිවාර් කිරීමයි.

ධර්මය ගැන යමෙකු වෙත ඇති අල්ප දැණුම ගැන ඔහුට හෝ ඇයට දොස් තැබිය නොහැක මන්ද යත් ඔහු හෝ ඇය උගත් භාෂාවෙන් ප්රවිෂ්ඨ වීමට හැකියාවක් නොමැති කමයි.

මෙය හා සමාන අන් දෙයක් ලාංකික සමාජයේ සිදුවූ අතර තවමත් ඇදය ඍජු කර ගැනීමට පාලකයන් සමත්වී නැත. එනම් සිංහල භාෂාව රාජ් භාෂාව කිරීමේ ඇති වරදක් නැත. වරද වන්නේ ඉංග්රිසි භාශාව සහමුලින්ම ඉවත දැමීම හා අධ්යාපනය ස්වභාෂාකරණය කිරීමයි.

මෙය අදටත් වඩා වලංගු වන්නේ මහාවිහාර යුගයේ අවසාන භාගයේ සිට විසි එක්වෙනි ශතවර්ශයේ මුල භාගය දක්වා ඇති කාලයටයි. මන්දයත් මෙකී අභාග් සම්පන්න භාවය උදාවූයේ පසුකාලීන මහාවිහාර යුගයේ වන හෙයිනි.

කුමන වාදියකු විසින් හෝ සිවුරු පොට හරි ගස්සා ආවද ගැන නොතක්න්නේ මෙය යථාර්ථය වන බැවිනි. එය වටහා නොගැනීම වංචාවකි.

ධර්මයට ඇලුම් කරන්නේ නම් හා ධර්ම මාර්ගයට අනුගතවීමට අවශ් වන්නේ නම් තම මව් භාෂාවෙන් ධර්මය ඉගෙන ගන්න.

තෙරුවන් සරණයි.

 

 

 

 

244       සතුට අහුලා ගත යුතු දෙයක් නොවේ

දුක, සතුට, උපේක්ෂාව යන සියල්ල ආගන්තුකව පැමිනෙන චෛතසිකයන් හේතුවෙන් සිතෙහි ඇතිවන වර්ණයකි.

සිත යනු ජීවත්වනතාක් කල් ක්රියාත්මකව පැවතිය යුතු වස්තුවකි. සිත ක්රියාත්මක වන්නේ චෛතසික ආධාරයෙනි.

ආගන්තුක චෛතසිකයක් හෝ කිහිපයක් නොලද හොත් සිත සමගම ඉපිද, නිද්රෝපගතව පවතින, සියලු සිත් සැදීමට දායක වන, චෛතසිකයන් හතක් විසින් මරණය තෙක් ඔබේ කමැත්තකින් තොරවම සිත ක්රියාත්මකව පවත්වාගෙන යනු ලැබේ.

මෙකී ආගන්තුක චෛතසික යන් සිතට ලැබෙන්නේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන දොරටු සය මගිනි.

මෙකී ඉන්ද්රිය හයෙන් සැප, දුක, මැදහත් බව යන සියල්ල ලබා දෙන්නේය. එහෙත් ඇතමෙකුට දැනෙනුයේ තමාට වැඩිපුර ලැබෙන්නේ දුක බවයි.

දුක වේදනාත්මක බැවින් දැනි දැනී යන්නේය, සතුට ලැබුනද ඉතිරි නොවී යන්නක් හෙයින් හා ඌනතාවයක් (මදිකමක් ) දැනෙන හෙයින් දැනුන බවක් නොදැනී යන්නේය.

මෙතන ප්රශ්නය වන්නේ සතුට නොලැබීම නොව සතුට ලඟ නොනැවතීම හා දිගින් දිගටම සතුට බලාපොරොත්තු වීමයි. මෙය පුහුදුන් සිතේ ස්වභාවයයි.

ලැබුන සතුටෙන් සෑහීමකට පත්නොවීම; ආගන්තුකව පැමිණෙන ලෝභය, මානය වැනි චෛතසිකයන් විසින් සලසා ලන්නේය. රළු ලෙස ලඝුවූ එයට සක්ඛාය දිට්ඨිය යයි කියනු ලැබේ. " අකුසල මූලං පජානාති" යනුවෙන් දහමේ දක්වා ඇත්තේ එයයි.

සංක්ෂිප්තයෙන් කිවහොත් ලද සතුටෙන් සතුටු නොවන තාක් කල් සෝවාන් මාර්ගයට පැමිණිය නොහැක.

සතුට ඇත්තේ ඔබ සිතෙහිමය, එය පිටින් අහුලා ගත යුත්තක් නොවේ. සතුට ලඟ නවතින්න එවිට ඔබට සතුට දනෙණු ඇත, සතුට විඳිය හැක්කේ එවිටය. නොලද සතුට ඔබට අදාල වන්න්නක් නොවේ. සතුට අනෙකෙකුට සාපේක්ෂ නොවන දෙයකි, එසේ නොකරන්න වග බලා ගන්න.

අද බොහෝ දෙනා කරන්නේ වසරේ වැඩිකාලයක් වැරදි ලෙස ජීවත්වෙමින්, අනුන් පීඩාවට පත්කරමින් තමාද ඉන් පීඩාවට පත්වෙමින් සිට; ජීවත්වන පරිසරියෙන් මදක් ඈත්වී දින කීපයක් විනෝද චාරිකාවක් ගොස් හෝ නිවාඩුවක් ලබා සතුටින් ගත කිරීමට උත්සාහ කිරීමයි.

සැබැවින්ම ඔහු විසින් කලයුතුව තිබෙන්නේ, දිනපතා නිවසේ, වැඩපොලේදී ලද පමණින් සතුටින් කාලය ගත කිරීමයි. එවිට ඔහු වසර පුරාම සතුටින් සිටියා වන්නේය.

ඔබට ලබුන සතුට මෙතුවාක් කල් විඳගැනීමට නොහැකිවී ඇත්තේ ඔබේ නොදනුවත් කම (මෝහය ) නිසාමය. සතුට ඇවිත් ගොසිනි.

සතුට අනුන් තුලින් නොව තම සිත තුලින්ම සොයා ගන්න. සතුට ලඟ නවතින්න, ඉන් එහා ඇති සතුටට ලඟාවීමට ආශා නොකරන්න. එය දුකක් ලැබීමටත් සසර දිගු කර ගැනීමටත් හේතු වන්නේය.

සතුට ආහාරය කොට ගෙන පවතින දිව්, බ්රහ්ම තල ඇති බව ධර්ම සාහිත්යයේ දැක්වෙන්නේය. අය සතුට අවදි කරගන්නේ තමා තුලින්මය.

ප්රීතිය සතුට ලද සමහර අවස්ථාවලදී බොහෝ අයට ආහාරයක් අවශ් නොවන බව අත් දැක තිබේ. අවස්ථාවලදී අයගේ ආහාරයවී ඇත්තේ සාතුටයි. සතුට ආහාරයක් මෙන්ම ඖෂධයකි.

දුක මෙන්ම සතුටත් එපා කලයුතු (ඈත් කලයුතු ) දෙයක් බව වැටහුන විට ඔබට උපේක්ෂාව ලඟා වනු ඇත. සිතෙහි ඇති මැදහත් භාවය එයයි. එවිට ඔබ ඉන්නේ සෝවාන් ද්වාරය අභියසය මන්ද යත් දුක සතුට ඈත් කල සිතට ක්රෝධය, වෛරය ලඟා නොවන හෙයිනි.

සතුටින් සිටින්න.

තෙරුවන් සරණයි.

 

 

 

243       ඥාතීන්ට පින් පෙත් දීම

බුදු දහම ඥාතීන්ට පින්පෙත් දීම අනුමත කරන අතර ඉන් දුර්වල ආත්ම ඇති මිය පරලොව ගිය ඥාතීන්ගේ සුවපත් භාවයක් බලාපොරොත්තු වන්නේය.

සූත්රාන්ත කිහිපයක මේ ගැන සඳහන් වන අතර තිරෝකුඩ්ඩ සූත්රයේ වඩාත් පැහැදිලි කිරීමක් ඇතුලත් වන්නේය.

දහමට අනුකූල පින්පෙත් දීම මෙන්ම පාරම්පරික, සංස්කෘතික හා අන්යලබ්දීන්ගේ ක්රමවේද මත වෙනස් ආකාරයක පින්පෙත් දීමක්ද මෙකල දැක ගැනීමට හැකිවන්නේය.

බුදුදහමේ ඉස්මතුවී නොපෙනුනත් මලගිය ඥාතීන් දෙවර්ගයක් විද්යමාන වන හෙයින් මෙසේ වනවා යයි සිතිය හැක.

දහමේ සඳහන් වන්නේ පින් බලාපොරොත්තුවෙන් සිටින (පරදත්තූපජීවී ) සත්ව කොට්ඨාශයක් සුවපත් කිරීම සඳහා කරනු ලබන ආගමානුකූල පුණ්යානුමෝදනාවයි.

පින් ලබාගැනීමෙන් පසු අය සුඛී සුවපත් භාවයට පත්වන බවත්, තමන්ගේ සුවපත් භාවය සඳහා උපකාර කල සිය ඥාතීන් බොහෝ කලක් ජීවත්වේවා යයි ආශිර්වාද කරන බවත් ධර්මයේ සඳහන් වන්නේය.

දෙවන වර්ගයේ මලගිය ඥාතීන් ගැන ධර්මයේ වැඩි සඳනක් නැතත් වර්තමාන ජනජීවිතය තුල බෙහෙවින් විද්යමාන වන්නේය. පින් පෙත් ලබා ගැනීමෙන් සෑහීමකට පත් නොවන, එහෙත් වස්තුවකට හෝ පුද්ගලයෙකුට ඇල්ම බැල්මලා සිටින මලගිය ඥාති (භූත, ප්රේත ) වර්ගයක් ගැනයි.

සත් අසත් තාවය කුමක් වුවද බොහෝ දෙනා සිය නිවෙස්වල ඥාතීනට පින්දීම සිදුනොකරන්නේ දෙවන වර්ගයේ මලගිය ඥාතීන්ට ඇති බිය සැක හේතුවෙනි.

ආටානාටිය සූත්රයේ (බුද්ධ භාශිතයක් නොවේ) මෙකී කොට්ඨාශ ගැන සඳහනක් ඇත්තේය. එමෙන්ම මෙත්ත සූත්රය, රතන සූත්රය මෙකී කොට්ඨාශ ගැන දක්වන අතර මෛත්රිය පැතිරවීමත් පිරිත් ස්ජ්ජායනාවත් පිලියම් ලෙස දක්වා ඇත.

කෙසේ වුවත් මානසික හෝ වෙනත් හේතූන් මත මෙකී දෙවර්ගයේම පිලියම් සාර්ථක බව පෙනෙන්නට තිබේ. එසේ හෙයින් එකහෙලා කිසිවක් ඉවත දැමීම නුවනට හුරු නොවන්නේය.

යමෙක් යහපත්ව දිවි ගෙවමින්, දාන මාන, පින් පෙත් ආදිය කරමින්ද එකී විෂම බලවේග වලට ගොදුරු වන්නේ නම් විකල්පයක් ලෙස වෙනත් විෂම නොවන උපක්රමයක් සොයා ගැනීම ආගමානුකූල නොවූවත් වරදක්සේ දැකිය නොහැක.

යාග, හෝම, බලි තොවිල්, යන්ත් මන්ත් ගුරුකම්, සෙත් සාන්ති කර්ම, යාදිනි ඉදිරියට එන්නේ මේ අවස්ථාවේදීය. එසේ හෙයින් යමෙක් කර්ම දෝෂ යයි බලා නොසිට ඉන් සහනයක් ලබාගැනීමට කටයුතු කිරීම ගෝත්රික යයි දැක්විය නොහැක.

මෙතැනදී සැලකිලිමත් විය යුත්තේ කොතෙක් දුරට ඒවා සාවද්යද, අවිහිංසාවාදීද යන්න සොයා බැලීම පමණි. එහෙත් ඒවා ධර්මය යයි අර්ථ කථනය කිරීම නොකට යුත්තේය.

තෙරුවන් සරණයි.

 

 

 

242       කර්මය හා උත්සාහය

 

කර්මය මෙන්ම උත්සාහයත් වැදගත් සාධකයකි. කර්මයට උත්සාහය වෙනස් කිරීමටත් උත්සාහයට කර්මය වෙනස් කිරීමටත් හකියාවක් ඇත.

සියල්ල කර්මයෙන් සිදුවනවා යයි සිතීම දුර්වල බෞද්ධ යන්ගේ මතයයකි. සියල්ල දේව කමැත්ත මතයයි සිතීම පටු මානසිකත්වයේ ලක්ෂනයකි.

අතීත කර්මයෙන් සියල්ල සිදු නොවන්නේ යයි සනාත කිරීමට තථාගතයන් වහන්සේ විසින් නියාම ධර්ම පහක් පෙන්වාදී ඇති අතර මරණය ගැන සඳහන් කිරීමේදී උප්ච්ඡේදක මරණය යනුවෙන් ආයුෂයටත්, කර්මයටත් පරිබාහිරව ඇතිවන හේතූන් හා මනුෂ් ක්රියාකාරකම්ද බලපාන බව දේශනා කොට ඇත.

මීට අමතරව විරිය (වීර්යය ) බල ධර්මයක් බවත්, අධිෂ්ඨානය ( පාරමිතා ) පුරුදු කල යුත්තක් බවත්, (මා නිවත්ත අභික්ඛම ) නොනැවතී ඉදිරියට යායුතු බවත් දැක්වීමෙන් කර්මයට වඩා උත්සාහයට ධර්මයේ පිළිගැනීමක් ලබා දී තිබේ.

ධර්මය සන්දිට්ඨික හා අකාලික වුවද, කර්මය සන්දිට්ඨික හා අකාලික නොවීමට බොහෝ ඉඩ කඩ ඇති අතර අපරාපරියවේදනීය වන්නට බොහෝ ඉඩකඩ තිබේ. එහෙත් උත්සාහය (වීර්යය ) සන්දිට්ඨික හා අකාලිකම වන්නේය.

සියල්ල කර්මයෙන් සිදුවන බව පැවසූ අන් ආගමිකයන්ගේ මත තථාගතයන් වහන්සේ විසින් ධර්මානුකූලව ඛණ්ඩනය කරන ලදි.

කර්මයට සියල්ල බාරදී සිටින්නේ අලස, කුසීත අය වන අතර ඔවුන් තුල පවතින ථීන, මිද්ධය නිසා සොවාන් මාර්ගය ඔවුනට ලඟා නොවන්නේය.

කර්මය ඔබ පසුපස ලුහු බඳින්නේය. එය සත්යයකි. උත්සාහවන්ත වන්නේ නම් බොහෝ දුරට ඔබට ඉන් ගැලවී යාහැක. සීලවන්ත කම ආවරනයක් ලෙසත්, මෛත්රිය පවුරක් ලෙසත්, ඉවසීම පලිහක් ලෙසත්, කර්ම විපාකයන්ගෙන් ඔබව ආරක්ෂා කරණු ලබන අතර උපද්රව මගහරවා නිවීම තෙක් ඔබව රැගෙනයාමට වීර්යය නොහොත් උත්සාහය හේතුභූත වන්නේය.

දුර්වලයන් වෙත කර්මය සක්රිය වන අතර උත්සාහවන්තයන් අසලදී කර්මය නිශ්ක්රිය වන්නේය. උත්සාහවන්ත වන්න, ඔබ වටා බොහෝ සම්පත් ඇත්තේය. උත්සාහය නොමැති නිසා එකී සම්පත් ඔබට නොපෙනී යන්න්නේය.

වීර්යය, උත්සාහය කෙතරම් බලවත්ද යැයි කියතොත්, සියලු කර්මයන් අහෝසි කල හැකි බව දේශනය පුරාවටම රහතන් වහන්සේලාගේ චරිත ගැන සොයා බලීමෙන් දත හැකි වන්නේය.

ධර්ම කොටස් ජන විඥ්ඥානයට කාන්දු කිරීමට ජාතක පාලිය සාහිත් ප්රබන්ධයක් ලෙස ඉදිරිපත් කර ඇති අතර උත්සාහය විසින් කර්මය වෙනස් කල හැකි බව එහි ඇති යටිපෙල අර්ථ දක්වන්නේය.

"උත්සාහවන්තයා සියල්ල ජයගනී " යන්න ධර්ම පාඨයක් වන අතර කර්මයටත් එය අදාල වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

 

241       ගුරුකුල

 

මහායාන, හීනයාන, ථේරවාද, විභජ්ජවාද, තන්ත්රයාන, විනයවර්ධන, නිකායවාද, පිටකසම්පදාය, සූත්රසම්ප්රදාය, අභිධර්ම සම්ප්රදාය, යන සියල්ල බුදුදහම නියෝජනය කරන ගුරුකුල වන්නේය.

තථාගතයන් වහන්සේ විසින් දේශිත ශ්රී සද්ධර්මය සත්යය හා විද්යාව මත පිහිටමින් විශ්ව න්යායට අනුකූලව සංග්රහ කර ඇති අතර එහි දක්වා ඇත්තේ විශ්වනියාමයෙන් ගැලවී යන ආකාරයයි.

බොහෝ ආගම් විශ්වන්යායට අනුකූල නොවන අතර සත්යයට හා විද්යාවට බොහෝ දුරකින් රඳන්නේය, එහෙයින්ම ඉන් ගැලවී යන ආකාරයත් විද්යානුකූල නොවන්නේය.

තවද එහි ගැලවීයන ආකාරයක් නොදක්වන අතර වෙනත් සැපතකට (ස්වර්ගයට ) ඇලීමක් දක්වා ලන්නේය. ඉන් අදහස් වන්නේ විඳීම පරම සුවය වන බවයි.

විශ්ව න්යායට අනුවත් තථාගතයන් විසින් දක්වන ලද හේතුඵල වාදයට අනුවත් විඳීමක් ඇත්නම් නොවිඳීමක් තිබිය යුතුය. ඉන් අදහස් වන්නේ ස්වර්ගයේ සැප පමණක් නොව දුකක් ඇති බවයි.

සංෂිප්තයෙන් කිවහොත් පැවැත්මක් ඇති තැන දුක සැප දෙකම විද්යමාන වන්නේය. තථාගත ධර්මය නිවීයාමක් ගැන දක්වන අතර නිවී පැවැත්මක් ගැන නොදක්වන්නේය.

නිර්වානය ගැන බෞද්ධ සාහිත්යයේ කුමන අර්ථ දක්වා ඇතත් නිර්මල තථාගත පරමත්ථ දෙශනයේ අර්ථ දක්වන්නේ එය නැති දෙයක් නොව ඇති දෙයක් බවත් එහෙත් නිර්වානය රූපයක්, වර්ණයක්, දිගක්, පලලක්, රසයක්, ස්ථානයක්, ආයුෂයක්, විඥානයක්, ආත්මයක්, විඳීමක්, පැවැත්මක්, සුවයක්, විඳින්නෙක් යන සියල්ලෙන් නිදහස් වන්නක් බවයි.

වීතරාගී බුද්ධ ඥානයට අනුව මේ සියල්ල පවත්වාගෙන යන්නේ වේදනා, සඥ්ඥා, සංඛාර, විඥ්ඥාන යනුවෙන් දක්වන ලද සඥ්ඥා, චේතනා, පස්ස, මනසිකාර යන ආගන්තුක ස්කන්ධ හෙතුවෙන් බවත්; ඉන් සියලු ආකාර ඇලීම්, දැකීම්, බැඳීම්, විඳීම් වේදනා, තණ්හා, උපාදාන මත සකස් වන කර්ම (භව ) මගින් පැවැත්මක් ඇති කරන අතර එය දැක්වීමට සත්වයා යන රූපකය හඳුන්වාදී ඇති බවත්ය.

ආත්මය ගලවා ගත යුත්තේ මෙතැනදීය. දෙවියන් යැදීමෙන් නොව ඉහත සංදර්භය හඳුනා ගැනීමෙන් හා ප්රඥ්ඥාවෙන් අවබෝධ කර ගැනීමෙන් ආත්මයක් නැති බවත් ඇත්තේ මමත්වය මත ගොඩනැගුනු ආත්ම සංකල්පයක් බවත් වැටහී යන්නේය. මෙය ස්ක්ඛාය දිට්ඨිය පහවී සම්මා දිට්ඨිය පහලවීමයි.

ඉහතකී ස්කන්ධයන්ගේ නිසොල්මන්වීම නොහොත් නොපැවැත්ම නිර්වානය වන්නේය. එම ස්කන්ධයන්ගේ නොපැවැත්මට ගතයුතු ක්රියාමාර්ගය නිර්වානගාමී පටිපදාව වන්නේය. එය සම්මා සම්බුද්ධ දේශනයයි.

සංක්ෂිප්තයෙන් දක්වන්නේ නම් දාන, සීල, ඛන්ති, වීර්යය, ධ්යාන, ප්රඥා යන සය පාරමිතා ඇතුලත් දාන, සීල, නෙක්කම්ම, ප්රඥ්ඥා, වීර්යය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා උපේක්ෂා යන දස පාරමිතා පෙරටු කොට ගත් සීල, සමාධි, ප්රඥ්ඥා සමාහිත මධ්යම ප්රතිපදාව අනුගමය කිරීම බුද්ධ දේශනය වන්නේය. සම්මා ප්රතිපදාව අනුගමනය කිරීමේදී මිච්චා ප්රතිපදාව හඳුනා බැහැර කිරීම එකවිට සිදුවිය යුතු වන්නේය.

කුසලස්ස උපසම්පදාවට පෙර සබ්බ පාපස්ස අකරණං යනුවෙන් සාසනය අර්ථකතනය කරන ලද්දේ හේතුවෙනි.

ගුරුකුලයනට නොබැඳී, කාලාම සූත්රානුකූලව ධර්මය ස්ම්මර්ශනය කොට ප්රඥාව පහල කරගැනීම නිවනට මගයි, දිට්ඨිගත වීම බුදුරදුන් පිළිකෙව් කරණ ලද්දකි. සිත නිවහල් කර ගන්න. සියලු දෙනාහට ප්රඥාව පහල වේවා.

තෙරුවන් සරණයි.

 

 

 

240      දුක සැප

 

සියල්ල කර්මය මත සිදුවනවා යයි ධර්මයේ සඳහන් නොවන අතර, කර්මයේ ගලායාමක් ගැන ධර්මයේ තැනක සඳහන් වන්නේය.

නියාම ධර්ම මත නොව ඊට පරිභාහිර හේතූන් මත සසර සැරිසරන සත්වයාට සසරට වැටීම හේතුවෙන්ම අත්විඳීමට හේතුවන විපාකයන් බොහොවක් වේ.

ඉන් අදහස් වන්නේ එක එල්ලේ කර්ම විපාකයක් ගැන නොව වක් ආකාරයෙන් විපාකයක් ලැබීමක් ගැනයි.

උදා හරණයක් ලෙස රජුන්ගේ අදැහමි පාලනය නිසා සමස්ත රට වැසියාට විඳීමට සිදුවන දුක් ගැහැට කම්කටොලු මෙන්ම රජෙකුගේ ධාර්මික පාලනය නිසා රට වැසියා පොදුවේ ලබන සුඛිත මුදිත භාවයද, කිසියම් කෙනෙකුගේ කුරිරු කම මත හෝ යහපත් අනුග්රහය මත තව කෙනෙකුට විඳීමට සිදුවන යම් ආකාරයක නරක හෝ හොඳ විපාක මෙහිලා ගැනෙන්නේය.

මෙය එක එල්ලේම කර්මය නිසා සිදුවන්නක් හෝ සිදු නොවන්නක් යයි දැක්විය නොහැක.

ඉහත සඳහන් හේතු කාරණා මත, දුක යනු පොදු ධර්මතාවයක් බව අප විසින් දතයුතු අතර ඒවා උපේක්ෂාවෙන් යුතුව විඳදරා ගැනීමෙන් යම් බඳු සහනයක් ලැබිය හැකි බව අවබෝධ කර ගත යුතුයි.

සැප හා දුක යන දෙකම බාහිර හේතූන් නිසා අත්විඳීමට සිදුවන්නක් බව මනසින් වටහා ගත යුතු යැයි සූත්රාන්ත් අභිධර්ම ද්විත්වයේම තහවුරුකොට දේශනා වන්නේය.

සැප හා සතුට මෙන්ම දුක හා වේදනාව නිර්වචනය කිරීමෙදී ගන්නා නියැදින් මත, සැප දුක නිර්ණයවන බව නොහොත් තීරණය වන බව බෞද්ධ දර්ශනයේ සියුම්ව විග්රහ වන්නේය.

මා විසින් අසන ලද සටහනක් මෙහිලා සඳහන් කරන්නේ එහි අන්තර්ගත ධර්ම කාරණා වටහා ගැනීමෙන් වර්තමානයේ දුකින් නිදහස්ව දිවි ගෙවීමට ඇති ප්රයෝජනය දැක්වීමටයි.

නොහොත් නිර්ලජ්ජිත පාලකයන්ටවත්, බල තණ්හාවෙන් අධමව හැසිරෙන්නන්ට සහයෝගය දැක්වීමටවත්, මලකඳන් උඩින් බලයට එන්න දඟලන දේශපාලුවන්ට සුදු හුණු ගෑමට වත් නොව, මෙවන් දුර්දාන්ත කාලවලදී අපි අපේ සිත් සතන් පීඩාවකින් තොරව පවත්වා ගන්නේ කෙසේද යන්න දැක්වීමටයි.

වර්තමාන නාගරික සමාජයේ දෙදෙනාම රැකියාවන්හි නිරත වෙමින් සිටි එක්තරා යුවලක් සතුටින් කාලය ගත කරන ලද අතර මෑතකදී දිනක් බිරිඳ තම කාර්යාලයේ යෙහෙළියන් අමතා මෙසේ කීවාය.

" ඊයේ රාත්රියේ අපි දෙදෙනා එකතුවෙලා නිවස පුරාම ඉටි පන්දම් පත්තු කලා ඒක හරිම සාන්තයි සුන්දරයි. ඊට පස්සෙ අපි දෙන්නම තීරනය කලා එලියට ගිහිල්ල ආපන ශාලාවකින් කෑම කන්න. දෙන්නම අත්දෙක අල්ලගෙන පාරදිගේ දුර ඇවිදගෙන ගිහිල්ල අවන්හලකින් කෑම ගත්ත. කෑම අරගෙන අපි දෙන්න පාරදිගේ ඇවිදගෙන ආව. ඇවිදිල්ල බොහෝ වෙලාවක් කතා කර කර ඉඳල නින්දට ගියා. දවසම හරිම සුන්දරයි "

එදිනම ස්වාමිපුරුෂයා කාර්යාලයේ සිය යහළුවන් අමතා මෙසේ කීවේය.

" ඊයෙ රෑ අපිට ලයිට් නැහැ කරන්ට් එක කපල, වයිෆ් උයන්න කියල ගියා ගෑස් ඉවරවෙලා ගෑස් ගන්නත් නෑ . කන්නත් එපායැ ඒනිසා අපි එලියෙන් කන්න තීරණය කරල වාහනේ යන්න කියල නැග්ග ස්ටාර්ට් වෙන්නෙ නෑ පැට්රල් නෑ . පයින්ම ගිහින් කෑම කාල පයින්ම ආව. සාක්කුවෙ සල්ලිත් ඉවර උනා. ගෙදර ඇවිදිල්ල පැය ගනනක් එයා කියන අඩු වැඩියාව අහගෙන ඉඳල රෑදෙගොඩ ජාමෙ නින්දට ගියා. "

ඉහත කෙටි කථාව ප්රබන්ධයක් උනත් එකම සංසිද්ධියක් දෙදෙනෙක් දකින හා හඟින විදිය වෙනස්, හේතුව මත අයගෙ මානසික අගයන් දුක සැප වශයෙන් වෙනස් වෙලා ගැනෙනව.

සිත් සතන් නිරවුල්ව පවත්වා ගැනීමට මහන්සි ගත යුත්තේ යහපත් කාලවලදී නොව දුර්දාන්ත අයහපත් කාල වලදීය.

ධර්මයට අනුගත වෙන්න, යහපත් ප්රතිඵල ලබෙනු ඇත.

තෙරුවන් සරණයි.

 

 

 

 

239       අපායෙන් අත් මිදෙන්න

ධර්මයේ සඳහන් ආකාරයට අපාය යන්නෙහි එක් අරුතක් වන්නේ " සැප නැති " යන්නයි. සැප නැති යම් තැනක් වේද එතැන අපාය වන්නේය.

සැප නැති තැන් කොපමණ තිබුනත් ඒවා අපායවල් නොවන්නේය. මන්ද සතර අපායට අයත් වන්නේ තිරිසන්, ප්රේත, අසුර, නිරය පමනක් වන හෙයිනි. මෙය මෙසේ සත්යයක් වන්නේ ස්ථාන ගැන සඳහන් කිරීමේදී පමණි.

එහෙත් විදීම් ස්වරූපයෙන් පැනවෙන අපායවල් ගැනද ධර්මයේ සඳහන් වෙතත් එවා භාෂනයෙන් හා ලේඛනානුසාරයෙන් ඉස්මතු නොවීම හේතුවෙන් අපායාර්ථකථනය පරිපූර්ණ ලෙස ශ්රාවක මනසට ග්රහණය නොවන්නේය.

මරණින් මතු හමුවන අපායන් ගැන පමණක් දක්වා ආගම් ස්වරූපයෙන් බියක් ඇතිකිරීම පමනක් ධර්මාණුකූල නොවන්නේය.

අපායේ ස්වරූපය දුකයි. දුක ලැබෙන්නේ සිතටයි. දුක විඳින්නේත් සිතමයි. එසේ නම් අපාය පවතින්නේ සිතෙහි විය යුතුයි.

දුකක් පවතින හැම අවස්ථාවම සිත හැසිරෙන්නේ අපායේ වන්නේය.

දුකක් සිතෙහි ඇතිවීමට හේතු සාධක බොහොවක් ඇති අතර ඒවා සියල්ලම පාහේ රුචියෙන්, අභිමතයෙන්ම ඇතිකරගත් ඒවා වන්නේය.

නොහොත් යමක යතාර්ථය (අනිත්යය, දුක්ඛ, අනාත්ම ) හරිහැටි නොදැකීමට ඇති නොදැනීම (අවිද්යව ) නිසා, දුක යථානුරූපීව හඳුනා ඉන් ඉවත්වීමට හැකිසේ සිතුවිලි පරිහරණය කිරීමට අසමත් වීම මෙලොව අපාගත වීමට හේතුවක් වන බව දෙශනයේ කුළුගන්වා දක්වා අත.

බලපොරොත්තුව සුන්වීම දුකකි, අත්හල යුතුදෑ අත්හැර නොදැමීමෙන් ඇතිවන්නේ දුකකි. ඊර්ෂයා, ක්රොධ, වෛරී, මාන, ලෝභ, සහගත සිතුවිලි දුක් ගෙන දෙන්නේය. අලාභ, අයස, නින්දා, විපත්, කරදර, ලෙඩ, රෝග ආදී කොට ඇති මෙවන් දුක්ඛ දෝමනස්ස සහගත සිතුවිලි කන්දරාවක් අප සියලු දෙනාම පරිහරනය කරන්නේය.

මේ සියල්ලටම හේතුව දුක හරිහැටි හඳුනා නොගැනීමයි. දුක විදර්ශනා කිරීමේදී දුක තුලින් ප්රීති, සුඛ, ඒකග්ගතා යන චෛතසිකයන් අවදි කලහැකි බව සඳහන් වන්නේය.

ධර්මයේ සඳහන් ආකාරයට අටමහ නරකයම විෂම සිතුවිලි පරිහරණය කිරීම හේතුවෙන් සිතෙහි පතින්නේය.

යමෙක් තරහෙන් ගෝරනාඩු කරන්නේද? හේ රෞරවය නිරයෙත්, යමෙක් වෛරයෙන් යුතුව මහ හඩින් ගුගුරන්නේද? හේ මහාරෞරවය නිරයේ පැසෙනවා සේ දුකක් අත්විඳින්නේය.

කෙනෙකු ගිණිගෙන දැවෙන්නාක් සේ යම් ලෝභී හේතුවකින් දුක් විඳින්නේද? හේ තාපය යන නිරයේත්, තවකෙකු සියොලඟ ගිණි ගත්තාසේ ක්රෝධ ගින්නකින් දැවෙන්නේද? ඔහු හෝ ඇය ප්රතාපයනිරයේ පැසෙනවාසේ දුකක් අත්විඳින්නේය.

එපා එපා කියද්දීත් අන් අය තැලූ පෙලූ නියාවෙන් මෙන් යමෙකුට යම් දුකක් හේතුවෙන් (කරන ලද පාපකර්මයක් සිහියට නැගී ) මැරි මැරී උපදිනවා යයි හැඟෙන්නේද? ඔහු හෝ ඇය සංජීවය නිරයේ පැසෙනවාසේ මෙලොවම විපාක විඳින්නේය.

බේරීයාමට නොහැකි ලෙස තම සිතට වද දෙන අයුරින් කල යම් පාප කර්මයක් සිහිවී දුක් විඳින්නේද? ඔහු හෝ ඇය සංඝාතනිරයේ පසෙනවා සේ දුකක් අත් විඳින්නේය.

දුක් දෙන සිතුවිලි (චෛතසික ) වලින් ඈත් වන්න. සියලු ආකාර කෙලෙස් සිතුවිලි දුක් ගෙන දෙන්නේය.

සිතුවිලි හරියාකාරව පරිහරණය කිරීමෙන් මෙලොව පවතින අපායෙන් අත්මිදීමට හැකිවන බව බුද්ධ දේශනයයි.

තෙරුවන් සරණයි.

 

 

 

 

238       පාරමිතා

පාරමිතා යනුවෙන් අමුතුවෙන් කලයුතු හෝ බියවිය යුතු කිසිවක් නොමැත. පාරමිතා යනු සිතේ යහපත් හැදියාවට රුකුලක් දීම පමණි.

සිතක් නොහොත් විඥ්ඥානයක් නැත, ඇත්තේ කය ( Body ) මනස (Mind) සහ ආත්මය (Soul ) පමණි. කර්මය යනුවෙන් දැක්විය හැකි කිසිවක් නැත, ඇත්තේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පමණි. සසරක් නොමැත, ඇත්තේ අපාය හා ස්වර්ගය පමණි. පුණුරුත්පත්තියක් නොමැත, ඇත්තේ දෙවියන් වහන්සෙගේ මැවීම පමණි. පින් පව් නොමැත, කල යුත්තේ දෙවියන් වහන්සේ සතුටු කිරීම පමණි.

ඉහත සංකල්පවල මුලින් සඳහන් කොටස නිරාගමික චින්තනයට ගැනෙන අතර පෙර පසු දෙකොටස බටහිර දර්ශනයට අනුගත ආගමික සංකල්ප වල දැක්වේ.

ආගම් බිහිවූයේ පාලනය පහසු කර ගැනීම් වස් රජුට හෝ පාලකයාට ඉහලින් බලධාරියකු තැබීමටයි. පාලකයා හෝ රජු වෙනස් වනහෙයින් සදාකාලික බලධාරියකු ලෙස දෙවියන් වහන්සේ තබා ආගම් සකසා ඇත.

බටහිර දර්ශනයත්, බටහිර විද්යාවත් හේතු ඵල න්යාය අත්හැර නොමැත. බොහෝ විද්යාත්මක තීන්දු තීරණ හේතු ඵල නියාය මත ගොඩනගා ඇත.

සදාකාලික ස්වයංජාත ස්භාවසත්යයන් වන කර්මය, පුනර්භවය, විඥ්ඥානය, නිර්වානය ඇතුලත් චිත්ත, චෛතසික, රූප, නිබ්බාණ යන ධර්මතා මත ගෙනහැර දක්වන ලද බුද්ධ දේශනය ආගමක් නොව දර්ශනයකි.

මෙය මෙසේ වී ඇත, මෙසේ වන්නේය, කලයුත්තේ මෙයයි යන්න බුද්ධ සාසනය වන්නේය.

කිසියම් හේතු මත අභාවයට යන ලද හෝ යවනලද හෙලටුවා, මහාඅට්ඨ කතා වෙනුවට පසු කලෙක පනවන ලද අටුවා, ටීකා, ටිප්පණී හි සඳහන් විස්තරාර්ථ විග්රහයන් හා අර්ථකතනයන් හේතු කොට ගෙන නිර්මලවූත් සරලවූත් තථාගත ධර්මය සමාජයෙන් වසන් වී ඇති අතර වෙනුවට අමුතු ලබ්ධියක් බුද්ධාගම යයි ව්යවහාර වන්නේය.

මේ හේතුවෙන් ධර්මය වල් වැදී ඇති අතර, සම්මුතිය බලෙන් බෞද්ධයා හට හඳුන්වාදීම හා ඊට පෙළඹවීම නිසා පරමාර්ථ ධර්මය බෞද්ධයාගෙන් ගිලිහී ගොස් ඇත.

බෞද්ධයාගේ සාමූහික චින්තන රටාව වෙනතක ගමන් කරමින් සිටී. නිර්වානය ඈතින් ඈතට යන්නේය. මෙය කලියුගයේ ගමන් මගයි. ගම්භීර දේශනය පොදු හා නියත කිරීම ව්යවහාරික දෝෂයකි.

හැකි පමණින් දන් දෙන්න,

නිති පන්සිල් පොහොය අටසිල් ආරක්ෂා කරන්න.

සිහියෙන් (සතිය ) කටයුතු කරන්න භාවනාව යනු එයයිසරල නිර්වානගාමී ප්රතිපදාමාර්ගය මෙය වන්නේය.

සරලවීම, සැහැල්ලු පැවතුම් ඇතිවීම, අන්තගාමී නොවීම, නොගැටීම, නොබැඳීයාම, සතුටුසිතින් යුතුවීම, නිවන් මග යැයි මෙත්ත සූත්රයේ දක්වා ඇත. මෙය මෙසේ තිබියදී අධි පරිභෝජනයට පුරුදු පුහුණුවූ අපි සරල ප්රතිපදාව අත්හැර සාරගර්භ ප්රතිපදාවන් ගැන බලාපොරොත්තු තබා ඇත.

දන් දීම, සිල් රැකීම, භාවනා පන්තියෑම පමනක් නොව සකල විධ බෞද්ධ ප්රතිපදාවන්ම විලාසිතා ක්රමයට හරවාගෙන ඇත.

පාරමිතා යනු පුරුදු පුහුණු කිරීමයි.

දාන පාරමිතාව:- පැන් වීදුරුවක් හෝ දිනපතා බුදුන්ට පුදන්න, දිනපතා සතෙකුට කුඩා ප්රමානයක් (අහක යන දෙයක් හෝ ) හෝ දෙන්න. හැකි අයුරින් හැකිවිටක යාචකයෙකුට පුලන්නෙකුට දෙන්න, පුලුවන් විටෙක සංඝයා විෂයෙහි දානයක් පිරිනමන්න. කලක් ගිය විට දානය සිතට අනුබද්ධවී යනු ඇත. දානයට සිත නැමෙනු ඇත. එය දාන පාරමිතාවයි. එවිට ඔහු සතු වන්නේ දානමය සිතකි. අත්හැරීම එයයයි. එය සසරට යනු ඇත.

සීල පාරමිතාව:- කිසියම් සිල් පදයක් තෝරගෙන එය ආරක්ෂා කරන්න. සෑම දවසක්ම අවසානයේ එම සිල් පදය කැඩුනාදැයි බලන්න. කාලයක් එම සිල් පදය ආරක්ෂා කරන්න. කලක් යන විට සිත එම සීලයෙහි පිහිටන අතර එකී සිල් පදය යළි නොබිඳෙන්නේය. උදා:- බොරු නොකීමට සිතා දවස පුරා එය ආරක්ෂා කරන්න. කාලයක් එහි සිත පිහිටුවා වැලකී සිටින්න. දිනපතා ආවර්ජනය කරන්න. කලක් යනවිට බොරුකීමට ඔබේ සිත ඉඩදෙන්නේ නැත. සිල් පද පාරමිතාව වන්නේ මෙයයි.

දස පාරමිතාවම මෙසේ වන්නේය.

පාරමිතා, උපපාරමිතා, පරමත්ථ පාරමිතා කලකට අමතක කරන්න. කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමත් පසෙකට තබන්න. මතු බුදුවන බුදුන් ගෙන් බණ අසා රහත් වීමට ඇති සිත උදුරා දමන්න.

තථාගත දේශනය භික්ෂු සංඝයාට පමණක් නොව උපාසක උපාසිකා වන්ට මෙන්ම අන් ආගමිකයන්ටත් පිළිපැදිය හැකි ලෙස දේශිතය. නිර්වානයට පමණක් නොව ගෘහජීවිතයත් අදාල වන්නේය.

දිනකට කෝටි ලක්ෂ වාරයකට වඩා සිතුවිලි උපදින අතර එය වසර 50 කාලයක් එනම් 18250 ගුණ කලහොත් කල්ප ලක්ශයක් නොව ආයුෂ් කල්ප කොටි ප්රකෝටි වාරයක් පාරමිතා පිරුවා වන්නේය.

විචක්ෂණශීලීව ධර්මයෙහි හැසිරීමෙන් එම ධර්මයම පිහිටට එන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

 

237       අමාරු සිල් රකින ක්රමය

 

බොහෝ දෙනෙකු පොහොය දිනටවත් සිල් රැකීමෙන් (ගැනීමෙන්) වැලකී සිටින්නේ එය අපහසු හා අමාරු කාර්යයක් යයි සිතා සිටින හෙයිනි.

බොහෝ දෙනා සිල් රැකීමට කාලයක් වේලාවක් නැතැයි කියති. සිල් රැකීමට කාලයක් වේලාවක් අවශ් නොවන්නේය.

සිල් රැකීම ඉතාමත් පහසු දෙයක් බව නොදැනීම ඊට හේතුවයි.

නිති පන්සිල්, පොහොය අට සිල් පමනක් නොව ත්රිශික්ෂාව සම්පූර්ණ වන දස කුසල් ආරක්ෂා කිරීම පවා පහසු කාර්යයකි.

අපහසු කාර්යය වන්නේ පව් කිරීමයි.

සතුන් මැරීම අපහසු කාර්යයකි කය වෙහෙසිය යුතුය, උගුල් ඇටවිය යුතුය, ගිණි බිඳිය යුතුය. එයට කලයුතු බොහෝ දේවල් ඇත.

සොරකම් කිරීම අපහසු කාර්යයකි, නොපෙනී කලයුතු වන්නෙය, නොදැනී කලයුතු වන්නේය. හිමි කරුවන්ගෙන් ආරක්ෂා විය යුතු වන්නේය.

කාමයෙහි වරදවා හැසිරීමත් එසේමය, ලෝකයා නොදැනුවත් වියයුතුය, දෙවෙනි සිල් පදය කැඩිය යුතුය, තමා ආරක්ෂාකාරී විය යුතුය.

බොරුකීම අපහසුම කාර්යයකි, කල කී බොරුව යළි පැවසීමට මතක තබා ගත යුතු වන්නේය, බොරුව වැසීමට තව බොරු වැලක් ගෙතිය යුතු වන්නේය, හසු නොවනසේ තෙපලිය යුතු වන්නේය.

රහමෙර පානය අපහසුම කාර්යයකි, කෙලින් සිට ගැනීමට වැයම් කලයුතුය, නොවැටී ඇවිදීමට වීර්යය කලයුතුවේ. මරණයට පෙර අනුන්ගේ කරපිටින් යාමට සිදුවේ, බල්ලන්ගෙන් ප්රවේශම් වියයුතුවේ. සියල්ලන්ගේම පිළිකුලට භාජනය වේ.

සිල් රැකීමට කලයුතු කිසිවක් නොමැත්තේය. ඇත්තේ කිසිවක් නොකර සිටීම පමණි.

සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරුනොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම, රහමෙර පානය නොකිරීම පමණ්ක් නොව ලෝභ නොකිරීම, වෛර නොකිරිම, වැරදි සහගත සිතිවිලි නොගැනීම යන දස කුසලය පරිපූරනය වන කුසල් සිත් වඩවා ගැනීමටත් කිසිවක් කලයුතු වන්නේ නැත.

කලයුතු එකම දෙය වන්නේ ඒවා නොකර සිටීමයි. දස කුසල් කිරීම කෙතරම් පහසුදැයි ඔබට වැටහෙනු ඇත.

තවද ඔබට නොදැනුවත්වම ඔබ විසින් සිල් රකින බව ඔබ නොදන්නෙය.

සිල් රැකීමට පන්සල් යායුතුම යයි ධර්මයේ කොතැනකවත් සඳහන් නොවන්නේය.එහෙත් යමක් දත යුතුම වන්නේය.

පව, පින, කුසලය, අකුසලය යන සියල්ල බලාත්මක වන්නේ සිත හා ගැලපුනොත් පමණි.

චේතනාවකින් තොරව කුසලයක් වත් අකුසලයක් වත් කර්ම හෝ විපාක පිණිස සම්පූර්ණ නොවන හෙයින් සීලය සමාදන් විය යුතු වන්නේය.

මේ සඳහා කාලයක් වේලාවක් තබා ගත්තද නොගත්තද ශ්රද්ධා පෙරදැරි සිහියෙන්ම සපුරා ගත යුතු වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

236        කල්යාණ මිත්රත්වය

 

බොහෝ අවස්ථා වලදී භාවාර්ථය පෙර ගමන් නොගන්නා හෙයින් යම් වචනයක හෝ කණ්ඩයක පරිපූර්ණ අර්ථය ඉස්මතු නොවී යන්නේය. හේතුවෙන් ධර්මය නියමාකාරයෙන් පහදා ගැනීම අසීරු විය හැක.

නොහොත් සම්මුති අර්ථය මිස පරම අර්ථය භාවිතයට නොපැමිනෙන හෙයින් ධර්මය හදාරන්නාට මෙන්ම ගැඹුර හා අධ්යාත්මය සොයන්නාට හරියාකාරව ධර්මය සම්මර්ශනය කිරීමට නොහැකි වන්නේය.

කළ්යාණමිත්රත්වය යනු ධර්මයේදී විශාල පරාසයක් ආවරණය කරන්නකි. තවද සියල්ල එක්ව පරිපූර්ණ ධර්ම විග්රහයක් ශ්රාවකයා හට ප්රත්යක්ෂ විය යුතු වන්නේය.

මිතුරුකම, ධර්මානුග්රහය, කරුණාව, පාපයෙන් වැලැක්විම, ධර්මයට ලැදි කරවීම වැනි අර්ථකථන සාධාරණ වුවද ඉන් බොහෝ විට අර්ථ ගැන්වෙන්නේ තමා වෙතින් මුදාහල යුතු ගුණධර්ම සම්බන්ධ විග්රහයකි.

එකී ගුණධර්ම වගා කර ගැනීමට හා පෝෂණය කර ගැනීමට යමකු විසින් නිරන්තරයෙන් තම සන්තානයේ පවත්වාගත යුතු සාධනීය විධිමත් සාරධර්ම බොහොවක් වන්නේය.

බැලූ බැල්මට එතරම් ප්රබල කාරණා සේ නොගැනුනද කල්යාණ මිත්රත්වය පවත්වා ගැනීමට තම සිත පහත සඳහන් ධර්මතාවන්ගෙන් පත් ලෙස පදම් කරගත යුතු වන්නේය.

· අත්හැරීම නොපුහුණු සිතට කිසිකලෙක කල්යාණ මිත්රත්වය අකණ්ඩව පවත්වා ගත නොහැක.

· අනුන් ගැන වගවීම නොදත් සිතේ කල්යාණමිත්රත්වය නොවැඩෙන්නේය.

· මද, මාන, අහංකාර, මුරණ්ඩු, ලෝභ, කපටි සිතේ කල්යාණමිත්රත්වය නොරඳන්නේය.

· උස් පහත් නොමැති සම සිතේ කල්යාණමිත්රත්වය මෝදු වන්නේය.

· කැපකිරීම් සඳහා හැසිරවීමට හැකි ලෙස ලිහිල් හා ගලායන්නක් ලෙස සිත පවත්වාගත යුතු වන්නේය.

· යුතුකම්, වගකීම්, බැදීම්, කැපවීම්, සහගත විය යුතු වන්නේය.

· මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්රහ්ම විහරණ පරිපූර්ණව පරිහරනය කලයුතු වන්නේය.

· සීලවන්ත කම ශ්රද්ධාව, වීර්, විනය පුරුදු පහුණු කර තිබිය යුතු වන්නේය.

මෙකී කාරණා අසම්පූර්ණ වූවිට පවතින්නේ කල්යාණ මිත්රත්වයක් නොව මිත්රත්වයකි.

ඉහත කී කාරණා දෙස බලන කල කල්යාණ මිත්රත්වය යනු තමා ධර්මයෙන් සමන්නාගතව අනුන්ට ඵල නෙලා ගත හැකිවන පරිදි තමා විසින් වවන ලද මහා වෘක්ෂයකි.

නිස්සරණාධ්යාසයෙන් යුතු ඇවතුම් පැවතුම් පවත්වා ගැනීම කල්යාණමිත්රත්වයේ හරය වන්නේය. කල්යාණමිත්රත්වය ආයාසයකින් තොරව නිති කුසල් පූරණය කරන පුණ් නිධානයකි.

තෙරුවන් සරණයි.

 

 

 

 

235      බව දුක හා සරල දුක

බුද්ධ දේශනයට අනුව දුකින් තොර කිසිවක් නොමැත්තේය.

(දුක්ඛේ ලොකෝ පතිට්ඨිතෝ) ලෝකය පවතින්නේ දුක මත යයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ එහෙයිනි.

ඉර හඳ යට කිසිවක්, කිසිවෙක්, කිසිදිනක දුකින් තොරවූවා යයි කිවහැක්කෙක් නොමත.

එය තරමටම සදාතනික සත්යයකි.

බාහිර ලෝකය හා පුද්ගල ලෝකය වශයෙන් ලෝකය දෙයාකාර වන්නේය.

පුද්ගල ලෝකයත් කායික ලෝකය හා මානසික ලෝකය යනුවෙන් වර්ගීකරනය වේ.

අවස්තානුකූලව අන් ලෝක ගැන සඳහනක් තබා තිබුනද තථාගත දේශනය සම්පූර්ණයෙන්ම සංග්රහ වී ඇත්තේ මානසික ලෝකය ගැනයි.

නිර්වානය සාක්ෂාත් කරගන්නා තාක් කල් කුමන තලයක දී වුවද මානසික ලෝකය දුකින් නිදහස් නොවන්නේය.

නිර්වානය සාක්ෂාත් කරගත් පසු මානසික ලෝකයේ (සබ්බ දුක්ඛ නිස්සරණ) දුක නොමැති හෙයින්; කායික ලෝකයේ පවතින දුක දුකක්සේ නොගැනෙන මුත් රූප (රුප්පනය ) හා වේදනා සඤ්ඥා (චිත්ත) හේතුවෙන් දැනීම් සංඛ්යාත ස්වරූපයක් පවතින්නේය.

තථාගතයන් වහන්සේටත් හිසරදය, කොන්දේ රුජාව, අධික පිපාසය දැණුන බව පෙලෙහි සඳහන් වන්නේය. ඒවා දුක් නොව දැනීම් ස්වරූප බව ධර්ම සම්මර්ශනයෙන් යුතුව දත යුත්තේය.

මෙහිලා අදහස් දැක්වීමට බලාපොරොත්තු වන්නේ දුක ගැන නොව දුකට හේතුව ගැනයි.

බොහෝ දෙනා දුකට අකමැත්තේය දුක පිළිකුල් කරන්නේය. ( දුක්ඛ පටික්කූල ) එහෙයින්ම දුක නැතිකිරීමට බලාපොරොත්තු වන්නේය.

දුක නැතිකිරීමට නොහැක්කේය. කලහැක්කේ දුකට හේතුව නැතිකිරීම පමණි.

දුකට හේතුව පවතින්නේ දුක තුලමය. දුක පවතින්නේ හිත තුලය.

දුකට හේතුව තෘෂ්ණාව බව තථාගත දේශනයයි.

එනම් තෘෂ්ණාව හේතුවෙන් උපාදානය (අල්ලාගනීම ) ඇතිවන බවත් උපාදානය හේතුවෙන් භවයක් (උපතක්) සකස් කර දෙනු ලබන බවත් උපත නිසා දුක උරුම වන බව එහි සංක්ෂිප්තයයි.

මෙහිදී කතා කරන්නේ එය ගැනත් නොවේ. ඉන් මෙහා පවතින දුක ගැනයි. කොටින්ම කියතොත් සරල දුක්ඛය ගැනයි.

දුකක් ඇතිවූ විට එයට හේතුව සොයා බැලිය යුතු වන්නේය.

එය එක්කෝ ඇලීමක් නිසා විය හැක නැතිනම් ගැටීමක් නිසා විය හැක.

තව දුරටත් ලිහා බැලුව හොත් අවිද්යාව මුල්කොට ඊර්ෂයා, මාන, ක්රොධ, මච්චරිය, පශ්චාත්තාපය, මුරණ්ඩුකම, එකට එක කිරීම, මදය, උපනාහය, ලෝභය, දෝසය, මෝහය, බලාපොරොත්තුව, ආලය, ප්රේමය, ආදරය, අලසකම , අසතිය යන මේ කුමන ආගන්තුක චේතනාවක් (චිත්ත දෝෂයක් ) මුල්වී ඇතිවූවක් බව වැටහෙනු ඇත.

මානසික දුක ඇතිවන්නේ දුකක උරුමතාවයක් මත නොව ආගන්තුක චේතනාවක් මුල්වී ඇතිවූවක් බව වටහා ගෙන එය සිතින් හඳුනා ඉවත් වූ දිනට මානසික දුකෙන් අත් මිදීමට හැකිවනු ඇත.

එනම් සරල දුක යනු සතියේ හා අවබෝධයේ ඇති ඌනතාවයකි.

පරිත්යාගය හා අත්හැරීම සරල දුක ඈත්කර තබීමට උපකාරී වනු ඇත.

බුදු දහමේ ඇති හරවත් බව වන්නේ තම තම වීර්යය හා ප්රඥා මත බව දුක හා සරල දුක යන දෙ අන්තයෙන්ම අත්මිදීමට හෝ පාලනය කර ගැනීමට දක්වා ඇති ප්රායෝගික ප්රතිපදාවයි.

තෙරුවන් සරණයි.

 

 

 

 

234       නිර්වානය

නිර්වානය හා පරිනිර්වානය යනු වචන දෙකක් මෙන්ම අරුතෙන් සමපාත නොවන්නාවූ එහෙත් එහිලා ඥාතිත්වයක් ප්රකාශ වන හෙයින් සමාන පදයක් ලෙස වරදවා වටහා ගෙන ඇත.

නිර්වානය යනු අවබෝධ කරගත යුතු ධර්මතාවයක් වන අතර එය ජීවමාන වන්නකි. එය දැකිය හැක, ලැබිය හැක අත්විඳිය හැක.

පරිනිර්වානය යනු නිවනේ අවසන් ඵලයයි. එය දැකිය නොහැක, අත්විඳිය නොහැක, ලැබිය නොහැක.

නිවන විසංඛාරය, සංඛාර නොමැත්තේය. පරිනිර්වානයේ සංඛාරවත් විසංඛාර වත් නොමැත්තේය.

මේ නයින් බලන කල සංඛාර යනු නිවන් මාර්ගයේ ගමන් කරන්නකු විසින් නියත වශයෙන්ම අධ්යයනය කල යුත්තකි.

සංඛාර යන්න පෙළෙහි ( In the text ) කිහිපාකාරයකට අර්ථ ගන්වා ඇත.

පටිච්චසමුප්පාද විවරණයේ අවිද්යාවට පසු ගැනෙන සංඛාර ලෙස දැක්වෙන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර හා ආනිඤ්ඤාභි සංඛාරයි. එනම් පින් රැස් කිරීම, පව් රැස්කිරීම හා කුසලුත් නොවන අකුසලුත් නොවන ධ්යාන අංග වැඩීමයි.

පටිසම්භිදා මග්ගයට අනුව කාය සංඛාර, වචී සංඛාර හා චිත්ත සංඛාර යනුවෙන් වෙන්ව විග්රහයක් ගැනේ.

කාය සංඛාර = ආශ්වාශ ප්රාශ්වාසයත්

වචී සංඛාරය = විතක්ක විචාරයත්

චිත්ත සංඛාර = වේදනා සඥ්ඥා දෙකත් දැක්වේ

මෙහිදී කාය සංඛාරය ගැන සම්ප්රදායානු කූල නොවන අර්ථ ගැන්වීමක් ස්වයං අවබෝධයෙන් දත යුතු වන්නෙය.

ආශ්වාශයට ඇති ඇලීම මත සසර පැවැත්ම ඇතිවන්නේය.

පරිනිර්වානයට පත්වනතාක් කල් ආශ්වාශයට ඇල්මක් ඇත්තේය. එය ඉච්චාවෙන් තොරව ඉබේ සිදුවන්නක් බව ප්රකට වුවද එය සංඛාරයකි. එය සංඛාරයක් බව අවබෝධ කරගත යුත්තේය.

ප්රාශ්වාශ වූ වාතය අත්හල යුත්තකි. පරිනිර්වානයට පත්වන්නා ආශ්වාශය අත්හරී.

ධර්මාවබෝධය ලැබේවා.

තෙරුවන් සරණයි.

 

 

 

233       සත් හා අසත්

නොවෙනස් වන එකම දෙය වෙනස්වීම පමනක් වන්නේය යන තර්කය අනුවනම් සත් පවා වෙනස් වන්නක් යයි උපකල්පනය කල හැක. එකී තර්කනය සත්යයක් වුවද නොවූවද එය තාර්කික ප්රාත්පයක් යයි පිළිගත හැක.

සත්යය සාපේෂ වන්නකි. මන්ද යත් කලක් සත්යය යයි පිළිගත් දැ පසු කලෙක අසත්යයයි තීරණය වන හෙයිනි.

ඛුද්දක නිකායේ මහාසුපින ජාතකයේ මෙසේ සදහන් වන්නේය" පාෂණයෝ ඉල්පෙති, ලබු කබල් ගිලෙයි, මැඩියෝ කෘෂ්ණ සර්පයෝ ගිලිති, රන් හසුන් කවුඩෝ වටකොට ඇත්තාහ"

එනම් දියමත ගල් වර්ග පාවෙන බවත්, ලබු කැට දියේ පානොවී ගිලී යන බවත්, මැඩියන් විසින් සර්පයන් ගිලින බවත්, ස්වර්ණ හංසයන් විසින් කපුටන් වටකර සිටින බවත්ය.

එහෙත් ඒවා මෙකල නොවූවත් කලියුගයේ සිදුවන්නේය. කලියුගය උපකල්පනයක් වන්නේ නම් එවිටද එම ප්රකාශය උපකල්පිත සත්යයක් වන්නේය.

ඉන් ගම් වන්නේ අද අසත් වන දේ හෙට දිනයේ සත්යට නතුවන බවයි.

" මෝඩයෙකුට හරි දේ කියා දීම හතුරෙකු නිර්මාණය කරගැනීමකි " යයි වරක් මුහුණු පොතේ සදහනක් කර තිබුණි.

ධනාත්මක චින්තනය අනුවත්, දාර්ශනික සුධර්මය අනුවත්, බුද්ධිය නිදහසේ ගලාගිය යුතු පොදු වස්තුවක් බවටත් වන මානුෂික චින්තනය අනුවත් මෙය සත්යයෙන් පරිබාහිරව හැසිරෙන්නකි.

එහෙත් පුද්ගලානුරූපී අත්දැකීම් මත එම ප්රකාශනය අසත් යයි දැක්විය නොහැක්කේය.

එනම් සත් කාලානුරූපී වන්නෙය, පුද්ගලානුරූපී වන්නේය., සාපේක්ෂ මෙන්ම නිරපේක්ෂ වස්තුවක් වන්නේය.

එහෙත් සත්යය තුල ඇති සුපිවිතුරු සන්දර්භය යමක් තුල ගැබ් නොවන අතර අන් කිසිවකින් දර්ශනය නොවන්නේය.

සත්යය නිශ්චලය, ගැඹුරුය, එමෙන්ම ඥාතිත්වයක් ඉල්ලා නොසිටී. සත් යනු චින්තාමය වස්තුවක් යයි සිතන්නා සත්යයට ලංවූවකු වන්නේය.

ප්රඥාව අවදි කල කෙනෙකුට පමණක් සත් යනු චින්තාමය පැවැත්මක් ඇති එහෙත් නොපවතිනක් බව වැටහී යන්නේය.

තෙරුවන් සරණයි.

 

 

232             අකාලික හා කාලික

ධර්මයට පූජා පැවැත්වීමේදී " අකාලිකෝ " යනුවෙන් අප තහවුරු කොට දැන සිටින්නේ කල් නොයවා ඵල ලැබෙන බවයි.

අකාලික යනු කාලයක් නොගන්නා බවත් හා කාලික යනු කාලයක් ගන්නා බවත්ය.

සංඛත බොහෝදෑ කාලික වන්නෙය. කර්මයද කාලික දෙයකි.

බොහෝ දෙනා කර්මය අකාලික යයි වරදවා වටහා ගැනීම නිසා කර්මය කර්මඵලය ගැන ඇති විශ්වාශය පලුදු කොට තබා ඇත්තේය.

මිත්යා දෘෂ්ඨිය ආරම්භ වන්නේ එතැනයි. එහෙයින් මෙම ධර්ම කණ්ඩය සුපිරිසිදුව අවබෝධ කර ගත යුතු වන්නේය.

දසවස්තුක මිත්යා දෘෂ්ඨියටම පදනම වන්නාවූ මූල ධාතුව මෙයයි. හේතුකොට බුදු දහමේ ගැඹුරුම දර්ශනය වන පුනර්භව සංකල්පය හා හේතුඵල දහම විචිකිච්චා වට බදුන් වන අතර ශ්රද්ධා මාත්රයද ගිලිහී යන්නේය.

විපාක දෙන කාල අනුව වන්නාවූ උප්පජ්ජ හා අපරාපරිය යන ආකාර දෙකටම (භව ගනනින්) සදහන්වූ කාලයක් ගන්නා අතර දිට්ඨ ධම්ම වේදනීය කර්මයටත් එකී භවය තුලදීම කර්ම නියාමයට අනුව කාල පරාසයක් ඇතිවන්නේය.

අනුව දිට්ඨ ධම්ම වේදනීය කර්මය පවා කාලික වන්නේය. මන්ද යත් මේ සියල්ල ලෞකික වන හෙයිනි.

එහෙයින්, කර්මය විපාක ලබා දෙන්නේ නියාම ධර්මයට අනුව වන හෙයින් අප බලාපොරොත්තු වන ආකාරයට විපාකය සිදු නොවීම හේතු කොට විශ්වාසය බිද මිසදිටු නොවිය යුත්තේය.

තථාගතයන් වහන්සේගේ ධර්මය අකාලික වන්නේ එම මොහොතේම ඵල ලබාදෙන හෙයිනි.

මන්දයත් එය පිටස්තර වස්තුවකට, සංඛතයකට හෝ භාහිරව පවතින්නකට නොව එම සිත තුලම (අභ්යන්තරව) ජනිත වන්නක් වන හෙයිනි.

" සමනෝ නත්ති භාහිරේ " යනුවෙන් සමනය කල යුත්තේ බාහිරයේ නොව අභ්යන්තරයේ බවයි. එනම් එම සිත තුලම බවයි.

මෛත්රිය, කරුණාව, මුදිතාව වඩන මොහොතේම අතරක් නැතුවම චෛතසිකයෙන් චෛතසිකයට ගැලපී නිවීම ඇතිවන්නේය.

වෛරය, ක්රෝධය හැදින ඉවත් වන විටම ප්රීතිය, සුඛය ලගාවන්නේය.

එනම් නිර්වානය යනු මරණින් මතු ලැබෙන දෙයක් නොව එම අවස්තාවේදීම ලබෙන දෙයක් බවයි. බුදු දහම අකාලික යයි සදහන් කලේ එහෙයිනි.

තථාගතයන් වහන්සේ මෙසේ වගකීමෙන් යුතුව වරක් දේශනා කොට ඇත්තේය.

" මහණෙනි; ලොභයත්, ද්වේශයත් තුරන් කලේ නම් අවස්තාවම, මම ඔබට අනාගාමී ඵලය සහතික වන්නෙමි "

දහම අකාලික වන්නේ එහෙයිනි.

ධර්මය අසා, සොයා, දැන මනාව වටහා දරාගෙන ගෙන එහි හැසිරීමෙන් නිවීම අත්විදින්න. ඔබ නිවුනු තරමට ඔබට නිවන ලැබෙනු ඇත. නිර්වානය එයයි.

තෙරුවන් සරණයි.

 

 

 

231      වෛරය හා දයාව

නිර්මාණය සඳහා දයාව කරුණාව මෙවළමක් වුවද වෛරය හා පළිගැනීම මෙවළමක් වන්නේ විනාශයට බව පෙර සිට පැවතගෙන එන ධර්මතාවයකි.

අදට වඩාත් ප්රායෝගික වන මෙය මානව සංහතියේ ආරම්භයට සාපේක්ෂව පැවති බව ස්වභාව ධර්මයටත්, මිනිසා විසින් සකසන ලද ආගම ධර්මයටත් අනෙකුත් ධර්මතාවයනටත් අනුකූල වන්නේය.

දර්ශනයට අදාල නොවූවත්, ලෝකෝත්පත්ති වංශකතාවට අනුව වෛරයෙන් හා ක්රෝධයෙන් විනාශව කරුණවෙන් හා දයාවෙන් යළි සැකසෙන බව දක්වන අතර අනෙකුත් සියලුම ආගම් වාද ඊට සමගාමී නොවූවත් එම මතයෙන් බැහැර නොවන්නේය.

සංධානය වන විට විසංධානය එය තුලින්ම හටගන්නා බව සමාජවාදී දර්ශනය තුල ලියා තබා ඇති අතර බුදු දහම එය අලංකාරාත්මකව පෙන්වාදී ඇති ආකාරය සත්යයද අභිබවා යන තරම්ය.

සර්වලෝක, සර්ව සාධාරණ, සර්ව කාලීන සත්යක් වූ හේතු ඵල දහම මත තුලනය වන්නාවූ න්යායයක් වන, සංධානය (සංඛතය ) වන ආකාරයට අනුරූපීව ඵල/විපාක ලැබෙන බවත්, සංඛතය අසංඛතයටත්, අසංඛතය සංඛතයටත් පෙරලෙන බවත් "මනෝ පුබ්භංග මා ධම්ම්මා" හා " නහි වේරේණ වේරණී" යන ගාථා දෙක තුල පණපොවා කුළුගන්වා අති රමණීය ලෙස දක්වා ඇත.

දහම ඉගෙන ගැනීමේ සුමගවූ ඵලය වන්නේ අසත්යයෙන් සත් පෙරා ගැනීමටත්, මත ගැටුමකදී විහිංසාවාදී නොවන හැසිරීමකටත් හා සසර නිමාවකට පෙර මග කියන දැක්මක් ඇතිකර ගැනීමටත් හැකිවීමය.

අන් කිසිදු න්යායක, වාදයක, ධර්මයක, ප්රතිපත්තියක, සහතික නොවන්නාවූ ; ඇස් පනාපිටම ප්රතිඵල ලබාදෙන්නාවූ "සංදිට්ඨික " ගුණය හා කර බලා අත්විදින්න " පච්චත්තං වේදි තබ්බෝ " යන පැරදවිය නොහැකි ප්රකාශනය ලබා දී තිබියදී මංමුලාවීම අතිශ්යය ඛේදජනකය.

සිතා බලා කටයුතු කිරීම ( සතිය, සති සම්පජඤ්ඤය, යෝනිසෝ මනසිකාරය ) ගැන බුදු දහම පුනපුනා දේශනා කර තිබෙන්නේ එහි විපාකය ඵලය, අර්ථය අනර්ථය ගැන සම්මා සම්බුදු ණුවණට තෘව් වී ඇති නිසාවෙනි.

ඔබ යමකට හෝ යමෙකුගේ අතකොළුවක් වනවාට වඩා ඔබේ සිතට අතකොළුවක් වීම ඉතාමත් භයංකාර වන්නේය.

මිච්ඡා සංකප්පය වෙස් බැද සම්මා සංකප්පය ලෙස පැමිණ ඇති මෙම යුගය වඩාත් කල්පනාකාරී විය යුතු බව කරුණාවෙන් දක්වා සිටින්නේ පශ්චාප්තාපයට හා විපාකයට මුහුණ පෑමෙන් ඔබව ඈත්කර තැබීමටයි.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

 

230      සිල් රැකීම

මෙම කාලය සිල් රැකීමට තබා බණ දේශනා කිරීමට වත් සුදුසු කාලයක් නොවේ යයි ඇතමෙක් සිතුවද ඉන් බැහැරවීම එලොව මෙලොව දෙකටම පාඩු සිදු වන්නකි.

බැමිණිටියා සාය කාලයේත්, විසල් නුවර තුන් බිය තිබූ කාලයේත්, සිතුල් පහුව රහතන් වහන්සේලාගෙන් හිස් වුන කාලයේත් බුදු දහම නොනැවසී පැවතුනේ ගිහි සන්තාන තුලින් දහම ඉවත්වී නොගිය බැවිනි.

මතු දිනයක බුදු දහම අපෙන් උදුරා ගනු ඇත. එහෙයින් අද අදම කුසල් දහම් වඩන්න.

සිල් රැකීමෙන් ( සිල් ගැනීමෙන්) බලා පොරොත්තුවන නිශ්ඨාව නම් සීල විශුද්ධියයි.

එනම් නිවන් මගට අදාල වන සප්ත විශුද්ධියෙන් මූලික විශුද්ධියයි.

අනුපදා පරිනිර්වානයට පත්විය හැක්කේ සීල, චිත්ත, දිට්ඨි, කංඛාවිතරණ, මග්ගා මග්ග, පටිපදා, ඥාණ දස්සන යන විශුද්ධි 7 පිළිවෙලින් සපුරා ගැනීමෙන් පමණි.

සීල, සමාධි, ප්රඥා යනු මීට තවත් නමකි. මෙය තථාගත දේශනයයි.

කය වචනයේ සංවරය ශීලයයි හකුලුවා කීවද ශිලය යනු ප්රතිපදාවේ විශාල වපසරියක් ආවරණය කරන්නකි.

චේතනා ශීල, චෛතසික ශීල, සංවර ශීල, අවිතීක්කම ශීලය යනුවෙන් ප්රධානවත් වද; ප්රාතිමෝක්ෂ, ඉන්ද්රිය, ආජීව පාරිශුද්ධ, ප්රත්යසන්නිශ්රිත සංවර ශීලය යනුවෙන් තවත් පරියායක් ඇත.

මේ සියල්ල සම්පූර්ණ කිරීමෙන් මිස අටසිල් හෝ දසසිල් සමාදන්වීමෙන් පමණක් ශීලය සම්පූර්ණ වූවා යයි නොසිතිය යුතුය.

බොහෝ දෙනා පෙහෙවස් සමාදන්වීමෙන් කය වචනයේ සංවරය ආරක්ෂා කිරීම ඉතාමත් ඵලදායී ක්රියාවකි. එය සසර ගමනේ කෙලවර පිණිස හේතු නොවන මුත් සසරේ රැදෙන තාක් සුවපත් භාවය ලබාදීමට හේතුවන්නකි.

බෞද්ධයන් වන අප ඉන් නොනැවතී පරිපූර්ණ ශීල විශුද්ධියම ලබාගත යුතු වන්නේය.

ලෙහෙසිය පහසුව තකා කය වචනයේ සංවරය පමනක් ආරක්ෂා කිරීමට පුරුදුවී සිටින අපි චිත්ත, චෛතසික යන්හි (සිතෙහි ) සංවරය ආරක්ෂා කිරීමට උත්සාහ නොගැනීම හේතුවෙන් නිවන් මාර්ගයේ රික්තයක් ඇතිවීමට හේතුවී තිබේ.

මෙය වරදක්සේ නොදැකිය යුතුවේ මන්දයත් අපට කාලාන්තරයක පටන් පුරුදු පුහුණුකර ඇත්තේ ආකාරයට නිසාවෙනි.

කොපමණ වාරයක් පෙහෙවස් සමාදන් වුවද, භාවනා (සමථ ) පරිකර්මයේ අඩුව හේතු කොට චිත්ත සන්තානයන් ක්ලේශ ධර්මයන්ගේ අඩුවකින් තොරවම පවතින්නේය.

සිල් සමාදන් වුවද ලෝභ, ද්වේෂ, මෝහ නොඅඩුවම පවතිනේ එහෙයිනි. භාවනාමය පරිකර්මයකින් එම අකුසල් මුල් ඇතුලු 16 ආකාර දැඩි ලෝභය, ද්වේශය, කෝපය, බද්ධ වෛරය, ඉරිසියාව, ගුණමකු කම, මසුරුබව, චාටුබව, ගුණවතුන් හා සමව සිතීම, කපටිකම, තද ගතිය, අනුන් අභිබවායාම, මානය , අතිමානය, ජාති කුලභේද ආදියෙන් මත්වීම, කාමයන් නිසා ප්රමාදවීම යන විපල්ලාසයන් හදුනා ගෙන විශුද්ධියට පත්විය හැක්කේය.

ශිල විශුද්ධියෙන් චිත්ත විශුද්ධියට පත්වන්නේ ආකාරයටයි.

සෝවාන් මාර්ගයට අදාල ආර්යකාන්ත ශීලය වන්නේ එයයි.

මෙවන් දුෂ්කර කාලයේදී අපහසුවෙන් හෝ පරිපූර්ණ ශීලයක් ආරක්ශා කිරිමට වැර දරන්න.

තෙරුවන් සරණයි.

 

 

 

 

229       උපාදානය

ධර්මයේ විස්තර වන පරිදි උපාදානය යනු අල්ලා ගැනීමයි.

අල්ලා ගන්නා තාක් කල් සසරෙහි රැදීසිටීමට සිදුවන්න්නේය. සසරින් මිදීමට අපි සියල්ලෝම කැමති වන්නෙමු. එහෙත් අපි දිගටම සසරෙ රැදී සිටින්නෝ වෙමු.

කෙතරම් අකමැති වුවත් සසරට වැටෙන්නේ එය ස්වභාව ධර්මයේ සැකැස්මක් වනහෙයිනි.

හේතුව වන්නේ තණ්හාවයි(යොමුවීමයි ) එය පෙර දවසක විස්තර කර දුන් පරිදි ස්වභාව සන්සිද්ධියකි.

එම ස්වභාව ස්න්සිද්ධිය බලාත්මක කරන්නේ අවිද්යාව හේතු කොට හටගත් උපාදානයයි (අල්ලාගැනීමයි )

අවිද්යාව හා තණ්හාව දෙකම ස්වභාව ධර්මයාගේ උපාංගයෝය.

මෙකී ස්වභාව වස්තූන් දෙක බලාත්මක කරන්නේ විඤ්ඤානයයිවිඤ්ඤාණ පච්චයා නාමරූප යයි වදාලේ ඉන් පංචස්කන්ධය ගොඩනැගෙන හෙයිනි. පංචස්කන්ධය පහලවීම යනු සංසාරයට වැටීමයි.

විඤ්ඤානය විසින් මමය මාගේය මාමය යනුවෙන් (සංඛාර ) සකස් කරගැනීම සසර බැඳ තැබීමට හේතුව වන්නේය.

සංඛාර යනු ඉඩ ලද හැම විටම, හැම අවස්ථාවෙදීම, හැම තැනදීම සිදුවන්නාවූ සංයෝගවීමයි. සුසංයෝගයයි. මෙයත් ස්වභාවධර්මයාගේ ක්රියාවලියකි.

අවිද්යාව හේතුවෙන් ඇතිවන්නාවූ ක්රියාවලිය (හේතු ඵල ) සංඛාරයි. තණ්හාව හේතුවෙන් ඇතිවන්නාවූ ක්රියාවලිය (හේතු ඵල ) උපාදානයයි එයත් සංඛාරයකි.

මෙකී ස්වභාවධර්මයාගේ (ස්වයංසිද්ධ ) ක්රියාවලිය ජීවමාන කරන්නේ {තින්ණං සංගති පස්සෝ } පස්සය (ස්පර්ශය ) හේතුකොට මමය, මාගේය, මාමය යන ආකාරයට සිදු වන්නාවූ අල්ලාගැනීමයි (උපාදානයයි ).

සංසාරයේ මුල වන්නේ මෙයයි. මෙය සිදලීමෙන් පමණි සංසාරය සිද බිද දැමිය හැකි වන්නේ.

කිසිදු පුද්ගලානුරූපී බවක් නොමැති ස්වභාව සංසිද්ධියකට මමය මාගේය, මාමය යන ආගන්තුක ආවේගයක් (චේතනාවක් ) ආවේශකිරීමෙන් පුද්ගලීකරනය සිදුකර ගනී.

එදා පටන් සසරට වැටෙන ඔබ හා මම සංඛාර රැස් කරමින් සසරේ ගමන් කරන අතර සියලු ආකාර දුක්ඛ දෝමනස්සයන්ට හිමිකරුවකු වන්නේය.

උපාදානය ලෙස සිදුවන සංඛාර බොහොමයක් අපුඤ්ඤාභි සංඛාර වීම දුකට මුල වන්නේය. එය කර්ම නියාමයට යටත්ය. සසර දුක් සහගත වන්නේ ඔබ මම රැස් කරන අපුඤ්ඤාභි සංඛාර හේතුවෙනි.

තණ්හා, දිට්ඨි, මාන පෙරදැරි කොට මමය මාගේය මාමය යනුවෙන් දෘශ්ඨි ගතව සිදුවන්නාවූ ක්රියාවලිය සක්ඛාය දිට්ඨියයි.

උපාදාන වීමෙන් වැලකීමෙන් සක්ඛාය දිට්ඨිය තුරන් වි නිර්වාන ද්වාරය විවුර්ත වන්නේය.

මමය, මාගේය, මාමය යනුවෙන් සියලු සත්වයන් උපාදාන රැස්කරන්නේ ආහාර, නිද්රා, භය, මෛතුන්ය යන සසරට බැද තබන වර පොටවල් හතර නිසාවෙනි.

සීලය, සමාධිය, ප්රඤ්ඤාව යන අනුපුබ්භ ප්රතිපදාව සසරට බැද තබන වර පොටවල් ලිහා දැමීමට සමත් වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

228       තණ්හාව

ලොකය පවතින්නේ දුක මත යයිද (දුක්ඛේ පටිට්ඨිතෝ ලෝකෝ) දුක ඇතිවන්නේ තණ්හාව (craving) නිසා යයිද තතාගත යන් වහන්සේ දේශනා කර ඇත.

සර්ව සාධාරණ පැහැදිලි කිරීමක් වන මෙය තුලින් ලෝකයේ යතා ස්වරූපය ධර්මානුකූලව වටහා ගැනීමෙන් ලොව ඇති සියලුදේම තව එකකට සාපේක්ෂව හෝ ඇදීයාමකට, ඇලීයාමකට, ගැලීයාමකට, වෙලීයාමකට, බැදීයාමකට (Affection, Attraction, attachment) නතුව පවතින්නෙය යන්න විද්යමාන වනු ඇත.

තණ්හාවේ මූලාරම්භය වන්නේ එයයි.

කාන්දමකට යකඩයක් ඇලීයාම, යුක්තානුවකට ශුක්රාණුවක් ඇදීයාම, රූපයට ඇස ඇදීයම වැනි ඉන්ද්රියන් වෙත යොමුවීම, ගසකට වැලක් එතීයාම යන මේවාට ධර්මයේදී තණ්හාව යයි ව්යවහාර නොවන්නේය.

එනමුත් තණ්හාව ඇතිවිමට ස්වභාව දර්මය දායකවන්නේ ආකාරයෙනි.

හේතු ඵල දර්මතාවයට අනුව තණ්හාව මුලින්ම හටගත්තේ කෙසේද කොතනද කවදාද යන්න දැනගනීමට අවශ් වන්න්නෙකුට ඉහත පැහැදිලි කිරීම ප්රමානවත් වන්නේය.

තණ්හාව නිර්මානය වීමට මෙකී මූලික ක්රියාවලිය හේතු භූත වන්නෙය. එහි ක්රමික විකාශනය සත්වයා නිර්මානය විමටත්, අඛණ්ඩ පැවැත්මටත් හේතු වන්නේය.

එසේ නිර්මානයවී පවතින ක්රියාවලියකට මමය, මාගේය, මාමය යයි පැවසීම අවිද්යාවයි.

තෙරුවන් සරණයි.

 

 

 

228             බහුං වේ සරණං යන්ති

" බියෙන් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද, වනයන්ද, ආරාමයන්ද සරණ කොට යන්නාහ. "

අග්ගිදත්ත පුරෝහිතයා අමතා බුදුන්වහන්සේ දේශනා කල බව ධම්මපදයේ බුද්ධ වග්ගයේ සඳහන් වන්නේය.

බුදුන්, දහම්, සඟුන් සරණාගමනය අනුදැන වදාළ බුදුන් වහන්සේ වැරදි සරණාගමනයන් පිළිකෙව් කරනනේය.

බිය නිසා පමණක් නොව ක්රෝධය, වෛරය, ඉර්ශයාව නිසා සරණයාමක් මිනිසුන් තුලින් දක්නට හැකිවන්නේය.

·         කෙනෙකු සතුටින් සාමයෙන් ජීවත්වන්නේ නම් ඔහුට වින කැටීමට බලවතෙකුගේ සරණ පැතීමක් සිදුකරයි.

·         යමෙකු දියුණු වන්නේනම් ඔහුගේ මග ඇහිරීමට තවකෙකුගේ සරණක් පතයි.

·         යමෙක් දක්ෂ වන්නේනම් ඔහුට වින කැටීමට ආයතනයක හෝ වෙනයම් සංවිධානයක මදක් හෝ බලවතෙකු යයි හැඟෙන කෙනෙකුට ලංවී සරණක් පතයි.

·         කෙනෙකුගේ දියුණුව, බලා සිටීමට බැරිනම් ඔහුට පදයක් හැදීමෙන්, පෙත්සමක් ගැසීමෙන්, කටකථා පැතිරවීමෙන් වත් සරණක් පතයි.

·         මොනයම් බලයේ සිටින දේශපාලන පක්ෂයක් එය තමන්ගේ පක්ෂය නොවන්නේ නම් වෙනත් පක්ෂයක සරණක් තම පක්ෂයට ලැබේ නම් සතුටු වෙයි.

·         පුද්ගලික ප්රශ්ණයක් හෝ හේතුවක් මත යම් පක්ෂයක් (දේශපාලන හෝ නොවන) නසා දැමීමට කිසියම් පක්ෂයක, සංවිධානයක සරණ පැතීමක් සිදුකරයි.

මේවා සියල්ල වැරදි සරණාගමනයන් බව දතයුත්තේය.

තෙරුවන් සරණයි.

 

 

 

227       මෛත්රිය ගයනා කිරීම

නොදන්නා කම හේතුවෙන් අද බොහෝදෙනා මෛත්රිය කියනවා මිස කරන්නේ නැත.

" මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා .... මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙම්වා, නොරෝගී වෙම්වා, වෛර නැත්තෝ වෙත්වා .... " යනුවෙන් විනාඩි කිහිපයක් මෛත්රී වාක් කිවූ පමණින් මෛත්රිය කළා යයි වරදවා වටහාගෙන ඇත.

එය මෛත්රිය කියවීමකි ඉන් කිරීමක් නොවන්නේය. අවසානයේ මෛත්රිය වැඩ කරන්නේ නැතැයි තථාගතයන් වහන්සේටත් ධර්මයත් දොස් තබන්නේය.

වෛරයෙන්, ක්රෝධයෙන්, ඊර්ෂයාවෙන් කටයුතු කරමින් සිට, පැත්තකටවී දෑස් පියා එරමිනියා ගොතා ගෙන නිදුක් වේවා, නිරෝගී වේවා යයි රෑ එළිවෙන තුරු කීවද තමාටවත් අනුනටවත් ඉන් ඇතිවන සෙතක් නොමැත්තේය.

මෛත්රී කර්මය පුරණය වීමට නම් ප්රථමයෙන් තමාගේ චිත්ත සන්තානයෙන් වෛර, ක්රෝධ, ඊර්ශයා, මද, මාන ආදී දුර්ගුණ ඉවත්කර ගත යුතුවන්නේය.

ඒවා තිබෙන තාක් කල් මෛත්රිය කියවිය හැකි මුත් කිරීමට නොහැක.

තමාට යමෙක් සතුරුවන්නේ නොහොත් තමාට කෙනෙක් නුරුස්සන්නේ තමාගේ හෝ ඔහුගේ ඇති දුර්ගුණ නිසාවෙන් හෝ වැරදි වැටහීමක් හේතුවෙනි.

එම තැනැත්තා සිහි කරමින් මෛත්රිය වාක් කීවද, අපට ඔහුගේ වෛරයවත් නුරුස්සන ගතියවත් දුරු කල නොහැක්කේය. කල හැක්කේ අප තුල ඔහු කෙරෙහි ඇති වෛරය, නුරුස්සන කම ඉවත් කර ගැනීම පමණි.

සඳහා කලයුතු වන්නේ ඔහු තුල ඇති වැරදි, දුර්ගුණ සිහිකිරීම නොව ඔහු තුල යම්බඳු යහගුණයක් ඇත්නම් එය සිහිකිරීමයි. එවිට තමාගේ සිතේ මෛත්රිය උපදින්නේය.

ඉන් අදහස් වන්නේ මෛත්රිය යනු තමා විසින් තමාගේම සිතට කරගන්නා සාත්තුවක් බවයි. තමා තුල මෛත්රිය නොමැතිව අනුනට බෙදා හැරීම සඵලදායී ක්රියාවක් නොවන්නේය.

මෛත්රිය කර්මස්ථානයක් ලෙස ගෙන භාවනා කිරීමෙන් සිත සමාධිමත් වුවද, භාවනාවෙන් නැගීසිටිවිට මෛත්රී සිත ලිහී යන්නේය. මන්දයත් සිය සන්තානයෙන් ඉවත් නොකරගත් වෛරී ක්රෝධ සිත් මෛත්රිය පරදා ඉස්මතුවන හෙයිනි.

මෙය පුහුදුන් සිතක ස්වභාවයයි. එසේ හෙයින් මෛත්රිය කියවීමෙන් නොව කිරීමෙන් සිත සකසා (condition) ගත යුත්තේය.

අවෛරයෙන් වෛරය සංසිදේ යයි තථාගතයන් වහන්සේ දේශනා කලේ මෛත්රියෙන් වෛරය ඉවත් කලයුතු බවයි. මෙය කතාවෙන්, ක්රියාවෙන් හා සිතීමෙන් යන තුන් දොරින්ම කලයුතු වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

226       අවසන් සිත

යම් භවයක අවසන් සිතට චුති සිත යයි කියනු ලැබේ.

චුතියෙන් පසු ප්රතිසන්ධිය ඇති වන නිසා බොහෝ දෙනා චුති සිතම ප්රතිසන්ධි සිත යයි වරදවා වටහා ගෙන ඇත.

මේ හේතුවෙන් චුති සිත යහපත් කර ගැනීමට කෙනෙකු උත්සාහා ගන්නා අතර ඇතැමෙක් චුති සිතට කුමක් අරමුණු වේදැයි පසුතැවිලි වන්නේය.

අභිධර්මයට අනුව චුති සිත යනු යම් භවයක චිත්ත පරම්පරාවේ අවසන් සිතයි, එය විපාක සිතසිතකි. එයට ප්රතිසන්ධික් ලබාදීමට නොහැක.

මරණාසන්න චිත්ත වීථියක ඇතිවන්නාවූ චුති චිත්තයට චිත්තක්ෂණ 17 කට පෙර පහළවන කර්ම, කර්ම නිමිති, ගති නිමිති අතුරින් කුමන කර්මයක් හෝ ඉදිරියට එන අතර ප්රතිසන්ධිය ලැබෙන්නේ එසේ අරමුණු වුන කර්මයට අනුරූපවය. එය ප්රතිසන්ධි සිතයි.

චුති සිත කාමාවචර සිතක්වී ප්රතිසන්ධි සිත රූපාවචර හෝ අරූපාවචර සිතක් විය හැක්කේ එහෙයිනි. එසේ විය හැක්කේ චුති සිතම ප්රතිසන්ධි සිත නොවන හෙයිනි.

තවද මරණාසන්න චිත්ත වීථියක කුමන සිතක් චුති චිත්තය වන්නේ දැයි දැනගත නොහැක. එය චිත්ත නියාමයට අනුව සිදුවන්නකි. එසේ හෙයින් චුති සිත ගැන කලබල වීම පදනම් විරහිතය.

මන්ද යත් කර්ම නියමයට අනුවගරු කර්මයක් නොවූයේ නම් මරණාසන්නයේ අරමුණු වන ආසන්න කර්මයක් හෝ බොහෝ සෙයින් පුරුදු පුහුණු කරන ලද ආචිණ්න කර්මයක් හෝ විසිරුණු සිතින් කරන ලද හෝ පෙර ජාතියක කරන ලද අපරාපරියවේදනීය කර්මයක්වූ කටත්තා කර්මයක් යන මින් කුමන කර්මයක් හෝ අරමුණු වීමෙන් ප්රතිසන්ධි සිත පහල වන හෙයිනි.

ඉහත පරියාය අනුව, මතු භවය සුගතිගාමී වීමට නම් කල යුත්තේ චුති චිත්තය යහපත්ව තබා ගැනීම නොව නිරන්තරයෙන් දානාදී පින් කම් කිරීම, සිල් ආරක්ෂා කිරීම, භාවනා කිරීම, මෛත්රී කිරීම, වෛර නොකිරීම, බණ ඇසීම වැනි පුණ් ක්රියාවල නියැලීමයි.

හැකි හැම අවස්ථාවකම පින් දහම් කරන්න. සිත යහපත්ව පවත්වා ගන්න.

තෙරුවන් සරණයි.

 

 

 

225      පුණ්යානුමෝදනාව

පින්දීම ගැන සඳහන් කිරීමේදී අණුමෝදන් කිරීමත් අණුමෝදන් වීමත් ගැන ධර්මයේ සඳහන් වන්නේය. බිම්බිසාර රජු අමතා දේශනා කරනලද තිරෝකුඩ්ඩ සුත්රයේ මෙය මනාව සඳහන් කර ඇත.

පින් අණුමෝදනා වීම ගැන සඳහන් ධර්මානුකුල විග්රහය නොදැනීම නිසා හෝ පිළිනොපැදීම නිසා කරන ලද පින ග්රාහකයා වෙත ලඟා නොවීමට ඇති ඉඩකඩ බොහෝය. එහෙත් කරන ලද පිනට අනුරුප විපාකය කරන ලද පුද්ගලයාට හිමි වන්නේය.

පුණ්යාණුමෝදනාවේදී කාරණා කිහිපයක් සම්පුර්ණ වියයුතුවේ. කරනලද පිනක් තිබීම, කරන ලද පින සතුටින් ප්රදානය කිරිමට කැමැත්ත ඇති අයෙක් සිටීම, සතුටින් අණුමෝදන් වීමට බලාපොරොත්තු වන්නෙක් සිටීම, පින් අණුමෝදන් වීමට ආරාධනා (ඉල්ලාසිටිම) කිරීම, සතුටින් අණුමෝදන් කිරීම හා සතුටින් අණුමෝදන් වීම යන්නයි.

අණුමෝදන් වීමට බලාපොරොත්තු වන්නෙක් සිටියත්, අණුමෝදන් නොකළේ නම් ඔහු කරා පින ලඟා නොවන්නේය. අමතා අණුමෝදන් නොකළේ නම් ඉනිදු අණුමෝදන් විය යුත්තාට (ඥාතියාට හෝ දෙවිදේවතාවට) අණුමෝදන් විය නොහැක. පුණ්යාණුමෝදනා වේදී ආමන්ත්රණය කිරීම වැදගත් වන්නේය.

ධර්මයට අනුකූල නොවූවද වටහා ගැනීම සඳහා සරල ප්රායෝගික උදාහරණයකින් මෙසේ දැක්විය හැක.

A නැමති පිරිමි හෝ ගැහැණු ළමයා B නැමැති ගැහැණු හෝ පිරිමි ළමයාට ආදරයක් දක්වයි. දෙදෙනා එකිනෙකා හඳුනන්නෝය. A නැමැත්තාගේ ආදරය ගැන B නැමැත්තා නොදනී. එහෙත් A නැමැත්තා B නැමැත්තාට අවංකවම ආදරය කරයි. B නැමැත්තා වෙනත් ආදරයක් මත විවාහ වේ. A නැමැත්තා B නැමැත්තාට ආදරය ගැන දන්වා සිටියේ නම් දෙදෙනාට විවාහ වීමට ඉඩ තිබුණි මන්දයත් B නැමැත්තාත් A නැමැත්තාගෙන් ආදරයක් බලපොරොත්තුවී සිටි හෙයිනි. සන්නිවේදනයේ දුර්වලතාවය මත සඵලත්වය සිදුනොවී ඇත.

මනා සන්නිවේදනය සාර්ථක භාවය ලඟා කරදෙන්නේය.

පුණ්යාණුමෝදනාවේදී ආමන්ත්රණය වැදගත් වන්නේය. එහෙයින් දෙවියන්ට හෝ ඥාතීන්ට පින්දිමේදී අමතා පින්පෙත් දීම කලයුතු වන්නේය.

පුණ්යාණුමෝදනාව කුසල කර්මයකි. එය තමාටත් අනුනටත් යහපත පිණිස වන්නේය.

තෙරුවන් සරණයි,

 

 

 

224       නිදහස

පරිපුර්ණ නිදහසක් ඇතිවන්නේ නිවහල් භාවයක් තිබුණහොත් පමණි.

නිවහල් භාවය ඇතිවන්නේ තම චිත්ත සන්තානයේ වන හෙයින් සිත වහල් භාවයෙන් මුදවා ගැනීමෙන් ලෞකිකවූත් ලෝකෝත්තරවූත් උභයාර්ථ නිදහස සලසා ගතහැකි වන්නේය.

පන්සාලිස් වසරක් පුරා තථාගතයන් වහන්සේ දේශනා කරනලද්දේ සත්වයා (මිනිසා) තම සිතට වහල්වී කටයුතු කිරීම හේතුවෙන් සසරින් නිදහස් නොවන බවත් සතියෙන් (සිහියෙන්) කටයුතු කිරීමෙන් වහල් භාවයෙන් මිදී ශාන්තවූ නිදහස ලබාගත හැකි බවයි.

සිතට වහල් වීම නිසා සත්වයා සතර අගතියට පත්වී (කැමැත්තෙන්, වෛරයෙන්, බියෙන්, අනුවනකමින්) කටයුතු කිරීමෙන් තම විනාශය ලඟා කරගන්නා අතර, සසරින් නිදහස් වීමට ඇති ඉඩ කඩද අවුරා ගන්නේය.

තම වෛරක්කාර යෙකු විසින් කරනු ලබන අනතුරට වඩා බලවත් අනතුරක් තමාගේ වහල් සිත තමාට සලසා දෙන බවත්, අනෙකෙකු විසින් කරනු ලබන අනතුර ඇතිවන්නේ පවතින ජිවිතයට පමණක් බවත් තම වහල් සිත කරනු ලබන අනතුර සසරටම බලපාන බව ධර්මයේ සඳහන් වන්නේය.

" දිසෝ දිසං යං තං කෛරා වෙරිවාපණ වේරිනං" ධම්ම පදය

තම සිතට වහලේක්ව කටයුතු කරනා තාක් කල් නිදහසක් බලාපොරොත්තු නොවන්න, මන්ද නිදහස ලැබෙන්නේ සිත නිවහල් වුවොත් පමණක් වන හෙයිනි.

සිත සියලු බැදීම් වලින් නිදහස් කරගන්න. එය පරම නිදහසයි.

තෙරුවන් සරණයි

 

 

223       වැරදි මානසිකත්වය

ලෝකය මවන ලද්දේ දෙවියන් විසින් යන මතය දේශනා කරමින් සිටි බ්රාහ්මණයෙක් එක්තරා උදෑසනක දම්සභා මණ්ඩපයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ "ඔබ දෙවියන් වහන්සේ ප්රතික්ෂේප කරනවා එය ඇත්තක්ද?" යනුවෙන් අසා සිටියේය.

මැවුම්කාර දෙවියකු නැත" යනුවෙන් බුදුරජාණන් වහන්සේ එක එල්ලේම උත්තරයක් දුන්නේය.

එදිනම සවස, සියල්ල මවන දෙවිකෙනෙක් නැත යන මතය දේශනා කරන බ්රාහ්මණ ගුරුවරයෙකු දම්සභා මණ්ඩපයට පැමිණ බුදුන් ගෙන් අසා සිටියේ මැවුම්කාර දෙවිකෙනෙක් නැහැ නේද යන්නයි.

එවිට බුදුරජාණන් වහන්සේ එක එල්ලේම වදාලේ "දෙවියන් වහන්සේ කෙනෙක් ඇත " යනුවෙනි.

එදින රාත්රී යාමයේ භික්ෂුන් සියලු දෙනාම නින්දට වැටුණු පසු එක් භික්ෂුවක් බුදුරදුන් හමුවීමට පැමිණ මෙසේ කියා සිටියේය.

ස්වාමීනි මට නින්ද එන්නේ නැහැ, මට ඔබ වහන්සේගෙන් ඇසීමට ප්රශ්නයක් තියනවා. ඔබ වහන්සේ උදෑසන එක් බමුණු ගුරුවරයෙකුට කියා සිටියා දෙවියන් වහන්සේ නැත කියා. සවස තවත් බමුණෙකුට කියා සිටියා දෙවියන් වහන්සේ ඇත කියා. මෙහි සත් කුමක්ද?"

එවිට තථාගතයන් වහන්සේ උත්තරය දුන්නේ දෙදෙනාට, මන්ද දෙදෙනාම එක තැනක හිරවී සිටියා, එම නිසා දෙදෙනාට තමා කව්ද යන්න සොයා ගැනීමට නොහැකිව තිබුනා. දැන් දෙදෙනා තමා කව්ද කියා සොයා බලනවා ඇති. ඒකයි එසේ දේශනා කලේ, එය ඔබට දේශනා කරන ලද්දක් නොවේ. ඔබ තථාගතයන් වහන්සේ දේශනා කල ආකාරයට බණ භාවනා කරන්න." යනුවෙන් වදාළේය.

භික්ෂුව ඇතුළු බොහෝ දෙනා තමා ගැන විශ්වාශය නොතබා සැකය විචිකිච්චාව සමග ජිවත් වන්නේය. නැතිනම් අන් අයට භක්තියෙන් හෝ පක්ෂපාතිත්වයෙන් ජීවත්වන්නේය. ඉන් එලොව මෙලොව දෙකම ජයගත නොහැක්කේය.

පට්ඨාන මහා ප්රකරණ අටුවාවේ විගත අවිගත ප්රත් දේශනාවේදී දක්වා ඇති ආකාරයට; දේශනය කල හැකි බොහෝ ධර්ම හා බොහෝ ආකාර ඇති තැන, කැමති ධර්මයක් කැමති අකාරයකින් දේශනා කරන බව දේශනා විලාශය යි.

සුත්රාභිධර්ම දේශනා ඒකාකාර නොවන අවස්ථා ඇත. තවද දිට්ඨියට වැටිය හැකි හෙයින් අන්ආකාර පැහැදිලිකිරීම් ධර්මයෙහි සඳහන් වන්නේය. කාලාම සුත්රයේ "මා කිවූ පමණින්ම ව්ශ්වාශ නොකරන්න" යයි දක්වා ඇත්තේ කාලාමයන් සියලු කල්හි සියලු තන්හි ඇති බවට තතු දත් හෙයිනි.

සුනිත සෝපාක ඥානය සැරියුත් මුගලන් ප්රඥාවට සමාන කරන්නේ, සැරියුත් මුගලන් ප්රඥාව තමාට ඇතියයි සිතා සිටින එහෙත් දෙවිදත් කෝකාලික ඥානයට සරි ඥානයක් ඇති හිස් මිනිසුන් විසිනි.

මෙකී නිරාගමික හිස් පුරුෂයන්ට වඩා මොණරා බුද්ධිමත් විය හැක. මන්ද පිල් විදහන්නේ මිනිසා සිටින පැත්තට හැරෙමිනි. මිනිසාට පිටුපා රංගනය කලහොත් දර්ශනය පිළිකුල් බව දන්නා හෙයිනි.

කෙසේ වෙතත් මොණරකුගේ රංගනය ලස්සන වුවද එහි පිළිකුල් කොටසක්ද අන්තර්ගත වන්නේය.

නොදත් ධර්මය සොයා යායුතුවා මිසක් ගැරහීමක් නොකළ යුත්තේය.

ධර්මය පහළවිය යුත්තේ ඥානයක් ලෙස මිස අහංකාර වීමට යමක් ලෙස නොවිය යුතුය.

තෙරුවන් සරණයි.

 

 

 

222       යේ ධම්මා හේතුප්පභවා ...

තේසං යෝ නිරෝධෝ ...

 



" හේතූන් නිසා යම් ස්වභාවයක් වේද, එයට හේතු තථාගතයන් වහන්සේ දේශනා කරන සේක. ඒවායේ හේතුව නැතිකිරීමෙන් ඵලයද නැතිවන බව තථාගතයන් වහන්සේ දේශනා කරනසේක. " - මහා වග්ග පාලිය



උපතිස්ස පිරිවැජියා අමතා අස්ස්සජි රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙය, සමුදයත් නිරෝධයත් යන දෙක ගැන සටහනක් තබමින් පටිච්චසමුප්පාදය නියෝජනය කරන්නකි.

බොහෝ දෙනා අටුවාචාරීන් මතම පවත්නා හෙයින් එහි අධ්යාත්මික ප්රකාශනය ගැන නොතකා ධර්මය වැරදි තැනින් අල්ලා ගෙන ධර්මයේ දොස් දකින්නේය.

හේතුඵල වාදය යනු ලෞකික ලෝකෝත්තර හා ඉන් බැහැර ( ලෝකාරම්භය, ලෝකෝත්පත්තිය, සසර පටන් ගැන්ම, සත්වයන්ගේ පහළවීම, ආදී දිට්ඨි විපල්ලාස ඇතුළු ) සියලු දෑ ආවරණය කරමින් කරන ලද ධර්ම විග්රහයක් ලෙස වරදවා අර්ථය දරා සිටී.

පටිච්චසමුප්පාදයේ සඳහන් හේතුඵල ධර්මතාවය යනු සසර පැවැත්ම ගැන මිස සසර පටන්ගැන්ම  ගැන නොවේ. එය පැහැදිලිවම අස්සජී මහරහතන් වහන්සේ විසින් දේශිත ඉහත ගාථාවේ සඳහන් කොට ඇත. එකී ගාථාවෙන් පටිච්චසමුප්පාදයට පැහැදිලි අර්ථකථනයක් අස්සජී රහතන් වහන්සේ විසින් සපයාදී ඇත.

 

එනම් හේතුවට හේතුව සෙවීම නොව ඵලයට හේතුව සොයා එම හේතුව නැති කිරීමෙන් ඵලය නිරුද්ධ වන බවයි.

එහිදී පටිච්චසමුප්පාදයේ සඳහන් වන ඵලය යනු ජාතියයි හේතුව යනු අවිද්යාවයි, චතුරාර්ය සත්යට අනුව ඵලය යනු දුක්ඛ යයි හේතුව නම් තෘෂ්ණාවයි.

සසරේ අගක් මුලක් පැනවිය නොහැකි යයි තථාගතයන් වහන්සේ දේශනා කර තිබියදී පටිච්චසමුප්පාදය යනු සසරේ පටන්ගැන්ම යයි අර්ථ දැක්වීම හාස්යජනක වන්නේය.

එමෙන්ම අග්ගඤඤ සුත්රයේ ලොකොත්පත්තිය ගැන සදහන් වන්නේ යයි පැවසීමත් එවැන්නකි. මන්ද යත් අග්ගඤඤ සුත්රයේදී බමුණන්ගේ, ශුද්රයන්ගේ පහළවීම ගැන ගොතන ලද පුරාණ වංස කථාවේ මිත්යාව ගැන දේශනා කරද්දී මෙසේ සදහන් වන්නේය. " වාසෙට්ඨය, ..... මෙසේ පුරාණ ලෝකෝත්පත්ති වංස කථාවට අනුවයත් එහෙත් පිලිබඳ අර්ථය නොදනිත්මය,"

ධර්මය නුවනින් වටහා ගතයුතු වන්නකි. අර්ථයත්, ධර්මයත් නිරුක්තියත් තම තමා විසින් අවබෝධ කරගත යුතුය. කාලාම සුත්රය දේශනා කරන ලද්දේ හේතුව නිසාවෙනි.

සාරිපුත්ත, මොග්ගල්ලාණයන් වටහාගත් ධර්මය සුනීත, සෝපාකයන් කෙසේ වටහා ගත්තේද යනදී නොයෙකුත් අධර්ම සල්ලාපයන් කංඛා විතරණ විශුද්ධියත් සමග පහව යනු ඇත.

තෙරුවන් සරණයි

 

 

 

 

221       පින්හාමි හා කුසල්හාමි

මේ දෙදෙනා නිවුන් සහෝදරියෝය. සමස්වරූපි වුවත්, ජානමය හේතු මත අන්තර් සම්බන්ධතා වක් ඇතත්, අනන්යතාවයක් ඇත්තේය.

ඉපදුනේ එකට වුවත් මියැදෙන්නේ එකට නොවේ. එකම ආහාරයක් ගත්තද ඒකාකාරව ජීරණය නොවන්නේය.

පින හා කුසලයත් එසේම වන්නේය.

උපදින්නේ එකම පහන් සිතක වන අතර වෙන් කොට හඳුනා ගැනීමත් අපහසුය. කුසලයම පිනක් වන අතර පින කුසලයක්ද වන්නේය. එහෙත් පින කුසලයෙන් වෙන් කොට දැක්විය හැක. කුසල් මේරීමෙන් හා පින මේරීමෙන් ලැබෙන ඵල එකිනෙකට වෙනස් වන්නේය.

පරමත්ත දේශනයත් සම්මුති දේශනයත් නිවුන් සහෝදරියන් වැනිය. සම්මුතියත් පරමාර්ථයත් දෙකම නියෝජනය කරන්නේ එකම ගාථාවකි, එකම ධර්ම ඛණ්ඩයකි. එහෙත් අර්ථය වෙනස්ව හැසිරෙන්නේය.

·         දානය පුණ් කර්මයකි (පිනකි) අත්හැරීමේ චේතනාවෙන් කළහොත් කුසලයකි.

·         හික්මීම (සීලය) යහපත් දිවිපෙවෙතක් ලබාදෙන්නේය. ආර්යකාන්ත සීලය සමාධියත් ප්රඥාවත් සලසා ලන්නේය.

·         භාවනාව සන්සුන් මනසක් ඇතිකිරීමටත් (මනුෂ්, දේව, බ්රහ්ම) සුගති පරායන විමටත් හේතු භූත වන අතර කුසල භාවනා පරිකර්මය මාර්ග ඵල නිර්වාණය ලඟාකර දීමට සමත් වන්නේය.

කෙනෙකු යම් ධර්මානු ධර්ම ප්රතිපත්තියක් පිරීමෙන් ලෞකික අර්ථසාධනය සලසා ගන්නා අතර වෙනෙකෙකු එම ප්රතිපත්තිය පිරීමෙන් ලෝකෝත්තර සුභසිද්ධිය ලඟාකර ගන්නේය. එහිදී පින හා කුසලය වෙන් වෙන්ව නියෝජනය වන්නේය.

පිනෙන් තොර කුසලයක් වත් කුසලයෙන් තොර පිනක් වත් නොමැත්තේය. චෛතසිකයන්ට අනුරූපව සකස්වන සිත, කුසලය හා පින වෙනකොට තබන්නේය.

අනුව කුසලයෙහි හා පිනෙහි තීරකයා චෛතසිකයයි. කුසලය හා පින ගැන නොව චෛතසික ගැන සැලකිලිමත් වන්න.

කුසල පාර්ශවයේ මෙන්ම අකුසල පාර්ශවයේ චෛතසිකයන් ලිහිල්ව මෙන්ම අවම පිඩනයකින් යුතුව උපදින්නෝය. එහෙත් ඉන් සකස් වන සිත වඩාත් බලවත්ය.

කුසලය හා පින දෙකම ගිහියාට මෙන්ම පැවිද්දාටද එකසේ ප්රයෝජනවත් බව තථාගත දේශනයයි.

කම්ඵල අදහා කරනු ලබන කායික, වාචාසික, මානසික සත්ක්රියා පින් ලෙසත්; ලෝභ, ද්වේශ, මෝහ කෙලෙස් දුරුකිරීම් වස් කරන සති සමාධි භාවනා කුසල් ලෙසත් වෙනකොට හඳුනාගැනීම දෝස සහගත නොවන්නේය.

කෙසේ වෙතත් දස කුසල්, දස පුණ්යක්රියා පූරණය කිරීම "සබ්බත්ථ සාධකං " වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

220        සක්ඛාය දිට්ඨිය

 

සෝවාන් මාර්ගයේදී හල යුතු මුල් සංයෝජනය සක්ඛාය දිට්ඨි යයි.

සක්ඛාය දිට්ඨිය යනු මමය, මගේය, මාමය යන අස්මිමානයයි.

රූප, වේදනා, සඥා, සංඛාර, විඥාන (නාම රූප) යන පංචස්ඛන්ධය ප්රත් කොට ඇස, කණ, නාසය, දිව, ශරීරය යන අභ්යන්තර ආයතන 6 පහල වන්නේය. (ඛන්ධානං පතුභාවෝ ආයතනානං පටිලාභෝ)

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ, ධර්ම යන භාහිර ආයතන 6, අභ්යන්තර ආයතන 6 අරමුණු වන්නේය.

මෙකී ස්කන්ධ පංචකය භාහිර අභ්යන්තර ආයතන 12 සමග ස්පර්ශ වීමෙන් පහල වන වැරදි චේතනාව ප්රත් කොට සක්ඛාය දිට්ඨිය පහල වන බව සූත්රාභිධර්ම දේශනයයි.

ආයතන හේතුවෙන් හටගන්නා සක්ඛාය (අස්මිමානය), ආයතන මුල්කොටම නවතා ලියහැකි බව තථාගත දේශනයේ ඇති අපූර්වත්ව යයි.

මමය, මාගේය යනුවෙන් අල්ලා ගන්නේ අතීතය හෝ අනාගත යයි. අතීතයේ සිදුවූවක් හෝ සිදු නොවුවක් හා අනාගතයේ සිදුවන්නක් හෝ සිදු නොවන්නක් යනුවෙනි.

අතීතයේ හෝ අනාගතයේ සිත පවත්වා ගැනීමෙන් වින්දනීය වන්නේ ලෝභය හා ද්වේශයයි.

දුක යනු ලොභයේ හා ද්වේශයේ අවසාන ඵලයයි.

අතීතයේ හෝ අනාගතයේ සිත නොපවත්වා වර්තමානයේ සිත පවත්වා ගැනීම සතියයි.

භාවනා පරිකර්මය (සිහිය පිහිටුවීම) සිත සමාධිමත් කරයි. සමාධිමත් සිත කිසිවක් අල්ලා නොගනී.

වර්තමානයේ සිත පවත්වා ගැනීමේදී, අභ්යන්තර ආයතන 6 බාහිර අරමුණු 6 ක් ගැටෙන බවත් උපාදාන වශයෙන් අල්ලා ගතයුතු කිසිවක් නොමැති බවත් වැටහෙන හෙයින් අස්මිමානය (සක්ඛාය) නුපදින්නේය.

අස්මිමානය නොමැති සිත ප්රණිතය, සිසිල්ය, සැහැල්ලුය, ශාන්තය.

සක්ඛාය දිට්ඨිට ප්රත් කොට විචිකිච්චාව හා සීලබ්බත පරාමාස ඇතිවන බැවින් සක්ඛාය දිට්ඨිය පහවීමෙන් විචිකිච්චාව හා සීලබ්බත පහවියන්නේ හේතු ඵල ධර්මතාවය මතය.

සෝවාන් මාර්ගය ලෙස කල්යාණමිත් සේවනය, සද්ධර්ම ශ්රවනය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්රතිපත්තිය යනුවෙන් සඳහන් කර ඇත්තේ ඉහතකී පරියායමයි.

තෙරුවන් සරණයි.

 

 

 

 

219       වැරදි මානසිකත්වය

 

ලෝකය මවන ලද්දේ දෙවියන් විසින් යන මතය දේශනා කරමින් සිටි බ්රාහ්මණයෙක් එක්තරා උදෑසනක දම්සභා මණ්ඩපයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ "ඔබ දෙවියන් වහන්සේ ප්රතික්ෂේප කරනවා එය ඇත්තක්ද?" යනුවෙන් අසා සිටියේය.

මැවුම්කාර දෙවියකු නැත" යනුවෙන් බුදුරජාණන් වහන්සේ එක එල්ලේම උත්තරයක් දුන්නේය.

එදිනම සවස, සියල්ල මවන දෙවිකෙනෙක් නැත යන මතය දේශනා කරන බ්රාහ්මණ ගුරුවරයෙකු දම්සභා මණ්ඩපයට පැමිණ බුදුන් ගෙන් අසා සිටියේ මැවුම්කාර දෙවිකෙනෙක් නැහැ නේද යන්නයි.

එවිට බුදුරජාණන් වහන්සේ එක එල්ලේම වදාලේ "දෙවියන් වහන්සේ කෙනෙක් ඇත " යනුවෙනි.

එදින රාත්රී යාමයේ භික්ෂුන් සියලු දෙනාම නින්දට වැටුණු පසු එක් භික්ෂුවක් බුදුරදුන් හමුවීමට පැමිණ මෙසේ කියා සිටියේය.

ස්වාමීනි මට නින්ද එන්නේ නැහැ, මට ඔබ වහන්සේගෙන් ඇසීමට ප්රශ්නයක් තියනවා. ඔබ වහන්සේ උදෑසන එක් බමුණු ගුරුවරයෙකුට කියා සිටියා දෙවියන් වහන්සේ නැත කියා. සවස තවත් බමුණෙකුට කියා සිටියා දෙවියන් වහන්සේ ඇත කියා. මෙහි සත් කුමක්ද?"

එවිට තථාගතයන් වහන්සේ උත්තරය දුන්නේ දෙදෙනාට, මන්ද දෙදෙනාම එක තැනක හිරවී සිටියා, එම නිසා දෙදෙනාට තමා කව්ද යන්න සොයා ගැනීමට නොහැකිව තිබුනා. දැන් දෙදෙනා තමා කව්ද කියා සොයා බලනවා ඇති. ඒකයි එසේ දේශනා කලේ, එය ඔබට දේශනා කරන ලද්දක් නොවේ. ඔබ තථාගතයන් වහන්සේ දේශනා කල ආකාරයට බණ භාවනා කරන්න." යනුවෙන් වදාළේය.

භික්ෂුව ඇතුළු බොහෝ දෙනා තමා ගැන විශ්වාශය නොතබා සැකය විචිකිච්චාව සමග ජිවත් වන්නේය. නැතිනම් අන් අයට භක්තියෙන් හෝ පක්ෂපාතිත්වයෙන් ජීවත්වන්නේය. ඉන් එලොව මෙලොව දෙකම ජයගත නොහැක්කේය.

පට්ඨාන මහා ප්රකරණ අටුවාවේ විගත අවිගත ප්රත් දේශනාවේදී දක්වා ඇති ආකාරයට; දේශනය කල හැකි බොහෝ ධර්ම හා බොහෝ ආකාර ඇති තැන, කැමති ධර්මයක් කැමති අකාරයකින් දේශනා කරන බව දේශනා විලාශය යි.

සුත්රාභිධර්ම දේශනා ඒකාකාර නොවන අවස්ථා ඇත. තවද දිට්ඨියට වැටිය හැකි හෙයින් අන්ආකාර පැහැදිලිකිරීම් ධර්මයෙහි සඳහන් වන්නේය. කාලාම සුත්රයේ "මා කිවූ පමණින්ම ව්ශ්වාශ නොකරන්න" යයි දක්වා ඇත්තේ කාලාමයන් සියලු කල්හි සියලු තන්හි ඇති බවට තතු දත් හෙයිනි.

සුනිත සෝපාක ඥානය සැරියුත් මුගලන් ප්රඥාවට සමාන කරන්නේ, සැරියුත් මුගලන් ප්රඥාව තමාට ඇතියයි සිතා සිටින එහෙත් දෙවිදත් කෝකාලික ඥානයට සරි ඥානයක් ඇති හිස් මිනිසුන් විසිනි.

මෙකී නිරාගමික හිස් පුරුෂයන්ට වඩා මොණරා බුද්ධිමත් විය හැක. මන්ද පිල් විදහන්නේ මිනිසා සිටින පැත්තට හැරෙමිනි. මිනිසාට පිටුපා රංගනය කලහොත් දර්ශනය පිළිකුල් බව දන්නා හෙයිනි.

කෙසේ වෙතත් මොණරකුගේ රංගනය ලස්සන වුවද එහි පිළිකුල් කොටසක්ද අන්තර්ගත වන්නේය.

නොදත් ධර්මය සොයා යායුතුවා මිසක් ගැරහීමක් නොකළ යුත්තේය.

ධර්මය පහළවිය යුත්තේ ඥානයක් ලෙස මිස අහංකාර වීමට යමක් ලෙස නොවිය යුතුය.

තෙරුවන් සරණයි.

 

 

 

 

218       නිදහස

 

පරිපුර්ණ නිදහසක් ඇතිවන්නේ නිවහල් භාවයක් තිබුණහොත් පමණි.

නිවහල් භාවය ඇතිවන්නේ තම චිත්ත සන්තානයේ වන හෙයින් සිත වහල් භාවයෙන් මුදවා ගැනීමෙන් ලෞකිකවූත් ලෝකෝත්තරවූත් උභයාර්ථ නිදහස සලසා ගතහැකි වන්නේය.

පන්සාලිස් වසරක් පුරා තථාගතයන් වහන්සේ දේශනා කරනලද්දේ සත්වයා (මිනිසා) තම සිතට වහල්වී කටයුතු කිරීම හේතුවෙන් සසරින් නිදහස් නොවන බවත් සතියෙන් (සිහියෙන්) කටයුතු කිරීමෙන් වහල් භාවයෙන් මිදී ශාන්තවූ නිදහස ලබාගත හැකි බවයි.

සිතට වහල් වීම නිසා සත්වයා සතර අගතියට පත්වී (කැමැත්තෙන්, වෛරයෙන්, බියෙන්, අනුවනකමින්) කටයුතු කිරීමෙන් තම විනාශය ලඟා කරගන්නා අතර, සසරින් නිදහස් වීමට ඇති ඉඩ කඩද අවුරා ගන්නේය.

තම වෛරක්කාර යෙකු විසින් කරනු ලබන අනතුරට වඩා බලවත් අනතුරක් තමාගේ වහල් සිත තමාට සලසා දෙන බවත්, අනෙකෙකු විසින් කරනු ලබන අනතුර ඇතිවන්නේ පවතින ජිවිතයට පමණක් බවත් තම වහල් සිත කරනු ලබන අනතුර සසරටම බලපාන බව ධර්මයේ සඳහන් වන්නේය.

" දිසෝ දිසං යං තං කෛරා වෙරිවාපණ වේරිනං" ධම්ම පදය

තම සිතට වහලේක්ව කටයුතු කරනා තාක් කල් නිදහසක් බලාපොරොත්තු නොවන්න, මන්ද නිදහස ලැබෙන්නේ සිත නිවහල් වුවොත් පමණක් වන හෙයිනි.

සිත සියලු බැදීම් වලින් නිදහස් කරගන්න. එය පරම නිදහසයි.

තෙරුවන් සරණයි

 

 

 

217       පුණ්යානුමෝදනාව

 

පින්දීම ගැන සඳහන් කිරීමේදී අණුමෝදන් කිරීමත් අණුමෝදන් වීමත් ගැන ධර්මයේ සඳහන් වන්නේය. බිම්බිසාර රජු අමතා දේශනා කරනලද තිරෝකුඩ්ඩ සුත්රයේ මෙය මනාව සඳහන් කර ඇත.

පින් අණුමෝදනා වීම ගැන සඳහන් ධර්මානුකුල විග්රහය නොදැනීම නිසා හෝ පිළිනොපැදීම නිසා කරන ලද පින ග්රාහකයා වෙත ලඟා නොවීමට ඇති ඉඩකඩ බොහෝය. එහෙත් කරන ලද පිනට අනුරුප විපාකය කරන ලද පුද්ගලයාට හිමි වන්නේය.

පුණ්යාණුමෝදනාවේදී කාරණා කිහිපයක් සම්පුර්ණ වියයුතුවේ. කරනලද පිනක් තිබීම, කරන ලද පින සතුටින් ප්රදානය කිරිමට කැමැත්ත ඇති අයෙක් සිටීම, සතුටින් අණුමෝදන් වීමට බලාපොරොත්තු වන්නෙක් සිටීම, පින් අණුමෝදන් වීමට ආරාධනා (ඉල්ලාසිටිම) කිරීම, සතුටින් අණුමෝදන් කිරීම හා සතුටින් අණුමෝදන් වීම යන්නයි.

අණුමෝදන් වීමට බලාපොරොත්තු වන්නෙක් සිටියත්, අණුමෝදන් නොකළේ නම් ඔහු කරා පින ලඟා නොවන්නේය. අමතා අණුමෝදන් නොකළේ නම් ඉනිදු අණුමෝදන් විය යුත්තාට (ඥාතියාට හෝ දෙවිදේවතාවට) අණුමෝදන් විය නොහැක. පුණ්යාණුමෝදනා වේදී ආමන්ත්රණය කිරීම වැදගත් වන්නේය.

ධර්මයට අනුකූල නොවූවද වටහා ගැනීම සඳහා සරල ප්රායෝගික උදාහරණයකින් මෙසේ දැක්විය හැක.

A නැමති පිරිමි හෝ ගැහැණු ළමයා B නැමැති ගැහැණු හෝ පිරිමි ළමයාට ආදරයක් දක්වයි. දෙදෙනා එකිනෙකා හඳුනන්නෝය. A නැමැත්තාගේ ආදරය ගැන B නැමැත්තා නොදනී. එහෙත් A නැමැත්තා B නැමැත්තාට අවංකවම ආදරය කරයි. B නැමැත්තා වෙනත් ආදරයක් මත විවාහ වේ. A නැමැත්තා B නැමැත්තාට ආදරය ගැන දන්වා සිටියේ නම් දෙදෙනාට විවාහ වීමට ඉඩ තිබුණි මන්දයත් B නැමැත්තාත් A නැමැත්තාගෙන් ආදරයක් බලපොරොත්තුවී සිටි හෙයිනි. සන්නිවේදනයේ දුර්වලතාවය මත සඵලත්වය සිදුනොවී ඇත.

මනා සන්නිවේදනය සාර්ථක භාවය ලඟා කරදෙන්නේය.

පුණ්යාණුමෝදනාවේදී ආමන්ත්රණය වැදගත් වන්නේය. එහෙයින් දෙවියන්ට හෝ ඥාතීන්ට පින්දිමේදී අමතා පින්පෙත් දීම කලයුතු වන්නේය.

පුණ්යාණුමෝදනාව කුසල කර්මයකි. එය තමාටත් අනුනටත් යහපත පිණිස වන්නේය.

තෙරුවන් සරණයි,

 

 

 

216        අවසන් සිත

යම් භවයක අවසන් සිතට චුති සිත යයි කියනු ලැබේ.

චුතියෙන් පසු ප්රතිසන්ධිය ඇති වන නිසා බොහෝ දෙනා චුති සිතම ප්රතිසන්ධි සිත යයි වරදවා වටහා ගෙන ඇත.

මේ හේතුවෙන් චුති සිත යහපත් කර ගැනීමට කෙනෙකු උත්සාහා ගන්නා අතර ඇතැමෙක් චුති සිතට කුමක් අරමුණු වේදැයි පසුතැවිලි වන්නේය.

අභිධර්මයට අනුව චුති සිත යනු යම් භවයක චිත්ත පරම්පරාවේ අවසන් සිතයි, එය විපාක සිතසිතකි. එයට ප්රතිසන්ධික් ලබාදීමට නොහැක.

මරණාසන්න චිත්ත වීථියක ඇතිවන්නාවූ චුති චිත්තයට චිත්තක්ෂණ 17 කට පෙර පහළවන කර්ම, කර්ම නිමිති, ගති නිමිති අතුරින් කුමන කර්මයක් හෝ ඉදිරියට එන අතර ප්රතිසන්ධිය ලැබෙන්නේ එසේ අරමුණු වුන කර්මයට අනුරූපවය. එය ප්රතිසන්ධි සිතයි.

චුති සිත කාමාවචර සිතක්වී ප්රතිසන්ධි සිත රූපාවචර හෝ අරූපාවචර සිතක් විය හැක්කේ එහෙයිනි. එසේ විය හැක්කේ චුති සිතම ප්රතිසන්ධි සිත නොවන හෙයිනි.

තවද මරණාසන්න චිත්ත වීථියක කුමන සිතක් චුති චිත්තය වන්නේ දැයි දැනගත නොහැක. එය චිත්ත නියාමයට අනුව සිදුවන්නකි. එසේ හෙයින් චුති සිත ගැන කලබල වීම පදනම් විරහිතය.

මන්ද යත් කර්ම නියමයට අනුවගරු කර්මයක් නොවූයේ නම් මරණාසන්නයේ අරමුණු වන ආසන්න කර්මයක් හෝ බොහෝ සෙයින් පුරුදු පුහුණු කරන ලද ආචිණ්න කර්මයක් හෝ විසිරුණු සිතින් කරන ලද හෝ පෙර ජාතියක කරන ලද අපරාපරියවේදනීය කර්මයක්වූ කටත්තා කර්මයක් යන මින් කුමන කර්මයක් හෝ අරමුණු වීමෙන් ප්රතිසන්ධි සිත පහල වන හෙයිනි.

ඉහත පරියාය අනුව, මතු භවය සුගතිගාමී වීමට නම් කල යුත්තේ චුති චිත්තය යහපත්ව තබා ගැනීම නොව නිරන්තරයෙන් දානාදී පින් කම් කිරීම, සිල් ආරක්ෂා කිරීම, භාවනා කිරීම, මෛත්රී කිරීම, වෛර නොකිරීම, බණ ඇසීම වැනි පුණ් ක්රියාවල නියැලීමයි.

හැකි හැම අවස්ථාවකම පින් දහම් කරන්න. සිත යහපත්ව පවත්වා ගන්න.

තෙරුවන් සරණයි.

 

 

 

215       බහුං වේ සරණං යන්ති

" බියෙන් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද, වනයන්ද, ආරාමයන්ද සරණ කොට යන්නාහ. "

අග්ගිදත්ත පුරෝහිතයා අමතා බුදුන්වහන්සේ දේශනා කල බව ධම්මපදයේ බුද්ධ වග්ගයේ සඳහන් වන්නේය.

බුදුන්, දහම්, සඟුන් සරණාගමනය අනුදැන වදාළ බුදුන් වහන්සේ වැරදි සරණාගමනයන් පිළිකෙව් කරනනේය.

බිය නිසා පමණක් නොව ක්රෝධය, වෛරය, ඉර්ශයාව නිසා සරණයාමක් මිනිසුන් තුලින් දක්නට හැකිවන්නේය.

·         කෙනෙකු සතුටින් සාමයෙන් ජීවත්වන්නේ නම් ඔහුට වින කැටීමට බලවතෙකුගේ සරණ පැතීමක් සිදුකරයි.

·         යමෙකු දියුණු වන්නේනම් ඔහුගේ මග ඇහිරීමට තවකෙකුගේ සරණක් පතයි.

·         යමෙක් දක්ෂ වන්නේනම් ඔහුට වින කැටීමට ආයතනයක හෝ වෙනයම් සංවිධානයක මදක් හෝ බලවතෙකු යයි හැඟෙන කෙනෙකුට ලංවී සරණක් පතයි.

·         කෙනෙකුගේ දියුණුව, බලා සිටීමට බැරිනම් ඔහුට පදයක් හැදීමෙන්, පෙත්සමක් ගැසීමෙන්, කටකථා පැතිරවීමෙන් වත් සරණක් පතයි.

·         මොනයම් බලයේ සිටින දේශපාලන පක්ෂයක් එය තමන්ගේ පක්ෂය නොවන්නේ නම් වෙනත් පක්ෂයක සරණක් තම පක්ෂයට ලැබේ නම් සතුටු වෙයි.

·         පුද්ගලික ප්රශ්ණයක් හෝ හේතුවක් මත යම් පක්ෂයක් (දේශපාලන හෝ නොවන) නසා දැමීමට කිසියම් පක්ෂයක, සංවිධානයක සරණ පැතීමක් සිදුකරයි.

මේවා සියල්ල වැරදි සරණාගමනයන් බව දතයුත්තේය.

තෙරුවන් සරණයි.

 

 

 

 

214       වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත.

මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනය බවත් එය සම්මුති අර්ථයෙන් පහදා දී ඇත්තේසියළු සංස්ඛාරයෝ නැසෙන සුළුය, අප්ප්රමාදව කටයුතු සම්පාදනය කරගන්න" යනුවෙනි.

මින් නිවන් පසක් කර ගැනීමට තබා ධර්මය ඛණ්ඩය කුමක්දැයි වටහා ගැනීමට පවා අසීරුය.

තථාගතයන් වහන්සේලා අරුතක් ගැනීමට නොහැකි වදන් ප්රකාශ නොකරන්නේය.

මෙහි මුළු බුද්ධ සාසනයම (බුද්ධ පණිවුඩය) අන්තර්ගත බවත්, දුර්මුඛව සිටි භික්ෂුන් අමතා අපරිමිත අනුකම්පාවෙන් කරන ලද බුද්ධ ඉල්ලීමක් බවත් සංගීතිකාරක හෝ බානක භික්ෂුන්ගෙන් ප්රකාශවී නොමැතිසේ යයි හැඟෙන්නේය.

"වය" යනු නැතිවීමයි, දිරීමයි. ඉන් ගම් වන්නේ අනිත්යතා ධර්මයයි. මිනිස්, දේව, බ්රහ්ම ඇතුළු සියළු විධ සියළු ආකාර සකස්වීම් වල අනිත් ස්වභාවය ඉන් අදහස්කර ඇත.

'යදනිච්චං තං දුක්ඛං" යමක් අනිත් එය දුකක් වන්නේය. අනුව අනිත්යතාවය වටහා ගත් යෝගාවචරයාට දුක්ඛ සත් වැටහී යන්නේය. යමක් දුක් වන්නේද එහි ආත්ම වශයෙන් ගතයුත්තක් නොමැත්තේය.

මෙම දේශනයෙන් තථාගතයන් වහන්සේ දුක්ඛ සත් යත්, ත්රිලක්ෂනයත් පහදාදී ඇත්තේය.

දුක්ඛ සත් වැටහී ගිය යෝගාවචරයාට සමුදය, නිරෝධ, මග්ග යන චතුරාර් සත්යම පිලිවෙලින් වැටහී යන්නේය.

ත්රිලක්ෂණය මානව වැටහෙන්නේ සතියෙන් (සිහියෙන්) පමණි. ත්රිලක්ෂණය වැටහීමෙන් තොරව නිර්වාණය සාක්ෂාත් කර ගත නොහැක්කේය.

"අප්පමාදේන" අප්රමාද වීම යනු සිහි එලවා ගැනීමයි. සතිමත් වීමයි. සතිපට්ඨාන යයි. නොහොත් අතීත, අනාගත චිත්ත විපල්ලාසයන්ගෙන් තොරව වර්තමානයේ ජීවත්වීමයි.

මෙම අගනා ධර්ම ඛණ්ඩය මරණ දැන්වීම් වලටත්, බැනරයන්හි ශිර්ෂ පාඨ වලත් පමණක් සිමා කර තිබීම කණගාටුවට කරුණකි.

බුදුවරුන්ට කලහැක්කේ මාර්ගය පෙන්වාදීම පමණි. අවබෝධ කරගැනීම තමන් සතුය. සියලු දෑ කියාදිය නොහැක තම තමා ප්රත්යක්ෂයෙන් වටහා ගතයුතුය. "පච්චත්තං වේදි තබ්බෝ විඥ්ඤුහීති " යනුවෙන් දක්වා ඇත්තේ එයයි.

තෙරුවන් සරණයි.

 

 

 

213       දානං සබ්බත්ථ සාධකං

දානය සියල්ල සම්පාදනය කරන්නේය. එහි අරුත වන්නේ පින නිසා සියල්ල ලැබේ යන්නයි.

දහමට අනුව තමාගේ එකම ඥාතියා කර්මය වන අතර තමාගේ එකම හිතවතා පින වන්නේය.

මිනිසුන්ට පින අවශ් වන්නේය, දෙවියන්ටද පින් අවශ් වන්නේය, සංඝයාටත් පින අවශ් වන්නේය, කෙටියෙන් කියතොත් තිරිසන් සතුන් පවා සැප විඳින්නේ සසරේ කරන ලද පින් හේතුවෙනි.

සෙවනැල්ල සේ පසුපසින් එන හිතවතා පිනයි. පින සසරට කරන යෝජනයකි.

මා පුඤ්ඤභායී සුත්රයේ දී පිනෙහි ප්රතිලාභය ගැන තථාගතයන් වහන්සේ පැහැදිලිව දක්වා ඇත. පින යනු සැපතට නමකි, මා තරම් පිනෙහි අනුහස් දන්නේ නම් සුලුවූ පිනක් හෝ අත්නොහරිනු ඇතැයි තථාගතයන් වහන්සේ පෙන්වාදී ඇත.

නිධිකණ්ඩ සුත්රයේ පෙන්වාදී ඇති ආකාරයට යමෙකු හට රූප සම්පත්තිය, මිහිරි කටහඬ, ශරීරසෞඛ්, දිර්ඝායුෂ, දැනුම, ඥානය, ධන ධාන්, රාජ රාජ මහාමාත් කම්, වත්පොහොසත් කම, ලෞකික සැප ලෝකෝත්තර සැප සියල්ල ලැබෙන්නේ පිනෙහි විපාකයක් වශයෙනි.

අපරදිග වැසියෝ සැපවත් ජිවිත ගතකරන්නෝය. පින ගැන වැටහීමක් ඔවුනට නැතත් උපකාර කිරීම (Help) ත්යාගශීලිබව (Charity) මගින් ඔවුන් පින්කම් ඉටු කරන්නෝය.

පරිත්යාගශිලින් අවන්හල් වෙත ගොස් ගෙවනලද කෑම/බිම (Hanging coffee/meal ) සඳහා යම් මුදලක් ගෙවා යයි, නැති බැරි අය එම අවන්හල්, කඩ සාප්පු වෙත ගොස් වෙන්කරන ලද අහාර පාන ලබාගනී. පිනට ජාති ආගම් භේදයක් නොමැත්තේය.

පිනෙහි විශේෂත්වය වන්නේ සැපවත් ජිවිත ගතකිරිමේදී තව තවත් පින්කම් කිරීමට ඇති හැකියාවයි.

සසර දික්වන්නේ පිනෙන් යයි ඇතැමෙක් නොඅදනුවත් කමට කීවද සසර දික්වීමට හේතුවන්නේ අවිද්යාව හා තෘෂ්ණාවයි.

පිනට ගරහන්න එපා (මාවමඤ්ඤථ පුඤ්ඤස්ස) තථාගත දේශනය එයයි. අනුන්ගේ පිනට ගැරහීම පාපකාරී ක්රියාවකි. අනුන්ගේ පින දැක සතුටු වන්න එය මුදිතා නම්වූ කුසලයයි.

තෙරුවන් සරණයි.

 

 

 

212       සියල්ල ප්රාර්ථනාවෙන් නොලැබේ

" ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි .."

ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ලෝකයේ දුර්ලභවූ පංච ධර්මයන් වන ආයුෂය, සැපය, වර්ණය, යසස හා ස්වර්ගය යාඥාවෙන් හෝ ප්රාර්ථනාව මගින් නොලැබෙන අතර ඒවා ලැබීමට නම් සඳහාවූ කුසල ප්රතිපදාව අනුගමනය කලයුතු වන්නේය.

ප්රාර්ථනයෙන්, ඉල්ලීමෙන්, යැදීමෙන් සියල්ල ලැබෙනවා නම් මේ ලෝකේ කවරෙක් කුමකින් පරිහානියට පත්වේද?

ඉට්ඨ ධම්ම සුත්රය - අංගුත්තර නිකාය

ප්රාර්ථනයත්, ආශිර්වාදයත් දෙකම සෘජුව විපාක දෙන කර්ම නොවන අතර එයිනුත් ප්රාර්ථනය (යැදීම) සියලු දේ සඳහාම වලංගු නොවන්නේය.

සාසනයට පරිභාහිර බොහෝවක් ආගම් විශ්වාශ තුල යාඥාව, ඉල්ල්ලිම, ආයාචනය හා ප්රාර්ථනාව මගින් ස්වර්ගය ඇතුළු සියල්ල සම්පාදනය කරගත හැකි බව උගන්වන අතර විද්යානුකූල ධර්මයක් වන බුදු දහම එය බැහැර කරයි.

සියල්ලෝම සැපයට, ධනයට, ලාභයට කැමැත්තෝය. යාඥාවෙන්, යැදීමෙන්, ප්රාර්ථනයෙන් ලැබෙනවා නම් සැවොම ධනවත් වන්නේය, සැපවත් වන්නේය. මෙය දුප්පතුන් ගෙන් තොර කිරීටයක් වන්නේය.

පන්සලකට, පල්ලියකට, කෝවිලකට, දේවස්ථානයකට ගොස් හෝ නොගොස් කරන යාඥාවෙන්, යැදීමෙන්, ඉල්ලීමෙන්, කන්නලව්වෙන් හෝ ප්රාර්ථනාවෙන් නිර්වාණය හෝ ස්වර්ගය තබා සත පහක් තරම් වත් දෙයක් ලබා ගත නොහැක්කේය.

සියල්ලන්ටම පොදුවූ සියල්ල සඳහා වූ සාර්වභෞමික වූ දානය, දයාව, උපකාරය, යුතුකම, පිංකම් නොපිරිහෙලා ඉටු කරන්න ස්ර්වදෝෂ භංගවී සබ්බ සකල මනාවම ලැබෙන්නේය. ප්රාර්ථනා පැතුම් අවශ් නොවන්නේය.

නිර්වාණය සඳහා කුසල ප්රතිපදාවේ යෙදෙන්න.

තෙරුවන් සරණයි.

 

 

 

 

211       මෛත්රිය ගයනා කිරීම

නොදන්නා කම හේතුවෙන් අද බොහෝදෙනා මෛත්රිය කියනවා මිස කරන්නේ නැත.

" මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා .... මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙම්වා, නොරෝගී වෙම්වා, වෛර නැත්තෝ වෙත්වා .... " යනුවෙන් විනාඩි කිහිපයක් මෛත්රී වාක් කිවූ පමණින් මෛත්රිය කළා යයි වරදවා වටහාගෙන ඇත.

එය මෛත්රිය කියවීමකි ඉන් කිරීමක් නොවන්නේය. අවසානයේ මෛත්රිය වැඩ කරන්නේ නැතැයි තථාගතයන් වහන්සේටත් ධර්මයත් දොස් තබන්නේය.

වෛරයෙන්, ක්රෝධයෙන්, ඊර්ෂයාවෙන් කටයුතු කරමින් සිට, පැත්තකටවී දෑස් පියා එරමිනියා ගොතා ගෙන නිදුක් වේවා, නිරෝගී වේවා යයි රෑ එළිවෙන තුරු කීවද තමාටවත් අනුනටවත් ඉන් ඇතිවන සෙතක් නොමැත්තේය.

මෛත්රී කර්මය පුරණය වීමට නම් ප්රථමයෙන් තමාගේ චිත්ත සන්තානයෙන් වෛර, ක්රෝධ, ඊර්ශයා, මද, මාන ආදී දුර්ගුණ ඉවත්කර ගත යුතුවන්නේය.

ඒවා තිබෙන තාක් කල් මෛත්රිය කියවිය හැකි මුත් කිරීමට නොහැක.

තමාට යමෙක් සතුරුවන්නේ නොහොත් තමාට කෙනෙක් නුරුස්සන්නේ තමාගේ හෝ ඔහුගේ ඇති දුර්ගුණ නිසාවෙන් හෝ වැරදි වැටහීමක් හේතුවෙනි.

එම තැනැත්තා සිහි කරමින් මෛත්රිය වාක් කීවද, අපට ඔහුගේ වෛරයවත් නුරුස්සන ගතියවත් දුරු කල නොහැක්කේය. කල හැක්කේ අප තුල ඔහු කෙරෙහි ඇති වෛරය, නුරුස්සන කම ඉවත් කර ගැනීම පමණි.

සඳහා කලයුතු වන්නේ ඔහු තුල ඇති වැරදි, දුර්ගුණ සිහිකිරීම නොව ඔහු තුල යම්බඳු යහගුණයක් ඇත්නම් එය සිහිකිරීමයි. එවිට තමාගේ සිතේ මෛත්රිය උපදින්නේය.

ඉන් අදහස් වන්නේ මෛත්රිය යනු තමා විසින් තමාගේම සිතට කරගන්නා සාත්තුවක් බවයි. තමා තුල මෛත්රිය නොමැතිව අනුනට බෙදා හැරීම සඵලදායී ක්රියාවක් නොවන්නේය.

මෛත්රිය කර්මස්ථානයක් ලෙස ගෙන භාවනා කිරීමෙන් සිත සමාධිමත් වුවද, භාවනාවෙන් නැගීසිටිවිට මෛත්රී සිත ලිහී යන්නේය. මන්දයත් සිය සන්තානයෙන් ඉවත් නොකරගත් වෛරී ක්රෝධ සිත් මෛත්රිය පරදා ඉස්මතුවන හෙයිනි.

මෙය පුහුදුන් සිතක ස්වභාවයයි. එසේ හෙයින් මෛත්රිය කියවීමෙන් නොව කිරීමෙන් සිත සකසා (condition) ගත යුත්තේය.

අවෛරයෙන් වෛරය සංසිදේ යයි තථාගතයන් වහන්සේ දේශනා කලේ මෛත්රියෙන් වෛරය ඉවත් කලයුතු බවයි. මෙය කතාවෙන්, ක්රියාවෙන් හා සිතීමෙන් යන තුන් දොරින්ම කලයුතු වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

210       ධර්මය සොයා ගන්න

සංගීතිකාරක භික්ෂුන් විසින් කිහිප අවස්ථාවකදී සංක්ෂිප්තයෙන් සංග්රහ කරන ලද ත්රිපිටක ධර්මයට අර්ථ විවරණ සපයා ඇත්තේ අටුවා, ටීකා, ටිප්පනී මගිනි.

ත්රිපිටකය එකම වකවානුවක ඇතිවුවක් නොවේ. වැඩි කොටසක් බුදුන් වහන්සේ විසින් දේශිත වන්නේය. සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා කොටසක් දේශනා කරන ලද අතර සංගීතිකාරක භික්ෂුන් වහන්සේලා ඉතිරි කොටස් සම්පාදනය කරන ලදී.

එසේ වුවද බුද්ධ රීතිය නොඉක්මවා ඇති බැවින් තෙවලා දහම පමණක් නොව අටුවා ටීකා ආදිය බුදුවදන් ලෙස පිළිගැනීම බෞද්ධයන්ගේ සිරිත වන්නේය.

ථෙරගාථා, ථෙරිගාථා, විමානවත්ථු, පේතවත්ථු, අපදාන, බුද්ධවංශය සහ චරියා පිටකය ත්රිපිටකයට අයත් සේ සියම් බෞද්ධයෝ පිලිනොගනිති. තවද පටිසම්භිදා මග්ග, නිද්දේස සහ ජාතකවල කොටස් මහාසංගීතික භික්ෂූන් විසින් ප්රතික්ෂෙප කොට ඇති බව දීපවංශයේ සදහන් වන්නේය.

මෙසේ හෙයින් ථේරවාද සාම්ප්රදාය තුලින්ම අප විසින් ධර්මය සොයා ගත යුතු වන්නේය.

ධම්මපදයට විස්තර සපයා ඇති ධම්මපදට්ඨ කතා වන්හි පවා බොහෝ දුරට දක්වා ඇත්තේ නිදාන කතාව හා පද අග අර්ථයයි. ඉන් ගම් වන ධර්ම ඛණ්ඩයන් හා දේශිත ධර්මය සොයා නිවනට ගලපා ගැනීම අප විසින්ම වටහා ගතයුතු වන්නේය.

මංගල සුත්රයේ එනඅසේවනාච බාලානං " යන බාලයා හඳුනා ගැනීම සංයුක්ත නිකායේ, අංගුත්තර නිකායේ හා මජ්ජිම නිකායේ එන බාල වර්ගයේ සුත් මගින් උගත හැකි වන්නේය.

එහෙත්, තමා තුල ඇති අනෙක විධ පාපකාරී දුර්ගුණ, හඳුනා නොගෙන, බාලයා ඇසුරු නොකර සිටීම මගින් පමණක් විමුක්තිය උදෙසා තමාට ඇති වන සෙතක් නොමැත්තේය.

අප සියලු දෙනාගේ සිත්වලම බාල වර්ගයේ අකුසල චෛතසික මෙන්ම පණ්ඩිත වර්ගයේ කුසල චෛතසික ඇත්තේය. සිතක් ඇතිවන්නේ චෛතසික වලින් වන හෙයින් අප විසින් ඇසුරු කල යුත්තේ පණ්ඩිත වර්ගයේ චෛතසික බව එම ගාථාවෙන් ගම් වන්නේය.

ආනන්තර්ය පාප කල අජාසත්ත රජුටත්, මිනීමරු අංගුලිමාලටත් සෙතක් ඇතිවුයේ බුදුරදුන් අය ඇසුරු කල හේතුවෙනි. මග නොමග පෙන්වා දීමට බාලයන් ඇසුරු කලයුතු වන්නේය. බාලයන් ඇසුරු කලද බාල ධර්ම තමා ඇසුරු නොකරන්නේ නම් විපතක් නොවන්නේය.

"පතිරූප දේස වාසෝච" මෙහි පද අග අර්ථය සුදුසු දේශයන්හි වාසය කිරීම යැයි දක්වා ඇත. චිංචි මානවිකාව හේතු කොට අපවාද අවලාද ලැබෙද්දීත් තථාගතයන් වහන්සේ සුදුසු වාසස්ථානයක් සොයා නොගත් අතර චුන්ද ඌරු වැද්දාගේ ඉඩමට යාබද ජේතවනාරාමයේ පවා වැඩ වාසය කළේය.

ඕනෑම දේශයක විසිය හැකි ලෙස තම චිත්ත සන්තානය සකස් කර ගන්නේ නම් සුනාපරන්තයත් වාසය කිරීමට සුදුසු දේශයක් වන්නේය.

"නහි වේරේන වෙරානී" කාලි යකින්නගේ නිදාන කථාව ගලපා වෛරී පුද්ගලයාට වෛර කිරීම මගින් වෛරය දුරු නොවන බව පුද්ගල ස්වරූපීව ගෙන පහදා දී ඇතිමුත් පටිඝ, ක්රෝධ, වෛරී චේතනාවන් ලිහා හරිය යුතු බවට ස්වයං අවබෝධය ලබා ගන්නේ නම් චිත්ත විශුද්ධිය සඳහා එය පිටුවහලක් වන්නේය.

"වන්දනා කිරීම" තථාගතයන් වහන්සේ අනුදැන වදාළ දෙයකි. භික්ෂු සංඝයාගේ වැඩිහිටියන්ගේ පාද නමස්කාරය මෙන්ම අහස උසට මල් පහන් පූජා කොට වන්දනාමාන කලද, සිත් තුල පැලපදියම් වූ මාන්නය අඩුකර ගැනීමට ඉන් පිටුවහලක් නොලද්දේ නම් ධර්මයෙන් ලද සෙතක් නොවන්නේය.

උගත් ධර්මයෙන් නිසි ඵල ලැබුවා වන්නේ, ඉන් තමා කොතෙක් දුරට නිර්වාන මාර්ගයට ලඟා වුවාදැයි දත හොත් පමණි.

තෙරුවන් සරණයි

 

 

209       ගන්ධබ්බ

ගන්ධබ්බයා යනු කවරෙක්ද නොහොත් කුමක්ද යන්න ධර්මයෙහි හරිහැටි සඳහන් මුත් නානා පුද්ගල විවරණ නිසා වැරදි අර්ථ කථනයන් සමාජ ගතවී ඇත.

උත්පත්තියකදී; මව ගැබ්ගැනීමකට සුදුසුවී සිටීම, මව් පියන් එකතුවීම, ගන්ධබ්බයෙක් පැමිණීම යන කාරණා තුන සම්පුර්ණ විය යුතු බව ධර්මයේ සඳහන්වී ඇතිහෙයින් මෙම පැටලවීම සිදුවී ඇතැයි හැඟේ.

එහිදී ඔවුන් උපතක් බලාපොරොත්තුවෙන් සැරිසරනා සත්වයෙකු(ජීවියෙකු) ගැන විස්වාශ කරන්නේ මහායාන මතවාදයට අනුව හෝ නොදැනුවත් කම නිසා විය හැක.

සියල්ල අධ්යයනය කොට නිවරදි අදහසක් ගැනීම විනා ඒක පාර්ශවීය නිගමනයකට බැසීම සාවද් වන්නේය.

·         ගන්ධබ්බයා යනුවෙන් දක්වා ඇත්තේ චුතියත් සමග නික්මෙන භවාංග සිතම වන්නේය. මන්ද යත් ප්රතිසන්ධිය ගන්නේ භවාංග සිතමය.

·         අතරක් නොමැතිව චුතියත් සමගම ප්රතිසන්ධිය සිදුවනවා යයි දැක්වීමෙන් අදහස් වන්නේ බවයෙන් බවයට ගමන් ගන්නා ආත්මයක් (ගන්ධබ්බයෙක්) නොමැති බවයි.

·         "ආයු, උස්මාච, විඤ්ඤානං" යනුවෙන් ධර්මයෙහි මරණය විස්තර කරදී ඇත. "ආයු" යයි කියනුයේ රූප ජිවිතෙන්ද්රිය ටයි. "උස්මා" යයි කියනුයේ කර්මජ තේජෝ ධාතුවයි. "විඤ්ඤාණ" යයි කියනුයේ භවාංග සිතටයි. මෙම ත්රිත්වයේ නික්මී යෑම මරණයි.

·         මරණයත් සමග නික්මුණ රූප ජිවිතෙන්ද්රියත් (චෛතසිකයක්), කර්මජ තේජෝ ධාතුව යන ප්රතිසන්ධි කර්මයත්, උත්පත්ති භාවයාගේ නොසිඳී පැවැත්ම පිණිස හේතුවන විඤ්ඤණය නමැති හවාංග සිතත් යලි උපතත් සමග එකතුවන්නේය. එකී පැමිණීම දැක්වීම සඳහා ගන්ධබ්බ යන වචනය ධර්මයේදී ආරෝපණය කර ඇත.

·         ජීවත්ව සිටින සත්වයකුගේ පැවැත්මේදී නිරුද්ධ වන සිත තදනන්තරව හටගන්නාවූ සිතට අන්නතරාදී වශයෙන් ප්රත් වන්නාසේ චුති සිත, අනතුරු භවයේදී ප්රතිසන්ධි සිතට අනන්තරාදී ප්රත් යෙන් උපකාරී වන්නේය. ගන්ධබ්බ යන අතරමැද සත්වයෙකුගේ මැදිහත් වීමක් නොමැති බව ධර්මය ඉන් සනාථ කරන්නේය.

·         ඕපපාතික සත්වයන් ගැන සඳහන් වන අවස්ථා වලදී ඉහත කාරණා තුනම සම්මුඛ නොවන අතර චුතියම ප්රතිසන්ධි වන්නේය.

·         උත්පත්තියක් බලාපොරොත්තු වන ගන්ධබ්බයෙක් වන්නේ නම් ඔහු (ගන්ධබ්බයා) කිසිදිනක අපායක, තිරිසන් යෝනියක උපතකට කැමති වන්නේ නැත. එසේ වන්නේ නම් සතර අපායම හිස් වන්නේය.

·         ගන්ධබ්බ සංකල්පය සත්යයක් වන්නේ නම් දුප්පත් මවකගේ ගැබකට කිසිවෙක් සයනය කිරීමට නොයන්නේය.

·         ගන්ධබ්බ සංකල්පය සත්යයක් වන්නේ නම් චිත්ත නියාමය සත්යයක් නොවන්නේය.

·         ගන්ධබ්බ සංකල්පය සත්යයක් වන්නේ නම් දෙව් ලොව මනු ලොව සත්වයන්ගෙන් පිරී ඉතිරී යන්නේය.

·         විමාන වත්තුවේ, පේත වත්තුවේ කොතැනක වත් ගන්ධබ්බ අවස්තාවක් ගැන සඳහන් නොවන්නේය.

·         කරණීය මෙත්ත සුත්රයේ සියළු ප්රාණීන් ගැන සඳහන් වන්නේය. එහි ගන්ධබ්බයෙකු ගැන සඳහනක් නොවන අතර "සම්භවේසිවා" යනුවෙන් උපතක් බලාපොරොත්තු වෙන් මව් කුසක සිටින සත්වයාත්, බිජුවටින් පැමිණීමට සිටිනා සත්වයාත් ආමන්ත්රණය කරණු ලබන්නේය.

·         තිස් එක් තලයේ කොතැනක වත් ගන්ධබ්බයෙකු ගැන සඳහන් නොවන්නේය.

·         තමන් කැමති මව් කුසක් ලබා ගැනීමට ගන්ධබ්බයාට හැකි නම් කර්මය සදා අසරණ වන්නේය.

දැනට සමාජ ගතවී ඇති ගන්ධබ්බ සංකල්පය තථාගත දේශනයට පටහැනි වන්නක් බව මොනවට පසක් වන්නේය.

අරහත් නොවූ අටුවාචාරීන් වහන්සේලාගෙන් පවා නිර්මල බුදුදහම විකුර්ති විය හැකි බව දත් නිසාදෝ, තථාගතයන් වහන්සේ කලාම සුත්රයේ මෙසේ දක්වා ඇත.

මා කිවූ පමණින් වත් පිටක සම්පාදයේ අඩංගු වූ පමණින් වත් පිළිනොගන්නා ලෙසත් විනයට, සුත්රයට බහා බලා ගැලපෙන්නේ නම් පමණක් පිළිගත යුතු බවයි.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

 

208       බුදු දහමේ එන පෞරුෂත්ව වර්ධනය හා ආකල්ප සංවර්ධනය

තථාගතයන් වහන්සේ විසින් ආකල්ප සංවර්ධනය, පෞරුෂත්ව වර්ධනය හා පුද්ගල සංවර්ධනය සදහා ගිහි පැවිදි දෙපක්ෂයම අමතා, වසර 2550 කට පමණ පෙර සුත්රාන්ත් කිහිපයකදීම කරුණු දේශනා කොට ඇත.

කිිසිදු ආගම් කර්තෘ කෙනෙකු විසින් මේසා අවවාද උපදේශනා සම්භාරයක් පෙන්වාදී නොමැති අතර මේවා අදටත් මනාව ගැලපෙන්නේය.

ශ්රද්ධා, විරිය, සති, සමාධි, ප්රඥා, අධිෂ්ටානය, උත්සාහය, අවෛරය, සත්යවාදී බව, කැපවීම, ඉවසීම, අභ්යාසය, අප්රමාදය යනාදී මෙවලම්, ශ්රාවක මනසේ රෝපණය කොට බුද්ධාවවාද මගින් විසුද්දියට පත් කිරීමෙන් පරිපුර්ණ පුද්ගලයකු තැනීමට තථාගතයන් වහන්සේ වෑයම් කරන ලදී.

• මානිවත්ත අභික්කම : පසුබට නොවී ඉදිරියටම යන්න.

• දළ්හං පග්ගණ්හ විරියං : විර්යය දැඩිකොට ගන්න.

• උට්ඨාන වතෝ සතිමතෝ : නැගීසිටි වීර්ය, සිහිනුවනින් කටයුතු කිරීම.

• අප්පමන්තාන මියන්ති : අප්රමාද තැනැත්තා ජයගනී.

• කුසිතං හීන විරියං : කම්මැලි නැති මහත් වීර්යයක් ඇතිකර ගැනීම.

• අසාරේ සාර මතිනෝ : නිසරු දේ සරුකොට නොදැකීම.

• ඉද නන්දති : මෙලොව සතුටින් සිටීම.

• කතානි අකතානිච : අනුන් නොව තමා කල, කී දෑ ගැන බැලීම.

• මජ්ජිමා පටිපදා : අන්තවාදී නොවී මධ්යස්ථ වීම.

• සක්කෝ උජූච : දක්ෂව කාර්යයන් කිරීමට පෙළඹීම හා අවංක වීම.

• පුට්ඨස්ස ලෝක ධම්මේහි : අටලෝ දහමින් කම්පා නොවී ඉදිරියට යාම.

• ඛන්ති : ඉවසීමෙන් නැගීසිටීම.

• යෝනිසෝ මනසිකාර : නුවන මෙහෙයවා කටයුතු කිරීම.

• අත්තාහි අත්ත: තමා ගැන විශ්වාශය තබා කටයුතු කිරීම.

• විනයෝච සුසුක්ඛිතෝ : විනයගරුක හැසිරීම හා අවනතභාවය මත දියුණුවීම.

මෙවන් දහම් පාඨ විශාල ප්රමාණයක් සුත්රානත් වල සදහන් වන්නේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ බාහිරව ආරෝපණය කිරීමක් නොව චිත්ත චෛතසිකයන් තුලින්ම ඇති වන මානසික වර්ධනයයි.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

207                වස්සානය

පෘතුවිය පිහිටීමේ අංසක 23 හමාරක ඇලයත්, බටහිර දිසාවේ සිට නැගෙනහිරට වන භ්රමණයත්, සූර්යයා වටා යන ඉලිප්සාකාර ගමනත් නොතිබෙන්නට ඍතු නියමය නොවන්නට ඉඩ තිබුණි.

එහෙත් වෙනස්වීමේ න්යාය (අනිත්) මත එසේ නොවනු ඇතයි උපකල්පනය කල හැක.

කෙසේ වෙතත් තථාගතයන් වහන්සේ විසින් ඍතු නියාමයේ වාසිය බහුජනයාට පින් රැස්කර ගැනීමේ අවස්තාවක් උදාකරදීමටත්, සබ්රහ්මචාරින් වහන්සේලාට පිළිවෙත් සපුරා ගැනීමටත් හැකි වන අයුරින් උභයාර්ථ සිද්ධිය සඳහා කටයුතු සම්පාදනය කොට ඇත.

කුසල් රැස්කිරීමට වත්පොහොසත් කම්, මිල මුදල් අවශ්යම නොවන බව දේශනයේ සඳහන් වන්නේය.

·         දන්, සිල්, භාවනා යන ත්රිවිධ පුණ්යක්රියා අතරින් වැය වනවා නම් මිල මුදල් අවශ් වන්නේ දානයට පමණි, සිලයටත් භාවනාවත් මුදල් අවශ් නොවන්නේය.

·         සියලු ආකාර පව් වලින් වැළකීමත්, කුසල් දහම් පුරා ගැනීමත්, සිත පාලනය කිරීමත් "සබ්බ පාපස්ස අකරනං" ගාථාවේ සංක්ෂිප්තයෙන් සඳහන් ආකාරයට මිල මුදල් අවශ් නොවන්නේය.

·         දස අකුසලයේ විරුද්ධ පාර්ශවය දසකුසලයයි. අකුසල් දහයකින් වැලකී සිටීම කුසල් දහයක් පුරා ගැනීමකි. කිසිදු වියදමක් නැත්තේය.

·         "අභිවාදන සීලිස්ස" යන ගථාවේ තේරුම අනුව සිල්වත් උතුමනට වන්දනාමාන කරන, වැඩිහිටියන්ට නිරන්තරයෙන් ගරු බුහුමන් කරන තැනැත්තාට ආයුෂයත්, වර්ණයත්, සැපයත්, බලයත් වැඩෙන අතර නිරෝගී සම්පත්තියත්, දිව්යලෝක සම්පත්තියත් අවසන නිර්වාන සම්පත්තියත් ළඟාකර ගතහැකි වන්නේය.

·         දස පුණ්යක්රියා වලදී දානය හැරුණු කොට ඉතිරි පුණ්යක්රියා නමයම කිරීමට කිසිදු මුදලක් වය වන්නේ නැත.

·         යමෙකුට ජීවිතය පුරාවට කළහැකි කටින චීවර පුජා සියයටම වඩා නිතිපතා තෙරුවන් නැමද පංචශීලය ආරක්ෂා කර භාවනාවක් කර ගැනීම බොහෝ සෙයින් අගනේය. නිවනට මාර්ගයද වන්නේය.

අද කාලයේ සාමාන් කෙනෙකුට කල නොහැකි තරමට විච්චුරනයවී ඇති වස්සානයට හිමි කටින චීවර පුජාව කිරීමට නොහැකි වීම ගැන ලත නොවන්න.

මන්දයත් කුසලයට වඩා අකුසලයට නැමි දර්ශනයට නොව ප්රදර්ශනයට බරවුනු මදය, මානය (අනුන් පහත්කොට සැලකීම), පලාසය (අනුන් අභිභාවායම), සාරම්භය (එකට එක කිරීම) පිරි උත්සවයක් වන හෙයිනි.

තථාගතයන් වහන්සේ අනුදැන වදාළ පින්කම් වල නියැලෙන්න. සසර ඉම දැකීමට හොඳටම ප්රමාණවත් වන්නේය. වස්සාන සමය පිනෙන් පුරවාගන්න.

තෙරුවන් සරණයි.

 

 

 

206                අසේවනාච බාලානං

පෙරයම ඉක්ම ගිය කල්හි තථාගතයන් වහන්සේ වැඩ සිටි සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණි එක්තරා දෙවියෙකු අරභයා දෙසන ලද මංගල සුත්රයේ සඳහන් මුල්ම මංගල කාරණයේ අදහස අද වනතෙක් ප්රයෝජනයට ගත්තාදැයි සැක සහිතය.

එය යාවත්කාලීන කොට අදට ගලපා ගැනීම මගින් ඇතිවන්නාවූ මානසික ආතතිය, හිංසනය, කන්දොස්කිරියාව, දුක, සංකාව, වදය, අමනාපය, අප්රසාදය, වෛරය වැනි බොහෝ චිත්ත විපල්ලාසයන්ගෙන් බෙරී සිටීමට ධර්මයට නොකැමැති, ධර්මය සම්මර්ශනය නොකරන අයට පවා ඉඩ ප්රස්තාවක් ලැබෙන්නේය.

දිනකට පැයක් වත් මුහුණු පොතේ ඉහළ පහළ නොයන කෙනෙක් නැති තරම්ය. මෝඩකම (මෝහය) හේතුකොට ගෙන තෝරා බේරා නොගෙන මිතුරන් බඳවා ගැනීම හා ආශ්රය කිරීම නිසා (අසේවනාච බාලානංපූරණය කිරීමට නොහැකි තරමේ හානි, ව්යසන සිදුවන්නේය.

·         ලැබෙන අධික පොස්ටු ප්රමාණය නිසා බොහෝවක් මගහැරියාම.

·         අත්යාවශ් සටහන් හා හිතවත් මිතුරන්ගේ සබඳකම් වැලකීයාම.

·         තමන්ගේ බිත්තිය අපිරිසිඳු වීම.

·         නොකැමති සටහන් දැකීම හා කියවීමට සිදුවීම.

·         දාහක පමණ පොස්ට් කියවීමට ගොස් කාලය නාස්තිකර ගැනීම.

·         විරුද්ධ මතධාරීන්ගේ පොස්ටු කියවා ලේ කුපිත කර ගැනීම.

·         තමන්ගේ ආගමට, ජාතියට, දේශයට නිගාකරන්නන්ගේ සටහන් කියවීමට ලැබීම.

·         සත පහකට වැඩක් නැති, දේශපාලන බත් බැලයන්ගේ පොස්ටු ලැබීම.

·         සමාජය කොන් කරන ලද දේශපාලන පක්ෂ වල විෂම තොරුතුරු ලැබීම.

·         උන්ගේ පොස්ටු කියවා වැරදි මග ගැනීම.

·         අසභ්, වෛරී, තුච්ච දෑ මුහුණත ඇලවීම.

·         කරදරකාරී ඇමතුම්, පණිවිඩ ලැබීම.

·         මිතුරන් සතුරුවිම.

·         සැඟවී ගිය ඊර්ෂයාව, වෛරය අවදි වීමට හේතු ඇතිවීම.

·         පෞද්ගලික තොරතුරු හෙළිපෙහෙළි වීම.

·         තම පින්තුර, තොරතුරු උකහා බොරු ගිණුම් සකසා අපහසුවට පත්කිරීම.

·         අධර්මවාදීන්, ධර්මවාදීන් ලෙස සමාජ ගතවීම හා තමන් නොමග ගැනීම.

·         සාවද් තොරතුරු, පුවත් ලැබීම.

·         අවලාද, මඩ ප්රචාර වලට රැවටීම.

·         කරදරකාරී ප්රචාරණ පොස්ටු ලැබීම.

·         ප්රචාරණ පොස්ටු වලට රැවටී මුදල් නාස්ති කර ගැනීම.

·         දවසට එක පාරක් වත් කාගේ හෝ හොම්බට දමල ඇනීමට සිතීම.

·         අනියමාර්තේ ඩේටා කැපියාම.

·         රිපෝර්ට් ලැබීම.

·         විෂම පොස්ටු ලැබීම නිසා බලධාරීන්ගේ සැකයට බඳුන් වීම.

මේ සියලු සිත් තැවුල් වේදනාවන් ඔබට ලැබෙනුයේ මුහුණු පොත නිසාවෙනි.

අසේවනාච බාලානං අදට වඩාත් ගැලපෙන පාඨයකි. වරද මුහුණු පොතේ නොව ඔබ අතේය.

අනවශ් මිතුරන් ඉවත් කර මුහුනුපොත සතුටින් පරිහරණය කරන්න.

තෙරුවන් සරණයි.

 

 

 

205       තෘෂ්ණාව

නුවණින් මෙනෙහි කොට විශේෂයෙන් දැකීමෙන් (විදර්ශනාවෙන්) තොරව ධර්මය අවබෝධ කර ගැනීම උගහට බව, බොහෝ අවස්ථාවන්හිදී තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇත.

තෘෂ්ණාව, (තණ්හාව) යනු කෑදරකම, ලෝභය (craving) යනුවෙන් අර්ථ දක්වා ඇති අතර ඇලීම, බැදීම ලෙස තව දුරටත් අර්ථ නිරූපනය කොට ඇත.

මෙම විග්රහයට අනුව ක්රියාවක් ගැන සඳහන් වන බවක් පෙනී යන අතර තථාගත දේශනයට අනුව සත්වයෙක් පුද්ගලයෙක් නොමැති තැන කර්තෘ කෙනෙකුද සිටිය නොහැක.

පරමාර්ථ දේශනයට අනුව තෘෂ්ණාව යනු ඇලීයාමේ ස්වභාවයයි. ඇලීමට ඇති හැකියාවයි. මෙය ලෝකස්වාභාවයකි. සත්වයන්ට පොදුවූ ධර්මතාවයකි.

ව්යවහාරික ලෝකයේ පැවැත්ම උදෙසා බල, ශක්ති, හැඩ, ආකාර, විකාර, ලක්ඛණ, ප්රඥප්ති, යනාදී ධර්මතාවන් හේතු ප්රත් ප්රකාරව ගලායාමේ ස්වභාවය, වැගිරීමේ ස්වභාවය, වෙන්වීමේ ස්වභාවය, ඇලීමේ ස්වභාවය, ගැටීමේ ස්වභාවය, තුලනයවීමේ ස්වභාවය, නිරුද්ධවීමේ ස්වභාවය ආදී ධර්මතාවයන් ස්වභාවධර්මයාගේ ලක්ෂණයන් බව විදර්ශනාවෙන්ම දැකිය යුතු තත්වයන් වන්නේය.

තෘෂ්ණාව (ඇලීයාම) ගෙඩි පිටින් කැඩිය හැක්කක් නොවේ, මන්ද එය සත්ව සන්තතිය සමග එකට උපන් ප්රවේණිගත සියුම් ධර්මතාවයක් වන හෙයිනි.

රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ, ධර්ම යන අරමුණු වෙත ඇලීයාම ස්වභාව ධර්මයාගේ පැවැත්ම සඳහා ඇති උපක්රමයකි.

මෙය වරදක් ලෙස පිළිකුල් කිරීමෙන්, වැලකී සිටීමෙන් හෝ දානයෙන් සීලයෙන් පමණක් කල නොහැක්කක් වන අතර භාවනාවෙන්ම කළයුත්තකි.

ආලය, ආදරය, ප්රේමය, කැමැත්ත, රතිය, රාගය වැනි ඕලාරික දෑ හික්මීමෙන් නවතා දැමිය හැකි වුවද තෘෂ්ණාව (ඇලීයාම) ඇතුලත පිරිසිදු කිරීමකින් තොරව නවතා දැමිය නොහැක.

තණ්හාවේ ස්වභාවය වන ඇලීයාම විදර්ශනාවෙන් දැක හඳුනා ප්රතිපත්තියේ යෙදීමෙන් පමණි තෘෂ්ණාව නැති කල හැක්කේ.

ධර්මයේදී සත්ව යන්නට දී ඇති තේරුම වන්නේ ඇලීමයි. ඊට හේතුව වන්නේ සත්වයන්ගේ නෛසර්ගික ගුණය ඇලීයාම වන හෙයිනි.

ඇලීයාමේ ස්වභාවය විදර්ශනා නුවණින් දැක, අත්හැරීම පුරුදු පුහුණු කර ප්රතිපත්තියේ යෙදීමෙන් තණ්හාව නැතිකර දැමිය හැකි වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

 

204       චිත්ත නියාමය



සිත ක්රියාත්මක වන ආකාරය පිලිබඳ ධර්මයෙහි දක්වා ඇති විග්රහය චිත්ත නියාමයයි.

ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන අභ්යන්තර ඉන්ද්රිය සයට ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධර්ම යන බාහිර අරමුණු නිසා උපදින විඥ්ඥාන සය හේතු කොට ගෙන සිත සකස් වන බව අභිධර්මයේ දක්වා ඇත.

මෙසේ සකස් වන සිත හා ඈඳුන චෛතසික මත වර්ගීකරණය වන්නේය. සිතෙහි ආයුෂය වන්නේ චිත්තක්ෂණ 17 ක් පමණි.

ඇතිවී, පැවතී, නැතිවී, යලි ඉපදෙමින් පවතින සිත මරණයත් සමග ඉවත්වී යන්නේය. මරණින් මතු කොතැනක හෝ ජිවිතයක් ලබා දෙන්නෙත් සිතයි. ජීවත්වනවා යනු සිතක් පරිහරණය කිරීම යනුවෙන් නිර්වචනය කල හැක.

සිත එකක් වුවද පැහැදිලි අංග දෙකකින් සමන්විත වන බව බොහෝ දෙනා නොදන්නේ එය මුල් සිතෙහිම සැඟවී පවතිනක් වන හෙයිනි.

ඉන්ද්රිය සය හේතුකොට සකස්වූ සිත්වල සාරය පවතින්නේත්, සංසාරයට රැගෙන යන්නෙත්, අනන්යතාවය පවත්වා ගන්නෙත් පලවිපාක ලබන්නේත් එකී සැඟවුණු සිත විසිනි. එතෙකුදු වුවද එම සිත අනාත්ම වන්නේය එහෙයින්ම අනිත්යය. එය හඳුන්වන්නේ භවාංග සිත ලෙසනි.

භවයෙන් පැවත එන සියළු හැගීම්, පෞරුෂයන්, අත්දැකීම්, පුරුදු පුහුණු කලදේ, වඩවා ගත් දෑ, හිමිකම් ආදී දත්ත ගබඩා වී ඇත්තේ භවාංගයේ යි.

එතෙකුදුවත් නොව කර්ම නියාමය අනුව විපාකය සඳහා හිමිකම් පාන්නේත්, සම්බන්ධීකරණය (Link) පවත්වා ගන්නෙත් භවාංග සිතයි.

(නච සෝ නච අඥඥෝ ) ඔහු නොවෙයි වෙන කෙනෙකුත් නොවෙයි යනුවෙන් හඳුන්වන්නේ භවංග යයි.

මරණාසන්න අවස්ථාවේ සකස් වුන (අවසන්) චුති සිත ප්රතිසන්ධි ගන්නා අතර එය භවංගයේ පවතී.

පංචද්වාරා වජ්ජන හෝ මනෝද්වාර වජ්ජන යන චිත්තක්ෂණ දෙකෙන් එකක් උපදින තාක් කල් එම ප්රතිසන්ධි සිත, චිත්තක්ෂණ දහ හතෙහි මුල් චිත්තක්ෂණ තුන වන අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේදක යන භවාංග සිතෙහිම පවතින්නේය.

සිහිමුර්ඡාවූ අවස්ථාවේ හා තද නින්දේදී ක්රියාත්මක වන්නාවූත්, මරණයවූ අවස්ථාවේ නොනැසී ප්රතිසන්ධියේදී යළි ක්රියාත්මක වන්නාවූත් භවාංග සිත, සත්වයා සසරට බැඳ තැබීමට ලබාදෙන දායකත්වය ඉමහති.

සසර සැරිසරණ සත්වයාගේ භවාංග සිත වඩ වඩාත් පෝෂණයවී ශක්තිමත් වන අතර සසරින් ගැලවීමට කටයුතු ප්රසම්පාදනය කරන අයගේ භවාංගය දුර්වල වන්නේය.

දාන සීල, භාවනා ආදී පුණ් ක්රියා කරමින් ධ්යාන අංග වඩා භවාංග සිත සිසිල්ව තබා ගනිමින් ලෝභ, ද්වේශ, මෝහ අකුසල් සහමුලින් දුරු කොට භවාංග සිත නිරුද්ධ කිරීමට උත්සුක වන්න.

තෙරුවන් සරණයි.

 

 

 

203       බුදු දහමේ අධ්යාත්මය

සැම දර්ශනයකම, ආගමකම, ඉදිරිපත් කිරිමකම, අවවාදයකම, කලාවකම, පෙනෙන අර්ථය මෙන්ම යටි පෙළක් අන්තර්ගත වන්නේය.

බුදුන්ගේ දේශනය ඊට එහා ගොස් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ගෙන සම්මුති අර්ථය හා පරමාර්ථ අර්ථය වෙන් වෙන්ව ගැබ් කොට දේශනා කර ඇත්තේය.

එහෙත් සම්මුතිය මිස පරමාර්ථය දෙස නොබැලීම නිසා හෝ තෝරා බේරා නොගැනීම නිසා ධර්මයේ පුර්ණ ඵලය නොලැබී ගොස් ඇත.

·         වැඳීම (වන්දනාව) යන්නෙහි සම්මුති අරුත ගරුකිරීම වුවද පරමාර්ථය වන්නේ තම යුතුකම් ඉටු කිරීම යයි තථාගතයන් වහන්සේ සිගාලෝවාද සුත්රයේ පැහැදිලිවම සදහන් කොට ඇත.

·         සිල් යනු ගැනීමට ඇති දෙයක් හෝ ලබා ගතයුතු දෙයක් නොව රැකීමට, පිළිපැදීමට ඇති දෙයක් බව දත යුතුය.

·         පිරිත් සුත් යනු සජ්ජායනා කිරීමට පමණක් නොව අර්ථය විමසා පිළිපැදිය යුතු ධර්ම කාණ්ඩයන් වන්නේය.

·         පින් දීම (අනුමෝදනා කිරීම) යනු ගාථා කීම නොව කරන ලද කුසලයක් සිහි කොට පිං දෙවියන්ට ඥාතීන්ට පැවරීමයි.

·         ආර්යඅෂ්ටාංගික මාර්ගය යනු නිවන් දැකීම සදහා පමණක් පිළිපැදිය යුත්තක් නොව ගිහි ජීවිතය ගතකරමින් කුසල් රැස්කිරීම සඳහා පිළිපැදිය යුතු ගිහි පිළිවෙතකි.

·         භාවනාව යනු නිවන් දැකීම සඳහා පමණක් යොදා ගත යුතු ක්රියා පිළිවෙතක් නොව එදිනෙදා ජීවිතයේ අධ්යාත්මික දියුණුව, මානසික ආරෝග්, විවේකය, ප්රීතිය, සැනසිල්ල සඳහා යොදා ගත හැකි සත්කාරයක් වන්නේය.

·         බෞද්ධ චින්තන ක්රමය නිවන් සුව සඳහා පමණක් නොව අතිමානුෂික, සත්යවාදී, පරිසර හිතකාමී, සමාජශීලි, මානව හිතවාදී ක්රමෝපායක් ලෙසද යොදා ගත යුතු වන්නේය.

·         බුදුන් වැදීම, මල් පහන් පූජා කිරීම වැනි ආමිස පූජාවෙන් පමණක් බෞද්ධයකු නොවන බවත් දාන ශිලා භාවනා ආදී ප්රතිපත්ති පුජාවේ යෙදීම ධර්ම මාර්ගය බවත් දත යුත්තේය.

·         නිවන යනු අවබෝධ කලයුත්තක් මිස පැමිණිය යුත්තක් නොවන බවත්, නිවන යනු මේ ආත්මයේදී පසක් කොට ගත යුත්තක් මිස මරණින් මතු ලැබෙන්නක් නොවන බවත් දත යුතුය.

තෙරුවන් සරණයි.

 

 

 

202      දුක් දොම්නස් නැති කිරීම

තථාගත දේශනය පැනවූ ආකාරයෙන් සම්මුති හා පරමාර්ථ වශයෙන් වෙන් වෙන්ව අර්ථසාධනය සලසා ලන්නේය.

සම්මුති දේශනය ලෞකික වශයෙන් පරමාර්ථ දේශනය ලෝකෝත්තර වශයෙන් අවබෝධ කර ගැනීම මගින් ලෞකික විමුක්තිය හා ලෝකෝත්තර විමුක්තිය උදාකර ගැනීම උදෙසා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා මෙන්ම අන් ශ්රමණ බ්රාහ්මණයන්, තීර්ථකයන් හා පිරිවැජියන් අමතා තථාගතයන් වහන්සේ එකම ධර්මයක් දේශනා කරනලදි.

කුමන පැත්තකින් ගෙන බැලුවද, කුමන කොටසක් ගෙන බැලුවද, කවරෙක් විසින් ප්රයෝජනයට ගත්තද සැලසෙන්නේ අර්ථයක් මය.

පරම ගම්භිරවූත්, පරම සත් වුත් චතුරාර්ය සත්, නිර්වාණ සංඛ්යාත ලෝකෝත්තර විමුක්තිය සලසා ගැනීම සඳහා පමණක් යැයි සිතීම සර්ව සම්පුර්ණ නොවන්නේය.

ලෞකික වශයෙන් වන දුකක්, කණගාටුවක්, දොම්නසක්, හිරිහැරයක්, කරදරයක් (දුක) ඇතිවූ කල එයට හේතුව (සමුදය) සොයා බැලිය යුතුවේ.

හේතුව සොයා බැලීමේදී ඉන් මිදීම සඳහා හේතුව නැතිකළ යුතු බව (නිරෝධය) වැටහී යනු ඇත.

හේතුව නැති කිරීම සඳහා ඉවසිල්ලෙන්, බුද්ධියෙන්, මෛත්රියෙන්, උපේක්ෂාවෙන්, වීර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුක්තව ක්රියා කිරීම ඒකායන මාර්ගය බව (මාර්ගඅවබෝධ කොට කටයුතු කිරීමෙන් සියලු දුක්ඛ දෝමනස්ස යන්ගෙන් අත් මිදීමට හැකිවනු ඇත.

මහා කාරුණික වූ බුදුන් වහන්සේ වදහල ධර්මය ලෞකික ලෝකෝත්තර වශයෙන් ගෙන එලොව මෙලොව දෙලොවටම වැඩ සාදාගන්න.

තෙරුවන් සරණයි.

           

 

201      විපරිණාම ධර්ම

දුඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ යනුවෙන් දුඛ තෙයාකාර බව චතුරාර්ය සත්ය දේශනයේ සඳහන් වන්නේය.

එහිදී චතුරාර්ය ට අදාළ දුක්ඛය වන්නේ සංඛාර දුක්ඛයයි.

විපරිණාම දුක්ඛය යනුවෙන් සඳහන් වන්නේ වෙනස්වීම නිසා ඇතිවන දුක් ස්වභාවයයි.

අශ්රුතවත් පෘතග්ජනයා අවිද්යාව හේතුවෙන් වෙනස්වීම පිළිකෙව් කරන්නේය. එහිදී සුඛවාදී, සුභවාදී, නොවන වෙනස්වීම සමුදාය බෙහෙවින්ම පිළිකෙව් කරන්නේය.

ලෝකධර්ම සුත්රයේ සඳහන් ආකාරයට විපරිණාම නොහොත් පෙරලෙන ධර්ම ලෙස හඳුන්වන්නේ අටලෝ දහමයි.

ලාභය අලාභය ලෙසටත්, යස අයස ලෙසටත්, නින්දාව ප්රශංසාව ලෙසටත්, දුක සැප ලෙසටත් අන්යෝන්ය වශයෙන් පෙරලී යන්නේය.

අනිත්යතාව විපරිණාමයට හේතුව වන්නේය. අනිත්යතාව පිළිකෙව් කිරීම අවිද්යාවයි.

විපරිණාමය නොවේවා යනු ලෝභයයි. විපරිණාමය මත ලෝභය ඇති වන බව බොහෝදෙනා නොදත් කරුණකි.

ලෝභය අවබෝධවූ තැනැත්තාට අටලෝදහමේ පෙරලීයාම දුකක් නොවන්නේය. විපරිණාම දුක ඔහුට නැත්තේය.

තෙරුවන් සරණයි.

 

200        පුහු බෞද්ධයා

අවබෝධයෙන් තොර යමක් වෙතොත් එය පුස්සකි.

අවබෝධයෙන් තොරවූ හැදියාවක් වත්, විද්යාවක් වත්, බෞද්ධකමක් වත්, ධර්මයක් වත්, නිවනක් වත් වෙතොත් එය නොවූවකි නොහොත් පුස්සකි.

බොහෝ බෞද්ධයන් ධර්මය අනුගමනය කරන්නේ අනවබෝධයෙනි.

පන්සලේ හාමුදුරුවන් සිල් දෙන නිසා ගන්නන් වාලේ ගන්නවා මිස සිල් රැකීමක් ගැන වත් සිල් පදවල තේරුමවත් නොදන්නේමය.

එය අබරා සිල් ගත්තා මෙනි.

මල් පහන් පූජා කරනවාට කරනවා විනා අර්ථය නොදැන කරන්නේමය.

පිරිත් සුත්ර කටපාඩමින් කියූ වද එහි අන්තර්ගතය නොදන්නේමය. එහෙයින් සුත්ර යනු සජ්ජායනා වට මිස පිළිපැදීමට ඇති දෙයක් බව නොදන්නේමය.

දන්, සිල්, භාවනා සියල්ල කලත් ඒවා අවබෝධයෙන් තොරව සිදු කරනා හෙයින් අර්ථයක් සැලසේ දැයි සැක සහිතය.

පාලි භාෂාවෙන් ගාථා කීවද, පිරිත් සජ්ජායනා කලද, සිංහලෙන් තේරුම සිහියට නගා ගන්න. එවිට එහි අරුත අවබෝධවී ධර්මය වැටහෙනු ඇත.

සිංහලෙන් ගාථා කියන්න, සිංහලෙන් පුණ්යානුමෝදනා කරන්න.

පාලියෙන් කුමක් කිවත් කම් නැත, දන්න සිංහලෙන් ස්මරණය කරන්න.

මෛත්රිය වඩන්න, එය දැනගෙන කලා නම් මේවන විට ඔබට සතුරන් සිටිය නොහැක.

සිංහලෙන් ධර්මය පිළිපදින්න, ඔබට ධර්මය වැටහෙනු ඇත.

එවිට ඔබට ධර්මය පිහිටනු ඇත. ධර්මයේ පිහිටියා නම් ධර්මය ඔබට පිහිට එනු ඇත.

තෙරුවන් සරණයි.

 

199        විඳීම වත් විඳවීම වත් බුදුදහම අනුමත නොකරයි

කිසියම් දෘෂ්ටියකට වත් කිසිම අන්තයකට වත් ගමන් කිරීම බුදු දහම පිළිකෙව් කරයි.

සකලවිධ ප්රතිපදාව මධ්යස්ථ පිළිවෙතක් මත නංවා සුමට ලෙස ගලපා දේශනා කොට ඇත.

සරල හා ලිහිල් සුඛ ප්රතිපදා මාර්ගය සැප සලසන්නක් බව සංදෘෂ්ටිකය.

ගෘහස්ත ජිවිත ගතකරන්නන් හට විඳීමෙන් හා විඳවීමෙන් තොර දිවි පැවැත්මක් සඳහා අනේකවිධ මාර්ග තථාගත දේශනයේ සඳහන්වේ.

විඳවීම මුළුමනින්ම ප්රතික්ෂේප කරන බුදු දහම විඳීම් යනු කවරක්ද යයි කමනීය ලෙස දේශනය පුරාවට දක්වා ඇත.

" අත්ථිසුඛ, භෝග සුඛ, අණන සුඛ, අණවජ්ජ සුඛ" යන ධර්ම කණ්ඩය එය මනාව පහදාදී ඇත.

අත්ථිසුඛ:- මට යමක් ඇත්තේය කියා සතුටු වීම අත්ථිසුඛ යයි. මින් අදහස් කරන්නේ තමාට ජීවත්වීම සඳහා වූ මුලික අවශ්යතා සපුරා ගැනීමට ඇති හැකියාව නිසා ඇති නිරහංකාර සතුටයි.

තමාගේ ප්රමාණයට ජීවත්වීම මිස අන්යයන්ගේ ප්රමාණය දෙස බලා, නොහොත් තම පවුලේ ජිවනෝපාය ගලපා ගැනීමට ඇති හැකියාව මිස අස්ල්වැසියාගේ ජිවන රටාවට අනුගත වීමට ඇති හැකියාව මත නොවන්නේය.

භෝග සුඛ:- යෙහෙන් දැහැමිව උපයා සපයා ගත් දෑ පරිභෝජනයෙන් ලබන සතුටයි. අනුන්ගේ ප්රමාණයට නොව තම ප්රමාණයට අනුව කුටුම්භය සතුටින් සතපවා, ඥාති මිත්රාදීන්ට සලකමින් දන මාන කටයුතු වල යෙදෙමින් ලබන නිරාමිස සතුට මින් අදහස් වේ.

අණන සුඛ:- තමා මත කිසිදු ණය බරක් නොමැතිවීම නිසා ලබන සතුටයි. මෙහිදී ණය ගැනීම නොව ණය වීම අදහස් කෙරේ. සංකීර්ණ තරඟකාරී සමාජයේ ගෙවීමට ඇති හැකියාව මත ණය ගැනීමත් ඒවා ගෙවා දැමීමත් අණන සුඛයට බාධා ඇති නොවන්නේය.

අණවජ්ජ සුඛ:- තමා ධනය සපයා ගත්තේ දැහැමින් බව හැඟෙන විට ඇති වන සතුටයි. තවද කිසිදු අසාධාරණ පිළිවෙතක් ක්රියාවෙන් හා වචනයෙන් සිදුනොකොට නිවැරදි දිවි පැවැත්මක් ගතකරන බව දැනීමෙන් හැඟෙන සතුට මින් අදහස් වන්නේය.

මෙසේ ජීවනෝපාය සලසා ගන්නාට විඳවීම වත් විඳීම වත් ඇති නොවන්නේය.

තෙරුවන් සරණයි.

 

 

198        වැරදි වටහාගැනීම (මිච්චා දිට්ඨිය )

දෙවියන් විසින් සියල්ල මවන ලදී යන මතය දේශනා කරමින් සිටි බ්රහමණයෙක් එක්තරා උදෑසනක ධම්සභා මණ්ඩපයට පැමිණ, ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි, ඔබේ ඥානයට අනුව මැවුම්කාර දෙවිකෙනෙක් සිටිනවා නේද? යනුවෙන් අසා සිටියා.

එවිට, මැවුම්කාර දෙවිකෙනෙක් නැත කියා තථාගතයන් වහන්සේ එක එල්ලේම උත්තර දුන්නා.

මැවුම්කාර දෙවියෙක් නැත, සියල්ල ඉබේ සිදුවනවා යනුවෙන් දේශනා කරමින් යන වෙනත් බමුණෙක් එදිනම සවස දම්සභා මණ්ඩපයට පැමිණ මැවුම්කාර දෙවියෙක් නැහැ නේද? යනුවෙන් අසා සිටියා.

මැවුම්කාර දෙවිකෙනෙක් ඇත කියා එක එල්ලේම තථාගතයන් වහන්සේ ඔහුට දේශනා කර සිටියා.

රාත්රි යාමය ඉක්ම සියලු භික්ෂූන් නින්දට ගිය පසු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක භික්ෂුවක්; මට නින්ද එන්නේ නැහැ මන්ද ඔබ වහන්සේ උදෑසන බමුණෙකුට දේශනා කළා දෙවියන් නැත කියා, සවස තව බමුණෙකුට වදාලා දෙවියන් ඇත කියා, මෙහි සත්ය කුමක්ද? යනුවෙන් අසා සිටියා.

එවිට බුදුන් වහන්සේ දේශනා කර සිටියා උත්තරය දුන්නේ ඔබට නොවෙයි දෙදෙනාටයි. දෙදෙනාම එක් අන්තයක හිරවී සිටි නිසා තමා කවුද යන්න සොයා ගැනීමට ඔවුනට නොහැකිව අතරමංවී සිටියා දැන් සත්ය ඔවුන් වටහා ගන්නවා ඇති.

අපි සියලු දෙනාම සැකය, විචිකිච්චාව මත හෝ අන්ධ භක්තිය මත යැපෙන නිසා එලොවත් මෙලොවත් දෙකම ජය ගැනීමට නොහැකිවී තිබෙනවා.

සටහන:-

ඔබ දුප්පතෙක්, පීඩිතයෙක් නම් " සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්, අන්තිම සටනට සැරසියව්" යන මතය දරන්න. එහෙත් ඔබ දුප්පත් භාවයෙන් මිදී පොහොසත් වුව හොත් මතය අතහරින්න. මන්ද ඔබ තවමත් දුප්පත් මානසිකත්වයේ සිටින බැවින් පොහොසත් මානසිකත්වය නොලැබී යන හෙයිනි.

එමෙන්ම ඔබ වංසවත්, කුලවත්, ධනවත් කෙනෙක්ව සිට යම් හෙයකින් දුප්පත් වුවහොත් හෝ අනුන් ඔබ පරයා ගිය හොත් ඔබේ පැරණි මානසිකත්වය අත්හැර දමන්න. නොහොත් ඔබට ජීවත්වීම අසීරු වියහැකි හෙයිනි.

සියල්ල මවන්නෙත් විසඳන්නෙත් සිතෙනි.

තෙරුවන් සරණයි.

 

 

 

197        සිත රිදවන්න එපා

බුද්ධ දේශනයට පාදක වී ඇත්තේ සිතයි.

විශ්වය, ලෝකය, ජීවිතය පවතින්නේ සිත හේතුවෙනි. සිත නිසා සියල්ල පවතින්නේය.

සංසාරය, උපත, පැවැත්ම, මරණය, නිර්වාණය යන සියල්ල නිර්මාණය කර ඇත්තේ සිතෙනි.

සිත නොමැත්තේ නම් කිසිවක් නොමැත. දුක යනු සිතට තවත් නමකි.

" දුක්ඛේ ලෝකෝ පටිට්ඨිතෝයනුවෙන් තථාගත දේශනයේ සඳහන් වන්නේ එයයි. රෝහිතස්ස දිව් පුත්රයා අමතා ලෝකය කියන්නේ බඹයක් පමණවූ මනස හා විඥාණය සහිත ශරීරයටයි යනුවෙන් වදාළේද එයමයි.

දුකත්, සිතත් එක් පොදු වස්තුවකි. මේ මමයි, මේ මාගේයි, මේ මාමයි යනුවෙන් පුද්ගලයන් විසින් සිත වෙන් වෙන් වශයෙන් බෙදා වෙන් කොට ගත්දා පටන් දුක පුද්ගලයන්ට ආරෝපණය වී ඇත්තේය.

හේතුවෙන් පොදු දුක පුද්ගලික දුක බවට පත්වී ඇත්තේය. එහෙත් දුක හා සිත එකක්මය.

ඔබ දුකක් දෙන්නේ (සිත පීඩාවකට පත් කරන්නේ) යමෙකුට නොව ඔබටමය.

අනෙකෙකුගේ සිත නොරිදවන්න, මන්ද ඔබ රිදවන්නේ ඔබේ සිතමය. එය පැමිණෙන්නේ විපාක ස්වරූපයෙනි.

සිත පොදු වස්තුවකි. ඔබ එහි කොටස් කරුවෙකි. අනෙකෙකුගේ යයි සිතා ඔබ රිදවන්නේ ඔබේ සිතයි. කිසිදිනක සිතක් රිදවන්න එපා, ප්රමාදවී හෝ රිදෙන්නේ ඔබේ සිතයි.

දයාව, කරුණාව පරිපුර්ණ ලෙස ලඟා කරගත්දා නිවීම සඳහා වන අනිත්, දුක්ඛ, අනාත්ම වටහාගත් කෙනෙකි ඔබ.

තෙරුවන් සරණයි.

 

 

 

196        ආතති කළමනාකරණය

විවිධ හේතුන් මත ඇතිවන මානසික පිඩාව, වෙහෙස, අසහනය, කලකිරීම, සන්තාපය, දැරීමේ සීමාව ඉක්මවීම යනාදිය, බටහිර චින්තනය අනුව ආතතිය වන්නේය.

එම අසහනය සහනයක් බවට පත්කර ගැනීමට ලැබෙන උපදේශන ක්රියාවලිය ආතති කලමනාකරණය (Stress Management) යනුවෙන් හදුන්වන්නේය.

බටහිර චින්තනය අනුව; අදාළ පරිසරය වෙනස් කිරීම, (Screen change), පෙති, කරල් ලබාදීම, තාවකාලික යෝග භාවනා, විනෝදය, සංගීතය, උපදේශනය (Counselling) කලද ඒවා තාවකාලික වන්නේය.

මෙය පුද්ගලානුරුපී වනවාක් මෙන්ම යොදා ගන්නා නියැදි හා සාම්පල හේතුවෙන් ක්රමවේදය සමමිතික නොවන අතර චිකිත්සාව පරිපුර්ණ නොවන්නේ රෝග මූලය පාදක කොට නොගත් ප්රතිකාරයක් වන හෙයිනි.

බෞද්ධ චින්තනය අනුව ආතතිය රෝගයක් නොව අවිද්යාව නිසා උපදින චිත්තෝපක්ලෙශයකි.

ලද දෙයින් සතුටුවීම(සන්තුස්සකොච), පහසුවෙන් පෝෂණය වීම(සුභරෝච), ස්වල්පවූ කටයුතු ඇතිවීම(අප්පකිච්චෝච), සැහැල්ලු ගතිපැවතුම් ඇත්තෙක් වීම(සල්ලහුක වුත්ති), කායාදී තිදොරින් දඩ බඩ නැත්තෙක් වීම(අප්පගබ්බෝ) යනුවෙන් මෙත්ත සුත්රයේ සඳහන් ඇවතුම් පැවතුම් නොමැතිවීම අවිද්යාව නිසා සිදුවන්නේය.

අවිද්යාව නිසා තෘෂ්ණාව හටගන්නා අතර ඉන් දුක සම්පාදනය කර දෙනු ලබන්නේය.

කැමතිවූ දෑ ආකාරයෙන් සිදු නොවීම, නොලැබීම දුකකි(යම්පිච්චං ලබති තම්පි දුක්ඛං) යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන ලද්දේ සියලු දුක්ඛ දෝමනස්සයන් උපදින්නේ තෘෂ්ණාව (බලාපොරොත්තුව) මත බවයි.

ආතතිය දුරුකිරීමක් ගැන බෞද්ධ චින්තනයේ සඳහන් නොවන අතර ක්ලේශයන් සංසිඳවීම මගින් අවිද්යාව දුරුවී ප්රඥාව ලැබෙන හෙයින් ආතතිය පමණක් නොව පරිපුර්ණ සහනය වන නිවීමද ලබා ගත හැකිවන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

195        පාමොජ්ජය (ප්රමෝදය)

භාවනාව සාර්ථක කර ගැනීමට සිතේ ඇතිවන පාමොජ්ජය බෙහෙවින් උපකාර වන්නේය.

සීලයක් සමාදන් වුවද, පුජා ස්ත්කාර සිදුකලද, තිසරණයෙහි පිහිටියද, පුර්වකෘත්තිය සිදු කලද, ප්ර්යංකයක පිහිටියද, ආරණ් ගත වුවද සිත විපිලිසරවී ඇත්නම් භාවනාව නොවන්නේය.

දානය, ශිලය, භාවනාව වඩාත් ආනිසංස වීමට හා වඩාත් බලවත්විමට ප්රමෝදය දායක වන අතර ඉන් පිලිවෙලින් සාසන ප්රතිපදාව සම්පුර්ණ වන්නේය.

අංගුත්තර නිකායේ ආනිසංස වග්ගයේකීමත්ථිය සුත්රයේ මෙසේ සඳහන් වේ.

·         කුසල සීලය පළමුවෙන්ම සිතේ විපිළිසර, කැළඹිලි ගතිය නැති කරයි.

·         එමගින් සිතට පාමොජ්ජ හෙවත්ප්රමෝදබව උදා කරයි.

·         පාමොජ්ජ හෙවත් ප්රමෝදයභාවය මගින් සිතට පීරතිය පමුණුවයි.

·         එම පීරතිය(පීරති) මගින් සිතට පස්සද්ධිය පමුණුවයි.

·         පස්සද්ධිය මගින් සිතට සුඛය (චිත්ත සුවය) හෙවත් උදා කරයි.

·         චිත්ත සුඛය මගින් සිතට සමාධිය පමුණුවයි.

·         සමාධිය යථාභූත ඤාණ දර්ශනය අර්ථ කොට සත්යාවබෝධයට පත්වේ.

·         යථාභූත ඤාණදස්සනය මගින් ත්රිලක්ෂණය දර්ශනය වීම ඇතිවේ.

·         ත්රිලක්ෂණය දර්ශනය නිබ්බිදා විරාගය ඇතිකරයි.

·         නිබ්බිදා විරාගය මගින් විමුක්තිය හා විමුක්ති ඤාණ දස්සනය පමුණුවයි.

මේ ආකාරයෙන් කුසල සීලය පදනම්ව අනුපිළිවෙළින් අර්හත්වය නම් වන අග්රයට පමුණුවයි.

චෛතකයන්ගේ සංසිඳීම මගින් ඇතිවන ප්රමෝදය ලෞකික මනෝභාවයෙන් විමුක්තවී ලෝකෝත්තර ධර්මතාවයන්ට පමුණුවයි.

තෙරුවන් සරණයි.

 

 

 

194        ක්රෝධය

අංගුත්තර නිකායේ දෙවන පණ්ණාසකයේ අව්යාකත වර්ගයේ කෝධන සුත්රයයේ මෙසේ සදහන් වන්නේය.

මහණෙනි, වෛරී පුද්ගලයන්ට ප්රිය ධර්ම හතක් වෙයි.

  1. තම සතුරා දුර්වර්ණ වනවා නම් හොදයි.
  2. තම සතුරා දුකසේ නිදන්නෙක් වන්නේ නම් හොදයි.
  3. තම සතුරා බොහෝ සම්පත් නොලබනවා නම් හොදයි.
  4. තම සතුරා භෝග ඇතියෙක් නොවනවා නම් හොදයි.
  5. තම සතුරා යසස් ඇතියෙක් නොවනවා නම් හොදයි.
  6. තම සතුරා මිතුරන් ඇතියෙක් නොවන්නේ නම් හොදයි.
  7. තම සතුරා මරණින් මතු නිරයට යනවා නම් හොදයි.

මොහු මෙසේ සතුටින් සිතන්නේය. සතුටින් කල් ගෙවන්නේය. අනර්ථය ගෙන අර්ථය වරදවා සිතන්නේය.

ක්රෝධ කිරීම නිසා:-

·         ඔහු දුර්වර්ණ වන්නේය, ඉක්බිති ඔහු දුකසේ නිදන්නේය.

·         ධනහානියට පත්වන්නේය, හිතවතුන් අතහැර යන්නේය.

·         අවැඩ උපදවන්නේය, සිත කුපිත කරවන්නේය, බිය උපදවන්නේය.

·         අර්ථය, ධර්මය නොදකින්නේය වහා කිපෙන්නේය.

·         ගින්නෙන් දැවුණකු මෙන් තැවෙන්නේය, දුර්මුඛ වන්නේය.

·         ලජ්ජා නැත, බිය නැත, කිසි පිළිසරණක් නැත.

·         පව් කරන්නේය, අනුන් මරන්නේය, මරවන්නේය, තමාත් මැරෙන්නේය.

වෛරය, ක්රෝධය පහකරන්න. සතුරාත් මිතුරාත් සුවපත් වේවා යයි සිතන්න.

තෙරුවන් සරණයි.

 

 

193        රහත් සිත

ක්රියා සිත හා උපාදාන සිත යනුවෙන් දෙවර්ගයකි.

රහතන්වහන්සේලා හා ඉන් ඉදිරියට වූ පසේබුදු, සම්මාසම්බුදු යන උතුමන් වහන්සේලා හට උපදින සිත් ක්රියා සිත් නම් වේ.

ඉන් මෙපිට සියලු දෙනාටම බල දුබල වශයෙන් ඇතිවන සිත් උපාදාන සිත් නම් වේ.

ප්රතිසන්ධි විපාක හෝ ප්රවුත්ති ලබාදීමට කුසල/අකුසල උපාදාන සිත් සමත් වන අතර එය සසර ගමන දිගු කරන්නේය.

කිසිදු විපාකයක් සකස් නොවන හෙයින් ක්රියා සිත් සසර ගමන කෙටි කරන්නේය.

රහත් ස්වභාවයෙන් මෙපිට ප්රඥාවන්තයා හට සති සම්පජඤ්ඤය (සිහිය හා නුවන) මෙහෙයවා උපාදාන සිත් හා ක්රියා සිත් වෙන්ව හඳුනා ගත හැකි වන්නේය. ඉන් ඔබ රහත් වුවා යයි නොසිතන්න.

උදාහරණයක් ලෙස ඔබට යම් රාග/ද්වේෂ/ඉර්ෂයා ආදී සිතක් පැන නැගුනේ නම් ඉන් වාචාසික, කායික ක්රියාවක් හෝ මානසිකව බැඳී යාමක් සිදුවීමට ඉඩ නොදී අක්රියව ගලායාමට ඉඩ හැරියේ නම් එය උපාදාන නොවූ සිතකි.

එවැනි ක්රියා සිත් කොතෙක් වත් ඔබට ඉපදෙන්නට ඇත. සෑම ක්රියාවකටම සිතක් මුල් වන්නේය. රහතන් වහන්සේලාට අවිද්යාව නොමැති හෙයින් සංඛාර නොමැත්තේය, එනිසා සියලු සිත් ක්රියා සිත් වන්නේය.

එසේ සිහියෙන් හා නුවනින් යුතුව උපාදානයෙන් (ඇලී ගැලී යාමෙන් ) තොරවූ ක්රියා සිත් ඇතිකර ගැනීමට කටයුතු කරන්න. එවිට ඔබට රහත් සිත ස්පර්ශ කිරීමට හැකිවනු ඇත.

තෙරුවන් සරණයි

 

 

192        තණ්හාය දුතියා පුරිසෝ

ඔබ සිටින්නේ තනිව නොවේ.

ඔබේ තනියට මිතුරෙකු සිටී. ඔහු කිසිදා ඔබ හැර යන්නේ නැත. ඔහු ඔබට උදව් කරන්නේය, සතුටින් තබන්නේය. මරණය සමග වත් ඔබ හැර යන්නේ නැත. ඔහු ඔබේ කල්යාණ මිතුරා යැයි හඳුනාගෙන ඇත.

ඇලීම, ආලය, කැමැත්ත, තණ්හාව, චන්දරාගය යන විවිධ නම් වලින් හඳුන්වන්නේ මොහුය.

මොහුට තනිව ඔබ වෙත සතුට, සැපත ලඟා කර දීමට නොහැක්කේ නම්, ඔහු උදව්වට තව මිතුරෙක් ලංකර ගන්නේය.

හතුරෙකුටවත් ඔබ වෙතට ළංවීමට නොතබා හොඳින් හෝ නරකින් ඔබව ආරක්ෂා කරනු ලබන්නේය. මොහුත් ඔබේ කල්යාණ මිත්රයෙකු යැයි හඳුනා ගෙන ඇත.

ගැටීම, ද්වේෂය, ක්රෝධය, වෛරය, පටිඝය යන විවිධ නම් වලින් හඳුන්වන්නේ මොහුය.

මෙම මිතුරන් දෙදෙනාම තම පාර්ශවයේ අය හැරුණු කොට වෙන මිතුරෙකුට ඔබ වෙත ළංවීමට ඉඩ තබන්නේ නැත.

සිත ලඟම ගැවසෙන හෙයින්ද, සිත තුලම ගැවසෙන හෙයින්ද, ස්වේච්චා වෙන්ම ඉදිරිපත් වන හෙයින්ද හඳුනා ගැනීමට මදක් අපහසු වන්නේය.

මෙකී දෙදෙනාගෙන් කෙනෙකු ඔබේ කරට අත දැමුවිට (සිතුවිල්ලක් පැමිණි විගස ) වහා හඳුනා ගෙන ඉවත්වන්න. නොහොත් ඔබ විනාශමුඛයට කැඳවාගෙන යනු ඇත.

මොවුන් දෙදෙනා කල්යාණ මිත්රයන් නොව පාපී මිතුරන් යයි හඳුනා ගැනීමට හැකිවන්නේ නම් මෙලොවත් එලොවත් යන දෙලොවම ගොඩදා ගැනීමට ඔබට හැකිවනු ඇත.

තෙරුවන් සරණයි.

 

 

 

191        දින චරියාවේ වෙලාවක් ආගමටත් වෙන්කරන්න.

දවසේ ප්රධාන ක්රියාකාරකම් වලට අමතරව ළමයෙක් නම් පාසැල් පොතපතේ වැඩ වලටත්, වැඩිහිටියෙක් නම් රැකීරක්ෂා ව්යාපාර කටයුතු වලටත් අමතරව තම දින චරියාවේ වෙලාවක් පහත සදහන් දෑ වෙනුවෙන් වෙන්කර ඇත.

රූපවාහිනිය, ප්රවෘත්ති, පුවත්පත් සඟරා, ක්රීඩා ව්යායාම්, සමාජ ජාලා, විනෝදය වෙනුවෙන්, නෑදෑ හිතමිතුරන්, පිරිපහදු කිරීම්, වතුපිටි වැඩ, සුරතල් සතුන් වැනි ද්විතීය වැඩ ඉන් සමහරෙකි.

තෙරුවන් සරණයාමට, පන්සිල් ගැනීමට, මලක් පහනක් තැබීමට, දෙගුරුන් නැමදීමට, පින්පෙත් දීමට, වතාවත් කිරීමට, සුළු වශයෙන් හෝ භාවනාවක් කිරීමට, ගුවන්විදුලි ධර්මදේශනාවක් සවන්දීමට ඔබ දින චරියාවේ කාලයක් වෙන්කර තබා ඇතිනම් ඔබේ දවස සම්පුර්ණ එකකි.

ආගම ධර්මයට වයසක්, වකවානුවක් අවශ් නොවන්නේය. පිවිතය පුරාවටම එහි නියැලී සිටිය යුතු වන්නේය.

ශ්රද්ධාව එකවිට ඇතිවන්නක් නොවේ. එය පුරුදු පුහුණු කළයුත්තකි. පුරුද්ද පිහිටක් වන්නේ එවිටය.

සීලයක් කැඩුනාට එය අලුත් කර ගත හැකි වන අතර ඉතිරිය රැකුනා වන්නේය.

උපසපන් භික්ෂුවක් සියලු සිල් එකවිට සමාදන් වන හෙයින් එක ශික්ෂා පදයක් කැඩුන හොත් සියලු සිල් කැඩුනා වන්නේය.

ගිහියන් එක එක සිල් පද වෙන වෙනම සමාදන් වන හෙයින් කැඩුණු සිල් පදය හැර ඉතිරිය සමාදන් වුවා වන්නේය. එය අලුත් කිරීම ඔහු කලයුතුවේ.

සිල්පද බිඳීමට මෙය අත්වැලක් සැපයුවා නොවන බව මතක තබාගන්න.

ශ්රද්ධාවත්, සීලයත් ඇතිකර ගැනීම සඳහා දිනචරියාවේ වෙලාවක් ධර්මය වෙනුවෙන් වෙන්කරන්න.

හිටියොත් හොඳට හැදී දෙවියොත් ඔබට වඳී.

තෙරුවන් සරණයි .

 

 

 

 

190      කුසලයට අකුසලය පරාජය කලහැක

සිතක ප්රකෘතිය අකුසලයයි.

ලෝභ, ද්වේෂ, මෝහ කැටිව හෝ වෙන් වෙන්ව සිතුවිලි ඉපිද නැතිව යන්නේය.

සංසාරික පුරුද්ද නිසා බොහෝවිට අකුසල සිතුවිලි නිතැතින්ම උපදින අතර කුසල් සිතුවිලි අධ්යාශයෙන් උපදවා ගත යුතු වන්නේය.

කුසල් සිතුවිලි මෙන් නොව අකුසල් සිතුවිලි සහජයෙන්ම තිව්, දිර්ඝ හා බලවත් ඒවා වන්නේය.

උදාහරණයක් ලෙස මෛත්රිය හා වෛරය තරාදියක දැමුවහොත් මෛත්රිය පැත්ත උඩට ගොස් වෛරය දැමූ පැත්ත පහතට වැටෙනු ඇත.

ඉන් අදහස් වන්නේ මෛත්රියේ උසස් බව හා වෛරයේ පහත් බව වන අතර මෛත්රිය සැහල්ලු දෙයක් හා වෛරය බර දෙයක් වන බවයි.

කෙසේ වෙතත් කුසල් සිතුවිලි නිතර අවදිකර තබා ගත හොත් අකුසල සිතුවිලි යටපත් කරගත හැකිවනේය.

කුසල් සිතක් අවදි වන විට ශ්රද්ධා, විරිය, සති, සමාධි, ප්රඥා යන ඉන්ද්රිය ධර්මයෝ හා බල ධර්මයෝ දස ආකාරයකින් වැඩෙන හෙයින් කුසල්සිත් අවදිවූ විගස අකුසල සිත පලා යන්නේය.

කුසල් සිත් බොහොමයක් සමග අකුසල සිතට සටන් කිරිමේ හැකියාවක් නොමැත.

එය ස්වභාව ධර්මයාගේ රීතියයි, එය ධර්මතාවයකි.

කුසල් සිත් පහන් කොට තබාගන්න. නිර්වානය හෝ ස්වර්ගය සහතික වන්නේය.

නිතර කුසල් දහම්හි යෙදෙන්න.

තෙරුවන් සරණයි.

 

 

 

189      මග වියදම් සොයා ගන්න

ඔබ කවුරු කාගේ වූවද සියල්ල හැරදා යායුතු බව තරයේ මතක තියාගන්න.

මේ යන දිගු ගමනේදී (සංසාරය) මග වියදම් නොතිබුන හොත් අනන්ත දුක් පීඩා වනට මුහුණ පෑමට සිදුවන බවත් තරයේ මතක තබාගන්න.

හමුවුන අය යළි හමුවීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බවත්, කුමන පුද්ගලයන් යළි හමුවේද යන්න කිව නොහැකි බවත් මතක තබාගන්න.

ඔබ සතු වතු පිටි ඉඩකඩම්, මිල මුදල්, තාන්න මාන්න යන කිසිවක් යළි ඔබට නොලැබෙන බව මතක තබාගන්න.

සුගතියක (දෙව්, මිනිස්) යළි උපත ලැබීමට ඇති ඉඩකඩ ශුන්ය බවත් සිතේ තබාගන්න.

සසරේදී ඔබ අසරණ, අනාථ බව තථාගතයන් වහන්සේ දේශනා කල බවත් මතක තබාගන්න.

සසර සුවපත් කරගැනීම වෙනුවෙන් දානයත්, ශීලයත්, භාවනාවත් හැකි අයුරින් පුරණය කර ගන්න.

ශිලය හේතුකොට ගෙන පව්කම් සිදු නොවන හෙයින් දුගතියක උත්පත්තියක් නොලබන අතර දානය හෙතුකොට ගෙන වස්තු සම්පත් ලැබීම නිසා සසර සුවපත් වන්නේය.

දානය, සීලය, භාවනාව යන ත්රිවිධ පුණ්යක්රියා වල නිරත වන්නා සසරේදී අසරණ නොවන බවත් ශිල,සමාධි, ප්රඥා යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යෙදී ඔහු සසර කෙටිකර ගන්නා බවත් තථාගත දේශනයි.

ශීලයෙන් ශ්රද්ධාවත් දානයෙන් අත්හැරීමත් පරිපුරණය වන්නේය.

ශ්රද්ධාවන්තයා ධනවතෙකි.

දානයත් ශීලයත් සසර ගමනට මග වියදම් සපයා දෙන්නේය.

හැකි පමණින් දන්දෙන්න, කුමන හෝ සීලයක් ආරක්ෂා කර ගන්න.

තෙරුවන් සරණයි

 

 

188      තමා ගැන තමාගෙන් ප්රශ්න කරන්න.

අනුන්ගෙන් ප්රශ්න ඇසීමට, අනුන් ගැන තීරණ ගනීමට පෙළඹෙන බොහෝ දෙනා කිසි දිනක තමා ගෙන් ප්රශ්න නොඅසන අතර තමා වැරදිකරුවකු යයි තීරණයක් නොකරන්නේය.

නිවැරදිවීමට කැමති වන්නේ නම්, තමා ගැන තමාගෙන් ප්රශ්න කිරීමට සූදානම් විය යුතුවේ.

තමාගෙන් ප්රශ්න ඇසීමට කැමති වන්නා බොහෝසේ පරිත්යාග (කැපකිරීම්) කිරීම් සඳහා කැමති විය යුතුවන්නේය.

පරිත්යාග කිරීම් අතර වෙනස් කිරීම් වඩාත් ප්රයෝජනවත් වන්නේය.

ආකල්ප හා මතවාද (දෘශ්ඨි ), පැවතුම් (ප්රතිපදාව ), ඇසුර ( සංසේවනය ), දරඳඩුකම/නම්යශීලී නොවිම (තම්ඹ ), අහංකාරය (මාන ), එකට එක කිරීම (සාරම්භ ) මෙකී ඇවතුම් පැවතුම් වෙනස් කලයුතු වන්නේය.

ඉහතකී වෙනස් කිරීම් කල හැකි වන්නේ තමාගෙන් තමා ප්රශ්න කලහොත් පමණි. එවිට ඔහුට නිවැරදිවීමට හැකිවන අතර අනුන්ගෙන් ප්රශ්න ඇසීමේ ක්රියාවෙන් ඉවත්වී සිටීමටද හැකි වන්නේය.

තමාගේ සිත හඳුනා ගත හැකි වන්නේ තමාටමය, නිවැරදි කල හැකි වන්නේත් තමාටමය. පිරිසිඳු කලහැකි වන්නෙත් තමාටමය.

ස්වයං ශික්ෂනයක් වන මෙයින් වර්ධනය වන්නේ සිල්වත් කමයි (ශීලයයි ).

භාවනාවට ශීලය පූර්වාංගම වන්නේය.

චිත්තානු පස්සනාවේදී එකී මල (ක්ලේෂ ) තිබූ බවත්, නැතිකල යුත්තක් බවත්, නැතිවුනු බවත් යන ත්රිවිධාකාර පාරිශුද්ධයක් ලබා ගතහැකි වන්නේය.

චිත්තානු පස්සනාව කැඩපතකි. ඉන් සිතේ ලස්සන, අවලස්සන බලාගත හැකි වන අතර අවලස්සන සිත ලස්සන කලහැකි වන්නේය.

තමාගෙන් ප්රශ්න කර තමා ලස්සන වන්න.

තෙරුවන් සරණයි.

 

 

 

187      සරල ලෙස භාවනාවක් පුරුදු වන්න

භාවනාව යනු සිත වැඩිමයි. එනම් සිත එක අරමුනක රදවා තබා ගැනිමයි.

ධර්මයේදී අදහස් කරන්නේ යහපත් අරමුණක සිත පවත්වා ගෙන යාමයි.

සිත යනු චෛතසිකයන් ගෙන් සැදුම් ලත් අරමුණෙන් අරමුණට පනින, ඉච්ඡාවකින් තොරව පවතින, නිරන්තරයෙන් ගලායන, ප්රානය (ජීවිතෙන්ද්රිය ) සමග ජිවත්වෙන ක්රියාකාරි අරූපීය වස්තුවකි.

සිත අනාත්ම වන බැවින් ඔබේ නොවන්නේය, සිතට ඔබ දැනුවත්වවත් නොදැනුවත්වවත් මෙන්ම ඇතුවත් නැතුවත් ජීවත්විය හැක.

එහෙයින් මෙකී අසංවර සිත මොහොතකට හෝ පාලනය කර ගැනීම උසස් ක්රියාවකි.

භාවනාව යනු සතිමත් වීමයි එනම් සිහිය පිහිටුවා ගැනීමයි. සිහියෙන් සිටින හැම අවස්ථාවක්ම භාවනාවක් නොවන මුත් භාවනාවක නිරත වන හැම අවස්ථාවකදීම සිහියෙන් සිටිය යුතු වන්නේය.

සිහිය ගිළිහුණු අවස්ථාවන්හිදී භාවනාවෙන් සිත විසිරෙන්නේය.

ආනාපාන සති භාවනාවේ පෙරහුරුව

(1) ආධුනිකයෙක් පරිපූර්ණ අනාපාන සති භාවනාව පුරුදු පුහුණු කිරීමට පෙර නාසිකාග්රයේ හෝ උඩුතොලේ සිහිය පිහිටුවා එහි හැපෙන සුලං රැල්ල දනිමින් සිත එම අරමුණෙහි රඳවා ගැනීම වඩාත් සුදුසුවන්නේය.

මෙසේ බොහෝ වාර ගණනක් පුරුදු වීමෙන් පසු එම අරමුණෙන් සිත ඉවත්ව යා නොදී තබා ගැනීමට හැකිවනු ඇත. එවිට සුලං රැල්ල දැක ගැනීමටද හැකි වනු ඇත්තේය.

එසේ එම අරමුණේ හොඳ හැටි සිත රඳවා ගැනීමට පුරුදු කල පසු ආස්වාශය කෙටි හුස්මක් හෝ දිගු හුස්මක්ද, ප්රාස්වාශය කෙටි හුස්මක් හෝ දිගු හුස්මක්ද යන්න මෙනෙහි කල හැකි වන්නේය.

මෙසේ වැඩි පුර කාලයක් පුරුදු පුහුණු කිරිමෙන් පසු පූර්ව කෘත් නිමවා පරිපූර්ණ ආනාපානසති භාවනා පරිකර්මයට යා හැකි වන්නේය.

චිත්තානු පස්සනාවේ පෙරහුරුව

(2) ආධුනිකයෙක් පරිපූර්ණ චිත්තානු පස්සනා භාවනාව පුරුදු පුහුණු කිරීමට පෙර සිතින් සිත දෙස බැලීමට පුරුදුවීම චිත්තානුපස්සනාවේ පෙරහුරුවයි.

මෙහිදී තමා කලයුත්තේ සිතට නැගෙන සිතුවිලි දෙස බලා සිටීම පමණි. එකී මොනම සිතුවිල්ලක වත් සිත මෙහෙයවිය යුතු නොවන්නේය.

නැගෙන සිතුවිල්ල දැන එය අතහරින්න.

එසේ එම අරමුණේ හොඳ හැටි සිත රඳවා ගැනීමට පුරුදු කල පසු එය සරාග සිතුවිල්ලක්ද, වීතරාග සිතුවිල්ලක්ද, සදොස සිතුවිල්ලක්ද, වීතදෝස සිතුවිල්ලක්ද, සමෝහ සිතුවිල්ලක්ද, වීතමොහ සිතුවිල්ලක්ද යයි හඳුනා එයට යන්න ඉඩ දෙන්න.

මෙසේ වැඩි පුර කාලයක් පුරුදු පුහුණු කිරිමෙන් පසු පූර්ව කෘත් නිමවා පරිපූර්ණ චිත්තානුපස්සනා භාවනා පරිකර්මයට යා හැකි වන්නේය.

පෙර හුරුවක් ලෙස ඉහතකී භාවනා දෙකම පුංචි විවේකයක් ලද විටෙක තමා සිටි ස්ථානයේ සිට වුවත් කල හැකි වන්නේය.

වෙන් කරගත යුතු දවසක්, වෙලාවක්, ස්ථානයක්, පර්යංකයක් අවශ්යය නොවන අතර හිඳගෙන, සිටගෙන, හාන්සිවී මොනයම් ආකාරයකින් වුව කල හැකි වන අතර අවශ්යය වන්නේ පහසු ඉරියව්වක් පමණි.

නින්දට පෙර, නින්ද එන තෙක්, අවදිවූ පසු, වැඩි වේලාවක් යෙදිය හැකි අතර බසයක ගමන් ගනිද්දී, ආහාර ගැනීමෙන් පසු, අනවශය කල්පනාවන්හි යෙදෙන කාලය තුලදී මෙකී භාවනාවට පහසුවෙන් යෙදිය හැකි වන්නේය.

භාවනාව නිසා සතිය (සිහිය ) දියුණු වන හෙයින් හදිසි අනතුරු සිදු නොවනේය, අත්වැරදීම් අඩුවන්නේය, වෛර සහගත සිතුවිලි සඳහා ඉඩක් නොමැති හෙයින් සතුරන් අඩුවන්නේය, සිහියෙන් කටයුතු කලහැකි හෙයින් සියල්ල සඵල වන්නේය.

සුළුවෙන් හෝ භාවනාවක යෙදෙන්න. වඩන ලද සිත පින්වන්තය.

තෙරුවන් සරණයි

 

 

 

186      පොහොසත් වන්න

සියලු දෙනාම පොහොසත් වීමේ (ධනවත්) හැකියාවන් සතුව උත්පත්තිය ලබන්නේය. එය ස්කන්ධයන් සතු නෛසර්ගික ගුණයකි.

ධනය උපයාගැනීම ඔහු විසින් කලයුත්තේය.

සත්වයා නාමරූප යන්ගෙන් සැදුම් ලත් වන්නෝය, නාමරූප යන්ගෙන් සැදුම් ලත් මිනිසාගේ නාමයට හිමි, නාමය සමගම උපන්, නාමය සමග රැගෙන එන ධන නිධාන කිහිපයක් ඇත්තේය.

මෙම ධනය පාදාගත් යට අයට ලෞකික දියුණුව හෝ ලෝකෝත්තර දියුණුව උදාකර ගත හැකි වන්නේය.

වීර්යය, උත්සාහය, නැගීසිටීම, ධෛර්යය, කැපවීම, වගවීම, පරිත්යාගය, යලි නැගීසිටීම, අත්නොහැරිම යන මේ කාරණාවන් සෑම චිත්ත ස්න්තානයකම ගිලී සැඟවී ඇත්තේය.

ඒවා ධන නිධානයෝ වන්නේය. එකී ධනය පාදා ගැනීමෙන් (පොහොසත් කම) ලෞකික දියුණුව සලසා ගතහැකි වන්නේය.

තථාගත දේශනයට අනුව ලෝකෝත්තර දියුණුව සලසා ගත හැකි ධන නිධානයන් සැම ච්ත්ත සන්තානයකම ඇති බවත් සත්පුරුෂ ආශ්රයෙන්, සද්ධර්ම ශ්රවනයෙන් ඒවා පාදා ගෙන ලෝකෝත්තර අභිවුර්ධිය සලසා ගත ගත හැකි බව දේශනාවේ සඳහන් වන්නේය.

ශ්රද්ධාව:- බුදුන්, දහම්, සඟුන් ගැන ඇති පැහැදීම. ශ්රද්ධා වන්තයාගේ වැදගත් කම වන්නේ ඔහු හෝ ඇය පවෙන් වැලකි සිටීමයි. ශ්රද්ධාව ස්වර්ගයට ඉණිමගක් යැයි සඳහන් වන්නේය. ශ්රද්ධාවන්තයා පහන් සිතින් කල් ගෙවන්නේය. සිත සැනසිල්ලේ තබා ගැනීම ධනයකි.

ශිලය:- ශිලවන්තයා අපායේ දොරටු වසා දමා ඇත්තෙකි. අනුන්ගේ පැසසුමට ලක්වන්නේය. සීලය ගුණයකි, ගුණවත්කම විශාල ධනයකි. සිලවන්තයා ආපසු නොහැරී ලෝකෝත්තර මාර්ගයේම ගමන් කරන්නෙකි.

හිරි:- හිරි යනු පව් කිරීමට ඇති ලැජ්ජාවයි. පව් නොකරන්නා ධනවන්තයෙකි. හේතුවෙන් ඔහු අපායගාමී නොවන්නේය.

ඔතප්:- ඔත්තප්පය යනු පව් කිරීමට ඇති බයයි. ඔත්තප්පය විශාල ධනයකි. ඔහු සතර අපායෙන් නිදහස් වූවෙකි. යලි කිසි දිනක අපාය ගාමී නොවන්නේය.

සුතය:- ධර්මය අසා දැන ගැනීම මෙහි අදහසයි. ධර්මය ඇසීම, කියවීම, සාකච්චා කිරීම මගින් නොඇසූ දහම් කරුණු දැන ජිවිතයට මුසු කර ගැනීමෙන් ධර්මයෙන් පහොසත් විය හැකි වන්නේය.

චාගය:- ත්යාගශීලි ගුණය මින් අදහස් වන්නේය. දානය මින් ප්රමුඛ වන්නේය. දානය සියලු සම්පත් උදාකර දෙන්නේය. අත්හැරීමෙන් ඇති වන නිදහස් බව චිත්ත ප්රීතියකි.

ප්රඥාව:- කුසලය අකුසලය තෝරා බේරා ගෙන කටයුතු කිරීමට ඇති හැකියාව මින් දැක්වේ. ප්රඥා වන්තයා ධනවතෙකි. ලෞකික ධනයටත් ලෝකෝත්තර ධනයටත් හිමි කම් කියන්නෙකි.

මෙකී ධනය අප සියලු දෙනාම සතු වන්නේය. එහෙත් ඊට වටිනාකමක් නොදීම හේතුවෙන් ධනයක් යැයි නොසලකා හැර ලෝකෝත්තර දිවියේ දුප්පතෙකු වන්නේය. සසර ගමනේ දී යාචයෙකු වන්නේය.

ගුණයට වටිනාකමක් දී ඔබ පොහොසතෙකු යයි සිතන්න. එවිට පොහොසත් වන්නේය.

තෙරුවන් සරණයි

 

 

 

185       මෝහය

ධර්මයේදී මෝහය අර්ථ ගණනාවකින් පහදාදී ඇත.

නොදැනුවත් කම ඉන් එකකි. ධර්මය නොදැනුවත් කම ඉන් ප්රධාන වන්නේය.

ඉනිදු, පුංචි කාරනාවක නොදැනුවත් කම නිසා බොහෝ පුද්ගලයන් ජිවිත කාලය පුරාම තැවිලි, දැවිලි, විඳවිලි වලින් පිඩා විදින්නොය.

යම් කාරණාවක් හෝ සිදුවීමක් හේතුකොට ගෙන ඔබ ලජ්ජාවකට, නින්දාවකට, අපහාසයකට, කණගාටුවකට, අස්ථාන චෝදනාවකට, දුකකට අලාභයකට පත්වන්නට ඇත. එය සිදුවී හමාරය. එම සිද්ධිය අතීතයට ගොස් ඇත. එම සිද්ධිය භෞතික (physically) වශයෙන් යලි සිදු නොවන්නේය.

එහෙත් ස්වභාවයෙන්ම යලිත් සඥාවක් ලෙස එය ඔබේ සිතට නැගෙනු ඇතමෙය නිෂ්ඵල සංඥාවකි එය අත්හරින්න. සඥාවක ඇලීම සඥා විපල්ලාසයයි. අනර්ථය ගෙන දෙන්නකි. එය සඥාවක් පමණි. සිහියෙන් බලා (යෝනිසෝ මනසිකාරය ) විගසින් අත් හරින්න. යලි යලිත් එය සඥාවක් ලෙස සිතට ගලා එනු ඇත. සඥාව අතහරින්න. ටික දිනකට පසු එය ඔබව විඳවන, තවන සිතුවිල්ලක් බවට පත්නොවනු ඇත.

ඔබ දැවීමට තැවීමට ලක් කරන්නේ සඥාවයි.

මෙය හරියාකාරව දැන සිහිය යොදා ජිවිත කාලය පුරාවටම ඔබ විදවූ එමෙන්ම ඉදිරියේදීත් ඔබ තැවීමට, දැවීමට ලක්වන විඳවීම් වලින් සිත නිදහස් කොට සතුටින් ජිවත් වන්න.

තෙරුවන් සරණයි.

 

 

 

184      දිනපතා දන් දෙන්න

සසර සැප පිණිස දානය තරම් අග් වූ පින් කමක් තවත් නොමැත.

දන් දීමට පුරුදු වූ පින් සිත කුසලයට නැඹුරු වන අතර අත්හැරීම මත ප්රඥාව අවදි කොට සසර කෙටි කර ගැනීමට දායක වන්නේය.

දිනපතා දානමය සිත අවදි කොට තබාගන්න.

·         ගෘහනියක් නම් දිනපතා ඉවුම් පිහුම් කිරීමට පෙර හාල් මිටක් හෝ ඉන් අඩක් බුදුන්ට හා සංඝයාට දානමය කටයුත්තක් වෙනුවෙන් යයි සිතා වෙනකොට තබන්න. ඉන් දිනපතා දානමය සිත අවදිකොට තබාගත හැක.

දානය පිරිනමන අවස්ථාවේදී එකී කටත්තා කර්මය ප්රතිසන්ධි කර්මයක්
බවට පරිවර්තනය වන්නේය.

·         ඉඳුල් පිගන් සේදූ වතුර කිසියම් සතෙකුට ආහාරයක් වේවා යන සිතින් ඉවත ලන්නේ නම් දිනපතා පින් වැඩෙනු ඇත.

·         දිනපතා ආහාර ගැනීමට පෙර බත් මිටක් වෙන් කොට සතෙකුට හෝ කුරුල්ලෙකුට කෑමට තබන්න.

·         දීමට යමක් නැතිනම් කුඹියන්ට ආහාර පිණිස සීනි ඇට කිහිපයක් තැනකින් තබන්න.

·         කුරුල්ලන්ට බිමට, නෑමට ජලය බඳුනක් තබන්න.

·         එන යන මගතොටේදී හමුවන යාචකයන්ට යම් මුදලක් දෙන්න. නොහොත් සොයා ගෙන ගොස් දෙන්න.

·         දිනපතා බුදුරුව ඉදිරියේ අහාර හෝ අඩුම තරමේ පැන් වීදුරුවක් වත් තබා දානමය සිතින් පූජා කරන්න.

·         දිනපතා මල් පහන් පුදා දෙවියන්ට ඥාතීන්ට පින් දෙන්න.

·         දිනපතා අනුනට ප්රිය වචනයෙන් සංග්රහ කරන්න.

කිසිදිනක පින හෝ කුසලය සුළුකොට නොතකන්න, සසර සැනසිල්ලෙන් ගෙවා දැමීමට පින හා කුසලය අවශ් වන්නේය. සඳහා දානය ඉදිරියෙන්ම සිටි.

ඔබ අද යම්සේ සැනසිලිදායක හෝ සැපවත් ජිවිතයක් ගතකරනවා නම් සසරේදී කල දානමය කටයුතු නිසා බව සිතමින් ඉදිරියටත් දන්පැන් දෙන්න.

එමෙන්ම ඔබ අඩුපාඩු සහිත දුක්ඛිත අසරණ ජිවිතයක් ගෙවනවා නම් එය සසරේ දන්පැන් නොදීමේ විපාකයක් බව සලකා ගෙන දන්පැන් දෙන්න.

දන් දීමෙන් අනුන්ගේ (ප්රතිග්රාහකයාගේ ) සිත සතුටු වන්නේය. එකී කර්මයේ විපාකය වන්නේ සසරේදී ඔබේ සිත සතුටින් තැබීමයි.

දීමේ ප්රතිඵලය ලැබීමයි. දන්දී සැපවත් වන්න.

තෙරුවන් සරණයි

 

 

 

183 සිතින් පොහොසත් මිනිසුන් ලෝකය ලස්සන කරයි.

ලෝකය ලස්සන කරන්නෙත් අවලස්සන කරන්නෙත් මිනිසුන්මය.

ලෝකය යනු තමාය. තමා ලස්සනවු විට ලෝකය ලස්සන වන්නේය.

කාරණා පහකින් යුතු පුද්ගලයා දිනෙන් දින දීයුණු වන බවත්, ආශිර්වාද ලත් පුද්ගලයෙකු වන බවත් ලෝකය ලස්සන කරන කෙනෙකු බවත්, පරිහානියට පත් නොවන බවත් ලිච්ඡවීන් අමතා තථාගතයන් වහන්සේ කරන ලදී.

·         දෙමව්පියන් රැකබලා ගනිමින් අඹු දරුවන් පෝෂණය කරමින්, සහෝදර සහෝදරියන්ට හා ඥාතීන්ට, ගුරුවරුන්ට සංග්රහ කරමින් ඇප උපකාර කරමින් මෛත්රී සිතින් වාසය කරන්නාට පෙරලා මෛත්රිය හා ආශිර්වාදය ලැබේ.

·         අසල්වැසියන්ට ආධාර උපකාර කරමින්, දුක සැප සොයාබලමින්, විපතේදී පිහිට වෙමින්, සංග්රහ කිරීමෙන් අය උදෙසා මෛත්රී සහගතව වෙසෙන්නාට පෙරලා මෛත්රිය හා ආශිර්වාදය ලැබෙනු ඇත.

·         සේවක සේවිකාදින්ට, හිත මිතුරන්ට, ඇසුරු නිසුරු කරන අය වෙත, තමා වෙත එන්න වුන්ට සංග්රහ කිරීමෙන්, යැපීම්, දීමනා, උපකාර කිරීමෙන්, සොයා බැලීමෙන් හා මෛත්රී සිතින් යුතුව අනුන් සතුටු කිරීමෙන් තමා වෙත පෙරලා මෛත්රියත් ආශිර්වාදයත් ලැබෙනු ඇත.

·         දෙවි දේවතාවන් උදෙසා පුද පුජා පැවැත්වීමෙන්, පින් පෙත් දීමෙන් දෙවියන් තුටු පහටු කිරිමෙන් පෙරලා දේවාශිර්වාදය ලැබෙනු ඇත. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනු ඇත.

·         සංඝයාට, මහණ බමුණන්ට, සංග්රහ කිරීමෙන්, උපකාර කිරීමෙන්, ආහාර ගිලන්පස චීවර සේනාසන ආදී ප්රත් පහසුකම් සම්පාදනය කිරීමෙන්, මෛත්රී සිතින් යුතුව කටයුතු කිරීමෙන් තමා පුණ්යවන්ත යෙකු වන බවත් පෙරලා තමා වෙත ආශිර්වාදය ලැබෙන බවත් දේශනා කොට ඇත.

තමා කිසි දිනක තනිවූ පුද්ගලයෙකු නොවන බවත්, අනුන්ගේ ආධාර උපකාර ලැබෙන බවත්, වෛරී පුද්ගලයන් හමුනොවන බවත්, දුකට විපතට පත්වුවකු නොවන බවත්, ආරක්ෂාව රැකවරණය සැලසෙන බවත්, බයක් තැතිගැනීමක් ඇතිනොවන බවත්, වරදකරුවකු නොවන බවත්, පළිගැනීමකට ලක් නොවන බවත්, දණ්ඩනයකට පත් නොවන බවත්, සියලු දෙනාගේ ආශිර්වාදයටත් පිළිගැනීමටත් ලක්වන බව දක්වා ඇත.

ඔබ ලෝකට (අනුනට) සැලකුවහොත් පෙරලා ලෝකය ඔබට සලකනු ඇත.

තෙරුවන් සරණයි

 

 

 

182      සබ්බං පහාය ගමනියං

සියල්ල හැරදා යායුතුවේ.

මන්ද යත් මරණින් පසු සියලු අයිතිවාසිකම් කෙලවර වන හෙයිනි.

ගතින් අල්ලා ගත් දේවල් හැර සිතින් අල්ලා ගත් දේවල් රැගෙන යන්නේය. ඔබ රැගෙන යන්නේ කල කුසල් අකුසල් පමණි.

මිනිසාට ජීවත්වීම සඳහා වස්ත්, ආහාර, බෙහෙත් හේත්, නිවාස අවශ් වන්නේය. එය සාධාරණව උපයා සපයා ගැනීමට ඔහුට අයිතියක් ඇත්තේය.

අනුන්ගේ සුභ සිද්ධිය උදෙසා උත්සාහයෙන් යුතුව ඊට වැඩිමනත් දෙයක් උපයා සපයා ගැනීම වරදක් නොවන්නේය.

එහෙත් අසිමිත ලෙස ධනය රැස්කොට තබා ගැනීම වරදක් වන්නේ ඒවා අනුන් වෙත යායුතුව තිබුණු නොහොත් අසාධාරණව බෙදී ගිය ධනයක් සේම තමා විසින් විලියෙන් තොරව අත්පත් කරගත් ඒවාද විය හැකි හෙයිනි.

මෙකී ධනය හැරදමා යායුතුව තිබෙන්නේය.

තම දූ දරුවන්ට ඉතිරි කර තැබීම වරදක් නොවේ එහෙත් අසාධාරණ ඉපයිමකින් තමන් රැස්කර ගන්නේ ධනය පමණක් නොව දුර්ගති ප්රතිසන්ධිගත කර්මයකි.

ආත්මයෙන් ආත්මයට යන සත්වයෙක් නැත, ආත්මයෙන් ආත්මයට යන දූදරු පරම්පරාවකුත් නොමැත, එසේ තිබියදී ඔබ කරගන්නේ ඔබට අලාභයකි.

සාධාරණව උපයන්න, ඔබේ උසස් කම රැදෙන්නේ ඔබ අනිකාට සාධාරණයක් ඉටුකර තිබේ නම් පමණි.

රැස්කළ කිසිවක් ගෙනියන්නේ නැත, ඒවා බෙදා හදා ගත්තා නම් යළි ඒවා ඔබට ලැබෙනු ඇත එය කර්ම නියායයි .

තෙරුවන් සරණයි.

සබ්බං පහාය ගමනියං

සියල්ල හැරදා යායුතුවේ.

මන්ද යත් මරණින් පසු සියලු අයිතිවාසිකම් කෙලවර වන හෙයිනි.

ගතින් අල්ලා ගත් දේවල් හැර සිතින් අල්ලා ගත් දේවල් රැගෙන යන්නේය. ඔබ රැගෙන යන්නේ කල කුසල් අකුසල් පමණි.

මිනිසාට ජීවත්වීම සඳහා වස්ත්, ආහාර, බෙහෙත් හේත්, නිවාස අවශ් වන්නේය. එය සාධාරණව උපයා සපයා ගැනීමට ඔහුට අයිතියක් ඇත්තේය.

අනුන්ගේ සුභ සිද්ධිය උදෙසා උත්සාහයෙන් යුතුව ඊට වැඩිමනත් දෙයක් උපයා සපයා ගැනීම වරදක් නොවන්නේය.

එහෙත් අසිමිත ලෙස ධනය රැස්කොට තබා ගැනීම වරදක් වන්නේ ඒවා අනුන් වෙත යායුතුව තිබුණු නොහොත් අසාධාරණව බෙදී ගිය ධනයක් සේම තමා විසින් විලියෙන් තොරව අත්පත් කරගත් ඒවාද විය හැකි හෙයිනි.

මෙකී ධනය හැරදමා යායුතුව තිබෙන්නේය.

තම දූ දරුවන්ට ඉතිරි කර තැබීම වරදක් නොවේ එහෙත් අසාධාරණ ඉපයිමකින් තමන් රැස්කර ගන්නේ ධනය පමණක් නොව දුර්ගති ප්රතිසන්ධිගත කර්මයකි.

ආත්මයෙන් ආත්මයට යන සත්වයෙක් නැත, ආත්මයෙන් ආත්මයට යන දූදරු පරම්පරාවකුත් නොමැත, එසේ තිබියදී ඔබ කරගන්නේ ඔබට අලාභයකි.

සාධාරණව උපයන්න, ඔබේ උසස් කම රැදෙන්නේ ඔබ අනිකාට සාධාරණයක් ඉටුකර තිබේ නම් පමණි.

රැස්කළ කිසිවක් ගෙනියන්නේ නැත, ඒවා බෙදා හදා ගත්තා නම් යළි ඒවා ඔබට ලැබෙනු ඇත එය කර්ම නියායයි .

තෙරුවන් සරණයි.

 

 

 

181      කර්මය පොදු ධර්මතාවයකි

මනුෂ්, දේව, යක්ෂ, තිරිසන්, සියල්ලටම පොදු ධර්මතාවයක් වන්නාවූ කර්මයට ඊට අදාළ පිළිවෙලක් පිළිවෙතක් ඇත.

කර්මයට අන්තර්ගත ඵලයක් ඇති අතර ඊට අදාළ විපාකයක්ද ඇත්තේය.

වීර්යයෙන් යුතු තැනැත්තාට ඊට බලපෑමක් කල හැකි අතර අලසයාට ඊට සහමුලින්ම නතුවීමට සිදුවන්නේය.

ථේරවාද ධර්ම විග්රහයට අනුව මාරයාටත් විපාකයක් ඇත්තේය, යමරජුටත් විපාකයක් ඇත්තේය, යමපල්ලන්ටත් විපාකයක් ඇත්තේය, යක්ෂයන්ටත් විපාකයක් ඇත්තේය, තව සතෙකු මරාකන සතුන්ටත් විපාකයක් ඇත්තේය.

අය කරන ලද කර්මයෙන් නිදහස් වුවෝ නොවන්නෝය.

කර්මය කිරීමේදී ගැලපෙන චේතනාව අනුවත්, සත්ව පුද්ගල ස්වභාවය අනුවත් කර්මයේ විපාකය විවිධ ආකාර වන්නේය.

තිරිසන් සතෙකුට සිය කර්මය නිසා අන්තර්ගත ඵලය මනුෂ්යයෙකුට තරම් ප්රභල නොවන්නේ සිතේ ඇති බල දුබල තාවය මතයි. සතෙකුගේ සිත සාපේක්ෂව දුර්වල හෙයිනි.

ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්රියයන් ඇතිමුත් මනුෂ්යන්ට ඇති හැකියාවන් සත්වයන්ට නොමැත. ඉන්ද්රිය ප්රතිලාභය මත කර්ම ඵලය වෙනස් වන්නේය.

සතුන්ටත්, නොමිනිස්සුන්ටත් විපාකය පොදුවන්නේ නම් යම් කළු (අකුසල) කර්මයක් සිදුකලහොත් ඊට අදාළ ඵලය තමා වෙත පැමිණෙන බව සලකා ඉන් වලකින්න.

කර්මයට සමාවක් නොමැත. එය විපාක දෙන්නේමය. දෙවරක් සිතා කටයුතු කරන්න.

තෙරුවන් සරණයි.

 

 

180      දුක ඇතිවන්නේ අත්නොහැරිම හේතුවෙනි

බුදු දහම විමුක්ති මාර්ගයක් ලෙස මෙන්ම ජිවන දර්ශනයක් ලෙසද ගලපා ගෙන මහත් ඵල නෙලා ගත හැකි වන්නේය.

විමුක්ති මාර්ගයක් ලෙස ගත් කල එය දුකින් (සසර) මිදීම පිණිස වන්නේය, ජිවන දර්ශනයක් ලෙස ගත් කල සකල විධ දුක්ඛ දෝමනස්සයන් ගෙන් මුදවා සිත සැනසිල්ලේ පවත්වා ගැනීම පිණිස වන්නේය.

තථාගතයන් වහන්සේ චතුරාර් සත් ලෙස වදාළේ දුක පිලිබඳ සත් සතරකි. එසේ හෙයින් සාසනය මෙන්ම ජීවිතයද දුක්ඛ සත් මත රඳවා වදාරන ලදී.

අභ්යන්තර හා බාහිර වශයෙන් දුක දෙයාකාර වශයෙන්වු ගැනුනද දුක යනු එකක්මය. එහෙත් ජිවන දර්ශනයක් ලෙස යොදා ගැනීමේදී අභ්යන්තර හා බාහිර වශයෙන් ගැනීම කළමනාකරණයට පහසු වන්නේය.

අභ්යන්තර කළමනාකරණය:-

·         ප්රථම ආර් සත් වන දුක, වෙහෙසී වැඩකිරීමෙන්, සීතල හෝ රශ්නයෙන්, මැසි මදුරුවන්ගෙන්, වේදනා කැක්කුම් වලින්, වෙන්වීම් වලින්, එකතුවීම් වලින්, බලාපොරොත්තු සුන්විමෙන් ඇතිවන්නේ නැතදුක ඇතිවන්නේ තණ්හා වෙනුයි. එනම් ඉහත කී දෑ නොවේවා යනුවෙන් ඇති ඇලීමයිදුක වෙන තැනක නොසොයන්න, බාහිර තැනක නැත, එය ඇත්තේ තමා තුලමය. බුදුන් වහන්සේගේ මුලික දෙසුම එයයි.

දුක ඇත්තේ තමාගේ තණ්හා වේමයි, තමා තුලමයි තමාගේ මුලාව තුලමයි යනුවෙන් පිරිසිඳ දැනගත් කල දුක තුනී කිරීම සඳහා අත්හැරීම නොහොත් බුද්ධ ධර්මයේ එන ඉවතලිමේ න්යාය අනුගමනය කලයුතු බව වැටහෙනු ඇත.

සිත තුල හටගන්නා වේදනා, දුක්ඛ දෝමනස්ස පාලනය කිරීමට ගන්නා උත්සාහයන් බොහොවක් නිෂ්ඵල වන්නේ ඒවා තව දුරටත් දුකෙහිම රඳවා තැබීමට හේතු කාරනා වන හෙයිනි.

අප තරහෙන් බැඳ තබන්නේ වරද සොයන මනසයි.

දුකට ඇලුණු සිත මුදවා ගැනීමට සඳහා හේතු භූත වූ තන්හාව (ඇලීම) අත්හැර දැමුවිට සිත දුකෙන් මිදෙනු ඇත.

බාහිර කළමනාකරණය:-

·         බුදු දහම යනු පරම සත්යයි. එය පරිසරයේ, ජනවහරේ, සාහිත්යයේ, ඉතිහාසයේ, ස්වභාව ධර්මයේ පවා ගැබ්වී ඇත. ඒවා සුදුසු ලෙස යොදා ගැනීමෙන්ද දුකින් මිදීමට පිටුවහලක් ලැබෙනු ඇත.

ආගන්තුක පුද්ගලයන් හෝ හේතු කාරණ නිසාවෙන් සිදුවන්නාවූ දුක වේදනාව යතාර්ථය අවබෝධ කර ගැනීමෙන් (අත්හල) ඉවතලිය හැකිවන්නේය. ඒවා බාහිර යයි සලකා පාලනයෙන් තොර යයි සිතා අත්හරින්න.

බාහිර, ආගන්තුක කිසිවක් තමාගේ යයි ගන්න එපා. ජනවහර පිටුවහලට ගන්න.

* කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්.

* රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය - නපුරු දුදනන්ගෙ සියොලගෙහිම විසය.

* කුළුණු ගුණෙන් යුතු උතුමන් සිත මහරු - දුදන බසින් නොදෙයි කරනට නපුරු.

* අනුන් දොස දකිති අනුවණ දන කපට.

* මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත - නිදොස් කෙනෙකු මෙදියත ඉපදුනේ නැත.

* නපුරු කලට සත හට පැමිණෙන වෙහෙස - එදුරු නොවෙයි කල පව් පල දෙවා මිස.

* තමන් හට නො සමයන් කලට සම - මුවින් නොබැන ඉවසනු සුදන ගරුකම.

දුක ඇතිවන්නේ ඇලීම හේතුවෙනි. ඇලීම දුරලා එතැන සතුටින් පුරවන්න. වෙහෙස, වේදනාව ඇතිවන්නේ සිරුරටයි එය සිතට ගන්න එපා අත්හරින්න. සිතට එන හැගීම් පසුපස යන්න එපා හැගීමක් ඇතිවීම ස්වාභාවිකයි එය වැළද ගන්න එපා අත්හරින්න.

තෙරුවන් සරණයි.

 

 

179      පරුෂ වචනය

ශික්ෂා පදයක් ලෙස බෞද්ධයන් විසින් වරදවා තේරුම් ගත් පදයකි මෙය.

බෞද්ධ අබෞද්ධ සියලු දෙනා පරුෂ වචනය යනු කුණු හරුප (කුණු හබ්බ) නරක වචන ලෙස තේරුම් ගෙන ඇත්තේය.

ඉන් ධර්ම පරියායේ එන අදහස සාකල් යෙන්ම ප්රකාශ නොවන්නේය.

තවද භාව ප්රකාශනය පරිපුර්ණ නොවන නිසා සමාදන් වන සිල් පදය දෝෂ සහිත වන්නේය.

පරුස යන්නෙහි තේරුම වන්නේ පෑරිමයි. එනම් සිත පාරන වචනයි.

තමාගේ මුවින් අනෙකෙකුගේ සිත පාරන වචනයක් පිටවන්නේ නම් එය පරුෂ වචනයකි.

මෙය ඇනුම් පදයක්, බැනුම් පදයක්, රෝස පරොස් වචනයක්, රළු පරළු වචනයක්, නින්දා සහගත වචනයක්, ඊර්ෂයා සහගත වචනයක්, අප්රිය වචනයක්, අසභ් වචනයක් යන මොනයම්ම වචනයක් විය හැකියි.

මින් අදහස් කෙරෙන්නේ වචනයේ අර්ථයම නොව ක්රියාවේ අර්ථය මයි. ක්රියාව වන්නේ සිත පෑරීමයි

සිල් පදයක් ලෙස සමාදන් වීමේදී ඉහතකී සියල්ලම අදාළ බව සලකන්න.

වචනයෙන් කෙරෙන අකුසලයක් ලෙස ගැනුනද, ප්රකාශනයෙන් කෙරුනද එය වරදක් වන්නේය.

වචනයෙන්, ලිවීමෙන්, මාධ්යකින් වන මොනයම් ක්රමයකින් වුවද අනුන්ගේ සිත පෑරෙන වචනයක් නම් එය පරුෂ වචනයකි.

තමාගේ සිත පෑරෙන වචන ඇසීමට අකමැති නම් අනුන්ගේ සිත පෑරීමට ඇති යුක්තිය කුමක්ද?

පරුෂ වචන නොකියන තැනැත්තාට සියල්ලෝම කැමති වන්නෝය.

තෙරුවන් සරණයි.

 

 

178      ආකල්ප කළමනාකරණය

 

තථාගතයන් වහන්සේ භික්ෂුන් අමතා පරිහානියට පත්නොවීමට පිළිපැදිය යුතු කාරණා හතක් මහාපරිනිබ්බාන සුත්රයේ දක්වා වදාරා ඇත.

මෙකී ධර්මතා හත මනාව කලමනාකරණය කර ගැනීමෙන් ගිහි අපට , ජිවිත අර්ථ සාධනයත් ලෞකික විමුක්තියත් ලඟා කර ගත හැකි වන්නේය.

මුල්, කාල, විපත්ති, ආතති මෙන්ම ආකල්ප කළමනාකරණයත් ජිවිතයට ප්රයෝජනවත් වන්නේය.

  1. කර්මාරාමතා :- වැඩ වැඩිකර ගැනීම මෙහි අදහසයි. භික්ෂුවක නම් භික්ෂුත්වයට අදාළ වැඩත් ගිහියෙක් නම් තමාට කළහැකි ප්රමාණයට පමණක් වැඩ කටයුතු වලට අත ගැසීමත් කල යුතු වන්නේය. නොහොත් කිසිදු වැඩක් හරියාකාරව කිරීමට අපොහොසත් වන්නේය. පාසැල් වයසේ ළමයෙක් ඉගනීමට මුලිකත්වය දිය යුතු අතර බාහිර වැඩ සිමා කල යුතු වන්නේය.
  2. භාස්සාරාමතා :- කතාව වැඩිකර ගැනීම මෙහි අදහසයි. මහණ කමට නොරිසි ස්ත්රී පුරුෂ වර්ණනා කෙළි කවට බස් නොතෙපලිය යුතුවේ. ගිහියන් වැඩිපුර අල්ලාප සල්ලාපයේ යෙදීමත්, වැඩ අතපසු වන ලෙස කතාවේ යෙදීමත්, හිස් වචන, සම්පප්රලාප, වල යෙදීමත් නොකළයුතු වන්නේය.
  3. නිද්දාරාමතා :- නින්ද වැඩිකර ගැනීම මෙහි අදහසයි. භික්ෂුවක් විසින් කෙලෙස් තවන අදහසින් නිදිවරා ගුණ පුරා ගැනීම ජාගරියානු යෝගයයි. සියල්ල අතපසු වන ආකාරයෙන් පමණට වඩා නින්දෙහි ඇලීම පිරිහීමට කරුණකි. බණ භාවනා වන්හිදී නිද්රාවට වැටීම, පත පොතෙහි නොදී නිද්රාවට වැටීම, වැඩිපුර වෙලාවක් නින්දට වැය කිරීම නිද්දාරාමතාවයි.
  4. ගණසන්ගනිකාරාමතා :- රංචු ගැසීම මෙහි අදහසයි. භික්ෂුවක් හුදකලා විසිය යුතුවේ. ගිහියන් වන අප නිතර රංචු ගැසෙනවා නම් බොහෝ දෙනා එක්ව රැඳී සිටිනවා නම්, සමුහ වශයෙන් නිතර නිතර රැස් වනවා නම් එය පරිහානියට මෙන්ම අනතුරට හේතුවක් වන්නේය.
  5. පාපිච්චතා :- පවිටු අදහස් ඇතිවීම, පව්කාර අපේක්ෂා වන්හි ඇලීම මෙහි අදහසයි. නිතර නිතර පවිටු ලාමක අදහස් වල ඇලී ගැලී කල් ගෙවීම පරිහානියට හේතුවක් වන්නේය.
  6. පාපමිත්තතා :- පාප මිත්රයන් ඇසුරු කිරීම මෙහි අදහසයි. මහණ බමුණන්ට පමණක් නොව ගිහියන් කල්යාණ මිත්රයන් ඇසුරු කලයුතු අතර පාප මිත්රයන් ඇසුරු නොකළයුතු වන්නේය. පාප මිත් ඇසුර සැම අතින්ම අනර්ථ කාරී වන්නේය.
  7. ඔරමත්තතා :- පුංචි දියුණුවකින් තෘප්තිමත් වීම මෙහි අදහසයි. භික්ෂුවක් නම් රහත් භාවයෙන් මෙපිට අංශුමාත් අධිගමයකින් සැහීමකට පත්වීම අනුදැන වදාරා නොමැත. ගිහියකු වුවද සරල දියුණුවකින් සැහීමකට පත්නොවී ජය ටැඹ කරා පානැගිය යුතුවේ.

ඉහතකී ආකාරයට අරමුණු සාදනය කර ගැනීමෙන් ජීවිතය කලමනාකරණය කල යුතු වන්නේය.

තථාගතයන් වහන්සේ විසින් භික්ෂුන් අමතා භික්ෂුත්වය නොපිරිහි තබා ගැනීමට අනුදැන වදාළ එකී කාරණා අප විසින් මනාව කළමනාකරණය කරගැනීමෙන් දියුණුවක් මිස පිරිහීමක් නොවන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

177      කාලි හෙවත් කාලකණ්ණි

විරුපාක්ෂ දෙව් මහරජුගේ දියණිය වූ කාලි සතුව තිබු අගුණ හා ඇය සතුවූ ගති සිරිකාලකණ්ණි ජාතකයේ මෙසේ දැක්වේ.

·         යම් කෙනෙක් ලොවේ ගුණ මකයි අනුන්ගේ - ගරහා දොස් කියයි අනුන්ට කරයි එකටෙක, සිටී ඉරිසියාවෙන් - අනුන්ට යමක් ලැබෙනවාට නොඉවසයි මසුරුව මායාවෙන් කරයි කපටිකම් - අනාචාරයේ යෙදී නසා ගනී නම් වස්තුව අන්න එබඳු පුරුෂයාට මං හරි ආසයි

·         පොඩි දේටත් වහා කිපෙනවා නම් - වෛර බැඳගෙන පළිගන්නවා නම් කේළාම් කියා සමඟිය නසනවා නම් - පහත් වචන කියනවා නම් සිතේ සතුට නසන වචන කියයි නම් - එබඳු කෙනාටයි මං හරි ආසා

·         තමන්ගෙ දියුණුව උදෙසා - අද කළයුතු හෙට කළයුතු දේ නොදනී නම් උවවාද කළ විට - ඔවදන් දුන් කෙනාට වෛර බඳී නම් හැමට උඩින් සිටිය යුත්තේ තමා කියා - උඩඟු සිතින් සිටී නම් කම් සැපයට ගිජු වී එයටම වසඟ වෙලා නම් - හැම මිතුරන්ගෙන් ඔහු පිරිහී යයි නම් මේ අයටයි මං නම් හරි ආසා - මේ අය ළඟ මං සතුටින් දුකක් නැතිව ඉන්නේ.

ඉහත දක්වා ඇත්තේ චාතුම්මහාරාජික දෙව්ලොව විරූපාක්ෂ (යක් ) දෙව් මහරජුගේ කාලකණ්ණි නමැති නාගකුලේ දියණිය වන කාලිගේ ගති ගුණයි.

එසේනම්, ඔබ බාරහාර වනවිට, පුදපූජා පවත්වන විට, උදව් ඉල්ලන විට, වින කරනවිට, කන්නලව් කරන විට ප්රවේශමෙන් කටයුතු කරන්න. මන්ද පෙරලා අගුනද ලබා දිය හැකි හෙයිනි.

ධර්මයට අනුකුලව කටයුතු කරන්න. කිසිවිටකත් ධර්මයට පිටුපා කටයුතු නොකරන්න.

තෙරුවන් සරණයි.

 

 

 

176      ශ්රී ලක්ෂ්මි හෙවත් ශ්රියා කාන්තාව

 

බුදුන් දවස උප්පලවණ්නා නමින් ඉපදී සිටි, එකල ධ්රැතරාෂ්ඨ දෙව් මහරජුගේ දියණිය වූ ශ්රී ලක්ෂ්මි (ශ්රියා කාන්තාව) සතුව තිබු සිල් ගුණ හා ඇය සතුවූ දැක්ම සිරිකාලකණ්ණි ජාතකයේ මෙසේ දැක්වේ.

·         සීතල රස්නෙ මැඩගෙන - අවු සුළං මැසි මදුරුවන් මැද සර්ප පීඩා බඩගිනි පිපාසා - මෙහෙම දේ ගණනකට නොමගෙන දවල්/රෑ නිරතුරුව වෙහෙසී - තමන් කරනා වැඩට කැප වී යමක් කළ යුතු නිසි කාලයෙහි - වැඩය මැනවින්ම කරනා තම යහපත අත් නොහරිනා අය ළඟ මම සිටිමි.

·         යමෙක් තරහා නොගනී නම් - මිතුරන් හට සලකයි නම් ලෝභ නැතිව දන්දෙයි නම් - සිල් ගුණයෙන් යුතු වෙයි නම් කපටි වැඩක් නොකරයි නම් - සෘජු ගුණයෙන් යුතු වෙයි නම් හැමදෙනාට සළකයි නම් - මොලොක් මිහිරි බස් ඇත්නම් බලවත් වුණත් යසඉසුරින් තනතුරින් - නිහතමානී වෙයි නම් සුවිසල් දියරැුළි නැගී එනවිට - මුහුදේ ලස්සන පෙනෙනා සේ එවැනි පුරුෂයා ළඟ මං - විශාල වෙමින් පෙනී සිටිමි.

·         තමන්ට මිතුරුව සිටිනා අයටත් - තමන්ගේ සතුරන්ටත් තමාට වඩා උසස් අයටත් - සමාන වූ හෝ පහත් අයටත් තමාට යහපත කළ අයටත් - වරදක් කළ අයටත් එළිපිටදීත් පුද්ගලකවත් - දන්, සිල්, රිය වදනින්, අඞ්ථචරියාවෙන් හොඳින් සංගරහ කරයි නම් - කිසිදා නපුරු වදනක් නොකියයි නම් උන්නත් මළත් කෙනා - ඔහු ළඟයි මං ඉන්නේ සදා.

·         යම් අනුවණයෙක් මේ කියූ සම්පත් වලින් - කිසිවකින් සැප ලබාගෙන ඒවා නැවත ලබා ගන්නට - යහපතේ නොහැසිරේ නම් ලැබූ දෙයෙහි අගය නොදකින - උඩඟුව පවෙහි හැසිරෙන කෙනා වැසිකිළි වලක් සේ පෙනේ මට - මං ඔහුගෙන් ඈතටම යමි.

·         තමන්ගේ වාසනාව තමාමයි උදාකරගන්නේ තමන්ගේ අවාසනාවත් තමන්මයි උදාකරගන්නේ; වාසනාවත් අවාසනාවත් - කෙනෙක් තවකෙකුට නෑ කරන්නේ රී කාන්තාවගේ මේ වදන් ඇසූ බෝධි සත්වයෝ ගොඩාක් සතුටු වූණා. ඇගේ අදහස් ඉතා යහපත් බව පිළිගත්තා. ”භවතී,... රී දේවී... මහා ලක්ෂ්මී...,

සෞභාග් උදා වන්නේ ශ්රී ලක්ෂමී ගේ පින්තුරයක් එල්ලා තැබීමෙන් නොව ඇය අනුමත කරන දෑ කිරීමෙන් පමණි.

තෙරුවන් සරණයි.

 

 

 

175       සිතීමෙන් වලකින්න

සිත යනු සිතුවිලි (චෛතසික) නොවේ. සිත සෑදෙන්නේ චෛතසික වලිනි.

දවස මුළුල්ලේම අප කරනුයේ සිතීමයි. ඊට හේතුව සතිය අවදිවී නොතිබීමයි.

සිතීමෙන් වලකින්න. ඔබ සිතනුයේ අතීතයේ සිදුවූවක් ගැන හෝ අනාගතයේ සිදුවීමට ඇති දෙයක් ගැනය.

මේ දෙකම ඵල රහිතය. එතෙකුදුවත් නොව ඉන් දුක, දොම්නස, සෝකය, වෛරය ලඟා කර දෙන්නේය. සතුට තුරන් කර ගන්නේය. මිතුරන් නැතිකර ගන්නේය. අලුත් සතුරන් ඇතිකර ගන්නේය.

සිතීමෙන් වැළකුණු විටදී තරහ, කලකිරීම, දුක, දොම්නස, සෝකය ඔබට නොලැබී යන්නේය.

සිතීමෙන් තොරව නිසොල්මන් වනවා වෙනුවට බොහෝ දෙනා කරනුයේ නිසොල්මන් තැනකට වී සිතුවිලි වල නිරතවීමයි (සිතීමයි), දුක ඉල්ලා ලබා ගැනීමයි.

ආනාපාන සතිය යනු සිතුවිලි වලට වැට බැඳීමකි. ස්වසනයට පමණක් සිත යොමු කරන්න. එවිට සියලු දුක් දොම්නස් සිතට ඇතුළුවී ඔබ විකාරයට පත්නොකරනු ඇත.

එවිට ඔබ උපසම නම්වූ නිහඬ ශාන්ත භාවයට පත්වී ඇත. එය ප්රඥාවේ ප්රතිඵලයකි.

සිතීමෙන් වලකින්න. සිතට සිතුවිලි ගලා ඒම ස්වාභාවික ක්රියාවලියකි. එකී සිතුවිලි සිතිමකට ලක් නොකොට ගලායාමට ඉඩ දෙන්න. එය දුක අත්හැරිමකි.

විදර්ශනාව යනු සිතීම යයි වරදවා නොගතයුතුය.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

174      දෙතිස් කථා (වැලකිය යුතු කථා)

ආටෝපයට නොව අර්ථකාමී ලෙස නිර්මල බුද්ධ ධර්මයට අනුගත වන පුද්ගලයා විසින් අත්හල යුතු කථා 32 ක් තථාගතයන් වහන්සේ දේශනා කර ඇති බව දීඝනිකායේ සීලක්ඛන්ධ වග්ගයේ කේවට්ඨ සූත්රයේ හා ලෝහිච්ච සූත්රයේ සදහන් වේ.

එහි මුල් අංග 4 ලෙස රජුන් පිලිබද කථා, සොරුන් පිලිබද කථා, මහ ඇමති කථා, යුද්ධසේනා කථා දක්වා ඇත.

වර්තමානයට ගැලපෙන පරිදි සකස් කර ගැනීමේදී දේශපාලනය පිලිබද කථා ස්ල්ලාපයන් ධර්ම කතිකාවත් තුලට වැද්දා ගැනීම නොකට යුත්තකි.

ධර්මය එකකි, දේශපාලනය තවකෙකි. දේශපාලනය පිලිබද ගැටලු ධර්මය තුලින් විසදා ගැනිමට තැත් කිරිමත්, ධර්ම කාරණා දේශපාලනයට සසදා බැලීමත් අනුවන ක්රියාවකි.

ධර්මයේ සදහන් පහදාදීම් දේශපාලන විසදුම් ලෙස සලකා ධර්මය විකුර්තියක් ලෙස ගැනීම අගතිගාමී වන්නක් වන අතර එය දුගතිගාමී වීමටද හේතුවක් වන්නේය.

සමානත්මතා ධර්මය වන්නේ පන්සලත් ප්ල්ලියත් කෝවිලත් දේවාලයත් එකම වහල්ක් යට තිබීමවත්, එකම පහනක් දැල්වීමවත්, පොදු අර්ථකතනයක් ලබාදීමවත් නොවේ. එය ධර්මයට කරන නිග්රහයකි. නොදන්නා කමකි.

සමාජය අමතා කරන ලද කොමියුනිස්ට්වාදය, ප්රජාතන්ත්රවාදය, ලිබරල්වාදය, මහාසම්මතවාදය, බුද්ධදේශනය හා සමගාමී නොවන්නේ බුද්ධ දේශනය පුද්ගලයන් අමතා කරන ලද්දක් මිස සමාජයක් අමතා කරන ලද්දක් නොවන හේතුවෙනි.

ජේතවනාරාමය අසල බිම් කඩ නිඝන්ඨයන්ට ලබා දීමට කොසොල් රජතුමා කල උත්සාහය ගැන තථාගතයන් වහන්සේ කැමැත්ත පල නොකිරීම සමානාත්මතා ධර්මය පිටුදැකීමක් නොවන බව නුවණ අවදිකරවා සිතන්න.

රජගහනුවර වේලුවනාරාමයේත්, සැවැත්නුවර ජේතවනාරාමයේත්, කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ වත් නිඝන්ඨයන්ටවත්, පරිබ්රාජකයන්ටවත් කාමරයක් වෙන් නොකලේ සමානාත්මතා ධර්මය බුදුදහමේ නොපිලිගන්නා නිසා නොවන බව දත යුතුවේ.

සමානාත්මතා ධර්මය තිබිය යුත්තේ තමා ලග මිස අනුන් ලග නොවේ.

අනුන් වෙත සමානාත්මතා ධර්මය නොමැති යයි සිතන්නේ තමා අනෙකා සමානාත්මතාවයෙන් නොසැලකීම හේතුවෙනි.

සමානාත්මතාවයේ දොර සමාජයට විවුර්ත කිර්ර්මට පෙර තම නිවසේ ගේට්ටුව යාචකයන්ට හැර තිබීම වැදගත් වන්නේය.

තෙරුවන් සරණයි

 

 

 

 

173      උස් හඬින් ගාථා කීම

වෙහෙර විහාර පන්සල් ආදියේදී බොහෝ විට ඇසිය හැකි මෙන්ම දැකගත හැකි දෙයක් වන්නේ සමහර දෙනා උස් හඬින් ගාථා හා පිරිත් සජ්ජායනා කිරීමයි.

මෙය බොහෝවිට ඇතැමෙකුට නොරිස්සුම් දෙන දෙයකි. මෙය මෙසේ නොවිය යුතු යයි ඇතැමෙක් අවලාද නගති නැතහොත් ද්වේශයක් ඇති කර ගනිති.

උස් හඬින් ගාථා නොකියන්නේ නම් අන් අයට අපහසුවක් නොවන බව සත්යකි. නොදැනුවත් කමට කරන්නේ නම් හා අනුන් ගැන තැකීමක් නොකොට උද්දච්ච කමට හෝ දර්ශනයක් ලෙස කරන්නේනම් පිළිගත නොහැක්කකි.

එහෙත් මෙහි යම් අරුතක් තිබේ, ගැන දැනුවත් වීමද වටී.

පුහුදුන් අපට එක අරමුණක මද වෙලාවක් හෝ සිත පවත්වා ගැනීම අසීරුවේ. ගාථා කීවද සිත වෙන අරමුණක පවතින්නේය.

ගාථා සියල්ල කියා බුදුන් වැඳ හමාරවුවද සිත බොහෝ දුරට පන්සල් මායිමක වත් නොසිට අයාලේ සිතුවිලි සමග ගමන් කර ඇත. මල් පහන් පිදුවාද වත්, වෙහෙර වහන්සේට කෙසේ වැන්දාද වත් මතක නැත.

කර්මයට චේතනාව මුල් වියයුතු අතර චේතනාව හා නොගැලපුන හොත් කර්මය සම්පුර්ණ නොවන්නේය. එසේ හෙයින් වන්දනා කිරීමේදී සිත වෙනතක පැවතුන හොත් කුසලය සම්පුර්ණ නොවන්නේය.

උස හඬින් ගාථා කීමේදී සිත එම කාර්යයේ පවත්වා ගැනීම පහසු වන්නේය. හේතුවෙන් උස් හඬින් ගාථා කීම සජ්ජායනා කිරීම ගැන වරදක් දැකිය නොහැක.

සෝතානුදත සුත්රයට අනුව " සුතා, ධතාවචාසා පරිචිතා, මනසානු පෙක්ඛිතා, දිට්ඨියා පුප්පටිවිද්දා " යනුවෙන් තථාගත දේශනයේ දක්වා ඇති ආකාරයට වචනයෙන් ප්රකාශ කිරීම මගින් ධර්ම මාර්ගයේ යෙදියම කලයුතු වන්නේය.

කෙසේ වෙතත් අනුන් ගේ ක්රියාවක් හේතුවෙන් තම සිතේ ද්වේශයක් හටගත්තේ නම් පුණ් කර්මයක් කිරීමට ගොස් අකුසලයක් කරගත්තා වන්නේය.

එවන් අවස්ථා වන්හිදී සිහිය එලවා කටයුතු කරන්න.

තෙරුවන් සරණයි.

 

 

172      අවවාදය යනු නිධානයකි

තථාගතයන් වහන්සේගේ දේශනා බොහෝවක් ආදර්ශමත් අවවාදයන් වන්න්නේය.

"විනයෝ නාම සාසනස්ස ආයු" විනය සාසනයේ ආයුෂයයි යනුවෙන් දක්වන ලදි.

බඹසර රැකීමට අදාළ අවවාදයන් ප්රථමයෙන් ඕවාද ප්රාතිමෝක්ෂ යෙත් පසුව ධර්ම විනයයේත් අන්තර්ගත කොට වදාරණ ලදී.

අවවාදය යනු සසර කෙටි කර ගැනීමට නිධානයක් වන්නේයැයි දේශනා කොට, සාරිපුත්ත හා මොග්ගල්ලානයන් ගේ අවවාද අනුසාසනා පිළිපදින්නැයි බික්ෂු සංඝයාට දන්වා වදාළේය.

විනය පිටකයට අමතරව සූත් දේශනාවන් බොහොමයක සංග්රහ කොට ඇත්තේ අවවාද හා අනුසාසනාවන්ය.

ලෝකෝත්තර මෙන්ම ලෞකික දියුණුවටත් අවවාද අනුසාසනා මහා නිධානයක් වන්නේය.

දෙමව්පියන්, ගුරුවර ගුරුවරියන්, මහණ බමුණන්, කුල දෙටුවන්, ජේෂ්ඨයන්, මාර්ගෝපදේශකයන් විසින් දෙනු ලබන අවවාද මග හැර කටයුතු කිරීම නිධානයක් ප්රතික්ෂේප කිරීමක් වැනිය.

ලෞකික දියුණුවට පත්වූ බොහෝදෙනා අවවාද අනුසාසනා පිළිගෙන කටයුතු කල අයයි.

ලෞකික පරිහානියට පත්වූ බොහෝ දෙනා අවවාද අනුසාසනා නොපිළිගෙන කටයුතු කල අයයි.

පිටතින් පමණක් නොව අත්දැකීම් වලින් ලැබෙන්නේත් අවවාදයන් බව සිහියේ තබා කටයුතු කරන්න.

අවවාදයක් ලද විට එය තම අතට පත් නිධානයක් යැයි සලකන්න.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

171      ලාභ සත්කාර කීර්ති ප්රසංසා

 

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රසංසා දරුණුය තියුණුය රළුය. අනුත්තරවූ අරහත් අවබෝධය පිණිස අන්තරාය වේ. යම්සේ බිලි වැද්දෙක් ඇම සහිත බිලිය ගැඹුරු දිය විලක බහාලන්නේද, ඇස් ඇති මාලුවෙක් එම බිලිය ගිලින්නේය. මෙසේ එම මත්සයා බිලිය ගිල ගත්තෙන් දුකට විනාශයට පැමිණේ. බිලි වැද්දා විසින් කැමති පරිදි ක්රියා කරන්නේය. බිලි වැද්දා යනු පාපී මාරයාට නමකි. බිලිය යනු ලාභ සත්කාර කිර්ති ප්රශංසා වලට නමකි.

සංයුක්ත නිකාය - බාළිස සුත්රය

ලෝකෝත්තර මෙන්ම ලෞකික මාර්ගයටත්, පැවැත්මටත් උක්ත දේශනය එකසේ අදාළ වන්නේය.

හුදෙක්ම ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා ගලා ඒම මත යථාස්වභාවය ගැන මනා වැටහීමක් නැති පෘතග්ජනයාගේ මාන්නය හේතුවෙන් ඔවුන් විනාශයට පත්වන්නේය.

·         ලාභය ගලා ඒමේදී, ව්යාපාර දියුණු පවුණු වීමේදී, ව්යාපාරිකයන් විසින් තම සේවකයන් අමතක කිරීම හේතු කොට ගෙන වත්කම් විනාශකර ගන්නේය.

·         භික්ෂුව ආමිසය ලාභය වෙනුවෙන් භික්ෂුත්වය කෙලෙසා ගනී.

·         රජුන්, පාලකයන් ජයග්රහණ, ගරු නම්බු, ලාභ සත්කාර හේතුවෙන් රටවැසියන්, පාලිතයන් ඈත් කොට තබා විනාශය ලඟා කර ගනී.

·         නුගතුන් හට තාන්න මාන්න, උසස්කම, උගත්කම, ධනය ලැබීම හේතුවෙන් මිතුරන් ඈත් කොට අසරණ අනාථ වන්නේය.

·         උඩඟු මිනිසුන් බලය, නිලය, ධනය, කිර්තිය ලැබීමෙන් ඥාතින් ඈත්කොට තබා පරිවාර සම්පත්තිය නැතිකර ගන්නේය.

·         මෝඩ, පවිටු, අධම මිනිසුන් හට අස්ථානයේ ලැබුන ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා, යස, ඉසුරු, සැප සම්පත් හේතුකොටගෙන මුල අමතක කිරීම හේතුවෙන් විනාශයට පත්වන්නේය.

මෙය සනාතනික ධර්මයකි. ලාභ සත්කාර කීර්ති ප්රසංසා වෙනුවෙන් උඩඟු නොවන්න.

තෙරුවන් සරණයි.


170      කර්මය ගලායාම

යම්කෙනෙකු විසින් කායික, වාචසික, හෝ මානසික ලෙසින් කරන ලද කර්මයට අදාළව ඊට අනුරූප ඵලයක් ගැබ්වන අතර වෙනුවෙන් සුඛ හෝ දුක්ඛ විපාකයක් සකස් වන්නේය. එය කර්ම විපාකයයි.

විපාකයට අමතරව සමහර කර්ම එකී පුද්ගලයා වෙත ආනිසංසයක් හෝ ආදිනවයක් ලෙසින් ලඟාවීමක් සිදුවන අතර එයත් කර්ම න්යායටම අදාළ වන්නකි.

මෙයට අමතරව කර්මය කල පුද්ගලයා වෙත පමණක් නොව ආනිසංස හෝ ආදීනව අන් පුද්ගලයන් වෙතද ලඟා වන අවස්ථා ඇත්තේය.

·         තම පවුලේ සාමාජිකයෙක් විසින් කරනුලබන කළු කර්මයක් (වැරදි සහගත ක්රියාවක්) හේතුවෙන් පවුලේ අනෙක් අයටද නින්දා, අපහාස, දඬුවම් විඳීමට සිදුවන අවස්ථා කොතෙකුත් ඇත.

ඒවා ඔවුන් කරන ලද කර්මයන් නොවුවද විපාක විඳීමට සිදුවන්නේය. සමහරවිට ගමකට, රටකට, මුළුමහත් සමාජයටම පවා ආදීනව විඳීමට සිදුවන්නේය.

·         පවුලේ සාමාජිකයකුගේ යහපත් ක්රියාවක් හේතුකොට ගෙන සෙසු සාමාජිකයිනටද ගෞරවයක් පිළිගැනීමක් සිදුවන අවස්ථා ඇත. එමෙන්ම සමහර අවස්ථා වන්හිදී මුළුමහත් සමාජයටම විපුල ඵල නෙලා ගැනීමට හැකිවනු ඇත.

ඉහත සියල්ල කරන ලද කර්මයේ විපාකයන් වන්නේය. පුද්ගල විපාක මෙන්ම පොදු විපාක කර්මය විසින් නිර්මාණය කරනු ලැබේ.

එසේ හෙයින් කර්මය පමණක් නොව ලෝක ධර්මතාවයන් ටද යටත් වීමට ඉපදුන පුද්ගලයාට සිදුවන බව සිතා කටයුතු කිරීම චිත්ත විපල්ලාසයන්ට මැදි නොවීමට හේතු වන්නේය. කර්මය අයිති කර්මයට හෙයින් අයිතිවාසිකම් නොකිව යුතු වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

169      චුති චිත්තය

යම් භවයක අවසාන චිත්තය චුති චිත්තයයි. ඵලය ප්රතිසන්ධි චිත්තය නම් හේතුව චුති චිත්තයයි. ජාතිය ක්ෂය කල උතුමන්ගේ (බුදු, පසේබුදු, රහත්) චුති චිත්තය ප්රතිසන්ධි ඵලයකට හේතුවක් නොවන්නේය.

අකුසල පාර්ශවයේ චුති චිත්තයකින් සුගති ප්රතිසන්ධියක් වත්, කුසල පාර්ශවයේ චුති චිත්තයකින් දුර්ගති ප්රතිසන්ධියක් වත් සිදුවීම අභව් වන්නේය.

ඉහත දැක්වෙන අදහස අනුව යමින් ප්රතිසන්ධිය ඇතිවන්නේ කර්මානුරූපිව බව අමතක කොට චුති චිත්තයට ලංසුවක් තබමින් බොහෝදෙනා චුතිචිත්තය යහපත්ව පවත්වා ගැනීමට වෙරදරති. මෙයද අභව් වන්නේය.

එමෙන්ම චුති චිත්තය කෙසේ හැසිරෙන්නේ දැයි කිව නොහැකි යයි කියමින් කොපමණ කුසල් දහම් වැඩුවත් දන් පිං කලත් ඵලක් නැතැයි විපිළිසර වන්නේය.

සිත යනු පරම්පරාවකි, එය ඇතිවී, පැවතී, නැතිවී යන වේගය අනුව චුති චිත්තය දැකගත හැකි වන්නේ හෝ සකස් කරගත හැකිවන්නේ අඩුම වශයෙන් අෂ්ට සමාපත්ති වත් ලැබූ උතුමන්ට පමණි.

එහෙයින් චුති චිත්තය ගැන විපිළිසර නොවන්න, එය ධර්මයට එකඟ වන්නක් නොවේ.

තමාට ඇති එකම සරණ, සීලය බව තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇති හෙයින් සීලවන්ත වන්න, එවිට ආනන්තර්ය පාප කර්මයක් නොමැති නම් අනිවාර්යයෙන්ම ප්රතිසන්ධි චිත්තය යහපත් වන්නේය.

මහණෙනි, සීලසම්පන්න සිල්වතාට "මට විපිළිසර ඇතිනොවේවා " කියා සිතන්ට දෙයක් නැත, සීලසම්පන්න සිල්වතාට නොවිපිළිසර උපදී යන්න ධර්මතාවයකි.

අංගුත්තර නිකාය - චේතනාකරණිය සුත්රය

චුති චිත්තය ගැන කනස්සලු නොවී කුසල් දහම් වඩන්න, දන් පිංකම් වල යෙදෙන්න, මෛත්රී කරන්න, ධර්ම මනසිකාර කරන්න, භාවනා වල නිරත වන්න, සිල් රකින්න, ශ්රද්ධාව ඇතිකර ගන්න එවිට සුගතියක උපත සහතික වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

168      අදහස් (සිතුවිලි) අනුව බැඳීම

මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන්ම සැසදෙති. එකතු වෙති.

·         ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසදෙති.

·         කල්යාණ අදහස් ඇත්තෝ කල්යාණ අදහස් ඇත්තවුන් සමග සැසදෙති.

·         නුවනැත්තෝ නුවනැත්තවුන් සමග එකතුවෙති.

·         ප්රඥාවන්තයෝ ප්රඥාවන්තයන් සමග එකතුවෙති.

සංයුක්ත නිකාය - ධාතු සංයුක්තය

ඉහත සංකල්පය අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම සමාන බව එම සුත්රයේ සඳහන්ව ඇත.

ඉහත දේශනය ගැන විමසිලිමත් වෙමින්, අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් මෙන්ම වර්තමාන යහ පැවැත්ම සඳහා සිහිය පිහිටුවා කටයුතු නොකළහොත් දුක් කරදර වලට මුහුණ පෑමට සිදුවනු ඇත.

බොහෝ අවස්ථා වලදී ලාමක අදහස් ඇත්තවුන් අනිකා ඊට පොළඹවා ගැනීම ඉන්ද්රජාලිකව සිදුකරනු ලබන්නේය. සීනිබෝල න්යාය මගින් අදහස් ඉදිරිපත් කරනු ලබන බැවින් ප්රපාතයට ඇද වැටෙන්නේ සුන්දර මාවතකිනි.

ප්රඥාවන්තයන් හා නුවනැත්තන් අදහස් ඉදිරිපත් කරනුයේ විවුර්තවය. කිසිදු පෙළඹවීමක් එහි දක්නට නොමැත්තේය.

ප්රඥාව අවදි කර කටයුතු කිරීමට උත්සාහ ගන්න. එවිට බැදීයාමක් නොවන අතර සමවායක් පමණක් සිදුවන්නේය.

ඇසුර නිසා කුසල් හා අකුසල් ලඟා කරදෙන බව සිතා, සතිය පිහිටුවා කටයුතු කිරීමෙන් සැමවිටම යහපතක්ම සිදු වන්නේය.

තෙරුවන් සරණයි

 

 

 

167      දුකට හේතුව හා දුක නැතිකිරීම

දුක විවිධාකාරය. ජාති, ජරා, ව්යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ප්රියයන්ගෙන් වෙන්වීම, අප්රියයන් හා එක්වීම, කැමති දේ නොලැබීම යනාදී වශයෙනි.

බොහෝ දුක් අප කැමැත්තෙන්ම කැඳවා ගන්නා ඒවා වන්නේ සතිමත් (සිහිය) නොවීම හේතුවෙනි.

ඔබ කිසියම් ප්රශ්නයක වැඩිපුර වෙලාවක් ගතකර ඇත්නම් එහි තේරුම වන්නේ, ඔබ ලෝභයේ හෝ ද්වේශයේ නිරතවී සිට ඇති බවයි.

ලෝභයේ හා ද්වේශයේ කෙලවර ඇත්තේ දුකකි.

ලෝභය හා ද්වේශය චෛතසිකයන් වන අතර අකුසල මූලයන් වන්නේය. එකී චෛතසිකයන් එකතුවී සාදන සිත් අනර්ථකාරී වන අතර දුක උරුමකර දෙන්නේය.

ප්රශ්නයක නිරතවී සිටිනතාක් කල් ප්රශ්නයට විසදුමක් ලබාගත නොහැක. ප්රශ්නයට විසඳුමක් ලබාගැනීමට අවශ් නම් ප්රශ්නයෙන් පිටතට පැමිණිය යුතුවේ.

·         ප්රශ්නය හඳුනා ගතයුතු වන්නේය. (සිහිය එළඹවා ) (Recognize)

·         ප්රශ්නයක් ඇති බව පිළිගත යුතුවේ. (Accept)

·         ප්රශ්නය විමර්ශනය කලයුතු වේ. ( Investigate)

·         ප්රශ්නයෙන් ඉවත් විය යුතුවේ. (Detach)

එවිට ප්රශ්නයට පිළිතුරක් ලැබිය හැකිය නොහොත් ප්රශ්නය ඔබේ නොවන්නේය.

ප්රශ්නය විමර්ශනය කිරීමේදී බොහෝ ඒවා ඔබේ නොව අනුන්ගේ බව වැටහී යන්නේය. අනුන්ගේ ප්රශ්නයන්ට ඔබ දුක් නොවිඳිය යුතුවේ.

තෙරුවන් සරණයි.

 

 

166      විද්යමාන පුද්ගලයන්

 

මහණෙනි, මෙලොව පුද්ගලයන් සතර දෙනෙක් දැකගත හැක්කේය. තමන් තවන (අත්තන්තප), අනුන් තවන (පරන්තප), තමන් හා අනුන් තවන (අත්තන්තප්පෝපරන්තප), තමන්ද නොතවන අනුන්ද නොතවන (අනත්තප්ප අපරන්තප්ප) වශයෙනි.

අංගුත්තර නිකාය - අත්තන්තප සුත්රය

බුද්ධ භාෂිතයට අගරුනොවන ලෙස අද කාලයේ විද්යමාන චරිත වෙතින් මෙම සුත්රය වටහා ගැනීම වඩාත් සුදුසු මෙන්ම ප්රඥා ගෝචර වන්නේය.

  1. තමන් තවන පුද්ගලයන්:- සුරාව, මත්ද්රව්, සුදුව, සමාජ ශාලා, අනියම් ඇසුර යනාදී දුෂ්ප්රාප්ත ක්රියාවන්හි යෙදීමෙන් හා අපරාධ කොට සිරගතවීම් ආදියෙන් තමා විසින්ම තමා දුකට, තැවිමකට පත්කර ගන්නා පුද්ගලයන්.
  2. අනුන් තවන පුද්ගලයන්:- බොරුව, කේලම, අනුන් හෙලාදකිම පහත්කොට සැලකීම, තාඩන පීඩන, දුෂණ ක්රියා, අපරාධ, මංකොල්ල කෑම, සොරකම, වංචාව යනාදී අනුන් දුකට සෝකයට පත් කරන ක්රියාවන්හි නිරත පුද්ගලයන් හා ගිනිපොලී කරුවන්, මුල් හා ලීසිං සමාගම් කරුවන්, ප්රෝඩාකරුවන්, අසත්පුරුෂයන් යනාදී පුද්ගලයන්.
  3. අනුන් හා තමන් තවන පුද්ගලයන් :- පාපමිත්රයන්, සමාජ විරෝධීන්, පරිසර විරෝධීන්, පරිසර දුෂකයන්, කැළෑ පාලුවන්, බොරු ප්රචාර පතුරවන්නන්, බොරු උද්ඝෝෂකයන්, මත්ද්රව් වෙළදුන්, දුෂ්ඨ මාධ්යවේදීන්, ජාතිවාදීන්, ජාතිවාදීන් ආරක්ෂා කරන්නන්, ආගම් කෙලෙසන්නන්, සමාජය හෝ අනුන් රවටා තමා හිරේ විලංගුවේ වැටෙන්නන්, මිසදිටුවන්, සමාජය මුලා කරන්නන්, ජනතා ද්රෝහීන් යනාදී කුහක චරිතයන්.
  4. තමන්ද අනුන්ද නොතවන පුද්ගලයන් :- ගුරුදෙගුරුන්, සත්පුරුෂයන්, කල්යාණ මිත්රයන්, සුපේශල ශික්ෂා කාමී භික්ෂුන්, සමාජ සේවකයන්, සීලවතුන්, ගුණවතුන්, ශ්රද්ධාවන්තයන්, ප්රඥාවන්තයන්, මෙත් සිත පතුරුවන්නන්, යනාදී පුද්ගලයන්.

දුෂ්ඨ පුද්ගලයන් නිවැරදි කිරීමට යාම කාලය නාස්ති කිරීමකි. ඉහතකී පුද්ගලයන් හඳුනා (ළංකොට, දුරස්කොට) අසුරුකිරිම වඩාත් යහපත් වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

165        ව්යායාම කර නිවන් දකිමු

සම්මා ව්යායාම යනු සිතට කරන ව්යායාමයයි.

ව්යායාමය ශරීර සෞඛ්යයට හිතකර වන්නකි.

මිනිසා යනු කයින් හා සිතින් (Body & Mind) සමන්විත වූවෙකි.

අත පය හසුරුවමින් කුසිත, කම්මැලි ශරීරය වෙහෙසවා කාය වර්ධනය මගින් සෞඛ් සම්පන්න වීම කායික ව්යායාමයයි.

කුසිත, ථින මිද්දයට බර, නොදැමුණු සිත සතියෙන්, භාවනාවෙන්, සමාධියෙන් ප්රීතියටත්, සුඛයටත් පස්සද්දීයටත් පත් කර ගැනීම මානසික ව්යායාමයයි.

·         මුදිතාව - වැදගත්ම මානසික ව්යායාමයයි. අකුසල් මුල් තුනෙන් ගලවා සිත සැහැල්ලු බවට පත්කරන බ්රහ්මවිහාරී මුදිතාව, පිලිවෙලින් දිව් බ්රහ්ම තල වල උත්පත්තියටත් සාන්තවූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටත් හේතුවන්නේය.

1.       අනුන්ගේ සැපත, අභිවෘද්ධිය ඉවසීමේ ව්යායාමය.

2.       අනුන්ගේ දියුණුව, සම්පත් දැක සතුටුවීමේ ව්යායාමය.

·         කරුණාවඅනුන්ගේ දුකේදී, විපතේදී සතුටු නොවී අය විපතින් මිදේවා යනුවෙන් සත්යවාදීව කරුණාව සිතෙහි උපදවා ගැනීමට කරන ව්යායාමය.

·         මෛත්රිය - හිතවත් අහිතවත් සියලුම සත්වයන් දුකින් මිදේවා, සැපයට පැමිණේවා යනුවෙන් සිතීමට හා පැවතීමට ගන්න්නා ව්යායාමය.

·         උපේක්ෂා - ලාභ අලාභ, යස අයස, නින්දා ප්රසංසා දුක සැප සියල්ල අපේක්ෂාවකින් තොරව විඳ දරාගැනීමට ගන්නාවූ උත්සාහය.

තමා වෙත නැති, ආයාසයෙන් ලබා ගත යුතු ධර්මතා ලබාගැනීමට ගන්නා උත්සාහය මානසික ව්යායාමයකි.

·         මානය - තමන්ගේ සම්පත්, බවභෝග, කිර්තිය, ගැන මත්වීම හා අනුන් හෙලා තලා පෙලා නොදැමීමේ ව්යායාමය.

·         ඊර්ෂයාව - අනුන්ගේ දියුණුව, සෞභාග් දැක තම සිත පිඩනයට පත් කර නොගැනීමේ හා අනුන්ගේ සිත් සතන් පිඩාවට පත්නොකිරීමේ ව්යායාමය.

·         අභිජ්ජා - අනුන්ගේ සැප සම්පත් තමාට ලැබේවා යනුවෙන් පවතින ක්ලේශ ධර්මය නැතිකිරීමේ ව්යායාමය.

·         ව්යාපාද - අනුන් නැසේවා, වැනසේවා, සම්පත් හීනවේවා යනුවෙන් හිතවත් අහිතවත් අය කෙරෙහි නිතැතින් උපදිනා පාපකාරී ධර්මතාවය නැති කිරීමට ගන්නා ව්යායාමය.

·         මක්ක - ගුණමකු කමතම්භ - මුරණ්ඩු කමපලාස - අනුන් අභිබවායාමසාටෙයිය - කපටිකමසාරම්භ - එකට එක කිරීම යනාදී දුර්ගුණයන් චිත්ත සන්තානයෙන් ඉවත් කිරීමට ගන්නා ව්යායාමය.

තමා වෙත ඇති, බොහෝ වෙහස මහන්සියෙන් හඳුනා ගෙන දුරු කලයුතු, දුරුකිරිමෙන්ම සිත පහන් වන කෙලෙස් ධර්මතා අකා මකා දැමීමට ගන්නා උත්සාහය සම්මා ව්යායාමයකි.

කායික ව්යායාම වලින් කය වඩවා ගන්නවා මෙන්ම මානසික ව්යායාම වලින් සිත වඩවා ගත හැකි වන්නේය. බොහෝ කුසල් සිදුවන්නේය.

සිත වඩවා ගැනීමේ ව්යායාම වල යෙදී, සුගතිගාමී හා නිර්වාණගාමී වීමට උත්සුක වන්න.

තෙරුවන් සරණයි.

 

 

164        භාෂණය හා සංහිඳියාව

මානවයා සන්නිවේදනය ආරම්භ කලදා සිට මේ වනතෙක් ගමන් මග කලකෝලාහල, අනතුරු වලින් පිරී අවලක්ෂණ වී ඇත්තේ ප්රකාශනයේ තිබූ දුර්වලතා හේතුවෙනි, වර්තමානයේදී සංහිඳියාවට එය තර්ජනයක්වී තිබේ.

තථාගතයන් වහන්සේගේ දේශනා විලාසය:-

  1. යම් වචනයක් සිදු නොවූ, සත් නොවූ, එමෙන්ම අවැඩ ගෙන දෙන්නක් යයි දනීද, වචනය අනුනට අප්රියවේද, අමනාපවේද තථාගතයන් වහන්සේ එබඳු වචන දේශනා නොකරති.
  2. යම් වචනයක් සිදුවූ, සත්යවූ නමුත් අවැඩ ගෙන දෙන්නක් යයි දනීද, වචනය අනුනට අප්රියවේද, අමනාපවේද තථාගතයන් වහන්සේ එබඳු වචන දේශනා නොකරති.
  3. යම් වචනයක් සිදුවූ, සත්යවූ, එමෙන්ම අර්ථය ගෙන දෙන්නක් යයි දනීද, වචනය අනුනට අප්රියවේද, අමනාපවේද තථාගතයන් වහන්සේ එබඳු වචන කාලානුරුපිව දේශනා කරති.
  4. යම් වචනයක් සිදු නොවූ, සත් නොවූ, එමෙන්ම අවැඩ ගෙන දෙන්නක් යයි දනීද, එසේ වුවත් වචනය අනුනට ප්රියවේද, මනාපවේද තථාගතයන් වහන්සේ එබඳු වචන දේශනා නොකරති.
  5. යම් වචනයක් සිදුවූ, සත්යවූ නමුත් අවැඩ ගෙන දෙන්නක් යයි දනීද, එසේ වුවත් වචනය අනුනට ප්රියවේද, මනාපවේද තථාගතයන් වහන්සේ එබඳු වචන දේශනා නොකරති.
  6. යම් වචනයක් සිදුවූ, සත්යවූ මෙන්ම අර්ථය ගෙනදෙන්නක් යයි දනීද, වචනය අනුනට ප්රියවේද, මනාපවේද තථාගතයන් වහන්සේ එබඳු වචන දේශනා කිරීමට කල් දනී.

මජ්ජිම නිකාය - අභය රාජකුමාර ජාතකය

තථාගතයන් වහන්සේ පන්සාලිස් වසක් පුරාවට ධර්මය සන්නිවේදනය කිරීමට අනුගමනය කරන ලද ප්රකාශන විලාසය ගරු කලයුතු අතර අපද එය අනුගමනය කරන්නේ නම් සතරවන සිල් පදය බිඳීමේ අවශ්යතාවයක් පැනනොනගී. ලෝකයද මීට වඩා ලස්සන වන්නේය.

දස අකුසල් වලදී කයින් තුනක් සිතින් තුනක්ද සිදුවන විට වචනයෙන් හතරක් සිදුවන්නේය.

සුභාෂිතය ඔබ දෙව්ලොවට කැඳවාගෙන යයි.

තෙරුවන් සරණයි.

 

 

 

163       මාතලී, මම ඔවුන් වන්දනා කරමි.

තථාගතයන් වහන්සේටත්, රහතන් වහන්සේලාටත්, සීලයෙන් සමෘධාවූ බ්රහ්මචර්යාවේ යෙදී වාසය කරන පැවිද්දන් හා පින් කරන, සීල් රකින, දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන උපාසකයන්ටත් මම වන්දනා කරමි.

ශක් දේවේන්ද්රයා රථාචාර්යයා අමතා කියන ලදී.

සංයුක්ත නිකාය - සක්ක නමස්සන සුත්රය

පරාර්තචර්යාවේ යෙදීමෙන් දෙදෙව්ලොවට අධිපතිවූ ශක්රයා, පරාර්තචර්යාවේ යෙදෙන සීලවන්ත ගිහියන්ට බොහෝසේ කැමති වන්නේය.

·         දානාදී පිංකම් කොට පැවිද්දන්, ගිහියන්, සතුන් සැපවත් කිරීම පරාර්ථ චර්යාවකි.

·         සීලවන්ත වීමෙන් තමාත්, අනුන්වත්, පරිසරයත් සුරැකීම පරාර්ථ චර්යාවකි.

·         ධාර්මිකව උපයා සපයා ගැනීම සමාජයට කරන සත්කාරයකි.

·         දැහැමින් සපයා අඹුදරුවන් පෝෂණය කිරීම පරාර්ථ චර්යාවකි.

පරාර්ථචර්යාවේ යෙදෙන්න. එය බොහෝසේ වස්තු සම්පත් ලැබීමටත්, පරිවාර සම්පත්තිය ලැබීමටත්, බොහෝ ජනයාගේ පැසසුමට ලක්වීමටත්, දෙවියන්ගේ රැකවරනයටත්, මරණින් මතු සුගතියේ ඉපදීමටත් හේතු වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

162        සීලයෙන් නිර්වාණයට

" කුසලසීල අනුක්රමයෙන් අර්හත්වය සඳහා කැපවෙයි."

දිනක් අනඳ තෙරුන් භාග්යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක සිට " ස්වාමිනි, කුසලශිල කුමන ප්රයෝජනයක්, කුමන ආනිසංශයක් සඳහා දැයි " සැලකළහ.

එවිට භාග්යවතුන් වහන්සේ වදාරන්නේ ආනන්දය,

·         කුසලශිලය කුමක් සඳහාද, විපිළිසර නොවීම සඳහාය.

·         විපිළිසර නොවීම කුමක් සඳහාද, ප්රමෝදය සඳහාය.

·         ප්රමෝදය කුමක් සඳහාද, ප්රීතිය සඳහාය.

·         ප්රීතිය කුමක් සඳහාද, පස්සද්ධිය සඳහාය.

·         පස්සද්ධිය කුමක් සඳහාද, සැපය සඳහාය.

·         සැපය කුමක් සඳහාද, සමාධිය සඳහාය.

·         සමාධිය කුමක් සඳහාද, යථාභූතඤාණදස්සනය සඳහාය.

·         යථාභූතඤාණදස්සනය කුමක් සඳහාද, නිබ්බිදාව සඳහාය.

·         නිබ්බිදාව කුමක් සඳහාද, විරාගය සඳහාය.

·         විරාගය කුමක් සඳහාද, විමුක්තිඤාණදස්සනය සඳහායි.

මේ අන්දමට ආනන්දය, කුසලසීලය, විමුක්තිඤාණදස්සනය ප්රයෝජනය කොට ආනිසංස කොට ඇත්තාහ.

අංගුත්තර නිකාය - කීමත්ථිය සුත්රය

තෙරුවන් සරණයි.

 

 

 

161                අත්තසම්මාපණිධි ..

මහා මංගල සූත්රයේ හය වැනි උතුම් කාරණාව සේ සඳහන් වන මෙහි පද අග අර්ථය වන්නේ සිය අත්බව මනා දහම්හි පිහිටුවීමයි.

සූත්රයන්හි සියල්ල සඳහන් වන්නේ සැකෙවිනි.

එසේ සංක්ෂිප්තයෙන් සඳහන් වන දෑ අටුවානුසාරයෙන් මෙසේ විස්තරාත්මකව පැහැදිලි කොට ගෙන ජිවිතයට ගලපා ගැනීම මහත් ඵල වන්නේය.

සිය අත්බව මනා දහම්හි පිහිටුවීම සඳහා:-

·         තම සිත නිවැරදි සිහියේ (සතිය) පිහිටුවා ගැනීම කලයුතු වන්නේය.

සතිමත්වූ සිතට නුවන අනුවන තෝරා ගත හැකිහෙයින් (සිහිනුවන පහළවීමෙන්) ජීවිතය ධර්මානුකුලව ගතකිරීමේ හැකියාව ඇතිවන්නේය. සතිය පිහිටුවගත් සිතට භාවනාව වැඩීමට හැකිවන්නේය.

·         අශ්රද්ධාව අතහැර තම සිත ශ්රද්ධාවේ පිහිටුවා ගැනීම කලයුතු වන්නේය.

ශ්රද්ධාව නොමැති සිතට ධර්මය අධර්මය තෝරා බේරා ගැනීම පහසු නොවේ. අශ්රද්ධාවත් සිතට ධර්මය පහල නොවන්නේය. ශ්රද්ධාව පහලවූ සිත දාන, ශිල, භාවනා යන පුණ්යක්රියා වන්හි නිතැතින්ම යෙදෙන හෙයින් ධර්ම මාර්ගයේ පිහිටන්නේය.

·         අතීතයේ නොතිබුන ගුණ ධර්මයන් (කුසල් දහම්) පුරා ගතයුතු වන්නේය.

අතීතය යනු පෙර දවසයි. එය ඊයේ වියහැක නොහොත් පෙර භවයක විය හැක. දස කුසල්, දස පුණ්යක්රියා වන්හි නිරත වෙමින් මෛත්රී, කරුණා සිත් පෙරදැරිව කටයුතු කලයුතු වන්නේය. එසේ තමාට පුරා ගත නොහැකිවූ කුසල් දහම්හි යුහුසුළුව යෙදී අර්ථාන්විතව ජීවිතය ගත කිරීමෙන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට හැකිවනු ඇත.

ඉහත සඳහන් ආකාරයට කටයුතු කිරීමෙන් තම ආත්මභාවය ධර්ම මාර්ගයේ පිහිටුවා ගැනීම උතුම් කාරණයක් බව තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් දැන වදාළේය.

තෙරුවන් සරණයි.





160       අතීත කර්මයේ ඵලය වර්තමාන විපාකයයි

සියල්ල දිට්ඨධම්ම වේදනීය නොවන නිසා හෝ නොවන්නේ යයි සිතන නිසා බොහෝ දෙනා කර්මය හා කර්මඵලය සැකකරන්නෝය.

අතීත භවය ගෙන ගැලපීමේදී, දැකිය හැකි (දැනගත හැකි) සාක්ෂි නොලැබී යාමෙන් සැකය තව දුරටත් ඔවුනට තහවුරු වන්නේය.

හේතු ඵල වාදය (බෞද්ධ දර්ශනය) අනුව විපාකය සේ ලැබෙන ඵලයට හේතුව වන්නේ අතීත කර්මයයි.

කෙසේ වෙතත් චිත්ත චෛතසික නියාමය අනුව නොවන්නේනම් වේදනා, සඥා, සංඛාර, විඤඤාන ක්රියාවලිය මත කර්මය දිට්ඨධම්ම වේදනීය වන බව දත හැක්කේය.

මොහොතේ අතීතයට ගිය සිත අතීත කර්මයයි, වර්තමාන සිත එහි ඵලයයි.

·         දානයක්, පරිත්යාගයක්, උවැටනක් කල විගසම ච්ත්තප්රසාදයක් ඇතිවන්නේය.

·         සීලයක් ආරක්ෂා කිරීමේදී සිත ශ්රද්ධා සම්පන්න ශාන්ත භාවයට පත්වන්නේය.

·         භාවනාවක නියැලීමෙන් කල්නොයවාම චිත්තපාරිශුද්ධියක්, සුඛයක් එකග්ගතාවයක් ඇතිවන්නේය.

ඉහත දැක්වූ ආකාරයටම අකුසල් පාර්ශවයේදී සාන්දෘෂ්ටිකව කර්මයට අනතුරුව විපාකය ලැබෙන්නේය.

·         වෛරයක්, ක්රෝධයක් ඇතිවූ විට ගිනිගෙන දැවෙන්නාක් සේ සිත චංචල වන්නේය.

·         අලාභයක්, දුකක්, ශෝකයක් ඇතිවූ විට සිත පිඩාවට පත්වන්නේය.

·         සිහියෙන් තොරව කල කී දෑ හේතුවෙන් සිත කම්පා වන්නේය.

මේ නියමය අනුව බොහෝ කර්ම සදිට්ඨික අකාලික වන හෙයින් දිට්ඨධම්ම වේදනීය වන්නේය.

එය චිත්ත චෛතසික නියාමය අනුවයි. කර්ම නියාය අනුව කර්මයට අන්තර්ගත ඵලය කුමන අවස්තාවක හෝ කුමන භවයක හෝ සැප හෝ දුක් විපාක පිණිස පවතින්නේය.

අකුසල් වූ පාපකාරිවු කර්ම නොකරන්න.

තෙරුවන් සරණයි.

 

 

 

159       පභස්සර මිදං භික්ඛවේ චිත්ත

 

" මහණෙනි, සිත ප්රභාස්වරය, ආගන්තුකව පැමිණෙන උපක්ලේශයන්ගෙන් කිලිටි වන්නේය "

සිත මල් ගොමුවකි.

වර්ණවත්, අලංකාර, මිහිරි සුවඳ හමන අනේකවිධ පුෂ්පයන් ගෙන් ගැවසීගත් මල් ගොමුවක් බඳු සිතක් අප සතුව ඇත්තේය.

රෝස, ඩේලියා, සීනියාස්, රාජපොහොට්ටු, පිච්ච, කානේෂන්, බෝලිද්ද වැනි අත්යාලංකාර මල් වලින් ගැවසී ගත් සුන්දරවූ මල් ගොමුව නිදිකුම්බා, නියඟලා, කිඩාරන්, වල්බාඳුරා, උඳුපියලිය, සොහොන්මල්, අඬනහිරියා වැනි ඉබේ වැවෙන කැලෑ මල් වලින් ගැවසී වල්බිහිවී ඇත.

වතුර, පොහොර යොදා, වල් උදුරා දමා සාත්තු කිරීමෙන් මල් පාත්තියක් රැකගන්නවා මෙන්ම සිහිනුවනින්, සීලයෙන්, පිළිවෙතින් සිට සිත රැකගත යුතුවේ.

සතිය නමැති වල් ඉදිරීමෙන්, කරුණාව මෛත්රිය නමැති ජලය සම්පාදනය කිරීමෙන්, දන් සිල් භාවනා නමැති පොහොර යෙදීමෙන්, ශ්රද්ධාව වඩවා ගැනීම නමැති බිම සකස් කරගැනීම මගින් සිත පැහැපත් හා පොහොසත් කර ගත යුතුවේ.

සතිමත් නොවීමත්, සැලකිලිමත් නොවීමත් ( නොසලකා හැරීමත්), ප්රමාදවිමත් අත්යත්යයෙන්ම අත්හල යුත්තේය. එවිට මල් ගොමුවක් බඳු සිතක් දැක ගත හැකිවන්නේය.

ශ්රද්ධාව, ශිලය, පින, කුසලය, සුඛය, ප්රීතිය, ත්යාගය, උවැටන, වතාවත, භාවනාව, ප්රඥාව වැනි මල්වර්ග පිපී සිත පින්සාර වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

158       බැඳීම් වලට අනුකම්පාව හේතුවකි

අනුකම්පාව යන්නෙහි ප්රකාශිත අර්ථය වන්නේ අනුව කම්පනය වීමයි.

නොදන්නා කමින් බොහෝ දෙනා අනුකම්පාව යනු කරුණාව යයි වටහා ගෙන තිබේ.

අනුකම්පාව හේතුකොට ගෙන ශෝකයක් උපදී. කරුණාව හේතු කොට ගෙන ශෝකයක් උපදින්නේ නැත.

අනුන්ගේ දුකේදී (පරදුක්ඛේ ) කරුණා ස්වරූපයෙන් ( අනුකම්පා සහගත වීමෙන්) ශෝකයක් ඇතිවන්නේය. සතියෙන් එය හඳුනා නොගතහොත් එබඳු ශෝකයක් ඇතිවීම කරුණාව පහලවූ තැනැත්තාට නපුරකි.

ශෝකයක් ඇති වුවහොත් එය අකුසලයකි මන්ද එය ද්වේෂ සහගත වන්නක් වන හෙයිනි.

ස්කන්ධ විභාගයේදී කරුණාව සංස්කාරස්කන්ධයට ඇතුලත් වන අතර ශෝකය වේදනාස්කන්ධයට අයත් වන්නේය.

අනුකම්පාව මත ප්රවේශමෙන් හැසිරිය යුතු අතර කරුණාව මත නිදහසේ හැසිරිය හැක.

" එහෙයින් මහණෙනි, මේ හටගෙන ඇති සියලු උපත් කෙරෙහි සියලු දේ කෙරෙහි ඇල්ම ඇතිකර නොගැනීම ඉතා සුදුසුය. මේ ගැන කලකිරීම ඉතා සුදුසුය. මෙහි නොඇලීම ඉතා සුදුසුය. මේ දුක්ඛිත පැවැත්මෙන් නිදහස් වීම සුදුසුය."

අස්සු සූත්රය - සංයුක්ත නිකාය

තෙරුවන් සරණයි.

 

 

 

157       ඉමස්මිං සති ඉදං හෝති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති

" මෙය ඇති කල්හි මෙය ඇතිවේ. මෙය උපදීමෙන් මෙය උපදී. මෙය නැතිවීමෙන් මෙය නැතිවේ. මෙය නැතිකිරීමෙන් මෙය නිරුද්ධවේ. "

තථාගතයන් වහන්සේ විසින් දේශිත දශබල සුත්රයේ පටිච්චසමුප්පාද පිළිවෙල හේතු ප්රත් නිසා හටගැනීමත්, හේතුව නිරුද්ධ කිරීමෙන් ඵලය නිරුද්ධ වන බවත් දක්වා ඇත්තේය.

ප්රායෝගික ජිවිතයට මෙය ගලපා ගැනීමෙන් ලෞකික ලෝකෝත්තර යන සුඛ ද්විත්යම ලඟාකර ගත හැකිවන්නේය.

·         වෛරය ක්රෝධය උපදින්නේ අප තුල ඇති වෛර චෛතසිකය හේතුවෙනි. ඉන් ගැටීම ඇතිවන්නේය.

·         ලෝභය (ඇලීම) ඇතිවන්නේ අප තුල ඇති ලෝභ චෛතසිකය හේතුවෙනි. ඉන් ඇලීම ඇතිවන්නේය.

·         මිත්යා දෘෂ්ටිය ඇතිවන්නේ අපතුල ඇති මෝහ චෛතසිකය හේතුවෙනි. ඉන් ප්රඥාව ගිලිහී යන්නේය.

මේ ආකාරයට සියලු ආකාර අකුසල චෛතසිකයන්වූ මෝහ, අහිරික, අනවතප්ප, උද්දච්ච, ලෝභ, දිට්ඨි, දොස, ඉස්සා, මච්චරිය, කුක්කුච්චය, ථිනය, මිද්ධය, විචිකිච්චා හා උපක්ලේශය්න් වූ ක්රෝධ, උපනාහ, මක්ක, පලාස, මායා, සටෙයිය, තම්භ, සාරම්භ, මාන, අතිමාන, මදය, ප්රමාදය යන පාප ධර්මයෝ අප සිත් පතුලටම කිඳා බැස සැඟවී ඇත්තේය.

එකී චෛතසිකයන් සිත් තුල තිබෙන තාක් කල් උදාවූ අවස්තාව අනුව ක්රියාත්මක වන්නේයඉමස්මිං සති ඉදං හෝති යනුවෙන් එය සඳහන්වේ.

ප්රඥා චෛතසිකය උපදවා මේවා හඳුනා සතියෙන් යුතුව එකී චෛතසිකයන් සිතින් බැහැර කල යුත්තේය. එවිට අකුසල කර්මයෝ නුපදින්නේයඉමස්මිං අසති ඉදං හෝති යනුවෙන් එය සඳහන්වේ.

හැකිතාක් පින් දහම් කරන්න එවිට ශ්රද්ධා චෛතසිකය ඉපදී අකුශල චෛතසිකයෝ නුපදින්නේය.

මෙය සතර ආකාර වන්නේය.

 

 

 

 

156       බැඳීම් වලට අනුකම්පාව හේතුවකි

අනුකම්පාව යන්නෙහි ප්රකාශිත අර්ථය වන්නේ අනුව කම්පනය වීමයි.

නොදන්නා කමින් බොහෝ දෙනා අනුකම්පාව යනු කරුණාව යයි වටහා ගෙන තිබේ.

අනුකම්පාව හේතුකොට ගෙන ශෝකයක් උපදී. කරුණාව හේතු කොට ගෙන ශෝකයක් උපදින්නේ නැත.

අනුන්ගේ දුකේදී (පරදුක්ඛේ ) කරුණා ස්වරූපයෙන් ( අනුකම්පා සහගත වීමෙන්) ශෝකයක් ඇතිවන්නේය. සතියෙන් එය හඳුනා නොගතහොත් එබඳු ශෝකයක් ඇතිවීම කරුණාව පහලවූ තැනැත්තාට නපුරකි.

ශෝකයක් ඇති වුවහොත් එය අකුසලයකි මන්ද එය ද්වේෂ සහගත වන්නක් වන හෙයිනි.

ස්කන්ධ විභාගයේදී කරුණාව සංස්කාරස්කන්ධයට ඇතුලත් වන අතර ශෝකය වේදනාස්කන්ධයට අයත් වන්නේය.

අනුකම්පාව මත ප්රවේශමෙන් හැසිරිය යුතු අතර කරුණාව මත නිදහසේ හැසිරිය හැක.

" එහෙයින් මහණෙනි, මේ හටගෙන ඇති සියලු උපත් කෙරෙහි සියලු දේ කෙරෙහි ඇල්ම ඇතිකර නොගැනීම ඉතා සුදුසුය. මේ ගැන කලකිරීම ඉතා සුදුසුය. මෙහි නොඇලීම ඉතා සුදුසුය. මේ දුක්ඛිත පැවැත්මෙන් නිදහස් වීම සුදුසුය."

අස්සු සූත්රය - සංයුක්ත නිකාය

තෙරුවන් සරණයි.

 

 

155       ඒකෙන භෝගේන බුජ්ජෙයිය

"එක් කොටසෙකින් භෝගසම්පත් වළඳන්නේ , කොටස් දෙකෙකින් (කෘෂි වණික්කර්මාදි) කර්මාන්ත යොදන්නේ , විපතක් පැමිණි කල්හි ප්රයෝජන පිණිස වන්නේ යැ යි සලකා සතර වන කොටස නිදහන් කොට තබන්නේ .”

දීඝ නිකාය - සිගාලක සුත්රය

මෙය බෞද්ධ ආර්ථික විද්යාව ලෙස නොගෙන, බෞද්ධ අවවාදයක් සේ සලකා ජිවන අර්ථ සාධනය සලසා ගැනීමට නුවනැත්තන් විසින් ප්රයෝජනයට ගැනීමට උත්සුක විය යුතුය.

බැලූ බැල්මට මෙය ප්රායෝගික නොවන බව පෙනීගියද මෙහි දක්වා ඇති සන්දර්භය ( භාෂාමය ප්රකාශනය) ස්ර්වපුද්ගල, සර්වකාලීන පොදු සිද්ධාන්තයකි.

පුද්ගලනුරූපීවඑක එක කොටස වෙනුවෙන් දෙන වටිනාකම අර්ථ සම්පන්නව ගලපා ගන්නේ නම් මෙය අවුලකින් තොරව විසඳා ගත හැකි වන්නේය.

ඉපයීම, නියුක්තිය සමමිතික නොවන සමාජයක උපයෝගිතාවය සාධකයක් ලෙස යොදා ගැනීම සාර්ථක ප්රයත්නයක් වනු නොඅනුමානය.

දැහැමින් උපයා සපයා ගන්නා ලද භෝගය ( ධනය, වේතනය ) කොටස් 4 කට බෙදා කළමනාකරණය කර ගත යුතු වේ.

·         එක කොටසක් (පරිමාව නිර්ණය කල යුතුවේ ) යැපීම සඳහා යොදා ගත යුතු වන්නේය.

·         තව කොටසක් ( පරිමාව නිර්ණය කල යුතුවේ ) අපදා අවස්තාවන් වෙනුවෙන් වෙන් කොට තැබිය යුතු වන්නේය.

·         ඉතිරි කොටස් දෙක (පරිමාව නිර්ණය කල යුතු වේ ) ව්යාපාර, වෙළහෙළදාම්, කෘෂි කර්මාන්ත, අධ්යාපන, වෘත්තීය පුහුණු හෝ පංච බලි සඳහා යොදා ගත යුතු වන්නේය.

මෙසේ දැහැමින් වස්තුව රැස් කොට ගිහිගෙයි විසීමට සමර්ථ වූ පුද්ගලයා වස්තුව සතර කොටසකට බෙදන්නේය. හෙතෙම ඒකාන්තයෙන් මිතුරන් බැඳ ගනියි යන්න සිඟාලක සුත්රයේ සුහද මිත්තෝ කොටසෙහි භාග්යවතුන් වහන්සේ දක්වා වදාළේය.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

154        නිදහස

සැබෑ නිදහස යනු සියලු ආකාර බැඳීම් වලින් නිදහස් වීමයි. කිසියම් බැඳීමක් වන්නේ නම් එහිදී අර්ථ කථනය වන්නේ පුර්ණ නිදහස නොවේ.

මහන, තණ්හා, දිට්ඨි, මානයන් කරණකොට අභිනන්දනයෙන් සතුටු වන්නේ මරහුගේ පුඩුවෙන් බැඳෙන ලද්දේ වේ. එයින් සතුටු නොවන්නේ මාර බන්ධනයෙන් මිදුනේ වේ.

සංයුක්ත නිකාය - අභිනන්දන සුත්රය

පරිපුර්ණ නිදහස සඳහා අංග සතරකින් යුත් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන ප්රතිපදාව අනුගමනය කලයුතු බව තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට තිබේ.

රූප, වේදනා, සඤා, සංකාර, විඥාන, යන පංච ස්කන්ධය කෙරෙහි වැරදි සහගත ලෙස තණ්හා, දිට්ඨි, මාන යන සංයෝජනයන් ගෙන් බැඳී ඇති සිත නිදහස් කරගත යුතු බව අභිනන්දන සුත්රයේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ.

මරණයෙන් ( යලි යලි ඉපදීම ) නිදහස ලබා ගැනීම සඳහා තම චිත්ත සන්තානයේ නිරන්තරයෙන් ගැවසී ගන්නා මමය, මාගේය, මාමය යනුවෙන් ගනු ලබන තණ්හා, දිට්ඨි, මාන හරි හැටි දැන ඉවත් කර ගත යුතු වන්නේය.

අජ්ජත්ත (තමා හා තමාගේ වස්තුන් ගැනත්), බහිද්ද (අනුන් හා අන් වස්තුන් ගැනත්) ඇති ආශාව, ආදරය, ඇලීම යන තණ්හාවත්බැඳීම් වශයෙන් ගනු ලබන වැරදි දෘෂ්ටියත් - හැසිරීම් වශයෙන් ගනු ලබන මානයත් තම චිත්ත සන්තානයන්ගෙන් ඉවත් කරගැනීමෙන් නිදහස නම්වූ නිර්වාණය ලබා ගත හැකි වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

153       ආරෝග්යා පරමා ලාභා

නිරෝගීකම උතුම් ලාභයයි

ධම්මපදයේ සුඛ වග්ගයේ එන මෙම ගාථා පාඨය පසේනදී කොසොල් රජතුමා අමතා දේශනා කරන ලද්දකි.

කායික රෝග, මානසික රෝග යනුවෙන් රෝග දෙකක් ඇති බව අංගුත්තර නිකායේ සඳහන් වේ.

අනුව නිරෝගීකම කායික වශයෙන්ද මානසික වශයෙන්ද ඇති බව අප දතයුතුයි.

සිතත් ගතත් දෙකම එකට බැඳී පවතින්නකි. එය ධර්මයේ නාම රූප ලෙස හැදින්වේ. එය වෙන් කොට හඳුනා ගත හැකි මුත් වෙන් කොට තැබිය නොහැක.

ගතෙන් සිත වෙන්වූ විටත්, සිතෙන් ගත වෙන්වූ විටත් ( අසඥසත්තයේදී හා නිරෝධ සමාපත්තියේදී හැර) එතැන පැවැත්මක් නොමැත්තේය.

ගත ලෙඩවූ විට සිත ලෙඩ වීමත්, සිත ලෙඩවූ විට ගත ලෙඩ වීමත් රහත් උතුමන්ට හැර අන් අයට පොදු සිද්ධාන්තයකි.

එසේ හෙයින් ගතේ ලෙඩ වලට මෙන්ම සිතේ ලෙඩ වලටද ප්රතිකාර කලයුත්තේ මය. එනම් ගතේ මෙන්ම සිතේ නිරෝගීකම පවත්වා ගෙන යා යුත්තේය.

වාතය, පිත, සෙම යන තුන් දොස් කිපීමෙන් ගත රෝගී වනවා සේ ලෝභ, ද්වේෂ, මෝහ උත්සන්න වීමෙන් සිත රෝගී වන්නේය.

වාතය, පිත, සෙම සමනය කලද ලෝභ, ද්වේෂ, මෝහ සමනය නොකළේ නම් පුර්ණ නිරෝගී තත්වයක් බලාපොරොත්තු විය නොහැක.

බුදුරජාණන් වහන්සේගේ සියලු දේශනාවන් සිත පාදක කොට ඇති හෙයින් පරමාර්ථ වශයෙන් ගත්කල ආරෝග් පරමා ලාභා යනුවෙන් දක්වා ඇත්තේ සිතේ නිරෝගිකම විය යුතු වේ.

තෘෂ්ණාව, වෛරය, වැරදි දැකීම සිතෙන් ඉවත් කර ගැනීමෙන් නිරෝගිකම ලබාගත හැකිවන්නේය.

තෙරුවන් සරණයි.

 

 

152       සැදැහැවතාගේ ලක්ෂණ

දස්සනකාමෝ සීලවතං ...

මහණෙනි, කරුණු තුනකින් පහන්වූ පුද්ගලයා ශ්රද්ධාවන්තයා යයි දත යුත්තේය. කවර තුනක්ද?

  1. සිල්වතුන් දැකීමට කැමතිවේ.
  2. සද්ධර්මය ඇසීමට කැමතිවේ.
  3. පරිත්යාගයේ ඇලුනේ, දීමට අත් ඇත්තේ, අත්හැරීමේ ඇලුනේ වෙයි.

හෙතෙම ඒකාන්තයෙන් ශ්රද්ධාවන්තයා යයි කියනු ලැබේ.

අංගුත්තර නිකාය 1 චුල වර්ගය - තික නිපාතය

ඉහත කාරණා වන්හි නියැලුණු පුද්ගලයා ශ්රද්ධාව පෙරටු කොට දාන, ශිල, භාවනා යන ත්රිවිධ පුණ් ක්රියාවන් සම්පුර්ණ කරගත්තා වන්නේය.

·         සිල්වතුන් දැකීමෙන් ඇසුරු නිසුරු කිරීමෙන් තමාද ශීලයක පිහිටා සිට සීලමය පුණ් ක්රියාව සපුරා ගත හැකි වන්නේය.

·         සද්ධර්මය ඇසීමට කැමති වීමෙන් තමාද ධර්මයෙහි නියැලෙමින් සතියෙහි පිහිටීම හේතු කොට ගෙන භාවනාමය පුණ් ක්රියාව සම්පුර්ණ කර ගත හැකිවන්නේය.

·         පරිත්යාගයේ ඇලීමෙන්, මසුරු මල දුරු කිරීමෙන් කම්ඵල අදහා කරන ප්රදක්ෂිනාවෙන් දානමය පුණ් ක්රියාව සපුරා ගත හැකි වන්නේය.

ධර්මය අප තුලින්ම පාදා ගත යුත්තකි. එමෙන්ම ක්රියාව අර්ථ සම්පන්න වීමට එය දැන දැනම කලයුතු වනේය.

තමා එදිනෙදා නිරත වන ක්රියාවන්ගේ කුසල ක්රියා බොහෝවක් අන්තර්ගත වන අතර සිහියෙන් (සතියෙන්) කටයුතු කිරිමෙන් ඒවා දැන අවබෝධකර ගෙන කුසල් සිදු කරගත හැකි වන්නේය.

සතිමත් වන්න. කුසල් බොහෝවක් වැඩෙනු ඇත.

තෙරුවන් සරණයි.

 

 

 

151       අත්හැරීමේ මානයන්

ධර්මයේදී අත්හැරීම යනු බැඳීම් වලින් නොහොත් බැඳීයාමෙන් සිත නිදහස් කර ගැනීමයි.

බැඳීම් වලින් නිදහස් වූ සිත දුකින් නිදහස් වූවකි.

අධ්යාත්මය වන්නේ අතින් අතහැරීම නොව සිතින් අතහැරීමයි. අතින් අත් හලද සිතින් අත් නොහළේ නම් බැඳීයාම නවතා ලිය නොහැක.

·         ඔබ කෙනෙකුට උදව්වක් කළහොත් මතක තබා ගන්න එපා. එය අත්හැර දමන්න. මන්ද යත් උදව් ලබපු අයට, ඔබත් උදව්වත් දෙකම ටික කලකින් අමතක වන හෙයිනි.

·         ඔබ වෙත මුල්ම ගල් පහර මුදා හරින්නේ ඔබෙන් උදව්වක් ලබාගත් අයකු විසිනි. එසේ හෙයින් ඔබ කල උදව් මතක තබා ගන්න එපා, ඒවා අත්හැර දමන්න.

·         අතීත කාමය අත්හරින්න. අතීතයේ සිදුවූ දෑ ආවර්ජනය කරමින් අතීතයේ ජීවත්වීම නිෂ්ඵල ක්රියාවකි. ඊයේ යළි නොඑන්නේය, ලතවීම වත් සතුටු වීම වත් නොකරන්න. එය ගැටීමටත්, ඇලීමටත් හේතු වන්නේය.

·         අනාගත ප්රපංච අත්හරින්න. අනාගතය ගැන සිහින මවමින් කල්පනා ලොවක මංමුලා වීම අනර්ථකාමි වන්නේය. අනාගත භය, අනාගත සුඛය ගැන සිතීම ප්රයෝජනවත් නොවන්නේ අනාගතය නොපැමිණි හෙයිනි.

·         වර්තමානයේ ජිවත්වන්න. එය සති සම්පජඤඤ යයි. එවිට අත්හල යුතු දෑ සියල්ල අත්හැරියා වන්නේය.

ධර්මයේ දී සතිය යනු වර්තමානයේ ජීවත්වීමයි. සියලු දුකින් නිදහස් වීමට සම්මා සතිය හේතු වන්නේය.

තෙරුවන් සරණයි.




150       ඵල ලැබීමට නම් ධර්මයට අනුගත විය යුතුයි.

අර්ථය දැන, සාධනීය අයුරින් කටයුතු සම්පාදනය කර ගැනීමෙන් පමණක් ක්රියාවන්ට අදාළ ඵලය ලබා ගත හැකි වන බව දේශනාවේ සඳහන් වේ.

දන්, සිල්, භාවනා කුමක් වුවත් කරන්නන් වාලේ කිරීමෙන් නිර්වානවූ ශාන්ත පදයට ලංවිය නොහැක.

පෙරහැර දැකීමට අවශ් නම් පෙරහැරෙන් ඉවත් විය යුතු වන්නේය.

·         ශ්රධාව වත් ගලපා නොගෙන හිමාලය උසට මල් කන්දක් පූජා කලත් අනිත්යය මෙනෙහි නොවුවානම් ලැබෙන ඵලය අර්ථදායී නොවන්නේය.

·         මෛත්රිය වැඩීමට පෙර ද්වේශය පහකර ගත යුතු වන්නේය.

වෛරය, ද්වේශය ඉවත් නොවූ සිතකින් කොපමණ කලක් මෛත්රිය වැඩුවද ඉන් ඵලක් නොවන්නේය.

·         පිරිත්, සුත්, ගාථා කොපමණ සජ්ජායනා කලත් එහි අර්ථයය නොදන්නේනම්, අර්ථයට අනුව නොහැසිරෙන්නේ නම් ඉන් ලබා ගත හැකි ඵලය අල්පය.

·         ජිවිත කාලය පුරාවට සිල් සමාදන් වුවද සමාදන්වූ සීලය නොරැක්කේ නම් සමාදන් වූ සීලයෙන් පලක් නොවන්නේය.

·         කොපමණ වෙලාවක් දෙනෙත් පියා සිටියද, වක් කල අතක් දික් කරන වෙලාවක් තරම් කාලයක් වත් සිත එකඟ නොවුවා නම් භාවනාවක් වැඩුවා නොවන්නේය.

·         ගත කුමකින් සැරසුවද ඉන් නිවනට වන්නාවූ සෙතක් නොවන්න්නේය. ධර්මයෙන්, ගුණයෙන් හා සීලයෙන් සැරසූ සිත කරා නිවන ලඟා වන්නේය.

·         මහ මේර උසට දන් දුන්නද ලෝභ සිත පහනොවුවා නම්, අත්හැරීමෙන් ලැබෙන සහනය නොලැබුණේ නම් දානමය කාර්යය සම්පුර්ණ නොවුනා වන්නේය.

සුතා – සද්ධර්මය මනාකොට අසා දැන ගන්න.

ධතා – එය මනාව සිත්හිලා දරා ගන්න.
වචසා පරිචිතා – වචනයෙන් කියා පුරුදුකර ගන්න.
මනසානුපෙක්ඛිතා – එයට සිත යොමු කරමින් නුවනින් සලකා බලන්න.
දිට්ඨියා සුප්පටිවිද්ධා – සද්ධර්මයෙන් ඉදිරිපත් කරන අදහස පිළිබඳව හරියාකාරව අවබෝධයක් ඇති කර ගන්න.

යමක ආශ්වාදය, ආදීනවය, නිස්සරණය නොදුටවා නම් ධර්මයට අනුගත නොවුවා වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

149       පින මහත් ඵල වීමට නම්

පින වූ කලී සකල සම්පත්තිය සලසාලන මහඟු ක්රියාවක් වන්නේය.

පින යනු යහපත් ඵලයක් අන්තර්ගත සචේතනික ක්රියාවකි.

කර්මය යනු යහපත් හෝ අයහපත් ඵලයක් අන්තර්ගත සචේතනික හෝ අචේතනික ක්රියාවකි.

යහපත් හැම ක්රියාවකටම යහපත් ඵලයක් ඇති වන්නේය.

පින් බලාපොරොත්තු වන්නෙකුට දෙන ලද පින අනුව මෝදනයට පත් විය හැක.

පිනක් සිදු වීමට නම් ශ්රද්ධා සිත පෙරදැරිව එකී යහපත් ක්රියාව කල යුතු වන්නේය.

ධර්ම විනය දෙස බැලීමේදී පින් කම මහත් ඵල මහානිසංස වන්නේ ප්රමාණයෙන් හෝ ප්රදර්ශනයෙන් නොවන බව දත යුතු වන්නේය.

කුඩා වූ පිනක් කල කෙනෙකුට මහත් ඵල ලැබීමත්, ප්රමාණයෙන් විශාල වූ පිනක් කල කෙනෙකුට මහත් වූ ඵල නොලැබීමත් ධර්මය පුරාවටම දැක ගත හැකිවේ.

කුඩාවූ පිං කමකට මහත් ඵල මහානිසංස ලැබෙන්නේ එකී පුණ්යකර්මය ශ්රද්ධාව පෙරදැරිව කල හේතුවෙනි.

විශාලවූ පිං කමකට මහත් ඵල ලැබූවද මහානිසංස නොවන්නේ කීර්ති ප්රශංසා හෝ යම් යම් අපේක්ෂා බලාපොරොත්තු සහගතව කල හේතුවෙනි.

අපේක්ෂා බලාපොරොත්තු වලින් තොරව ශ්රද්ධා බුද්ධි සම්පන්නව කල අනු කුඩාවූ පිං කමත් මහත් ඵල මහානිසංස වන්නේය.

අකුසලයට වඩා කුසලය බලවත් වන්නේ ශ්රද්ධා චෛතසිකය හේතුවෙනි.

ශ්රද්ධාව පෙරදැරිව කටයුතු කරන්න එය ලෞකික ලෝකෝත්තර උභයාර්ථ සිද්ධිය සලසා ලන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

148       නිවහනක් දීම සියල්ල දීම වැනිය

සෝච සබ්බදදෝ හොති - යෝ දදාති උප්ස්සයං

අමතං දදෝ සෝ හොති - යෝ ධම්ම මනුසාසති

සංයුක්ත නිකාය - කිංදද සුත්රය

භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි එක්තරා දෙවියෙක් අමතා දේශනා කරන ලදී.

ආහාර දෙන්නා බලය දෙන්නේ වෙයි. ( ආයුෂය හා කාය ශක්තිය )

වස්ත් දෙන්නා වර්ණය දෙන්නේ වෙයි. ( පැහැය හා පියකරු බව )

යාන වාහන දෙන්නා සැප දෙන්නේ වෙයි. ( සැපවත් පැවැත්මක් )

පහන් දෙන්නේ ඇස් දෙන්නේ වෙයි. ( ජීවිතාලෝකය හා ඥානය )

නිවහනක් { ආවාසයක් } දෙන්නේ සියල්ල දෙන්නේ වෙයි.

යමෙක් ධර්මානුසාසනා කරයිද හෙතෙම අමෘතය ( නිවන ) දෙන්නේ වෙයි.

දානය යනු ලෝභය දුරු කිරීම පිණිස කල යුතු කෘත්යයක් වන අතර දානය යනු අත් හැරීම වන්නේ යයි බුදු රජාණන් වහන්සේගේ පරමාර්ථ දේශනයේ සඳහන් කොට තිබේ.

ගතින් (අතින් ) අත්හරිනවා මෙන්ම සිතින් ( ඇලී සිටීමෙන් ) අත් හැරීම කලයුතු වන්නේය. එය ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන් බොහෝ හිත සුව පිණිස වන්නේය.

ධර්මයට පරමාර්ථ වශයෙන් අනුගතවන්නා විසින් විශේෂ කොට දතයුතු වන්නේ ලෝභය පමණක් නොව සියලු පාප (අකුසල) කර්මයන් ගතින් සියලු ආකාර ක්ලේශ ධර්මයන් ( අකුසල චෛතසිකයන් ) සිතින් අත්හැරිය යුතු බවයි.

තෙරුවන් සරණයි.

 

 

 

147       සුදුසු දේශය ( මංගල කාරණා)

සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස එක්තරා දේවතාවෙක් අමතා මහා මංගල සුත්රය දේශනා කරනලදී.

·         පතිරූප දේස වාසෝ  :- සුදුසු දේශයන්හි වාසය කිරීම මෙහි පද අග අරුත වන්නේය.

" භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස නිතර දැකිය හැකි, නිතර හමුවිය හැකි, හමුවීමෙන් සිල් දම් පුරාගත හැකි ආරාමයක්, පන්සලක් අසල ප්රදේශයක් වෙතොත් එය සුදුසු දේශයක් වන්නේයයි තථාගතයන් වහන්සේ දක්වා ඇත්තේය. "

ශ්රද්ධා - මල් පහන් පුජා කිරීමෙන් , භික්ෂුන් වන්දනා කිරීමෙන්, පින් කම් කිරීමෙන් ශ්රද්ධාව ඇතිකර ගතහැකි වන්නේය. ශිල - පොහෙවස් ශිලය සමාදන්වීමෙන්, බණ භාවනා කිරීමෙන් සිල් ගුණදම් වඩා ගත හැකි වන්නේයසුතධර්මය ඇසීමෙන්, ධර්ම සාකච්චා කිරීමෙන් ධර්ම ඥානය දියුණු කල හැකි වන්නේයචාග - දාන මාන පිදීමට අවස්තාව ලැබීමෙන් පරිත්යාගය වඩා වර්ධනය කල හැකි වන්නේයප්රඥාමෙසේ ශ්රද්ධාව වඩවා ගැනීමෙන් , සිල් ගුණ දම් පුරාගැනීමෙන් , දහම් කරුණු අසා දැන ගැනීමෙන්, දාන මානාදී කුසල් දහම් පුරවා ගැනීමෙන් සතර මග සතර ඵල දක්වා වන ප්රඥාව ලබා ගත හැකි වන්නේය.

විදුලිය, දුරකථන, වතුර, ආරෝග් ශාලා , ප්රධාන පෙලේ පාසල් , වෙළඳ සංකීර්ණ , ප්රධාන මාර්ගයට නුදුරින් පිහිටි භුමි භාගයන් සුදුසු දේශයන් ලෙස සලකා බැලීම ලෞකික විමුක්තියට උපකාරීවන බව සතයකි.

එහෙත් ලෞකික මෙන්ම ලෝකෝත්තර විමුක්තිය සදහා සුදුසු දේශය (පතිරූප දේශය ) වන්නේ බුදුන් අනුදැන වදාළ දේශයයි.

තම අත් භවය මනා දහම්හි පිහිටවීමට (අත්ත සම්මා පණිධි  ) සුදුසු දේශය තෝරා ගැනීමේදී තථාගතයන් වහන්සේ අනුදැන වදාළ පරිසරය තෝරා ගැනීම වඩාත් සුදුසු වන්නේය.

තෙරුවන් සරණයි.

146       සප්ත අපරිහානීය ධර්ම

භාග්යවතුන් වහන්සේ විසාලාවේ සාරන්දද චේතියෙහි දේශනාකරන ලද සාරන්දද සුත්රයේත් රජගහනුවර ගිජ්ජකුට පර්වතයෙහිදී දේශනාකරන ලද වස්සකාර සුත්රයේත් මෙසේ සඳහන් වේ.

·         නිතර රැස්වන තුරු රැස්වීම් බහුල කොට ඇති තාක් දියුණුවක් මිස පිරිහීමක් නොමැත්තේය.

·         සමගිව නැගීසිටින තාක්, සමගිව කලයුතු දෑ කරන තාක්, එක්ව කළමනා කරණය කරන තාක් දියුණුවක් මිස පිරිහීමක් නොමැත්තේය.

·         නොපැනවූ ව්යවස්ථා නොපනවන තාක්, පැනවූ ව්යවස්ථා නොකඩන තාක්, පැරණි ධර්ම සමාදන්ව සිටින තාක් දියුණුවක් මිස පිරිහීමක් නොමැත්තේය.

·         වැඩිහිටියනට ගරු සත්කාර, පුජා කරන තාක්, ඔවුන්ගේ අවවාද වලට කන් දෙන තාක් දියුණුවක් මිස පිරිහීමක් නොමැත්තේය.

·         කුල ස්ත්රීන් මැඩ ගෙන නොවසන තාක් දියුණුවක් මිස පිරිහීමක් නොමැත්තේය.

·         අභ්යන්තර බාහිර ආගමික ස්ථානවලට ගරු කරනතාක්, පුද පූජා පවත්වන තාක්, පෙර දුන් දෙය නොපිරිහෙලා දෙන තාක් කල් දියුණුවක් මිස පිරිහීමක් නොමැත්තේය.

·         නොපැමිණි රහතන් වහන්සේලා රාජ්යයට පැමිණෙන ලෙසත්, පැමිණි රහතන් වහන්සේලා රාජ්යයේ පහසුවෙන් විසීමට ආරක්ෂාවරණය කරන තාක් කල් දියුණුවක් මිස පිරිහීමක් නොමැත්තේය.

මෙකී අපරිහානීය ධර්ම රට සමාජය තුල පමණක් නොව පවුල (කුටුම්බය) තුලද පුරුදු පුහුණු කිරිමෙන් පවුලේ හා සමාජයේ දියුණුවක් මිස පිරිහීමක් නම් නොවන්නේය.

ස්ර්වකාලින ධර්මතාවක් වන මෙකී කටයුතු කාරණා අදටත් වලංගු වන්නේය. පවුලේ දියුණුව බලාපොරොත්තු වන්නන් විසින් සුදුසු අයුරින් සකස් කොට පිලිපැදීමෙන් පිරිහීමක් නොවන්නේය යහපතම උදාවන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

 

145       තම සිතට අවවාද කිරීම

" අනුන්ගේ සිතට අවවාද කිරීමට සමත් නොවන ඔබ තමන්ගේ සිතට අවවාද කිරීමට සමත් විය යුතුය. "

භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන කල්හි භික්ෂුන්වහන්සේලා අමතා එසේ වදාළේය.

අංගුත්තර නිකාය - සචිත්ත සූත්රය

කැඩපතකින් මුහුණ බලා අඩුපාඩු සකස් කරගන්නාසේ තම සිත දෙස බලා එහි ඇති ක්ලේශ ධර්මයන් හඳුනා ඉවත් කලයුතු අතර කුසල් දහම් ප්රත්යවේක්ෂා කලයුතු වන්නේය.

·         දැඩි ලෝභ සිතින් වසත්ද, දැඩි ලෝභ රහිතව වසම්ද.

·         ව්යාපාද සිතින් වසත්ද, ව්යාපාද රහිතව වසම්ද.

·         ථිනමිද්ධයෙන් වසත්ද, ථිනමිද්ධයෙන් තොරව වසම්ද.

·         විචිකිච්චා සිතින් වසත්ද, විචිකිච්චාව දුරු කොට වසම්ද.

·         කිලිටි සිතින් වසත්ද, නොකිලිටි සිතින් වසම්ද.

·         වීර්යයයෙන් තොරව වසත්ද, විර්යයයෙන් යුතුව වසම්ද.

·         අසිහියෙන් වසම්ද, සිහියෙන් යුතුව වසම්ද.

·         එකඟවූ සිතින් වසත්ද, එකඟනොවූ සිතින් වසම්ද.

·         අකුසල ධර්මයන් ප්රහාණය පිණිස වසත්ද.

·         කුසල ධර්මයන් වඩා වර්ධනය කරමින් වසම්ද.

ඇඳි වත හෝ හිස ගිනිගත් මිනිසෙක් එගිනි නිවීමට උත්සාහ ගන්නාසේ කුසල් දහම්හි පිහිටා ආශ්රව ක්ෂය කිරීම පිණිස භාවනා වන්හි යෙදිය යුතුය.

 

තෙරුවන් සරණයි.

 

 

 

 

 .

144       පලාසය

සමතත්වයෙන් සිතීම පලාසයයි.

චිත්තෝපක්ලේෂ ධර්ම දහසය (16) අතර දැක්වෙන පලාසය යනු තමන්ට වඩා උසස් කමින්, ධනවත් කමින්, ගුණවත් කමින්, නැණවත් කමින් උසස් උදාර ගුණ ඇති අය හා සමතත්වයෙන් තමාද සිටිතැයි සිතන ගතිය පලසයයි.

මෙය සදිසිමාන, සෙයියමාන යනුවෙන්ද දත හැකිවේ.

හීනමානාදික පුද්ගලයා ලැජ්ජාව හා උඩඟුකම පිරිමසා ගැනීම සඳහා උපයෝගී කරගන්න මෙවලමකි පලාසය.

තමාට කල නොහැකි වැඩ කරන්නට ගොස් ඉමහත් අමාරුවට වැටෙන්නේ මේ දුර්ගුණය ඇති අයයි.

පලාසය කුහකකමේ කැටපතයි.

ඊර්ශයාවේ උපදේශකයායි.

උඩඟුකමේ මිත්රයයි.

ගුණමකු කමේ ඥාතියායි.

මාන්නයේ ඡයා පිටපතයි.

මෝඩකමේ ප්රතිමුර්තියයි.

උද්දච්චකම හෝ මෝඩකම හේතුවෙන් ගරු කල යුත්තාට ගරු කලයුතු බව (අපචායනනොදන්නාකම වූ මෙකී ක්ලේශය පාපකාරී සිතුවිල්ලකි.

තමා සිටිතැනින් පහලට වැටීමට, හිමිකම් අහිමිවීමට, උසස් අයගේ ගර්හාවට, මිතුරන් හැරදා යාමටද පලාසය හේතුවන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

143       දෙවියන්ට පින්දීම

එක්තාවතා අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං

සබ්බේ දේවා /භූතා /සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා

අප රැස්කර ගත් මේ පිං සියලු දෙවියෝ සෑම සම්පත්තියක්ම සිද්ධ වනු පිණිස අනුමෝදන් වෙත්වා.

ආකාස්ට්ටා භුම්මට්ටා දේවා නාගා මහිද්ධිකා

පුඤ්ඤන් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං/දේසනං/මං පරං

අහසෙහිද පොළොවෙහිද සිටින මහානුභාව සම්පන්න දෙවියෝද නාගයෝද පිං අනුමෝදන්වී බොහෝ කලක් සාසනය රකිත්වා/ දේශනය රකිත්වා/ මා රකිත්වා.

පින යනු සැපයට නමකි. කවරෙකුට හෝ සතෙකුට හෝ සැපයක්, සතුටක් අත්කර දීම පිනකි. අනුමෝදන් කලහැක්කේ එවැන්නකි.

දෙවියන් දිව්යලෝකයට ගියේ ධනය නිසාවත්, බලය නිසාවත්, නිලය නිසාවත් නොවේ. කරන ලද හොඳ හේතුවෙනි.

එනිසා දෙවියන් සතුටු වන්නේත්, හිතවත් වන්නේත් හොඳ කරන අයටයි.

බුද්ධත්වයට, දේවත්වයට පත්වන්නේ මිනිසුන්මය. එනිසා ඔබේ සිත දේවත්වයට ගෙනයාමට ඔබට හැකියාවක් ඇත.

දේව යන්නෙහි තේරුම ලෝභය හා ද්වේශය පාලනය වූ යන්නයි. එහෙයින් ලෝභයත්(ඇලීම), ද්වේෂයත්(ගැටීම) පාලනය වූ සෑමවිටකම ඔබ දෙවියන් හා සමාන වන්නේය.

දෙවියන් යදිනවාට වඩා දෙවියකු වීමට මහන්සි ගන්න.

බෙල්ලේ නයි එල්ලාගෙන සිටින, අවි ආයුධ දරාගෙන සිටින, සතුන්ගේ කරපිට සිටින දෙවියකු නොව සම්යයක්දෘෂ්ටික දෙවියකු වන්න.

නිවන් දකින්නේ එවන් දෙවියන්ය.

තෙරුවන් සරණයි.

     

 

 

142       සදහම් උරගල

දිනක් මහා ප්රජාපතිගෝතමීන් වහන්සේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹ වන්දනා කර ධර්මවිනය, බුද්ධ සාසනය යනු කුමක්දැයි දැනගැනීම පිණිස ධර්ම ක්රමයක් දේශනා කරනා මෙන් ඉල්ලා සිටියාය.

- චුල්ලවග්ග පාලිය -

යම් මේ ධර්මයෝ

·         නොඇලීම පිණිස පවතිත්, ඇලීම පිණිස නොපවතිත්.

·         වෙන්වීම පිණිස පවතිත්, බැඳීම පිණිස නොපවතිත්.

·         කෙලෙස් දුරුකිරීම පිණිස පවතිත්, කෙලෙස් රැස්කිරීම පිණිස නොපවතිත්.

·         ටිකක් කැමතිවීම පිණිස පවතිත්, බොහෝ කැමතිවීම පිණිස නොපවතිත්.

·         ලදදෙයින් සතුටුවීම පිණිස පවතිත්, ලදදෙයින් නොසතුටුවීම පිණිස නොපවතිත්.

·         උසස් ලෙසින් විවේකය පිණිස පවතිත්, සමූහයේ ඇලිසිටීම පිණිස නොපවතිත්.

·         වීරියාරම්භ පිණිස පවතිත්, කුසීතකම පිණිස නොපවතිත්.

·         සුවසේ පෝෂණය කල හැකි බව පිණිස පවතිත්, දුකසේ පෝෂණය කල යුතු බව පිණිස නොපවතිත්.

යයි දැනගත්තෙහිද, ඒකාන්තයෙන්ම ධර්මය, විනය, බුදුසසුන යයි දැනගනුවයි බුදුරජානන් වහන්සේ වදාළේය.

බුද්ධ මාතාවට දෙසූ, ගිහි පැවිදි දෙපක්ෂයටම සාධාරණ ධර්ම ක්රමය අනුව යමින් දන් සිල් පුරා, භාවනා කර්මයන්හි නියැලී සසරින් එතෙර වීමට උත්සාහ ගතයුතු වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

141    ඇසුර

ලෝකෝත්තර මෙන්ම ලෞකික විමුක්තිය සඳහා ඇසුර දායක වන ආකාරය බුද්ධ දේශනය පුරාවටම සඳහන් කර ඇත.

බුදුරජාණන් වහන්සේ විසින් ඇසුර පැවැත්විය යුතු ආකාරය දේව, ගෘහපති, පිරිවැජි, ශ්රමණ යන සියලු පාර්ශවයන් අමතා වදාරා ඇති අතර ගිහි කල ලඟින් ඇසුරු කල චන්න භික්ෂුව (චන්න ඇමතියා) හට ඇසුරු පැවැත්විය යුතු ආකාරය පිලිබඳ විශේෂිත දේශනයක් පවත්වා ඇත.

  1. සීලවන්තයන් ආශ්රය කරන්න.
  2. ශ්රද්ධාවන්තයන් ඇසුරු කරන්න.
  3. ශෘතවත් අය (ධර්මය ඇසූ අය) ආශ්රය කරන්නන.
  4. ත්යාගී (දන්දෙන) අය ඇසුරු කරන්න.
  5. ඥානවන්තයන් (ප්රඥාව) ඇසුරු කරන්න.
  6. වීර්යයෙන් යුතු අය ඇසුරුකරන්න.
  7. ඉවසීම පුරුදු පුහුණු කල අය ඇසුරු කරන්න.
  8. ගුණවත් අය ආශ්රය කරන්න.
  9. සුචරිතවත් අය ඇසුරු කරන්න.
  10. කරුණාවන්ත අය ආශ්රය කරන්න.
  11. පාපයෙන් මුදවන කුසලයෙහි යොදවන අය ඇසුරු කරන්න.
  12. බාල නොවූ, පාපනොවූ, ක්ලේශ නොවූ ධර්ම ඇසුරු කරන්න.

තෙරුවන් සරණයි.



140       මක්කය

 

ගුණ මකුකම යනුවෙන් හැදින්වෙන මෙය අකුසල චෛතසිකයකි.

සිත කිලිටි කරන ධර්ම අතර ගැනෙන මෙහි ස්වභාවය වන්නේ කවරකු විසින් හෝ කොපමණ හොඳ කලත් ඒවා බැහැර කොට කියා පෑමයි.

අනුන්ගේ සැපත නොඉවසීම වන ඊර්ශයාව (ඉස්සා) වාචික වශයෙන් එළිදක්නා ස්වභාවය ගුණමකු කමයි.

තම කුහකකම හරි හැටි හැඳින නොගැනීම නිසා බොහෝ දෙනා නොදැන සිදුකරගන්නා පාපයන්ට මූල චෛතසිකයකි මක්කය.

අනුන්ගේ ගුණ මකා දැමීම පමණක් නොව කෘතගුණ නොසැලකීම වැනි පහත්, නින්දිත, දීන ගති ඇතිවන්නේද කෙනෙකු තුල තිබෙන මක්ක චෛතසිකය හේතුවෙනි.

මෙය දුර්ගුනයකි, ගුණ මකුවාගේ ගමන බොහෝ දුරට කෙටි වන්නේය.

උසස් යයි සම්මත අයගෙන්, යහපත් සමාජයෙන් පිළිකෙව් වීමට ගුණමකු කම හේතු වන්නේය.

ගුණමකු කම මිනිස් ගතියක් නොව තිරිසන් ගතියකි.

ආශ්චර්යය වන්නේ සමහර තිරිසන් සතුන් අතර ගුණමකු කම දැකීමට නොහැකිවීමත් උසස් මනසක් ඇතැයි කියන සමහර මිනිසුන් අතර විද්යමාන වීමත්ය.

පාප මිත්රයන් ගෙන් මෙම දුර්ගුන් ඔබට කාන්දු විය හැකි හෙයින් සතිමත් වන්න.

තෙරුවන් සරණයි.





139       අංග අටකින් (8) යුත් මහ සොරා වහා අල්ලා ගනු ලැබේ, වැඩි කල් සිටින්නෙක් නොවේ.

අංගුත්තර නිකාය - මහා චෝරඞ්ග සුත්රය.

තථාගතයන් වහන්සේ අට්ඨක නිපාත පාලියේ සදහන් කල එකී කරුණු අට වන්නේ:-

  1. නොගසන්නහුට ගසයි.
  2. ඉතිරි නොකර ගනියි.
  3. ගැහැනුන් මරයි.
  4. තරුණියන් දුෂණය කරයි.
  5. පැවිද්දා ගෙන් සොරකම් කරයි.
  6. භාණ්ඩාගාරය පැහැර ගනී.
  7. ළඟ පාත සොරකම් කරයි.
  8. තැන්පත් කිරීමේ අදක්ෂ වෙයි.

සොරකම යනු නොදුන්දේ ගැනීමයි යනුවෙන් පදඅග අර්ථ දක්වා ඇතිමුත් නිරුක්තියේ අධ්යාත්මික අර්ථය ඊට එහාට ගමන් කරයි.

සොර සිතින් යමක් කරයිද, කියයිද, සිතයිද එය සොරකමට අයත් වන්නේය.

සොරකම් කිරීම සඳහා අනුබල දීම, සොරකම් කිරීමට උපදෙස් දීම, සොරකම් කරවීම, සොරකම අනුමත කිරීම, සොරකමට අණදීම, සොර සිතින් හැසිරීම, අනුනට වෙන් කල තබා තිබූ දෙය පසුව තමා පරිහරණය කිරීම, පූජා කිරීම සඳහා අනුන්ගේ ගසක මලක් නෙලීම පවා යන මේ සියල්ල සොරකමට අදාළ පාප කර්මයන් වන්නේය.

සොරා ගෙන් සොරකම් කල සොරකමක් වන්නේය.

සිතෙන් සිත සොරකම් කිරීම සොරකම වේ.

තෙරුවන් සරණයි


138       පුරිසස්සහි ජාතස්ස කුඨාරි ජායතේ මුඛෙ

" අන්යන්ගේ සිත් රිදවීමට අඥානයාගේ කටේ කෙටෙරියකුත් ඇතිව උපදින්නේය"

සදාකල්හි ලෝකය දුශ්ශීලයන් ගෙන් ගහනයි. ඔව්හු පාපයට නැමුනෝය. ලාභයට ගිජුවුවෝය. අගතියට බර වූවෝය. සහජයෙන් ඔවුන්ගේ වචන කර්කශයි එහෙයින් ඔවුන්ගේ කටේ කෙටේරියක් ඇතුව උපන්නෝ යයි කිව යුතුය. නින්දා ප්රශංසා දෙකෙහි පණ්ඩිතයෝ කම්පා නොවෙති යයි වදාරා තිබේ.

මෙසේ හෙයින් ලෝක තත්වය නිසි පරිදි තේරුම් ගත හොත් ලෝකයාගේ ආක්රෝෂ සහගත රළු බස් වලින් පීඩා නොවිඳ සිටිය හැකි වන්නේය.

ගුණ මකාදැමීම, අභූත චෝදනා, නින්දා, ගැරහුම්, ඇනුම් බැනුම් පද කියන්නේ තමන්ගේ වැරදි වසා ගැනීමට වන බවත්, අනුන්ගේ සිත් රිදවන වචන කතා කිරීමෙන් තමන්ගේ පහත්කම හෙලිවන බව අනුන් දන්නා බවත් ඔහු/ඇය නොදන්නේය.

සියල්ල ඉවසන තැනැත්තා තමන්ගේ මහත්කම හෙලිකරන්නේය.

උතුමෝ කොතෙක් නින්දා ලැබුවත් පළිගන්ට හෙවත් එකට එක කරන්න තම වටිනා කාලය ගෙවන්නේ නැත.

අනුන්ගේ බැනුම් ගැරහුම් ලත් කල නොසැලී බිහිරකු මෙන් සිට තම අරමුණෙහි යෙදීමටත් අත් වැඩෙහිත් හැකි පමණ පර වැඩෙහිත් යෙදීමට සිතා ගන්න.

යාවත්කාලීන කිරීමක් ලෙස දක්වන්නේ නම් මෙය උන්ගේ අමුතු තාලේ ආතල් ගැනීමක් යයි සිනා මුසු මුහුණින් පිළිගන්න.

තෙරුවන් සරණයි.



137       කුල්ලූපමං වො භික්ඛවේ ධම්මං දෙසිස්සාමි

මහණෙනි, ඔබලාට මම පහුර උපමා කොට ඇති දහම් දේශනා කරන්නෙමි.

එය එතෙරවීම පිණිසය, කර ගහගෙන යාම පිණිස නොවේ.

අල්ලා ගැනීම පිණිස නොවේ, අත්හැරීම පිණිසයි.

මජ්ජිම නිකාය - අලගද්දුපම සූත්රය

තථාගතයන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි ගද්ධබාධි පුබ්බ අරිට්ඨ භික්ෂුව සතු වූ ලාමක ධර්මයක් උදෙසා දේශනා කරන ලදී.

දන්, පිං කම් සිදු කරමින් ශ්රද්ධාව පෙරදැරිව කටයුතු කාරණා සිදු කිරීම බුදුරජානන් වහන්සේ අනුදැන වදාරන ලදී.

එමෙන්ම සංස්කාර ධර්මයන්හි අනිත්යතාව දැන, ආදීනවය හා නිස්සරණය මෙනෙහි කරමින් නුවන මෙහෙයවා කටයුතු කලයුතු බව අවධාරණය කොට තිබේ.

දන්, පිං කම් කිරීමේදී ඇලීම, ගැලීම නොකළ යුතුයි මන්ද එවිට නොදැන පව් සිදුවන්නේය.

යම් කෙනෙක් ධර්මය වැරදියට අල්ලා ගත හොත් හේ සර්පයකු හිසින් නොව කඳ මැදින් හෝ වලිගයෙන් අල්ලා ගත්තා හා සමාන වන්නේ යයි බුදු රජාණන් වහන්සේ මෙම සුත්රයේ දී දේශනා කර තිබේ.

ධර්මයෙහි ඇලෙන්න, අත්හැරීම අවබෝධ කිරීම සඳහා විය යුතු වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

136       පව් සමා කිරීමක් නොමැත

"කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං "

පාපය පාපයක් ලෙස (වැරැද්ද වැරද්දක් ලෙස ) දැන, නැවත නොකිරීමට අදහස් කිරීම හැර පාපයට තථාගත දේශනයේ සමාව දීමක් නොවන්නේය.

කරන ලද පාපය හෝ අකුසලය එලෙසෙම පවතින්නේය.

මෙම ආවර්ජනය නිසා යලිත් එවන් පාපයක් (වැරද්දක්) නොවීම මෙහි ඇති පලදායී අර්ථය වන්නේය.

වැරැද්ද හෝ පාපය හඳුනා එය පිළිගැනීම උසස් සිතක ලක්ෂණයකි.

එම පාපය හෝ වැරැද්ද යලි කිසිදු දිනයක නොකිරීමට අදිටන් කිරීම සිත උසස් බවට පත්කර ගැනීමකි.

එය ත්රිවිධ රත්නය අමතා පවසා සිටීම සීලය රැකීමක් වන්නේය. ත්රිවිධ රත්නය සිහිකිරීම කුසලයක් වන්නේය.

පවක්, වැරද්දක් සිදුකර ඉහත ගාථාව සජ්ජායනා කිරීමෙන් කල පව් සමාකරවා ගත නොහැක්කේය.

එම ගාථාවේ පරම අධ්යාත්මික අරුත වන්නේ නොදැන සිදුවූ හෝ කැමැත්තක් නැතුව සිදුවූ යම් පවක් හෝ වැරද්දක් වේ නම් තමාම ආමන්ත්රණය කර ගනිමින් තම සිත පිරිසිදු කර ගැනීමකි.

ඉන් පව් සමාවිමක් සිදු නොවන අතර සිත පිරිසිඳු වීමක් සිදුවන හෙයින් උසස් ක්රියාවකි.

සිත දෙස බලා සිත පිරිසිඳු කර ගන්න.

තෙරුවන් සරණයි.

 

 

 

135      අත්හරින්න බැරිම දේ අත්හරින්න

බුදුරජාණන් වහන්සේ විසින් නිරෝධ සත් යටතේ අනෙක විධ ආකාරයෙන් විස්තර කරන ලදුව, ඉහත දේශනය අනුගමනය කල තැනැත්තා ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දිනන ලද්දෙක් වන්නේය.

අත්හරින්න බැරිම දේ යනු පතුලටම කිඳා බැස ඇති වස්තුකාම හෝ ක්ලේෂකාම යන්හි අවිද්යාමාන අනන්යතාව යයි.

කිරීමට අපහසු වුවද කෙසේ හෝ කළහොත් ලැබෙන අස්වැසිල්ල, සැනසීම, නිවීම සදාතනික වන්නේය.

අත්හරින්න බැරිම දේ අත්හල පුද්ගලයාට අත් හැරීමට තව කිසිවක් නැති හෙයින් එම පුද්ගලයා සතු මනෝභාවය කිසිවකින් කිසිවෙකුට පරාජය කල නොහැක, අනුනට ඔහු කම්පාවට පත් කල නොහැක.

චිත්තං යස්සන කම්පති යනුවෙන් දැක්වෙන එකී චිත්ත ස්වභාවය, සෝක නැති, කෙලෙස් මල නැති, අකම්පිත, පිවිතුරු, නිර්මල සිතක් වන්නේය.

චාගෝ (පරිත්යාගයපටිනිස්සඝ්ගෝ (දුරුකිරීමමුත්තියෝ (මිදීමඅනාලයෝ (ඇලීම් නැති) යනුවෙන් දේශිත නිරෝධ ආර්යය සත්යය අත්හැරීම තුලින් මොනවට අවබෝධ වන්නේය.

අත්හැරීමට අපහසු දෑ අත්හැරීමට පුරුදුවන්න එවිට නිවීම ඇතිවන්නේය.

තෙරුවන් සරණයි.

 

 

134      අප්පිච්ඡස්සායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස

බුද්ධ සාසනය අල්පේච්ඡ පුද්ගලයා සතු වුවක් බවත් ම්හේච්ඡ පුද්ගලයා සතු නොවන බවත් බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.

භික්ඛු, භික්ඛුණි, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසම මෙම අල්පේච්ඡ ගුණය (ස්වල්ප කටයුතු) ඇති කර ගත යුතුවේ.

·         අල්පේච්ඡ ගුණය නොවන්නා පවුලට, සමාජයට, ලෝකයට බරකි.

·         අල්පේච්ඡ තාවය යනු ඉච්චා විරහිත (තෘෂ්ණා විරහිත) භාවයයි.

·         අල්පේච්ඡ තාවය නිර්වාන පදයට දක්ෂ විය යුතු පුද්ගලයා සතු ගුණයක් විය යුතු බව කරණීය මෙත්ත සූත්රයේ සදහන් කර ඇත.

·         දසකතා අතර මුලින්ම සදහන් වන්නේ අල්පෙච්ඡ තාවය පිලිබඳ කතාවයි.

·         අල්පේච්ඡ තාවය පිලිබඳ කතාවේ යෙදීම, අනුසාසනා කිරීම බුදුන් වහන්සේ ප්රිය කල සේක.

·         අල්පේච්ඡ තාවය ඇති පුද්ගලයා ලද දෙයින් සතුටු වෙයි.

·         අනුනට ලැබුණු දෑ තමාට ලැබේවා යයි බලාපොරොත්තු නොවේ.

·         භික්ෂුවක් නම් පරිෂ්කාරත්, ගිහියෙකු නම් අමතර බඩු භාණ්ඩ රැස් කිරීමත් නොකරයි.

·         අල්පේච්ඡ පුද්ගලයා පහසුවෙන් පෝෂණය කල හැක්කේය.

·         ලෝකෝත්තර සුවය සඳහා අල්පේච්ඡ තාවය මහෝපකාරී වේ.

තෙරුවන් සරණයි

 

 

 

133      පාතාලය

සාරීරිකානං ඛෝ ඒතං භික්කවේ දුක්ඛානං වේදනානං අධිවචනං යදිදං පාතාලෝති

" මහණෙනි, යම් මේ පාතාල යන වචනයක් වේද, එය ශාරීරික දුක්ඛ වේදනාවන්ට නමකි."

සංයුක්ත නිකාය, වේදනා සංයුක්තය - පාතාල සුත්රය.

මහණෙනි, අශෘතවත් පෘතජන තෙමේ ශාරීරික දුක්ඛ වේදනාවන් ස්පර්ශවන ලද්දේ ශෝක කරයි, ක්ලාන්තවෙයි, විලාප කියයි, දොස් තබයි, හඬයි, මුලාවට පැමිණෙයි. ඔහු පාතාලයෙන් නොනැගිට්ටේ වෙයි.

මහණෙනි, ශෘතවත් ආර්ය ශ්රාවක තෙමේ ශාරීරික දුක්ඛ වේදනාවන් ස්පර්ශ වුයේ ශෝක නොකරයි, ක්ලාන්ත නොවෙයි, විලාප නොකියයි, දොස් නොතබයි, නොහඬයි, මුලාවට නොපැමිණෙයි. හෙතෙම පාතාලයෙන් නැගිට්ටේ වෙයි.

යමෙක් මෙසේ ප්රාණය පැහැරගැන්නාවූ දුකින් බොඳ කරන්නාවූ දුක් වේදනාවන් වීර්යයෙන්, සිහියෙන් ඉවසා සිටියිද හේ ඒකාන්තයෙන් පාතාලයෙන් මිදුනේ වෙයි.

සසර සැරිසැරීමේදී දුක්ඛ, දෝමනස්ස යන්ට (වේදනාවන්ට) පත්වීම ස්වාභාවිකය. ඒවා වීර්යයෙන් යුතුව ඉවසා උපේක්ෂා සහගතව විඳ දරා ගැනීමෙන් දුකට පත් නොවන්නේය.

තවද, වීර්ය පාරමිතාව, ඛන්ති (ඉවසීම) පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව සපුරා ගැනීමක් වන්නේය. කුසලයෙන් පිරෙන්නේය.

ගලන ගඟ කොතෙක් ගල් පර වල හැපුනද නොරිදී, නොහඬා සයුර වෙත ගලා යන්නාසේ දුක ඉවසන්න එවිට දුක පහවී ගොස් සතුට ඇති වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

132      අසාධාරණ මඤඤසං අචෝර හරණෝ නිධි

පින් නිධානය අන් යට සාධාරණ නොවේ. සොරුන් විසින් පැහැර ගත නොහැකිය. පරලොවදී තමා අනුව යන්නාවූ පින් නිධානයක් වේ නම් නුවනැත්තා පින් කම කරන්නේය.

- ඛුද්ධක නිකාය නිධිකණ්ධ සූත්රය -

අන් අය සහභාගිකරවා ගෙන කරන පිංකම සොරු රංචුවකට වත් ලබා ගත නොහැකි වන්නේය.

මේ පින් දෙවි මිනිසුන්ට සියලු කැමති දේ දෙන නිධානයයි.

පින කුඩා හා මහත් වන්නේ ඒහා ගැලපෙන චේතනාව මත වන්නේය, එහෙයින්

කුඩා වුවත් පින මහත්ඵල වන්නේය.

දුර්වලයාට සැරයටිය පිහිටට සිටිනවා සේ පින තමාට පිහිට පිණිස වන්නේය.

පින උපස්තම්භක (උපකාරී) කර්මයකි.

කුඩා කුඩා පින් අත් නොහැරම කරන්න.

පින යනු අන්අය සතුටු කිරීමේ ක්රියාවට යොදන තවත් නමකි.

තෙරුවන් සරණයි.

 

 

 

131      අංග සතකින් යුත් මිත්රයා ඇසුරු කළ යුතුය.

  1. දීමට අමාරු දෙය දෙයි.
  2. කරන්නට අමාරු දෙය කරයි.
  3. ඉවසිය නොහැකි දේ ඉවසයි.
  4. රහස මිතුරාට කියයි.
  5. මිතුරාගේ රහස් සඟවයි.
  6. විපතෙහි මිතුරා අත නොහරියි.
  7. ධන හානියෙන් (පිරිහීමෙන්) අවමන් නොකරයි.

ඉහතකී අංග හතෙන් යුතු මිතුරා ඇසුරු කිරීම් සුදුසු බව භාග්යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ දේවතා වග්ගයේ මිත්ත සුත්රයේ දේශනා කොට තිබේ.

බුදු රජාණන් වහන්සේගේ ලෞකික හා ලෝකෝත්තර සුභ සිද්ධිය සදහා කරුණු වෙන් වෙන් වශයෙන් දේශනා කොට තිබේ.

ගිහි ජීවිතය සැපවත් හා සුවපත් වීම සඳහා පරමාර්ථ දේශනයම අදාළ ආකාරයට සංග්රහ කොට තිබේ.

අනුව කල්යාණ මිත්රයා හා මිත්රයා වෙන්ව හඳුන්වා දී තිබේ.

කල්යාණ මිත්රයා ලෝකෝත්තර මාර්ගය සඳහා උපකාරීවන අතර සාමාන් මිතුරා ලෞකික සුභ සිද්ධිය සඳහා උපකාරී වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

130       දුක අවබෝධ කල යුතු සත්යයකි.

යමෙක් දුක පිරිසිඳ දැක ප්රත්යක්ෂයෙන් වටහා ගනීද හේ දුක්ඛ සත්යය අවබෝධ කොට ගත්තාවේ.

දුක පිළිකෙව් කළහොත්, දුකට වෛර කල හොත්, දුකෙන් බේරී පලාගිය හොත්, දුකට ගරහන්නේ නම් දුක අවබෝධ කර ගැනීමේ වටිනා අවස්ථාව මග හැරී යනු ඇත.

දුක අත් විඳින්න, දුක අවශෝෂණය කර ගන්න, දුක පිළිගන්න, දුකින් කම්පා නොවන්න, දුකට මුහුණ දෙන්න.

දුක විඳ නැති කෙනෙකුට කිසිදිනෙක දුකෙහි යථා ස්වරුපය හඳුනා ගත නොහැකි වන අතර ඉන් මිදීමේ අවශ් තාවයද ඇති නොවන්නේය.

බෝසතාණෝ තුසිත දිව් ලෝකදීවත්, සිදුහත් කුමරු ලෙස වත් දුක අවබෝධ කර නොගත් අතර තවුස් දම් පිරීමේදී පමණක් දුක පිලිබඳ අවබෝධය ලබා ගත්තේය.

ප්රත්යක්ෂයෙන් ( අත්දැකීමෙන්) දුක හඳුනා ගත් කල ඔහුට ලෝකය, පංච ස්කන්ධය, සංඛාර, විඥාන යන සියල්ලේම දුක ඇති බව වැටහෙනු ඇත.

දුක ආශිර්වාදයක් කොට සලකන්න එවිට කම්පාවට පත් නොවිමටත්, යථා අවබෝධය ලබා ගැනීමටත්, ඉන් මිදීමටත් (නිබ්බිදාව) කටයුතු කලයුතු බව වැටහෙන්නේය.

දුකෙන් පලා යාමට තැත්කිරීම නිසා අමතර දුක් රාශියක් ඇතිවේ.

ලෞකික දියුණුව ලබාගත් පුද්ගලයාද දුකෙන් පලා නොගොස් ඉන් මිදීම සඳහා උත්සාහ ගත් කෙනෙකි.

දුක අවශෝෂණය (පිළිගත්) කරගත් පමණට සැනසීම (නිවීම) ඇතිවන්නේය.

දුක නිසා දුකට පත්වීම අනුවන කමකි.

තෙරුවන් සරණයි

 

 

129       ධන පරිභෝජනය

දැහැමින් සෙමෙන් උපයා සපයා ගත ධනය පහත දැක්වෙනසේ පරිභෝජනය කිරීමෙන් බවභෝගයෝ නිසිතැනට පැමිණුනා වේ යයි තථාගතයන් වහන්සේ දේශනා කර ඇත.

අංගුත්තර නිකාය - පත්ත කම්ම සුත්රය.

· ධාර්මික වස්තුවෙන් තමා සුවපත් කරයි.

· මව්පියන් සුවපත් කරයි.

· අඹු, දරු, දාස, කම්කරු, සතුන් සුවපත් කරයි.

· හිතවතුන් සුවපත් කරයි.

· පංච බලි ඉටුකරයි.

පංච බලි නම්

1. ඥාති බලි.:- නෑයන්ට දීම. තම හිතවත් ඥාති වර්ගයාට යහපත්ව දිවි ගෙවීමට අවශ් කරන උදව් උපකාර නැහැ බැහැ නොකියා ඉටුකිරීම, දිය යුත්තක් දී ඥාතීන් සුවපත් කිරීම.

2. අතිථි බලි:- ආගන්තුකයන්ට සත්කාර කිරීම. ඥාති නොඥාති, හිතවත් අහිතවත්, තමා වෙත පැමිණි හෝ නොපැමිණි උදව් උපකාර අවශ් කෙනෙක් වෙත්ද අය පෝෂණය කිරීම මින් අදහස්වේ.

3. පුබ්බපෙත බලි:- මිය පරලොව ගිය අය උදෙසා කරන දීමනාව. පිං කුසල් රැස් කර මිය පරලොව ගිය තම ඥාතියා සුවපත්වෙවා යයි පින් අනුමෝදන් කරවීම.

4. රාජ බලි:- රජුන්ගේ නියෝගය මත කරන අයබදු ගෙවීම. රජයට ගෙවීමට තිබෙන ආදායම් බදු පැහැර නොහැර ගෙවීම.

5. දේවතා බලි:- දෙවියන් උදෙසා කරන පුද පුජාව. සාසනය ලෝකය ආරක්ෂා කරන පිං කැමති දෙවියන් වෙතොත් අය උදෙසා පුද පුජා පැවැත්වීමත්, රැස්පත් කරන ලද කුසල් අය කෙරෙහි අනුමෝදන් කරවීමෙන් දෙවියන් සුවපත් කිරීම.

· සිල්වත් ශ්රමණ බ්රහමණයන් කෙරෙහි මතු විපාක දෙන දක්ෂිනාව(දානය) පිරිනමයි.

ඉහත කි කර්මයන් කරන තැනැත්තා නොතැවෙන කෙනෙක් වන්නේය, ප්රසංසා ලබන්නේය, මරණින් මතු සුගතියක උපත ලැබීමත්, දිවය සම්පත් පමණක් නොව සෝවාන් ආදී මාර්ගඵල පිලිවෙලින් ලබන නිර්වාන සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු වනවා යයි අනාථපිණ්ඩික සිටානන් අමතා බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබේ.

තෙරුවන් සරණයි.

 

 

 

128       සිල්, ගුණදම්, කුසල් පෘථග්ජන යාට යානාවක් වන්නේය.

බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව පුරා ගත යුතු දෑ වන්නේ සීලය, ගුණධර්ම හා කුසල්ය.

 

සීලය :- ප්රාණගාත, අදත්තා දානාදී කයින් හා වචනයෙන් වන අකුසල යන් ගෙන් වෙන්වී සංවර වීම ශීලයයි.

 

තිරිසන්, ප්රේත, අසුර හා නිරය යන සතර අපායකට නොවැටී ආරක්ෂා වීමට ශිලය උපකාරී වන්නේය.

මිනිස් ලොවක උත්පත්තියත් ශිලයෙන් සහතික වන්නේය.

 

දිව්, බ්රහ්ම ආදී තල වල පහල වීමට රකින ලද ශිලය හේතු වන්නේය.

 

සිල වන්තයා ධර්මය විසින් , දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබේ.

 

ගුණ ධර්ම:- හිරි, ඔතප් (පවට බය හා ලැජ්ජාව) නැති කල ශිලය නොරඳන් නේය. සිලයට ආසන්න කාරණාව වන්නේ ලැජ්ජාව හා බියයි.

සීල වන්තයා හඳුනා ගත හැකි වන්නේ ඔහු තුල ගුණ ධර්ම තිබේ නම් පමණි.

යමෙකුට සිල් ආරක්ෂා කල හැක එහෙත් ඔහුටත් සමාජයටත් වැඩදායී වන්නේ ගුණ ධර්ම වලින් පිරුනොත් පමණි.

ගුණ ධර්ම වඩවා ගැනීම සඳහා වෛරය, ඊර්ශයාව, මානය, කපටිකම, මසුරු කම, රැවටීම, උඩඟුකම, ගුණමකු කම අනුනට පිඩා කරදර දීම ආදී කෙලෙස් චිත්ත සන්තානයෙන් මකා දැමිය යුතුවේ.

මෛත්රිය, කරුණාව ආදී පරහිත කාමිත්වයත් මුදිතා, උපේක්ෂා ආදී තම හිත කාමිත්වයත් සියලු ආකාර මානව ගුණධර්මත් වැඩිය යුතු වන්නේය.

 

කුසල් :- දානාදී පිංකම් වල නියැලීමෙන් ශ්රද්ධාව පෙරදැරි කොට කුසල් සිත් වඩවා ගත හැකි වන්නේය.

බණ ඇසීම, භාවනා කිරීම, පින්දීම, උවටැන් කිරීම, ධර්ම සාකච්ඡාව, ආදී පුණ් ක්රියා මගින් කුසල් සිත් අවදි කර ගත යුතුවේ.

මෛත්රී, අනුස්සති, අනාපාන ආදී භාවනා පරිකර්ම මගින් අකුසල මුලයන් ඉවත්කොට ධ්යාන අංග ලබා ගත හැකි වන්නේය.

ලෞකික මෙන්ම ලෝකෝත්තර සුවය සඳහාත් සිල්, ගුණදම්, කුසල් වඩවා ගැනීමට උත්සුක වනන්න.

 

තෙරුවන් සරණයි.

 

 

127       යදනිච්චං තං දුක්ඛං

" යමක් වෙනස් වන්නේ නම් එය දුකයි "

සියලු සකස්වීම් වෙනස් වන සුළු ( අනිත්යය) බවත්, වෙනස් වන සියල්ල දුක බවත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි.

නිත් සුඛ, නිත් ආත්ම බලාපොරොත්තු වන සිත වෙනස් වීම (අනිත්යය) හේතු කොට ගෙන දුකට පත්වන්නේය.

දුක යනු අනිත් හා අනාත්ම ස්වභාවය ගැන ඇති නොදැනීමයි.

එම නොදැනීම (අවිද්යාව) විදීම් ස්වරූපයෙන් ගැනීම දුකේ ඵලයයි

දුක වටහා දීමට පහත සඳහන් කරුණු කිහිපය දේශනයේ අන්තර්ගත වන්නේය.

·         කුස පුරා ආහාර ගත් කෙනෙකුට පැය කිහිපයකට පමණ පසු එම ආහාරය දිරායාම (වෙනස්වීම) හේතු කොට ගෙන බඩගිනි දුක ඇතිවේ.

·         රෝගයක් සෑදීම හේතුකොට ගෙන නිරෝගී තාවය වෙනස් විම හේතුවෙන් නිරෝගී පුද්ගලයා ව්යාධි දුකට පත් වන්නේය.

·         තරුණ වියේ පසු වන්නකුට සිය තරුණ භාවය වෙනස්වී මහලු වියට පත්වීම හේතුවෙන් ජරා දුඛ ඇතිවේ.

·         ප්රිය කල කෙනෙකුගේ ඇසුර වෙනස්වීම, ආශා කල වස්තුවක් නැතිවීම හේතුකොට විප්පයෝග දුක ඇතිවේ.

·         බලා පොරොත්තු වෙනස්වී යාම, නොලැබී යාමෙන්, අපේක්ෂා ඉටු නොවී වෙනස්වී යාමෙන් ඇතිවන්නේ දුකකි.

·         රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන යන පංචස්කන්ධයම වෙනස් වන සුළු බැවින් ඇතිවන්නේ දුකකි.

සියල්ල දුක බවත් දුකෙන් වෙන්වීමට ඇති එකම මාර්ගය අනිත්, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණය පිරිසිඳ දැන අප්රමාදව ධර්මානු ධර්ම ප්රතිපත්තියේ යෙදෙන්න.

දුක හා කඳුල සියල්ලටම පොදුය. නෙතට යලි කඳුලක් නොඑන ලෙස කටයුතු කරන්න.

තෙරුවන් සරණයි.

 

 

 

126       අචින්ති තම්පි භවිස්සති - චින්ති තම්පි විනස්සති

" නොසිතූ දේවල් සිදුවේ, සිතූ දේවල් විනාශවෙ "

 

ලොව විද්යමාන සත්යයයන් ගෙන් එකක් වන උක්ත දේශනය තථාගතයන් වහන්සේ විසින් බුද්ධ ඥානයෙන් පිරිසිඳ දැන වදාරණ ලද්දකි.

 

අනිත්යතාව මුල් කොට, අනාත්ම, දුක්ඛ යන ත්රිලක්ෂණම එම දේශනයේ ගැබ්වී ඇත.

 

ස්වභාව ධර්මයේ සංසිද්ධියක් වන එය, හරි හැටි වටහා නොගැනීම නිසා සත්වයා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට ලක්ව පීඩාවට පත්වන්නේය.

 

ඇලීමෙන්, බැඳීමෙන්, බලාපොරොත්තුවෙන් ඇති කරගන්නා අපේක්ෂාවන් හා ස්වාභාවික විපත් අනතුරු නිසා ඇතිවන හේතුන් මමත්වයෙන් අල්ලා ගැනීම මෙයට හේතු වන්නේය.

 

ලෝකය අපේ නොවන්නේය, එහි ක්රියා කාරකම් වලට අප නතු විය යුතුය. එය අපේ කර ගැනීමට යාම මුලාවකි.

 

තමන්ගේ නොවන ලෝකයක ජිවත්වන සත්වයා තමාට රිසි දෑ පමණක් බලාපොරොත්තු වීම සිදු නොවන්නකි.

තමන්ගේ කර්මය ගැන පමණක් විශ්වාශය තබන්න.

 

අනිත්යතාව(වෙනස්වීම) පිළිගන්න. එයට කැමැත්තෙන් මුහුණ දෙන්න එවිට සියලු දුකින් මිදිය හැක.

 

තෙරුවන් සරණයි.

 

 

125       ශ්රද්ධාව හා ප්රඥාව සමව පැවතිය යුතුයි

ශ්රද්ධාව හා ප්රඥාව එක සමානව නොපැවතිය හොත් වන්නේ අයහපතකි.

 

කරත්තයක රෝද දෙක එක සමානව තිබිය යුතුයි. එකක් කුඩාවට හා එකක් ලොකුවට තිබුන හොත් පාරේ ගෙනයාමට නොහැකි වන්න්නසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ශ්රද්ධාව හා ප්රඥාව සමාන විය යුතුයි.

 

ශ්රද්ධාව වැඩි කර ගත හොත් ඕනෑම දේකට පැහැදෙන්න පටන් ගන්නවා.

දැක්ක දැක්ක දේට පැහැදෙනවා. ධර්මයත් ධර්ම ස්වරූපයෙන් එන අධර්මයටත් පැහැදෙනවා. එවිට අවුලක ශ්රද්ධාව පැටලී ධර්ම මාර්ගයෙන් පිට පනිනවා.

 

ශ්රද්ධාව අඩුවී ප්රඥාව වැඩි වුවහොත් නිතර මහන්සි ගන්නේ කපටි කෛරාටික කමින් වැඩ කිරීමටයි.

 

බුදුන් වැඩිම, මල් පහන් පුජා කිරීම, බණ ඇසීම, පන්සල් යාම ආදී පින් කම් වල යෙදීම අවශ් නැති බවත් තමන් නරක වැඩ වලින් ඈත් වී සිටියොත් පමණක් ඇති යන්න ඔහුගේ අදහසයි.

 

" කිඥ්චිද මත්තමේව කුසලං හොති " යනුවෙන් සිතීම් මාත්රය පමණක් කුසල් සිද්ධ වීමට ඇතැයි සිතා පින්කම් නොකර සිටීම නිසා කොපමණ බණ කිව්වත් බණ ඇසුවත් ඔහු හැදීමට අපහසු කෙනෙකි.

 

" භේසජ්ජ සමුට්ඨිතෝ විය " යනුවෙන් බෙහෙත් කෑම නිසා සැදුණු රෝගය සුව කිරීමට අපහසු වන්නාසේ .

 

එහෙයින් ශ්රද්ධා ප්රඥා දෙක සමව පවත්වා ගත යුතුයි.

 

තෙරුවන් සරණයි.

 

 

 

124       " ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ."

මෙය හේතු ඵල වාදයේ එක් අංගයකි.

ආත්මයක්(උපතක්) යනු සසරට එක් අවස්තාවක් පමණි එහෙත් එක් කර්මයක් මුළු සංසාරයටම අදාලව පවතී.

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කිරීම ගැන බොහෝදෙනා නොදනී.

·         ඉවසීම ධර්මයේ හැසිරීමකි. සතුරන් දිනීම විපත් වලින් ආරක්ෂාවීම මිල කල නොහැක.

·         මෛත්රී කිරීමෙන් සතුරන් මිතුරු වීම, නපුරු සිහින නොපෙනීම, දෙවියන්ට ප්රිය වීම, අමනුෂ් යන්ට ප්රිය වීම ආරක්ෂා සම්පත්තියයි.

·         වෛර නොකිරීමෙන් සතර අපායට නොවැටී ආරක්ෂාවේ.

·         සීලයේ පිහිටීමෙන් වස, විස, ගිණි , සතුරු විපතින් ආරක්ෂා වේ.

·         දන් පැන් දීමෙන් උපදින ආත්මයක් පාසා කුස ගින්නේ නොතබා ආරක්ෂා කරයි.

·         සොරකම් නොකිරීමෙන් තමා සතු ධනය සොර සතුරන් ගෙන් වස්තු විනාශයෙන් ආරක්ෂා වේ.

·         පරුෂ වචන, කේලාම් නොකීමෙන් නින්දා වෙන් අපහාසයෙන් අයසින් ආරක්ෂාවේ.

·         යහපත් ක්රියාවන් ගේ නියැලීමෙන් දෙවි රැකවරණය ලැබේ.

·         මත්පැන් බීමෙන් වැළකීමෙන් කළහ, කෝලාහල, සිහිවිකල් වීම රෝග පිඩා ආදියෙන් ආරක්ෂාවේ.

·         කාමයෙහි වරදවා හැසිරීමෙන් ලොකාපවාදයෙන්, සතුරු උපද්රව වලින් ආරක්ෂාවේ.

·         සතුන් නොමැරීමෙන් හා නොමැරවීමෙන් මරණයෙන්, මරණ බියෙන් ආරක්ෂා කරදේ.

·         අනිත් මෙනෙහි කිරීමෙන් දුක, නින්දා, අයස, අලාභ යන් ගෙන් සිදුවන පශ්චාත්තාපයෙන් ආරක්ෂා වී සිටිය හැක.

·         සතියෙන් (සිහියෙන්) සිටීමෙන් හදිසි අනතුරු, උපද්රව, අලාභ හානි ආදී සකල දුක්ඛස්කන්ධයෙන් ආරක්ෂා වේ.

·         භාවනාව නිසා නීවරණ ධර්මයන් ගෙන් සිත මුදවා ආරක්ෂා කරදෙයි.

·         සෝවාන් පුද්ගලයාට පිරිනිවන්පානා තෙක් සතර අපායකට නොවැටී සිටීමට රැකවරණය ලැබේ.

ධර්මයේ හැසිරෙන්න. එය ඔබේ ලෞකික ලෝකෝත්තර සුභ සිද්ධිය සඳහා වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

123       අචින්ති තම්පි භවිස්සති - චින්ති තම්පි විනස්සති

" නොසිතූ දේවල් සිදුවේ, සිතූ දේවල් විනාශවෙ "

 

ලොව විද්යමාන සත්යයයන් ගෙන් එකක් වන උක්ත දේශනය තථාගතයන් වහන්සේ විසින් බුද්ධ ඥානයෙන් පිරිසිඳ දැන වදාරණ ලද්දකි.

 

අනිත්යතාව මුල් කොට, අනාත්ම, දුක්ඛ යන ත්රිලක්ෂණම එම දේශනයේ ගැබ්වී ඇත.

 

ස්වභාව ධර්මයේ සංසිද්ධියක් වන එය, හරි හැටි වටහා නොගැනීම නිසා සත්වයා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට ලක්ව පීඩාවට පත්වන්නේය.

 

ඇලීමෙන්, බැඳීමෙන්, බලාපොරොත්තුවෙන් ඇති කරගන්නා අපේක්ෂාවන් හා ස්වාභාවික විපත් අනතුරු නිසා ඇතිවන හේතුන් මමත්වයෙන් අල්ලා ගැනීම මෙයට හේතු වන්නේය.

 

ලෝකය අපේ නොවන්නේය, එහි ක්රියා කාරකම් වලට අප නතු විය යුතුය. එය අපේ කර ගැනීමට යාම මුලාවකි.

 

තමන්ගේ නොවන ලෝකයක ජිවත්වන සත්වයා තමාට රිසි දෑ පමණක් බලාපොරොත්තු වීම සිදු නොවන්නකි.

තමන්ගේ කර්මය ගැන පමණක් විශ්වාශය තබන්න.

 

අනිත්යතාව(වෙනස්වීම) පිළිගන්න. එයට කැමැත්තෙන් මුහුණ දෙන්න එවිට සියලු දුකින් මිදිය හැක.

 

තෙරුවන් සරණයි.

 

 

122       නින්දාව

 

මිතහාණි තම්පි නින්දතී - නත්ථි ලෝකේ අනින්දිතෝ

" අතුලය, මේ නින්දිතිය ඉතා පුරාණය, අද වූ දෙයක් නොවෙයි. තුෂ්නිම්භූතව හුන්නහුට නින්දා කෙරෙත්, වැඩිපුර කථා කරන්නහුට නින්දා කෙරෙත්, මද කොට කථා කරන්නහුට නින්දා කෙරෙත්, එහෙයින් මේ සත්ව ලෝකයෙහි නින්දා නොලැබුවකු ( අනින්දිතයකු) නම් නැත්තේය. "

 

හිරු රැස් වැටෙත් වැටෙත්ම ටිකින් ටික පුබුදු වන පියුම් මෙන් නිදි ගැරහුම් ලැබෙත් ලැබෙත්ම එයින් පසු නොබැස කුසිත නොව අභිමතාර්ථය ඉටු වෙන තෙක් ඉදිරියට යාමට පුරුදු වන්න.

 

නින්දා ප්රසංසා ආදිය ලොවට අලුත් ඒවා නොවේ. ඒවා ඉතා පැරණිය. එහෙයින් ලෝකය තතු වූ පරිදි ඇති සැටියෙන්ම දුටු ලෝක නාථයන් වහන්සේ ඉහත ගාථාවෙන් ලෝක ධර්මතාවය ගැන වදාළ සේක.

 

නින්දාවට සැලෙන්නේය, ප්රශංසාවට ඇලෙන්නේය, ප්රඥාවන්තයා දෙකම ඉවත ලන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

 

121        සක්විති වත්

චක්කවත්ති සිහනාද සුත්රයේ නිවැරදි සක්විති වත් කවරේද යත් මෙසේ දක්වා ඇත.

  1. තමා ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරුකරමින්, ධර්මයට ප්රිය කරමින්,ධර්මය පුදමින්, අඹුදරුවන් ධර්මයෙහි පිහිටවා ධර්මයෙන් ආරක්ෂා කිරීම.
  2. බල සෙනගද සීලයෙහි පිහිටුවා ඔවුනට කලයුතු ධාර්මික ආරක්ෂාව කිරීම.
  3. ක්ෂත්රිය යන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කලයුතු ධාර්මික ආරක්ෂාව කිරීම.
  4. බමුණන් සීලයෙහි පිහිටුවා ඔවුනට කලයුතු ධාර්මික ආරක්ෂාව කිරීම.
  5. නිගම ජනපද වාසින් රැකගැනීම.
  6. මහණ බමුණන් රැකගැනීම.
  7. කුරුල්ලන් හා සිවුපාවන් ජිවිත දානයෙන් ආරක්ෂා කිරීම.
  8. සිය රටෙහි අධර්ම ක්රියා නොපවත්වන ලෙස කටයුතු කිරීම.
  9. සිය රටෙහි ජිවත්වන දුප්පතුන්ට ධනය දීම.
  10. කලින් කලට සිල්වත් මහන බමුණන් වෙත පැමිණ කුසල් අකුසල් හා ධර්මයට අනුකුල දැ අසා කියා පිළිගෙන පැවතීම.

නිවැරදි සක්විති වත් මේවා වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

120       සක්විති රජ

" රජ තෙමේ දඬුවම් නොකොට, ආයුධ නොගෙන , සතර සාගර කෙලවර කොට ඇති මුළු පොලොව ධර්මයෙන් දිනා වාසය කරන්නේය."

දීඝ නිකාය පාථික වග්ග - චක්කවත්ති සිහ නාද සුත්රය.

 

බුදුරජාණන් වහන්සේ විසින් අනු දැන එමෙන්ම සියලු බුදුවරුන්ගේ බුද්ධ රාජ්යය කාලය තුල රාෂ්ඨ (දේශ) පාලනය කරන ලද්දේ රජ කෙනෙකු විසිනි.

 

වාර්තා ගත සිද්ධාන්ත අනුව සඳහන් වන්නේ, රජ තුමා දැහැමෙන් සෙමෙන් රාජ්යය විචාළේය යන්නයි.

ඉන් අදහස් වන්නේ රජතුමා විසින් රටවැසියන් ගෙන්, පුරෝහිත්යන්ගෙන් විචාරා (අදහස් ගෙන ) රට කරවූ බවයි.

 

රාජ ධර්මය එකක් විය යුතුය, මහා සම්මත යනුවෙන් අදහස් වන්නේ එයයි. එනම් අනුමත කර ගත් සත්යයි. සදහා රජ කෙනෙක් සිටිය යුතුය.

 

කිසිදු බුද්ධ සාසනයක රාජ ධර්මය (දස රාජ) මිස; ප්රජාතන්ත් වාදය, ලිබරල්වාදය, සමාජවාදය, කොමිනියුස්ට් වාදය, ඒකාධිපති වාදය, ස්වයං පාලනය (Federalism) දේවවාදී රාජ්යය, (Theocracy ) ගැන සඳහනක් නොවේ.

 

ප්රජාතන්ත්රවාදය තරම් හොරුන්ට, දුෂිතයන්ට, වංචාකරුවන්ට, කපටින්ට, මිනීමරුවන්ට, සුරාකන්නන්ට, දේශය පාලුකරන්නන්ට සුදුසු පාලන ක්රමයක් තවත් නැති තරම්ය.

 

බෞද්ධ ප්රතිපදාව අනුව සියල්ල නුසුදුසු වන්නේය.

 

ඒවා සියල්ල සත්යය පෙරදැරි කොට නොව ආගමික මතයන් ස්ථාපිත කිරීම සඳහා තනාගත් ඒවාවේ.

 

තවද අංගුත්තර නිකායේ ඒකක නිපාත අට්ඨාන පාලියේ මෙසේ සදහන් වේ.

" මහණෙනි, පුරුෂයකු රජ වන්නේය යන කාරණය විද්යමාන වන්නේය "

මහණෙනි යනුවෙන් ඇමතුයෙන් එහි ව්යංග අර්ථය වන්නේ භික්ෂුවකට රජ විය නොහැකි බවත්, අගමැති, මහඇමති, රාජ සභාවේ පුරෝහිතයකු විමටත් ඉඩක් නැති බවයි.

භික්ෂුව රාජ් පාලනයට නුසුදුසුය.

 

එහෙත් රජු විසින් සංඝයාගෙන් අනුසාසනා ලබාගැනීමත්, සංඝයා විසින් රජුට අවවාද කටයුතු ලබා දීමත් අනු දැන වදාරා ඇත.

 

සුදුසු පාලනය වන්නේ රජකු (සම්මත කරගත්) විසින් කරනු ලබන පාලනයි.

 

වාද විවාදයෙන් තොර නිසා සාමයත්, සමාදානයත් දියුණුවත් ඉන් ලැබෙනු ඇත.

 

තෙරුවන් සරණයි.

 

 

119   සත්යය එකකි - දෙකක් නැත.

"එකංහි සච්චං නූ දුතියමත්ථි........

 

සත්යය හෙවත් ඇත්ත එකකි. දෙවෙනි සත්යයක් නැත. සත්යය දන්නා පුද්ගලයා විවාද නොකෙරේ. තම අදහස දැඩිව ගෙන විරුද්ධව වාද කරන පුද්ගලයා නානා සත්යය පවසත්.

 

ඛුද්දක නිකායේ සුත්ත නිපාත පාලියේ චුල ව්යුහ සුත්රයේ එසේ සඳහන් වේ.

 

විවාද කරන තැනැත්තා බොරුව සත්යයක් කිරීමට නොහොත් වෙනත් සත්යයක් ඇතැයි කීමට යත්න දරයි.

වාද විවාද කරන තැන සත්යය එළි නොදක්නා අතර සත්යය කිහිපයක් ඇතැයි ඔප්පුකර පෙන්වයි.

වාද විවාද ඉල්ලන්නේ, වාද විවාද කරන්නේ සත්යය වසන් කිරීමටය.

 

සත්යය ඉදිරිපත් කරන පුද්ගලයන් දෙදෙනෙක් හෝ කණ්ඩායම් දෙකක් ඇති නමුත් සත්යය ඇත්තේ එකක් පමණි.

සත්යය වසා දමා ඇත්තෙත් වසාදමන්නෙත් බොරුවෙනි.

 

වාද විවාද නොකරන්න එවිට සත්යය එලි දකිනු ඇත.

 

සත්යය සොයා යන්න එහෙත් අන්යවූ සත්යයක් පිටු පස නොයන්න.

 

එක සත්යයක් පමණක් පිළිගැනීම සංසිදීම පිණිස සමර්ථ වන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

118     ක්ෂාන්ති පාරමිතාව (ඉවසීම)

සරල පද අග අරුත වන්නේ ඉවසීම පුරුදු කිරීමයි.

කෝපය මතුවන්නට ඉඩ නොදී සිත තුලම මැඩ ගැනීම ඉවසීම නමි.

රහත් බව ලැබීමට නම් දස පාරමිතා කල්ප ලක්ෂයක් මුළුල්ලේ පිරිය යුතු බව ධර්මයේ සදහන් වේ. ඉවසීම ඉන් එකකි.

ඉවසීම ලෞකික ලෝකෝත්තර දෙපාර්ශවයටම අර්ථ සාධනය සලසයි.

දුකසේ ලැබුන මිනිසත් බව පිරිහීමට ඉඩ නොදී පවත්වා ගෙන නිවනින් සසර කෙලවර කිරීමට ඉවසීම පුරුදු පුහුණු කලයුතුවේ.

·         සතුරන් දිනීමට ඉවසීම තරම් අන් මගක් නොමැත.

·         ඉවසන තැනැත්තා ක්රෝධ නොකරන හෙයින් සතුරන් නැත්තෙක් වන්නේය.

·         භාවනාව සාර්ථක කර ගැනීමට ඉවසීම ඉතාම වැදගත්වේ.

·         ඇනුම් බැනුම් පමණක් නොව සිදුවන අලාභ හානි ඉවසීමෙන් මහත් ලාභයක් අත් වන්නේය.

·         අනුන් තමනට කරන දෑ පමණක් නොව අනුන් අනුනට කරන අපරාධද ඉවසිය යුතුය.

·         ඉවසන තැනැත්තා ගෙන් වැරදි බොහෝ කොට සිදු නොවේ.

·         සියලුම ගුණ වලට විරුද්ධවූ ක්රෝධය නැති කරන හෙයින් ක්ෂාන්තිය සත්පුරුෂයාට ධනයකි.

·         පවිටු පුද්ගලයන්ගේ වාග් විෂ සන්සිදීමට මන්ත්රයක් වැනිය.

·         අධික වේගය වලකාලීමට රැහැනක් වන අතර, සංවරය පිණිස බඳිනා තාප්පයක් වැනිය.

·         සිහියෙන් යුතුව මරණයට මුහුණ දිය හැකිවේ.

·         මරණින් මතු සුගති භූමියක උපත ලැබේ.

·         ක්ෂාන්තිය තමන් කැමතිවු සම්බෝධියක් ලැබීමට අතිශයන් උපකාර වන හෙයින් පාරමිතා නම් වේ.

·         Secret of the patience is to do something else in the meantime.

·         Patience is the companion of wisdom.

·         patience is a virtue.

·         Patience is the key which solve all problems.

·         Have patience with all things but, first of all with yourself.

තෙරුවන් සරණයි.

 

 

 

117       පානාතිපාතා ( ප්රාණ අතිපාත ) වේරමණී.

උක්ත ශික්ෂා පදයේ සිංහල පරිවර්තන ශික්ෂා පදය වන්නේ " මම සතුන් නොමරමි" යන්නයි.

 

එය නිවැරදිය. නමුත් ශීලයක් ලෙස සමාදන් වීමේදී ප්රාණයක් නිරුද්ධ කිරීම හා නිරුද්ධ කරවීම (මැරීම හා මැරවීම) යන අර්ථ දෙකම එකට ගත යුතුවේ.

 

ආර් ශිලය වන්නේ එයයි. මැරවීම යන ශික්ෂණය සඳහා වෙනත් සිල් පදයක් නොමැත.

 

විෂ්ණුෂර්මන් විසින් සතු බසින් රචිත " හිතොපදේශ" ග්රන්ථයේ සත්ව චර්යාව උපහැරණ කොට ගත් උපමා කතාවක මෙසේ සඳහන්ය.

 

" කිසියම් ගසක කවුඩු අඹු සැමි දෙදෙනෙක් වෙසෙත්. ඔවුන් දෙදෙනාගේ දරුවෝ රුක් බිලෙහි වසන කළු නාගයකු විසින් කන ලද්දාහුය.

 

කැවිඩිය කවුඩාට කියන්නේ :- මේ ගසෙහි වෙසෙන තාක් කල් අපේ පරපුර නැසෙන්නේය. එනිසා මේ ගස දුරු කරනු ලැබේවා.

 

එවිට කවුඩා කියන්නේ :- සොඳුර! බිය නොවිය යුතුය. බුද්ධිය (වැරදි බුද්ධිය) යමකුගේ නම් බලයත් ඔහුගේය.

සොඳුර! මෙහි සමීප විලෙහි රාජ පුත්රයන් නිතර අවුත් ස්නානය කරයි. නාන විට ඔහුගේ ශරීරයෙන් මුදන ලද තොටට බසින ගල උඩ තබන ලද රන් නුල (රන් දම්වැල) හොටෙන් ඩැහැ ගෙන වුත් මේ ගස් බිලෙහි තබන්න.

ඉක්බිති යම් දිනෙක රාජ පුරුෂයා රන් නුල ගල උඩ තබා නාන්නට දියට පිවිසි කල්හි කැවිඩිය විසින් එසේ කරන ලදී.

 

ඉක්බිති රන් නුල සෙවීමෙහි මේ අත හැසුරුනාවු රාජ පුරුෂයන් විසින් ගස් බිලෙහි දක්නා ලද කළු නාග තෙම මරණ ලදි. "

 

අනුන් ලවා හෝ උපක්රමයක් මගින් පව් කම් කලත් විපාකය එහි අන්තර්ගතය.

 

මැරීම මෙන්ම මැරවිමද එක සමාන අකුසලයකි. මැරවීමේදී ප්රවුර්ති විපාක රැසක් අත්කර ගන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

116       උත්තම බව

තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයෙහි විඝාසාදකයන් (ඉඳුල් කන්නන්) අරභයා, පුර්ව අපර සන්ධි ගලපා දේශනා කරන ලද වාලෝදක ජාතකය, ඇතුගල් පුර රජ සමයෙහි වීරසිංහ ප්රතිරාජයා විසින් රචිත පන්සීය පනස් ජාතක පොත් වහන්සේ තුල මෙසේ අන්තර්ගතවී ඇත.

 

උසස්, පහත්, උගත්, නුගත්, ස්ත්රී, පුරුෂ, බාල, මහලු, තරුණ කාහටත් එකසේ ප්රයෝජන ලැබිය හැකි, කථා ව්යාජයෙන් නොයෙක් ධර්මෝපදේශයන් ඉගනීමට ජාතක කථා පමණ අන් කිසිවක් උපාකාරී විය නොහැක.

 

වාලෝදක ජාතකය :-

එසමයෙහි, බරණැස් නුවර රජු පසල් දනව්වක යුද්ධයක් ජයගෙන පෙරලා පැමිනියේය.

යුද්ධයේදී ඉදිරිපෙළ සිටි අසුන් බොහෝසේ මහන්සිවී සිටියෙන් මිදී (මුදුරැස්පලම්) ගෙඩි මිරිකා මිදී යුෂ බොන්ට දෙන්නැයි රජතුමා අණ කළේය.

ඉතිරිවූ මිදී රොඩු වතුරට දමා කලතා කඩමාල්ලකින් (රෙද්දකින්) පෙරා ගෙන, අසුන් පන්සියයකට කානම් (ගැල් ) ඇදගෙන කොටළුවන්ට බොන්ට දෙන්නැයි අණ කළේය.

මිදි යුෂ බිව් අසුන් අස්හල් වලට වී මහන්සිය නිවා ගත් අතර මිදි රොඩු පෙරූ වතුර බිව් කොටළුවෝ රජ මිදුලේ තැන තැන පනිමින් කල කෝලාහල කරන්නට වුහ.

මෙය දුටු රජ තෙමේ කොටළුවන්ට හොඳටම තලවා රජ මිදුලෙන් පන්නා දැමිය.

අශ්වයෝ උත්තම ජාති හෙයින් පැන් බී උත්තම නොව දවස හරින්නාහ. නීචයන් විසින් තමන් ලත් යම් යම් තාක් දෙයකට උත්තම වන්නාහ යයි දක්වා වාලෝදක ජාතකය නිමවා වදාළ සේක.

 

මෙම කථා සාරය තුලින් ගම් වන දැක්ම, සියලු අවස්ථා වන්හිදී තම ජිවිතයට ගලපා ගැනීමෙන් යථා ස්වරුපය වැටහෙන අතර චිත්ත විපල්යාසයන්ට ගොදුරු නොවී සැනසීම ලබා ගැනීමට ඉන් හැකි වනු ඇත.

 

තෙරුවන් සරණයි.

 

 

 

 

 

115        එකොලොස් ගින්න   

භික්ෂු සංඝයා ඇමතූ තථාගතයන් වහන්සේ, උපන් සත්වයා ගිනි 11 කින් දැවි දැවී ජිවත්වන බව සංයුක්ත නිකායේ ආදිත්ත පරියාය සුත්රයේ සඳහන් කර ඇත.

·         රාග ගින්න (ආශාව)

·         ද්වේශ ගින්න (කෝපය)

·         මෝහ ගින්න (අවිද්යාව )

·         ජාති ගින්න (ස්කන්ධ යන්ගේ පහළවීම)

·         ජරා ගින්න (වියපත්වීම)

·         මරණ ගින්න (මරණය)

·         ශෝක ගින්න (කනගාටුව)

·         පරිදේව ගින්න (විලාප කීම)

·         දුක්ඛ ගින්න ( කායික දුක)

·         දෝමනස්ස ගින්න (මානසික දුක)

·         උපායාස ගින්න ( බලවත් සිත් තැවුල)

මෙම ගිනි තමා තුල හටගන්නා බවත් එය බාහිරින් පැමිනෙන්නක් නොවන බව පරිපුර්ණ වශයෙන් දැන තමා විසින්ම එය නිවා දැමිය යුතු බව වටහා ගත යුතුය.

දාන, ශිල, භාවනා යන ත්රිවිධ පුණ් ක්රියා වල නිරත වෙමින් පරිපුර්ණ වශයෙන් නැතත් නිවා දැමූ ප්රමාණයට සහනය ලැබෙන බව පිරිසිඳ දත හැකි වන්නේය.

කය, වචනය, සිත යන තුන් දිසාවෙන් ගලා එන සංඛාර නැමති සුළං ප්රවාහය නිසා ඉහත කී ගින්න වඩ වඩාත් ඇවිලී යන්නේය.

තෙරුවන් සරණයෙහි පිහිටා ශිල, සමාධි, ප්රඥා වශයෙන් වන ධර්ම මාර්ගය දියුණු කිරීමෙන් ගින්න නිවා දැමිය හැකිය.

තෙරුවන් සරණයි.

 

 

114        උසස් බව     

මහණෙනි,

·         කරුණු තුනකින් උතුරුකුරු දිවයින් වැසි මිනිස්සු තාවතිංස වාසී දෙවියන් , ජම්බුවිපික මනුෂ්යයන්ද අභිබවා පවතිත්.

කවර තුනකින්ද යත්? නිදුකින්ද, මේ මගේ යයි අයිතියක් නොකිරිමෙන්ද, නියත ගති හා ආයුෂ විඳීමෙන් වාසය කිරීමයි.

·         කරුණු තුනකින් තාවතිංස වාසී දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිස්සුන්ටත්, ජම්බුද්විපික වැසියන්ටත් වඩා විශිෂ්ට වෙති.

කවර තුනකින්ද යත්? දිව් ආයුෂයෙන්ද, දිව් වර්ණයෙන්ද, දිව් සැපයෙන්ද යන කරුණු තුනෙනි.

·         කරුණු තුනකින් දඹදිව වැසි මිනිස්සු උතුරු කුරු දිවයින් වැසි මිනිස්සුන්ටත්, තාවතිංස වැසි දෙවියන්ටත් වඩා විශිෂ්ට වෙති.

කවර තුනකින්ද යත්? ශුරයෝ වෙති, සතිමත් වෙති, බ්රහ්ම චාරිව වාසය කරත් යන කරුණු තුනෙනි.

අංගුත්තර නිකායේ සත්තාවාස වර්ගයේ උතුරුකුරු ධම්ම සුත්රයේ එසේ සඳහන් වී ඇත.

පහත සඳහන් කාරණා තුනෙන් ලංකාවාසීන් විසින් උතුරුකුරු වැසියන්, තාවතිංස වාසී දෙවියන් හා දඹදිව වැසියන් යන සියලු දෙනාම අභිබවා ගොස් ඇත.

ඔව්හු, ගුණමකු වෙති. අධම ගති වෙති. අසත්පුරුෂ වෙති.

මේකී හේතුවෙන් දෙවියන්ගේ රැකවරණය අහිමිවී ගොස් කාල, ඍතු, අවධි විපත්ති ඇතිවී තිබේ. සත්පුරුෂ වන්න දෙවි රැකවරණය ලැබෙනු ඇත.

තෙරුවන් සරණයි.

 

 

113       දවසේ වගකීම

 

සමාජීය වගකීමක් මෙන්ම තථාගතයන් වහන්සේ අනුදැන වදාළ පරහිතකාමී ප්රතිපත්තිය අනුව යමින් යහපත් පුරවැසියන් වෙමු.

වස්සාන සමයේ පිං රැස්කර ගැනීමට මෙසේ පෙළ ගැසෙමු.

* වසංගතය නිසා ළඟ පාත උදව් ලැබිය යුතු අයට උදව් උපකාර කරන්න.

* වැඩිහිටි, අනාථනිවාස, ළමා නිවාස ගැන හැකි අයුරින සොයා බලන්න.

* රෝහල් ගත රෝගීන් වෙනුවෙන් කල හැකි දෙයක් වෙතොත් කරන්න.

* නිරෝධමධ්යස්ථාන සඳහා අවශ් කළමනා ප්රදානය කරන්න.

* පන්සල්, ආරාමයන් හි දාන, ගිලන් පස ගැන සොයා බලන්න.

* අසල්වැසි නිරෝධනය වුවන්, නිවාස ගැන සෞඛ් ආරක්ෂිතව සොයන්න.

* අඩු ආදායම් ලාභින්ට හැකි ලෙස උදව් කරන්න.

* රෝගී වුවන්, නිරෝගී වුවන් එකසේ සලකන්න.

සමාජ වගකීම ඉටුකර සෞඛ් ආරක්ෂිත වනන්ත වෙමු.

* අනවශ් ගමන් බිමන් නතර කරන්න.

* එකතුවීම්, එක්රැස්වීම් නතර කරන්න.

* සෞඛ් නීති, රීති, පිළිපදින්න.

* මීටරයේ දුර තබා කටයුතු කරන්න.

* නිතර අත් සෝදන්න.

* මුව ආවරණ පළදින්න.

* වැඩිහිටියන්, දරුවන් ගැන සැලකිලිමත් වන්න.

* රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වන්න.

* තැන තැන කෙල ගැසීමෙන් වලකින්න.

* කැස්ස, කිවිසුම් අවස්ථාවල මුව ආවරණය කරගන්න.

* පිටතින් ආහාර ගැනීමෙන් වලකින්න.

* බොහෝ ජනයා ගැවසෙන ස්ථාන මගහරින්න.

* වාෂ්ප කිරීම, හිරුට මද වෙලාවක් නිරාවරණය වීම කරන්න.

* ප්රතිශක්ති ජනක ආහාර හා බෙහෙත් වර්ග පාවිච්චි කරන්න.

* දියර වර්ග වැඩිපුර බොන්න, ලුනු වතුරෙන් කට සොදන්න.

* විවේක ගන්න. මදවේලාවක් භාවනාවක් කරන්න.

තෙරුවන් සරණයි

 

 

 

112       බොරුකාරයා පිටුදැකිය යුතුය.

බොරුවෙන් පටන්ගත් මිනිසා අවසන් කරන්නෙත් බොරුවෙන්මය.

 

මන්ද ඔහු/ඇය ගමන් කොට ඇත්තේ බොරුවෙන් පිරි මාර්ගයක වන හෙයිනි.

 

බොරුව අලංකාරවත්ය, චමත්කාර ජනකය, හේතුවෙන්ම ඔහුට/ඇයට බොරුවෙන් ඉවත් වීමට සිත් නොදෙයි.

වැඩි වෙහෙසක් නොදරා යමක් ලබා ගැනීමට, දිවි පවත්වා ගැනීමට ඇති වඩාත්ම ලාභදායි ව්යාපාරය බොරුව වන හෙයින් ඉන් ඉවත් නොවන්නේය.

 

කියන්නාත්, අසන්නාත් දෙදෙනාම එහි රඳවා ගැනීමට තරම් බොරුව මායාකාරී වස්තුවකි.

 

බොරුවෙන් ජීවත්වීම සඳහා අධයාපනයක්වත්, ප්රාග්ධනයක්වත්, ශිල්ප ඥානයක්වත්, කැපකිරීමක් වත් අවශ් නොවන අතර ලජ්ජා භය නැතිකම තිබීම පමණක් ප්රයෝජනවත්ය.

 

බොරුකාරයා ඇසුරු කිරීමෙන් සිදුවන්නේ පාපයකි, වරදකි, අලාභයකි, විපතකි.

බොරු කියන්නාට, බොරු කරන්නාට කල නොහැකි පාපයක් නැති තරම්ය.

 

බොරු කියන්නාට සත් කිසිදිනක නොවැටහෙන බව තථාගතයන් වහන්සේ වදාරා ඇත.

 

සංයුක්ත නිකායේ වංගීස වර්ගයේ සුභාශිත සුත්රයේ සඳහන් ආකාරයට අසත් වචන, නරක වචන, වැරදි වචන, අප්රිය වචන, පව් වචන, හිංසාකාරී වචන, නුවනැත්තන් ගර්හා කරන වචන කතා නොකළ යුතුවේ.

 

තෙරුවන් සරණයි.

 

 

111       බෞද්ධ ශිලය

තථාගතයන් වහන්සේ විසින් දේශිත ශිලය සැකෙවින් සංග්රහ වූ ශිලය සමග ගලපා ගත යුතුවේ.

අප විසින් දැනට සමාදන් වන ශිලය, නිඝණ්ඨ සිලයට සමාන වේ. මෙය බුදුරජාණන් වහන්සේ පහල වීමටත් පෙර සිටම භාරතයේ පැවත එන්නකි.

බෞද්ධ ශිලය වන්නේ ආර්යය ශීලයයි.

එය පරිපුර්ණ ශිලයකි. අඩු නැතුව නොකඩවා රැකියයුතු අතර ශිලයට අනුබද්ධව සිතත් චෛතසිකත් මෙහෙයවිය යුතුය.

ධර්මානු ධර්ම ප්රතිපත්තියේ කොටසක් වන හෙයින් පංච සීලය පිරිසිඳු කල යුතුවේ.

  1. සතුන් නොමැරීමෙන් විපාක පිණිස කර්ම සකස්වීම වලකා ගත හැකි මුත් හා ගැලපුණු ද්වේශ සහගත සිත ප්රවුර්ති විපාක පිණිස චේතනා උපදවා හමාරය. මැරීමත්, මැරවීමත් , උපක්රම සෙවීමත්, ව්යාපාද සංකප්පයත්, විහිංසාවත් යන සියල්ල ශික්ෂා පදයට අඩංගුවේ.
  2. අදත්තා දාන යනුවෙන් ගැනෙන කල එය නොදුන් දෙය ගැනීමයි. තමා සතු නොවන කිසිවක් කැමැත්තෙන් තොරව ලබා ගැනීම සොරකමයි. සොරකම් කිරීම, සොරකම් කරවීම, අන්සතු වස්තුව උපක්රමයකින් අත්පත් කර ගැනීම, විහිංසා සංකප්පය, සොර සිත, ලෝභ චේතනාව යන සියල්ල මෙම ශික්ෂාපදයට අයත්වේ.
  3. පර පුරුෂ, පර ස්ත්රීන් සමග කායිකව හැසිරීම පමණක් නොව කාම සංකප්ප යෙන් යුතුව ඇසුරු කිරීම, අන් ස්ත්රීන් පුරුෂයන් කෙරෙහි ඇති රාගය යන සියල්ල මෙම ශික්ෂා පදයට අයත්ය.
  4. බොරු කීම පමණක් නොව බොරු කිරීමත් මෙම ශික්ෂා පදයට ඇතුලත්ය. අනුන් රැවටීම බොරුවයි. දත් දෑ නොදත් යයි කීමත්, නොදත් දෑ දනිමි යයි කීමත් බොරුවකි. අනුන් බොරුවෙන් රැවටීමේ සිත බොරුකිමේ ප්රවුර්ති විපාක සිතට යටත්ය. කේලම, පරුෂවචනය, හිස් වචනයත් බොරුවට අයත්ය.
  5. සුරා පානයේ ශික්ෂා පදයට සුරාවත් මෙරයත් පමණක් නොව සියලු ආකාර මත්ද්රව් අයත්වේ. මත්විමටත් ප්රමාද වීමටත් (ධර්ම මාර්ගයේ යෙදීමට) හේතුවන සියල්ලත්, සියලු ආකාර මානයන්ගෙන් වන මත්විමත් යම් ප්රමාණයකට දායකවේ.

ශිලය යන්න කය, වචනයට පමණක් සිමා කිරීම කල නොහැක්කේ කිසිදු පාප කර්මයක් චේතනාවකින් තොරව කල නොහැකි හෙයිනි.

ආර්යය ශිලයේදී සිත, කය, වචනය යන තුන් දොරම සංවර විය යුතුය. ලෝකෝත්තර මාර්ගයට ප්රවිෂ්ඨ විය හැක්කේ එවිටයි.

තෙරුවන් සරණයි.



110       අනරිය හා අරිය පිළිවෙත.

තථාගතයන් වහන්සේ විසින් මහණෙනි යයි අමතා දෙවි මිනිසුන් අරභයා දේශිත, අංගුත්තර නිකායේ සංග්රහ කරන ලද අනරියවෝහාර සුත්රයේ හා අරියවෝහාර සුත්රයේ මෙසේ සඳහන් වේ.

අනාර්ය ව්යවහාරය:-

* නුදුටු දෙයෙහි දිටිමි කියන බව.

* නොඇසූ දෙයෙහි ඇසීමි කියන බව.

* නොදත් දෙයෙහි දනිමි කියන බව.

* ස්පර්ශ නොකල දෑ ස්පර්ශ කලා යැයි කීම.

* දුටු දැයෙහි නොදිටිමි කියන බව.

* ඇසූ දැයෙහි නොඇසීමි කියන බව.

* දත් දෙය නොදත් යයි කීම.

* ස්පර්ශ කල දෑ ස්පර්ශ නොකලා යයි කීම.

ආර්ය ව්යවහාරය:-

* නොදුටු දේ නොදිටිමි යයි කීම.

* නොඇසූ දෙයෙහි නොඇසීමි යයි කීම.

* නොදත් දෙය නොදනිමි යයි කීම.

* ස්පර්ශ නොකළ දෑ ස්පර්ශ නොකලා යයි කීම.

* දුටු දෑ දුටුමි යයි කීම.

* ඇසූ දෙයෙහි ඇසුවෙමි යයි කීම.

* දත් දෙය දනිමි යයි කීම.

* ස්පර්ශ කල දෑ ස්පර්ශ කළා යයි කීම.

සැමවිටම ආර්ය ව්යවහාරය අනුව කටයුතු කරන්න. එය ඔබට බලයක් වනු ඇත. සතර අපායෙන් ඔබ ඈත් කර තබන අතර සුගති භුමි ඔබට විවුර්ත වන්නේය.

දෙවියන් විසින් ඔබ ආරක්ෂා කරන අතර ආර්ය මාර්ගය ඔබට පහසු කරවයි.

තෙරුවන් සරණයි.

 

 

109       විපත්තිකර අවස්ථාව ස්ම්පත්තිකර ගන්න.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශිත අංගුත්තර නිකායේ සංග්රහ කරන ලද ඨාන සූත්රයේ මෙසේ සඳහන්වේ.

මහණෙනි, ස්ත්රියක, පුරුෂයකු, ගිහියකු, පැවිද්දකු විසින් මේ කරුණු පහ නිතර සිහිපත් කල යුතුය.

·         මම ජරාව (දිරායාම, වියපත්වීම) ස්වභාව කොට ඇත්තෙමි.

·         මම ව්යාධිය (ලෙඩරෝග සැදීම) ඉක්මවුවෙක් නොවෙමි.

·         මම මරණය ඉක්මවුවෙක් නොවෙමි.

·         මගේ ප්රියයන් කෙරෙන් නානා භාවය, වෙනස් වන ස්වභාවය ඇතියහ. එය නොඉක්ම වූවෙක්මි.

·         මම කර්මය ස්වකීය කොට ඇත්තෙමි, ඤාති කොට ඇත්තෙමි, පිළිසරණ කොට ඇත්තෙමි, යහපත් හෝ අයහපත් කර්මයක් කරන්නේනම් එහි දායාද ප්රතිඵල බුක්ති විදින්නෙමි.

මෙම කාරණා පහ නිතර සිහිපත් කිරීම ජරා, ව්යාධි, මරණ යන දුක්ඛ ස්කන්ධය මෙනෙහි කිරීමක් වන්නේය. බිය දුරු වන්නේය.

මෙසේ මෙනෙහි කිරීමෙන් මෙම විපත්තිකර අවස්ථාවේදී තම සිත කම්පාවට පත් නොකොට අනිත්, දුක්ඛ, අනාත්ම ගැන මනා අවබෝධයක් ලැබීමෙන් අස්මිමානය දුරුකොට මාර්ග ඵල සම්පත්තිය උදාකර ගැනීමට හේතු පාදක වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

108       ධර්මානු ධර්ම

 

ධර්මයට අනුගතවීම පරියාය, ප්රතිපත්ති, ප්රතිවේධ වශයෙන් තෙයාකාරය.

ධර්මය ශ්රවණය කිරීමෙන්, කියවීමෙන්, හැදෑරීමෙන්, සාකච්ඡා කිරීමෙන්, සැක තැන් සැඟවුණු තැන් විවරණය කරවා ගැනීමෙන් පරියාය සම්පුර්ණ කල යුතුයි.

 

ධර්මය ඉගෙන නොගෙන ප්රතිපත්තියේ යෙදීම භයංකාර වන්නේ ඉන් අධර්ම පිළිවෙතෙහි යෙදීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.

තමාට වැටහෙන ආකාරය ධර්මය යයි ගැනීම අනර්ථකාරී වන්නේ පෘතග්ජන දර්ශනය ආත්මාර්ථය පදනම් කොට සිදුවන බැවිනි.

 

අනුව තමාට වාසි සහගත අයුරින් ධර්මය පහදා ගන්න අතර අනුනට පහදා දීමට පෙළඹීම මගින් සත්යාවබෝධය කෙසේ වෙතත් සාසනය විනාශ කිරීමටද දායක වන්නේය.

 

ධර්මයේ හැසිරීම තමා සතු කාර්යයක් වුවද නුවනින් මෙනෙහි කිරීම, තුලනය කිරීම (තුලයිත්වා පදහති), ප්රත්යවේක්ෂා කිරීම, සත්යාවබෝධය පරියායට අනුකුල විය යුතුය මන්ද වංචනික ධර්ම ඉස්මතුවිය හැකි හෙයිනි.

ගසක වෙලී හැදෙන වැලක මුල සිඳ දැමුවද ගසට බද්ධ වී නොනැසී සිටීමට සමහර වැල් වර්ග වලට හැකියාවක් ඇත. ධර්මය හරිහැටි අධ්යයනය නොකළ තැනැත්තාට තමා තුල, සැඟවුන කෙලෙස් ඇති බව නොපෙනේ නොදැනේ.

 

සප්පුරිස සංසේවෝ, සද්ධමම සවනං යන්න සොතාපත්ති මාර්ගයේ මුලික අංග දෙක ලෙස තථාගතයන් දක්වා ඇත.

කුමන මාර්ගයකින් හෝ ධර්මය ශ්රවණය කිරීම, අසා දැන ගැනීම ප්රතිවේධයට ඇති මගයි.

 

තෙරුවන් සරණයි.

 

 

107       හීනයා කවුරුන්ද

සතුන් අතර හිවලා පහත් වේ.

කුරුල්ලන් අතර කවුඩා හීනවේ.

ගස් අතර එරඬු ගස පහත්වේ.

 

භාග්යවතුන් වහන්සේ වේළුවනාරාමයේදී දේවදත්ත හා කෝකාලික භික්ෂුව අරභයා දේශනා කරන ලදී.

ජාතක පාලි - අන්ත ජාතකය

 

මිනිසුන් අතර අසත්පුරුෂයා අධම වන්නේය.

අධමයා නම්:-

කළගුණ නොදත්තේය, අතීතය අමතක කරන්නේය.

වසල ගති උපතින් හුරුවේ, අනුනට නපුරක්ම කරන්නේය.

උදව් කල අත සපාකයි, නැගි ඉනිමගට පයින් ගසයි.

වගකීම් යුතුකම් ඉටු නොකරයි, නීති රිති චාරිත් වාරිත් ගරුනොකරයි.

කුලගෙට මාරයකුවෙයි, කුල දෙටුවන්ට ගරහයි.

ලජ්ජා නැත්තෙක් වෙයි, ආත්මාර්ථකාමී වෙයි.

ගුණදම් නැත්තේය, උද්දච්ච ගති ඇත්තේය.

පවුකම් කරයි කරවයි, බොරුවෙන් මුලාකරයි.

පාවා දෙන්නෙක් වෙයි, බාල ගති ඇත්තෙක් වෙයි.

ධර්මයෙන් බැහැරවේ, අන් සතු වස්තුවට ලොල්වේ.

තම වස්තුව රකියි, අනුන්ගේ වස්තුව විනාශකරයි.

වැලි මිරිකා දිය ලබා ගත්තද අධමයා කිසි දිනක යහපත් නොවන්නේය.

අධම පුරුෂයා/ස්ත්රිය ලංකර ගැනීම නපුරක් වන හෙයින් දුරස්කර තැබිය

යුතු වන්නේය.

තෙරුවන් සරණයි.

 

 

106       කල පව් වන දෙවියන්ට පෙනේ.

නත්ථිලෝකේ රහෝනාම - පාප කම්මං පකුබ්බතෝ

පස්සන්ති වන භුතානී - තං බාලෝමඤඤති රහෝ

 

" පව් කරන්නාට ලොව රහසක් නැත. වන දේවතාවෝ එය දකිත්. එහෙත් මෝඩයා තමන් කල පව් රහසක් (කව්රුත් නොදන්නේ) යයි සිතයි."

ජාතක පාලි - සීලවිමංස ජාතකය

 

රහසින් වත් පව් කල නොහැක. කර්මය රහසක් නොවේ. එය කල තැනැත්තා (පුද්ගල රුපය) දනී, සකස් වූ විඥානය දනී, කර්මයත් දනී, සකස් වූ විපාකයත් දනී.

 

මෙලොවදී විපාක දුනහොත් කල තැනැත්තා දෙවන වරටත් දනී. විපාකයට හේතුව මෙවන් වරදක් ඔහු කළාවේ යයි අන් අයත් සිතන්නේය.

 

කර්මයට රහසක් නොමැත. මෙය පාප කර්මයට විශේෂ වන්නේය. මන්ද යත් එය සඟවා තැබීමට ගන්නා උත්සාහය වෙනුවෙන් ආවර්ජනය වන්නාවූ සිත අලුත් සිතක් වන හෙයිනි.

 

අනුව සිත් පරම්පරාවම දැනුවත් වන්නේය.

 

කර්මය රහසක් නොවේ. එහෙයින් පව් කම් නොකරන්න. මන්ද විපාකය ඔබ පසු පස හඹා එන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

105       සුඛ පටිපදාව

 

ලෞකික විමුක්තිය සලසා ගෙන ලෝකෝත්තර විමුක්තිය සලසා ගැනීම සුඛා පටිපදාවේ.

ලෝකෝත්තර විමුක්තිය කරා ගමන් කිරීමට සුදුසු කායික හා මානසික පරිසරයක් සලසා ගැනීම ලෞකික විමුක්තිය වන්නේය.

එහෙයින් ලෞකික විමුක්තිය ලෝකෝත්තර විමුක්තියට සමපාත කරගැනීමට අවැසි පසුබිම තමා විසින් සකස් කරගත යුතුවේ.

  1. ජීවිතය ගැන කලකිරෙන්න එපා සසර ගැන කලකිරෙන්න.

ජීවිතය ගැන කලකිරීමට හේතුව ලෝභය හා ද්වේශයයි. මේ දෙකම අනර්ථකාරී වන්නේය, එය දුකකි. සසර ගැන කලකිරීමෙන් දුකක් නොඉපදෙන අතර ඉන් මිදීමට විර්යය වන්ත වන්නේය.

2. කර්මය ගැන සිතන්න එපා විපාකය හා ආදීනවය ගැන සිතන්න.

කර්මය ගැන සිතීමෙන් බොහෝදුරට වැරදි නිගමන කරා ලඟා වන්නේය, විපාකය හා ආදීනවය ගැන සිතීමෙන් පාප ක්රියා අත්හැර කුසල ක්රියා සිදුකර ගැනීමට හැකිවන්නේය.

3. අල්ලාගැනීම නොව අත්හැරීම පුරුදුවන්න.

අල්ලාගැනීමේ අවසාන ඵලය වන්නේ දුක හා කලකිරීමයි. මිදීමේ මාර්ගය වන්නේ දුක්ඛස්කන්ධය අත්හැරීමයි.

4. දුක් වන්න එපා සංවේගය පල කරන්න.

දුක් ඉපදෙන, ප්රකාශ කරන සෑම අවස්තාවකදීම සිත පිඩාවට පත්වන්නේය. සංවේගය පළකිරීමෙන්, සංවේගවත් වීමෙන් සිත විපිළිසර නොවන අතර ශක්තිමත් වන්නේය.

5. භක්තිමත් වන්න එපා ශ්රද්ධා වනන්ත වන්න.

භක්තියෙන් වැඩෙන්නේ මෝහයයි, ශ්රද්ධාව කුසලයට මූලික වන්නේය.

6. ප්රපංච ගොඩ නගන්න එපා නුවනින් මෙනෙහි කරන්න.

සිදුවූ හෝ සිදුවිය හැකි දෑ ගැන සිත සිතා සිටීම (ප්රපංච ගොඩනැගීම) වැරදි කාය, වාග්, මනෝ කාර්ම වලට මුලික වන්නේය. සතියෙන් සිටීමෙන් අකුසල් සිදු නොවන අතර ධර්මයට අනුගත වීම සිදුවන්නේය.

තෙරුවන් සරණයි.

 

 

 

 

104       නිධානයෝ හිත සුව පිනිසවේ.

ධර්මයට අනුව ලෞකික හා ලෝකෝත්තර වශයෙන් නිධාන වර්ග දෙකකි.

 

ලෞකික සුව පිණිස වන නිධාන :-

1 ස්ථාවර නිධාන - වතුපිටි, ගේදොර ආදී ස්ථාවරව පවත්නා වටිනාකම්.

2 ජංගම නිධාන - මිල මුදල්, හරක බාන ආදී වෙනස් කල හැකි වටිනාකම්.

3 අංගසම නිධාන - ඉගෙන කියා ගත් දෑ, ශිල්පිය දැනුම, කිර්තිනාම වටිනාකම්.

ඉහත දැක්වෙන සියල්ල මෙලොව හිත පිනිස, සුඛ විහරණය පිණිස හේතු වන්නාවූ ධන නිධානයන් වන්නේය.

 

ලෝකෝත්තර සුව පිණිස වන නිධාන :-

1 දාන - ආමිස දාන, ප්රතිපතිමය දාන, ධර්ම දාන, අභය දාන, පත්තිදාන

ආදී කොට ඇති සියලු ආකාර දානයන් හා ලෝභය, ද්වේශය දුරුකිරීම් වශයෙන් වන අත්හැරීම් ( Letting go )

2 නිත් සීලය - පංච ශිලය රැකීමෙන් වන පුණ් නිධානයත්, අරියකාන්ත ශිලය රැකීම් වශයෙන් වන සොතාපත්ති මාර්ගයමය කුසල චිත්තයත්.

3 උපොසත ශිලය - පොහොය දින සමාදන් වන දසාංග හෝ අෂ්ටාංග ගිහි බ්රහ්ම චරියාමය උසස් ශීලයත් ( උපවාස කිරීම් වශයෙන් අත්වන අධි කුසල චිත්තය සමග)

4 භාවනා - සමත, විදර්ශනා වශයෙන් සිත සමාධි ගත කිරීමෙන් අත්පත් කර ගන්නා මාර්ග ඵල සිත් ලබා ගතහැකි අනුගාමික කුසල චිත්තයන්

 

ඉහත දැක්වෙන සියල්ල පරලොව හිත සුව පිණිස හා ලෝකෝත්තර අර්ථසාධනය සලසා ගත හැකි අනුගාමික පුණ් නිධානයන් වන්නේය. කැමති වුවත් අකමැති වුවත් තමා පසු පස එන සෙවනැල්ල සේ භවයෙන් භවයට ගෙනයා හැකි වන්නේය.

 

නුවනින් මෙනෙහි කර ගනිමින් ලෞකික හා ලෝකෝත්තර නිධානයන් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්න, එය එලොව මෙලොව දෙලොවටම වැඩදායී වන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

103       අනුපුර්ව ශික්ෂාව

තථාගත දේශනයේ නිවන කරා යොමු වූ සැහැල්ලු වුත් ලස්සන වුත් සම්ප්රයුක්ත මාර්ගය වන්නේ අනුපුර්ව ශික්ෂාවෙන්, අනුපුර්ව ක්රියාවෙන්, අනුපුර්ව ප්රතිපදාවෙන් රහත් බවට පිවිසීමයි.

 

මජ්ජිම නිකාය - කීටාගිරි සුත්රය

 

ශ්රද්ධාව නිසා පැමිණෙනවා, පැමිණීම නිසා එතන රැදෙනවා, ඊට දෙසවන් යොමු කරනවා, දෙසවන් යොමාගෙන දහම් පදයට සවන් දෙනවා,

අසන ලද ධර්මය සිතේ දරාගන්නවා, දරන ලද ධර්මය නුවනින් විමසනවා, ධර්මය ගැන සිහි කරන්න සිහි කරන්න සිතට වැටහෙන්න පටන් ගන්නවා, ධර්මය ගැන වැටහෙන විට ධර්මයේ හැසිරිය යුතුයි කියල කුසල චන්දයක් ඇති වෙනවා,

ගැන උත්සාහයක් ඇති වෙනවා, ඊළගට සීලයේ රැකීමට හා භාවනාවේ දීමට කොපමණ දුරට හැකිදැයි මැන ගන්නවා.

පමණ දැන දැඩි උත්සාහයෙන් ප්රතිපති වල යෙදෙනවා, ධර්මයේ කෙරෙහි දැඩි වීර්යයෙන් ප්රතිපත්ති පුරන කොට සත්යය අවබෝධ වෙනවා, සත්යය අවබෝධවූ බව ප්රත්යවේක්ෂා ඥානයෙන් දැනගන්නවා,

 

ශ්රවනය කරන ලද ධර්මය පිළිබද ප්රීති සහගත ඥානයක් ලබනවා, අරමුණු කරගත් ධර්මය ගැන ප්රමෝදයක් ඇති වෙනවා, ප්රමෝදය නිසා ප්රීතිය හටගනවා,

 

ප්රීතිය නිසා සිත, කය සංසිදෙනවා, කය සිත සංසිදීම නිසා කායික මානසික සැපයක් වින්දනය කරනවා,

සැපවත සිත කය ඇති බැවින් සිත සමාධි වෙනවා.

 

සමාධිමත් සිතින් නාමරූප, ස්කන්ධ, ආයතන ආදී පරමාර්ථ ධර්මයන්ද අනිත් දුක්ඛ අනාත්ම ත්රිලක්ෂණයද සර්වාකාරයෙන් අවබෝධ කර ගෙන චතුරාර්ය සත්යාව බෝධයෙන් අමා මහා නිවනට පත්වෙනවා.

 

සද්ධර්මය පමණක් ශ්රවනය කරන්න, එය පිළිපදින්න.

 

තෙරුවන් සරණයි

      

 

102       පෞද්ගලික දාන

සාංඝික හා පෞද්ගලික වශයෙන් දානය දෙකකට බෙදිය හැක.

 

මජ්ජිම නිකාය 3 දක්ඛිණ විභංග සුත්රයේ පෞද්ගලිකව දාන පිලිගන්න්නා පුද්ගලයෝ දහ හතර දෙනෙක් ගැන සදහන් වේ.

 

තථාගත බුදුරදුන් විෂයෙහි දන් දෙයි.

පසේ බුදුරදුන් විෂයෙහි දන් දෙයි.

මහා රහතන් විෂයෙහි දන් දෙයි.

අරහත් මාර්ගස්ථ පුද්ගලයා විෂයෙහි දන් දෙයි.

අනාගාමි ඵලයට පිළිපන් පුද්ගලයා විෂයෙහි දන් දෙයි.

අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා විෂයෙහි දන් දෙයි.

සකෘදාගාමි ඵලයට පිළිපන් පුද්ගලයා විෂයෙහි දන් දෙයි.

සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා විෂයෙහි දන් දෙයි.

සෝවාන් ඵලයට පිළිපන් පුද්ගලයා විෂයෙහි දන් දෙයි.

සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා විෂයෙහි දන් දෙයි.

විතරාගී තාපසයා විෂයෙහි දන් දෙයි.

පෘථජ්ජන සිල්වතා කෙරෙහි දන් දෙයි.

පෘථජ්ජන දුෂ්ශිලයා කෙරෙහි දන් දෙයි.

තිරිසන්ගත සත්වයාට දන් (ආහාර පාන) දෙයි.

 

ආනිසංස විවිධාකාර වුවත් දානමය කාර්යය සම්පුර්ණ වේ.

 

පෘථජ්ජන දුශ්ශිලයාත්, තිරිසන් ගත සත්වයාත් කෙරෙහි කරන දානමය කාර්යය ආනිසංස වන බවත් ඉන් සදහන්වේ.

සිත පහදා දන් පැන් පිරිනමන්න. එය සසර සැපවත් වීමට හේතුවන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

101       දුන් දේ සැප පිණිස පවතී.

තම ගෙය ගිනි ගත් කල්හි ගෙහිමියා යම් භාජනයක් බැහැර කරයිද එය ඔහුට ප්රයෝජන පිණිස වේ. යමක් එහි දැවී යයිද එය ප්රයෝජන නොවේ.

 

දෙන ලද දෙය සැප පිණිස පවතී. නොදෙන ලද්ද එසේ නොවේ. නුදුන් දෙය සොරු හැරගනිත්, රජුහු ගනිත් හෝ ගින්නට අසුවී දැවෙයි හෝ නැසී යන්නේය.

 

" දින්නං සුඛ ඵලං හෝති " සංයුත්ත නිකාය - ආදිත්ත සුත්රය

 

රැස් කරගත් ධනය මරණයත් සමගම අහිමිවී යන්නේය. සියලු අයිතිවාසි කම් මරණින් මතු කෙලවර වන්නේය. එහෙත් ශක්ති පමණින් හෝ දුන් දෙය එලොව මෙලොව දෙකෙහිම සැප විපාක ලබා දෙන්නේය.

 

මරණයත් සමගම අනුගාමික ධනයක් ලෙස පසු පසින් එන්නේය. තථාගතයන් වහන්සේ දානය මහානිසංස ලෙස දක්වන ලද්දේ යම් හෙයකින් මගඵල නිවන් නොලදොත් සුඛා පටිපදා වෙන් මතු දිනෙක නිවන් සාක්ෂාත් කර ගැනීමට එය පිටිවහලක් වෙන හෙයිනි.

 

පින යනු සැපයට තවත් නමක් යැයි තථාගතයන් වහන්සේ දේශනා කොට ඇත.

හැකි පමණින් දෙන්න.

 

තෙරුවන් සරණයි.

 

 

100       දානයද යුද්ධයද සමානවේ

දානං යුද්ධං සමානමාහු. සංයුක්ත නිකාය - සාධු සුත්රය

 

" දානයද යුද්ධයද සමානයි කියත්. වීරයෝ ටික දෙනෙක් වුවද බොහෝ බියසුල්ලන් පරදවා ජය ගනිත්. ශ්රද්ධාවන්තව ස්වල්පයක් පරිත්යාග කලද, හෙතෙම පරලොව සැප විදින්නේය. "

 

දානය සදහා සිත සකස් කර ගැනීම යුද්ධයකට සුදානම් වීමක්, පෙරහුරුවක් හා සමානය. මන්ද එය කැමැත්තෙන් කිරීමට අකමැති හෙයිනි. තවද යුද්ධයෙන් සිදුවන්නේ පාඩුවක් බවද දන්නා හෙයිනි.

 

දානය පිරිනැමීමට ඉටා ගැනීම යුද්ධ කිරීමට තීරණය කිරීම හා සමානය. මන්ද ලෝහ සිත වඩාත් ප්රබලව ක්රියාත්මක වන හෙයිනි. යුද්ධ කිරීමට බලාපොරොත්තුවන්නේ ජග ගැනීමට මෙන්ම දානය නිසා දෙව් මිනිස් සැප ලැබීමට ඇති ලෝභ චේතනාව නිසාය.

 

දානය පිරිනැමීම (පරිත්යාගය) යුද්ධ කරනවා හා සමානය. යුද්ධයේ තුවාල කරුවන් මෙන් ධනය හීනවී යාම පෙනෙයි. තවද අඩු තුවාල කරුවන් සංඛ්යා වකින් යුද්ධය නිම කරනවා මෙන් අඩු වියදමකින් දාන කටයුක්ත නිම කිරීමට ලෝභ සිත මුල් වන හෙයිනි.

 

දානය පිරිනමා සතුටුවීම යුද්ධය ජයග්රහණය කළා හා සමාන වන්නේය. මන්ද දානයක් පිරිනමා සතුටුවීම ඉතා දුබල කාරණයක් වනහෙයිනි.

 

යුද්ධයක් කොට හෝ දානයක් පිරිනැමීම එලොව මෙලොව හිත සුව පිණිස වන්නේය. හැකි සෑම අවස්ථාවකදීම සුළු හෝ පරිත්යාගයක් කරන්න. තුන් සිත පහදා කිරීමෙන් දානමය කටයුක්ත සම්පුර්ණ වන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

99         විශ්වාස නොකලයුත්තා

" විස්සෙස අවිස්සතේ - විස්සත්තෙපින විස්සතේ

විස්සාසා භ්යමන්චේති - සිහංච මිග මතුකේ

 

ඛුද්දක නිකාය ජාතක පාලිය, විශ්වාස භෝජන ජාතකය

 

පෙර විශ්වාසව සිට පසුව අවිශ්වාස වූවාහු විශ්වාස නොකරන්න.

පෙර අවිශ්වාසව පසුව විශ්වාස වූවාහුද විශ්වාස නොකරන්න.

කුමක් හෙයින්ද යත් දෙදෙනා කෙරෙහිම විශ්වාසය හේතුකොට ගෙන භය පැමිණේ. කුමක් මෙන්ද යත් විශ්වාස වශයෙන් සිංහයා කරා පැමිණි මීමින්න මෙනැයි.

 

සැකය තුරන් කලයුතු බව සත්යයක් වුවත් මතම පිහිටා විශ්වාශ නොකළයුතු අය විශ්වාශ කිරීම මහා විපතකට මුල වන්නේය.

අනුවණයා හා අධමයා විශ්වාස නොකරන්න.

 

බුදුරජානන් වහන්සේ බුදු නුවනින් දැක වදහල මෙම ධර්ම කරුණ සැමට සැමදා හිත සුව පිණිස වන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

98   දුරුකිරීම හිත සුව පිණිස වේ.

" යං භික්ඛවේ තුම්හාකං පජාහථ

තං වෝ පහීනං හිතාය සුඛාය භවිස්සති "

 

මහණෙනි, යමක් ඔබගේ නොවේ නම් එය දුරු කරව, එය දුරු කරන ලද්දේ ඔබට හිත සුව පිණිස වන්නේය.

 

බුදුරජාණන් වහන්සේ - සංයුක්ත නිකාය - තුම්හාක සුත්රය -

 

දුරු කල යුත්ත දුරු නොකරන්නේ නම් එය දුකටත්, විනාශයටත් හේතු වන්නේය. අත්හැරීම සැපයට හේතු වන්නේය.

උක්ත දේශනය ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශයටම අදාළ වන්නකි.

කැමති දෑ නොලැබීම දුකකි ( යං පිච්චං ලබති තම්පි දුක්කං ) අප්රියයන් හා එක්වීම දුකකි (අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ)

 

මමය, මාගේය, මාමය යනුවෙන් ගත යුතු කිසිවක් නොමැති අතර එකී උපාදානය දුකට හේතු වන්නේය. එහෙයින් එය දුරු කරන්න.

අල්ලා සිටින්නේ දුකක් බව වටහා ගන්න. කිසිවක් ඔබේ නොවන බවත් වටහා ගන්න. අත්හැර දුකෙන් නිදහස් වන්න.

එය තාවකාලික (ලෞකික) පමණක් නොව සදාකාලික (ලෝකෝත්තර) සැපයටද හේතුවක් වන්නේය.

 

තෙරුවන් සරණයි

 

 

97   බිය බාලයා නිසාම උපදී

මජ්ජිම නිකායේ එන බහුධාතුක සුත්රයේ පහත සඳහන් දේශනය බුදුරාජාණන් වහන්සේ විසින් සැවත්නුවර ජේතවනාරාමයේදී පවත්වන ලදී.

 

" මහණෙනි යම්කිසි බියක් උපදිත්ද සියල්ල බාලයා නිසා උපදිති. යම්කිසි උවදුරක් උපදිත්ද සියල්ල බාලයා නිසා උපදිති. පණ්ඩිතයා නිසා නොවේ."

 

බාලයා යනු අසත්පුරුෂයයි. ඔහුගේ හැසිරීම, පැවතීම, සිතීම, යන සියල්ලම අසත්පුරුෂ ධර්ම මත පවතී.

 

නුගත්කම, උද්දච්ච කම, වෛරය, වැරදි දැක්ම, වැරදි ඇසුර, තණ්හාව, අධම ගති අසත්පුරුෂයා සතුවන්නේය.

 

" අසේවනාච බාලානං , පතිරූප දේස වාසෝච " යනුවෙන් දේශනයේදී ගිහි සමාජයට දක්වා ඇත්තේ අසත්පුරුෂයන් මුක්ත දේශය වාසයට සුදුසු බවයි.

 

බියෙන් තොරව ජීවත්වීමට සුදුසු යහපත් තැනක් බවට සමාජය පත්කිරීම මිනිසුන්ගේ යුතුකමයි.

 

යහපත් අයට නොමිනිසුන් කරන විපත; සොබාදහමට, විපාකයට පමණක් නොව සියලු ආකාර නෛතික හා නෛතික නොවන දඬුවමටද යටත් වන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

96   දුර්ගුණය

ගුඩ පර්වත මධ්යෙස්තු - නිම්බබීජං ප්රතිෂ්ඨිතම්

ක්ෂිරධාර සහශ්රෙන - නිඹකිං මධුරායෙතේ

 

ඉහත සංස්කෘත ශ්ලෝකයේ සීංහල අර්ථය වන්නේ:

 

අයහපත් දුර්ජනයන් හට කොතරම් ගුණ කලත්, ඔව්හු අක ගෙඩියක් පමණ වත් ප්රතිලාභයක් නොකරති. උක් පැණි වල බහා කිරි දිය වත් කොට කොහොඹ ඇටය පැල කලත් කොහොඹ ගසෙහි පංචාන්ගයම තිත්තය.

 

දෙවිදත් තෙර මහණ කර සසරෙන් එතෙර කිරීමට මහා කරුණාවෙන් උත්සාහ ගත්තද බුදුරජුන්ට දෙවිදත් සසරින් එතෙර කරවීමට නොහැකිවූයේ ඔහුගේ උපන් දුර්ගුණ නිසාවෙනි.

 

දුර්ජනයන් විශ්වාශ කිරීම නපුරට හේතුවන්නේය.

 

ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර

සිඳ බිඳ දුක් සසර - අහෝ දෙව්දත් නොදුටි මොක්පුර

 

තෙරුවන් සරණයි

 

 

95   නොදැල්විය යුතු ගිනි හා දැල්විය යුතු ගිනි

ගිනි දෙවියා පිදීම සඳහා යාගයක් කිරිමට ලැහැස්ති වී සිටි උග්ගත බමුණා අමතා තථාගතයන් වහන්සේ නොදැල්විය යුතු හා දැල්විය යුතු ගිනි කවරේද යන්න පහදා වදාළේය.

 

බමුණ නොදැල් විය යුතු ගිනි තුනක් ඈත එනම්.

 

රාගාග්නිය:- රාගයෙන් සිත ගිනි ගත්විට කයින්, වචනයෙන් හා සිතින් යන තිදොරින්ම දුසිරිතෙහි හැසිරෙයි. එය සසර දුක් විදීමට හේතු වන්නේය.

ද්වෙෂාග්නිය:- ද්වේෂයෙන් (වෛරයෙන්) සිත ගිනිගත් විට එලොව මෙලොව දෙකෙහිම හරි හරියට දුක් විපාක විදීමට සිදුවන්නේය.

මෝහග්නිය:- මෝහ ගින්නෙන් රත් වුවිට මග නොමග නොපෙනී ධර්මයෙන් මුවාවී අධර්මයේ හැසීරී සසර බොහෝ දුක් විපාක විදීමට සිදුවන්නේය.

 

එසේ හෙයින් මෙකී ගිනි කිසිදිනක නොදැල්විය යුතු අතර දැල්වුණු විගස නිවා දැමිය යුතුය.

 

බමුණ දැල් විය යුතු ගිනි තුනක් ඈත එනම්.

 

ආහුනෙයියග්ගි :- මව හා පියා ගරු සත්කාර බහුමාන කොට පුදා පෝෂණය කොට රැකිය යුතුයි.

ගහපතග්ගි:- අඹුදරු, පුත්රයෝ (දු,පුතුන්) දැසි දස්, කම්කරුවෝ යන යට සංග්රහ කලයුතුයි.

දක්ඛිණෙයියග්ගි:- මහණ බමුණන් කරා ගොස් පුද පුජා පැවැත්විය යුතුය. දැන් පැන් පිළිගැන්විය යුතුය. දුගී මගී යාචකයන්ට සංග්රහ කල යුතුය.

එසේ හෙයින් මෙකී ගිනි නිතිපතා දැල්විය යුතු අතර අවස්තාවක් ලද හැම අවස්ථාවේම දැල්විය යුතුය.

මෙම ගිනි පුජාව එලොව මෙලොව දෙලොවටම හිත සුව පිණිස වන්නේය. දානය, ශිලය, භාවනා සියල්ල ඉන් සපිරෙනු ඇත.

 

තෙරුවන් සරණයි.

 

 

94   " සචිත්ත පරියෝදපනං"

සචිත්ත යනු තමාගේ සිතයි, පරියෝදපනං යනු පිරිසිදු කරගන්න යන්නයි.

 

තම සිත දමනය කරගන්න යන්නට වඩා තම සිත පිරිසිදු කර ගන්න යන්න නිවරදි අර්ථයයි.

 

අකුසල මුලයන් ගෙන් හටගන්නා සියලුම ක්ලේශයන්ගෙන් සිත මුදවා ගැනීම පමණක් නොව කුසල මුලයන් ගෙන් සමන්විත කුසල් සිත් වඩවා ගත යුතු බව මින් අදහස් කෙරේ.

 

සිහියෙන් (සතියෙන්) සිටීමම මින් අදහස් කෙරේ.

කය, වචනය ශිලයෙන් හික්මවා ගත හැකි මුත් සිත එසේ ලෙහෙසියෙන් හික්මවා ගත නොහැක.

සිත හික්මවා ගත හැක්කේ සතියෙන් (සිහියෙන් සිටීමෙන්) පමණි. සෑම අවස්ථාවක්ම සිහියෙන් කටයුතු කිරීම කලයුතුය.

 

කිසියම් අකුසලයක් කය වචනය හික්මවා වැලකි සිටිය හැකිමුත් අකුසලය සදහා උපන් මුල් සිත අකුසල ප්රවුර්ති විපාකය සිදු කොට අවසන්ය.

පුණ් කටයුත්තක් සිදුකිරීමට ගොස් එය කිසියම් හේතුවක් මත වැලකි ගියද උදෙසා උපන් ශ්රද්ධාව කුසලයක් සම්පුර්ණ කර ඇත.

 

සිත පිරිසිදු කිරීමේ අවිය සතියයි (සිහියයි)

 

සිහියෙන් සිටීමෙන් සිතින් කරන අකුසල් වලකා ගත හැක.

 

තෙරුවන් සරණයි.

 

 

93   විපාක සිත්

" චේතනාහං භික්ඛවේ කම්මං වදාමි"

 

කර්මයක් සම්පුර්ණ වීමට චේතනාවක් ගැලපිය යුතු බව මෙහි ගැඹුරු අරුතයි.

 

සියලු චේතනාවෝ කර්මයක් සම්පුර්ණ නොකලද චෛතසික කර්ම ඉන් සිදුවන්නේය.

 

සුළුවූ හෝ වහා කිසියම් කර්මයක් සිදුවී හමාර වනවිට චිත්තක්ෂණ 17 කින් සමන්විත දහසකුත් එකක් චිත්තවීථි ඇතිවී නැතිවී ගොස් හමාරය.

 

එසේ ඇතිවන සෑම සිතක්ම විපාක සිත් වන්නේය.

 

කර්මය එකක් වුවද විපාක සිත් කිහිපයක් එහි අන්තර්ගත වන හෙයින් කර්මයේ බලයට (පරිමාව) වඩා විපාකයේ බලය මහත් වන්නේය.

 

මෙය කුසල අකුසල දෙපාර්ශවයටම එකසේ බලපානු ඇත.

 

සුළුවූ පාප කර්මයක් වුවත් නිරයේ ඉපිද අනන්තවත් දුක් විඳ පසුව දුගති ස්ථානවල පහල වීමටත්, කුඩාවූ කුසල කර්මයක් සිදු කොට දිව් මනුෂ් තලවල ඉපිද අනේකවිධ සැප සම්පත් විදීමටත් මෙකී විපාක සිත් හේතු වන්නේය.

 

වෛරයේ බොහෝ වෙලාවක් රැඳී සිටින තාක් චෛතසික කර්ම පරිපුරණය කරන්නේය.

 

එහෙයින් වහා හැඳින වෛරයෙන් ඉවත්වන්න. සුලුවුද වරදෙහි බය දකින්න.

 

තෙරුවන් සරණයි

 

 

92   " අසේවනාච බාලානං "

පද අග අරුත වන්නේ බාලයන් (අසත්පුරුෂයන් ) ඇසුරු නොකරන්න යන්නයි.

 

මෙහිදී "බාලානං " යන වචනයට මෙන්ම "අසේවනාච" යන වචනයත් වඩාත් ගැඹුරින් පහදා ගත යුතුය.

එනම් සියලු ආකාරයේ වැරදි සහගත, අසභ්, පාපකාරී, හිංසාකාරී, නිසරු, ව්යාජ, අධම, පහත්, ඇසුරුකිරීම් යන්නයි.

 

එකී කාරණය අරභයා වන සවන්දීම, පිළිපැදීම, ශ්රවනය කිරීම, සබදතා පැවැත්වීම, පහස, ආශ්රය කිරීම, අනුගතවීම, පත පොත පරිශීලනය, අධ්යයනය කිරීම, සහභාගිවීම්, නැරඹීම ( රූපවාහිනී යුටියුබ් වෙබ් අඩවි ටෙලිනාට් මුහුණු පොත චිත්රපටි සමාජ ජාල අන්තර් ජාල ) මෙහිලා ගැනෙන්නේය.

 

තවද ධර්ම ප්රතිරුපකයන් හා ප්රතිරුපක ධර්ම තෝරා බේරා හදුනාගැනීම ධර්ම මාර්ගය අනා නොගැනීමට හේතු වන්නේය.

 

අනුව " අසේවනාච බාලානං " යන්න ළමා වියේ සිට මහල්ලා දක්වා නිරන්තරයෙන් අකණ්ඩව පිළිපැදිය යුතු ධර්මතාවයකි.

 

බාලයන් (අසත්පුරුෂයන්) මෙන්ම බාල ධර්මත් (අසත්පුරුෂ ධර්ම) ඇසුරු නොකරන්න.

 

තෙරුවන් සරණයි

 

 

91   බොරුව යනු රැවටීමයි.

පස් පවු වල ගැනෙන 4 වන පදය වන බොරුවෙන් සිදු කරනුයේ අනුන් රැවටීමයි.

 

බොරුව වචනයෙන් මෙන්ම ක්රියාවෙන්ද කලහැක්කකි.

බොරුකීම, බොරුකිරීම යන මොන ක්රමයෙන් කලත් අවසානයේ සිදුවන්නේ අනුන් රැවටීමයි.

අනුන් රැවටීමට පත් කිරීම පාපයකි.

 

බොරු කීමෙන්, බොරු කිරීමෙන් සිදුවන විපාකයට තබා ඇත්තේ අඩු ලංසුවක් බැවින් අප විසින් දිනපතා මෙන්ම වැඩිපුරම කරන පාපය වන්නේ බොරුවයි.

 

අපාදුක් වලට අමතරව අනුන් රැවටීමට ලක් කරන්නාහට මෙලොවදී මෙන්ම මතු උපදින භව යන්හිදී විදින්නට සිදුවන විපාක අතර අභූත චෝදනාවන්ට ලක්වීම, අනුන්ගේ රැවටීමට ලක්වීම, යන යන තැන රඳන රඳන තැන ඇනුම් බැනුම් නින්දා අපහාස වලට ලක්වීමට අමතරව සසර පුරාවටම මානසික පිඩාවන් අත්විදීමට සිදුවන්නේය.

 

කිසියම් මානසික පීඩාවකට ලක් වන්නේනම් නිසැකවම එය සසරේදී කරන ලද බොරුවක විපාකයක් වන්නේය.

බුදුදහම ප්රතිපත්තියෙන් තොරව ප්රාර්ථනයෙන් පමණක් ක්රියාත්මක කිරීමට පෙළඹී තිබීම නිසා පාපයේ ඇති බැරෑරුම් කම වැටහෙන්නේ නැත.

 

හේතුව නිසා වෙන් බොහෝ දෙනා බොරු කීමට හා බොරු කිරීමට පෙළඹේ.

 

බොරු කීමෙන් වලකින්න, එය ස්න්දිට්ටික හා අකාලිකව මානසික පීඩාවන් ගෙන් මිදීමට හේතුවක් වන අතර මලට බඹරු මෙන් බොහෝ දෙනා ඔබ වටා රොක්වනු ඇත.

 

ඇත්ත මලට (Real flower) ඇත්ත බඹරුන් එන අතර බොරු මලට (Fake flower) එන්නේ බොරු බඹරුන්ය.

තෙරුවන් සරණයි.


90   කර්ම විපාක

අතීත කර්ම ගැන සෙවීමත් අනාගත විපාක ගැන සිතීමත් නිෂ්ඵල ක්රියාවකි.

වර්තමාන ක්රියාව විනිශ්චයේ ඉදිරියෙන්ම සිටියි. තීරකයා වන්නේත් වර්තමාන ක්රියාවයි.

චුති සිත වර්තමානයේ පවතින්නකි.

 

ප්රතිසන්ධිය හටගන්නේ චුති සිතට අනුරුපවයි.

 

බොහෝසේ පුරුදු පුහුණු කරන ලද කුසල හෝ අකුසල සිත චුති සිත නිර්මාණය වීමට දායක වන්නේය.

 

අතීත භවාංගයට පත්වන්නාවූ චුති සිත වර්තමානයේ සැකසෙන ප්රතිසන්ධි සිතට ප්රත් වන්නේය. එහෙත් චුතියත් ප්රතිසන්ධියත් කාලයකට අදාල වන්නේ නැත.

 

කුමන කාලයක, කුමන වෙලාවක, කුමන අවස්ථාවක චුති සිත හටගනී දැයි කිව නොහැකි හෙයින් වර්තමාන සිත කුසල චේතනාවන් ගෙන් පුරවා ගන්න එවිට චුතියට හසුවන සිත කුසල් සිතක් වන්නේය.

 

කුසලමය ගුණයෙන් යුත් චුති සිත අනතුරුව එළඹෙන ප්රතිසන්ධි සිතද කුසල් සිතක් වන හෙයින් සුගති භූමියක් වෙතම එය රැඳෙනු ඇත.

 

චුති සිත බලපෑම් කරන්නේ ප්රතිසන්ධි (තලයකටයි) ස්ථානයකටයි.

 

කුසල, අකුසල විපාක සියල්ල එකී භුමිය තුල සිදුවන්නේය.

 

 

කුසල් වූ චුති චිත්තය සතර අපාය ඈත් කොට තබයි.

නිතර කුසල් කරන්න, කුසල් සිත් ඇසුරු කරන්න.

 

තෙරුවන් සරණයි.

 

 

89   සමාජ සේවය පුණ් ක්රියාවකි

දානමය ක්රියාව මෙන්ම නිරාමිෂාව කරනු ලබන සමාජ සේවය මහත් ඵල මහානිසංස වන්නේය.

මානව වර්ගයාට කරනු ලබන සේවය උසස්ම සේවය බව පොදුවේ පිළිගත් සත්යයකි.

 

තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසරක් පුරා දෙවියන්, බ්රහ්මයන්, මනුෂ්යයන් ගේ විමුක්තිය උදෙසා කල බුද්ධ කෘත්යය නිර්මල උතුම්ම සමාජ සත්ක්රියාව වන්නේය.

 

මඝ මානවකයා ලෙස ඉපිද පුරන ලද සත්වතට අමතරව ඔහු විසින් කරන ලද සමාජ සේවය හේතුකොට පසුකලෙක දෙදෙව් ලොවට අධිපති ශක්රයා ලෙස උපන් බව ධර්මයේ සදහන්වේ.

 

මහා දාන පති අනාථපිණ්ඩික සිටුතුමා හා අසදිස දානය දුන් කොසොල් රජුට වඩා මඝ මානවකයා ඉහලම දිව්යය සම්පත් ලද බව සදහන්වේ.

 

සුමේධ තාපස තුමා නියත විවරණ ලබාගත්තේ ශ්රමදාන කාර්යයක් සපුරාලීමෙනි.

 

දනය ලඝුකොට නොතැකිය යුතු අතර එය මහත්ඵල මහානිසංස පුණ් කටයුත්තකි, එමෙන්ම සෑම තරාතිරමකම සමාජ සේවක සේවිකාවන් අමිසයෙන් තොරව කරනු ලබන සේවය මිල කල නොහැකි අතර සියල්ල අභිබවා සිටී .

 

යුතුකමට අමතරව කර්මය, කර්මඵලය, ශ්රධාව ගැන සැඟවුණු චේතනාවක් සෑම සමාජ සත්කරකයෙකු සතුවන්නේය.

පන්සල්, විහාර, ආරම සේ වන්දනාවට හා පුජාවට භාජනය නොකලද ඒවා පින් පුරාගත හැකි පිංකෙත් වන්නේය.

සමාජ සත්කාරයේ යෙදෙන්නෝ පින් පුරාගන්නා පුණ්යවන්තයෝය.

 

සමාජ සේවයේ නියැලෙන්න, එය සුඛ පටිපදාවෙන් යුතුව සංසාර ගමන කෙටි කරන්නකි.

 

තෙරුවන් සරණයි.

 

 

88   " පතිරූප දේස වාසෝච "

බලපාන සාධක වෙනස් කර ගැනීමෙන් වාසයට සුදුසු තැනක් සේ පරිසරය වෙනස් කර ගත හැක.

 

අභ්යන්තර හා බාහිර වශයෙන් පරිසරය (හැසිරෙන ස්ථාන) දෙයාකාර වේ.

 

බාහිර යනු අප ජිවත්වන අවට පරිසරය වන අතර අභ්යන්තර පරිසරය යනු සිතෙහි හට ගන්නා, සිත ඇසුරු කරන, සිතෙහි පහල වන චේතනාවෝ වන්නේය.

 

අභ්යන්තර පරිසරය දුෂණය කරන චෛතසික අතර තම්භ (තද ගතිය) බලවත් උපක්ලෙශයකි.

ඔබ දරදඩුව සිටින තාක් කල් හැමදේම ඔබට බාධාවක් වනු ඇත.

 

බොහෝ දේවල් ගිලිහී යනු ඇත, බොහෝ දේ වැරදී යනු ඇත, බොහෝ දෑ අහිමිවනු ඇත, බොහෝ ගැටුම් ඇතිවනු ඇත, බොහෝ දෙනා ඔබෙන් වෙන්වී යන අතර බොහෝ දේ වැරදි ලෙස වැටහී යනු ඇත.

 

තම්භ චෛතසිකය (තද ගතිය) ඉවත් කරගත් සිතෙහි මෘදු මොලොක් චේතනාවෝ ලැගුම් ගන්නවා ඇත.

උපේක්ෂ සහගත මෘදු මොලොක් වූ සිතට කිසිවකින් බාධා පැමිණෙන්නේ නැත.

 

බාහිරයෙන් අනතුරක්, විරුද්ධත්වයක් නොඑළඹෙන අතර සියල්ල ඔබ වෙත රැදෙනු ඇත.

 

අනුන්ට ඇහුන්කම් දෙන්න, දයාව කරුණාව ඉදිරියෙන් තබා කටයුතු කරන්න.

 

තෙරුවන් සරණයි.

 

 

 

 

87   ධර්මය ජීවිතයට ගලපා ගන්න.

ධර්මය යනු නිර්වාණය හැර ස්වභාව ධර්මයාගේ යහපත්වූ ප්රවේශයයි.

ප්රායෝගික ජීවිතයට ධර්මය ගලපා ගැනීම පහසුවෙන් කල හැක්ක්කකි.

සුත්රාන්ත් රාශියක අඩංගු දෑ කටයුතු කාරනා කිහිපයකින් සපුරා ගතහැක.

  1. ප්රිය වචනයෙන් ආමන්ත්රණය කල නොහැකි නම් සැර පරුෂ නොවන්න.
  2. සියල්ල යහපත් අයුරින් දැකිය නොහැකි නම් වැරදි දැකීම් වලින් ඉවත්වන්න.
  3. යහපත් කල්පනා වල රැදී සිටීමට නොහැකි නම් වැරදි කල්පනා වල නිරත නොවන්න.
  4. කරුණා සහගත නොවන්නේ නම් අකාරුණික නොවන්න.
  5. ප්රසංශා කල නොහැකි නම් ඊර්ශශ්යා නොකරන්න.
  6. සත්යවාදී නොවන්නේ නම් බොරු නොකියා ඉන්න.
  7. ඉතිරිකිරීම අපසුනම් නාස්ති නොකරන්න.
  8. උදව් කිරීමට අපහසු නම් අනුන් අමාරුවේ නොදමන්න.
  9. මෛත්රී කිරීමට අපහසු නම් වෛර නොකරන්න.
  10. පින් කිරීමට අපහසු නම් පව් නොකර ඉන්න.
  11. පින් දීම නොකරන්නේ නම් පින් අනුමෝදන් වන්න.
  12. භාවනාවක නිරත වීමට බැරිනම් සිහියෙන් (සතියෙන්) කටයුතු කරන්න.
  13. සියලු සිල් ආරක්ෂා කිරීමට බැරිනම් එක පදයක් හෝ හරියට රකින්න.
  14. සෝවාන් වීමට වත් බැරි නම් දෙවියකු වත් වන්න.
  15. දෙවියකු වීමට වත් බැරි නම් මනුෂ්යයකු වන්න.

තෙරුවන් සරණයි.

 

 

86   ශිලය හා කුසලය පිරිහීම වලකාලයි.

අංගුත්තර නිකායේ අනුත්තරිය වර්ගයේ සමගාමක සුත්රයේ පරිහානියට පත්වීමේ කාරණා 6ක් දක්වා ඇත.

තථාගතයන් වහන්සේ සංඝයා අමතා කල දේශනයේ අඩංගු මෙකී කරනා වඩාත් උචිත වන්නේ අද දවසේ ගිහියන් වන අපටය.

  1. බොහෝ කටයුතු කාරනා වල නියැලීම.
  2. ප්රලාප දොඩමින් නිකරුනේ කාලය ගත කිරීම.
  3. පමණ ඉක්මවා නින්දට ඇලුම් කිරීම.
  4. රංචු ගැසීමට ඇති කැමැත්ත.
  5. අකීකරු බව හා අනුන් කියන දෑ පිළිනොගැනීම.
  6. පාප මිත්රයන් ඇසුරු කිරීම.

පිරිහීම බල ගැන්වීමට පහත සඳහන් කරුණු හේතුවන බව දේශනයේ සඳහන්වේ.

අතීතයේ පුණ්යය/කුසල ධර්ම වල නොයෙදී තිබීම.

අනාගතයේ පුණ්යය කුසල ධර්මවල නියැලීමට මැලි බව.

වර්තමානයේ එනම් මෙකල කුසල ධර්මවල නොදීම.

මුල් කරනා සය ශිලයෙන් යටපත් කලයුතු අතර ඉතිරි කාරණා කුසලයෙන් වඩා වර්ධනය කර ගත යුතුවේ.

අප්රමාද නොවී ශිලයෙහි පිහිටා කුසල් දහම් වන්න.

තෙරුවන් සරණයි.

 

 

85   නිවරදි හා පරිපුර්ණ ලෙස මෛත්රිය කරන්න.

මෛත්රිය වැඩීම භාවනාවක් මෙන්ම ශිලය සපිරීමක් හා කුසල ක්රියාවක නියැලිමක් වන්නේය.

 

සෙත් පැතීමක් ලෙසද යොදා ගත හැකි මෛත්රී කර්මය ස්න්දිට්ටික හා අකලිකව ප්රතිඵල දැකිය හැක්කකි.

 

නිවරදි, පරිපුර්ණ හා අර්ථවත්ව කිරීමෙන් ආනිසංස එකොළහක් ලබාගත හැකි වන්නේය.

 

මෛත්රිය ප්රාර්ථනාවක් වන්නේ අනුන් අරභයා පමණි.

 

තමන් සඳහා වන විට එය ප්රාර්ථනාවක් නොව අධිෂ්ඨානයක් විය යුතුය.

 

එනම් මම වෛර නොකරමි, ක්රෝධ නොකරමි. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යනුවෙන් විය යුතුය.

තමන් ගැන අධිෂ්ඨානයත් අනුන් ගැන ප්රාර්ථනයත් කරන්න.

 

භාවනාමය පරිකර්මයට අමතරව මෛත්රිය ක්රියාවට නැගීමෙන් ප්රතිඵල කල් නොයවාම ලැබෙනු ඇත.

 

වෛර නොකරන්න, ක්රෝධ නොකරන්න.

 

තෙරුවන් සරණයි.

 

 

84   පින හා කුසලය

 

පින හා කුසලය කාරණා දෙකකි. සමාන කමකට ඇත්තේ දෙකම යහපත් ක්රියාවෝය.

 

" හදයං පුණාතීති පුණ්ඤනං " යනුවෙන් සදහන් වන පරිදි හදවත පිනායාම පිනයි. පිනෙහි ඍජූවම ඵලයක් ගැබ්ව ඇත්තේය.

 

දානය, ශිලය, භාවනාව, පිදිය යුත්තන් පිදීම, උවැටන් කිරීම, පින් දීම, පින් අනුමෝදන් කිරිම, බණ ඇසීම, බණ දේශනා කිරිම, දෘෂ්ටිය ඍජු කිරීම යන දස පුණ් ක්රියාවෝ පින යයි ධර්මයේ පහදා ඇත.

 

පාපයෙන් සිත ඈත් කර තබන හෙයින් ඒවා පුණය ක්රියාවෝය.

 

කුසලය යනු ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මුලයන් ගෙන් සිත මුදවා ලීම සදහා කරනු ලබන භාවනාමය කෘත්යයයි.

කාමඡන්ද, ව්යාපාද, ථින මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන නීවරණ ධර්මයන් යටපත් කොට; විතක්ක, විචාර, ප්රීති, සුඛ, එකග්ගතා යන ධ්යාන අංග පහල කර ගනිමින් ප්රථම ධ්යානාදී සිත් උපදවා ගැනීම සදහා කරනු ලබන භාවනාමය කර්මය කුසලයයි.

 

පින හා කුසලය වෙන් වෙන්ව පෙනී සිටියද, පින කුසලයටත් කුසලය පිනටත් සුහදව උපකාරී වන්නේය.

පින් කරන්න. කුසල් දහම් වඩන්න.

 

පිනෙන් කුසලයත්, කුසලයෙන් මගඵල නිවනත් සාක්ෂාත් කර ගන්න.

 

තෙරුවන් සරණයි.

 

 

83   අකුසල සිතුවිලි වලින් ගැලවීම

සමතයකට පත් නොවුන, නොදැමුණු සිතක නිරන්තරයෙන් ඇතිවන සියලු ආකාරයේ අකුසල සිතුවිලි දුකට හේතුවක් වේ.

 

නොදැනුවත්කම (මෝහය) නිසා දුකෙහි ගැලී සිටීමක් ඉන් සිදුවන්නේය.

 

දිනක් මහානාම ශාක්යයන් අමතා ආර්ය පිරිසට ඇතුලත් වීම සදහා දේශිත සය ආකාර අනුස්සතිය, සිත වැඩිම සදහා (භාවනාවක්) මෙන්ම අකුසලයෙන් සිත නිදහස් කර ගැනීමට ඉවහල් වන්නේය.

 

" අන් නිමිත්තං මනසිකා තබ්බං කුසලෝප සංහිතං " යනුවෙන් අන් නිමිත්තක් (කුසල) ගැනීම අකුසලයෙන් සිත මුදවා ගැනීමට ඇති ධර්මනුකුල උපක්රමය වන්නේය.

 

ඒඅනුව බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සිලානුසසතිය, චාගානුස්සතිය, දේවතානුස්සතිය ගැන සිහිපත් කිරීමෙන් අකුසල නිමිත්ත මාරුකර කුසල නිමිත්ත අවදි කරගත හැකිවන්නේය.

 

මෙකී සය ආකාර අනුස්සතිය අකුසල සිත මුදවාලීම පමණක් නොව කුසලක්රියා සදහා සිත නැඹුරු කිරීමක් සිදුවන හෙයින් කුසලය වඩා වර්ධනය වේ.

 

ත්රිවිධ රත්නය කෙරෙහි ශ්රධාව ඇතිවීමත්, සීල ප්රතිපදාවට පිවිසීමත්, දානාදී පුණ් ක්රියාවන්හි නියැලීමටත්, භවගාමී ජීවිතය සුගති භූමින්හි පමණක් රදවා තබා ගැනීමටත් ඉවහල් වන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

82         දුක විඳින්නේ ඇයි

දුක විඳීමට අකමැති නම් සැප විඳීමට ඇති කැමැත්ත අත්හරින්න.

 

දුක හා සැප එකම කාසියක දෙපැත්ත මෙනි. සැප ලැබෙන විට දුක ඉබේ ලැබේ.

වෙනසකට ඇත්තේ පුද්ගල අකාරය පමණි.

 

රඹුටන්, දුරියන්, මැන්ගුස් ඔබට රසවත් නම් එහි මදය පමණක් නොව ලෙල්ල ලබා ගැනීමට සිදුවනු ඇත.

සැප විඳීමේ නිරර්ථක බව හෝ එහි ආදීනවය වටහාගත් දින සිට ඔබට දුක යයි කිසිවක් හමුනොවනු ඇත.

එවිට ඔබට ලැබෙන්නේ සැප නොව සතුටයි.

 

ප්රියයන්ට ඇලීම නිසා ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි.

ප්රියදේ වලට ඇලීම නිසා කැමති දෑ නොලැබීම දුකකි.

අප්රියයන්ට වෛර කරන නිසා අප්රියයන් හා එක්වීමට ලැබීම දුකකි.

 

අෂ්ටලෝක ධර්මයට ලොව සියළු දෑ යටත් වන්නේය. ඉන් බැහැර වීමට හෝ මිහිරි දෑ පමණක් විදීමට බලාපොරොත්තු නොවන්න.

 

මිහිරි අමිහිරි දෙකම විඳ දරාගැනීමේ හැකියාව උපේක්ෂාවයි.

උපේක්ෂා සහගත සිතට දුකක් හමුවන්නේ නැත.

 

උපේක්ෂාව පුරුදු වන්න, එය ධර්මානු ධර්ම ප්රතිපත්තියේ යෙදීමටත් දුකින් මිදීමටත් උපකාර වන්නේය.

 

තෙරුවන් සරණයි.

 

 

81         දිළිඳු කම යනු දුකක් නොවේ.

දුක යනු දිළිඳුකම නොවේ.

 

" මහණෙනි කාම භෝගියාට ලෝකයේ දිළිඳුකම දුකකි, ණය ගැනීමත් දුකකි."

 

භාග්යවතුන් වහන්සේ විසින් දේශිත අංගුත්තර නිකායේ සංග්රහ වන ඉණ සුත්රයේ ඉහත පාඨය සදහන්වේ.

 

ගතින් පොහොසත් බොහෝදෙනා සිතින් දිළින්දෝය.

සිතින් පොහොසත් බොහෝදෙනා ගතින් දිළින්දෝය.

 

දුක යනු තෘෂ්ණාව මිස දිළිඳුකම යයි පහදා නැත.

 

පිණ්ඩපාතය වළඳන, පාංශිකුලික චීවර දරන, වන සෙනසුන්හි වසන කිසිවක් හිමි නැති බුදුන් වහන්සේට භාග්යවතුන් යයි ආමන්ත්රණය කරයි.

 

බුදුන්වහන්සේ දිළින්දන් සොයාගොස් බොහෝදෙනාට මගඵල නිවන් අවබෝධ කරවා දුන් අතර රජ සිටුවරුන් අතරින් ඉතා සුළු පිරිසකට පමණි මගඵල සාක්ෂාත් කරගැනීමට හැකිවුයේ.

 

දිව් සම්පත් ලබාගත්තා යයි විමානවත්ථු වල සදහන් වන බොහෝදෙනා මනුෂ් ආත්මයේ දිළින්දන්ව සිටිබව දැක්වේ.

ලදදෙයින් සතුටුවන පුද්ගලයා දිළින්දෙක් නොවේ, දුකට පත්වුවකුද නොවේ. කාමභෝගියා ගිජුකම නිසා දුකට පත්වන්නේය එහෙයින් දිලින්දෙකි.

 

ලදදෙයින් සෑහීමකට පත්වන්නා පොහොසතෙකි, සතුටු වන්නෙකි.

 

තෙරුවන් සරණයි

 

 

80         කය වාග් සංවරය ශීලයයි. මානසික සංවරය ශිලයෙන් ඇතිවේ.

ශීලය විරති, සමාදාන හෙවත් වාරිත්, චාරිත් වශයෙන් දෙයාකාරවේ.

 

ශිලයෙන් ප්රඥාව කරා ලඟා වීමට මෙකී අංග දෙකම සම්පුර්ණ විය යුතුය.

 

වාරිත් හෙවත් විරති(නොකළයුතු දෑ) යටතේ කය සංවරය වන අතර චාරිත් හෙවත් සමාදාන(කලයුතු දෑ) යටතේ මනස සංවර කල හැකිවේ.

 

කාය සංවරය:- (වාරිත් ශිලය)

පරපණ නොනැසීම, නොදුන් දෙයක් නොගැනීම, කාමයන්හි වරදවා නොහැසිරීම, මදයට හේතුවන දේ නොගැනීම, වැරදි ජීවනෝපාය.

 

වාග් සංවරය:- (වාරිත් ශිලය)

බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම.

 

මානසික සංවරය:- (චාරිත් ශිලය)

සියළු සතුන් වෙත මෛත්රිය පැතිරීම, අන්සතු දෑ ගැන නොඇලීම, රති රාග සිතිවිලි බැහැර කිරීම, ප්රමාද නොවීම, හිංසා නොකිරීම, අනුන් නොරැවටීම, සමගිය සමාදානය ඇති වනසේ වචන හැසිරවීම, සිත් සනසන වචන කතා කිරීම, යහපත උදෙසා කතා බස් කිරීම.

 

කය සංවර වුවද සිත සංවර වන තාක්කල් කෙලෙස් බැහැර නොවන්නේය. චාරිත් ශිලය මගින් සිත සංවර කරගැනීම භාවනාව සාර්ථක කර ගැනීමට ඉවහල් වන්නේය.

 

මානසික සංවරය ඇති කර ගත් භාවනානු යෝගියාට භාවනාව අතර තුර කෙලෙස් බාධා අවම වන්නේය.

පරිපුර්ණ ශීලයක් ආරක්ෂා කරගන්න.

 

තෙරුවන් සරණයි.

 

 

79   තස්මා ජන්නං විවරේත - එවං තං නාති වස්සති "

යම් කෙනෙක් මේ සස්න අතුරුදහන් කෙරේද හිස් පුරුෂයෝ මේ සස්නෙහිම උපදිති.

 

මෙහි මුඛ් අරුත වන්නේ සාසනය අන්ත්රස්දාන කිරීමට කටයුතු කරණ හිස් පුරුෂයා යලිත් සාසන්යේම පංගුකාරයෙක් වී උපදින බවයි.

 

මෙය සර්ව කාලින මෙන්ම සර්ව සාධාරණ දේශනයකි.

සාසනයක්, රටක්, ජාතියක්, ආගමක්, කුලයක්, ගෝත්රයක් යන සියල්ලටම මෙම ප්රකාශනය වලංගුවේ.

 

අනෙකාගේ අයිතිය උදුරා ගැනීම, නැතිකර දැමීම පාපයකි. එහි විපාකය ගෙවීමට ඔහු හෝ ඇය යලිත් එහිම ඉපිද පිඩාවට පත්වන්නේය.

 

මෙම කාරණාවන්ට උදව් උපකාර කරන, ඉල්ලීම් කරන, සහයෝගය දෙන, උල්පන්දම් දෙන, පොළොඹවන, අයටත් මෙම ඉරණමටම මුහුණ දීමට සිදුවීම මෙහි නොපෙන පැත්ත වන්නේය.

 

අනෙකාගේ අයිතිය තහවුරු කරන්න, සහයෝගය අත හිත දෙන්න එය ඔබේ අභිවුර්ධිය සදහා හේතුවේ.

 

තෙරුවන් සරණයි.



78   අකුසල සමාපත්තිය

තමා කල, කී, සිතන ලද වැරදි ගැන හෝ නොකළ යහපත් දෑ ගැන ඇති තැවීම පශ්චාත්තාපයි.

 

මෙය අකුසල සමාපත්තිය නොවන මුත් අකුසල චෛතසිකයකි.

 

තමා විසින කරනලද පාපයක්, අකුසලයක් හෝ අනුන් විසින් කරන ලද පාප, අකුසල කර්මයක් වැරදි යයි පිළිනොගෙන මතයේ සිට කටයුතු කිරීම.

 

හටගත් වෛරී චේතනාව පහකර ගැනීමකින් තොරව එහිම නිමග්නව සිටීම.

 

අකුසල,පාප ක්රියාවක් සිදු කොට හෝ අනුන් සිදු කරනවා දැක බලා සතුටු වීම.

බද්ධ වෛරය පවත්වා ගෙන යාම.

 

අකුසලයට පක්ෂ වීම හා කුසලයට විරුද්ධ වීම. (ආටානාටිය සුත්රය)

මනාප, අමනාප ද්විත්වයෙහි අකුසල පාර්ශවයට පක්ෂවිම.

 

බුදුරජානන් වහන්සේ වෙත තිබූ හිසරදය, බෝසත් අවදියට පෙර වූ අකුසල සමාපත්තියේ විපාකයක් යයි සදහන්වේ.

 

බොහොදුරට පශ්චත්තාපයට විපාක අවස්තාවක් නොමැති මුත් අකුසල සමාපත්තියේ විපාකයක් ගැබ්ව ඇත.

 

තෙරුවන් සරණයි.

 

 

77   සත් වත පුරන්නෝ සත් පුරුෂයෝය.

 

මව් පියන් පෝෂණය කිරීම.

කුල පරම්පරාවේ ජේෂ්ඨයන් පිදීම.

මෘදු වූ ප්රිය තෙපුල් බස් කතා කිරීම.

කේලාම් කීමෙන් වැලකී සිටීම.

මසුරු කම දුරු කිරීම.

සැබෑ බස් (සත්) කතා කිරීම.

ක්රෝධය, වයිරය මැඩලීම.

 

ඉහත දක්වන ලද සත් ආකාර වත පුරන ලද අය සත් පුරුෂයෝය.

 

ශක්රයා මනුෂ්යයකු ලෙස සිටිය සිටිද්දී පුරන ලද්දා වුත්, දේවත්වයට ලඟා වීමට ඉනිමගක් වන්නාවුත්, සමාජයේ සම්මානයට පාත් වන්නවුත් මෙම ධර්මතාවයන් ලෞකික හා ලෝකෝත්තර අර්ථ සාධනයට උපකාරිවේ.

 

සත්වත පුරන ලද්දාවූ පුරුෂයා / ස්ත්රිය සැබෑ සත්පුරුෂයකු යයි තව්තිසා වැසි දෙවියෝ කියත්.

මිනිසුන්ද, ඔහු/ඇය සත්පුරුෂයකු යයි පිළිගනී.

 

දෙවියන් දේව සමාගමයට පිළිගනී.

 

දෙවියන් වීමට පුද පුජා අවශ් නැත.

 

සංයුක්ත නිකාය 1 දෙවා සත්තවපද සුත්රය.

තෙරුවන් සරණයි.

 

 

76   කර්මය විපාකදීමේ ස්වරූප බහු ආකාරවේ.

ඍජුව විපාක ලැබීම : තමා කරනලද කුසල හෝ අකුසල කර්මයට අනුරූපව විපාකය සකස් වීම.

 

ප්රාණගාත කර්මය නිසා අකල් මරණය, සොරකම නිසා වස්තු විනාශය ආදී වශයෙන් අකුසල පාර්ශයෙන්

දානය නිසා භවභෝග සම්පත් ලැබීම, අභය දානය නිසා දිර්ගායුෂ ලැබීම ආදී කුසල පාර්ශයන් වේ.

 

වක්රව විපාක ලැබීම: දරුවා, මව හා පියා, බිරිඳ හා ස්වාමියා, සහෝදරයා හා සහෝදරිය සම්බෝග වීමෙන් කර්මවිපාක සිදුවේ. ප්රියයන් ගෙන් වෙන්වීම අප්රියයන් හා එක්වීම වශයෙනි.

 

වෙස්වලාගෙන විපාක පැමිණීම: සමහර අවස්ථා වලදී නියම වේශයෙන් නොව ප්රතිවිරුද්ධ වේශයෙන් විපාකය ලඟාවේ. දුක් විපාකයක් වෙස් වලාගෙන ආශිර්වාදයක් සේ ලඟාවේ. සැපය වෙස්වලාගෙන විත් නපුරට හෙලයි.

 

ගලායාමෙන් විපාක ලැබීම : පවුලේ සාමාජිකයෙකු සමාජයේ අපරාධ කරුවකු නම් අනිකුත් සාමාජිකයන්ට සිදුවන පිඩාව, අපහාසය.

 

පවුලේ සාමාජිකයකු හෝ ඥාතියකු සමාජයේ උසස් ලෙස වැජඹෙන්නේ නම් පවුලේ අන් අයටද ලාබ සත්කාර ලැබීම.

 

කැමැත්තෙන් විපාකය ලඟා කර ගැනීම: සමහර අවස්ථා වලදී ගන්නා තීන්දු තීරණ හේතු කොට විනාශය කරා ලඟා වීම. එමෙන්ම ගන්නාලද වැරදි තීන්දු නිසාද වෙනස් ප්රතිඵල ලඟාවේ.

 

කර්මවිපාකයට කලබල (panic ) නොවී මුහුණ දෙන්න මන්ද එය ඔබට ලැබිය යුතුව තිබු දෙයකි. උපේක්ෂා වීමෙන් විපාකය ලිහිල් ලෙස විඳ ගත හැකිවනු ඇත.

 

තෙරුවන් සරණයි.

 

 

 

75   කර්මයට විඥානයක් නොමැත ඇත්තේ විපාක සිත පමණි.

කර්මයට අනුරූපව ඵලයක් කර්මශක්තිය ලෙස කර්මයෙහි ගැබ්ව ඇත්තේය.

 

විපාක දුන් පසු ශක්තිය ක්ෂයවී යන අතර ඉන්පසු පවතින්නේ ඵලය ක්රියාත්මක වීමේ ශක්තියයි.

සිතා මතා විපාකදීමේ හැකියාවක් කර්මයට නැත්තේය.

 

කලින් කැඳවීමට වත් පසුපසට දැමීමට වත් හැකියාවක් නොමැති අතර පසුබිම සැකසීම පමණක් කර්ම කාරකයාට කල හැක්කේය.

 

විපාකය කර්ම නියාමයට අනුකුලව සිදුවන්නකි.

 

අනුව තමාගේ මෙන්ම අනුන්ගේ කර්ම විපාකය තමාට රුචි අයුරු කරවා ගැනීම කිසිසේත්ම කලනොහැක.

අභිජ්ජාව ඇති නිසා සියල්ලෝම තම කර්ම විපාකය තමාට ඕනෑ හැටියට කරවා ගැනීමට උත්සාහ ගනී.

 

ව්යාපාදය හේතුකොට ගෙන බොහෝ දෙනා අනුන්ගේ කර්ම විපාකය තමාට ඕනෑ හැටියට කරවා ගැනීමට උත්සාහ ගනී.

 

මේ දෙකම සිදුවන්නේ මෝහය නිසාය.

 

සියුම් ලෙස ක්රියාත්මක වන අභිජ්ජාවත්, ව්යාපාදයත් හදුනා ගන්න එවිට සමගාමීව මෝහය පහවී යනු ඇත.

 

ලෝභය හා ද්වේශය යන දෙකම ඇතිවන්නේ තෘෂ්ණාව (සිදු කරවා ගැනීමට ඇති කැමැත්ත) හේතුවෙනි.

තෘෂ්ණාව නැති විට විඥාණය ඇති නොවේ.

 

තෙරුවන් සරණයි.

 

 

74   ජය පරාජය

දිනුම තමාටත් පරාජය අනුනටත් යයි සිතීම පරාජයකි.

 

අනුන්ගේ පරාජයත් තමාගේ ජයග්රහණයත් ප්රාර්ථනා කරන සිතුවිල්ල පරාජය කිරීම නියම ජයග්රහණයයි.

 

දිනුම සහ පැරදුම භෞතික වශයෙන් එකම තලයක පැති දෙකකි. නමුත් අධ්යාත්මික පරාජයත් අධ්යාත්මික ජයග්රහණයත් අතර වෙනස සිතිජය හා සයුර මෙනි.

 

අනුන් දිනීම ජයක් නොව තමන් දිනීම ජයක් බව ධර්මයේ සදහන්වේ.

 

මින් අදහස් කරන්නේ පුද්ගල සතුරන් පරාජය කිරීමට වඩා තම සිතේ පවත්නා කෙලෙස් සතුරන් පරාජය කිරීම උතුම් ජග්රහණයක් බවයි.

 

අනුන්ගේ පරාජය ප්රර්ථනා කිරීමත් තමන්ගේ ජය ගැන උදම් ඇනීමත් දුර්වල හා පහත් මානසිකතත්වයේ ප්රකුර්තියයි.

 

ජය පරාජය සම යයි සිතන්න.

 

ජයග්රහණයේදී උදම් නොවන්න. මන්ද ඔබත් පරාජිතයෙකි.

 

අධ්යාත්මය ජයගන්න. එය සදාකාලික ජයග්රහණයකි.

 

තෙරුවන් සරණයි.

 

 

73   ඡන්දය යනු කැමැත්තයි, කැමැත්ත සාධාරණ විය යුතුය.

"ඡන්දා දෝෂා භයා මෝහා " යනුවෙන් චන්දයෙන්, ද්වේශයෙන්, බියෙන් හා මෝහයෙන් පුද්ගලයා සතර අගතියකට පත්වන්නේය.

 

චන්දයෙන් (කැමැත්තෙන්) අගතියට පත්වීම අතීත වර්තමාන අන්නගත වශයෙන් මෙසේද සිදුවන්නේය.

 

* අසවලා මට උදව් කළේය, කරන්නේය, කරාවි.

* අසවලා මගේ ඥාතියාට උදව් කළේය, කරන්නේය, කරාවි.

* අසවලා මගේ සතුරාගේ සතුරාට උදව් කළේය, කරන්නේය, කරාවි.

* අසවලා මගේ සතුරාට විරුද්ධ කම් කළේය, කරන්නේය, කරාවි.

* අසවලා මගේ ඥාතියාගේ සතුරාට විරුද්ධ කම් කළේය, කරන්නේය, කරාවි.

* අසවලා මගේ සතුරාගේ මිතුරාට විරුද්ධ කම් කළේය, කරන්නේය, කරාවි.

 

මෙසේ දහඅට ආකාරයකින් අගතියට පත්වන පුද්ගලයා තමාට අහිතක් කරගන්නවා මෙන්ම රටට සමාජයට සුගතියක් නොකිරීමෙන් දායක වන්නේය.

 

ඡන්දය (කැමැත්ත) සාධාරණ විය යුතු අතර අනුන් පෙළඹවීම නොකළ යුතුය.

කැමැත්තෙන් අගතිගාමී නොවන්න.

 

තෙරුවන් සරණයි.

 

 

 

 

72   උපදින්නේත්, ජිවත්වන්නෙත්, මරණයට පත්වන්නේත් කර්මයයි.

ප්රණීතය සමුප්පාද යෙදී " විඥාන පච්චයා නාම රූපං " පංචස්කන්ධය පහල වන්නේ විඥානය හේතුවෙන් යයි සදහන් වේ, එය උප්පත්තියයි.

 

" චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, මන " යන සය තැන්හිදී හටගන්නා විඥ්ඥානය, උප්පතියේ සිට චුතිය දක්වා විත්තක්ෂණ 17 කින් පැවතීම යනු ජීවත්වීමයි.

 

" ආයු උස්මාච විඥානං " යනුවෙන් ආයුෂය(ජිවිතෙන්ද්රිය), උණුසුම(කර්මජ තේජෝ ධාතුව) හා විඥ්ඥානය මේ කය හැර දමා යයි එය මරණයි.

 

" චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" යනුවෙන් සදහන් වන ආකාරයට චේතනාව කර්මය වේ, කර්මය චේතනාව වේ.

මෙහිදී පුද්ගලයෙක් යයි ගතයුතු දෙයක් නැති අතර ඉපදී, ජීවත්වී, මැරී යන්නේ කර්මයයි (විඥ්ඥාන යයි ). කර්මයත් අනිත්යය, විඥ්ඥානයත් අනිත්යය.

 

කර්ම දෝෂ ගැන දොස් නැගිය යුත්තේත්, වගකීම බාර දිය යුත්තේත් කර්මයට නොව විඥ්ඥානය ටමයි. විඥ්ඥානය සකස් කර ගත් තැනැත්තාට කර්ම දෝෂ ඇති විය නොහැක.

 

හොද සිතුවිලි පහල කර ක්රියාවට නගන්න.

 

තෙරුවන් සරණයි.

 

 

71   දුක දුරුකිරීම

දුක කැමැත්තෙන් වැලදගන්නා තාක් කල් දුක දුරුකිරීම නොවන්නකි.

 

ආර් සත්යයේ සදහන් දුක පිලිබඳ දැනුම හා ඉන් මිදීම ගැන බොහෝ දෙනා දනිති.

 

එහෙත් ධර්මය පිලිබඳ ඇති දැනුමේ ඌනතාවය මත, දුක සතුටින් වැලද ගමින් සිට්නා බව බොහෝ දෙනා නොදනී.

දුක පිලිකුල් නම් දුකට ආශාකිරීමෙන් වැලකී සිටිය යුතුය.

 

දුක වැලදගන්නා ආකාරය:-

පුවත් පතක් කියවෙන්නේ නම් දුක උපදින වාර්තා කියවිම.

චිත්රපටයක, ටෙලිනාට්යයක, දුක උපදින රූපරාමු රස විදීම.

දුක්කාන්ත නවකතා දර්ශන ප්රිය කිරීම.

ඕපාදූප වලදී දුක උපදින කතා වලට මුල් තැන දීම.

ශෝකාන්තයන් හිදි කදුලු සැලීම.

 

මේ කිසිවක් තමාගේ නොව කල්පිතයන් , එහෙත් අවස්ථාවන්හිදී දුක සතුටින් වැලදගනී.

 

දුක දුකමය. දුකෙහි ඇලෙන්නේ නම් දුකෙන් නිදහස් වන්නේ කෙසේද.

 

දුක ලෝභය නිසා හටගනී. එය තණ්හාවකි ඉන් ඉවත් විය යුතුවේ.

 

අනුන්ගේ දුකෙහිදී පිහිටවීම කරුණාවයි, එය මෙය නොවේ.

 

තෙරුවන් සරණයි.

 

 

 

70  යමක් අනිත් එය දුකයි

සංකත ධර්මයක් නොවන නිසා නිර්වාණය හැර නාම රූප ඇතුළු සියල්ල අනිත්, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණය යටත්ව විදසුන් වැඩිය යුත්තේය.

 

අටවිසි රුපයෝ (රූප ) අනිත් ලෙස පිරිසිඳ දුටුවද; වේදනා, සංඥා, සංකාර, විඥ්ඥාන (නාම ) අනිත් ලෙස නොදකිති.

 

ඊට හේතුව සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ එන "රූපං ජීරති මච්චානං නාම ගොත්තං නජීරති " යන්න සමග අර්ථ සංසන්දනය කල නිසා විය හැක.

 

වේදනා, සංඥා, සංකාර, විඥ්ඥාන සියල්ල ඇතිවී නැතිවී යන හෙයින් අනිත් වන්නාහුය.

අනිත් වූ සියල්ල දුකය (යදනිච්චං තං දුක්ඛං)

දුක් වූ කිසිවක් (වේදනාව) තණ්හා උපාදාන වශයෙන් නොගත යුත්තේය.

 

නාම ධර්මයන් අනිත්යාදී ලෙස බැලිය යුත්තේ නිර්වාණය කරා යොමුවන්නේ නාමය මිස රූපය නොවන හෙයිනි.

 

අනිත් වූ සියල්ල නිත්, සුඛ, ආත්ම වශයෙන් නොගත යුතු යයි විදර්ශනා කල යුතුය.

 

මද වෙලාවක් හෝ විදර්ශනා කරන්නේ නම් එය මහත් ඵල වන්නේය.

 

තෙරුවන් සරණයි.


69   ප්රතිපත්ති පූජාව

ආමිස පූජාවට වඩා ප්රතිපත්ති පූජාව උතුම් බව තථාගතයන් වහන්සේ දේශනා කල බව මහා පරිනිර්වාණ සූත්රයේ සඳහන් ඇත.

 

ආමිස පූජාවේ බොහෝ දෙනා නියැලෙන මුත් ප්රතිපත්ති පූජාවේ නියැලීමේ අඩුවක් පෙනෙන්නේ ගැන ඇති දැණුම අල්ප නිසා විය හැක.

 

බොහොදුරට ආමිසය අනුන් වෙනුවෙන් සිදු කරන්නක් වන අතර ප්රතිපත්ති පූජාව තමන් වෙනුවෙන් කරන්නකි.

ප්රතිපත්ති පූජාව ඍජුවම නිර්වාණය කරා ගෙන යාමට ඇති මාවතක් වන අතර යම් ප්රමාදයක් වන්නේ නම් සුගතියේ රඳවා තැබීමට සමත් වන්නේය.

 

ප්රතිපත්ති පුජාව:-

 

තෙරුවන් සරණයාම.

පංච ශීලයේ පිහිටීම.

පොහොය අට සිල්, දස සිල් සමාදන්වීම.

දස අකුසලයෙන් වැලකී දස කුසලයේ පිහිටීම.

දස පුණ් ක්රියාවෙහි නිරතවීම.

දැන්, සිල්, භාවනා යන ත්රිවිධ පුණ් ක්රියාවේ යෙදිම.

සීල, සමාධි, ප්රඥා යන ත්රිශික්ෂා වේ පිහිටීම.

සමත, විදර්ශනා භාවනාවන්හි නිරතවීම.

ආර් අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම.

 

ආමිසය මෙන් නොව ප්රතිපත්තිය සන්දිට්ටික හා අකාලික වන්නේය.

අප්රමාදීව ධර්මානු ධර්ම ප්රතිපත්තියේ යෙදීමට උත්සාහ ගන්න.

 

නිරත වන තාක් රැස් වන්නේ කුසල් බව සිතිය යුතුය.

 

තෙරුවන් සරණයි

 

 

 

68  මෙලොව විපාක දීම්

අකුසල හෝ කුසල පක්ෂයේ කර්ම දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් උපස්තම්භක හෝ උපපීඩක කර්ම ලෙස විපාක දෙන බව බොහෝ දෙනා නොදනී.

 

අනුන්ගේ අනුබල දීමකින් තොරව තියුණුවූ සිතින් (අසංකාරික) කුසල හෝ අකුසල සිතක් පෙරදැරිව කරන ලද කර්මය බොහෝ දුරට දිට්ඨ ධම්ම වේදනීය බවට පත්වන්නේය.

 

අනුන්ගේ මෙහෙයවීමෙන්, තමා පසුබැසිමෙන් කරන (සසංකාරික) ක්රියාව අසංකාරික ක්රියාව තරම් ප්රබල චෛතසිකයකින් (චේතනාවකින්) බිහි නොවන නිසා විපාක බලයෙන් මදක් හීනවේ.

 

සසංකාරික කර්මය දිට්ඨ ධම්ම වේදනීය වීමට ඇති ඉඩ ප්රස්තාව අඩුය.

 

අකුසල පක්ෂයේ කර්ම සසංකාරික කර්මවී, කුසල පක්ෂයේ කර්ම අසංකාරික වූයේ නම් බොහෝ දුරට කුසල කර්ම දිට්ඨ ධම්ම වේදනීය ලෙස විඳ ගැනීමට හැකිවනු ඇත.

 

එමෙන්ම සුළුවූ සසංකාරික කර්මය බොහෝ පසුපසට යාමට හෝ අහෝසිවී යාමටද හැකියාවක් ඇත.

මෙය නියතියක් නොව ධර්මතාවයකි.

 

කරන සුළුවූ හෝ කුසල කර්මය ශ්රද්ධාදිකව පිරිසිදු සිතින් යුතුව කරන්න.

 

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලැබේ.

 

තෙරුවන් සරණයි.

 

 

 

67  දෙවියන්ට වඩා කර්මය බලවත්ය.

පුද පූජා, යැදීම් වලට වඩා සත්යක්රියාව බලවත්ය ප්රතිඵල දායකය.

 

සත්වයා දෙවියකු විසින් නොමවන ලද අතර පාලනය කිරීමද නොකරයි.

 

සත්වයා මවන ලද්දේත්, පාලනය කරනු ලබන්නේත් කර්මය විසිනි.

 

එහෙයින් පුද පූජා, යැදීම් නිෂ්ඵල ක්රියාවන් වන අතර ස්වකීය කර්මයන් මත කරනු ලබන සත්යක්රියා වඩාත් ඵලදායි වන්නේය.

 

ශීලය හා යහපත් ක්රියාව සත්යක්රියාවට පාදක කරගන්න.

 

තමන් විසින් දිවිහිමියෙන් රකින ලද ශීලයක් ( එක සිල් පදයක් ) හෝ

අනුන් උදෙසා කරන ලද එක් යහපත් ක්රියාවක් සිහිකොට සත් ක්රියාවේ බලයෙන් සහනයක් සෙතක් සැලසේවා යයි සිහිකිරීම සත්යක්රියා වයි එය වඩාත් ප්රතිපල දායී වනු ඇත.

 

සත් ක්රියාව ශිලනුස්සතියකි. කුසල් සිත් වැඩීමක් ඉන් සිදුවන්නේය.

 

ඍජුව නොවුවද සෙත් ශාන්ති, පිරිත් සජ්ජායන කිරීමෙන් සිදු කරන්නේද එකී සත් ක්රියාව මයි.

 

සත් බලවත් අවියකි, සත්යවාදී වනන්න එය ඔබට නිසැකයෙන්ම පිහිටට එනු ඇත.

 

තෙරුවන් සරණයි

 

 

66   දානය කාහටත් එකසේ කල හැක.

සැමටම කල නොහැකි නම් තථාගතයන් වහන්සේ දානය ප්රමුඛ කොට වදාරන්නේ නැත.

 

දුගියාටත්, මගියාටත්, යාචකයාටත්, සිටුවරයාටත් එකසේ දානයේ නියැලිය හැකි අතර ආනිසංස වන්නේ ඊට වියපැහැදම් කරන ධනයේ වටිනාකම අනුව නොව ඊට ගැලපුන චේතනාව මතයි.

 

නොදැනුවත් කම නිසා, දානය යනු ප්රදර්ශනයක් සිතා හා සංඝයා උදෙසා පමණක් කරන දෙයක් යයි සිතා බොහෝ අය දානයට කුසීත වේ.

 

"අයය්හ " සිටාණන් දන් දෙන ස්ථානය දුගී, මගී, යාචකයන්හට අත දිගු කොට පෙන්වූ පිනෙන් ස්වර්ග සම්පත්තිය මගියෙකුට ලද බව ධර්මයේ සදහන් වේ.

 

* හැකිනම් ලේ බිඳක් දන් දෙන්න.

* ඉතිරිවූ කෑම කොටස සතෙකුට ආහාර වේවා යයි තබන්න.

* ඉඳුල් පිඟාන සේදූ වතුර පොලවේ ප්රාණියකුට ආහාර වේවා යයි ඉවතලන්න.

* සතුන්ට, කුරුල්ලන්ට බිමට, නෑමට වතුර භාජනයක් තබන්න.

* ශ්රමදාන කටයුත්තකට සහභාගී වන්න.

* අනුන් වෙනුවෙන් යමක් කර සතුටු වන්න.

* රෝහල්, පන්සල්, බෝමළු පිරිසිදු කරන්න.

* ඇස් , ශරීර අවයව දැන් දෙන්න.

* දන්නා දෙයක් නොදන්නා කෙනෙකුට කියාදෙන්න.

* මසකට වරක් වත් තම ආහාර වෙල වර්ජනය කොට එය හෝ සරිලන මුදල යාචකයෙකුට දෙන්න.

* ඉල්ලන්නාට යමක් දෙන්න.

* ධර්ම කරුණු කියා වටහා දෙන්න. යමෙකුට අත දෙන්න.

* ලෙඩෙකුට බෙහෙත් පැළෑටි සොයා දෙන්න, ගිලනුන්ට උපස්ථාන කරන්න.

* ගස් වැල් වල පලතුරු කිහිපයක් සතුනට ඉතිරි කරන්න.

 

ඉහත කි සියල්ල මුදල් වියදම් නොකර දිනපතා වුවත් කල හැකි දානයන් වන අතර මහත් ඵල මහානිසංස බව සිතන්න.

දන්දීම කුඹුරු වපිරීමක් වැනියයි ධර්මයේ සදහන්වේ.

 

දානයේ ආනිසංස හොඳ හැටි දන්නා භික්ෂුන් පවා යාචකයන්ට දන් දෙයි.

තෙරුවන් සරණයි.

 

 

65   " පින single පව Double "

මෙය බුද්ධ ධර්මය නොවේ. ත්රී රෝද රථයක පිටුපස සඳහන් කර තිබුනකි.

 

එහෙත් මෙහි ඇති ධර්ම කොටස සලකා බැලීම වටි.

මින් අදහස් කරන්නේ පිනෙහි ආනිසංසයට වඩා පවෙහි විපාකය බලවත් වන බවයි.

 

අට මහා කුසල් කලද, රූපාවචර, අරූපාවචර ධ්යාන ලබා සිටියද ඉන් පිරිහී පංච ආනන්තරිය කර්මයක් කළහොත් ප්රථමයෙන් විපාක දෙන්නේ ආනන්තරිය පාප කර්මයයි.

 

නිරයේ ආයුෂයට වඩා නරකයේ ආයුෂ දීර්ඝ බව බන පොතෙහි සදහන් වේ.

සංසාර යාන්ත්රනය සැකසී ඇත්තේ අකණ්ඩව පවත්වා ගෙන යාමට හැකි වන

අකාරයටයි. නියත මිත්යා දෘෂ්ටිය සංසාරය හිස් නොකිරීමට උදව් උපකාරී වේ.

 

සුළු වුවද පාප ක්රියාව, පුණ් ක්රියාවට වඩා ගරුක කර්මයක් වීමේ හා කර්ම පථයක් වීමේ හැකියාව අතින් පෙරටුව සිටි.

 

සුඛ වේදනා වකින් ලබන සැනසීමට වඩා, දුක්ඛ වේදනාවකින් ලැබෙන තැවුල බලවත්ය.

 

ධර්මය සිසිල් පවනක් මිස කුණාටුවක් නොවිය යුතුය. ලිහිල් වූ තරමට අවශෝෂණය කරගැනීම පහසුවේ.

 

තෙරුවන් සරණයි

 

 

64   සෝවාන් වීමට ඇති සැහැල්ලු හා මිහිරිතම මාර්ගය ශ්රද්ධාවයි.

ශ්රද්ධාව යනු අවදිවූ පහන් සිතක් ඇති බවයි.

 

ශ්රද්ධාධික සිතේ මෛත්රිය සරුවට වැඩේ.

 

ශ්රද්ධාවෙන් යුතු පුද්ගලයා සතු අහිරිකය හා අන්වතප්පය ( පවට ඇති ලැජ්ජාව හා බිය) ඔහු දේවත්වය කරා ගෙනයාමට සමත්වේ.

 

සරණාගමනය සම්පුර්ණ කරගත් තෙමේ මිත්යා දෘෂ්ටික පුද පුජා වලින් වෙන්වන අතර, ඉල්ලීම් පසුපස යමින් අස්මිමානය අරක්ෂා කර ගැනීමට ඇති ආත්ම තෘෂ්ණාව ගැන ඇති වැරදි අවබෝධය වන " සක්ඛාය දිට්ටිය " නොහොත් ආත්මය සුවපත් කර ගැනීමේ වැරදි අවබෝධය අත්හරියි.

 

බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අවෙච්ච ප්රසාදය පාදක කොට හට ගත්තාවු

අචල ශ්රද්ධාව නිසා බුද්ධාදී අට තැන්හි ඇති සැකය පහවී ගොස් ඇති හෙයින් " විචිකිච්චාව " ඔහු කෙරෙන් සදහටම ඉවත්වී ගොස් ඇත.

 

ශ්රද්ධා මාත්රයක් වත් ඇති පුද්ගලයා අන් සරණක් නොපතන අතර අන් ශීලයක්, වෘතයක් සමාදන් නොවේ. පංච ශිලය පෙරටු කොට ගත් අර්ථවත් සීලයන් එකම සීලය ලෙස සමාදන් වන ඔහු " සීලබ්බත පරාමාසය " අත්හල කෙනෙකි.

 

ඉහත කි සංයෝජන 3 සිඳ බිඳ ගත් සේඛ පුද්ගලයා නියත සම්බෝධි පරායනයෙක් වන අතර ශ්රද්ධාව පෙරදැරි කර සෝවාන් මාර්ගයට පිළිපන් පුද්ගලයෙකි.

 

තෙරුවන් සරණයි

 

 

63   මල් පූජා කිරීම අර්ථවත්ව කරමු

පූජා කිරීමට පෙර මල් දෝවනය කරන්නාසේ, සිතේ හටගත් කෙලෙස් සෝදා හැර වන්දනා කරන්න.

 

සංඛේතාත්මකව සිසිල් පැනින් මල් දෝවනය කලද එහි පරම අර්ථය වන්නේ තම චිත්ත සන්තානයේ ඇති වෛර, ක්රෝධාදී කෙලෙස් මෛත්රී කරුණා දියෙන් සෝදා හැර හටගත් නිරාමිස සතුටින් යුතුව බුදුන් වන්දනා කරන බවයි.

 

කය, වචනය හැසිරවීමේදී තම සිතේ කෙලෙස් පැන නගින අතර ඉන් අන් අයගේ සිත් සතන් වලද කෙලෙස් ඇති කරවයි.

 

ක්රියාවෙන්, වචනයෙන් පමණක් නොව බැල්මකින් වත් අනුන්ගේ සිතේ කෙලෙස් ඉපදෙන අයුරින් ජිවත් නොවිය යුතුය. මන්ද ඉන් ගුණෝත්තර ක්රමයට අකුසල විපාක වලට මුහුණ දීමට සිදුවන හෙයිනි.

 

පූජා කරන්නාවූ මල් දොවා පිරිසිදු කලද විතරාගී බුදුරුව ඉදිරියේ සිටින ඔබගේ කෙලෙස් මල සෝදා හැර නැතිනම් අනිත් මෙනෙහි කලද ඉන් ලැබෙන අනිසංසය නොලැබී යනු ඇත.

 

සියලු චාරිත් විධි ඇත්තේ සිත් සකස් කිරීමටයි.

ශ්රධාව, ශිලය, භාවනාව, මනසිකාර, වතාවත්, ආමිස පූජා, වන්දනා යන සියල්ලෙහි පරමාර්ථය වන්නේ තමා විසින්ම තම සිත පිරිසිදු කර ගැනීමයි.

 

මල් විකසිතවී පිපී පරවී ගියද, පිරිසිදු කරගත් සිත කිසිදා මිලින නොවනු ඇත.

පිරිසිදු සිත් ලස්සනය. හාත්පස සුවඳ දෙයි.

 

තෙරුවන් සරණයි

 

 

62   මානය දුරු කර ගතහොත් නිවන අත ළඟය.

නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සදහා අනිත්, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණය පෙරදැරි කොට විදසුන් වැඩිම කලයුතුවේ.

 

නිවන අරමුණු කොට දස සංයෝජන ලිහා හැරීමේදී හමුවන මුල් බාධකය වන මමය, මාගේය, මාමය යන සක්ඛාය දිට්ටිය, අනිත් ලක්ෂණය හමුවේ විදසුන් කලයුතු වන්නේය.

 

චිත්ත හා චෛතසික සියල්ල ඇතිවී නැතිවී යන හෙයින් අනිත් වන්නේය.

සක්ඛාය(අස්මිමානය) යනු චෛතසික නිසා හටගත් අනිත් ධර්මතාවයට යටත් සංඛාරයකි.

 

සක්ඛාය දිට්ටිය රඳා පවතින්නේ මානය තිබෙන තාක් කල් පමණි. හේතුවෙන්ම සක්ඛාය දිට්ටිය අස්මිමානය යනුවෙන් පහදා දී ඇත.

 

මමය, මාගේය යනුවෙන් දර්ශනය වන්නේ යමෙකු තුල ඇති ආත්ම මානයයි.

මානය දුරලීම සක්ඛාය දුරු කිරීමකි.

 

සංඛාර ධර්මයන් අනිත් බව පසක් වූ විට අස්මිමානය ලිහී යනු ඇත.

 

මානය යනු කිසිදු වටිනාකමක් නැති උපාංගයකි. කිසිවෙක් ඊට මිලක් නොගෙවන්නේය. එහෙයින මානය දුරු කිරීමට උත්සාහ වන්තවන්න.

තෙරුවන් සරණයි.

 

 

61   පුණ්ය කර්මයක් පලදායී වීමට

බොහෝ දෙනා පිං කම් කලත් එකී කර්ම මහත් ඵල මහානිසංස වන ආකාරයට සිදු කර ගැනීමට නොදැනීමෙන් ආනිසංසය හීන කර ගනී.

 

විපාක පිණිස කර්මයක් සකස් වීමට නොහොත් කර්මය කර්මපථයක් වීමට කාරණා කිහිපයක් සම්පුර්ණ විය යුතුය. මෙය පින් පවු දෙකටම අදාළ වේ.

 

කර්මයේ අල්පේශාක්, මහේශාක්, හීන, ප්රනීත භාවය රඳා පවත්නේ ඊට සම්බන්ධවන චේතනා වල බලදුබල තාවය මතය.

 

ප්රාණගාත අකුසලය සම්පුර්ණ වීමට

1. පණ ඇති සතකුවිම.

2. පණ ඇති සතකු බව දැනීම.

3. මැරීමට සිත් පහල වීම.

4. මැරීමට උපක්රම කිරීම.

5. උපක්රමය නිසා මරණය සිදුවීම.

 

ඉහතකී ආකාරයටම පුණ්ය කර්මයත් සම්පුර්ණ විය යුතුය.

දානමය කුසලය සම්පුර්ණ වීමට

1. ප්රතිග්රාහක පක්ෂයක් සිටීම - භික්ෂු සංඝයා, ගිලනුන්, යාචක, දුගී මගී, තිරිසන් යන ලැබීමට සුදුසු පක්ෂයක් සිටීම.

2. දානමය කටයුත්ත පලදායි කටයුත්තක් බව දැන සිටීම - තමා කරන දානමය කටයුත්ත නාස්තිකාරී, අනර්ථකාරී නොවන අතර ප්රතිග්රාහක පක්ෂයට අවශ්ය වුවක් බව දැන සිටීම.

3. දානමය සිතක් පහල කර ගැනීම - කම්ඵල අදහා පිරිසිදු චේතනාවෙන් යුතුව දානමය සිත් පහල කර ගැනීම. කරන්නන් වාලේ, නොකර බැරි නිසා, අන් අය සමග තරගයට හෝ කිර්තිය උදෙසා නොකොට සතුටු සිතින් යුතුව කලයුතුය.

4. සුදානම් කොට දිය යුතුය - දෙන්නං වාලේ නොදී ධාර්මිකව උපයා සපයා ගත් ධනයෙන් තමාට හැකි අයුරින් උසස් හා ප්රනීත ලෙස සකසා ප්රදානය කල යුතුය.

5. දානමය කටයුත්ත සම්පුර්ණ වීම - මුල මැද අග පිරිසිදුව සතුටු සිතින් දානමය කටයුත්තේ නියැලිය යුතු අතර ඉන් ප්රතිග්රාහක පක්ෂයත් තමනුත් තුටු පහටු විය යුතුයි.

කරන ලද දානමය කටයුත්ත හේතුවෙන් ප්රතිග්රාහක පක්ෂයට ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්රඥාව වැඩේවා යන ප්රාර්ථනා සිත පෙරදැරිව පුණ්ය කර්මය දෙස බලා තමා විසින් පින් අනුමෝදන් විය යුතුය.

තෙරුවන් සරණයි

 

 

60   අකාලික ධර්මය

පියාට වඳින ගාථාවේ "රාජ ම්ජ්ජන් සුපටිත්තං" යනු රාජ සභා මධ්යයට ප්රවිෂ්ට

වීමට හැකි ලෙස යන්නයි.

 

එකී ආකාරයට සමාජයේ උසස් හා යහපත් ආකාරයට මෙන්ම සමාජයට ප්රියශීලි වීමටත් උදාර ලෙස වැජඹීමටත් අදාළ ලෞකික කාරනා 32 ක් මහා මංගල සුත්රයේ අන්තර් ගත වන අතර 4 වැනි ගාථාවේ මෙසේ සදහන්වේ.

බාහු සච්චංච ( Education ):- බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව එකල අධ්යාපන මාර්ගයයි. දැන කියා ඉගෙන සමාජයේ උගත්, නුවණැති, පිළිගත් පුද්ගලයෙකු ලෙස රැඳීමට අධ්යාපනය අවශ්යවේ.

 

සිප්පංච ( Trade ) :- වෘත්තීය දැනුම හා ශිල්පිය ඥානය. කර්මාන්ත, ව්යාපාර, පරිපාලන, විද්යා, කලා ආදියේ ශිල්පිය ඥානයක් ලබා තිබීම සුදුසුකමකි.

 

විනයෝච ( Discipline ) :- පාසැල, සමාජය, රැකියා ආයතනය, සමාජ සංස්ථා, පන්සල පල්ලිය යන තන්හි මනාලෙස රැදී සිටීමට විනයක් සතුවීම ඉතා වැදගති.

 

සුසික්කිතෝ ( Well mannered ) :- මනාව හික්මුණු, ශිලයකින් හෙබි දැමුණු පුද්ගලයා සමාජයේ උසස් යයි සම්මත කෙනෙකු වේ.

 

සුභාසිතාච යාවාචා ( Well spoken ) :- ප්රියශීලි, යහපත් හා සුමුදු වදන් තෙපලන පුද්ගලයා සමාජය පිළිගත් පුද්ගලයෙකු ලෙස ගැනේ.

 

ඉහත කී කාරණා වෙන් සමන්විත පුද්ගලයා සමාජයට සම්පතකි, හැදු වැඩු දෙමව්පියනට ආභරණයකි.

තෙරුවන් සරණයි.


  59   " ඒතං බුද්ධානු සාසනං "

 

සත්වයා දුකින් මුදවමැයි අදිටන් තබා බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ නිර්වාණය පරම ඉලක්කය කොට කාරණා තුනක් අරභයා සිය දේශනය හසුරුවා ඇත.

 

1. ඉපදෙමින් මැරෙමින් සසර සැරිසරන සත්වයා බොහෝ අවස්ථා වල ප්රසන්ධි ගතවී ඇත්තේ සතර අපායේ බැව් පුබ්බේනිවාසානුස්සති, චුතුපපාත යන ඥාන මෙහෙයවීමෙන් අවබෝධ කර ගන්නා ලදී.

 

පාපයේ හා අකුසලයේ ආදීනව පෙන්වා සත්වයා තිරිසන්, ප්රේත, අසුර, නිරය යන සතර අපායන් ගෙන් මුදවා ගැනීම් වස් " සබ්බ පාපස්ස අකරනං " යනුවෙන් උධෘත කොට ධර්ම පර්යායක් දේශනා කොට ඇත.

 

2. කුමන හේතුවක් නිසා හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් මනුෂ්, දිව්, බ්රහ්ම යන සුගත භුමීන්හි පමණක් ප්රතිසන්ධි ගත වීම සදහා කුසල් දහම් කිරීමේ ආනිසංස දක්වා "කුසලස්ස උපසම්පදා" යනුවෙන් උධෘත කොට ධර්ම පර්යායක් දේශනා කොට ඇත.

 

3. බුද්ධ දේශනයේ පරම නිෂ්ඨාව වන නිර්වාණය අවබෝධ කර ගැනීම සදහා සත්වයා පෙළඹීම් වස් "සචිත්ත පරියෝ දපනං" යනුවෙන් උධෘත කොට සමත, විදර්ශනා පිලිවෙලින් සති, සමාධි, ප්රඥා ගැන ධර්ම පර්යායක් දේශනා කොට ඇත.

 

අකුසලයෙන්, පාපයෙන් මිදී කුසල් දහම් පුරමින් තම සිත නිර්වාණ දර්ශනයට යොමු කිරීමට උත්සාහවන්ත වන්න.

 

තෙරුවන් සරණයි.


 

 58   ලෞකික හා ලෝකෝත්තර ගණිතය

කුඩා කල සිට ඉගෙන ගන්නා ගණිත පාඩම් ලෞකික මෙන්ම ලෝකෝත්තර සුභ සිද්ධිය සදහා යොදා ගැනීමට අප සමත් විය යුතුය.

 

ගණිතයේදී යෙදෙන මූලික ගණිත කර්ම 4 කි. එනම් එකතු කිරීම, අඩුකිරීම, වැඩිකිරීම හා බෙදීමයි. ( +, -, x හා / )

පෘතග්ජන ජීවිතයේදී එකතු කිරීම හා වැඩිකිරීම යොදා ගැනීමෙන් ධනයෙන්, බලයෙන්, නිලයෙන්, දැනුමින් පොහොසත්වී ලෞකික සුභ සිද්ධිය සලසා ගත හැක.

 

මෙම එකතුකිරිම හා වැඩිකිරීම සාධාරණ හා යුතු අයුරින් කිරීම බුදු දහම ප්රතික්ෂේප කොට නොමැත.

ලෝකොත්තර විමුක්තිය සලසා ගැනීමට වෙර දරන්නා විසින් අඩුකිරීම එනම් අත්හැරීමට පුරුදුවිම මගින් , දාන මාන පින් කම් සදහා උපයා සපයා ගත් ධනයෙන් කොටසක් යෙදවීමෙන් බෙදීම පුරුදු පුහුණු කල යුතුවේ.

 

තවද, එකතු කිරීම හා වැඩිකිරීම පින සහ කුසලය සදහා යොදා ගත යුතු අතර පව් සහ අකුසල් අඩුකිරීමත් බෙදීමත් කලයුතුය.

 

ගණිත විෂය හරවත් අයුරින් යොදා ගැනීමෙන් එලොව මෙලොව දියුණුව සලසා ගත හැකිවේ.

 

තෙරුවන් සරණයි

 

 

57    ධර්මය ගැන අපි නොදත් සමහරක් දෑ

* පිරිත යනු සුත්ර පිටකයේ අඩංගු දේශනයකි. එය පුරුදු, පුහුණු කිරීම වෙනුවෙන් මිස සජ්ජායනා සදහාම නොවන බව.

 

* නිර්වාණය කරා ළගා විය හැක්කේ ප්රතිපත්තියේ යෙදීමෙන් මිස ආමිස පුජාවෙන් නොවන බව.

 

* දානයේ පරම අර්ථය වන්නේ (ලෝභය දුරුකිරීම) අත්හැරීම මිස (සංඛාර වීමෙන්) යලි භවයක් හෝ ආත්ම ලාභයක් පිණිස නොවන බව.

 

* බොහෝ අකුසල් හා කුසල් දිට්ටධම්ම වේදනීය වන බව. ( උදා: වෛරයක්,

ක්රෝධයක් ඇතිවූ විට තමන් ඉන් විදවීම, පෙලීම, හිත ගිනි ගැනීම/ මෛත්රියක්

කරුණාවක්, දාන සිතක් පහලවූ විට සිත සන්සුන් වීමක්, චිත්ත ප්රීතියක් ඇතිවීම.

 

* ප්රර්ථනා කිරීමෙන්ම පමණක් නිර්වාණය තබා සුගති භූමියක් වත් ලැබිය නොහැකි බව.

 

* සියල්ල කර්මයෙන් සිදු නොවන බවත්, උත්සාහයෙන්, වීර්යයෙන් කර්මය වෙනස් කළහැකි බව.

 

* මම වෛර නැත්තෙක් වෙම්වා ක්රෝධ නැත්තෙක් වෙම්වා යනුවෙන් දෙඇස් පියා මිමිණු පලියට මෛත්රිය නොවැඩෙන බව හා අකුසල් සිතුවිලි පහල නොවන ලෙස සිහියෙන් (සතියෙන්) සිටිය යුතු බව.

 

* තාථාගත දේශනය සම්මුති හා පරමාර්ථ දෙයාකාරයටම දේශිත බව.

 

* නිර්වාණය පිටතින් පැමිනෙන්නක් නොව තමා තුලින්ම අවබෝධ කලයුත්තක් බව.

 

තෙරුවන් සරණයි.

 

 

56  කුරුල්ලන් V හැඩයට පියාඹින්නේ ඇයි.

ඉදිරිපස කුරුල්ලන්ගේ පියාපත් චලනය අනුව පසුපස එකා පියාපත් සැලීමෙන් වැඩි ශක්තියක් නොයොදා පසු පස අයට පියාපත් සැලීමට අවස්ථාවක් ලැබේ.

ඉදිරිපස නායකයා මහන්සිවූ විට පසුපස එකාට නායකත්වය දී පසුබසින අතර ඉන් කණ්ඩායමේ සියලු දෙනාට නායකත්වය ලැබේ.

ධර්මානු ධර්ම ප්රතිපත්තිය ඉහතකී ආකාරයට පිලිපැදීමෙන් සසර ගමන විඩාවෙන් තොරව පවත්වා ගත හැක.

ශ්රද්ධා, විරිය, සති, ප්රඥා, චන්ද, චිත්ත, විමංසා, ධම්මවිචය, ප්රීති, පස්සද්දී, මෛත්රී, උපේක්ඛා, යන අංග සමාධියට පහසු ආකාරයට පෙරටු කොට පසුකොට යොදා ගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්යේ ගමන් ගත යුතුය.

තමාට සුදුසු කමටහන හෝ බෝධි අංගය පෙරදැරි කරගත යුතු අතර ඉතිරි අංග පහසු ආකාරයට යොදා ගැනීමෙන් ධර්මානු ධර්ම ප්රතිපත්තිය පුරාගත යුතුය.

සසර ගමන පහසු කර ගැනීම ඔබ විසින් කළයුත්තකි. ඔබට හැකි ආකාරයට කිරීමෙන් එය විඩාවෙන් තොරව නිමා කල හැක.

තෙරුවන් සරණයි.

 

 

55  කර්මය යනු ඔබේ සිතයි

 

ඇස, කණ, නාසය, දිව, සම(ශරීරය) සහ මනස යන ඉන්ද්රිය 6 මුල් කොට චේතනා පහළවීමෙන් සිත් උපදී.

 

සුත් දේශනා වන්හි මෙසේ සදහන් වන අතර අභිධර්මයේදී සදහන් වන්නේ ඉන්ද්රිය 6 මුල් කොට මනසේ චේතනා පහල වීමෙන් සිතක් උපදින බවයි.

 

මෙසේ හටගන්නා සිත් උප්පාද, තිථි, භංග යනුවෙන් දක්වා ඇති පරිදි ඉපිද පැවතී නැසී යයි.

 

මෙසේ නැසී යන සිත හදුන් වන්නේ කර්ම යනුවෙනි. එය සිතේම කොටසකි. කර්මය සිතින් බැහැරව නොපිහිටයි.

කර්මය හටගන්නෙත් සිතේය, රැස්වී (සටහන්වී) තිබෙන්නේත් සිතේය, විපාක ගෙන දෙන්නෙත් සිතේමය (සිතටමය)

 

මෙකී සිත් ක්රියාත්මක වන්නේ කයින්, වචනයෙන්, සහ සිතින් වන අතර එම ක්රියාවෝ (කර්ම) විපාක පිණිස හා විපාක නොවනු පිණිස සකස් වේ.

 

විපාක පිණිස සකස් වන සිත් (කර්ම) ප්රවුර්ති විපාක හා ප්රතිසන්ධි විපාක යන දෙයාකාරයට විපාක ගෙන දෙයි.

විපාක නොවන සිත් සටහනක් (සංකාර) නොවී ක්රියා සිත් ලෙස සිත නිරුද්ධ කල උතුමන් සතුවේ.

 

තෙරුවන් සරණයි.

 

54  සිතින් දිළින්දෝ භාග් වන්තයෝය.

 

ඉහත දැක්වූ පාඨය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවෙමෙන් වසර 500 කට පමණ පසු බිහිවූ ආගමක සදහන් වන්නකි.

 

සතුට ඇත්තේ නැතිකම තුල බව බුදුරජාණන් වහන්සේ ධනිය සුත්රයේදී වදාරා ඇත.

 

ඇති සියල්ල නැතිවී යන හෙයින් ඒවා නැතිවූ විට දුකක් ඇතිවන බවත්, නැතිකම තුල නැතිවීමට කිසිවක් නොමැති හෙයින් දුකක් නොමැති බවත් ධනිය ගෝපාල අමතා බුදුරජාණන් දේශනා කරන ලදී.

 

අනේකවිධ හැගීම්, හිමිකම්, බලාපොරොත්තු, ප්රර්ථනා නැති සිත දිළිදු සිතකි. ඒවා නොලැබීමෙන් ඇතිවන දුකක් නැත්තේ භාග්යවන්තයාටය.

 

" යං පිච්චං නලභති තම්පි දුක්කං " යනුවෙන් සදහන් වන්නේ එයයි.

 

ලද දෙයින් සතුටු වීමත්, සරල දිවි පැවැත්මත් දුකින් තොර සතුටු දිවියක් ගත කිරිමට ඉඩ සලසා දෙයි.

 

තෙරුවන් සරණයි

 

 

53   පවු ලිහා හැරිය හැකි අතර පින මුවාවී යයි.

කර්මය තමා පසුපස එන්නේ දෙයාකාරයකට බව ධර්මයේ සදහන් වේ.

 

අකුසල කර්මය ගොනා පිටුපස එන කරත්ත රෝදය මෙනි.

කුසල කර්මය තමා පසුපස එන සෙවනැල්ල මෙනි.

 

ගොනා ලිහා හැරිය හොත් කරත්ත රෝදය ගොනා පසුපස එන්නේ නැත.

මින් අදහස් වන්නේ අකුසල කර්මය උත්සාහයෙන් ලිහා දැමිය හැකි බවයි.

පාපයෙන් සිත මුදවා ගැනීම මින් අදහස් වේ.

 

ගොනා කරත්තයට වර පටෙන් බැද ඇති ආකාරයට පාප, අකුසල, තණ්හා,මාන,දිට්ටි ආදී කෙලෙස් වලින් අපි බැදී ඇත. චිත්ත විසුද්දිය මගින් බැම්ම ලිහා දැමිය හැකිවේ.

කුසල කර්මය, ගලවා දැමිය නොහැකි සෙවනැල්ල මෙන් තමා පසුපස ගමන් කරයි. කුසල විපාකය අනිවාර්ය ලෙස තමා පසුපස එන බව මින් අදහස් වේ.

 

ආලෝකය තිබෙන තාක් කල් සෙවනැල්ල තමා පසුපස එන්නාක් මෙන් කුසලයෙහි යෙදී සිටින තාක් කල් පින තමා පසුපස එයි.

ආලෝකයෙන් අදුරට ගිය විට සෙවනැල්ල මුවාවී යනවා සේ කුසලයෙන් මෑත් වුවහොත් පින් විපාකය නොපෙනී යයි.

කිසිවිට කුසලයෙන් මෑත් නොවන්න, ඔබ පසුපස කුසල විපාකය සෙවනැල්ල සේ ගමන් කරනු ඇත.

 

ධම්ම පදය - බුදු රජාණන් වහන්සේ.

තෙරුවන් සරණයි.

 

52   වංචාව ආනන්තරික පාප කර්මයට වඩා බලවත්ය.

කෙනෙකු වංචා කොට, මුලා කොට රැවටීමෙන් තමන් දිනුවා යයි සිතුවද ඔහු හෝ ඇය කරා විපාකය ගලාගෙන එනවිට ඉතාමත් දුක්ඛදායි විපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.

 

ධර්මයට අනුව ආත්ම වංචාව, ආත්ම ඝාතනයට සමාන වනු ඇත.

 

බොරුවෙන්, වංචාවෙන් රැවටීම තාවකාලිකය. එහි ඵල විපාක ඉතා ඉක්මනින් නොලැබුනද ජීවිතය අවසාන කාලයේදී වත් කොටසක් අත්විදීමට සිදුවනු ඇත.

 

වංචාව, රැවටීම දිට්ට ධම්ම වේදනීය කර්මයකි, සමාජයෙන් වත් ධර්මයෙන් වත් මේ ආත්මයේදී විපාක දීමට ඉඩක් නොලදොත් අනිවාර්යෙන්ම ඊලග ආත්මය භාවය සකස් වන්නේ ඊට අනුරුපවමය.

 

ඉණ සුත්රයේ සදහන් ආකාරයට ණය වීම, ණය නොගෙවා සිටීම, අනුනට ණයවීම, අනුන්ගේ වස්තුව, ධනය නැති භංග කිරීම අපායගාමී වීමටත්, ආත්ම ගණනක් අනන්ත නිකායන් වල ඉපදී දිළිදුව අනුනට අතපා ජීවත්වීමට සිදුවනු ඇත.

 

තෙරුවන් සරණයි

 

 

51    වංචනික ධර්ම

පව්, පින් හදුනා ගැනීම පහසු කටයුත්තකි, කෙලෙස් හදුනා ගැනීම

මදක් අපහසුය. දහමට නැඹුරුවූ තැනැත්තාට කෙලෙස් හදුනා ගැනීමත් ඉන් මිදීමත් ආයාසයෙන් හෝ කල හැක.

එහෙත් ගිහි පැවදි දෙපක්ෂයටම වංචනික ධර්ම හඳුනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන්නේ එය වෙස් වලාගෙන පැමිණෙන බැවිනි.

සාධාරණ බව, කරුණාවන්ත කම, යුක්තිගරුක බව, සත්යවාදී බව, නිවැරදි බව, අයිතිවාසිකම, වාත්සල්යය, නිතිය වෙනුවෙන් ඉදිරිපත්වීම, සහයෝගය, කරුණු කාරණා පහදාදීම, ගරුත්වය යනාදී කරුණු බැලු බැල්මට යහපත් හා මනස්කාන්ත සේ පෙනේ.

නමුත් ධර්මය පැත්තෙන් ගෙන බලන කල මේවා බොහෝ දුරට කෙලෙස් වැපිරීමට ගන්නාවූ උත්සාහයන් වනු ඇත.

තමාට අනර්ථයක් සිදු කිරීමට වෙස්වලා ගෙන පැමිණෙන අනර්ථකාරී ධර්ම බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

බොහෝ දෙනා මතුපිට අර්ථය පමණක් දන්නා නිසා එක එල්ලේ පෙනෙන වෛරය, හිංසනය, ලෝභය, මානය ආදිය පමණක් කෙලෙස් යයි දත්තද, යුක්තිය අසාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ යටින් දිවෙන වෛරය ඉරිසියාව පලිගැනීම නිසා බව නොදනී.

යහපත් ධර්මයන්ගේ යටි අරුත ගැන විමසිලිමත් වන්න, ඒවා තමාට අනර්ථකාරී වන්නේ නම් වංචනික ධර්ම බව දැන ඉවත්වන්න.

තෙරුවන් සරණයි.

50   සාසනය ක්රියාව නොව අවබෝධය පිණිසයි

නිර්වාණය අවබෝධ කලයුතු ධර්මතාවයකි. අනුබද්ධිත ක්රියාවන් මගින් දර්ශනය වන්නේ බෝධියයි.

 

පුද්ගලයකුගේ ක්රියාවට වඩා ඔහුගේ දර්ශනය(අවබෝධය) වැදගත්වේ. එමෙන්ම බුද්ධ දේශනයේ දෘෂ්ටියට (දැකීමට) වඩා වටිනාකමක් දී ඇත.

 

පුද්ගලයකු විසින් පවුකම් සියල්ලම කලද, සියල්ලටම වඩා මිත්යා දෘෂ්ටිය (වැරදි වැටහීම) බලවත් බව දහමේ අවධාරණය කර ඇත.

 

පස් පවු කල පුද්ගලයාට එම ක්රියාව අත්හැරිය හැකි මුත් වැරදි වැටහීමක් ඇති පුද්ගලයාට ඉන් මිදීමට කිසිදු අවස්තාවක් නොමැත.

 

මිනිසුන් මරා දැමූ අංගුලිමාලත්, මංපහරු සොරු 500ත්, නගර ශෝභනියනුත්, සුරා වෙන් මත්වූ සන්තති ඇමතියාත් නිර්වාණය සාක්ෂාත් කරගත් මුත් දෙවිදත්තරට සුගතියකටවත් යා ගත නොහැකි වුනි.

 

මිසදිටු බව ඇති වන්නේ වෛරය, ක්රෝධය, උපනාහය, මානය, ඉර්ෂයාව,

අනුන්ගේ සම්පත් නොඉවසීම වැනි අනර්ථකාරී කෙලෙස් තම සන්තානයේ ඇති බව නොවැටහීම හේතුවෙනි. මිසදිටු බව ඇතිවීමට ආශ්රයද (පවුල,සමාජය) බලපානු ඇත.

 

පුණ් කර්ම සියල්ලටම වඩා සම්මා දිට්ටිය (යහපත් දැකීම) උසස් බව දහමේ පෙන්වා දී තිබේ.

 

වේපුල්ල පර්වතය උසට වඩා ධනය යොදා දාන මානාදී කරන පින් කම් වලට වඩා අසුරු සැනක කාලයක් මෛත්රිය වැඩිම, කිසියම් ධර්මයක පිහිටුවීම මහත් ඵල මහානිසංස වනු ඇත.

 

තෙරුවන් සරණයි.



49   අභ්යන්තර ධනය

ධනය ඉපයීම බුදුදහම විසින් පිළිකෙව් කොට නොමැති අතර, අභ්යන්තර ධනය රැස්කිරීම අගය කොට දිරි ගන්වා ඇත.

 

බාහිර ධනය සසර දිගු කිරීමට සමත් වන අතර අභ්යන්තර ධනය නිවන ලඟා කර දීමට සමත්වේ.

අභ්යන්තර ධනය අංග 7 කින් දක්වා ඇති අතර එම ධනය රැස්කිරීම හේතුවෙන් පිලිවෙලින් මග ඵල නිවන් පසක් කල හැකි බව දේශනයේ සඳහන්ය.

 

ශ්රද්ධා :- අමුලිකා ශ්රද්ධාව සහමුලින්ම බැහැර නොකරන අතරම ආකාරවතී ශ්රද්ධාව පුද්ගලයා සුගත භූමින් වල රඳවමින් නිවන කරාම ගෙනයයි.

 

සීල :- පැවදි, ගිහි දෙපක්ෂයටම පොදුවූ කයේ හා වචනයේ සංවරය එලොව මෙලොව දෙකටම වැඩදායී ධනයකි.

 

හිරි:- පාප කර්මවල දීමට ඇති ලැජ්ජාව මින් අදහස් කෙරෙන අතර නිවන දක්වාම මෙහෙයවන ධනයකි.

 

ඔතප්:- කම්ඵල විශ්වාශ කරමින් පවට ඇති බිය නිසා අකුසල කර්ම වලින් මෑත් කොට තබයි.

 

සුත:- සද්ධර්ම ශ්රවනය, අභ්යන්තර වශයෙන් රැස්කළ හැකි වැදගත් ධනයක් වන්නේ යෝනිසෝ මනසිකාරය,

 

ධම්මානු ධම්ම ප්රතිපත්තිය මගින් සතර මග සතර ඵල දක්වාම ගමන් ගන්නා හෙයිනි.

 

චාග :- අත්හැරීමේ චේතනාවෙන් කරනු ලබන දානමය පුණ් කර්මයක් වන මෙය මගින් ලෝභය තුනී වන අතර සමගාමිව සසරේ රැදෙන තාක් කල් වස්තු සම්පත් ලැබීමට හේතු වන්නේය.

 

ප්රඥා:- ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් ගත් බුද්ධ ශ්රාවකයා විදසුන් වඩා විජ්ජා විමුක්තිය( නිර්වාණය) අවබෝධ කර ගන්නේ ප්රඥා වෙනි.

 

අභ්යන්තර ධනය (සප්ත ආර්ය ධනය) රැස්කළ වුන්ගේ ජීවිතය හිස් නොවේ. ඔවුන් දෙලොවෙහිම දිළින්දෝ නොවන්නෝය.

 

තෙරුවන් සරණයි.

 

48     කොරෝනාවෙන් ධර්ම මාර්ගයට ප්රවිෂ්ඨ වෙමු.

බොහෝ සුත්රාන්ත් තුලින් ධර්මය පහදා දී ඇති ආකාරයට නිවන් පසක් කිරීම දක්වාම සරල දිවි පැවැත්මක් පවත්වා ගෙන යාම ධර්මානු ධර්ම ප්රතිපත්තිය වේ.

දැනට බල පැවැත්වෙන ව්යසනකාරී වසංගත තත්වය හේතුකොට ගෙන ලක්වාසී, ලෝකවාසී සියලු දෙනා කැමැත්තෙන්ම ස්වයං විනයකට අනුගත වීම සතුටට කරුණකි.

එය දිගටම පවත්වා ගත හොත් බුදුන් වහන්සේගේ දේශනයට ජීවිතය හැඩගස්වා ගැනීමක් සිදු වනු ඇත.

ධර්මතා වනට අනුව, යළි අවස්ථාවක කුමන හෝ ව්යසනයක් ඇතිවීම බැහැර කල නොහැක.

* සැහැල්ලු ගති පැවතුම් ඇති බව.

* පෝෂණයට පහසු වූවකු වීම.

* අල්ප වූ කටයුතු ඇත්තෙක් වීම.

* අන්තයකට නොගොස් මැද පිළිවෙතෙහි ගමන් කිරීම.

* තණ්හාධිකව අනවශ් දෑ ගොඩ ගසා නොගැනීම.

* ආහාර, නිවාස, ඇදුම් පැළදුම්, බේත් හේත් යන මුලික අවශ්යතා මත සෑහිම.

* ආපදාවකදී ප්රයෝජනයට ගැනීම වෙනුවෙන් ඉතිරිකර තැබීම.

* නීති රීති පිළිපැදීම හා ගරුකිරීම.

* සෞඛ්ය පුරුදු පිලි පැදීම.

* වැය සීමා කිරීම.

* පරාර්ථකාමී වීම හා වැඩිහිටියන් බලා කියා ගැනීම.

* සුරාපානය අත්හැරීම හා ණය නොවීම.

තෙරුවන් සරණයි.



 

 

47     " නානත්ත කායා නානත්ත සඥා "

පුද්ගලයන් විවිධාකාරිවේ. පවුකාරයන්, විනාශකාරීන්, සමාජ විරෝධීන් මෙන්ම

සමාජ ශෝධකයන්, ගුණවත්, දැහැමි අය අතර වේ.

 

ජිවත් වීමේදී පිළිකෙව් කල යුතු පුද්ගලයන් තෝරා බේරා ගෙන සිටීම සිදු වන්නට ඇති අනතුරෙන් බේරීමට හේතුවක් වන අතර එලොව මෙලොව දෙකටම වැඩ දායකවේ.

 

අඹ, කෙසෙල්, ගස්ලබු, අන්නාසි, කොමඩු, ඇපල්, මිදී , කජුමද වැනිදේ මිශ් කොට මත අයිස් ක්රීම් ස්වල්පයක් තබා පලතුරු සලාදයක් සෑදෙන්නේ සියල්ල මිශ්රවීම හේතුවෙනි.

 

ගුණමකුකම, බොරුව, සොරකම, කපටිකම, ඉර්ෂයාව, බද්ධ වයිරය, කේලම, වංචාව, අනුන් කෙටවීම යන සියල්ල මුසුවීමෙන් දුෂ්ඨ පුද්ගලයකු නිර්මාණයවේ.

 

සොරෙකුට, මිනිමරුවෙකුට වඩා දුෂ්ඨ පුද්ගලයෙකු භයංකාර හා විනාශකාරී වන්නේය.

පවුලක් තුල, ආයතනයක් තුල, සමාජයක් තුල වුවද දුෂ්ඨ පුද්ගලයා සමග පයිරු පාසානයක් නොකිරීමට වග බලා ගත යුතුයි.

 

බුදු රජාණන් වහන්සේ තමාට දොස් තැබූ, විරුද්ධ වූ බමුණන්, පරිබ්රාජකයන් කරා ගියද ගිහි කල තම මස්සිනා වූ දේවදත්තත්, මාමණ්ඩිය වූ සුප්පබුද්ධත් දුරස්ථ කලේ ලෝකයාට ආදර්ශයක් දෙමිනි.

 

සොරකු, මිනීමරුවෙකු, සල්ලාලයකු පමණ දැන ආශ්රය කලත් දුෂ්ට මිනිසකු ආශ්රය නොකරන්න. මන්ද ඔහු හෝ ඇය සියලු දුර්ගුණයන් ගේ ප්රතිමුර්තියක් වන හෙයින් හා ඔහු කෙරෙන් ඔබට දුර්ගුණයන් කාන්දු විය හැකි වන හෙයිනි.

 

තෙරුවන් සරණයි.

 

 

46   උභයාර්ථ සිද්ධිය

ලෞකික, ලෝකෝත්තර යන දෙකොට්ටාශය නියෝජනය වන අයුරින් සම්මුති හා පරමාර්ථ යන උභය අර්ථ සිද්ධිය උදෙසා තථාගතයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් සිය දේශනාවන් සංග්රහ කොට ඇත.

 

සම්මුතිය, ලෞකික අර්ථ සිද්ධිය සදහාත් පරමාර්ථය, ලෝකෝත්තර අර්ථ සිද්ධිය සදහාත් මානව ගලපා ගත හැක.

 

එහෙයින් එකම දේශනය දේව, බ්රහ්ම, මනුෂ්(ගිහි,පැවිදි) යන සියල්ලටම එකසේ තම අර්ථ සිද්ධිය සදහා යොදා ගත හැකිබව මංගල, පරාභව, මෙත්ත යන සුත් දෙස බැලීමෙන් වටහා ගත හැක.

 

සෑම දේශනයකම අඩංගු සම්මුති අර්ථයන් හා පරමාර්ථ අර්ථයන් වෙන් කොට සලකා බලා අන්තර්ගත ධර්ම කරුණු තම තමන්ගේ අභිප්රායන් සදහා යොදා ගැනීම වෙනුවෙන් නුවන මෙහෙයවීමට දක්ෂ විය යුතුයි.

කරණිය මෙත්ත සුත්රයේ "සක්කෝ " යනුවෙන් දක්වා ඈත්තේ එයයි.

 

"අසේවනාච බාලානං " - සදහන් ආකාරයට බාලයන් (මෝඩ පුද්ගලයන්) ඇසුරු නොකිරීමත්, පණ්ඩිතයන් (නුවණැතියන් ) ඇසුරු කිරීමත් සම්මුති අර්ථය වන අතර ඉන් ලෞකික යහපත උදා කරගත හැක.

 

පරමාර්ථය වන්නේ ලෝභ, ද්වේශ, මෝහ, මද, මාන, ඊර්ශයා, ක්රෝධ යනාදී බාල ධර්මයන් (අකුසල ධර්මයන්) ඇසුරු නොකිරීමත් : කරුණා, මයිත්රී, උපේක්ෂා, අලෝභ, අදෝෂ, අමෝහ ආදී උතුම් ධර්මයන් (කුසල ධර්මයන්) ඇසුරු කරමින් ප්රතිපත්ති පුරණය කර ලෝකෝත්තර අර්ථ සිද්ධිය සලසා ගැනීමයි.

 

"දානය" - කම්ඵල අදහා කරන දක්ෂිනාවෙන් (දානයෙන්) දෙලොවෙහිම ලෞකික අර්ථ සිද්ධිය සලසා ගත හැකි අතර එය සම්මුතියයි.

 

පරමාර්ථය වන්නේ ලෝභය දුරු කිරීම් වස් අත්හැරීමේ චේතනාවෙන් කරනු ලබන දානය වන අතර එය ලෝකෝත්තර විමුක්තිය සදහා උපකාරිවේ.

 

සම්මුතිය බැහැර කොට පරමාර්ථයට ලඟා විය නොහැකි අතර සම්මුතිය තුලින් පරමාර්ථය කරා ලඟා විය යුතුය. එය ආනන්දයෙන් ප්රඥාවට පැමිණීමයි.

 

තෙරුවන් සරණයි.

 

 

 

 

45   අප්රමාදය

 

ධර්මයෙහි ලා අප්රමාදය යනුවෙන් හැදින්වෙන්නේ සිහිය පිහිටුවා ගැනීමට පමා නොවිය යුතු බවයි.

 

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිවෙත් පුරන්නා සම්මා සමාධියට පෙර සම්මා සතියෙහි පිහිටිය යුතුයි. සතියට ප්රමාදවීම නිවනට(සමාධියට) පමාවිමකි.

 

කුමන කටයුත්තකට හෝ ප්රමාදවීම සුදුසු නොවන අතර ලෞකික සැපයටත් ලෝකෝත්තර සැපයටත් අප්රමාදවිම මෝහයේ පිළිවෙලයි.

 

" අප්පමාදෝ අමත පදං " අප්රමාදය අමුර්ත පදයක් ලෙස දක්වා ඇත්තේ නිවන් මාර්ගයට පිවිසීමට තිබියයුතු අත්යාවශ්යම ගුණාංගය සතිය වන හෙයිනි.

 

" ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ" කාය ,වේදනා, චිත්ත, ධම්ම යන සතර තැන්හි සිහිය පිහිටුවීම නිවනට ඇති එකම මාර්ගය බව සතිපට්ටානයේ දක්වා ඇත.

 

"අප්පමාදෙන සම්පාදේත " සියලු සංකත ධර්මයන් නැසෙන සුළු හෙයින්

සිහිනුවනින් කටයුතු සම්පාදනය කර ගන්න යයි තථාගතයන් වහන්සේ සිය අවසන් දේශනයේ වදාරා ඇත.

 

සිහිය පිහිටුවා නොගත් තැනැත්තා හොඳ නරක තෝරා බේරා ගැනීමට පමාවන හෙයින් නිවන බොහෝ ඈතින් පිහිටා ඇත.

 

සිහියෙන් තොරව ලෝකෝත්තර තබා ලෞකික සැපයක් කරා වත් ලඟා විය නොහැකි හෙයින් අප්රමාදව සිහිය පිහිටුවා කටයුතු කරන්න.

 

තෙරුවන් සරණයි.

 

 

44  දාන, ශිල, භාවනා අත්හැරීම පිණිසයි.

 

ධර්මයෙන් බිඳක්



දාන, ශිල, භාවනා අත්හැරීම පිණිසයි.



තථාගතයන් වහන්සේගේ දේශනයට අනුව සත්වයා සංසාරයේ ගමන් කරන්නේ තෘෂ්ණාවට බැදීයාම හේතුවෙනි.



මෙකි බැදියාමෙන් අත්මිදීම සදහා (උපාදානයෙන් වෙන්වීම සදහා) අත්හැරීම පුරුදු පුහුණු කලයුතුවේ. සදහා පෘතග්ජන වූ අපට පහසුවෙන් කලහැකිවු දාන, ශිලා, භාවනා යන ත්රිවිධ පුණ් ක්රියා අනුදැන වදාරණ ලදී.



දස සංයෝජන අත්හැරීම සදහාත්, ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මුල් 3 ප්රහිනය කිරීම සදහාත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපුර්ණ කර ගැනීම සදහාත් දාන, ශිලා, භාවනා යන ත්රිවිධ පුණ් ක්රියාවෝ මෙසේ උපකාරී වන්නේය.

 

ත්රිවිධ පුණ් ක්රියාවන්හි යෙදෙන අවස්ථාවන්හිදී අංග අත්හැරීමේ චේතනාවෙන් සතිය පිහිටුවා කටයුතු කලයුතු වන්නේය. එමෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන බව දනිමින් දාන සීල භාවනාවන්හි යෙදිය යුතුය.

 

 

තෙරුවන් සරණයි.

 

 

 


 


 

 

 

 

 

 

 

 

43   ක්රෝධ වසංගතය

ලෝභ, ද්වේෂ(ක්රෝධ) යන අකුසල් මුල් දෙකෙන් වඩාත් බලවත් අකුසලය වන්නේ ක්රෝධය වන බව බුදුරජාණන් දේශනා කොට ඇත.

ලෝභයට සාපේක්ෂව ක්රෝධයේ පැතිරීම ඉතාමත් ඉක්මන් බවත් ලෝභයට කලින් ද්වේෂය පහවී යන බවත් එම දේශනාවේම සදහන් වේ.

වසංගතයක් යනු කෙනෙකුට පමණක් නොව බොහෝ දෙනෙකුට විපත් ගෙන දෙන්නක් හෙයින් එය වලකාලීමට තම තමන් පුද්ගලකිවම වග බලා ගත යුතුය.

නොහොත් එය එක සන්තානයක ඉපදී ලගින්ම ඇසුරු කරන්නට වහා පැතිරී යනු ඇත. පසුව එය පවුලේ සාමාජිකයන් අතර, අසල්වාසීන් අතර මෙන්ම සමාජ කොට්ඨාශයන් අතර පොකුරු වශයෙන් පැතිර යනු ඇත.

තමාට හා සමාජයට හිතකර ආකාරයට ක්රෝධය පාලනය කලයුතු බවට උපදෙස් තථාගතයන් වහන්සේගේ බොහෝ දේශනයන් හි සදහන්වී ඇත.

* දිනකට අඩුම ගානේ දිනකට 5 වතාවක් වත් මෙත් සිත වැඩිය යුතුය.

* කෙලෙ මල සෝදා හැරීම කල යුතුය.

* ද්වේශය, වයිරය, ක්රෝධය යන රෝගයන් වැළදුණු අය ආශ්රය නොකලයුතුය

අතර දුරස්ථ භාවය රැකිය යුතුයි.

* කරණිය මෙත්ත සුත්රයේ සදහන් ආකාරයට සමාජයේ උසස් දැනුවත් පුද්ගලයන් විසින් අනුමත නොකල ආකාරයේ කිසිවක් නොකළ යුතුය.

* ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්රියයන් මගින් කෙලෙස් ඇතුළු නොවන ආකාරයට එළඹසිටි සිහිය නැමති පෙරහණයෙන් ආරක්ෂා කාරීව සිටිය යුතුයි.

මේ ව්යසනකාරී අවස්ථාව සිය චිත්ත පාරිශුද්දිය සදහා කැප කිරිමෙන් ධර්මය කරා ළඟාවීමට උත්සුක විය යුතුයි. හැකි අයුරින් දහම් කොටස් ජිවිතයට ගලපා ගැනීමට වීර්යය වන්ත වන්න.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

42     සිත ගැන අවදියෙන් සිටින්න (සතිය)

නිර්වාණය මෙන්ම අපාය වෙත ඔබ රැගෙන යන්නේ ඔබේ සිතයි

සතර අපාය, මිනිස් ලොව, දිව්යලෝකය මෙන්ම සාන්තවූ නිර්වාණ ස්ම්පත්ති යේත් නිර්මාණ කරුවා ඔහුයි.

ඔහුට ඔබේ ඉරණම තීරණය කිරිමට ඉඩ නොදී ඔහු ලවා ඔබේ ඉරණම තීරණය කරවා ගැනීමට උත්සාහවන්ත වන්න.

ස්වභාව ධර්මයාගේ පැවැත්ම සදහා සැකසී ඇති ධර්මතාවන් අතුරින් සිත එක්තරා ධර්මතාවයකි, එය සංකාරයක් ( ධර්මතා ගොනුවක්) හෙයින් විසංකාර ( ගොනුව ලිහදැමීම ) කිරීමට හැකියාවක් ඇත.

ක්ලේශයන්(පාපකාරී සිතුවිලි) හා කුසල් (ශ්රද්ධා සිතුවිලි ) චයිතසිකයන් අතීත සිත් හේතුකොට (අතීත භවංග ) හේතුවෙන් ඉපදීම චිත්ත නියාමයයි.

සතියෙන් (සිහියෙන්) ගත කිරීමෙන් මෙසේ උපදින සිත් හඳුනා ගැනීමට හැකිවනු ඇත. අකුසල් සිත් බැහැර කොට කුසල් සිත් පරිහරණය කිරීමෙන් ඔබේ සංසාර ගමන නිර්මාණය කිරීමට ඔබට හැකියාවක් ඇත.

මිත් ස්වරුපයෙන් වෙස් වලාගෙන එන සිතුවිලි හඳුනා ගැනීමට ඔබ සමත් විය යුතුයි.

සිහිය ඔබේ එකම කල්යාණ මිත්රයා බව සිතන්න.

තෙරුවන් සරණයි.

 

 

 

 

41    ගෙවී ගිය පින් යළි රැස්කරන්න.

" වය ධම්මා සංඛාරා " පුඥ්ඥාභි, අපුඥ්ඥාභි, ආනිඥ්ඥාභි යන සංඛාර සියල්ල ගෙවී නැසී යන ස්වභාවයෙන් යුක්තය.

පින ( පුඤඤ ) සංඛාරයක් වන හෙයින් ක්ෂයවී, ගෙවී අවසන් වී යන නිසා නැවත නැවත රැස්කල යුතුයි.

පින යනු සැපයට වචනයක් යයි බුදු වදනෙහි දක්වා ඇත.

අග හිඟ කමින් තොර සැපසේ ඉසුරුමත්ව වාසය කරන්නේ පෙර භවයන්හි කරන ලද පිනෙහි විපාකයක් ලෙසය.

පින විපාක දී අවසන් වන හෙයින්, යුහුසුළුව පින් රැස්කළ යුත්තේ මතු භාවය දුකින් පිඩාවකින් තොරව සුඛි සුවපත් ගත කල යුතු හෙයිනි.

රැස්කරන ලද දේපොළ, ධනය, දැනුම, බලය කිසිවක් මතු භාවයන් සදහා ගෙන යා නොහැකි අතර උපයා සපයා ගත් ධනය යොදවා කරන ලද දාන මානාදී පින් (කුසල්) සසර පුරාවට ගෙනයා හැක.

" කත්තබ්බං කුසලං බහු " යන දේශනයට අනුව නිරතුරුව පින් රැස් කරන්න. හැකි සැම අවස්ථාවකම පුංචි කුසලයක් හෝ කරන්න.

පින නිරන්තරයෙන් පිහිට පිණිස පවතී.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

40  මයිත්රී භාවනාව

සියලු සතුන්ගේ යහ පැවැත්ම සහතික කරමින් තම සිත ක්රෝධ සහගත ගැටීම් වලින් තොරව යහපත් ලෙස වඩවා ගැනීමයි.

වයිර, ක්රෝධ, අනුන් නැසේවා යන ව්යාපාද දුරලූ සිතින් තමා ඇතුළු සියලු සත්වයන්ගේ නිදුක්, නිරෝගී, සුවපත් භාවය මනසිකාර කිරීම මින් අදහස් කෙරේ.

මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත්වෙම්වා, මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා යනුවෙන් බොහෝ දෙනෙක් දැනට කරන මයිත්රී භාවනාවේ මුහුණුවර මදක් වෙනස් වෙනස් කිරීමෙන් භාවනාව අර්ථාන්විත කළයුතුව ඇත.

"අහං අවේරෝ හෝමී, අනිගෝ හෝමී, අබ්යාපච්චයා හෝමී" යනුවෙන් සදහන් ආකාරයට මම වයිර නැත්තෙක් වෙම්වා , ක්රෝධ නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, සුවසේ ආත්ම පහරිහරණය කරන්නෙක් වෙම්වා; මා මෙන්ම සියලු සත්වයෝ වයිර නැත්තෝ වෙත්වා, යනුවෙන් තම සිත ප්රථමයෙන් වයිරයෙන් මුදවා සියලු සත්වයන් මෙත් පැතීම කලයුතුය.

මෙත්තා නිසංස සුත්රයේ සදහන් ආකාරයට මෙත් සිතින් යුතුව වාසය කිරීමෙන් අනිසන්ස 11 ක් ලැබේ.

සුවසේ නින්දයාම, සුවසේ අවදිවීම, නපුරු සිහින නොදැකීම, මිනිසුන්ට ප්රිය වීම, අමනුෂ්යයන්ට ප්රිය වීම, දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම, ගින්නෙන් වස විසෙන් අවි ආයුධ වලින් අනතුරු සිදු නොවීම, වහා සිත සමාධි ගත වීම, මුහුණ ප්රසන්න වීම, සිහි නොමුලාව කලුරිය කිරීම, මගඵල නොලදොත් බඹලොව ඉපදීම යන ආනිසංස ලැබේ.

සියලු සත්වයන්ට මයිත්රී කරන්න.

තෙරුවන් සරණයි

 

 

39   අකුසල් යටපත් කල හැකියි



විපාක පිණිස සකස් වූ කුසල හෝ අකුසල කර්ම අවස්තාව එළඹෙන තෙක් කල් දැකීම කර්ම න්යායයි.



ආනන්තර්ය කර්ම අනිවාර්යයෙන් විපාක ලබාදීම එහි ස්වාභාව යයි.

දිට්ඨ ධම්ම වේදනීය කර්ම (කුසල,අකුසල) මෙලොව විපාක දීමට අවස්ථාවක් නොලදොත් අහෝසිවී යයි.

උපපජ්ජ වේදනීය කර්ම (කුසල් අකුසල්) අනතුරුව එළඹෙන ආත්මයේදී විපාක නොදුන හොත් අහෝසිවී යයි.

අපරාපරිය වේදනීය කර්ම විපාක දීමට කෙනෙකු නැතිවී ගිය විට අහෝසිවී යයි.

දුබල කර්ම ප්රබල කර්ම මගින් යටපත් කොට සිටියි.



සියල්ලෝම අකුසල විපාකයන්ට මුහුණ දීමට, අත්විදීමට නොකමැත්තෝ වන්නාහුය.

අකුසල කර්ම යටපත් කිරීමට හැකියාවක් ඇති බව තථාගතයන් වහන්සේ වහන්සේ විසින් සත වෙත මහා කරුණාවෙන් දේශිත ලොනඵල සුත්රයේ සඳහන් යථාර්තවාදී මෙන්ම ප්රායෝගික උපක්රමය මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි.



ලුණු වතුර වීදුරුවකට පිරිසිදු වතුර වීදුරුවක් මුසු කලද ලුණු රසයෙහි වෙනසක් නොදැනෙන් නේය. ලුණු වතුර වීදුරුවක් ජලය ගැලුමකට එක් කලද වැඩි වෙනසක් නොමැත. එහෙත් ලුණු වතුර වීදුරුවක් ලිඳකට හෝ ලොකු ටැංකියකට මුසු කළහොත් එම ජලයේ ලුණු රසයක් නොදැනෙනු ඇත.

ගං දියට මුසු කළහොත් ගඟ දියෙහි වෙනසක් නොවන්නේ නිරන්තරයෙන් පිරිසිදු ජලය ගලයන බැවිනි.



ලුණු වතුර වීදුරුව අකුසල්(පව්) ලෙසත්, ඇළ දොළ ගංගා ආදියෙහි දිය කුසල්(පුණ්) ලෙස සලකා වඩවඩාත් දාන, ශිල, භාවනාදී පුණ් කර්මවල දීමෙන් අකුසල යටපත් කළහැකි බව උපමාවක් ඇසුරෙන් තථාගතයන් වහන්සේ ලොනඵල සුත්රයේ සදහන් කොට ඇත.



නිතර පින් දහම් කරන්න. කාරුණික වන්න, අනුනට උපකාර කරන්න, මෙත්සිත වඩන්න.



තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

38   සම්මා සමාධි



විසිර යා නොහැකි ලෙස හා නොසැලෙන ලෙස සිත මනාකොට ස්ථාවරව අරමුණෙහි පිහිටුවමින් සිත සමග බැඳී පවත්නා එක්තරා ධර්මතාවයකට සමාධිය යයි කියනු ලැබේ.



ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුටප්රාප්තිය සිදුවන්නේ සම්මා සමාධිය වැඩීමෙනි.

ක්ලේශයන් ගෙන් මිදී ඈති සමාධිමත් සිත, චතුරාර්ය සත්යය අවබෝධය සදහා යොමු කොට, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා විදසුන් මගඵල දක්වා මෙහෙයවිය හැක.




ප්රථම, ද්විතිය, තෘතිය, චතුර්ථ යන ධ්යාන පිලිවෙලින් කාමාවචර සමාධි ලබාගත හැකිවේ. මෙසේ ලබාගන්නා සමාධිය ලෞකික වේ.



මෙම ලෞකික සමාධි වඩවා භාවනාව කරගෙන යන යෝගාවචරයා හට මාර්ග චිත්තය නිර්වාන අරමුණෙහි මනාකොට පිහිටුවීමෙන් ලෝකෝත්තර සමාධිය පහළවන්නේය.



වස්තුකාම, ක්ලේශ කාමයන්ගෙන් වෙන්ව, පංච නීවරණ ධර්මයන්ගෙන් මුක්ත, විතක්ක විචාර ප්රීති සුඛ එකග්ගතා සහිත ප්රථම ධ්යාන පිළිවෙලින් චතුර්ථ ධ්යානයට පැමිණ වාසය කිරීම සම්මා සමාධි යයි.



අනිත්, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණයට යොමුකොට විදසුන් වඩා මාර්ග, ඵල සිත් අවදි කොට ගත් සිතට නිවන අරමුනුවේ.



තෙරුවන් සරණයි.

 

37  සම්මා සති



යහපත් සිහියෙන් යුතුව කටයුතු සම්පාදනය කිරීම් සම්මා සතිය වේ.



සිහියෙන් තොරව කටයුතු කිරීම ලෞකික වශයෙන් බොහෝ අනතුරු විපත් ලඟා වීමට හේතු වන අතර ලෝකෝත්තර වශයෙන් වෙන අනතුර සංසාරයට බලපැවැත්වේ.

එහෙයින් ලෞකික, ලෝකෝත්තර උභය අර්ථය සදහා යහපත් සිහියෙන් (සති සම්පජඥ්ඥ ) යුතුව් කටයුතු කිරීමෙන් මෙලොව වශයෙන් ඉසුරුමත් දිවි පෙවෙතක් ගෙවා සුගතගාමි වීමටත්, මාර්ග ඵල නිර්වාණාවබෝධය පිණිසත් හේතු භූත වේ.



අරිඅට මගේ දැක්වෙන ආකාරයට සම්මා සතිය යනු සතර සති පට්ඨානයයි.

කාය, වේදනා, චිත්ත,ධම්ම යන සතර තැන්හි සිහිය පිහිටුවීමයි.



කායානු පස්සනා:- කෙලෙස් තවන වීර්ය ඇතුව සමයක් ප්රඥාවෙන් යුක්ත සිහියෙන් කයෙහි ඇති සතර මහා භූත දෙස අනිත්යාදී වශයෙන් බලමින් සිහිය පිහිටුවීම.



වේදනානු පස්සනා:- සුඛ, දුක්ඛ, උපෙක්කා යන ත්රිවිධ වේදනා වන්හි අනිත්යාදී වශයෙන් බලා සිහිය පිහිටුවීම.



චිත්තානු පස්සනා:- සරාගී, විතරාගී, සදොසී, විතදොසී, සමෝහ, විතමොහ ආදී 16 ආකාර සිත් අනිත්යාදී වශයෙන් බැලීම.



ධම්මානු පස්සනා:- පංච නිවරණාදී ධර්ම විෂයෙහි අනිත්යාදී වශයෙන් සිහියෙන් යුතුව බැලීම.



ඉහත සතර තැන්හි උපාදානස්කන්ධය හේතුවෙන් ඇලෙන්නාවූ ලෝභයත්, ගැටෙන්නාවූ ද්වේෂයත් දුරුකිරීම් වස් සිහියෙන් යුතුව ස්මරණය කලයුතු ආකාරය " ආතාපි සම්පජානෝ සතිමා විනෙයිය ලෝකේ අභිජ්ජා දෝමනස්සා" යනුවෙන් දක්වා ඇත.



අරමුණෙන් අරමුණට යන සිත සතර ස්ථානයන්හි සිහියෙන් යුතුව රැදවීම් සම්මා සතියයි



තෙරුවන් සරණයි.

 

 

36  sm|m` v`y`m

 

 

සියලු තන්හි යහපත් ව්යායාමය හා කුසල් අකුසල් දැන උත්සාහ වන්ත වීම සම්මා වායාම යයි.

ගිහියාට ලෞකික විමුක්තියත් පැවිද්දාට ලොකොතර විමුක්තියත් සලසා ගැනීමට හේතුවන යහපත් උත්සාහය සතර ආකාරවේ.

 

නූපන් අකුසල ධර්මයන් ස්ව සන්තානයේ මතු ඇති නොවනු පිනිස වීර් යොදවා මහත් කොට උත්සාහ කිරීම සම්මා වයායාමයේ මුල් අංගයයි.

 

උපන්නාවූ ලාමක අකුසල ධර්මයන් ප්රහානය පිනිස කායික චයිතසික වීර් යොදවා සිත නගා සිටුවා මහත්සේ උත්සාහ කිරීම දෙවෙනි අංගයයි.

 

නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස වීර් යොදවා සිත වඩ වඩාත් ඔසවා උත්සාහ කිරීම තෙවෙනි අංගයි.

උපන් කුසල ධර්මයන් පැවැත්ම පිණිස, වැඩි දියුනු කිරීම පිණිස, නොනැසීම පිණිස, නැවත නැවත ඇතිවීම පිණිස සිත ඔසවා කායික චයිතසික වීර් යොදවා ගන්නා උත්සාහය සතරවන අංගයයි.

 

ගිහි පාර්ශවයෙහි ලා ගැනෙන කල දාන ශීල ආදී පින් කම් කොට සුගති භූමි වල සැරිසරමින් මාර්ග අංග වැඩීම සදහා කරන යහපත් උත්සාහය ලෙස ගැනේ.

 

පැවිදි පාර්ශවයෙහිලා ගැනෙන කල නිවන අරමුණු කරගත් සත් තිස් බෝධිපාක්ශික ධර්ම, ධයාන සමාධි ආදී කුසල ධර්මයන් වඩවා ගැනීමත්, නිවන අවුරන (නීවරණ) ධර්මයන් පහ කිරීමට කරණ යහපත් උත්සාහය ලෙස ගැනේ.

 

තෙරුවන් සරණයි

 

 

 

 

 

 



35  සම්මා ආජිව

 

ජීවත්වීම සදහා වැරදි ජීවනෝපායෙන් වෙන්වී යහපත් කය,වාග්, මනෝ කාර්ම මගින් ජීවිතය පැවැත්වීම සම්මා ආජීවයයි.



ගිහියන්ගේ සම්යක් ආජීවය හා පැවිද්දන්ගේ ආජිව පාරිශුද්ධිය දෙයාකාර වේ.



ගිහි සම්මා ආජීවය:- ජීවිතය පවත්වා ගෙනයාම සදහා යහපත්වූ රැකිරක්ෂා, වෙලහෙලදාම්, කර්මාන්ත ආදියෙහි යෙදීම සම්මා ආජීවයයි.



වෙලදාම්:- ආයුධ වෙළදාම, මස් මංස වෙළදාම, වහල් වෙළදාම, මත්පැන් වෙළදාම, විෂ වෙළදාම යන වෙලදාම් 5 ගිහියා විසින් නොකළ යුතුය. අසාධාරණ ලෙස ලාභ ඉපයීම, හොරට කිරා මැනීම් ආදීය නොකල යුතුය.



රැකිරක්ෂා:- යහපත් වූත්, අනෙකෙකු හිංසනයට පත් නොවන හොර බොරු වංචා නැති රැකිරක්ෂා තෝරා ගත යුතු අතර අල්ලස, දුෂණය, හොරකම, මැරකම, පොලි ගැනීම් ආදී වංචාකාරී ජීවනෝපායන් තෝරා නොගත යුතුය.



ව්යාපාර කරණය:- පාරිභෝගිකයා පෙළීම් ආදී වංචාකාරී, හිංසාකාරී, පාපකාරී, ජනතාව මුලාවට පත්කරන ව්යාපාර නොකටයුතු අතර සේවක බත් වැටුප් ආදිය හරියාකාර නොගෙවීම්, සුභ සාධනය හා හිමිකම් සඟවා තැබීම , අධික ලාභ ලැබීම මිච්චා ආජිව ගණයට වැටේ.



පැවිද්දන්ගේ ආජිව පාරිශුධිය:-

සිත් දිනාගෙන ලාභ සත්කාර ලැබීමේ අටියෙන් ගිහියනට යමක් දී ප්රත් පහසුකම් වැඩියෙන් සලසා ගැනීම අනේසන මිච්චා ආජිව යයි.



පැවිද්දාගේ ගුණ වැයෙන ආකාරයට ඉරියව්, ඇවතුම් පැවතුම් පවත්තා තම ගුණ වැයෙන ලෙස හැසිරීම කුහන මිච්චා ආජීවයයි.



නොදී සිටිය හැකි ලෙස හෝ දෙන්න සිතෙන ආකාරයට කතා කිරිමෙන් ප්රත් පහසුකම් ලබාගැනීම ලපනා මිච්චා ආජීවයයි.



ගර්හා කිරීමෙන් මිනිසුන් තලා පෙලා කතාකිරීමෙන්, නොදෙන් ලජ්ජා කිරීමෙන් ප්රත් පහසුකම් ලබා ගැනීම් නිප්පෙසිකතා මිච්චා ආජීවයයි.



යන්ත් මන්ත් හදිහුනියම් ජෝතිෂ් වැනි තිරශ්චින විද්යා වන්ගෙන් ප්රත් පහසුකම් සලසා ගැනීම, ධ්යාන, මාර්ග ඵල ඇතැයි හඟවා මිනිසුන් රැවටීමෙන් ප්රත් පහසුකම් සලසා නොගත යුතුය.



ඉහත දැක්වූ මිච්චා ආජීවයෙන් වැලකී යහපත් ආකාරයට ජීවිතය පවත්වා ගැනීම සම්මා ආජීවයයි.


තෙරුවන් සරණයි.

 

 

34  සම්මා කම්මන්ත



ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 4 වන අංගය වන සම්මා කම්මන්ත යන්නෙහි සරල තේරුම වන්නේ කය හික්මීම් වස් කයින් කෙරෙන වැරදි වලින් වැලකී සිටීමයි.

 

ප්රාණඝාත, අදත්තාදාන,කම මිච්චාචාර, සුරාපාන වශයෙන් කය දුෂ්චරිතය කොටස් 4 කට බෙදේ.

මෙකී සිල් පදයන්ගෙන් වැලකී සිටීම සම්මා කම්මන්ත යයි සදහන් වුවද වචනයෙන් හා සිතින් නොවන අන් සියළු වැරදි කර්මාන්තයන් මෙහිලා ගැනේ.



ප්රාණගාත:- පණ ඇති සතුන් මරණයට පත්කිරීම, මැරවීම, මැරීමට ප්රයෝගකිරිම, මරණ බිය ඇතිකිරීම, සිය දිවි හානිකිරිම ආදී ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීම් ප්රාණගාත අකුසලයයි.

චේතනාවක් නොමැතිව වන සත්ව ඝාතන (ගොවි තැනේදී, ඇවිදීමේදී) කර්මය සම්පුර්ණ නොකරයි.

විපාක ලෙස අපායගාමී වීම, මරබිය, අල්පායුෂාව මරණයට පත්වීම් වේ.



අදත්තාදාන : නොදුන් දෙයක් ගැනීම අදත්තාදනයි.

අන් සතු වස්තුවක් හිමියාට හොරෙන්, රැවටීමෙන්, උදුරාගනිමෙන්, බිය ගැන්වීමෙන් ලබා ගනීද එය සොරකමකි.

ලද වැටුපට සේවය නොකිරීම, සේවක අයිතීන් සඟවා සිටීම, අන් සතු දෑ උපක්රමයෙන් ගැනීම,හොරට කිරා මැන විකිණීම ආදියයි.

විපාක ලෙස අපායගාමී වීම, වස්තු විනාශය, දිළිඳු වීම සිදුවේ.



කාම මිච්චාචාර :- ලෝක චාරිත්රයට අනුකුල නොවන පරිදි කාමයෙහි හැසිරීම.

සියළු කාමයන්හි (වස්තුකාම, ක්ලේෂකාම) වරදවා හැසිරීම ආර්ය මාර්ගයේ පිළිපන් අය විසින් නොකොට යුතුය.

විපාක ලෙස ස්ත්රීහු ස්ත්රීන් වෙති, පුරුෂයින් ස්ත්රීන් වෙති.



සුරාපානය:- මදයටත් ප්රමාදයටත් හේතුවන සියලු ආකාර මත්ද්රව් ප්රයෝජනයට ගැනීම සුරාපාන කර්මයට අයත් වේ.

විපාක ලෙස ප්රේත විෂයේ ඉපදීම, සිහිවිකල්ව ඉපදීම සිදුවේ.



ඉහතකී වැරදි කර්මාන්තයන් ගෙන් මිදී යහපත් කර්මාන්තයන්ගේ යෙදුනු තැනැත්තා එලොව මෙලොව යහපත්ව ගත කල හැකි අතර සිත වහා සමාධි ගත කල හැක.

වෙසක් සමයේ සිතුවිලි යහපත්වෙවා.



තෙරුවන් සරණයි.

 



 

33     සම්මා වාචා



ආර්යය අෂ්ටාංගික මාර්ගයේ 3 වන මාර්ග අංගය වන සම්මා වාචා යනු යහපත් වචන කතා කිරීමයි.

බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම යනුවෙන් සම්මා වාචා අංග 4 කින් සමන්විත වේ.



මුසාවාද:- සිදුවූවක් නොවුවක් හා නොසිදුවුවක් සිදුවූවක් ලෙස කීම, ඇසුවක් නොඇසුවක් හා නොඇසුවක් ඇසුවක් ලෙස කීම, දුටුවක් නොදුටු ලෙස හා නොදුටුවක් දුටු ලෙස කීම, දත් දෙයක් නොදත් ලෙස හා නොදත් දෙයක් දත් දෙයක් ලෙස පැවසීම මුසාවාදයයි.

බොරු කීමෙන් අනුන්ගේ අර්ථ සිද්දිය වැනසෙන හෙයින් ප්රතිසන්ධි කර්ම පථයක් සිදුවේ.



පිසුනා වාචා :- සමගියෙන් සිටින වුන්ගේ සමගිය බිඳුවන අදහසින් කේලාම් කීම පිසුනා වාචා වේ.

අනුන් බිඳුවීමට කියන කේලම සත්යයක් හෝ අසත්යයක් විය හැකිය. අනුන් බිඳුවීමේ අදහස ඇතුව කියන්නේ නම් එය සත්යයක් වුවද නොවුවද කේලමකි එය පාපයකි. අනුන් බිඳුවිමේ අදහසක් නොමැතිව සත්යයක් කියන්නේ නම් පාපයක් සිදු නොවේ.



පරුෂා වාචා :- අනුන්ගේ සිත පෙලන වචන කීම පරුෂ වචන වේ. වසල වාදයෙන් කුල වාදයෙන් අශිලාචාර වචන, දෝෂාරෝපණ, ඇනුම් පද, මගින් අන් අයගේ සිත පාරන වචන මගින් දුකට පත්කිරීම මින් අදහස් කෙරේ.

සිත රිදවීමට කෙනෙකු නොමැතිව කියන පරුෂ වචන පරුෂ වචන නොවන අතර කර්මයක් සිදු නොවේ.

දුෂ්ට සිතින් තොරව සැර පරුෂ වචන කීවේද යහපතක් වේ නම් කර්මයක් සිදු නොවේ.



සම්පප්රලාප :- තමාගේත් අනුන්ගේත් හිත සුව විනාශ කරන හිස් කථා, අහන කියන දෙපක්ෂයටම වැඩක් නැති කෙලෙස් වැඩි කරන කතා සම්පප්රලාප වේ. දේවකතා,යක්ෂකතා, රාම රාවනා කතා ඇතුළු දෙතිස් කතා වැනි අල්ප මාත්රයකුදු සත්යක් නොමැති කතා සම්පප්රලාපයෝය.

උපදේශයක් කියා දීම සදහා ගොතන කතා අසත්යයක් වුවද ප්රලාප ගණයට නොවැටේ.



ඉහත සදහන් කරුණු නිසා කෙනෙකු තැවී තැවී ජිවත් වනවා නම් එය විශාල පාපයකි.

සම්මා වාචා යනු එකී වචනයෙන් කරන පාපයන් ගෙන් වැලකී ජීවත් වීමයි. එලොව මෙලොව දෙකටම යහපත සිදුවන්නකි.



වෙසක් සමයේ සම සිත් පහන් වේවා.

තෙරුවන් සරණයි.



සංයුත්ත නිකාය මග්ග විබංග සූත්රය

 

 

 

 

 

 

 

 

32        සම්මා සංකප්ප



ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි අංගය වන සම්මා සංකප්ප යනු යහපත් කල්පනාවයි.

නෙක්කම්ම සංකප්ප, අව්යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප යයි තෙවැදෑරුම් වේ.

ප්රථම ධ්යාන අංගය වන විතක්කයට පිළිපන් භාවනානු යෝගියාට නෙක්කම්ම විතක්ක, අව්යාපාද විතක්ක, අවිහිංසා විතක්ක යන සම්මා සංකප්පය විදර්ශනාව කරා යොමු කර ගත හැක.



නෙක්කම්ම සංකප්ප :- ජාති, ජරා, මරණ ආදී දුක් රැසකට හේතුවන තෘෂ්ණාව දුරු කිරීම් වස් වස්තු කාම, ක්ලේශ කාම, දෙව් මිනිස් සැප ආදී සසර දික් කරන කාම සංකල්පනා වන්ගෙන් වෙන්ව සසර කෙටි කරන දන්දීම, සිල්රැකීම, අඹුදරුවන් අත්හැරීම, පැවිදිවීම, ආරණ්යගත වීම, සමත විදර්ශනා වන්හි යෙදීම පිළිබද කල්පනාවෝ නෙක්කම්ම සංකප්ප වේ.



අව්යාපාද සංකප්ප:- අන් පුද්ගලයන් නැසේවා යන ද්වේශ සහගත කල්පනාව වන ව්යාපාද විතර්කය දුරු කිරීම් වස් අන් පුද්ගලයන් හා සත්වයන් සුවපත් කිරීම පිලිබඳ වූ මයිත්රී සහගත කල්පනාව අව්යාපාද සංකප්ප යයි.



අවිහිංසා සංකප්ප :- අන්යයන්ට දුක් දීම, කරදර පැමිණවීම, හිංසා කිරීම, සිත පෑරවිම (සත්ව,පුද්ගල) සංඛ්යාත විවිහිංසා විතර්කයෙන් බැහැරව අනුන් දුකින් මිදවීම පිලිබඳ වූ කරුණා සහගත කල්පනාව අවිහිංසා සංකප්ප වේ.



සමත විදර්ශනා වශයෙන් ඇත්තාවූ භාවනා සියල්ලම පාහේ කාම,ව්යාපාද, විහිංසා විතර්ක තුනට ප්රතිපක්ෂ හෙයින් සම්මා සංකප්ප මාර්ග අංගය වැඩිම සඳහා භාවනාවන්හි යෙදීම කල යුතුය.



කාම විතර්කය පහකිරීම සදහා අශුභ භාවනාවත්, ව්යාපාද විතර්කය පහකිරීම සදහා මයිත්රී භාවනාවත්, විවිහිංසා විතර්කය බැහැර කිරීම සඳහා කරුණා භාවනාවත් ප්රගුණ කලයුතුය.



වෙසක් සමයේ සැමට කරුණා සිත් පහල වේවා.

තෙරුවන් සරණයි.



සංයුත්ත නිකාය - මග්ග විභාංග සුත්රය

 

 

 

 

 

 

 

 

31      සම්මා දිට්ටිය



ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම අංගය ලෙස ගැනෙන සම්මා දිෂ්ටිය යන්නෙහි සරල අර්ථය යනු යහපත් දැකීමයි. යහපත් දැකීම පිණිස හේතු වන්නේ පරතගෝෂ(දහම් ඇසීම) ප්රතයත් යෝනිසෝ මනසිකාරයත් (සිහි බුද්ධිය) යන දෙකයි.



දකින ආකාරය අනුව ලෞකික සම්මා දිට්ටිය හා ලෝකෝත්තර සම්මා දිට්ටිය යනුවෙන් දෙයාකාර වේ.

ආර් අෂ්ටාංගික මාර්ගයේදී ගැනෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ටියයි. කෙසේ වෙතත් ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වීමට ලෞකික සම්මා දිට්ටිය තිබිය යුතුයි.



ලෞකික සම්මා දිට්ටිය :- ශ්රධාව පෙරදැරිව කර්මය, කර්මඵලය මත

විශ්වාසය තබා මනා ලෙස පින් දහම් කරමින් දාන ශිල ප්රතිපතියේ

යෙදී සුගති භුමි ඇසුරු කරමින් නිවන් දක්වා ජාති දක්වා නිවැරදි ප්රඥා

සම්පන්න ඍජු දිවි පෙවෙතක් ගත කල යුතු යැයි යන යහපත් දැක්ම ලෞකික සම්මා දිට්ටියයි.



එලොව මෙලොව දෙකටම වැඩ දායි ලෙස ජීවත්වීමට ඇති කැමැත්ත මින් අදහස් කරනු ලබන අතර මෙය කම්මස්සකත සම්මා දට්ඨිය යනුවෙන් හදුන්වනු ලබයි.



ලෝකෝත්තර සම්මා දිට්ඨිය :- දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත් ගැන වැටහීම, පටිච්ච සමුප්පාදය ගැන වැටහීම ,කුසල් මුල්, අකුසල් මුල් ගැන මනා දැනුම, ත්රිවිධ රත්නය කෙරෙහි පැහැදුන අචල ශ්රධාව ඇතිව නිවන් මගට යොමුවූ සිත් ඇති දැක්ම ලෝකෝත්තර සම්මා දිට්ඨියයි.

මෙය චතුසච්චක සම්මා දිට්ඨිය යැයි හදුන්වනු ලැබේ.



ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්රාවකයා නීවරණ ධර්ම ඉවත් කොට දස සංයෝජනයන් උදුරා දැමීම හේතුවෙන් උපාදානය නැතිකර දමයි.

සතර මග සතර ඵල අවබෝධ කර ගැනීම් වස් ආර්යෂ්ටන්ගික මාර්ගයේ පිලිවෙලින් ගමන් කර සාන්තවූ ලෝකෝත්තර නිර්වාන ධාතුව සාක්ෂාත් කරගනී.



වෙසක් සමයේ ප්රඥාව පහල වේවා.



තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

30       පරුෂා වාචා



වචනයෙන් කරනු ලබන වැරදි 4න් එකක් වන මෙය සිල් පදයක් ලෙස ආජීවඅෂ්ටමක ශීලයේ සදහන් වෙයි.



සම්මුති වශයෙන් අශිලාචාර කැත වචන නොහොත් අසභ් වචන ලෙස හඳුන්වා ඇති මෙහි යථා තේරුම වන්නේ අනෙකාගේ සිත පාරවන වචන කතා කිරීමයි.



පරමාර්ථ වශයෙන් ගත්කල ඇනුම්පද, අනෙකාගේ සිත රිදෙන කතා, දෝෂාරෝපණ, ආත්ම ගරුත්වය කෙලෙසෙන සේ මුහුණට බැන දෙඩීම්, සැරපරුෂ ලෙස කතා කිරීම්, එකට එක කීම (සාරම්භ),වචනයෙන් බිය වැද්දීම, මෙම සිල් පදයේ තේරුම බව බොහෝදෙනා නොදනී



මේවා ධර්මයේදී පාපයක් සේ හදුන්වාදී නැතැයි වරදවා වටහා ගත් අය අනෙකාගේ සිත රිදවා නෙතට කඳුලක් ගෙනදී බොහෝ පව්කම් රැස්කර ගනී.



උන්මත්තක රෝගියෙක් වත් පරුෂ වචන කතා නොකරන අතර මානයෙන්,ව්යිරයෙන් ක්රෝධයෙන්, බිමත් කමින් දොඩන හැම වචනයක්ම පරුෂා වාචා වේ.



හපන් කමක් යැයි සිතා ඇනුම් පද කියන, අනෙකා පහත් කොට සලකා තලා පෙලා කතා කරන කිසිවෙක් සමාජයේ පිළිගැනීමට ලක් නොවන අතර මරණින් මතු අපාගත වීමත් යලි උපතක් ලදොත් වචන කතා කිරීමට නොහැකි කෙනෙකු හෝ උන්මත්තකයෙකු ලෙස උපතක් ලැබීමත් සිදුවේ.



වචනයෙන් කෙරෙන වැරදි වල ආදීනවය දැන ඉන් වලකින්න.



තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

 

 

 

 

29                  සිත යනු කුමක්ද

 

 

ඇස,කණ,නසය,දිව, ශරීරය හා මනස යන ඉන්ද්රිය 6 න් ගන්නා අරමුණු මත සකස් වන වේදනා,සංඥා චේතනා,විඥාන යන ස්කන්ධයන් ගෙන් සමන්විත නාම ධර්මයකි සිත.


සිතේ ප්රධාන කාර්යය අරමුණු හැදින ගැනීමයි.

 

ඇසත්, රූපයත්, ස්පර්ශයත් හේතුවෙන් චක්ඛු විඥ්ඥානය හටගනී. මේ ඇස පිලිබඳ සිතයි. ඉන්ද්රිය 6 ටම මෙය පොදුය.

 

පියවි සිහියේදී ඉන්ද්රිය 6 න්ම සිත් ඉපදවනු ලබන අතර තද නින්දේදී හා සිහිසුන් අවස්ථාවේදී භවාංග සිත පමණක් පවතී.

 

සාමාන් නින්දේදී හා මරණාසන්න මොහොතේදී අනෙකුත් ඉන්ද්රිය 5 අකර්මන් වී මනින්ද්රිය පමණක් ක්රියාත්මක වී සිත පවත්වා ගෙන යයි.


ජිවිතෙන්ද්රිය සිඳී විඥ්ඥානය ඉවත්වී යන තෙක් මනසෙහි රැස් කරගත් අරමුණු (ධර්ම) මත සිත සැකසෙමින් නැතිවෙමින් පවතී.

 

පහත දැක්වෙන අභ්යාසයෙන් චක්ඛු ඉන්ද්රියෙන් දැකගත් රුපය ම්නින්ද්රියේ සටහන්වී නැවත ආවර්ජනය වන හැටි දැන ගත හැක.

 

මෙහි දැක්වෙන පින්තුරය දෙස මද වෙලාවක් බලා සිට මදකට දෑස් පියා බිතියක් දෙස බලන්න. එවිට් එය ම්නිද්රියේ සටහන් වූ ආකාරය ඔබට දර්ශනය වනු ඇත.

 

චුති සිත සැකසෙන්නේ මෙසේ මනින්ද්රියේ ඇති සටහන් මගින් නිසා හැකිතාක් කුසල් සිත් ඇතිකර ගන්න, මන්ද එය ඔබේ පුනර්භවය තීරණය කරනු ලබන හෙයිනි.

 


තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

 

 

28   ධනය

සාසන ප්රතිපදාව අනුව ධනය හත් ආකාර වන අතර තමා පසුපස එන බැවින් අනුගාමික ධනයක් සේ සැලකේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙලොව ප්රයෝජනයට ගත හැකිවා පමණක් නොව පරලොවටද ගෙනයා හැකි වීමයි.

ශ්රද්ධාව:- (පැහැදීම) බුදුන්, දහම්, සඟුන් කෙරෙහි ඇති ඥාන සම්ප්රයුක්ත බැතිය හා දහමට සිත නැඹුරුවී තිබීම. අමුලික හා ආකාරවතී යනුවෙන් දෙයාකාරය.

ශිලය:- (හික්මීම) පාප ක්රියා වන්ගෙන් වලකා සිත යහපත් ක්රියාවන්හි යෙදවීම සීලයයි. චාරිත්, වාරිත් වශයෙන් දෙයාකාර වන මෙය පන්සිල්,අටසිල්,දසසිල්,ආජිවෂ්ටමක සිල්, සාමනේරසිල් යනාදී වශයෙන් වේ.

හිරි (ලජ්ජාව):- ලෝක ධර්මතාවයනට අනුව වැරදි හා පාප ක්රියාවන්හි දීමට ඇති නොකැමැත්ත.

ඔතප්:- (පවට බියවීම) වරදිහි බය, ආදීනවය හැදින පව්කම් කිරීමට ඇති බිය.

සුත (ශ්රවනය):- බොහෝ ඇසූ පීරූ තැන් ඇති බව.සද්ධර්මය දැන් අසා ඉගෙන තිබීම.

ත්යාග(පරිත්යාගය):- අත්හැරීමේ සිත පෙරදැරි කර ගෙන කරනු ලබන දාන මාන,පින් පෙත් දීම යනාදී අනුන්ගේ යහපත සදහා හැසිරීම.

ප්රඥා ( නුවන):- ආර් සත්යය ගැන, ප්රතිපදාව ගැන ඇති වැටහීම. අටලෝ දහමින් අකම්පිත දිවි ගෙවීමට හැකි නුවන.   

ධනය වශයෙන් ප්රයෝගික ලෝකයේදී ගැනෙන වස්තුව, දේපොළ, මිල මුදල් සියල්ල ලෞකික ධනය සේ ගැනෙන අතර කිසිවක් මරණින් මතු ප්රයෝජනයට ගත නොහැකි අතර සියල්ල මෙහි දමා යායුතු වේ.

අනුගාමික ධනයක් සේ ගැනෙන ඉහත දැක්වූ දන 7 රැස්කල තැනැත්තා පරලොව ගැන බිය විය යුතු නැත. ධනය පරලොවෙහිදී පිහිටට එන අතර නිවන දෙසට නැඹුරු වී ඇති සිත නිවන කරා ගෙනයයි.

තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

27     ත්යාගශීලිත්වය

 

දානය, ප්රදානය, පරිත්යාගය, ඉඩහැරීම, කලගුණසැලකීම, සමතැන්ලා ගැනීම, උදව්කිරිම, අනුස්මරණය, පරෝපකාරය, නිර්ලොභිවිම, පෙරලා උදව් කිරීම, ඉවසීම, අත්හැරීම අනුන් අගයකිරිම තයාගශිලිත්වයේ ගුණාංග වේ.

 

ඉහත ගුණාංග ඇත්නම් ඔබ උතුම් තැන්පත් කෙනෙකි. ප්රභෝධමත් ජිවිතයක් ගත කරන ඔබේ සිත පහසුවෙන් පිඩාවට පත් නොවේ.

 

සිත වහා එකඟ කරගත හැකිවන අතර කරුණා සහගත සිතිවිලි සැමවිට පහලවේ.


ප්රීතිය, සුඛය යන ධ්යාන අංග වලින් සමන්විත වන හෙයින් නීවරණ ධර්ම යටපත් කරගත් සිත සමාධිමත් කරගැනීමට හැකිවනු ඇත.

 

මිනිසුනට ප්රිය වන අතර සමාජයේ කිසිදිනක කොන්වූ කෙනෙකු නොවනු ඇත. දෙවියන්ට ප්රිය වන අතර පරිවාර සම්පත්ති යත් සියල්ලන්ගේ සහයෝගයත් නොමසුරුව ලැබේ.

 

අපේක්ෂා වකින් තොරව, නිර්ලෝභීව අනුන් අගය කරන්න(Appreciate) මෙය ඇස් පනාපිට, කල් නොයොවාම (සාන්දෘෂ්ටික, අකාලික) ඵල ලැබෙන දිට්ට ධම්ම වේදනීය කර්මයකි.

 

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ.

 

තෙරුවන් සරණයි.

 

 

 

 

 

 

 

 

 

26  මනස විවුර්ත කරන්න - කාලාම සුත්රය

 

බොහෝ දෙනෙක් තම මනස විවිධ කාරණා හේතු කොට ගත දෘෂ්ටි, මතවාද වලින් පුරවාගෙන සිටියි.

 

ජාතිය, ආගම, දේශය, කුලය බලය, නිලය, වාදය, දැක්ම, පක්ෂය, උරුමය, පරම්පරාව යන සංකල්ප මත තනා ගත් ප්රපංච වලින් බොහෝ දෙනා තම මනස පුරවාගෙන ඇති අතර ඒවාට සාපේක්ෂව පිළිගැනීම හා අනුමත කිරීම සිදුකරයි.

 

බොහෝ දුරට ඒවා යල්පැන ගිය සිතුම් පැතුම් වන අතර සත්යයෙන් හා නිවරදි භාවයෙන් තොරය.


ඔබේ මනස එවන් සිතුවිලි හා සංකල්ප වලින් හිස් කරන්න එවිට හිඩැස පිරවීමට අලුත් සිතුම් පැතුම් ගලාගෙන එනු ඇත. බුදුරජාණන් වහන්සේ කාලාම සුත්රයෙන් පෙන්වාදී තිබුනේ එයයි.

 

හිස්වූ මනසට (විවුර්තවූ මනසට) බොහෝ දෑ ගලාගෙන එනු ඇත ඒවා නැවුම්ය, නෑඹුල්ය. ඒවා විමසා බලා තෝරා බේරා ගැනීම සම්මා සංකප්ප යයි.
දෘෂ්ටි, බැදීම් කිසිවක් නොමැති නිසා යථා ස්වභාවය අවබෝධ වනු ඇත.

සිත නිරන්තරයෙන් ප්රභාශ්වරය. ආගන්තුකව පැමිණෙන කෙලෙස් හා වැරදි දෘෂ්ටි වලින් සිත කෙලෙසීමට ඉඩ නොතබන්න. එවිට යථා භූත ඥානය පහලවනු ඇත.


තෙරුවන් සරණයි.

 

25   අණන සුඛය

 


පුද්ගලයෙකුට ලෞකික වශයෙන් ලැබිය හැකි සැප හතරක් ගැන ධර්මයේ සදහන්වේ.


අණන සුඛය ඉන් එකකි. මෙහි සරල තේරුම ණය කරුවකු නොවීමෙන් ලැබෙන සැපයයි.

 

ණය ගත් තැනැත්තා එය ගෙවීමට නොහැකි වෙතයි යන බියත්, එසේ වුවහොත් අනුන්ගෙන් ලැබෙන ගැරහීමත්, අපවාදයත්, සමාජයෙන් ලැබෙන ලජ්ජාවත්, සතුරුබියත් , දඩුවමත් සිහියට නැගීමෙන් ඔහු තුල සැපයක් දක්නට නැත.

එහෙතුවෙන් ණයකරුවෙකු නොවීම සැපයක් යයි සදහන් වේ.


ධර්මනුකුලව උක්ත කාරණය සත්යයකි, එහෙත් මේ සංසිද්ධිය ප්රායෝගික වශයෙන් ගලපා සකසා සකසා ගැනීමට අප උතුසුක විය යුතුය මක්නිසාද යත් වර්තමානයේ පුද්ගලයාත්, සමාජයත් එකසේ ණය ආර්ථිකයකට නතුවී ඇති හෙයිනි.

අපි සියල්ලෝම නයකරුවෝ වන්නෙමු.


කෙසේ සත්කාර උපකාර කලත් දෙමව්පියන්ට ඇති නය ගෙවා දැමීමට නොහැකි බව බුදුන් වදාරා ඇත.
අප ජිවත්වන පරිසරයට, ජලයට, ගහකොළට, ආහාරයට, වාතයට අප සදා නය ගැතිය.
අපට හිමි උරුමයට අප ණයගැතිය.
ලොව අපට ලබාදුන් දෙය පෙරලා ලොවට ලබා නොදීමෙන් නයකරුවෝ වී ඇත.
මේ අනුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප වෙත ණයක් පැටවී ඇත. ණය ගෙවා දැමීමෙන් නය අහෝසිවී යයි.

මේ අනුව අණන සුඛය යනු ණය නොගෙන සිටීම නොව ගත් ණය ගෙවා දැමීමයි.


තෙරුවන් සරණයි.

24.  ඉතිරි කිරීම

 

චතුත්තාසු නිධාපෙයිය ආපදාසු භවිස්සති

බුදුරජානන් වහන්සේ එක් අවස්ථා වකදී බව භෝග පරිහරණය කිරීම් ගැන සදහන් කරද්දී වදාරා සිටියේ තමා උපයාගත් බෝගයෙන් (ධනයෙන්) 1/4 ක් ආපදා අවස්ථාවකදී ප්රයෝජනයට ගැනීම සදහා නිධන් (තැන්පත්) කොට තැබිය යුතු බවයි.

 

ඉතිරි කිරීම හොද පුරුද්දක් බවත් කිසියම් රෝග පිඩා, ස්වාභාවික ව්යසනයකදී අසරණ නොවී ඉන් මිදීමට එය උපකාරී වන බවත් සත්යයකි.

ධර්මය තුලින් බැලීමේදී ආපදාව එලොව, මෙලොව දෙකටම බලපාන්නකි. එහිදී සම්මුති අර්ථය මෙන්ම පරමාර්ථ අර්ථයත් විමංසනය කිරීමෙන් අවබෝධය පුළුල් කරගත හැකි වනු ඇත.


ලෙඩ, දුක්, අනතුරු, සොර සතුරු කරදර, ස්වාභාවික විපත් මෙලොවට බලපාන ආපදා ලෙස ගැනෙන අතර තැන්පත් ධනය මගින් ඊට සහනයක් සලසා ගත හැකි මුත් ඉන් පරලොවට වන සෙතක් නොමැත.

යලි උපතක් ලැබීම බෞද්ධ දර්ශනයට අනුව විපතකි ආපදාවකි, එසේ නම් එකී ආපදා අවස්ථාවේදී ප්රයෝජනයට ගැනීම සදහා පින්, කුසල් නිධන් (රැස්කර) කොට තබා තිබිය යුතුය.

ඉහත කී කාරනා දෙස බලන කල තමා උපයාගත් ධනයෙන්(භෝගයෙන්) 1/4 න් 1/2 න් පංගුවක් පින්, කුසල් අත්පත් කරගැනීම සදහා යොදාගත යුතුව තිබේ. එය පරලොව ආපදාව සදහා නිදන් කර තබා ගැනීමකි.

 

එම නිධානය මගින් මතු සුගති භූමියක් ලැබීමටත්, සසර කෙලවර නිවන් දකිනා තෙක් පින්සාරව ගත කිරීමටත් හැකිවනු ඇත.

නිතර කුසල් දහම් වඩන්න, එය ඔබට පිහිට පිණිස පවතිනු ඇත.

 

තෙරුවන් සරණයි

23   සෝවාන් වීම

 

 

සෝවාන් මාර්ගයේ ගමන් කරන්නකු විසින් අංග 4 ක් සම්පුර්ණ කල යුතුව ඇත.


1.
සත්පුරුෂ ඇසුර:- සත්පුරුෂයන් මෙන්ම සත්පුරුෂ ධර්මයන් ඇසුරු කල යුතුය. මින් අදහස් කරන්නේ අන් අය පාපයෙන් මුදවන කුසල් දහම්හි පිහිටුවන කල්යාන මිත්රයන්ගේ ඇසුරයි.


2.
සද්ධර්මය ශ්රවනය කිරීම:- මහා සංඝයා වි සින් හෝ දහම ගැන කතිකාවත් කරන අයගේ ධර්මදේශනා, ධර්ම සාකච්චා,ධර්ම විග්රහයන් සවන් දීම හා ධර්ම ග්රන්ථ පරිශීලනය කිරීම වෙනත් මාධ් කින් හෝ ධර්ම කරුණු දැක අසා කියා දැනගැනීම.


3.
යෝනිසෝ මනසිකාරය:- ඉගෙන අසා කියා දැනගත් ධර්ම කොටස් (ශ්රී සද්ධර්මය) නුනුවණින් මෙනෙහි කිරීම් යෝනිසෝ මනසිකරයි. නුවණින් මෙනෙහි කරන්නට ඇසුවදේ හොදින් වටහා ගැනීමටත්, විමති විචිකිච්චා දුරුකර ගැනීමටත්, යථාභූත ඥානය පහල කර ගැනීමටත් සිත ප්රභෝධමත් කර ගැනීමටත් හැකිවනු ඇත.


4.
ධර්මානු ධර්ම ප්රතිපත්තිය :- අසා කියා දැනගත් ධර්ම පරියාය මත ධර්ම ප්රතිපතියෙහි පිහිටා දාන, සීල,භාවනා, න්යිෂ්කර්ම යන ධර්මානුකුල ප්රතිපත්තියෙහි පිහිටා කටයුතු කිරීම.

ඉහත අංග සම්පුර්ණ කිරීමෙන් මමය, මගේය, මාමය යන වැරදි දෘෂ්ටිය නැතිවී, බුද්ධාදී අට තැන්හි සැකය නැතිවී, සාසනයෙන් බැහැර අන් ප්රතිපදා (ප්රතිපති) වලින් මිදීම හේතුවෙන් ආර්ය අෂ්ටාංගික මුල් ඵලය වන සෝවාන් මාර්ගයෙන් නිවීමට පත්විය හැක.

 

තෙරුවන් සරණයි.

 

22   මානය

 

මානයෙහි සරල අර්ථය මැනීමයි, සාපේක්ෂතාවය පිලිබඳ සංසිද්ධියක් වන මෙහි එක පාර්ශවයක් වන්නේ තමාය.

 

මමය, මාගේය, මාමය යන සක්කාය දිට්ටිය තුල මානය හැසිරෙනු ඇත.
මානය ගැන සොයා බැලීමේදී සෙයියමාන, සදිසිමාන, සමාසමාන, අභිමාන, හීනමාන, මාන, අධිමාන යන අංග බොහොවක් වේ.

ඉහත දැක්වූ මානයන් ගෙන් බොහෝ දුරට අහිතක් වනුයේ තමාට වන අතර දෙවන පාර්ශවයට මුදාහරින පිඩාව අල්පය.

මිනිස්   සන්තානයේ නිරතුරුව ගැවසෙන උප ක්ලේශයන්  16 අතුරෙන්     මාන  හා අතිමාන යනුවෙන් 2 ක් ගැනෙයි.     මාන( අහංකාරයට) වඩා අතිමානය ඉතාමත් බයංකාරය.


අතිමානය යනු අනුන් පහත් කොට සැලකීමයි.

තමා බොහෝවක් දන්නේය, තමාට බොහෝවක් ඇත්තේය යනුවෙන් ද්රව්යමය සංකල්ප මත ප්රපංච ගොඩනගමින්, ගුණධර්ම ගැන අල්ප දැනුමක් ඇති නිසා මෝහයට පත් පුද්ගලයා අනුන් පහත කොට සලකමින් අනෙක් පාර්ශවය වෙත මුදාහරින හිංසනය පාපයක් බව නොදැනීමෙන් බොහෝවක් පව් රැස්කර ගනී.

පාප සිත් හැදින ඒවා සිතින් ඉවත්කර ගන්න. එය ඔබේ යහපත පිණිසම හේතුවේ.


තෙරුවන් සරණයි.

 

 

21   යානයකට සමවැදීම.

 

 

 

භාවනාවක දී ලැබෙන එක්තරා ඵලයකි ධ්යානය.


කාම ඡන්ද, ව්යාපාද, ඨීනමිද්ද, උද්දච්ඡ කුක්කුචඡ, විචිකිච්චා යන පංච නිවාරණ ධර්ම වලින් නිර්වාණය අහුරා ඇති හෙයින් පෘතග්ජන සිතට නිවීමක් නොමැත.
ප්රථම ධ්යානයට පත්වනවාත් සමගම විතක්ක, විචාර, ප්රීතී, සුඛ, එකග්ගතා යන ධ්යාන අංග සිතෙහි හටගන්නා හෙයින් නිවාරණ ධර්ම ඉවත්වී යයි.

විතක්ක ධ්යාන අංගයට එළබෙනවාත් සමගම ථින මිද්ධය  නැසීයයි.
විචාර       ,,          ,,          ,,                 ,,        විචිකිච්චාව              ,, .
ප්රීති        ,,          ,,          ,,                 ,,        ව්යාපාදය                ,, .
සුඛ          ,,          ,,          ,,                 ,,        උද්දච්ච,කුක්කුච්චය ,, .
එක්ග්ගත ,,          ,,          ,,                 ,,        කාමඡන්දය              ,, .

භාවනා කරන යෝගාවචරයාට තම සිතෙහි නීවරණ ධර්ම ඉවත්වී ඇති බවත් හිඩැස පිරවීමට ධ්යාන අංග පහළවී ඇති බවත් දර්ශනය වනු ඇත.

මෙසේ ධ්යානයෙන් සමාහිත වූ සිත නිර්මලය, පැහැපත්ය, සන්සුන්ය. යථා ස්වභාවය ගැන විදර්ශනා කිරීමට මෙසේ දැහැන්ගත සිතට හැකියාවක් ඇත.
තාවකාලිකව හෝ ධ්යානයකට පත්වීම වඩන ලද සිතක ලක්ෂණයකි.


තෙරුවන් සරණයි.

 

20  සමාවදීම මිල කල නොහැක.

 


සමාව අමිල වස්තුවකි, දේවත්වයට ලඟා විය හැකි මාවතකි.


සමාවදීම ගුණාංගයකි, එය මිල කල නොහැකි වන්නේ කිසිම ගුණාංගයක් අද වන තුරු මිලකට හරවා නොමැති හෙයිනි.
ඉවසිඉම හා සමානවම සමාවදීමද උතුම් ගුණාංගයකි.


සමාවදිමෙන් අත්වන ප්රතිලාභය ගැන නොව ස්මාවදිමෙන් ලැබෙන සහනය හා සුවය ගැන සැලකිලිමත් වීම අගනේය.
සමාවදිමෙන් අත්හැරීම පුරුදු කරගත හැකිවේ.


සතුරන් මිතුරුකර ගැනීමටත්,අලුත් සතුරන් ඇතිකර නොගැනීමටත්, මනස ශක්තිමත් කරගැනීමටත්,සුදනන්ගේ ප්රසංශාවටත්,දෙවියන්ගේ ආරක්ෂාව ලැබීමටත්,අපායට නොවැටිමටත් සුගතියක ඉපදීමටත් හේතුවේ.


සමාවදිමෙන් කර්මය බෙලහීන කරගත හැකිවාක් මෙන්ම විපාක වාරය මගහැරිමටත් හේතුවේ.


සමව සාමයේ මාවතයි,එය දෙව් ලොව හරහා වැටී ඇත.


තෙරුවන් සරණයි

 

 

19  ප්රතිසන්ධි සිතට බලපෑම් කල හැකිද

 

 


චුති සිතට අනතුරුව ඊට අනුරූප ප්රතිසන්ධි සිත හටගනී.


මෙලොව පවතින අවසාන සිත චුති සිතයි, එය හොදින් පවත්වා ගන්නේනම් ඉන් අනතුරුව බිහිවන ප්රතිසන්ධි සිත හොද සිතක් බවට පත්වීමෙන් සුගති භූමියක උත්පත්තිය ලබා ගත හැක.


චුති සිත ඇති වන අවස්තාවේදී අප සිහි මුලාව, සිහිසුන්ව, හෝ හදිසි අනතුරකට පත් වූවා විය හැක එවිට සිහි එලවා ගත නොහැක.


මේ ප්රශ්නය ගෙනහැර දක්වමින් දිනක් මහානාම ශාක්යයා බුදු රදුන් ගෙන් අසා සිටියේ හදිසි අනතුරකින් හෝ සිහි සුන්ව කලුරිය කල හොත් චුති සිත යහපත් එකක් නොවීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා නේද යන්නයි.
එවිට තථාගතයන් වහන්සේගේ පිලිතුර මෙසේ විය.


මහානාම ශාක්යය, ගසක් බොහෝ මල්, පලතුරු වලින් පිරීගිය විට එය පොලොව දෙසට නැමී තිබෙන්නාක් මෙන් ඔබ විසින් බොහෝ කොට පුරුදු පුහුනු කරන ලද දාන, සීල,භාවනා,ශ්රද්ධා,සති,සමාධි, යන ධර්මතාවයන් නිසා අවසාන චුති චිත්තය සුගති භූමිය කරා යොමුවී තිබෙන බවය.


ගුණ, දහම් වඩාත් පුරන්න, එවිට ඔබේ චුති සිත සුගති භූමියක පිහිටනු ඇත.


තෙරුවන් සරණයි.

 

 

18  සිත දෙස බලන්න

 


සිතක් ඇතිවීමට මුල් වන්නේ චේතනාවයි.


සිතක චේතනාවන් බොහොවක් ඇතිවී නැතිවී යයි ඉන් කිහිපයක් පමණක් ක්රියාත්මක සිත් බවට පත්වේ.


අවදිවූ වේලේ සිට නින්දට යන තෙක් සිතුවිලි සමග ජීවත්වන අපි සිත දෙස බැලීමට කිසිදු උත්සාහයක් දරන්නේ නැත. එබැවින් හටගන්නාවූ හොද හෝ නරක චේතනා සිත් බවට පත්වී ක්රියාත්මකවී හමාර වෙයි.


සිත දෙස බැලීමට පුරුදු වන්නාට ඔහු වර්තමානයේ ඇසුරු කරන සිත කුමන ආකාරයේ දැයි හදුනා ගැනීමට හැකිවේ.
මෙය චිත්තානු පස්සනාවයි.


සිත දෙස බලන්නාට හටගන්නා කෙලෙස් සහගත චේතනාවෝ හැදින එකෙනෙහිම ඉවත් කල හැකිවේ.
පෙරහැරේ යන්නාට පෙරහැර බැලීමට නොහැක.
පෙරහැර බැලීමට නම් ඔහු පෙරහැරෙන් මදකට හෝ ඉවත් විය යුතුය.


කිසියම් කාර්යයක නිරත නොවන හැම අවස්තාවකම සිත දෙස බැලීමට පුරුදු වන්න.
අතීත කාමයත්, අනාගත ප්රපංචත් නොගෙන වර්තමානයේ පුණ් සිතක් පරිහරනය කිරීමට එවිට ඔබට හැකිවනු ඇත.


මරණින් මතු බඹලොව ඉපදීමට හේතුවේ.


තෙරුවන් සරණයි.

 

 

 

17  පුනර්භවය

 


කර්මයට අනුරූපව කුමන තලයක හෝ උපතක් සකස් වීමකි.


සත්ව, ශාක දෙක වෙනස් වන්නේ විඞජාණය හේතුවෙනි. ගස් වැල් වලට ජීවයක් ඇතත් ඒවා ජීවියෙක් ලෙස නොගැනෙන්නේ විඞජාණයක් නොමැති නිසා වෙනි. පුණර්භවය ඇති වන්නේ විඞජාණය හේතු වෙනි.


අනුව සත්වයා යනුවෙන් ගත හැකි කිසිවක් නොමැත.
කර්ම නිසා සකස්වූ ව්ඞජානයට පැවැත්ම සදහා ආධාරකයක් ලෙස සත්ව පුද්ගල රූප සන්තතියක් පවතින්නේය.
විඞජානයත් ඒකීය වස්තුවක් නොවේ. එයට ආත්මයක් නොමත.


සංසාරයේ එක එක අවස්තාවලදී රැස්කරගත් කර්ම සමුදායක් පමණි.


පෙර භවයන්හිදී X හා Y විසින් එකතු කරන ලද කර්ම ස්වරූපයට අනුව අද Z නැමති විඞජාණය පවතින්නේය.
කර්ම රැස් කිරීම නැවැත්වූ පසු පුනර්භවය ගැන සදහනක් නොමැත.


විපාක පිනිස කර්ම රැස් කිරීම සංසාරයේ රැදීමට හේතුවේ. දෘෂ්ඨි ගත නොවීමෙන්, සීල සම්පන්න වීමෙන්, මාර්ග ඵල යන්හි පිහිටීමෙන්, කාමරාග හා වයිරයෙන් වෙන්වීමෙන් යලියලි උපතක් සකස් නොවේ.


තෙරුවන් සරණයි.

16   ඔබ තුල තිබිය යුතු ගුණාංග මදක්

 


පහත සඳහන් ගුණාංග ඔබ වෙත ඇත්නම් ඔබ උතුම් මිනිසෙකි.


වංක නැති, ඍජු, අවංක කෙනෙකු වීම.
බොරු, කේලාම් නොකියන, යහපත් වචන කතා කරන්නෙකු වීම.
දරදඬු,මුරණ්ඩු ගති නැති මෘදු මොලොක් කෙනෙකු වීම.
අනුන් හෙලා නොදකින නිහතමානි කෙනෙකු වීම.
අනුනට හොඳ නොහොඳ පෙන්වා දෙන කල්යාන මිතුරකු වීම.
අනුනට උපකාර කරන දානයට හිතැති කෙනෙකු වීම.
ක්රෝධය වයිරය සිතින් පහකොට තිබීම.
අන් අය අසතුටෙහි නොහෙළන කෙනෙකු වීම.
අන් අය සතුටු කිරීමට කැමති නිතර සතුටින් සිටින්නකු වීම.
පහසුවෙන් පෝෂණය කල හැකි කෙනෙකු වීම.
සරලවුත් ස්වල්පවුත් ගති පැවතුම් ඇත්තකු වීම.
පාලනය කරන ලද සන්සුන්වූ ඉඳුරන් ඇත්තකු වීම.
මසුරුමල දුරුකර තිබීම.
කරුණාව මයිත්රීය පෙරදැරිව කටයුතු කිරීම.
මා,පිය වැඩිහිටියනට සංග්රහ කිරීම.


ඉහත ගුණාංගයන් සතු ඔබට දෙවියන්ගේ රැකවරණය ලැබෙන අතර මරණින් මතු දෙව්ලෝ වැසියන් සමග එක්වනු ඇත.


තෙරුවන් සරණයි.

 

 

15   සතුට

 


සතුට යනු සිතුවිල්ලකි.


සතුට සදහා නිර්නායකයන් නොමැති අතර එය පුද්ගලානුරූපී වෙයි.


අප විසින් සතුට බලාපොරොත්තු විය යුත්තේ අපට හිමි ප්රමාණයේ,වර්ණයේ සතුට පමණි.
අන් අයට හිමි සතුට ආකාරයෙන්ම අපට අදාළ කර ගැනීමට ගියහොත් සතුට වෙනුවට අසතුට ලැබෙනු ඇත.
බොහෝ දෙනා ආශාව යනු සතුට යයි වරදවා වටහා ගැනීම නිසා අසතුටට පත්වේ.


සතුට යනු ස්වභාවයෙන් සිතක පවතින පැහැදිලි වර්ණ රටාවයි.
ඇලීම් ගැටීම වලින් තොර නිදහස් නිවහල්, හික්මුන, සැදැහැවත් සිතක වර්ණය වන්නේ සතුටයි.
ආගන්තුක එන සිතිවිලි වලින් දුර්වර්ණ වෙයි.
සතුටු සිතෙහි හැසිරෙන ප්රීතිය හා සුඛය, ධ්යානයන් කරා ගමන් කරයි.
වටකොට ගත් සැප සම්පත් බලාපොරොතු කිසිවක් නොමැති සතුටු සිත මිලකින් ගණනය කල නොහැක.
අනුන් හිංසනයට ලක් කරන්නා තුල කිසිවිටක වත් සතුට පිනායාම නොමැති අතර ඇත්තේ ඊර්ශයා සහගත කුලප්පු වීමක් පමණි.
යථා අවබෝධයෙන් සතුට ළගා වනු ඇත.


තෙරුවන් සරණයි.

14      පශ්චාත්තාපය

 


පශ්චාත්තාපය යනු පසුතැවීමයි


කල අකුසල්(නොහොද)හා නොකල කුසල්(හොද)ගැන කම්පාවීම්, පසුතැවිම මෙහි ස්වරූපයි.
මෙය දුකෙහි ගැලී සිටීමකි එහෙයින් එය පාපයකි,අකුසලයකි.


සමාජ ජීවිතයේදී පවා ඔබ ප්රශ්න ගැන කල්පනා කරමින් සිටිය හොත් ඔබට ප්රශ්න වැඩි වනු ඇත.
එහෙත් ප්රශ්න විසදීමට නොහොත් දුකින් මිදීමට ඔබ උත්සාහ කලහොත් ඔබට සදහා අවස්තාවන් බොහොමයක් ලැබෙනු ඇත.


එනම් දුකින් මිදීමට ඇති අවස්තා බොහොවක් ඇත.
කල කුසල්(හොද) ගැන හා නොකල අකුසල්(නොහොද) ගැන සිතන්න, එවිට සිත පහන් වෙයි.


පසුතැවිලි වීමෙන් කිසි දිනක සතුටක් සැපයක් නොලැබෙන අතර සිතට නිරන්තරයෙන් ලැබෙන්නේ දුකකි, වදයකි. එය දුක සමාදන් වීමක් වැනියි.
කල හොද නිතර සිහිකරන්න.


තෙරුවන් සරණයි.

 

13   දෙවියකු වීමට නම්

 

 


මරණය යනු ආයුෂයත්, ඌෂ්ණයත්(ජීවිතෙන්ද්රිය) විණ්ඣානයත් ශරීරයෙන් ඉවත් වීමයි.


මරණින් පසු ලැබෙන්නේ කුමන තලයක හෝ යළි උපතකි.
උත්පත්තිය ගැලපෙන්නේ මරණාසන්න සිතෙහි ස්වභාවය මතයි.


මරණයට පත්වන තැනැත්තා කල, කී, සිතූ දේ අනුව ඊලග උප්පත්තිය සැකසෙනු ඇත.
මරණයට පත්වන අවස්තාවේ පරිහරනය කල සිතට සමාන සිතකින් යළි උප්පත්තියක් සැකසේ.
මිනිසකු මිනිසෙක් ලෙස ජීවත්වී මලොත් ලබන්නේ මිනිස් ආත්මයකි.
මිනිසකු දෙවියෙක් ලෙස ජීවත්වී මලොත් ලැබෙන්නේ දේව ආත්මයකි.
මිනිසකු තිරිසනෙක් ලෙස ජීවත්වී මලොත් ලැබෙන්නේ තිරිසන් ආත්මයකි.
යකෙක් යක්ශනියක් ලෙස ජීවත්වී මලොත් යකෙක් යක්ශනියක් ලෙස හෝ පෙරේතයෙක්, පෙරේතියක් ලෙස ජීවත්වී මලොත් පෙරේත ආත්මයක් ලැබෙනු ඇත.
මෙය ස්වයංසිද්ධ ධර්මතාවයකි.
එහෙයින් දේව ආත්මයක් ලැබීමට කැමැත්තේ නම් මෙලොවදී දෙවියකු ලෙස ජීවත් වන්න.


තෙරුවන් සරණයි

12   සාප කිරීම  පාපයකි

කායික හෝ වාචසිකව අනුනට පිඩාවක් සිදු නොවන නිසා සිතින් කරනු ලබන සාපය සාධාරණය කිරීමට බොහෝ දෙනෙකු පෙළඹී සිටින්නේ සාප කිරීමෙන් සිදුවන පාපය ගැන නොදන්නා හෙයිනි.

දුෂ්ට ක්රියාවක දුර්වලම ක්රියාකාරකම සාප කිරීමයි.

තමනට සිදුවූ පිඩාවක්,අලාභයක් හෝ හිංසාවක් නිසා ඊට කලයුතු සාධාරණම ක්රියාව සාප කිරීම(පලිගැසිම) යයි සිතා කරනුලබන සාපයෙන් අනුනට බලපෑමක් සිදුවුවද නොවුවද තමාට සිදුවන්නේ බරපතල වරදකි.

සාප කිරීමට ප්රථමයෙන් ඔහුගේ චිත්ත සන්තානය, තාපය නමැති නිරයේදී ලැබෙන පීඩාව තරම් තැවීමකට පත්වේ.

සාප කිරීමෙන් පසු ඔහුගේ චිත්තසන්තානයේ රඳා පවතින්නේ සංජිවය නමැති නිරයේ ඉපදෙමින් මැරෙමින් ලැබෙන පීඩාව බඳු මානසික වධයකි.

සාප කරන තැනැත්තාගේ සිතෙහි අනුන් නැසේවා යන සිතුවිල්ල්ලත්, සංසාරගත බද්ධ ව්යිරයත් නිසා මරණින් මතු දුගති භූමියක ඉපදීමට හේතු වන්නේය.

තෙරුවන්  සරණයි.

 

11   පින්දීම හා පින් අනුමෝදන් කිරීම

 

පින්දීම දාන අංගයක් වනවා මෙන්ම පින් අනුමෝදන් කරවීමත් දාන අංගයකි.

 

පින් දීමටත් පින් අනුමෝදන් කරවීමත් පෙර තමා විසින් පින් කුසල් කර පිනෙන් කුසලයෙන් පොහොසත්වී සිටිය යුතුය නැතිනම් අන් අයවලුන් විසින් කරනු ලබන පින දෙස බලා සතුටු සිතින් සිටිය යුතුය.

 

තමා විසින් අත්පත් කර ගත් පින අනුන්ගේ සැපත, සුභ සිද්ධිය තකා අත්හල සිතින් මෙනෙහි කිරීම පින්දීම වන අතර පින් බලාපොරොතු වන හෝ නොවන සියලුදෙනා වෙත් මෙත් සිත පෙරදැරිව කිරීමෙන් පුණ් කර්මය පරිපුර්න වෙයි.

 

පින අනුමෝදන් කරවීම යනු කිසියම් පාර්ශවයක් අමතා හෝ පොදුවේ, තමා කල පුණ් කර්මය දෙස බලා අනුව සතුටුවන ලෙස කරනු ලබන ඉල්ලීමයි.

 

අනුමෝදන් වීම යනු අන් අය කරනු ලබන පින දෙස බලා තමන් අනුව මොදනයට (සතුටට) පත්වීමයි.

 

මයිත්රී කරුණ සිතින් යුතුව කරනු ලබන පින්දීම හෝ අනුමෝදන් කරවීම වඩාත් පලදායි වන බව සලකන්න.

 

තෙරුවන් සරණයි

 

 

 

 

 

 



 

 

 

10  සතුට ලබන ක්රමය

 

                                                                                                                                


ඔබ වෙතින් සතුට පහවී යන්නේ හේතු කරණා දෙකක් නිසා වෙනි.


මුල් කරණය වන්නේ ඔබ විසින් ඔබේ සිතුව්ලි සමග නිරන්තරයෙන් ගැටුමක් ඇති කර ගැනීමයි.


සතුට අහිමිවූ හැම අවස්ථාවකදීම ඔබ විසින් කර ඇත්තේ ඔබේ සිතේ පැන නැගුන සිතුවිලි සමග එකඟ තාවයකට නොපැමිණ ඒවා සමග ගැටුමක් ඇති කර ඒවා ක්රියාවට පත්කර ගැනීමයි.


ගැටුම් කාරී සිතිවිලි වලින් ඉවත් වන්න, ඔබේ සිතේ සතුට රජයනු ඇත.
දෙවෙනි කරනය වන්නේ අනුන්ගේ සිතිවිලි හෝ ක්රියාකාරකම් ගැන ඔබේ සිතේ ගැටුමක් ඇතිකර ගැනීමයි.


අනුන්ගේ සිතිවිලි හා ක්රියාකාරකම් ඔබට අදාල නොවේ, ඒවාට ඔබේ සිත වෙනස් කිරීමට ඉඩ නොදෙන්න.


ඔබ සමස්ත සමාජයේ ඒකකයක් පමණක් යයි සිතා අයගේ සිතුවිලි හා ක්රියාකාරකම් ඔබ ඉදිරියේ දිග හැරීමට ඉඩදී බලා සිටින්නන, ඉන් ඔබේ සිතේ වෙනසක් සිදුවුයේ නැතිනම් ඔබ සිටින්නේ සතුටිනි.
සිහියෙන් කටයුතු කිරීමෙන් නොසැලෙන සිතක් ඇතිකර ගතහැක.


තෙරුවන් සරණයි.

 

 9       සමජීවිකතා

 


කාලීන මාතෘකාවක් වන මෙය බුදුදහමේ එන උතුම්වූ ධර්ම කොටසකි.


රට,ජාතිය,ආගම, කුලය,දුප්පත්,පොහොසත්,උගත්,නුගත්,ඥාති, නොඥාති කුමන අයකු වුවත් සියලු දෙනාම මිනිසුන් යයි සලකා කටයුතු කිරීම් සමජීවිකතාවයි (සමනත්මතාවයි).


අපහසු කාර්යයක් වුවත් ආයාසයෙන් හෝ මෙය කල යුත්තේ, මිනිසා විසින් තම වර්ගයාගේ දියුණුව, උන්නතිය ප්රර්ථනා කිරීම බුදුදහම අනුව නියම මිනිස්කම වන නිසා හා සමානාත්මතාවය මනුෂ්යයාගේ යහ පැවැත්මට බොහෝසේ උපකාරී වන හෙයිනි.
කල්යාන මිත්රයෙකුට දක්වන සැලකීම සියලු දෙනාටම දක්වන්නේ නම් ඔහු උතුම් මනුෂ්යයෙකි.
දිනක් වානරයන් ගැන පර්යේෂණ කරන විද්යාඥයෙකුට අපුරු දසුනක් දැක ගැනීමට හැකිවිය.


පැටවුන් සමග බිම බැස අහුලා කමින් ඔබ මොබ ඇවිදින වඳුරු රංචුවක් මෑතින් අසුන වෙඩි හඬකට බියවී එකවරම පැටවුන් අල්ලා බඩ බැඳගෙන අසල තීබු ගසකට පැන ගන්නා ආකාරය දුටුවේය.


මනාව නිරීක්ෂණය කිරීමේදී ඔහුට දැකගත හැකිවුයේ ගස උඩදී වදුරන් තම පැටවුන් මාරුකර ගන්නා ආකාරයයි. වදුරන් සියලු දෙනාම කර තිබෙන්නේ සොයා සොයා සොයා නොසිට අතට අසුවුණු පැටවකු රැගෙන ගසට පැන ගැනීමයි.
සමානාත්මතාවය පෙරදැරිව වැඩ කළනිසා කිසිදු පැටවකු අනතුරට ලක් නොවී බේරාගැනීමට උන්ට හැකිවිය.


තෙරුවන් සරණයි.

 

 

 

8        8  වයිරය දුරු කිරීම

 


වයිරය(ක්රෝධය) යනු කිසිදු වටිනාකමක් නැති හුදු අකුසල චයිතසිකයකි. ඔබ විසින් එය අල්ලා නොගන්නා තාක් කල් එම චේතනාවට ඔබටවත් අනුනට වත් කල හැකි කිසිදු බලපෑමක් නොමැත. එම චයිතසිකය(චේතනාව) ක්රියාත්මක වන්නේ ඔබ විසින් එය අල්ලා ගත හොත් පමණි.


අකුසල් වේවා කුසල් වේවා චේතනාවන් සිතෙහි පැන නැගීම ස්වභාවයෙන් සිදුවන්නකි. මොනම අකුසල චේතනාවක් වත් මනසිකාර නොකරන තාක් කල් පීඩාකාරී නොවනු ඇත.


වයිරී(ක්රෝධ) චයිතසිකයන් බොහෝවිට වෙස්වලා ගෙන පැමිණෙන හෙයින් හඳුනා ගැනීම අපහසුවේ.

යුක්තිය,සාධාරණය,නිතිය,අවංකකම, පමණක් නොව හිතවත් කමට කරුණාවට මුවාවී ඔබ වෙත පැමිණෙන වයිරි චයිතසිකය කල් තබා හඳුනා නොගත හොත් ඔබට මුහුණ දීමට සිදුවන්න්නේ දුක් කරදර කන්දරවකටය.
වයිරි චේතනාව සමග සංවාදයකට ගොස් එය පරාජය කරන්න. එවිට ඔබේ ජීවිතය සාර්ථක වනවා පමණක් නොව සතුට සන්තුෂ්ටිය නිරන්තරයෙන් ඔබ ළඟ ගැවසෙනු ඇත. වයිරය පරාජය කළෙන් ඔබ ජයග්රාහකයෙක් වනු ඇත. සටනට නොගොස් ජයග්රහණය ලබා ගැනීමට මයිත්රීය පුරුදුකරන්න.


තෙරුවන් සරණයි.

 

7     විපාක වාරය

 

 


කර්මය, කර්ම ඵලය මෙන්ම විපාකවාරයත් කර්ම න්යායට අයත් සිද්ධාන්තයකි. කර්මයට අයත් ඵලය නියතියකි එය වැළැක්විය නොහැක. එහෙත් විපාකවාරය වැළැක්විය හැකිය. විපාකවාරය යනු කර්ම න්යාය අකණ්ඩව පවත්වාගෙන යාමට ඇති ආධාරයකයකි.


ඔබට කෙනෙක් බැන්නා යයි සිතන්න. එය ඔබ විසින් දැන් කරනලද හෝ පෙර කරන ලද අකුසල කර්මයක ඵලයකි. පෙරලා ඔබ ඔහුට බැන්න හොත් ඔබට ඔහුගෙන් පෙරලා යලි යලිත් බැනුම් ඇසීමට හෝ පහර කෑමකට ලක්වීමට සිදුවනු ඇත. එය ඔබට දිගුකාලීනව අනතුරකට මුහුණ දීමට සිදුවන කාරණයකි.


නමුත ඔබ මුලදීම බැනුම් අසා සිට සිදුවිය යුත්තක් සිදු වුවා යයි සිතා ඊට ප්රතිචාර නොදැක්වුවා නම් පසුව ඔබ වෙත අනතුර වලක්වා ගත හැකිව තිබුණි. එය විපාකවාරය නොගැනීමයි. ඔබ පහර කෑවා නම් විපකවාරය ගත් නිසා වෙනි. එනිසා විපකවාරය ගැනීමෙන් වැලකී සිටින්න. කර්මය එතෙකින් අවසන්වී යනු ඇත. විපකවාරය ගෙන කටයුතු කල හොත් එය කර්ම පථයක් වනු ඇත.


තෙරුවන් සරණයි

 

 

 

6        6  දුකට හේතුව


සමාජයේ ජිවත්වන අපි නොයෙක් හේතුන් නිසා දුකට දොම්නසට පත්වේ. මෙයට තරාතිරම, ධනය, නිලය, බලය මුදල යන කිසිවක් අදාල නොවේ.


දුක හටගන්නේ තම චිත්ත සන්තානයේ වන අතර සිතේ තරාතිරම මත දුක අඩු වැඩි වශයෙන් බල පවත්වයි. සිතේ තරාතිරම වෙනස් කිරීමෙන් මිස සමාජීය,භෞතික සිද්ධාන්ත වෙනස් කිරීමෙන් දුක පාලනය කල නොහැක.


දුකට හේතු වන්නේ බැඳී යාමයි නොහොත් අල්ලා ගැනීමයි. යමක් තදින් අතින් අල්ලා ගත හොත් අතට වේදනාවක් දැනෙනවා සේ යමක් සිතින් අල්ල ගත් විට කෙටි කාලීනව සිතට සතුටක් දැනුනත් අවසානයේ අත්වන්නේ දුකකි. දුක සෝකය මෙන්ම භය, සන්ත්රාසය. තාපය, පිළිකුලත් ඉන් උරුමවේ.


යමක් ඔබට අහිමි වන්නේ එය අල්ලා සිටි නිසා බව දැනගන්න. ඔබට අහිමිවූ දෑ අත්හරින්න, යළි බැදෙන්න, සොයන්න එපා.
ඔබ අල්ලා සිටියේ දුකක් බව ඔබට පසුව වැටහෙනු ඇත.


තෙරුවන් සරණයි

 

 

5  කර්මය හා කරුමය

 


බොහෝ දෙනක් කර්මය හා කරුමය පටලාගෙන නැතිනම් එකක්ම යයි සිතා සිටීම නිවැරදි නොවේ. කර්මය යනු ක්රියාවයි.

කර්මඵලය යනු ඊට අනුරුප ප්රතිඵලයි. මෙය කුසල අකුසල දෙකටම අදාල වෙයි. කරුමය යනු දුක් විපකයි. කර්මයේ ඇති විශේෂත්වය වන්නේ බලවත් කර්මයට දුර්වල කර්ම යටපත් කිරීමට ඇති හැකියාවයි. භෞතික සිද්ධාන්තයක් වන මෙය පින් පව් දෙකට එක ලෙස ගැනේ. එසේ හෙයින් කරුමය ගැන ලත වෙමින් නොසිට බලවත්වූ කුසල්, යහපත්වූ නිවැරදි ඵලදායි ක්රියාවන්හි (කර්මයන්හි) යෙදීමෙන් සිදුවන්නට තිබෙන හෝ සිදුවෙමින් තිබෙන සුළුවූ අකුසල විපාක (කරුමයන්) යටපත් කිරීමට හැකිවනු ඇත.


භාග්ගයට, දියුණුවට පැමිණියාවූ සියලු දෙනාම අප්රමාදීව උත්සාහයෙන් කල නිවැරදි, යහපත් පලදායි ක්රියාවන් (කර්මයන්) නිසා සුභඵල ලබා ගත් අයයි.


උත්සාහය, නොපසුබස්නා විර්යය, කැපවීම හා අප්රමාදී වීම, නොඑලබුනු හා එළඹෙමින් තිබෙන කරුමයන් (දුක් විපාකයන්) යටපත් කිරීමට හේතුවේ. කුසල් දහම් පුරන්න.


තෙරුවන් සරණයි.

 

 

 

4     4     aw~h#rWm

 
අත්හැරීම ගැන පැහැදිලි කිරීමක්.


අද බොහෝ දෙනකගේ මාතෘකාවක් බවට පත්වී තිබෙන දෙයක් තමයි අත්හැරීම.


සම්මුති අර්ථය මිස පරමාර්ථය නොදන්නා නිසාත් අත්හැරීමේ මුලික ගුණාංග නොදන්නා කමත් නිසා බොහෝ දෙනෙක් කරන්නේ අත්නොහැර අත්හැරීමයි.


අත්හැරීම පුරුදු පුහුණු කලයුතු තැනැත්තා විසින් මුලින්ම සිදුකල යුත්තේ තමා කරගෙන එන පාපක්රියා, නිෂ්ඵල ක්රියා, වැරදි පුරුදු, වැරදි මත අත්හැරීමයි.


1.
පන්සිල් වල ඇති වේරමණී කොටස අත්හරින්න එතකොට ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සම්මා කම්මන්ත හා සම්මා වායාම යන අංග දෙක පුරුදු පුහුණු කලා වෙනවා.
2.
තම සන්තානයේ නිරන්තරයෙන් පැන නගින ඇලීම්(ලෝභ), ගැටීම(දෝෂ) දෙක ඇත හරින්න. එය දෙවන මග පලයට ලඟා වීමක් වෙනවා.


3.
ඉරිසියාව, මසුරුකම, එකට එක කිරීම, කපටිකම, අනුන් රැවටීම, අනුන් අභිබවයාම,දරදඬුකම, අනුන් පහත්කොට සැලකීම වැනි ලාමක පපකර්ම් අත්හරින්න.


මෙසේ පාප, අකුසල,ක්ලේශයන් අත්හල විට ආත්ම දෘෂ්ටිය ඉබේ අත්හැරෙනු ඇත. ඔබ ඇලිසිටින දේවල වින්දනීය ස්වරුපය නොව ආදීනවය සිතන්න එවිට එය ඔබට එපා වනු ඇත, එපාවූ දෙය මග හැරෙනු ඇත, මග හැරුණු දෙය අත්හැරෙනු ඇත.


තෙරුවන් සරණයි

3  x`vn`

 

භාවනාව ගැන යමක් සොයා බලමු

 

භාවනාව යනු සිත වඩවා ගැනීමයි. නිරන්තරයෙන් සිත ඇසුරු කරන ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් මුල් තුන නිසා හට ගැනෙන අකුසල මුලික චෛතසික කන්දරාව සිහියෙන් හඳුනා ගෙන යටපත් කිරීම හෝ එවන් අකුසල චෛතසිකයන් මගින් සිත් සකස් නොවනසේ කුසලයෙහි සිත රඳවා තබා ගැනීම භාවනාවේ මුලික කෘත්යයයි.

 

සතියෙන් (සිහිය පිහිටුවා) සිටීම භාවනාවේ මුලික අංගයයි.

 

විසිරීමට නොදී සිහිය පිහිටුවාගත් සිත කිසියම් අරමුණකට ගොනුකොට රඳවා ගැනීම දෙවන අංගයයි.

 

එසේ තබාගත් සිත කිසියම් කමටහනක්, ධර්මතාවයක් හෝ ධ්යාන අංගයක් මත සමාධි ගත කිරීම තුන්වන අංගයයි.

 

සමාධිමත් සිතට අකුසල සිතිවිලි ගලාගෙන නොඑන අතර නිත්, සුඛ, ආත්ම යන්න ක්රමයෙන් පහවී සිත පහන් වෙයි. විතක්ක විචාරයත් අත්හැර ප්රීතී සුඛ එක්ග්ගත මත හැසිරෙන සිතට ලෞකිකව ලැබියහැකි උතුම් සුවය ලබාගත හැක. භාවනාව හුරුකල සිත නිර්මලවේ.

 

තෙරුවන් සරණයි.

 

2  q`ny


දානය ගැන යමක් දැන ගනිමු.

දානයේසම්මුති අර්ථය නම් තමන් සතු දෙයක් අන් කෙනෙකු වෙත ලබාදීමයි. යමක් දානය කිරීමෙන් හෝ ප්රදානය කිරීමෙන් ඊට අනුරුප පලය ඔහු හෝ ඇය කර ලඟා වීම සත්යයක් , ලෝක න්යායක් (නියමයක්) කර්මයට අනුරූපව ලැබෙන පලය ස්වභාව ස්න්සිද්දියක් එයට ආගමක් සම්බන්ධ නැහැ. නමුත් කුසල් සිත් පෙරදැරි කර කරනු ලබන දානය පුණ් කර්මයක් හෙයින් තුල පිනක් (පෙරලා විපාක දීමක්) මෙන්ම කුසලයක් අන්තර්ගත වනවා. එය සිදුවන්නේ සිත සකස් වීමට සම්බන්ධවූ චයිතසික වල ඇති ගුණාත්මක භාවය මතයි.


අනුව දානය පිනක් මෙන්ම කුසලයක් කර ගැනීමටද උදව් වනවා. පින සංසාරයේ සුගත භූමිවල රැදීමටත් සම්පත් ලැබීමටත් හේතු වනවා. නිසා එය ලෞකික කාර්යයක් වනවා.


දානයේ පරමාර්ථ අර්ථය නම් අත්හැරීමයි. අත් හැරීමේ සිත පෙරදැරි කරගෙන කරනු ලබන ක්රියාව ලෝකෝත්තර (නිර්වාන) මාර්ගයට හේතුවනවා. පිනක් මෙන්ම කුසලයක් කරගැනීමට නම් අත්හැරීම (ලෝභය දුරුකිරීම) මුල් කොට දානමය කටයුත්ත කල යුතුයි.
තමන් සතු දෙයක් අනුනට ලබා දීමෙන් ලෝභය දුරුවී අල්ලාගැනීම වෙනුවට අත්හැරීම් පුරුදු වනවා.


තෙරුවන් සරණයි

 

 

 

1     XWly

නිවසේ සිටින ඔබට මුහුණු පොතෙන් ධර්ම කාරණාවක් පහදා දීමට කැමතියි.


අද බොහෝ දෙනෙක් දස සිල්, අට සිල්, අජීව අෂ්ටමක සිල් හෝ පන්සිල් වත් සමාදන් වන්න ඇති. තමන් සමාදන් වූ සීලය දවස පුරාම හොදින් ආරක්ෂා කර ගන්න. සීලය පුරන්නෙත් ,වරදින් වලකින්නේත් සමාදන් වෙලා ඉන්නෙත් කෙසේද කියා බලමු.


පන්සිල් ගැන බැලුවොත් එතන තියනවා වැලකී සිටීමේ (වේරමණී) කාරණා 5 ක් හා සමාදන් වෙලා සිටීමේ (සමාදියාමි) කාරණා 5 ක්.

(1)  පළවෙනි සිල් පදයේ පර පන නැසීමෙන් වැලකී සිටිමි යනුවෙන් මුල් කොටසෙනුත් , එම ශික්ෂා පදයේ මේ කාලය තුල සමාදන් වෙලා සිටීම වෙනුවෙන් අනුන් වෙත කරුණා මෙත් සිත පෙරදැරි කරගෙන වාසය කරමි යනුවෙන් දෙවෙනි කොටසෙනුත් සිත සීලයක පිහිටවීම.
(2)
දෙවෙනි සිල් පදයෙන් නොදුන් දෙය ගැනීමෙන් වැලකී සිටිමි යනුවෙන් මුල් කොටසෙනුත්, එම ශික්ෂා පදයේ මේ කාලය තුල සමාදන් වෙලා සිටීම වෙනුවෙන් අන් සතු දේ ආරක්ෂා කිරීමත් ගැන ලෝභ සිතක් ඇති කර නොගැනීමත් යනුවෙන් දෙවෙනි කොටසෙනුත් සිත සීලයක පිහිටුවීම.
(3)
තෙවෙනි සිල් පදයෙන් කාමයන්හි වැරදි ලෙස නොහැසිරෙමි යනුවෙන් මුල් කොටසෙනුත් මෙකී කාලය තුල ඇස ,කණ ,නාසය,දිව,ශරීරය යන ඉන්ද්රිය 5 සංවරව තබා ගැනීමට දෙවෙනි කොටසෙනුත් සිත සීලයක පිහිටුවා සිටීම.
(4)
සිව්වැනි සිල් පදයෙන් බොරු නොකියා සිටිමි යනුවෙන් මුල් කොටසෙනුත් , නොදත් නොඇසූ, සත් නොවූ දෑ නොව සත් වූ දේ පමනක් පවසමි යනුවෙන් සිත සීලයක පිහිටුවීම.
(5)
පස් වැනි සිල් පදයෙන් මදයටත් ප්රමාදයත් හේතුවන කිසිවක් බිමටවත්, කෑමටවත්, අග්රහණය නොකිරීමට මුල් කොටසෙනුත් එසේ එකී කාලය තුල අප්රමාදීව සිත සිහියෙන් පවත්වා ගෙන යාමට දෙවෙනි කොටසෙනුත් සිත සීලයක පිහිටුවීම.
මේ ආකාරයට පංච ශීලයේ කරණා 10ක් සදහන් වනවා. ශිලය පරිපුර්ණ වශයෙන් සිදු කරගැනීමටත් එය අකුසලයෙන් වැලකී කුසලයෙහි පිහිටුවා ගැනීමටත් හේතුවනවා.

 

තෙරුවන් සරණයි

 

 





No comments:

Post a Comment

ධර්මයෙන් බිඳක්

255            කඨිනානිසංසය විචාර බුද්ධියෙන් යුතුව ධර් මය සම්මර් ශනය කිරීම ධර් මයට අගෞරවයක් වත් වරදක්වත් නොවන අතර එය ධර් ම...