සම්මුති පරමාර්ථ දේශනා
විකාශනය1. සම්මුති පරමත්ත දේශනා විලාසය
2. අනාථ නාථ, අසරණ සරණ
3. සත්‍යයේ හා ධර්මයේ පදන
4. නීතිය මත නොව විනය මත පිහිටුවීම
5. ප්‍රශ්න විසදීමේ විසිතූරු බව
6. දුර්මත ප්‍රතික්ෂේප කලද අන්මත ඉවසීම
7. විවිධ දේශනා විලාස
8. අතක්කා වචර වුවද පලදායී තර්කයට ඉඩදීම
9. පරස්පර තාවයන් නොමැති බව
10. ධර්මතා නියාම හා විපාක ස්වරූප
11. ධර්මය හා ආගම. ප්‍රචාරය හා ප්‍රහාරය
අසිරිමත් බූදූදහම
- නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බූද්ධස්ස -
වසන්තය නිමාවී සිසිලස හා උනූසූම සමව ලැබෙන ගිම්හාන සෘතූවේ ඇසල මස පූරපසලොස්වක් පොහෝ දින දඹදිව මධ්‍යය දේශයේ බරනැස, ඉසිපතන මිගදායී නම් මූව වනයේ අනේක විධ තූරූ ලතාවලින් ගහන, දිගන්තය පුරා සුවඳ හල සුගන්ඳිත පුෂ්පයෝ පිපි, නිශාවරයන් හැරුනු කොට මුලු පරිසරයම නිසංසලවූ, මද සිසිලසින් සුවදායීවූ, පූරා සඳනැගූන චමත්කාරජනක සූන්දර රාත්‍රියක ධර්මකචක්කප්පවත්තන සූත්‍රය නම් ඒ අසිරිමත් දේශනය දෙව් බඹුන් සංඛ්‍යාත සත්‍ය ධර්මය සොයමින්සිටි පස්වග මහනුන් අරභයා, පතල මහා කරුණාවෙන් යුතූව තිලෝගූරු අමාමෑණී සම්මාසම්බූදු රජානන්වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනයත් සමග ලොවට හෙළිකල බුදුදහමට මුල් අඩිතාලම වැටුනේ සිදූහත් තවුසාගේ “” ්් කිං සච්ච ගවේසී ්් යන සම්මා වායාමයේ සිටයි.
සත්‍ය අසත්‍යයෙන් වැසී, මිච්චා සම්මා දෙක එකට පැටලී මුලු භාරතයේම ජනයා මහත් අවුලක වෙලී සිටි අවධියක, අනේකවූ දෘෂ්ඨි ජාලයෙන් පමනක් නොව භයංකාර සංසාරයෙන්ම සත්වයා මුදවාලීම සදහා සිසිල් දහමක් අවශ්‍යව තිබූ අවධියක එක් දහමක් පමණක් යම් ධර්මතාවයක් හෙළදරව්ි කරණලදි. බොහෝ දෙනා සැබෑ උවමනාවෙන්ම සත්‍යය සෙවීමේ නැයැලී උන්හ. ඒ අය අතූරෙන් ඇතමෙක් දන්නා තරමින් මෙය සත්‍යයයැයි අවිහිංසකවම ප්‍රකාශ කල අතර තවත් අයවලුන් උවමනාවෙන්ම මිත්‍යාව සිය ජීවන දර්ශනය බවට පත්කරගත්තෝය. යමෙක් පාරිශූද්ධත්වයම සත්‍යය යයි දේශනා කල අතර සමහරු ශූද්ධි ධ්‍යානයම පරම නිශ්ඨාව බවට පත්කලෝ්ය. මේ යහපත් අයහපත් ශාස්තෘන් සියල්ලටම යලි උපතක් අවශ්‍ය නොවුනාසේමය. උපත නැවැත්වීමටද ඔවුන් වෑයම් කලෝය. බොහෝ දෙනෙක් යලි උපතක් ඇති බව සනාත කලෝය. යලි උපතක් ඇතිබව නොවැටහුනු අය යලි උපතක් නැතැයි කීවෝය. එහෙත් ඒ කිසිවෙකූදු යලි උපදින හේතූවත් ඒ හේතූව නැතිකරන මාර්ගයවත් දැන නොසිටියෝය. ඔවුන් සියලු දෙනාටම දුක වැටහී තිබුනෙන් දුක නැතිකිරිමේ මං සෙවීමේ නිරන්තර උත්සාහයක යෙදී සිටින ලදි. මේ සඳහා අනේක විධ මාර්ග අනුගමනය කල අතර ඇතමෙක් පර්යේෂනයන්හි ද නිරතවුනි. උපත දුක බවත්, ජීවිතය දුක බවත්, මරණය දුක බවත් මේ තූනෙන් අත් මිදිය යුතූ බවත් ඇතමෙක් දැන සිටියෝය. සමහරු දුක නොදැනීමේ පදනම නොහොත් එකී සංඥාව මත රුදීසිටීම දුක් නොවිදීමට පිළියමක් ලෙස හැගූවෝය. මෙ කාලය තූල එක් භාග්‍යවත් ගවේශකයෙකූ පමණක් දුක්ඛ ස්වභාවය කූමක්ද යන්නත් ඒ දුක කූමක් නිසා හටගනීද යන්නත්, දුක කූමන ආකාරයකින් නිරුද්ධ කලයුතූද යන්නත්, දුක නැති කලහැකි මාර්ගය කූමක්ද යන්නත් යන පරම සත්‍යය හෙලිදරව් කරගත් අතර අනතූරූව එය ප්‍රත්‍යක්‍ෂයෙන්ම අවබෝධකර ගන්නාලදි. ‘මේ පරම සත්‍යය අසිරිමත් දහමක්ලෙස දෙව් මිනිස් වගට දේශනා කිරීමට ගත් ප්‍රයත්නයේ විසිතූරූ අවස්ථාවන් පෙලක් ඉස්මතූ කර දක්වනු කැමැත්තෙමු.
බුදදහමට පෙරවූද, සමකාලීනවූද, පසුකාලීනව හටගත්තාවූද ලෝකයේ තැන තැන බිහිවූ ආගම් සියල්ලටම වඩා සත්‍යවාදී බවක්, සරල බවක්, සාරවත් බවක්, විනිවිධ බවක්, අසිරිමත්බවක් බුදු දහමේ අන්තර්ගතය. ලොව කිසිම ආගමක් දර්ශනවාදී නොවේ, ඒ සියල්ල සංවෘතය, ඒ එකක්වත් දර්ශනයට යටත්කලහොත් නිබොරු නොවේ. බුදුදහම විවෘතය හාරා බලන්නෙකූට විභජනය කරමින් බැලිය හැකියි, විවෘත කරන්ට කරන්ට එය බබලයි. ‘මෙහි එව බලව යයි ආමන්ත්‍රනය කරයි.
සියල්ල හදුනන්නේ සිතිනි. ධාතූ, ධර්ම, (මනසිකාර) සංකාර, යන සියල්ල පස්ස, වේදනා, සංඥා, සංඛාර මගින් පදනම්වී විඥාන ගතවීම් ස්වරූපයෙන් සිත් සකස්වෙයි. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන ඉංද්‍රියයන් හයේ ස්පර්ශ වීම් සංඛ්‍යාතව අරමුනුවන සකල විධ රුපයෝ වේදනා, සංඥා, සංඛාර මගින් විඥාන වීම සීදුවේ. මෙය නාම රූප භාවයයි. සියලු බුදුවරයින් ගේ දේශනා එකක්ම විය යුත්තාහ. දැනට සොයාගත් විද්‍යාව අනුව මසැසට ආන්තික වශයෙන් පෙනෙනුයේ දිග, පලල, උස යන මානයන්ගෙන් සැදුම් ලත් ත්‍රිමාන රූපයෝ පමණි. මසසැට නොපෙනෙන රූපයෝද ඇත්තාහ. නූතන විද්‍යාව හතරවන මානය සොයා ගත්තේ මීට වසර කිහිපයකට පෙරය. විද්‍යාවට තවමත් හසුකරගත නොහුනු දෑ බොහෝය. බෞද්ධ දර්ශනය විද්‍යාවෙන් ඔප්පුකිරීමට තබා වචනවලින් අර්ථ දැක්වීමද අපහසුය. විශේ’ෂයෙන්ම සමහර භාෂාවලින් අර්ථ දැක්වීමේදී වන විකෘර්ති වීම් වලකාලිය නොහැකිතරම්වේ. ලෝකය බඹයක් පමණ වන ශරීරය තූලම පනවනලදි. එය එසේ දේශනා කරන ලද්දේ ලෝකය යනු ශරීරයට තවත් නමක් නිසා නොව ලෝකය හඳුනන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර. විඤාන යන පංචස්කනධයෙන් වනහෙයිනි. හින්දු වේදයේ සචේතනික වූත් අචේතනික වූත් ක්‍රියා සියල්ල කර්ම ලෙස හඳුන්වද්දී බුදුදහම තිස්එක් චෛතසිකයන් වන අකූසල සිත් දොලහත්, කාමාවචර කූසල් සිත් අටත්, රූපාවචර ධ්‍යාන සිත් පහත්, අරූපාවචර ධ්‍යාන සිත් හතරත් කර්මය ලෙස දන්වයි. අභිධර්මයේදී සමුදය සත්‍යය හා පටිච්චසමුප්පාදය අනුව අවිජ්ජා, සංඛාර, තණ්හා, උපාදාන, භව යන අංග පහ කර්මවේ. බුදුදහමේ පෙන්වනු ලබන ධර්මතාවයන් විස්තර කල හැකි වුවද පරමාර්ථ ධර්මයන් වචනයෙන් විස්තර කලහැකි නොවේ, විශේෂයෙන් ලෝකෝත්තර ධර්ම ලෞකික වචන වලින් දැක්වීම අපහසුය. උදාහරණයක් ලෙස සිත, සිතෙන්ම හඳුනාගත යුතූ දෙයකි, එසේ නම් එය කෙසේ පෙන්වාදිය හැකිද? නිර්වානය යනු අවබෝධ කරගතයුතූ ධර්මයකි, එය කූමක් දැයි පෙන්වාලීම උගහටය.
බුදුදහම චින්තනය මත පවතින්නකි. සිතා නිම නොකලහැකි දෑ අචින්තයයැයි දැක්වූහ. නොදුටුදෑ අගමුලක් නොපෙනේ යැයි වදාලේය. නොවිසඳිය යුතූදෑ බහා තැබුවේය. ඒ කිසිවකට නිගමනයක් දීමටවත් , යමෙකූ පිට පැටවීමටවත්, අනුමාන කිරීමටවත් හේතූ සාධක පැනවීමටවත් උත්සුක නොවූයේය. හේතූ ඵල වාදයම දර්ශනයට පදනම කර ගත්තේය. මේ නිසා කිසිවක් රහස් වත්, අදිසි බලවේගවත්, වැරදි නිගමනවත් නොවීය. අපක්‍ෂපාතීව සත්‍යය සොයන්නකූට බුදු දහමේ ඇති අසිරිමත් භාවය හා නිදොස් භාවය මොනවට සනාථ වනු නිසැකය. මෙහි ඇති අසිරිමත් බව වඩාත් දැන ගැනීමට අවශ්‍ය වන්නකූ අනෙක් ආගම් හා දර්ශන ගැන දැනගැනීම වැදගත්වේ. අන් සියලු ආගම් පරයා බුද්ධ දර්ශනය එක් ප්‍රනීත හේතූවක් වන සන්දිට්ටික හා අකාලික ගූණය නිසා වඩාත් ඉස්මතූවී පෙනේ. අන් සියලු ආගමක්ම සිය අනුගාමිකයනට පරම නි’ෂ්ඨාව වන ස්වර්ගය හෝ මෝක්‍ෂය මරනින් මතූ ලබා දෙද්දී බුදුදහම නිවන් සුවය ජීවත් වෙමින්ම අත්විඳිය හැක්කක් බවත් එය ප්‍රත්‍යක්‍ෂයෙන්ම දත යුත්තක් බවද දන්වයි. මෙය කොතරම් අසිරිමත් ධර්මයක් වියයුතූද? මරණින් මතූ නොව මෙම ආත්මයේදීම නිවන් ලබා ගත හැකි බවත් ලැබෙන පිලිවෙල ගැනත් ලබාගත හැකි ආකාරය ගැනත් බුදුරරජාණන් වහන්සේගේ දේශනයේ ගැබ්වී ඇති අසිරිමත් දේශනා වීලාස තූලින් අවබෝධයක් ලබා ගතහැකි වනු ඇත.
සබ්බේ සත්තා භවන්තූ සුඛිතත්තා
සම්මුති පරමත්ත දේශනා විලාසය
ලොව සියලුම ආගම් සම්මුති ආකාරයෙන්ම සකස් වූවෝ වෙති. ඒ සියල්ල කිසියම් පදනමක විකාශනයකි. කිසිවිටෙක අන් මතයක් පිලිගැනිමටවත්, සමානකිරීමකටවත්, අර්ථ දැක්විමකටවත් ඉඩක් නොතැබූ අතර ඒකිසිවකද සාධාරණ විනිශ්චයකට ඉඩක් තබානොමැත. ඒවා සියල්ල සම්මුති පමණක්ම වේ. හින්දු දර්ශන පදනමේ සිට පරම සත්‍යය සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ බුදුදහම එකී විවිධ මතවාද, දෘෂ්ඨි හා දර්ශන සියල්ල තූූලින්ම සත්‍ය ඉස්මතූ කරදැක්වීමේ ප්‍රතිඵලයක් ලෙසත් ලෙෘකික හා ලෝකෝත්තර වශයෙන් දෙයාකාරයට දක්වමින් සකලවිධ සත්වයාට සාධාරණ ලෙස ධර්මය ගලපාදීම් වස් සම්මුති පරමාර්ථ වශයෙන් දේශනා විලාස දෙකක් බුදුසමයේ පෙනේ. කිසියම් ධර්මතාවයක් සම්මුති වශයෙන් අර්ථ දැක්වන්නේ කෙසේද එය පරමාර්්ථ වශයෙන් නිවනට පාදක වන්නේ කෙසේද යන්න මෙකී දේශනා විලාස දෙකෙන් ප්‍රකාශවේ. මේ අනුව සම්මුති හා පරමාර්ථ සමානවූත් වෙනසවූත් අර්ථනිරූපන හා ඵල ප්‍රදානය කරයි. මේ අනුව සම්මුතියත් පරමාර්ථයත් වෙන් කොට හඳුනා ගතයුතූ බවත්, අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යය මත ගසට පොත්තසේ එය පවතින බවත්, තම බුද්ධි මට්ටම අනුව එය ගලපා ගත යුතූ බවත් දතයුයූය. ඒ අනුව කල යුත්තේ සම්මුතියෙන් පරමාර්ථයට යෑම මිස සම්මුතිය අමතක කොට පරමාර්ථයට යෑම නොවේ.
උදාහරණයක් ලෙස දක්වතොත් දානය යනු ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන කම්ඵල (කර්ම හා ඵලය) අදහා කරණ දක්‍ෂිනාවයි මෙය සම්මුතිය වෙයි. පරමාර්ථ වශයෙන් ගත්කල අත්හැරීමයි එනම් දාන වස්තූව කෙරෙහි ඇති ලෝභය දුරුකිරිමය්. ඒ අනුව ලෝභය දුරුකිරීම් වස් සියවස්තූව පිළිබඳ ආශාව අත් හරිමැයි සිතා කැමතිකෙනෙකූට සිය වස්තූව පවරාදීම පඥාගෝචර නොවේ නොහොත් අත්හරිමැයි සිතා සකස් කල දාන වස්තූව ප්‍රදානය නොකොට අත්හැර දැමීම බුද්ධිගෝචර නෙවේ. මෙසේ වූකල අත් පසයෙන් සෑහිය යුතූ බවට සනිටුහන් ලැබූ භික්‍ෂු සංඝයාගේ පරිෂ්කාරය නෙලැබීයාමේ තත්වයකට පත්විමට ඉඩකඩ නැතූවා නොවේ. එසේම ශ්‍රද්ධා, ශීල ප්‍රතිපදාව අකර්මණ්‍ය වීමටත්, ප්‍රතිපදාව සැකයට බඳුන් වීමටත්, වැරදි අර්ථ කථන දෘෂ්ඨිගතවිමටත් ඉඩඇත. දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හා ………………………… දාන කථා, සීල කථා, සග්ග කථා යන අනුපුබ්බ ප්‍රතිපදාව අවලංගූ වීමට ඉග ඇත. තවද දානය ආමිස දානය, ප්‍රතිපත්ති දානය, මෙන්ම අභයදානය, ධර්ම දානය වශයෙන්ද වර්ග වන බවද දත යුතූයි. මෙය මෙසේ වන හෙයින් සම්මුති හා පරමාර්ථ පටලවා ගැනීමෙන් පාඨකයා අතරමං නොකිරීමට දේශකයා හා ලේඛකයා වගබලා ගත යුතූයි. කෙසේ වෙතත් පරමාර්ථ වශයෙන් දානය යනු අත්හැරීමද විය හැකියි.
සිඝාලෝවාද සූත්‍රය සිඝාලක ගහපති පුත්‍රයා සදිසා නමස්කාර කරමින් සිටිනු දුටු බුදුරජාණන් වහන්සේ සෘජුවම එවැන්නක් සදොස් බව ප්‍රකාශ නොකොට සදිසා නමස්කාරය කල යුතූ බවත් එය ආර්්‍ය විනයෙහි සඳහන් වන්නේ මෙසේ නොවේ යැයි පැවසූහ. ඒකෙසේදැයි ඇසූයෙන් කර්ම ක්ලේශ, සුගතිගාමී මාර්ඝ, සතරඅගති, පිරිහීමේ දොරටු, දියුනුවේ මාර්ඝ, පාපමිත්‍රයන් හා කල්‍යාන මිත්‍රයන් හැදිනීම ආදී ධර්ම කාරනා පහදාදෙමින් අනතූරුව සදිසා කූමක්දැයි පහදා දුන්නේය. සම්මුතිවශයෙන් නැගෙනහිර, දකූණ, බටහිර, උතූර, යට හා උඩ දිසාසේ ගැනුනද පරමාර්ථ වශයෙන් මව්පියෝ නැගෙණහිර දිසාවයැයිද, ගූරුවරු දකූණු දිසාව යැයිද, අඹුදරුවෝ බටහිර දිසාව යැයිද, යහලුමිත්‍රයෝ උතූරු දිසාවයැයිද, දැසිදැස් කම්කරුවෝ යට දිසාවයැයිද, මහන බමුණෝ උඩු දිසාවයැයිද පහදාදී ඒ අයට පැවතිය යුත්තේ කෙසේද යන්නත් පහදාදෙන ලදි. මෙයින් ගම්‍ය වන්නේ සම්මුති වශයෙන් නිරර්ථක කාර්්‍යයක් පරමාර්ථ වශයෙන් ගත්කල පලදායී වනබවයි එනයින් බලනකල මෙම ඉගැන්වීම සාසනික වශයෙන් පමණක් නොව ප්‍රායෝගිකව වශයෙන් ඔනැම කාර්්‍යයක් සඳහා යොදා ගතහැකි බවයි.
පිදීම හා පින්දීම සියළුම ආගම් වල මලවුන් පිදීම හෝ සිහි කිරීම පවති. භය, අරක්‍ෂාව, පිහිට පතා හෝ ගරු කිරීමක් ලෙස එකල සමාජයේ සිදු කරන ලද මෙය වඩාත් අර්ථදායී මුහුණුවරකින් ඉදිරිපත් කිරීමක් බුදු සමයෙහි පෙනේ. බුදු සමයට පෙරාතූව බොහෝ දුරට මේ සඳහා යොදා ගත්තේ පිදීමේ ක්‍රමයයි. එය මලවුන් සතූටු කිරීමක් ලෙස ගැනුනි. ගතානුගතිකව පැවත ආ මෙම සම්ප්‍රදාය එක එල්ලේම බිඳ නොදමා වෙනස් අර්ථ කථනයක් මගින් ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ පහදාදුනි. මේ මගින් ප්‍රතිපදා මාර්ගයට බාදාවක් නොවන ලෙස උභයාර්ථය සැලසා ගත හැකි බව පෙන්වාදී තිබේ. මෙහිදී කාරණා තූනක් සිදුවේ, එකක් ඉටු කලයුතූ අතර දෙකක් සපල කරගත හැකියි. එනම් පිං කිරීම, පිං අණුමෝදන් කරවීම හා පිං අණුමෝදන් වීමයි. පිං පැවරීමක් මෙහිදී සිදුනොවේ. අණුමෝදනාවක් කිරිමට පෙර පුණ්‍ය කර්මයක් කිරීමට මෙයින් අනුබලයක් ලැබෙයි. ප්‍රථමයෙන් පුණ්‍යකර්මයක් කළ යුතූයි නොහොත් කළ පුණ්‍ය කර්මයක් සිහිපත් කොට ගත යුතූය. දෙවෙනි කාරණය ඒ පුණ්‍යකර්මය ගැන පැහැදී තමා ඒ අනුව මෝදනයට පත්විය යුතූයි. තෙවනුව පිං බලාපොරොත්තූව සිටින තම ඥාති වර්ගයා ඇතූළු අනෙකූත් ආත්මභාව වල වෙසෙන සත්වයන් හා සියළු දෙවියන් මේ පිං දැක ඒ අනුව මෝදනටය පත්වේවායි ප්‍රර්ථනා ස්වරූපයෙන් ආමන්ත්‍රනය කිරීමයි. මෙහිදී තවත් කාරණා හතරක් සම්පූර්ණ විය යුතූයි. එනම් මුල මැද අග පිරිසිඳුවූ පුණ්‍ය කර්මයක් විය යුතූයි, එකී පුද්ගයා පුන්‍ය කර්මයක් කිරීමට සුදුසු පුද්ගලයකූ විය යුතූයි, පින් පෙත් අනුමෝදන් වීමට සුදුස්සකූ සිටිය යුතූයි, එම පුණ්‍ය කර්මය අනුමෝදන් සිතින් පැවරිය යුතූයි. ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවද පිං අනුමෝදනාව සඳහා සුදුසු බව දන්නෝ අල්පය. ජීවත්ව සිටින පුද්ගලයකූ විසින් ඉටු කලයුතූ යුතූකම් (පංච බලි) අතූරෙන් එක යුතූ කමකි මෙය. නිරෝකූඬඨ සූත්‍රයේ පිං අනුමෝදන් කරවීමේ වැදගත් කම පෙන්වාදී තිබේ. ඵලදායී ලෙස කරණ මේ කටයුත්ත නිසා අනිවාර්්‍යයෙන්ම යහපත, ආරක්‍ෂාව සිද්ධාර්ථය සැලසේ. කර්මය හා කර්ම ඵලය, හේතූ ඵල වාදය මෙන්ම සෑම ක්‍රියාවකටම ඒ හා විරුද්ධ හා සමාන ප්‍රතික්‍රියාවක් ඇති බව ඔප්පුකර පෙන්වන නවීන විද්‍යාව අනුචද මෙය සත්‍ය විය යුතූයි.
අනාථ නාථ, අසරණ සරණ
පන්සාලිස් වසරක බුදුන්වහන්සේගේ ප්‍රබුද්ධ මෙහෙවර පුරාම වැඩිවශයෙන් දක්නට ඇත්තේ අනාථයින් නාථයින් බවට පැමිණවීමත් අසරණයන්ට සරණවීමත්ය. මෙය සියලු බුදුවරයින්ගේ මෙහෙවරෙහි වැදගත් කාර්්‍යයභාරයක් වන අතර සෑම බුදුවරයෙකූගේම දිනචරියාවේ ඵලසමවත් සුවයෙන් පසු මුලින්ම ගැනෙනුයේ බුදු ඇසින් ලෝකය බලා පිහිට වියයුතූ අයසොයා වැඩමකරවීමයි. මෙය බොහෝදුරට ධර්මය ප්‍රචාරය වැනි සාසනමෙහෙවරක් නිසාම නොවුනාවිය හැකියි. හික්මවිය යතූ පුද්ගලයන් හික්මවීමත් දමනය කල යුතූ පුරුෂයන් දමනය කිරීමත්, දුකට පත් අය දුකෙන් මිදවීමත්, භයට පත් අය භයෙන් මිදවීමත්, ශෝකයට පත්අය ශෝකයෙන් මිදවීමත්, සැක සංඛා විමති විචිකිච්චා දුරුකරවීමත්, කලහ සංසිඳවීමත්, අනුසාසනා ලද යුතූ අයට අනුසාසනා කිරීමත්, ව්‍යසන දුරුකිරීමත් යන අනේක විධ කාරනා මත බුද්ධ මෙහෙවර සිදුකරණ ලදි. බුදුරජාණන් වහන්සේ සිය දේශනාවන් නිර්වාවය අරමුණුකොට නිර්වානය සඳහාම කරනලද අතර එය පුද්ගල ප්‍රභේදයෙන් යතූවම කරණ ලදි. ඇතැම් තැනෙක කෙනෙකූ අරභයා කරනලද දේශනය වෙන තැනක තවකෙකූ අරභයා වෙනත් මුහුණුවරකින් උචිත ආකාරයට දේශනාකරනලදිි.
සාමඤ්ඤඵල සූත්‍රයේ අජාසත්ත රජු පශ්චාත්තාපයෙන් මිදවීම.
සුලු වරදෙහි පවා භය දැක්වීමත්, හේතූව සුලු වුවත් ඵලය සුලුකොට නොතැකිය යුතූ බවත් ගෙනහැර දක්වමින් පතල මහාකාරුණා ගූණය දැක්වීමට සාමඤ්ඤඵල සූත්‍රයේ අජාසත්ත රජු පශ්චාත්තාපයෙන් මිදවීමේ ප්‍රයත්නය ගෙනහැර දැක්විය හැකයිි.
“් ස්වාමීනි බාලයකූ මෙන්ද, අනුවණයෙකූ මෙන්ද අදක්‍ෂයෙකූ මෙන්ද මම, වරදට අසුවූයෙමි ඒ මම ධාර්මිකවූ ධර්මයෙන් යුත් රජෙකූවූ මගේ පියා සම්පත් ලෝභ හේතූවෙන් ජීවිතයෙන් තොර කළෙමි. ස්වාමීනි භාග්‍යවතූන් වහන්සේ ඒ මගේ වරද මත්තෙහි සංවරණය පිණිස ඒ වරදට මට ක්‍ෂමා කරණ සේක්වා.්
්මහරජ ඒකාන්තයෙන් බාලයෙකූ මෙන්ද, අනුවණයකූ මෙන්ද, අදක්‍ෂයෙකූ මෙන්ද වරද ඔබ ඉක්මවා ගියේය. ඒ වරද නම් ධාර්මිකවූ රජෙකූවූ පියා සම්පත් ලෝභ හේතූවෙන් ජීවිතයෙන් තොර කළෙහ්ය. මහරජ ඔබ යම හෙයකින් වරද වරද වශයෙන් දැක ධර්මය වරද පිළිගැනීම් කෙරෙහි නම් ඔබේ ඒ වරද අපි ඉවසමු. යමෙක් වරද වරද වශයෙන් දැක මත්තෙහි සංවරයට පැමිණේද ධර්මය ලෙස වරද පිළිගැනීම් කෙරේද, එය උතූම් හැසිරීමේ දියුණුවයි.්
මෙහිදී බුදුරජාණන් වහන්සේගේ මෙහෙවර වුයේ වරදට සමාවදීම වත් පාපයෙන් ගලවාගැනීමවත් නොව ඔහු පශ්චාත්තාපයෙන් මුදවාලමින් මත්තෙහි වරදෙහි නොබැඳී සංවරයෙහි පිහිටුවීමත්ය. පශ්වාත්තාපය යනු අකූසල චෛතසිකයකි.
මහා පරිනිර්වාන සූත්‍රය - චූන්දකර්මාරාමගේ කූකූස දූරුකිරීම
චූන්දකර්මාරාම පුත්‍රයාගේ දානය වැලදීමෙන් අනතූරුව භාග්‍යවතූන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා නම් රෝගය වැලදුනි, ආයු සංස්කාරය අත්හල බුදුරජාණන්වහන්සේගේ මහා පරිනිර්වානයත් ඒ සමගම යෙදී තිබුනු අතර එය අන්තිම දානය වන්නට යෙදුනි. සිය දානය හේතූකොටගෙන භාග්‍යයවතූන් වහන්සේට අපහසුවක් වූබවට චූන්දකර්මාරාම පුත්‍රයට කූකූසක් ඇති විය. එය දත් තතාගථයන් වහන්සේ එය දූරුකිරීමට ඉටාගත්තේය. කූකූස අකූසල චෛතසිකයකි එහෙයින් එය දුරු කොට චූන්දකර්මාරාම පුත්‍රයාට සිය දානයේ ආනිසංස පහදාදී් කූසල චෛතසිකයන් වඩාවර්ධනය කර සුගතිගාමී කරීමට බුදුරජාණන් වහන්සේ අපරිමිත කරුණාවෙන් යුතූව අවසාන මොහොතේදී පවා කටයුතූ කරණ ලදි.
එවිට භාග්‍යවතූන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකොර මෙසේ කීවෝය. ්ආනන්දය, චුන්ද නම් කර්මාර පුත්‍රයාට යම් බඳුවූ තාගේ අන්තිම පිණ්ඩපාතය වළදා තථාගතයන් වහන්සේ පිරිනිවන්පා වදාළ සේකැයි කිසි පසුතැවිල්ලක් වන්නේනම් ඒ ඔහුට අලාභයක් වන්නේය. ඔහු විසින් අයහපතක් ලබන ලද්දේය. එයෙින් ආනන්දය, චුන්ද නම් කර්කර්මාර පුත්‍රයාගේ පසුතැවිල්ල මෙපරිද්දෙන් දුරු කටයුතූවන්නේය.් ්චුන්දය යම් බඳුවූ තාගෙ අනතිම පිණඩපාතය වළදා තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක් වේද, එය තොපට ලාභයක් වන්නේය. එයින් තොප විසින් යහපතක්ම ලබන ලද්දේය. සම විපාක ඇත්තාවූ අනිකූත් පිණ්ඩපාතයන්ට වඩා ඉතා මහත් ඵල මහානිසංස ඇත්තාවූ පිණ්ඩපාත දෙකක් වන්නාහු යයි කියා භාග්‍යවතූන් වහන්සේගේ සම්මුඛයෙන්ම අසනලදි. සම්මුඛයෙන්ම පිළිගන්නා ලද්දේය. තථාගත තෙමේ යම් පින්ඩපාතයක් වළදා, ඊට වඩා උතූම දෙයක් නැතිවූ සම්්‍යක් සම්බෝධිය මනාකොට අවබෝධ කිරීම් වශයෙන් ලොව්තූරා බුදුවන සේක්ද, යම් බඳු පිණ්ඩපානයක් වළදා තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාන ධාතූවෙන් පිරිනිවන්පාා වදාරණ සේක්ද, යන මේ පිණ්ඩපාත දෙක සම ඵල ඇති වන්නාහුය. සෙසු පිණ්ඩපාතයන්ට වඩා මහත්ඵල මහානිසංස වන්නාහුය කියායි. ආයුෂ්මත්වු චුන්ද නම් කර්මාර පුත්‍රයා විසින් ආයුෂය පිණිස පවත්නා ශරීර වර්ණය පිණිස පවත්වන්නාවූ දිව්‍ය මනුෂ්‍යාදී සැප පිණිස පවත්වන්නාවූ යස පිරිවර සම්පත්තිය සම්පත්තිය පිණිස පවත්වන්නාවූ ස්වර්ග සම්පත්තිය පිණිස පවත්වන්නාවූ අධිපති භාවය පිණිස පවත්නාවූ කූශල කර්මයක් රැස් කරණ ලද්දේය යනුවෙන් චුන්ද කර්මාර පුත්‍රයාගේ පසුතැවිල්ල මෙසේ දුරු කටයුත්තේයයි කීවෝය.් එවිට භාග්‍යවතූන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක.
්දන් දෙන්නාහට පිං වැඩෙන්නේය. ශීල සංවරයෙන් සිවරවූවහුට පස් ආකාරවූ වෛර නොවැඩෙන්නාහුය. ඤාණ සම්පන්න පුද්ගල තෙම ලාමකවූ අකූසලය දුරු කරන්නේය.් රාග වේෂ මෝහාදිය ක්‍ෂය කිරීම හේතූ කොටගෙන ඒ තථාගත තෙම පරිනිර්වානයෙන් පිරිනිවියේය කියා වදාළසේක.
සූභද්‍ර පරිබ්‍රාජකගේ සැකය ද්‍රරුකිරීම
සිය අවසාන හෝරාවේ පවා අතරක් නොමැතිව පිහිටවිය යුත්තන්ට විහිටවීම බුද්ධ ප්‍රතිපදාව මොනවට පැහැදිලි වන කරුණකි. සුභද්‍ර නම් පරිබ්‍රජකයාගේ සැකය දුරුකල තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා ඔහු පැවිදි කරනාලෙස පවසා, ධර්මයත් විනයත් ගූරුතන්හි තබා, භික්‍ෂුන් ඇමතීමේ සම්ප්‍රදාය පවසා, මගේ ඇවෑමෙන් පසු සංඝ තෙමේ කැමත්තේ වීනම් ඉතා සුලු හෝ කූඩාවූ ශික්‍ෂාපදයක් සමූතනය කෙරේවායි පවසා, බ්‍රහ්ම දණ්ඩනය යනු කූමක් දැයි පහදාදී තවත් දතයුතූ දෙයක් ඇතිදැයි විචාලේය. භික්‍ෂු සමූහයා නිහඩ වූයෙන් අවසාන අවවාදය වන “ “’සියළු සංස්කාර ධර්මයෝ විනාශවන ස්වභාව ඇත්තාහුය අප්‍රමාදව සිහිනුවනින් යුතූව කටයුතූ සම්පාදනය කරගනු මැනවැයි පවසා සමාපත්තියට සම වැදුනසේක.
මහාපරිනිර්වාන සූත්‍රයේ සූභද්‍ර පරිබ්‍රාජකගේ සැකය ද්‍රරුකිරීම මෙසේ සඳහන්වේ. එකල සුභද්‍ර නම්වූ පරිබ්‍රාජකයෙක් අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි භ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ පරිනිර්වාණය වන්නේ යයි කියා ඇසුයේය. එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීයේය. ්පින්වත්වූ ආනන්ද ස්ථවිරය, මහළුවූ වයස්ගතවූ ආචාර්්‍යයවරයන් විසින්ද ආචාර්්‍යවරයන්ගේ ආචාර්්‍යවරයන් විසින්ද කියන ලද අරහත් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝ දීර්ඝ කාලයකින් ලොව උපදනාහුය යන මේ වචනය මා විසින් අසන ලද්දේය. අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේගේ පිරිනිවන්පෑම වන්නේය. මට උපන්නාහූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම මේ සැකය දුරු කෙරෙම්ද එසේ ධර්ම දේශනා කරන්ට ශ්‍රමණ භවත් ගෞතම තෙමේ පොහොසත් වන්නේයයි කියා ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ දැකීමට ලබන්නේ නම් යහපතැයි යාඥා කලේය.්
ආනන්ද ස්ථවිර තෙමේ ්ඇවැත්වූ සුභද්‍රය දැන් එය කල නොහැකිය. තථාගතයන් වහන්සේ නෙවෙහෙසව. භාග්‍යවතූන් වහන්සේ ක්ලාන්ත වූ සේකැයි කීවේ්ය.් දෙවෙනි, වරද තූන්වෙනි වරද ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවේය. භාග්‍යවතූන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ සුභද්‍ර නම් පරිබ්‍රාජකයා හා සමග කලාවූ මේ කථා සල්ලාපය ඇසුවෝය. එවිට භාග්‍යවතූන් වහන්සේ ්ආනන්දය, නුසුදුසුය, සුභද්‍රයා නොවලක්වව, සුභද්‍ර පරිබ්‍රාජක තෙම තථාගතයන් වහන්සේගේ දැකීම ලබත්වා, සුභද්‍ර තෙම මාගෙන් යම් කිසිවක් විචාරන්නේ වේද, ඒ සියල්ල දැනගන්නට කැමතිවම විචාරන්නේය. මා වෙහෙසනු කැමතිම නොවන්නේය. ඔහු විසින් යමක් විචාරණ ලදුව මම ඔහුට ප්‍රකාශ කෙරෙම්ද, ඒ ප්‍රකාශ කොට කියන ලද කාරණය වහාම ඔහු දැන ගන්නේයයි කීවෝය.්
ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම, ්ඇවැත්නි සුභද්‍රය, යව තට භාග්‍යවතූන් වහන්සේ අවසර දුන්නෝ යයි කීයේය.්
එවිට ටජසග සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතූන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතූන් වහන්සේ හා සමග සතූටු වූයේය. සතූටු විය යුතවූ සිහි කටයුතූවූ කථාව නිමවා සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතූන් වහන්සෙට මේ කාරණය කීයේය. ්භවත් ගෞතමයන් වහන්ස, සංඝ සමූහ ඇත්තාවූ, ශෂ්‍ය සමූහ ඇත්තාවූ, බෙදහෝ ශයදවකයන්ට ආචාර්්‍යයවූ ලෝක ප්‍රසිද්ධවූ යස පිරිවර ඇත්තාවූ, තීර්ථ කරවූ, බොහෝ ජනයා පණ්ඩිත යයි පිළිගන්නාවූ යම් ඒ ශයමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇත්තාහු වෙත්ද, කවුරුන්ද යත් පූර්ණ කාශ්‍යපය, මක්ඛලී ගෝසාලය, අජිත කේශකම්බලය, පකූධ කච්චායනය සංජය නම් බෙල්ලට්ඨි පුත්‍රය, නිඝණ්ඨ නාථ පුත්‍රය යන මොහු වෙත්. ුව්හු සියල්ලෝම ඔවුන්ගේ ප්‍රකාශය යම්සේද එපරිද්දෙන්ම දැන ගත්තාහුද?, නොදැන ගත්තාහුද?, නොහොත් ඇතැම් කෙනෙක් දැනගත්තාහුද?, ඇතැම් කෙනෙක් දැන නොගත්තාහුද?,කියා ඇසීය.්
්සුභද්‍රය, ඔවුන්ගේ දැන ගැනීම ගැන තාගේ ඒ වචනය තිබේවා, සුභද්‍රය තට ධර්මය දේශනා කරන්නෙමි. ඒ ධර්මය මනා කොට අසව, යහපත්කොට සිත්හි දරව, දේශනා කරන්නෙමියි කීවෝය.් ්එසේය ස්වාමීන් වහන්ස් යැයි කියා සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතූන් වහන්සේගේ වචනයට උත්තර දුන්නේය. භාග්‍යවතූන් වහන්සේ මෙසේ දේශනා කල සේක. ්සුභද්‍රය යම් ධර්ම විනයෙක්හි වනාහි උතූම් අෂ්ටාංගික මාර්ගය නොලැබෙන්නේ වේද, ඒ ධර්ම විනයෙහි ශ්‍රමණයෙකූදු දෙවෙනි තූන්වෙනි සතරවෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. සුභද්‍රය, යම් ධර්ම විනයෙක්හි වනාහි උතූම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේ වේද, ඒ ධර්ම විනයෙහි ශ්‍රමණ තෙමේද දෙවෙනි තූන්වෙනි සතරවෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. සුභද්‍රය, මාගේ මේ ධර්ම විනයෙහි උතූම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේය. එම්බා සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි පලමුවෙනි ශ්‍රෝතාපන්න ශ්‍රමණ තෙමේද දෙවෙනිවූ සකෘදාගාමී ශයමණ තෙමේද තූන්වෙනිවූ අනාගාමී ශ්‍රමණ තෙමේද සතරවෙනිවූ අර්හත් ඵලයට පැමිණුන ශයමණ තෙමේද ඇත්තේ වෙයි. අන්‍ය වාදයෝ ශයමණයන් කෙරෙන් ශූන්‍ය වන!නාහුය. සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි භික්‍ෂූහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වීනම් මේ ලෝකය රහතූන් ගෙන් හිස් නොවන්නේය.්
අංගූලිමාල සුවපත් කිරීම
අභුත චෝදනාවකින් වැරදි මගට පෙලඹවූ අහිංසක තරුණයා සුවපත් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ගත් ප්‍රයත්නය නිසා අංගූලිමාලගේ මෙන්ම රට වැසියාගේද බිය තූරන්විය. වෛරය හා මෛත්‍රිය යන දෙකම අතිවන්නේ කෙනෙකූ තම සිත පරිහරණය කරණ ආකාරය නිසායැයි බුදුරජාණන් වහන්සේගේ දේශනය සාක්‍ෂාත් කිරීමට අංගූලිමාල ප්‍රවෘත්තියද සාධකයකි. ක්‍රියාවෙන් මිස උපතින්වත්, ව්‍යවහාරයෙන් වත් වසලයෙකූවත් බමුණකූවත් නොවේ. ක්‍රියාවෙන් මිනීමරුවකූ වූවකූට ක්‍රියාවෙන්ම රහතන් වහන්සේ කෙනෙකූ වියහැක. සෙත සුව සැලසීමේදී මෛත්‍රී සහගත විත්ත තරංග මෙන්ම මෛත්‍රී සහගත ශබ්ද තරංගද යොදාගත් බවට බොහෝ සාධක තිබේ. මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, ගිරීමානන්ද සූත්‍රය, කන්ධ සූත්‍රය හා ජලනන්දන පිරිත මෙන්ම අංගූලිමාල පිරිතද මෙහිලාගැනේ. එදා ගර්භනී මාතාවක් සුවපත් කිරීමට අංගූලිමාල මහරහතන් වහන්සේ කල සෙත් පැතීම අදත් මවුවරුන් සුවපත් කිරීමට යොදාගනී.
දරු ප්‍රසුතියට ලංවූ මවකට සිහින් සංගීත ඛණ්ඩ ඇසිමට සැලැස්වීමෙන් කූසතූල සිටින දරුවා සතූටට පත්වන බවත් රළු සංගීත ඛණ්ඩ හා රළු ශබ්ධ නීසා කූසතූල සිටින දරුවා අසහනයට හා නොසතූටට පත්වන බව ශබ්ද තරංග පරාවර්තනය කිරීමෙන් ලබන සිව්මාන චායා මගින් අද දැකගත හැකියි. මේ අනුව දරුප්‍රසුතිය පසසු කිරීමටත් දරුවා සතූටින් තැබීමටත් සිහින් සංගීතය ශ්‍රවනය කරණ ලෙස ගැබිනිනි මවුවරුන් වෙත වෛද්‍යයවරු උපදෙස්දෙයි. අවසාන දින 30 තූල කූස තූල සිටින දරුවා තම මවගේ කටහඩ හොඳින් හදූනන බවත්, මව කම්පාවනවිට කම්පාවන බවත් මව සතූටුවනවිට සතූටු වන බවත්, ඒ කාලය තූල ඇසුන දෑ හොදහැටි මතකයේ තබාගත හැකිබවත් පරීක්‍ෂණ මගීන් ඔප්පුකර තිබේ. කූස තූල සිටි කාලයේ දී ඇසීමට සැලැස්වු සංගීත කණ්ඩ යලි ප්‍රතිවාදනය කිරීමෙන් හඩන ලදරුවා නැලවෙන බවත්, ඒ කාලය තූල ඇසුනු දෑ යලි ඇසීමට සැලැස්වූ විට ලදරුවා ඊට විශාල වශයෙන් ප්‍රතිචාර දක්වන බවත් ඔප්පුකර තිබේ. මේ නිසා අවසන් දින 30 තූලදී මව නැලවිලි ගී ගැයීමත්, ගීතිකා ගැයීමටත්, බිලිදාට වාචිකව යම් විධාන සෞම්‍යව ඇසීමට සැලැස්වීමටත් වෛද්‍යයවරු අද උපසේ දෙයි. මෙය 2005 වසරයි, මීට වසර 2549 කට ඉහත තිලොවට තිලකවූ, අසරන සරණවූ, අනාථ නාථයන්වූ අප මහ සම්‍යක් බුදුරජාණන් වහන්සේ අංගූලිමාල මහ රහතන් වහන්සේ වෙත අංගූලිමාල පිරිත අනුදැන වදාරමින් කලේ අද කෙරෙන මෙම කාර්්‍යයටත් වඩා උසස් ප්‍රතිකර්මයකි. කූසට ගැබක් වන් බව දත් බෞද්ධ මව්වරු අදත් දෙවරක් පන්සිල් සමාදන්වෙයි. තමාට වරක් හා ගැබට වරක් වශයෙනි.
අංගූලිමාල සූත්‍රයෙන් විකසිත කරන ලද අනෙක් චින්තනය වන්නේ අතීත සිද්දි හා සිද්දාන්ත මතම රුඳී නොසිට වෛරය, ද්වේශය වැනි දුර්මත ඉවතලා සහනශීලී ප්‍රයත්නයන් මතින් වඩාත් අර්ථදායී හා සුවදායී පරිසරරක් ගොඩනැගිය හැකි බවයි. මෙය සනාතනික ධර්මයකි. වරදට සමාවදීම උසස්ම ගූණාංගයකි. වරද කල අයට වඩා වරදට සමාව නොදෙන්නා කෙරෙහි නිවැරදි කරගතයුතූ කිසිවක් ඉතිරිවී ඇත. වරදට දඩුවම් කිරීම ප්‍රථම ප්‍රයත්නය නොවිය යුතූයි. එය පසුවට තැබුවාට වරදක් නොවේ. නිවැරදි කලහැකි වරදක් වෙතොත් එය අනිවාර්්‍යයෙන්ම නිවැරදි කොට ගත යුතූයි. දඩුවම පිළියමක් නොවෙ, එය තීරණයකි. ප්‍රතිකර්මයක් ලෙස දෙන දඩුවම වඩාත් ථලදායී වන්නේ මේ නිසාය. දඩුවම වරදක් බව දන්නෝ අල්පයහ. හතලිස් පස් වසරක බුද්ධ මෙහෙවරෙහි දඩුවම් දැකීමට නොහැකි තරම්ය, ඇත්තේ විනය ප්‍රතිකර්ම පමණකි.
සත්‍යයේ හා ධර්මයේ පදනම
සක්කපඤ්හ සූත්‍රය - කූසල් අකූසල් දැනීම
ලෝකෝත්තර ධර්මතා නොවෙනස්ව පවතින අතර ලෞකික ධර්මතා සියල්ල වෙනස්වෙයි. මේවා පමණක් කූසල්ය මේවා පමණක් අකූසල්ය යන්නට වඩා මේවා කූසල්ය, මේවා අකූසල්ය කීම වඩාත් නිවැදිය, බුද්ධ භාෂිතයත් එයයි. මේවා කූසල් යැයිද මේවා අකූසල් යයි වට්ටෝරු ගත කිරීමටත් වඩා කූසල් වන්නේ කෙසේද, අකූසල් වන්නේ කෙසේද යන්න දැක්වීම වඩාත් ප්‍රඥා ගෝචරවේ නොහොත් අවබෝධ කරවීමට පහසුවේ. මේ අනුව සක්කපඤ්හ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කූසල ධර්ම හා අකූසල ධර්ම වලට පාදක වන සේ්මනස්ස, දෝමනස්ස හා උපෙක්‍ෂා වේදනාවන් හදුනාගන්නා ආකාරය මෙසේ දේශනා කොට තිබේ. ධර්මයේ විනිවිධ භාවයත් ස්වාක්ඛාත භාවයත් මොනවට මෙයින් දිස්වෙයි. ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගැනීම සඳහා ධර්මයේ අන්තර්ගතය හැදෑරීමට අවස්ථාවක් සලසා තිබේ. බුදුන් විසින් හෙළි කොට දුන් හෙයින් බදු දහම වන මෙහි පදනම සත්‍යයයි. සත්‍යය ධර්මයයි. ලොව පවතින සියලු සත්‍ය ධර්මයන් අතූරෙන්, ලෝකෝත්තර මාර්ගය හා ඵලය හෙළි කරණ ධර්මය, බුද්ධ ධර්මයය යයි හදුන්වාදීම නිවැරදිවේ.
්දේවේන්ද්‍රය, මම සැප වේදනාවද, දුක වේදනාවද, දුක සැප දෙකම මැදිහත් විඳීම්ද යන යම් සැප වේදනාවක් මෙසේ දන්නේද, කෙසේද, මේ සොම්නස සේවනය කරන්නාවූ මට අකූසල ධර්මයෝ වැඩෙත්ද කූශල ධර්මයෝ පිරිහෙත්ද, මෙබඳු සැප වේදනාව සේවනය නොකට යුතූයි. එහි යම් සැප වේදනාවක් මෙසේ දන්නේද? කෙසේද, මේ සැප වේදනාව සේවනය කරන්නාවූ මගේ අකූශල ධර්මයෝ පිරිහෙත්ද, කූශල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ සැප වේදනාව සේවනය කට යුතූයි. එහි යම් සැප වේදනාවක් විතර්ක රහිත විචාර රහිත සැප වේදනාව අතිශයින් උතූම්ය.
යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකූශල ධර්ම වැඩෙත්, කූශල ධර්ම පිරිහෙන්නේයයි දන්නේද ඒ දොම්නස සේවනය නොකොට යුතූයි. යම් සේවනය කිරීමෙන් අකූශල ධර්ම පිරිහෙත්, කූශල ධර්ම වැඩෙන්නේයයි දන්නේද ඒ දොම්නස් වේදනාව සේවනය කළ යුතූයි. එහි විතර්ක චිචාර සහිත දොම්නසක් ඇත්තේද එයින් විතර්ක විචාර රහිත දොම්නස ප්‍රනීතකරය.
යම් උපේක්‍ෂාවක් සේවනය කරන්නාවූ මට කූශල ධර්මයෝ පිරිහෙත්, අකූශල ධර්මයෝ වැඩෙන්නේ යයි දන්නේ නම් ඒ උපේක්‍ෂාව සේවනය නොකල යුතූයි. එහි යම් උපේක්‍ෂාවක් සේවනය කරන්නාවු මට අකූශල ධර්මයෝ පිරිහෙත්, කූශල ධර්මයෝ වැඩෙන්නේ යයි දන්නේ නම් ඒ උපේක්‍ෂාව සේවනය කළ යුතූයි. එහි යම් උපේක්‍ෂාවක් විතර්ක සහිතද, විචාර සහිතද, යම් උපේක්‍ෂාවක් විතර්ක රහිතද, විචාර රහිතද, ඒ අවිතර්ක අවිචාර උපේක්‍ෂාව අතිශයින් ප්‍රනීතය. දේවේද්‍රය, මෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙමේ ප්‍රමාදයට හේතූවූ ආශාව සමග යෙදුන හැගීම සංසිඳවීමම සුදුසු මාර්ගය යයි කියන ලද ප්‍රතිපදාවට පිළිපන්නේ වේ ් යයි ප්‍රකාශ කළේය.
මේ අනුව වේදනාව ( හැගීම් සහගත දැනීම ) කූමක් වුවත් අකූශල ධර්මයෝ වැඩෙත් නම් එය පරිහරනය නොකිරීමත් කූශල ධර්මයෝ වැඩෙන හැගීම් සහගත දැනීම පරිහරනය කිරීමත් සුදුසු පිළිවෙතයි. මේ අනුව දැක්වෙන්නේ සොම්නස් වුවත් ලෝභ, දෝෂ, මෝහ පරිහරණය නොකිරීමත්, සොම්නස් නොවූවද අලෝභ, අදෝශ, අමෝහ සේවනය කිරීම උතූම් බවයි. තෙවලා දහම නොදත්තද, ඉහත ප්‍රාකාර න්‍යායට අනුකුල දිවිපෙවෙතක් ගෙවීමම නිවැරදි පිළිවෙතට ප්‍රමානවත් වෙයි.
නීතිය මත නොව විනය මත පිහිටුවීම
ලෝකයේ ඇති සියලුම ආගම් හා දර්ශන නියතවාදීවෙයි. කිසිවක් වෙනස් වීමටවත් වෙනස් කිරීමටවත් ඉඩක් නොමැත එනමුදු, අවශ්‍ය නම් විනය පැනවීම ලිහිල් කිරීම බුදු දහමේ ඇති විශේෂත්වයයි. සංඝායනා තූනකදී විනය පනවා ඇති අතර අද පවා විනය නීතියක් පැනවීමට විනයධර භික්‍ෂුන්ට ඉඩ ප්‍රස්ථාව සලසාදී තිබේ. අන් බොහෝ ආගම් මෙය මෙසේම යැයි කියා, මෙය මෙසෙම යැයි අසා, මෙය මෙසෙම ප්‍රදානය කරන ලද්දාහු යැයි කියා කිසියම් ආකාර තහංචියක් පනවද්දී බුදුදහමේ විනය සංග්‍රහය පන්සාලිස් වසරක් පුරා පනවන ලද්දාහුවෙත්. සෝනදණ්ඩ සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. සිල් ඇත්තා හට නුවණ ඇත්තේය, නුවණ ඇත්තාහට සිල් ඇත්තේය. ඒඅනුව විනය මත පිහිටවනු ලැබු අය සිල් ඇත්තෝ වෙයි, සිල් ඇත්තවුනට නුවණ ඇත, නුවණ ඇත්තෝ නීතියට ගරුකරති. ශීලය සමාජයක් නීතිගරුක කරයි.
විකාලභෝජනය අකැප බවත් එය විනය ශික්‍ෂාවක් ලෙස පැනවිය යුතූූ බව අනුදැන වදාලේ බුද්ධත්වයෙන් බොහෝ කලකට පසුවය. එතූවාක්කල් එය විනය නීතියක් ලෙස නොව ස්වයං ශික්‍ෂනයක් ලෙස පැවතූනි. මෙම ලිහිල් ප්‍රතිපදා රටාව බුදුදහමටම සුවිශේෂී වූවකි. නිදාන කථාව අනුව, බුදුන් වහන්සේ දවස භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලා කමටහන් ලබාගෙන තමන් කැමති විවේකී ස්ථානයකට ගොස් සිය භාවනාමය කටයුත්තේ නියැලීම එකලවු සිරිතයි. මෙසේ විවේකී ස්ථානයක බවුන් වඩන යෝගාවචරයා සිය අරමුණ කෙරෙහිම යෙදීම මිස අනෙකූත් පරිශ්කාර හෝ කාය කර්ම ගැන තැකීමක් නොකරම සිය කාර්්‍යයයෙහි නියැලුනි. ඇතමෙකූ උදැසන සිය කිස හා කායකර්ම නිමවා මාර්ගඵල ලාභයෙන්ම භාවනාදී කටයුත්තක යෙදුන අතර කාල පරාස ඉකාමවා යමින්ම සිය කාර්්‍යය සපුරා ගත්තෝය. එවන් යෝගියකූ කූසගිනි දැනුනුවිට හෝ කායකර්මයකට මිස සිය කාර්්‍යයයෙන් බැහැර නොවූවෝය. මේ නිසාම ඇතැම් භික්‍ෂූන්ට දිනයේ ආහාර සෙවීම හෝ පිඩුසිගායෑම රාත්‍රිකායයේදී කරගැනීමට සිදුවුනි. සේ නිගමට නික්මුන භික්‍ෂුවට සමහර අවස්ථා වලදී අනේක විධ කරදර වලට මුහුණ පැමට සිදුවුනි. සමහරවිට අභූත චෝදනා පවා එල්ල වුනි. දම්සභාමණ්ඩපයේදී මෙම අපහසුව සාකච්චාවට බදුන්වූ අතර එහි ප්‍රතිථයයක් ලෙස අවේලාවේ පිඩුසිගායෑම වැලකීම් වස් වීකාල භෝජන විරමණය නම් ශික්‍ෂාපදය පනවන ලදි. ඒ අනුව එකලවූ කාල මානය අනුව ඉර අවරට හැරීයන වේලාව අකැප වේලාව ලෙස දක්වන ලදි.
බ්‍රහ්ම දණ්ඩනය නම් ශික්‍ෂාපදය පැනවීමේදී බුදුරජානන්වහන්සේ අනුගමනය කල සංවේදී පළිවෙත ඉතාමත් ආකර්ශනීයවූවකි. වරක් දෙවරක් නොව කිහිප වරයක්ම මහා සංඝයා විසින් දන්වනු ලදුව පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ ආනන්ද ස්වාමීන් වහන්සේ ගේ ඉල්ලීම නිසාම පනවන්නට යෙදුන බ්‍රහ්මදණ්ඩනය දඩුවමක් ලෙස නොව විනයක් ලෙසම පැනවීමට ගත් ප්‍රයත්නය බුදු සමයේ පෙනෙන මහාකරුණාගූණය ප්‍රකට කිරීමකි. මහා පරිනිර්වාන සූත්‍රයේ එය මෙසේ සඳහන් වෙයි.
්ආනන්දය ඡන්න නම් භික්‍ෂුවට මාගේ ඇවැමෙන් බ්‍රහ්මදණ්ඩනය නම් ඳඩුවම කළ යුත්තේයයි ් කීවෝය. ්ස්වාමීන් වහන්ස බ්‍රහ්මදණ්ඩනය නම් කූමක්දැයි ඇසුවේය.්
්ආනන්දය ඡන්න නම් භික්‍ෂුතෙම තමාට යමක් කැමැත්තේද, එය කියන්නේය. භික්‍ෂූන් විසින් ඔහුට කිසිවක් නොකිය යුත්තේය. අවවාද නොකොට යුත්තේය. අනුශාසනා නොකොට යුත්තේයයි.්
බුදුරජාණන් වහන්සේ සිය ජීවිත කාලය තූලම මෙම පැනවීම උවමනාවෙන්ම ප්‍රමාද කලේ එය වඩාත් ඵලදායී කරගැනීම සඳහාමය. සිදුහත් කල සිට පැවති සම්බන්ධයෙන් හිස උදුම්මාගත් චන්න භික්‍ෂුවගේ හැසීම හුදෙක්ම වැරදි චෛතසිකයන් පරිහරණය කිරීමෙන් සිදුවන්නක් බවත් එය නිරුරදි කිරීම කල හැක්කේ කූමන ආකාරයෙන්ද යන්නත් එය ප්‍රත්‍යක්‍ෂාකාරයෙන් අන්අයට අවබෝධ කල යුත්තක්බවත් එමගින් යම් ධර්මතාවයක හැසිරීමක් උගන්වාලිය හැකිබවත් බුදුරජාණන් වහන්සේ දෑන සිටියෝමය. ප්‍රත්‍යය කරණකොටගෙන හේතූව ඇතිවනබවත් ප්‍රත්‍යය නැති කිරීමෙන් හේතූව නැතිවන බවත් දේශනාකල ආකාරයට චන්න භික්‍ෂුවගේ මාන්‍යයට ප්‍රත්‍යවූ සහ සම්බන්ධතාවය සිය පරිනිර්වානයත් සමග ඉවත්ව යනයෙයින් දඩුවම් නොකරම දඩුවම්ප්‍රකාර ආඥාවෙවන්ම චන්න භික්‍ෂුව යහමගට ගැනීමට බුදුන්වහන්සේ අනුදැන වදාලේය. මෙම ප්‍ර්‍රකාශයත් සමගම අතිශ්‍යයින් කම්පාවට පත් චන්න භික්‍ෂුව ඉතාමත් සුපේක්‍ෂාකාමී භික්‍ෂූත්වයකට පත්ව සීය කිස සම්පුර්ණ කලබව දැක්වේ. බුදුරජාණන්වහන්සේ ට පමනක් සීමාවු, බුදුදහමේම පමනක් පෙනෙන මෙම දේශනා විලාස කෙතරම් අසිරිමත්ද?
ප්‍රශ්න විසදීමේ විසිතූරු බව
දුර්මත ප්‍රතික්ෂේප කලද අන්මත ඉවසීම
විවිධ දේශනා විලාස
බුදුරජාණන් වහන්සේ සිය දේශනා පාලිය තූල සැකට බඳුන් කිසිවක් නොමැත. දේශනා විලාස අටක් ගැන සඳහන් කරයි, ප්‍රශ්න විසඳීමේ ක්‍රම හයක් ගැන සඳහන් කරයි. සාර දෑ සාර යයිද, අසාර දෑ අසාර යයිද, සත්‍යදෑ සත්‍යයැයිද, අසත්‍යදෑ අසත්‍යයැයිද, වැරදිදෑ වැරදි යයිද නිවැරදිදෑ නිවැරදි යැයිද බුදුරජාණන් වහන්සේ සෘජුවම දේශනා කලේය. මෙසේම නොදත්දෑ නොදන්නේ යයිද, නොපෙනදේ නොපෙනේ යැයිද, නොවැටනෙදෑ නොවැටහේ යයිද දේශනා කර ඇත. විසඳිය හැකි ප්‍රශ්න, නොවිසඳිය හැකි ප්‍රශ්න, නොවිසාඳා බහා තැබිය යුතූ ප්‍රශ්න යන ආකාරයට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වර්ගීකරණය කොට විසඳනලදි. උත්තරදීමේදී දෙපැත්තෙන්ම ප්‍රශ්නයකට මැදිවන නොහොත් උබතෝකෝටික ප්‍රශ්නයක් අලංකාරවත් ලෙස විසඳලූ ආකාරය මජ්ඣ්ම පණ්ණාසකයේ අභය (රාජකූමාර) සූත්‍රයේදීී දැක්වේ. එහි දේශනා විලාශ හයක් ගැන සඳහන් කරයි.
අභය (රාජකූමාර) සූත්‍රයේ මෙසේ සඳහන්වේ. එක් කලෙක භාග්‍යවතූන් වහන්සේ රජගහනුවර සමීපයේවූ ලෙහෙනුන්ට වෙන කරනලද කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ වැඩවසනසේක. එකල්හි අභයරාජ කූමාර තෙමේ නිඝණ්ඨනාථ පුත්‍ර තෙමේ බැහැ දැක වැඳ නමස්කාර කොට උන් කල්හි නිඝණ්ඨනාථ පුත්‍ර තෙමේ අභයරාජ ලවා බුදුරජාණන් වහන්සේ වාදයකට ආරෝපනයකරවා අවලාදයක් නැගීමේ අයුරින් මෙසේ කිය. ්් රාජ කූමාරය නුඹ ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් මෙසේ කියව.්් ්් ස්වාමීනී, යම් වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද, තථාගත තෙමේ එබඳු වචනයක් කියන්නේදැයි අසව. එවිට තථාගත තෙමේ එබඳු වචනයක් කියන්නේ යයි ප්‍රකාශ කෙරේ නම්, නුඹ වහන්සේගේ හා පෘථග්ජනයකූගේ ඇති වෙනස කවරේදැයි අසව.්් ්්තොප එය විචාරණ කල්හි අනුන්ට අප්‍රියද, අමනාපද වචන නොකියන්නේ යැයි ප්‍රකාශ කෙරේ නම් මෙසේ කියව.්් ්්ස්වාමීනී නුඹ වහන්සේ දේවදත්ත අපායෙහි උපදින්නෙක, නිරයෙහි කල්පයක් සිටින්නෙක, පිළියම්කල නොහැක්කෙකැයි කූමට ප්‍රකාශ කරන ලද්දේද? ඒ වචනයෙන් දේවදත්ත කිපියේ නොසතූටු සිත් ඇත්තේ යයි කියව.්් ්්රාජ කූමාරය නුඹ විසින් මෙම උබතෝකෝටික ප්‍රශ්නය විචාරණ ලද්දාවුම ශ්‍රමණ ගෞතම තෙම වමාරන්නට නොැකිවෙයි ගිලින්නටද නොහැකිවෙයි, මෙයින් ආනුභාව ඇති ගෞතමයන්ට වාදාරෝපනය කලා යයි තොපගේ යහපත් ගූණ ඝෝෂණයක් පැන නගින්නේය ්් යැයි කීය. අභයරාජ කූමාරතෙම නිඝණඨනාථ පුත්‍රයාට වැද භාග්‍යවතූන් වහන්සේ කරා ගොස් සිය නිවසේදීම වාදාරෝපනය කරන්නෙමැයි සිතා ්් ස්වාමීනී හෙට දින දහවල් මගේ බත ඉවසනසේකාවා ්් යි ආරාධනා කළෙන් භාග්‍යවතූන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසුසේක. පසුදින බුදුරජාණන් වහන්සේ අභයරාජ කූමාරයාගේ ගෘහයේ වු දානය වලඳා සම්පවාරණය කරවූයෙන්, සිය බිළිඳු කූමරා උකූලේ හොවා පැත්තකට වී හුන් අභයරාජ කූමාර තෙමේ භාග්‍යවතූන් වහන්සේට මෙසේ කීය. ්් ස්වාමීනී, යම් වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙමේ ඒ වචනය අනුනට කියන්නේද? ්් එවිට භාග්‍යවතූන් වහන්සේ ්්රාජ කූමාරය, එය ඒකාන්ත නොවේ ්් යයි වදාලේය. ඉක්බිති භාග්‍යවතූන් වහන්සේ ළදරු කූමරා ඇකයේ හොවා සිටි අභයරාජ කූමරු අමතා “ ්් රාජ කූමාරය, ඉදින් නුඹගේ හෝ කිරිමවුගේ ප්‍රමාදයෙන් මේ ළදරු කූමරා ගේ මුඛයේ ලී කැබැල්ලක් හෝ කැබිලිති කටුවක් හෝ දමා ගත්තේ නම් නුඹ කූමක් කරන්නේද? ්් එවිට රාජ කූමාරයා ්්ස්වාමීනී, මම එය හැර ගන්නෙමි. එසේ හැර ගන්නට නොහැකි නම් වම් අතින් හිස අල්ලා දකූණු අතින් ඇඟිල්ල වක්කොට උගූරට යවා අරගන්නෙමි. ලේ සහිත වුවත් දරුවාට ඇති අනුකම්පාව නිසා මම එසේ කරමි. ්් යනුවෙන් කීය.
එවිට භාග්‍යවතූන් වහන්සේ ්්රාජ කූමාරය, එපරිද්දෙන්ම තථාගත තෙමේ මෙසේ පවතින්නේය, මක්නිසාදයත් තථාගතයන් වහන්සේ සත්වයන් කෙරෙහි අනුකම්පාව ඇත්තේය ්් යයි වදාළේය. මේ අනුව බදුරජාණන් වහන්සේ තම අර්ථදායී ස්ථාවරය පහත සඳහන් ආකාරයට වදාරණලදි.
1) තථාගත තෙමේ යම් වචනයක් සිදු නොවූ, සත්‍ය නොවූ, අවැඩ ගෙනදෙන්න කැයි දනීද, ඒ වචනය අනුන්ට අප්‍රිය වේද, අමනාප වේද, තථාගත තෙම එබඳු වචන නොකියයි.
2) තථාගත තෙමේ යම් වචනයක් සිදුවූ, සත්‍යවූ, අවැඩ ගෙනදෙන්න කැයි දනීද, ඒ වචනය අනුන්ට අප්‍රිය වේද, අමනාප වේද, තථාගත තෙම එබඳු වචනද නොකියයි.
3) තථාගත තෙමේ යම් වචනයක් වනාහී වූ දෙයක්ය, සත්‍යයක්ය අර්ථය පිණිස පවතින්නක් යයි දනීද, ඒ වචනය අනුන්ට අප්‍රිය වේද, අමනාප වේද, තථාගත තෙම් ඒ වචනය ප්‍රකාශ කිරීමේ කල් දන්නේ වෙයි.
4) තථාගත තෙමේ යම් වචනයක් නොවූ දෙයක්ය, අසත්‍යයක්ය, අවැඩ ගෙනදෙන්නකැයිි දනීද, ඒ වචනය ද නොකියයි.
5) තථාගත තෙමේ යම් වචනයක් වූ දෙයක්ය, සත්‍යයක්ය, අවැඩ ගෙනදෙන්නකැයිි දනීද, ඒ වචනය අනුන්ට ප්‍රිය වේද, මනාප වේද, තථාගත තෙමේ එබඳු වචනද නොකියයි.
6) තථාගත තෙමේ යම් වචනයක් වනාහී වූ දෙයක්ය, සත්‍යයක්ය, වැඩ ගෙනදෙන්නකැයිි දනීද, ඒ වචනය අනුන්ට ප්‍රිය වේද, මනාප වේද, තථාගත තෙම් ඒ වචනය ප්‍රකාශ කිරීමේ කල් දන්නේ වෙයි.
මමමමමමමමමමමමමමමමමම
බොහෝ උගත් මෙන් නූගත් වූත් විචිකිව්චාව හා සැකය හරි ආකාර තේරුම් නොගත් තර්කය මතම සියල්ල විසඳිය හැකි යයි හඟින්නෝ අද මෙන්ම එකලද වූහ. තර්කය බොහෝ දුරට තවත් තර්කයකට අත්වැලක් සපයන අතර තීරණ ජාලයක අතරමං වීමටද හේතූ කාරක වෙයිි. නිරපේක්‍ෂ කිසිවක් නොමැති අවස්ථාවක සාපේක්‍ෂතා වාදය මත කෙරෙන තර්කය, උපකල්පිත සාපේක්‍ෂතාව බඳීයාම හේ ලිහීයාම නිසාම තීරණ බොහෝවිට නිරවද්‍ය නොවේ. මේ නිසාම තර්කයට සියල්ල හසුකළ නොහැක. බුදුදහම අතක්කාවචර වන්නේ මෙහෙයිනි. තර්කානුකුල යනු තාවකාලික යන්නට දිය හැකි තවත් නමෙකි. මජ්ඣිිම පණ්ණාසකයේ චූල මාලුඬක්‍ය සූත්‍රය ඉතාමත් විසිතූරු ලෙස පෙලගස්වා ඇති විසදුම, විශූද්ධියට පමණක් නොව ජීවන අර්ථ ක්‍රමයටද බුදුදහමින් ලද හැකි පිටුවහල පැහැදිළි කරයි.
චූල මාලුඬක්‍ය සූත්‍රයේ මෙසේ සඳහන්වෙයි. භාග්‍යවතූන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයේ වැඩ වාසය කරණ කල්හි, රහසිගතව සිත එකඟ කළ මාලුඬක්‍ය පුත්‍ර තෙරුන් වහන්සේට සිත පිළිබඳ මෙබඳු කල්පනාවක් පහලවිය. එනම් ලෝකය සදාකාලිකද? සදාකාලික නොවන්නේද? ලෝකයේ කෙලවරක් ඇත්තේද? කෙලවරක් නැත්තේද? ජීවය ශරීරයමද? ජීවය හා ශරීරය දෙකක්ද? සත්වයා මරණින් පසු ඇතිවේද? සත්වයා මරණින් පසු ඇතිනොවේද? මා භාග්‍යවතූන් වහන්සේ වෙත ගොස් මේ කාරණය විචාරන්නෙමි, ඉදින් භාග්‍යවතූන් වහන්සේ මට මෙය මෙසේය, හෝ මෙය මෙසේ නොවේ යයි ප්‍රකාශ කරන්නේනම් මම භාග්‍යවතූන් වහන්සේ වෙත මහණකම් පුරන්නෙමිි. එසේ ප්‍රකාශ නොකරන්නේ නම් මම පැවදිකම හැරදමා ගිහි වන්නෙමි.
මෙසේ මාලුඬක්‍ය තෙරුන් බුදුරජාණන් වහන්සේ වෙත ගොස් සිය ප්‍රශ්න විචාලේය. එවිට භාග්‍යවතූන් වහන්සේ මාලුඬක්‍ය තෙරුන් අමතා මෙසේ කීය.
්් මාලුඬක්‍ය පුත්‍රය කිමද?, මම ඔබට මෙසේ කීයෙම්ද? මාලුඬක්‍ය පුත්‍රය මම ඔබට ලෝකය සදාකාලික කියා හෝ සදාකාලික නොවේ කියා හෝ ලෝකයේ කෙලවරක් ඇත්තේ කියා හෝ ලෝකයේ කෙලවරක් නැත්තේ කියා හෝ ජීවය ශරීරයමද කියා හෝ ජීවය අනිකෙක ශරීරය අනාකෙක කියා හෝ සත්වයා මරණින් පසු ඇතිවේ කියා හෝ සත්වයා මරණින් පසු ඇතිනොවේ කියා හෝ ප්‍රකාශ කරන්නෙම්, එව මෙහි විත් බ්‍රහ්මචර්්‍යාවෙහි හැසිරෙව යයි කීවෙම්ද? ්් එවිට ්්ස්වාමීනී එබඳු කීමෙක් නැත ්් යනුවෙන් මාලුඬක්‍ය තෙරුන් ප්‍රකාශ කලේය. ්්යමෙක් එසේ කියන්නේනම් තථාගතයන් වහන්සේ විසින් එය ප්‍රකාශ නොකරන ලද්දේම වන්නේය ්් ්්මාලුඬක්‍ය පුත්‍රය, යම්සේ පුරුෂයෙක් තදින් විෂ පෙවූ ඊතලයකින් විදින ලද්දේ වන්නේද, එවිට ඔහුගේ මිත්‍ර නෑදෑයෝ ශල්‍යවෛද්‍යවරයකූ වෙත ඉදිරිපත් කරන්නාහුය, එවිට ඔහු මෙසේ කියන්නේය ්් ්්යමකූ විසින් විදින ලද්දේ වෙම්ද ඒ ක්‍ෂත්‍රියයෙක්ද, බ්‍රාහ්මණයෙක්ද, වෛශ්‍යයයෙක්ද ශූද්‍රයෙක්දැයි දැනගන්නා තූරු මම මේ ඊතලය නොගලවන්නෙමි ්් ්්ඔහු මෙසේද කියයි ්් ්්විදින ලද්දේ කූමන ගෝත්‍රයෙකූ දැයි දැනගන්නා තූරු නොගලවමි, උස,මිටි, මධ්‍යම තරමේ කෙනෙකූදැයි දැනගන්නා තූරු නොගලවමි, සුදු, කළු, තලෙළු හා අසවල් ගමේ, නියම් ගමේ හෝ නුවර යයි දැනගන්නා තූරු නොගලවමි. මහ දුන්නකින්ද, කූඩා දුන්නකින්ද, දුනු දිය කූමන ලනුවකින්ද, ඊතලය කූමකින් සකසන ලද්දක්ද දන්නා තූරු නොගලවමි යනුවෙන් විචාරන ලදුව කරුනු නොදන්නා ලද්දේම වන්නේය එකල ඒ විදුම් ලද පුද්ගලයා කළුරිය කරන්නේය. ්් ්්මාලුඬක්‍ය පුත්‍රය, එපරිද්දෙන්ම ලෝකය සදාකාලික වන නොවන බව, කෙලවරක් ඇති නැති බව, ජීවය හා ශරීරය එකම බව හෝ නොවන බව, සත්වයා මරණින් මතූ ඇති නැති බව භාග්‍යවතූන් වහන්සේ යම්තාක් ප්‍රකාශ නොකරන්නේද ඒතාක් මම බඹසර නොහැසිරෙමි යයි කියන්නේද, එකල්හිද ඒ පුද්ගල තෙමෙ මැරෙන්නේය. (ධර්මයෙන් වෙන්වන්නේය) ්්
්්මාලුඬක්‍ය පුත්‍රය, මම මේ ආත්මයේ යමක් විනාශ යයි පැනවිම්ද, ඒ ඉපදීම ඇත, ජරාව ඇත, මරණය ඇත, සෝක වැලපීම්, දුක් දොම්නස්, උපායාසයෝ ඇත්තාහ. කවර හෙයකින් මම ප්‍රකාශ කරන ලද්ද, අර්ථයෙන් යුක්ත, මාර්ග බ්‍රහ්මචර්යාවට මුල්වන, සසර නො ඇලීම පිණිස, කෙලෙස් සංසිඳුවීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද එහෙයින් මම එය ප්‍රකාශ කලෙමි. කවර හෙයකින් මම ප්‍රකාශ නොකරන ලද්ද අර්ථයෙන් යුක්ත, මාර්ග බ්‍රහ්මචර්යාවට මුල්වන, සසර නො ඇලීම පිණිස, කෙලෙස් සංසිඳුවීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස නොපවතීද එහෙයින් මම එය ප්‍රකාශ නොකලෙමි.්්
්් එහෙයින් මා විසින් ප්‍රකාශ නොකරන ලද්ද ප්‍රකාශ නොකරන ලද්දක බව දරව, ප්‍රකාශ කරන ලද්ද ප්‍රකාශ කරන ලද්ද බව දරව ්් අගමුල නොපෙනෙන සසරෙහි මායිම් තබා සිය අනුගාමිකයන්ගේ ප්‍රඥාව නිද්‍රෝපගත කල අන් සාස්තෘවරු දෙස බලනකල මෙය කෙතරම් නිරවද්‍යද, ප්‍රඥා ගෝචරද, සත්‍යවාදීද? ප්‍රයෝගික ලෝකය දත්ත වර්ගීකරණය කරද්දී ආගම්, දර්ශන හා විද්‍යාව වශයෙන් කොටස් තූනකි. විද්‍යාව බොහෝ අවස්ථාවලදී දර්ශන වලට ආලෝකයක් ලබාදෙමින් ආගම් සියල්ල අඳුරු කර ඇත. වසර 2050 දී බොහෝ ආගම් ප්‍රතික්‍ෂෙ වන බව විද්‍යාඥ ආතර්. සී. ක්ලාර්ක් මහතා පවසා ඇත. මෙය සත්‍යයක් හෝ අසත්‍යයක් වන්නේ සිය අනුගාමිකයිනට ප්‍රඥාව අවදි කරගැනීමට ලැබෙන ඉඩප්‍රස්ථාව මත විය යුතූයි.
අග්ගඤ්ඤ සූත්‍රයේ මෙසේ දක්වා ඇත.
් වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොලව පිහිටන්නීය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොලව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයේ රළු ගතිය ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීමද පෙනුණේය. වර්ණය නිසා උපන් අධික මානයෙන් ඔවුන්ගේ රස පොලව නැතිවී ගියේය. පුරාණ ලෝකෝත්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනින්මය.්
්වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයාගේ රස පොළොව නැතිවී ගිය කල්හි (බිම්හතූ) ඕජා සහිත මොලොක් පස පහල වූයේය. එය වර්ණ සම්පන්නවිය. සුවඳින් යුක්ත විය. රසයෙන් යුක්තවිය. එවිට ඒ සත්වයෝ බිම්හතූ අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරිරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩුබවද පෙනුණේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතූවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතූ (බිම් පතූරු) නැතිවී ගියේය. එකල බදලතා නම්වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය. සුවඳින් යුක්ත විය. රසවත් විය. එවිට ඒ සත්වයෝ බදලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරිරයන්හි රළු බවද බොහෝසෙයින් වැඩිවිය. වර්ණය අඩු බවද පෙනුණේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතූවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදලතා නැතිවී ගියේය. මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ත් වංශ කථාවට අනුව යෙත් එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනින්මය.් ලෝකෝත්පත්ති කථාව ගැන බුදුරජාණන් වහන්සේගේ අදහස එයයි.
ජීවක සූත්‍රය
පටලවා තෝරා ගැනීම නිසා හෝ තම වාසිය පිණිස තේරුම් කරගැනීම නිසාහෝ යම් යම් ධර්ම කාරණා ගැන සිවුවනක් පිරිස අතරම නොයෙකූත් විවිධ අර්ථ කථනයන් දක්නට ලැබේ. බුදුන් වහන්සේගේ දේශනා විලාසය ඉතාමත්ම ගැඹුරුවේ. වැරදි ආකාරයෙන් ධර්මය ග්‍රහනය කිරීම හෝ සේවනය කිරීම විෂගෝර සර්පයෙකූ වලිගයෙන් හෝ කඳ මැදින් අල්ලනවා වැනියි. බුදුරජාණන් වහන්සේ වරෙක මෙසේ දක්වා ඇත. ්්ථතාගතයන් වහන්සේ මේ කෙලෙස් සහිත ලෝකයේම ඉපිද කෙලෙස් මල සුන්කර ජීවත්වීම මඩ ගොහොරුහක පිපී මඩ සහිත ජලයේ නොගෑවෙමින් තිබෙන නෙළුමක් වැනියි. ්් මෙනයින් බලනකල ධර්ම සේවනය මතම ලෞකික, ලෝකෝත්තර යනදෙකම තිරණය වනු ඇත. ලෞකික ලෝකයේ සියල්ල ලෞකිකය, ලෝකෝත්තර වශයෙන් ලෝකයක් නොපවතින අතර ලෝකෝත්තර ධර්ම හා නිර්වානය පමණක්ම ලෝකෝත්තර වෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ විසිතූරු දේශනය මගින්ම පමණක් ලෞකික ධාතූවක් වන සිත, ලෝකෝත්තර කර ගත හැකිවේ. චිත්ත චෛතසික සම්බන්ධවීම මතම කර්ම සකස්වීම සිදුවන බැව් ධර්මයේ දක්වා ඇත. කෙසේ වෙතත් බුද්ධ දේශනයේ පරමාර්ථය වන්නේ දුක් විදින සත්වයා සංසාරයෙන් එතෙර කිරීමයි. ඒසඳහා බුදුරජාණන් වහන්සේ මාර්ගය හෙළිකරදී ඇත. ඊට වැඩිමනත් දෙයක් වෙතොත් එය උක්ත පරමාර්ථය සාක්‍ෂාත් කරගැනීම සඳහාම විය යුතූයි. සත්ව ඝාතනය කෙසේ වෙතත් සත්ව හිංසනයට වත් බුද්ධ දේශනයේ කිසිම තැනක එන්තරවාසියක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදී නැත. එය බුද්ධ දේශනයට පරිභාහිර වූවකි. එසේ නම් සතූන් නොමරා මස් කෑමට බුදුදහමේ මාර්ගයක් පෙන්වාදී ඇතිද? මස්මාංස භාවිතය පිළිබඳව නිරවුල් විග්‍රහයක් මජ්ඣිිම පණ්ණාසකයේ ජීවක සූත්‍රයේ දැක්වේ.
භාග්‍යවතූන් වහන්සේ රජගනුවර ජීවකයන්ගේ අඹ උයනෙහි වැඩ වාසය කරණ කල්හි ජීවක කොමාරභව්වි තෙම භාග්‍යවතූන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය. ්්ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතූන් මරත්, ශ්‍රමණ ගෞතමයන් ඒ මාංස වළදන්නේය යනුවෙන් මා විසින් අසනලදි ්් එවිට භාග්‍යවතූන් වහන්සේ ්්ජීවකය ඔව්හු මට බොරුවකින් දොස් කියන්නාහු වෙත් ්් ජීවකය මම වනාහි කරුණු තූනකින් යුක්තවූ මාංසය පරිභෝග නොකට යුතූ යයි කියමි. දක්නා ලද්දය, අසන ලද්දය, සැක කරණ ලද්දය යන තූනයි. ්් මේ අනුව මාංසය පිණිස සතෙකූ මරණවා දැකීම හෝ පිළියෙල කල දෑ මාංසයක් යැයි දැකීමද, මාංසය පිණිස සතකූ මරණවා යයි ඇසීම හෝ පිළියෙල කල දෑ මාංසයක් යැයි කියනු ඇසීමද, මාංසය පිණිස සතකූ මරා ඇතැයි සැක කිරීම හා පිළියෙල කළ දෑ මාංසයක් යැයි සැක කරන්නේ නම්ද එම මාංසය නොවැළඳිය යුතූය යන’්න පැහැදිළිව දක්වා ඇත.
්්මම වනාහි කරුණු තූනකින් යුක්තවූ මාංසය වැළඳිය යුතූ යයි කියමි. නොදක්නා ලද්දය, නොඅසන ලද්දය, සැක නොකරණ ලද්දය යන තූනයි.්් මේ අනුව මාංසය පිණිස සතෙකූ මරණවා නොදැකීම හෝ පිළියෙල කල දෑ මාංසයක් යැයි නොදැකීමද, මාංසය පිණිස සතකූ මරණවා යයි නොඇසීම හෝ පිළියෙල කල දෑ මාංසයක් යැයි කියනු නොඇසීමද, මාංසය පිණිස සතකූ මරා ඇතැයි සැක නොකිරීම හා පිළියෙල කළ දෑ මාංසයක් යැයි සැක නොකරන්නේ නම්ද එම මාංසය පරිභෝග නොකොට යුතූය යන’්න පැහැදිළිව දක්වා ඇත.
තවද සියළු දිසාවන් වෙත පැතිරවූවාවූ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා සිතින් වාසය කරන භික්‍ෂුව තෘෂ්ණාවෙන් තොරව, රාග, ද්වේශ, මෝහ යෙන් තොරව තමන්ට හා අන්‍යයන්ට දුක් පිණිස නොසිතා මෙබඳු ප්‍රනීතවූ පිණ්ඩපාතයකින් මා වළඳවන්නේ නම් යෙහෙකැයි පහලවූ සිතකින් තොරව නිස්සරණ ප්‍රඥාවෙන් යුතූව යමෙකූ ප්‍රදානය කල පිණ්ඩපාතය ඉවසා වළඳයි නම් ඒ ආහාරය නිවැරදි ආහාරයක් වන්නේ යයි අනුදැන වදාරණ ලදි.
වැරදි, නිවැරදි, කූසල්, අකූසල් ,හොඳ, නරක සියල්ල තීරණය වන්නේ ක්‍රියාව මත පමණක්ම නොව ඒ හා සම්බන්ධ වුන චෛතසිකයන් මතයි එනම් චේතනානුරූපවයි. ක්‍රියා සියල්ල කර්මයෝ නොවන්නාහ. චේතනාවෝම කර්මයෝ වන්නාහ. චේතනාවක් නොවුන කර්මයක් එනම් උපාදාන නොවූවක් භව හා ජාති සකස් නොකරයි, ්්චේතනාහං භික්ඛවේ කම්මං වදාමි ්්්් යනුවෙන් දේශනා කර ඇත්තේ එහෙයිනි.
අතක්කා වචර වුවද පලදායී තර්කයට ඉඩදීම
පරස්පර තාවයන් නොමැති බව
ධර්මතා නියාම(හැසිරීම) හා විපාක ස්වරූප
උතූ නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම හා චිත්ත නියාම යන ලෝක ධර්මතා පහනේ, බුදු සමය වැඩිපුර දක්වන්නේ චිත්ත,ධර්ම හා කර්ම නියාම ගැනයි්. බුද්ධාගමේ මෙන්ම සෑම ආගමකම පව් හා පින් වෙයි. පින් හා පව් විපාක ස්වරූපයෙන් දක්වන එකම ආගම බුද්ධාගමයි. එතෙකූදු වුවද සියළු විපාකයන් කර්මය මතම සිදුනොවන බවත් සියල්ල කර්මයෙන් හටනොගන්නා බවත් දතයුයූය. සියල්ල කර්මයෙන් හටගනී යන්නත් සියල්ල කිසියම් බලවේගයක කැමැත්ත පරිදි සිදුවනවා යන්නත් දෙකම එකහා සමාන ප්‍රකාශයෝයි. ස්වාභාවික වස්තූන් සියල්ල හටගෙන තිබෙන්නේ කර්මයෙන් නොවන අතර ශරීරයේ හටගැනිමටත් පැවැත්මටත් කර්ම, චිත්ත, සෘතූ, ආහර යන කාරනා හතර බලපවත්වයි. මේ අනුව සත්වයාගේ ඇතිවීමටත්, පැවතීමටත්, නැතිවීමටත් කර්මය එකහේතූවක් පමණි. තවත් හේතූ කාරණා බොහෝයි. සියලු ලෙඩ රෝග කර්මයෙන් පමණක් හටනොගනී. පිත් සෙම් කිපීම, සෘතූ විපර්්‍යයාස, විෂම ආහාර හේතූවෙන්, අනුන්ගේ උපක්‍රම හේතූකොටගෙන, කර්ම විපාක හේතූකොටගෙන යනාදී වශයෙන් ගිරිමානන්ඳ සුත්‍රයේ දැක්වේ. සත්වයාගේ නැසීයාමටත් කර්මය අවසන් වීම එක හේතූවක් පමණි, ආයුශය ගෙවීයාමද, කර්මයත් ආයුශයත් දෙකම තිබියදී ස්වාභාවික හේතූන් මතද සත්වයා නැසීයයි.
කර්මය මතම ඵලය තැන්පත්වී තිබීමත්, විපාකය කර්මානුරූපී වීමත් ධර්මතාවයකි. මේ අනුව කර්මය කරවන්නෙක් නොමැති බවත් අනාත්ම ධර්මතාවය මත විපාකය විඳින්නෙක් නොමැති බවත් දැක්වෙයි. එහෙත් කර්මය ඵල වශයෙන් තැන්පත් වන හෙයින් විපාක ස්වරුපයෙන්් හතර ආකාරයකට ක්‍රියාත්මක වීමේදී කර්මය කල තැනැත්තා කරා එය ගලායයි මෙනයින් පුනර්භවයේ ගැලපීමද සිදුවෙයි. මේ අනුව විපාකය යනු කර්ම ඵලයේ ප්‍රතිලාභ ස්වරූපයයි. බොහෝ ආගම් කර්මයත් කර්ම ඵලයත් විශ්වාශ නොකරන අතර සිය වර්ගීකරණය පරිදි පින් කිරීමටත් පවු නොකරීමටත් උපදෙස් දෙයි. පින් කිරීමටත් පවු නොකරීමට උපදෙස් දීමෙන් අදහස් කරන්නේ කර්මයත් එයට අනුරූප ඵලයක් ඇතිබව අන් අයුරකින් විශ්වාශ කිරීමකි. එමෙන්ම පුනර්භවය ගැන විශ්වාශ කිරීමක්ද ඉන්ම සිදුවෙයි. මන්ද පින් පවු ලාභය සදහා කිසියම් උපතක් තිබිය යුතූ හෙයිනි.
කර්මයත්, කර්ම ඵලයටත් අමතරව විපාක වාරයක් ගැන බෞද්ධ දර්ශනයේ සඳහන්වෙයි. බුදු දහමේ පෙනෙන අසිරිමත්ම දේශනයකි මෙය. කර්මය, උපන් සත්වයා කර්ම ඵලය ඇතූළුව සියළු ධර්මතාවයනට නතූවේ. සසර සැරිසරනතාක් කල් මින් බැහැර විය නොහැක. අටලෝ දහම එයයි. කර්මයත් කර්ම ඵලයත් වැලකිය නොැකි මුත් විපාක වාරය වැලැක්විය හැකියි. කර්මයත්, කර්ම ඵලයත් භාහිරව සිදුවන්නකි පාලනයට නතූකොට නොගත හැකි එය ධර්මතා ස්වභායකි ස්වයං සිද්ධයි. විපාක වාරය අභ්‍යන්තරයි එය පාලනය කල හැකියි. කර්මයට අදාලව ඵලය අනිවාර්්‍යයයෙන්ම තමා කරා එනමුත් එය සැප දුක් ආකාරයෙන් විඳීම් ප්‍රකාරව ග්‍රහනය කිරීම් අයුරින් විපාක වාරය ලබයි. සියල්ල හඳුනන්නේද විඳින්නේද සිතිනි. සසරේදී හෝ මේ භවයේදීම කරනලද හීන කර්මයක් වෙනුවෙන් ලැබුන ඵලය දුක්ඛදායී වුවද එය දුකක් යයි සිතා තම සිත පීඩාවට පත්නොකොට ජීවත්වීම මගින් විපාකවාරය අත්හල හැකියි. “සංකිච්චේන පංච උපාදානස්කන්ධා දුක්ඛා යනුවෙන් විශේෂයෙන්ම සඳහන් කලේ උපාදානයම දුක බව සඳහන් කිරීමටයි. මේ අනුව ඉංද්‍රයයන් වත්, අරමුණු වත්, වස්තුන් වත් දුක්නොව දුක් යයි ගන්නා ඇලීම් ප්‍රකාර චිත්ත ස්වභාවයම දුක් වන බවයි. අෂ්ඨ ලෝක ධර්මයේදී ලාභ, යස, ප්‍රශංසා, සැප යන්න සාර ලෙසත් අලාභ, අයස, නින්දා, දුක අසාර ලෙසත් ගැනීම නිසා සත්වයා කම්පාවට පත්වීමෙන් විපාක වාරය සලස්වාගනී. කම්පාවට පත්නොවන්නා විපාකවාරය ලගාකර නොගනී. දුක් නොවිඳ සැප ලගාකරගැනීමට කැමති පුද්ගයයා විසින් විපාක වාරය අත්හල යුතූයි. මරණය දුකක් යයි දැනෙන්නේ මල පුද්ගලයාට නොව ජීවත්වන පුද්ගලයා එය දුකක් යයි හගින නිසායි. බිනීම නිසා හෝ අවලාද නැගීමන් කූපිත කලහැක්කේ නිදා සිටින පුද්ගයයා නොව අවදියෙන් සිටින පුද්ගලයායි. සභ්‍ය හෝ අසභ්‍ය වචන බිළිදුනට එක හා සමානවේ. කර්ම ඵලයට වඩා විපාක වාරය අනර්ථකාරීවෙයි. මන්ද සුලු කර්ම ඵලයක් වුවද විශාල චිත්ත පීඩාවක් ගෙනදිය හැකි හෙයිනි. මේ අනුව කර්ම ඵලය විපාකවාරයක් කර නොගැනීමෙන් දුක් නොවිඳීමටත් කර්මපථ වීම වලක්වා ගැනීමත් කල හැකියි. විපාක වාරය අත්හැරීම දුකෙන් සැප විදීමේ මාර්ගයකි. විපාකවාරය අත්හැරීම මගින් චිත්ත මට්ටම සකස්කර ගන්නා පුද්ගයයා යලි දුගති භුමියකට නොපැමිනේ.
පෙර කරන ලද කර්මයක ඵලයක් ලෙස මුගලන් මහ රහතන් වහන්සේට සොරු කණ්ඩායමක් විසින් ඇග මස් ඇට බිිඳෙන තූරු ප්‍රහාර එල්ල කරනලදි. ආශ්‍රවයන් පහකල මහ රහතන් වහන්සේ කෙනෙක් දුකක් ලෙස යමක් නොගන්නා අතර සිත පීඩාවකට පත්වීමක්ද සිදුනොවේි. මුගලන් මහරහතන් වහන්සේ ගෙන් මෙය විමසනු ලදුව තමාට කිසිදු වේදනාවක් දුකක් නොදැනුනු බවත් දැනුදු වේදනාවක් නොදැනෙන බවත් ප්‍රකාශ කරණලදි. මේ අනුව කල කර්මයට අනුරූපව ඵලය ලදද එය විපාක වාරයක් නොවුනු බවයි.
වැද්දකූ විසින් විදින ලද ඊතලයක් වැදීමෙන් වේදනාවක් නොලත් පීතිමල්ල ස්වමීන් වහන්සේත්, කලවා ඇටය බිඳ සොරුන් ඉදිරියේ රහත්වු තිස්ස ස්වාමීන් වහන්සේත්, කැලණිතිස්ස රහතන් වහන්සේගේත් කථා ප්‍රවෘත්ති අනුව කර්මානුරූපීව ඵලය ලදද උපාදාන ස්වරූපයෙන් වේදනාව පරිහරණය නොකලෙන්් විපාක වාරයක් නොලත් අයුරු ගෙනහැර දැක්විය හැකියි. සූත්‍ර පිටකයේ නොයෙක් තැන්වලද බෞද්ධ සාහිත්‍යය පුූාරාද නොයෙකූත් සාධක ඇත.
ධර්මතා හැසිරීම
අතීත චරිත හැසිරීම් අධ්‍යයනය කරන්නකූට අන් සියළු ලිඛිත ලේඛන වලට වඩා සුත්‍ර පිටකය හා ජාතක කථා පොත මගින් වඩාත් කරනා හෙළිදරව් කරගත හැකිිවේ. බොහෝ ධර්මතා හැසිරෙන්නේ ඊට අදාල පරාසය තූල ස්වයං සිද්ධවයි. කිසියම් ධර්මතාවයක් හැසිරෙන්නේ ඊට අදාල ගූණාංග තූලයි ඉන් බැහැරවිමක් වෙතොත් එය කලාතූරකිනි. කර්මය ගැන සලකා බැලීමේදී ඊට අනුරූප ඵලයක් ගැන දැක්වෙයි. ගසක ඵලයකින් ඒ ආකාරම ගසක් බිහිවේ. මෙය ධර්මතාවයකි. සූත්‍රවල හෝ ජාතක පොතේ සංසාර ගත ගැලපීම් විස්තර වෙද්දී බොහෝ දුරට පුරු’ෂයෙක,ූ පුරුෂයෙකූ ලෙසත් ස්ත්‍රියක, ස්ත්‍රියක ලෙසත්, යලි උපත ලබන බව තහහුරුවී තිබේ. අධි මානසික විද්‍යාව ප්‍රයෝජනයට ගනිමින් ප්‍රතිකාර කිරීමේදී එඩ්ගා කේසි විසින් අතීත ආත්මභාව ගැන පර්යේෂණ පවත්වනු ලැබූ අතර බොහෝ අවස්ථාවලදී අපට දක්නට ලැබෙන්නේ එකම ස්ත්‍රී පුරුෂ භාවයක ඒ ඒ අය උපත ලබා තිබූ බවයි. බුදු දහමේදීද මෙය සනාථවී තිබේ. ඉන් ඔබ්බට කරුණු හැදෑරීමේදී බුදු දහමද මෙය නියතම සිද්ධාන්තයක් නොවන බව දක්වයි. විශේෂත්වය වන්නේ එය නොවේ. අවශ්‍යතාවයක් වෙතොත් පිළිවෙතින් හා උත්සාහයෙන් මතූ භවය පමණක් නොව මතූ උපදින භාවය පවා වෙනස් කරගත හැකි බව දක්වා තිබීමයි.
සක්කපන්හ සූත්‍රයේදී එය මෙසේ දැක්වේ. ස්වාමීනි, මේ කපිලවස්තූ පුරයෙහිම බුදුන් දහම් සඟූන් කෙරෙහි පැහැදුනාවූද, සීලයෙන් සම්පූර්ණ කරන්නාවූද ගෝපික නම් ශාක්‍ය දුවක් වූවාය. ඈ ස්ත්‍රීභාවය පිළිබඳ සිත පහකොට පුරුෂ භාවය සම්බන්ධ සිත වඩා මරණින් මතූ ශෝභන ගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ ලෝකයෙහි (දෙව්ලොව) උපන්නීය. අපගේ පුත්‍ර බවට පැමිණි තව්තිසා වැසි දෙවියන් සහ එක්වීමට පැමිණියාය. එහිදීද, ඔහු ගොපක දිව්‍ය පුත්‍රයා යන නමින් දැනගනිත්. ස්වාමීනි, වෙනත් භික්‍ෂූන් තූන් නමක්ද භාග්‍යවතූන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්යාව) උසස් හැසිරීම කොට පහත්වූ ගන්ධර්ව කොටසක උනන්නාහුය. ඔව්හු පස්කම් සැප විඳින්නාහු, එයින් යුක්ත වූවාහුය. එහි ඉන්ද්‍රියයන් හසුරවන්නාහු අපගේ උපන් ස්ථානයට පැමිනෙත්, ඔවුන්ට ගෝපක දිව්‍ය පුත්‍රයා මෙසේ සිහි කෙරෙව්වේය. නිදුකාණෙනි, තොපි කවර ආකාරයකින් ඒ භාග්‍යවතූන් වහන්සේගේ ධර්මය ඇසුවාහුද? මම වනාහි ස්ත්‍රියක්වම බුදුන්, දහම්, සඟූන් කෙරෙහි පැහැදි ශීලයන් සම්පූර්ණ කොට ස්ත්‍රී භාවය සම්බන්ධවූ සිත දුරු කොට පිරිමි භාවය ගැන සිත වඩා මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ දෙව්ලොව ඉපදී සක්දෙවිඳුන්ගේ පුත් භවට පැමිණ තව්තිසා වැසි දෙවියන්ගේ එක්වීමට පැමිණියෙමි. මෙහිද මා ගොපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්.
සිත පෙරටුකොට චෛතසිකයෝ ගමන් කරති. සිතට අනුරූපව භවය සකස්වෙයි. ඛන්ධානං පාතූ භාවෝ අයතනං පටි ලාභෝ යන්නෙහිි අර්ථය වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ස්ඛන්ධ පංචකයේ පහලවීම මත චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, මන යන ආයතනයන් හය ඇතිවන බවයි. නාම රූප ධර්මයන්ගේ ගූණය මත ආයතනයන්ගේ ස්වභාවය සකස් වෙයි, ආයතනයන්ගේ ස්්වභාවය මත සෙසු ඉන්ද්‍රිය යන්ගේ භාවය සකස්වෙයි. පටිච්චසමුප්පාදයේ මෙය වඩාත් පැහැදිළි ලෙස දැක්වෙයි. අවිජ්ජා සිට සලායතන දක්වාහූ මුල් කොටසද ඒ අනුව පස්ස සිට – භව දක්වා දෙවන කොටසද පිළිවෙලින් අනුරූප ගූණාංග මත සකස්වෙයි. මේ අනුව යම්කෙනෙක් තම සිත සකස් කරණ ආකාරයට භවය හා භාවය තීරණය කරගත හැකි බව බුදුදහමේ පෙන්වාදී තිබේ. නිර්වානය පසක් කර ගැනිමේදී පුරුෂ භාවයට මෙන්ම ස්ත්‍රී භාවයටද එක හා සමාන අයිතිවාසි කමක් ඇත, එනමුදු ස්ත්‍රී පක්‍ෂය මත රුඳුන වගකීම් සමුදාය දෙස බලනකල පුරුෂ පක්ෂයට මදක් පහසුසේ ගැනෙන බව පෙනේ, කෙසේ වුවද යමෙකූට අවැසි නම් සිය මතූ ආත්මභාවය උත්සාහයෙන් හා පිළිවෙතින් කැමති ආකාරයකට සකස්කරගත හැකිබව ප්‍රත්‍යක්‍ෂය.
ධර්මය හා ආගම. ප්‍රචාරය හා ප්‍රහාරය
ධර්මය හා ආගම අතර පැහැදිළි වෙනසක් තිබේ. ලෝක ඉතිහාසය දෙස බලන කල සියළුම ආගම් තම ආගම ව්‍යාප්ත කිරීමට සඳහා යොදාගෙන තිබුනේ ප්‍රහාරයයයි. ආගම් වලට බඳවා ගත්තේ බලහත්කාරයෙනි. මෙකී ප්‍රහාරය නිසා ඉස්මතූ වූ ආගම් මෙන්ම යටගිය ආගම්ද බොහෝ වෙයි. මෙම ප්‍රහාරයන්ට මුහුණ දීම සඳහා ඇතැම් ආගම් වල වෙනම නිකායන් බිහිවූ අතර සමහර අවස්ථාවලදී අනුරූප ආගම් පවා බිහිවී තිබුුනි. සාමාන්‍ය ප්‍රහාරයෙන් ව්‍යාප්ත කිරීම අසමත්වූ අවස්ථාවලදී යුද්ධය පවා යොදා ගන්නා ලදි. ආගම් නිසා භුගෝලීය මායිම් පවා ඇතිවුනි. සෑම ආගමකම ඉතිහාසය තූල කළු පැල්ලම් දැකිය හැක. එකල ධර්ම ප්‍රචාරය මගින් බුදුදහමට මිනිසුන් හරවා ගත් අතර ආගම් මගින් කරන ලද්දේ බලහත්කාරයෙන් බඳවා ගැනීමයි. අද දවස පෙනෙන වෙනස නම් ප්‍රහාරය වෙනුවට ප්‍රදානය යොදා ගැනීමයි. ආගම් තූල සංහිඳියා පිළිවෙතට බාධාවක් ඇති බව මෙයින් ගම්‍ය වේ. බුද්ධ ධර්මයේ හෝ මොනයම් දර්ශනයක ඉතිහාසය හැදෑරීමේදි කිසි දිනෙක ප්‍රහාරක් යුද්ධයක් ඇතිවූ බවට කිසිම සාධකයක් සොයාගත නොහැක. ආගම් ව්‍යාප්ත කිරීමේදී ප්‍රහාරය හා යුද්ධය යොදාගත් අතර ධර්මය ව්‍යාප්ත කිරීමේදී විවාදය හා ප්‍රචාරය යොදා ගන්නා ලදි. මෙතැනදී බුදු දහම විශේෂත්වයක් ගනී.
අන්‍ය ආගම් ඉවසීම ගැන මජ්ජිම නිකායේ උපාලි සූත්‍රයේ මෙසේ දැක්වේ. නිඝණ්ඨනාථ පුත්‍රයාගේ මෙහෙයවීම මත බුදුරජාණන් වහන්සේ සමග වාද කොට වෙහෙසට පමුණු වම්හයි සිතා පැමණි නිඝණ්ඨනාථ පුත්‍රයාගේ ප්‍රධාන දායකවූ උපාලි ගෘහපති තෙමේ බුදුරජාණන් වහන්සේගේ විසිතූරූවූ දේශනාව අසා සිට ඉන් පැහැදී මෙසේ පවසනලදී. ් ස්වාමීනි, ඒ මම භාග්‍යවතූන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්‍ෂු සංඝයාද සරණ කොට යමි. භාග්‍යවතූන් වහන්සේ අද පටන් දිවි හිමි කොට සරණ ගියාවූ උපාසකැයි මා දරණ සේක්වා යි කීයේය. එවිට භාග්‍යවතූන් වහන්සේ “ ්ගෘහපතිය සිතා බලා සුදුස්සක් කරව. සිතා බලා කිරීම නුඹ වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යන්ට යහපත් වේ යයි ්්් වදාලහ.
ස්වාමීනී, භාග්‍යවතූන් වහන්සේ සිතා බලා කටයුතූ කිරීම තොප වැනි ප්‍රසිද්ධ මිනිස්සුන්ට යහපතක් වේයි යන යමක් මට කීයේද, මේ කාරණයෙනුත් මම භාග්‍යවතූන් වහන්සේ කෙරෙහි වැඩියෙන්ම සතූටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයේ වෙමි. ස්වාමීනි, අන්‍ය තීර්ථකයෝ වූකලී මා වැනියකූ ශ්‍රාවකයෙකූ (වශයෙන්) ලැබී නම් සීයළු නාලන්දා නුවර උපාලි සිටුතෙම අපගේ ශ්‍රාවක බවට පැමිණියේයැයි කොඩි නංවන්නාහුය. එතෙකූදු වුවත් භාග්‍යවතූන් වහන්සේ මට මෙසේ වදාළහ. “ ්ගෘහපතිය සිතා බලා සුදුස්සක් කරව. සිතා බලා කිරීම නුඹ වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යන්ට යහපත් වේ’ ් (කියාායි). ් ස්වාමීනී, ඒ මම දෙවනුත් භාග්‍යවතූන් වහන්සේ සරණ කොට යමි ධර්මයද භික්‍ෂු සංඝයාද සරණ කොට යමි. භාග්‍යවතූන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා. යි කීයේය.්
් ගෘහපතිය නුඹගේ කූලය බොහෝ කලක් නිඝන්ඨයන්ට පිළියෙල කළ ලිඳක් (පැන් මඩුවක්) මෙන් වේද? එහෙයින් ගෙට ආවාවූ ඔවුන්ට ආහාර දිය යුතූයයි හඟින්නෙහිය ්, යි වදාලහ. ස්වාමීනි, යම් හෙයකින් මට භාග්‍යවතූන් වහන්සේ ් ගෘහපතිය, බොහෝ කලකින් තොපගේ කූලය නිගන්ටයන්ට පිළියෙල කල ලිඳක් මෙන් වේද, එහෙයින් පැමිණියාවූ ඔවුන්ට ආහාර දිය යුතූකොට හඟින්නෙහිය ් යි’ මෙසේ වදාළේද, මෙයින්ද මම භාග්‍යවතූන් වහන්සේ කෙරෙහි වැඩියෙන්ම සතූටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයෙමි. ස්වාමීනි, ් ශ්‍රමණ ගෞතම තෙම මටම දානය දිය යුතූයි අන්‍යයන්ට දානය දිය යුතූ නොවේ. මගේම ශ්‍රාවකයන්ට දානය දියයුතූයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දානය දිය යුතූ නොවේ. මටම දෙන ලද්ද මහත් ඵලවෙයි. අනුන්ට දෙනලද්ද මහත්ඵල නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල වෙයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දෙනලද්ද මහත්ඵල නොවේය.් යයි කියන්නේ යයි අන් තීර්ථකයන් විසින් ප්‍රචාරය කොට ඇති බව මා විසින් අසනලද. එතෙකූදු වුවත් භාග්‍යවතූන් වහන්සේ මා නිඝන්ඨයන් හටද දීමෙහි සමාදන් කරවයි. ස්වාමීනි, එහෙත් ඒ දීමෙහි අපි මෙහි කල් දනිමු. ඒ මම තූන්වෙනුවත් භාග්‍යවතූන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්‍ෂු සංඝයාද සරණ කොට යමි. භාග්‍යවතූන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා, යි කීයේය.
සංසන්දනාත්මකව බැලීමේදී මෙහිලා මෙවන් කරුනු වැදගත් යයි ප්‍රකාශ කරන අතර, මෙය මෙසේ ප්‍රකාශ කිරීමෙන් චරීතයකට හෝ ආගමකට අපහසුවක් නොවේ යැයි හඟිමු. උපතින් බෞද්ධයකූ නොවූ, පසුකලෙක ඉතාමත් කීර්තිමත්වූ, විද්වත්වූ, මහාචාර්්‍යවරයකූ සිය මූලික අධ්‍යාපනය ලබද්දී ලත් අත් දැකීමක් මෙසේ නිරහංකාරව ප්‍රකාශ කර තිබුනි. එතූමා මහාචාර්්‍යයවරයකූ වූයේ එදා යයි අපි හඟිමු.
දිනක් පංතියේදී ආගම උගන්වද්දී ගූරුතූමා අපගෙන් මෙසේ ප්‍රශ්නයක් ඇසුවේය. ්් අපේ පාසල දියුණු කිරීමට වෙනත් ආගම් වලට අයිති අයගෙන් ආධාර ලබා ගැනීම සාධාරණද? ්් ්්්සාධාරණයි ්් කියා ළමයි කිහිප දෙනෙක් එක්වරටම පිළිතූරු දුන්හ. ්් ඒ ඇයි යනුවෙන් ගූරුතූමා පෙරලා ප්‍රශ්න කළේය. ්් කවුරුහරි කැමැත්තෙන් ම දෙන ආධාරයක් ලබාගැනීමේ කිසිම වරදක් නෑ ්් එක් ළමයෙක් පිළිතූරු දුන්නේය. ඉක්බිතිව ගරුතූමා තවත් ප්‍රශ්නයක් නගමින් ්් වෙනත් ආගමකට අයිති පාසලක් දියුනු කිරීමට අප ආධාර දීම කළ යුතූ දෙයක්ද? ්් කියා ඇසීය. මුළු පන්තියම නිශ්ශබ්ද වූහ. ්් මම හිතන්නෙ වෙනත් ආගමකට අයිති අයගෙන් අපේ ඉස්කෝලේ දියුණු කරන්න ආධාර ලබාගන්න එක හොඳ දෙයක්නම් ඒ අයගේ ඉස්කෝල දියුණු කරීමට අපිත් ආධාර දෙන්න ඕන කියලයි. එහෙම නොකලොත් අපි කෙළෙහිගූණ දන්නේ නැති අය වනවා.්් යි මම කීවෙමි. අග්‍ර ගණයේ ධර්මධරයෙකූවූ ගූරුතූමා බිඳක් හෝ නොසැලී මෙසේ කීවේය. ්් ඔන්න ඔතනයි මේ ලමයට වැරදිල තියෙන්නේ. මේක කෙළෙහිගූණ සැලකීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මේක සත්‍ය-අසත්‍ය අතර ප්‍රශ්නයක්. මේ ලමයා පිළිගන්නවද අපේ ආගම ලෝකයේ එකම සත්‍ය ආගම බව.්් එවකට අන් කිසි ම ආගමක් පිලිබඳව කරුණු නොදැන සිටි මම ගූරුතූමා ඇසූ ප්‍රශනයට ්්ඔව් ්් යනුවෙන් පළිතූරු දුනිමි. ්් සත්‍ය පතල කිරීමට ඕනෑම අයකූගේ ආධාර ලබා ගැනීම සාධාරණද? ්් කියා ගූරුතූමා ඇසුවේය. ්් ඔව් ්් යනුවෙන් මම යඑට පිළිතූරු දුනිමි. ්් අපේ ආගම එකම සත්‍ය ආගම නම්, ලෝකයේ අන් සියළුම ආගම් මිත්‍යා ආගම් විය යුතූ නේද? ්් කියා ගූරුතූමා යළි ඇසීය. ඒ ප්‍රශ්නයටද ්් ඔව් ්් යනුවෙන් පිළිතූරු දීමට මට සිදුවිය. ්් එසේ නම් අන් ආගම් වලට අයත් පාඨශාලා දියුණු කිරීමට දෙන ආධාර වලින් සිද්ධ වන්නේ මිත්‍යා ආගම් දියුණුවිම නොවේද? ්් ඔහු ඇසීය. මෙයටද මගේ පිළිතූර ්්ඔව් ් ්විය. ්් එසේ නම් ලෝකයේ එකම සත්‍ය ආගමට අයත් අපේ පරම යුතූකම විය යුත්තේ මිත්‍යා ආගම් දියුණු කිරීමට උදව් නොකිරීම නේද? ්් යයි එවකට විශිෂ්ඨතම බුද්ධිමතෙකූවූ ගූරුතූමා ඇසීය. ඒ මොහොතේ දී නිශ්ශබ්ද වීම හැරුණු විට වෙනත් උතතරයක් දීමට තරම් දැනුමක් හෝ ධෛර්්‍යයක් මට නොතිබුණි. එහෙත් එතූමාගේ තර්කයේ කූමන හෝ දෝෂයක් ඇති බව මට ඉවෙන් මෙන් දැනිණි. මේ අනුව උපාලි ගෘහපතියා ගේ ප්‍රකාශයේ හා මහාචාර්්‍ය තූමාගේ ප්‍රකාශයේ ඇති සමාන භාවයත් බුදු දහමේ පෙනෙන සංහිඳියා පිළිවෙතේ හා අනෙක් ආගමක ඇති පරස්පරයත් මෙම මාතෘකාවට හොඳටම ප්‍රමානවත් වේ.
වෙනත් ආගමක වූ ශූද්ධ ලියවිල්ලක සඳහන් ආකාරයට, එම ආගම අත්හැර වෙනත් ආගමක් වැළඳගන්නා අයකූ අල්ලා මරා දැමිය යුතූ බවත්, එම ආගම වැළඳගැනීමට අකමැති අය ශූද්ධවූ යුද්ධ යෙන් මරාදැමිය යුතූ බවත් සඳහන් වෙයි. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා 12,000 ක් පමණ දෙනා දහවල් දානය වළඳමින් සිටියදී ඉංදියාවේ නාලන්දා විශ්ව විද්‍යාලයට ගිනිතබමින් සියළුම බෞද්ධ පත පොත විනාශකර දැමීමත්, පරමානු බෝම්බය හෙලා දස ලක්‍ෂ ගනනක් බෞද්ධ ජනතාව විනාශ කරදැමීමත්, කාම්බෝජයේ හා තිබ්බතයේ මහා සංඝ සංහාරයත්, කෝට්ටේ හා මල්වානේ වූ මහා බෞද්ධ ජීවිත සංහාරයත් දෙවැනි වන්නේ දෙවැනි ලෝක යුද්ධයට පෙර ජර්මණියේ කල යුදෙව් සංහාරයට සමගාමීව දැනට බුද්ධාගම මෙලොවින් තූරන් කිරිමට යටිකුට්ටු වැඩ කරන බටහිර ලෝකයාට පමණි. ක්‍රි.ව. 630 දී පමණ හිතවතූන් 10,000 සමග නගරයක් ආක්‍රමණය කර දේවස්ථාන හා දෙවිවරුන්ගේ ප්‍රතිමා විනාශ කර බලහත්කාරයෙන් ජනතාව තලා පෙලා තර්ජන පීඩා කොට සියතට හරවා ගත් ආගමක ඉතිහාසයත්, ආලාර කාලාම, උද්දකාරාම පුත්‍ර යන ආචාර්්‍යය වරුන් ගෙන් ලද පරිවාර සම්පත්තිය අත්හල බුදුදහමේ ඉතිහාසයත් කෙතරම් පරස්පරවිද? බලහත්කාරයෙන් ආගම් ව්‍යාප්ත කරද්දී බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී ්් මා අනුස්සව, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටක සම්පදාය, යනුවෙන් කාලාමයන්ට දේශනා කර ඇත්තේ පිළිගත් ආගමික ඉගැන්වීමක් නිසා, ආචාර්්‍යය පරම්පරාවෙන් පැවතඑන නිසා, මට මෙසේ ඇසීමට ලැබුන දෙයක් නිසා, පිළිගත් ආගමික ශූද්ධ ලියවිල්ලක තිබුන පමණින් යමක් පිළිනොගතයුතූ බවත්, සිය බුද්ධියට ගෝචර නම් හා සත්‍යය යයි වැටහෙන්නේ නම් පමණක් එය පිළිගත යුතූ බවත්ය. කාලාම සූත්‍රය එදාටත් වඩා වලංගූ වන්නේ අදටයි. බෞද්ධ දර්ශනයේ අධ්‍යාත්මය මගින් අන්ධ භක්තිය නොහොත් ප්‍රත්‍යක්‍ෂයෙන් නොපිළිගැනීම ඉතාමත් තිව්‍රර ලෙස ප්‍රතික්‍ෂෙප කරයි. දන්නා ඉතිහාසය හෝ චර්්‍යාවන් තූල මිනිසා ඇතූළු සියළුම සත්වයෝ උපතේ පටන් මරණය දක්වා තනි තනිව හෝ සමුහ වශයෙන් සිය ඥාණයට අදාල තීරණ, සම්මුති හා ප්‍රතිපත්ති මත ජීවත්වන්නෝ වෙති. මේවා හරි හෝ වැරදි වුවද විචාරයට හා විචක්‍ෂණටය බඳුන් කල ඒවා වේ. එහෙත් සැම අතින්ම දියුණු යයි ගැනෙන පරිපූර්ණවූ මිනිසා නම් සත්වයා ආගම විෂයේදී පමණක් ඉන් බහැර වෙයි. මෙය සිදු නොවිය යුත්තකි. එතැනදී බුදුදහම මිනිසා නිවැරදි කිරීමට පොළඹවයි. එය කෙතරම් විසිතූරුද යත් අලංකාරවත් ලෙස ප්‍රතිපදා මාර්ගය ගොඩනගා ඇත, එහි එකදු සත්‍ය ගෝචර නොවන්නක් නැත.
No comments:
Post a Comment