‘
අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසී පුන ගේහං නකාසසී
සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසංකිතං
විසංකාර ගතං විත්තං තණ්හානං ඛය මජ්ඣගා
සිංහළයෙන් ලියා තැබූ තූන්පිටකය යළි පාලියට නගා එය අටුවා, ටිප්පණී මගින් විග්‍රහකර දැක්වීමේදී සම්මුති හා පරමාර්ථ දේශනයන් පෙල ගැස්සවීමක් සිදුනොවූ අතර ඒ හේතූවෙන්ම බුදුන්වහන්සේගේ පරමාර්ථ දේශනය වැසීගොස් තිබුනි. මනා විමර්ශනයකින් පසු වැසීගොස් තිබූ පරමාර්ථ දේශනය යම්තාක් දුරට හෝ හෙළිදරව් කිරීමට අප ගූරුදේව කෝට්ටේ ශ්‍රී දේවානන්ද මාහිමිපාණන් ගත් කල්‍යාන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පහත සඳහන් පරමාර්ථ විග්‍රහය ගෙනහැර දැක්විය හැකියි.
’
අනේක ජාති සංසාරං - සංසාරයේ අනන්තවූ කාලයක් ඉපදෙමින්
සන්ධා විස්සං අනිබ්බිසං - ඇලීම හෙවත් අල්ලා ගැනීමේ කෘත්‍ය සිදුවන ආකාරය සොයාගත නොහැකිව නොහොත් ග්‍රහනය කරගැනීමේ කෘත්‍ය අභිමුඛ නොවී දුව ඇවිද්දෙමි
ගහකාරකං ගවෙසන්තෝ - ග්‍රහනය කර ගැනීමේ ක්‍රියාව සිදුවන ආකාරය සොයමින්
දුක්ඛා ජාති පුනප්පුනං - යළි යළිත් ඉපදෙමින් දුක් වින්දෙමි
ගහකාරක දිට්ඨෝසී - මා විසින් මේ අලාලා ගැනීමේ කෘත්‍ය සිදුවන ආකාරය මනාව පිරිසිඳ දුටුවෙමි
පුන ගේහං නකාසී - මෙයින් මතූවට නැවතත් මේ ඇලීම හෙවත් ග්‍රහණය කරගැනීම සිදුනොවනු ඇත
සබ්බා තෙ ඵාසුකා භග්ගා - මේ ඇලීම සිදුකරන මූල ශක්තිය වන අපේක්‍ෂාව සහමුලින්ම නසා දැමුවෙමි
ගහකූටං විසංකිතං - බාහිරෙන් සැප සෙවීම හෙවත් ලෞකික දේ සමග සිත බැඳ තබන ශක්තිය යලිත් නොසැකසෙන ආකාරයට සකසා ගත්තෙමි
විසංකාර ගතං විත්තං - මගේ සිත යලිත් ලියලන ආකාරයේ සංකාරවීමක් නොවන අයුරින් සාදා ගතිමි
තණ්හානං ඛය මජ්ජගා - ඒ ඒ දෙයට සිත යොමු කරවන ශක්තිය වන තෟෂ්ණාව සහමුලින්ම නැති කළෙමි
බෝධි මූලයේදී, බුදුරජාණන් වහන්සේ සියළු බැදීම් වලින් නිදහස්ව යලිත් දුක් නොවිඳින්නාවූ නිත්‍ය සැපය නම්වූ නිර්වානාවබෝධය සාක්‍ෂාත් කල බව මේ උදාන වාක්‍යයෙන් ප්‍රකාාශ කරන ලදි. ‘ජාති, ජරා, මරණ ආදී දොලොස් ආකාර පීඩාකාරී රිදුම් වලින් අත්මිදී සියළු වින්දනයන් ගෙන් තොරව ලත් ලෝකීය සැප විහරණයත් අනතූරුව ලබන ලෞකික සැනසීම නම්වූ නිර්වානයත් පිළිබඳ කෙරෙන අපූර්ව විග්‍රහයකි.
දුක හෙවත් සිතෙහි පීඩාකාරී පැවැත්ම ඇතිකර වන්නාවූ ඉපදීමට පාදක වන අල්ලාගැනීම හෙවත් ග්‍රහණය සිදුවන ආකාරය සොයාගත නොහැකිව අනේක වාරයක් ඉපදෙමින් මැරෙමින් සංසාරයේ ඔබ මොබ ඇවිදිමින් දුක් වින්දෙමි. ‘මා විසින් මේ අල්ලා ගැනීමේ හෙවත් ග්‍රහණය කරගැනීමේ කෘත්‍ය ස්වරූපය දුටුවෙමි. මෙයින් මතූවට නැවතත් අල්ලා ගැනීම හෙවත් ග්‍රහණය වීමක් සිදුනොවේ. මා විසින් මේ අල්ලා ගැනීම සිදු කරන මූල ශක්තියවූ අපේ’ක්‍ෂාව සහමුලින්ම නසා දැමුවෙමි. ‘බාහිරෙන් සැප සොයන, ලෞකික දේ සඳහා සිත බැඳ තබන ශක්තිය යලිත් සකස් නොවන ආකාරයට සිත සකසා ගත්තෙමි. මේ සිත යලිත් ලියලන ආකාරයට සකස් වීමක් (සංඛාර) නොවන අයුරින් හා ඒ ඒ දෙයට සිත යොමු කරවන ශක්තිය (තෘෂ්ණාව) සහමුලින්ම නැති කළෙමි.
නිවනට පරිබාහිරවූ 31 තලයෙහි වෙසෙන සියළු සත්වයෝ අපේක්‍ෂාව නම්වූ මූල ශක්තිය මගින් යොමුකිරීමේ ක්‍රියාව වන අල්ලා ගැනීමේ ක්‍රියාදාමයට හසුව සසර පැවැත්ම දිගින් දිගටම ගෙනයයි. ‘ඒ පැවැත්ම, අපේක්‍ෂාවේ (චේතනාවේ) ඇති අංශකයේ (සංඥාවේ) අඩු වැඩි ප්‍රමාණය මත පදනම්වූ කැමැත්තට (කාමයට) යොමුකරවන අතර ඉන් නිරන්තර ඇලීමේ (සත්තා) ක්‍රියාවලිය සැකසී අතරක් නැතූව සසර සැරිසරයි.
‘සසර ගමන නැවත්වීම සඳහා ඇලීම මෙන්ම ගැටීමද සිතින් පහකල යුතූ අතර ඒ වෙනුවෙන් සිත සංවිධානය කිරීම ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මගින් කල හැකි බව බුදු රජානන් වහන්සේ මනාකොට දේශනා කර වදාලේය. මේ අනුව පරමාර්ථ ස්වරූපයෙන් දාන, සීල, භාවනා වැඩීමෙන් සකල ක්ලේශයන් ප්‍රහීන කර පීඩාකාරී පැවැත්මෙන් මිදී සිත නිවීමෙන් ලබන සාන්ත සැපයට ලඟාවිය හැකියි.
ඇලීම නැති කරගැනීම සඳහා අත්හැරීම පුරුදු පුහුනු කරගත යුතූ අතර අත්හැරීම සඳහා පරමාර්ථ ස්වරූපයෙන් දානය පුරදු කලයුතූවේ. චාග, පටිනිස්සග්ග, මුක්ති, අනාල වශයෙන් දුන්දේ ගැන නොඇලී ඉන් මිදී අපේක්‍ෂා වෙන් තොරව කිසිවක් ඉතිරි නොකර අත්හැරීමේ ස්වරූපයෙන් දිය යුතූයි එවිට මොනයම් හෝ කාමයකට (කැමැත්තකට) සිත යොමුනොවේ. එය පරමාර්ථ දානයයි.
දෙවැන්න සීලයයි. හුදෙක්ම ඉංද්‍රිය සංවර සීලයයි. ‘ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංච ද්වාරය වෙතින් ගන්නා අරමුණු මගින් බාහිරයෙන් සැප සෙවීම නවතා “’’ ්’්”දිට්ඨේ දිට්ඨ මට්ටම් භවිස්සති ්යනුවෙන් දැක්වෙන පරිදි දුටුදේ දුටුවා පමණක්, ඇසූදේ ඇසුනා පමණක් දැනුනදේ දැනුනා පමනක් යන ආකාරයට පංච ද්වාරයෙන් එන අරමුණු පාලනයකින් යුතූව ගැනීමෙන් ඉන්ද්‍රිය සංවරය ඇතිවී ශීල සමාදානයට එළඹෙයි. මේ අනුව කාය, වාග් සංවරය ඇතිවේ.
මෙසේ තම චිත්ත සන්තානය තූල ඇති සංවරය හා ඇල්ලීමේ අංශකය ගැනත් පහල වන සෑම සිතක් දෙසම සිහියෙන් බලාසිටීම භාවනාවයි. සෑම සිතක් පාසාම අත්හැරීමත් ශීලනයත් ඇතිවන බව දනිමින් සිතේ ක්‍රියා ස්වරූපය දෙස අවදිවූ මනසින් බලන තැනැත්තා දාන, සිල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම සම්පූර්ණ කරගනී. හෙතෙම ලෞකික දේ තූලින් ලෝකෝත්තර දැනුමක් ස්පර්ශ කරයි. මේ සිත නිවීගත් සිතකි. නිවනට පත්වූවකි.
‘බාහිරෙන් සැප නොසොයා අභ්‍යන්තරයෙන් සැප සාදාගන්නා ඉහත කී ක්‍රමවේදය „්්සමණෝ නත්ති භාහිරේ ්් යනුවෙන් බුදුරදුන් දක්වා වදාලේ, තම සිත සමනය කරනවා මිස බාහිර දේවල් සමනය කිරීමෙන් සහනයක් නැතිබවත් මෙසේ රිදුමක් පීඩාවක් මතූ නොවන සිත නිරන්තරයෙන් පිනවන ස්වරූපයෙන් යුක්ත වන බවත් ප්‍රත්‍යක්‍ෂයෙන් දත් බැවිනි.
වෙසක් පුන් පොහෝ දින බුදුන් වහන්සේ ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගත් මේ ප්‍රනීත දර්ශනය ප්‍රත්‍යක්‍ෂයෙන් අත්විඳ දැනගැනීමට සියළු දෙනාහට ශක්තිය ධෛර්්‍යය පහලවේවා. මෙකී සරණා ගමනයට දිව්‍යරාජ මණ්ඩලයේ පිහිටාධාරය නිරතූරුව ලැබේවා.
් “නමාමි බුද්ධං ගූණ සාගරන්තං ්
‘අදට යෙදෙන 62 වන උපන් දිනය සමරා මා විසින් ධර්මදානය පිණිස මේ කූඩා දහම් ප්‍රකාශනය පින් සිතින් මුද්‍රණය කර බෙදා හරින්නෙමි.
‘
27.05.2010 ක්වූ වෙසක් මස පුර පසලොස්වක් දින
No comments:
Post a Comment