වන්දනා
පුණ්‍ය කටයුත්තක් ලෙස සලකා
පියසිරි නාගහවත්ත සහ එම මැතිණියවිසින් මුද්‍රණය කරවා බෙදාහරින ලදි
2011 බක් මස පුන් පොහෝ දින
නමස්කාරය
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තෙසරණ
බුද්ධං සරණං ගච්ජාමි
ධම්මං සරණං ගච්ජාමි
සංඝං සරණං ගච්ජාමි
දුතියම්පි බුද්ධං සරණං ගච්ජාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ජාමි
දුතියම්පි සංඝං සරණං ගච්ජාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ජාමි
තතියම්පි ධම්මං සරණං ගච්ජාමි
තතියම්පි සංඝං සරණං ගච්ජාමි
පන්සිල්
1 පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
2 අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
3 කාමේසු මිචිජාචරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
4 මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
5 සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පොහොය අටසිල්
1 පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
2 අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
3 අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි
4 මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
5 සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
6 විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි
7 නචිච ගීත වාදිත විසූකදස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනටිඨානා වේrමණී සික්ඛාපදං සමාදියාමි
8 උචිචාසයන මහාසයනා වේrමණී සික්ඛාපදං සමාදියාමි
බුදුන් වැඳීම
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ
අනුත්තරෝ පුරිසදම්ම සාරථි සත්තා දේවමනුස්සානං
බුද්ධෝ භගවාති
බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ජාමි
යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා
පචිචුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා
නත්ථිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං
උත්තමංගේන වන්දේහං පාදපංසුවරුත්තමං
බුද්ධෝයෝ ඛලිතෝ දෝසෝ
බුද්ධෝ ඛමතු තං මමං
ධර්මය වැඳීම
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ
සන්දිටිඨිකෝ අකාලිකෝ
ඒහි පස්සිකෝ ඕපනයිකෝ පචිචත්තං
වේදිතබ්බෝ විඤ්ඤූහීති
ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ජාමි
යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා
පචිචුප්පන්නාච යේ ධම්මා අහං වන්දාමි සබ්බදා
නත්ථිමේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං
උත්තමංගේන වන්දේහං ධම්මංච තිවිධං වරං
ධම්මෝයෝ ඛලිතෝ දෝසෝ
ධම්මෝ ඛමතු තං මමං
සංඝයා වැඳීම
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා
ඒස භගවතෝ සාවක සංඝෝ ආහුණෙය්යෝ
පාහුණෙය්යෝ දක්ඛිණෙය්යෝ අඤ්ජලිකරණීයෝ
අනුත්තරං පුඤ්ඤකෙත්තං ලෝකස්සාති
සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ජාමි
යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා
පච්චුප්පන්නාච යේ සංඝා අහං වන්දාමි සබ්බදා
නත්ථිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං
උත්තමංගේන වන්දේහං සංඝංච තිවිධෝත්තමං
සංඝෝයෝ ඛලිතෝ දෝසෝ
සංඝෝ ඛමතු තං මමං
චෛත්‍ය වැඳීම
වන්දාමි චේතියං සබ්බං සබ්බඨා නේසු පතිටිඨිතං
සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා
සොලොස් මස්ථාන වැඳීම
මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාඤ්ජනං
දිවා ගුහං දීඝවාපී චේතියං ච මුතිංගණං
තිස්ස මහා විහාරංච බෝධිං මරිච වටිටියං
සොණ්ණමාලි මහා චෛත්යං ථූපාරාම භයාගිරිං
ජේතවනං සේල චෛත්යං තථා කාචර ගාමකං
ඒතේ සොළස ඨානානි අහං වන්දාමි සබ්බදා
බෝධිය වැඳීම
යස්සමූලේ නිසින්නෝව සබිබාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤූතං සත්ථා වන්දේතං බෝධි පාදපං
ඉමේ ඒතේ මහා බෝධී ලෝකනාථේන පූජිතා
අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමත්ථුතේ
පූජා පිළිගැන්වීම
නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං
නිමන්තයාමි සුගතං ලෝක ජෙට්ඨං නරා සභං
යාවතා භගවා ලෝකේ තිට්ඨෙයිය තව සාසනං
තාවතා පතිගණ්හාතු පූජා ලෝකානුකම්පයා
පහන් පූජාව
ඝනසාරප්ප දිත්තේන
දීපේන තම ධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමි තමෝනුදං
සුවඳ දුම් පූජාව
සුගන්ධිකාය වදනං
අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනාහං ගන්ධේන
පූජයාමි තථාගතං
මල් පූජාකිරීම
වණ්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුණින්දස්ස සිරීපාද සරෝරුහේ
පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන
චහෝතු මොක්ඛං පුප්පං මිලායාති යථා ඉදං මේ
කායෝ තථා යාති විනාසභාවං
පැන් පූජාකිරීම
සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
පානීය මේතං භගවා පතිගණ්හාතු මුත්තමං
ආහාර පූජාකිරීම
අධිවාසෙතු නෝ භන්තේ භෝජනං පරිකප්පිතං
අනුකමිපං උපාදාය පතිගණ්හාතු මුත්තමං
ගිලන්පස පූජාකිරීම
අධිවාසෙතු නෝ භන්තේ ගිලාන පචිචයං ඉමං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං
දැහැත් පූජාකිරීම
නාගවල්ලි දලුපේතං චුණ්ණ පූග සමායුතං
තාම්බූලං පතිගණ්හාතු සතං පූජේමිදං ජිනෝ
තෙරුවන් සමා කර ගැනීම
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං
අචිචයං ඛම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගතං
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං
අචිචයං ඛම මේ ධම්ම සන්දිටිඨික අකාලික
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං
අචිචයං ඛම මේ සංඝ සුපටිපන්න අනුත්තර
දෙවියන්ට පින් අනුමෝදන් කිරීම
එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේසනං
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං
ඥාතීන්ට පින්දීම
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ප්‍රාර්ථනා ගාථා
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා
ඉදංමේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු
සබ්බ දුක්ඛා පමුඤ්චතු
අහං අවේරෝ හෝමී
ලෝභ දෝස මෝභ යන අකුසල් මුල් තුන අතුරෙන් නිරන්තරයෙන්ම අපාය වෙත පමුණුවන්නාවූත් ලද ජීවිතය සැපයෙන් ඈත්කර තබන්නාවූත් අගතියට හෙලන්නාවූත් නිවන පමාකරන්නාවූත් වෛරය නම්වූ අනර්ථකාරී සිත්පෙළ පහන් කර ගැනීමට අප සිය`ථ දෙනාම උත්සුක විය යුතුයි
වෛරය මුලින්ම හටගන්නේ චෛතසික ධර්මයක් ලෙස තම සිත තුලමය පරිබාහිර හේතූන් මත පෝෂණය වන්නට පෙර එය සිතිවිලි මාත්‍රයක් පමණි මෛත්‍රී සිතක් අවදිකිරීමෙන් නොවේනම් කි‍්‍රයාවේ විපාකය සිහිකිරීමෙන් හෝ ආදීනවය මෙනෙහි කිරීමෙන් එය වහා නිවාදැමිය හැක නොහොත් එය බුර බුරා නගින ගිනි දැල්ලක් මෙන් මුළු සිතම වෙලා ගනු ඈත සිය`ථම කර්මයන් අතුරෙන් විපාක දීමේදී බලවත්වූ පංචානන්තරිය පාප කර්මය පවා සිදුවන්නේ ලාමකව හටගත් වෛරය මෝරා යාමෙනි බොහෝ පාප කර්මයන්ට ඉදිරියෙන් ගමන් කරන්නාවූ චෛතසිකයකි වෛරය මෙය කොතෙක් බලවත්ද යත් සංසාර ගතව භවයෙන් භවයට ගමන් ගන්නා ආකාරය සූත්‍ර පිටකයේ හා ජාතක රත්නයේ කොතෙකුත් තැන්වල සඳහන්ව ඇත සිදුහත් කුමරුට ඥාතීව උපන් දේවදත්ත මෙන්ම බිමිබිසාර රජුට පුත්ව උපන් අජාසත්ත වැනි චරිත හැසිරුනු අනුවේදනීය විලාසය ගෙනහැර දක්වමින්
වෛරය සංසාර ගතව ගමන් ගන්නා බව බුදු මුවින් දේශනා කර තිබේ වෛරය අවෛරයෙන් ජයගත් තැනක් ජාතක රත්නයේ එන දීඝ කෝසල ජාතකයෙන් හෙළිවෙයි
බුදු රජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරණ කල්හි භික්ෂූන් දෙනමක් අතර හටගත් භේදයක් සමතයකට පත් කිරීම සඳහා දේශනා කරණ ලද දීඝ කෙ`සල ජාතකය ගුරුකොට ගැනීම යහපත් දිවි පැවැත්මකට හා සංහඳියා පිළිවෙතකට ඉවහල් වන බව මෙහිලා දැක්විය හැකිය
බොහෝ කලකට ඉහත බරණැස් නුවර රජු විසින් කොසොල් රට ආක්‍රමණය කරන්නට යෙදුනි එම සංග්‍රාමයේදී කොසොල් රජු හා දේවිය මරා දමා බරණැස් රජු විසින් කොසොල් රාජ්‍ය යටත් කරගන්නා ලදි යුද්ධයෙන් පරදින බැවි දත් කොසොල් රජු සිය පුත්‍රයාවූ දීඝ කුමාරයා කැඳවා දිවි ගලවා ගෙන පැන යන ලෙස ඔහුට දැන්වීය සිය දෙමවිපියන් තනිකොට දමා යාමට කුමරා අකමැති වුයෙන් ඔහු අමතා උපදේශයක් දී වහා වෙස් වලාගෙන පැන යන ලෙස දැන්වීය
පසල් දනවිවක සැ`ගවී ගත් කුමරුවා සිය දෙමවිපියන් ඝාතනය කල කුරිරු කොසොල් රජු ගෙන් පලි ගන්මැයි සිතා පසු කලෙක උපක්රමශීලීව බරණැස් රජුගේ රාජ්‍ය සේවයට බැද’ සිත දිනා ගත්තේය කලක් ඇවෑමෙන් රජුගේ විශ්වාසවන්තම රැකවලා ලෙස සේවයට පිළිපන් දීඝ කුමාරයා රජු සමග දඩ කෙලියට වන්හ සෙස්සන් දඩයම් සොයා වනගත වෙද්දී රජු සමග තනිවූ කුමරුවා රජුට කැමති සේ විවේකය ගැනීම පිණිස රජු වඩා හිඳූවා රැකවල්ලීය
විඩාපත් ව සිටි රජතුමා ට වහා නින්ද ල`ගා වූයෙන් නිසි කල් බලා දීඝ කුමාරයා සිය අසිපත රජුගේ ගෙලට තබාලූවේය තැති ගත් රජතුමා අභය දානය ඉල්ලා සිටියේය දෙමව්පියන් ගේ වචනයට කිසි දිනෙක පිටු නොපෑ දීඝ කුමාරයාට සිය පියා විසින් අවසන් වරට දුන් අවවාදය වහා සිහියට නැගුනෙන් එමිබා රජ්ජුරුවනි තොප මරම්හයි සිතා හිසකේ අල්වා කඩුව සියතට ගතිමි මගේ පියාණන් වහන්සේ මිය යාමට පෙර ඉවසීමෙන් හා සුපරික්ෂාකාරීව යමක් කරව යයි මට කීවේය එසේ හෙයින් තොප නොමරම්හයි කුමරුවා කීවේය එවිට බරණැස් රජ්ජුරුවෝ මේ වෙලාවට තොප මිස මට වෙන බන්දු කෙනෙක් නැත තොප කැමැත්තක් කරව යැයි කීවේය එවිට දීඝායු කුමරු භය නොගත මැනව යම් කෙනකුන්ට තමාගේ ජීවිතය නිසා හිංසා කිරීමද අනුන්ට පරිහානියක් කිරීම ද සත්පුරුෂයෝ නොකරන්නාහ යැයි කීවේය එවිට දෙදෙනාම කඩුව අත තබා උනුන්ට නපුරක් නොකරන්නැයි දිව්රා කීවෝය බරණැස් රජ්ජුරුවෝ
දීඝායු කුමරාගේ බසට සමාධිව රටේ සිය`ඵ රජකුමාරවරුන් හා ඇමතියන් නුවරට කැඳවා මේ පුවත දන්වා ලූයේය මේ දීඝායු කුමාරයා කෝසල රජුජුරුවන්ගේ පුතනුවෝය උන්ට උන්ගේ රාජ්‍ය දෙම්හයි කියා තමන්ගේ දුවණියක් පාවාදී දීඝායු කුමරාට කෝසල රාජ්‍ය පවරා දුන්නේය
එවක් පටන් දෙරට රජවරුන් දෙදෙන උනුන්ට නොවෙනස්ව රාජ්‍ය පාලනය කළෝය බුදුන් වහන්සේ ඉහත ජාතකකථාව ගෙනහැර දක්වමින් දබරවූ දෙනම සමගි කළේය
දෙමවිපියන් ගේ අවවාදයට අවනත වීම උසස් ගුණයක් බවත් ඉවසීම හා පරීක්ෂාකාරී වීම මත ඔසවා ගත් අසිපත සමග වෛරය පසෙක ලා මෛත්‍රිය කිරීමෙන් පසු කලෙක සිදු වන්නට තිබුනු මහත් විනාශය වලකා ජය ගත් බව මෙයින් පැහැදිලි වේ
අවෛරය යනු අකුසල් නොකිරීම වන අනර මෛන්රිය යනු කුසල් වැඩීමයි තවද මෛත්‍රී කරන්නාහට සැපසේ නිදීම සැපසේ අවදිවීම නපුරු සිහින නොපෙනීම මිනිසුන්ට ප්‍රියවීම අමනුෂ්‍යයින්ට ප්‍රියවීම දෙවියන්ගේ රැකවරණය ලැබීම ගින්නෙන් විසකින් ආයුධයකින් විපතක් නොවීම මරණින් මනු බඹලොව ඉපදීම යන ආනිසංස අට උදාවේ
සිය`ඵ සත්වයෝ නිදුක් වෙත්වා
No comments:
Post a Comment