Monday, September 16, 2013

ඒතං බුද්ධාන සාසනං

සම්පාදක,
සිරිල් ද සිල්වා 


ධර්ම දානය


අපමණ වාරයක් සත්ව නිකායේ තැන් තැන්වල උපත ලබමින් සසර සැරි සැරූවද, ලද ආත්මභාවයේදීම නිර්වානය පසක් කල යුතූය යන ඥානය අවබෝධ වූයේ මේ ආත්ම භාවයේදී යැයි හඟිමි. එහෙයින් මෙම දහම් ප්‍රකාශනය සැකසීමෙන් අත්වන යම් මහා කූසලයක් වෙතොත් එකී කූසල් සම්භාරය, මා මෙලොවට දායාද කොට අපරිමිත දයාවෙන් නෙත් පෑදූ, ජන්මාන්තරගත මගේ දයාාබර මෑණියන්ට හා පියාණන්ට ජාති,ජරා, මරණ ඉක්මවූ, පරම ශාන්තවූ නිර්වාන සම්පත්තිය සාක්ක්‍ෂාත් කර ගැනීමට උපනිශ්‍රය වේවායි අනුමෝදන් කරන්නෙමි, අනුමෝදනා වේවා.

ස්තූතිය.


‘මෙම ග්‍රන්ථය එළි දැක්වීමට නන් අයුරින් සහායවූ මගේ බාප්පා වන විශ්‍රාමලත් විදුහල්පති ශාස්්ත්‍රාචාර්්‍යය කමල් ටී ඒ වැල්ලබඩ මහතාටත්්, විශ්‍රාමලත් පාර්ලිමේන්තූවේ හැන්සාඩ් වාර්තාකරු හා ශ්‍රී ලංකා ගූවන් විදුලියේ අසරණ අසරණ සුභාරතී සම්පාදක හිතවත් සිරිල් හේවාවසම් මහතාටත්, බිරිඳ සිරිමා වැලිකල, පුතා නුවන් සඳතාරක, දුව නුවනී සඳතාරුකා ඇතූළු අතහිතදුන් සියළු දෙනාටත්් මුද්‍රණ කටයුතූ මැනවින් කල           ප්‍රකාශන ආයතනයටත්  ස්තූති පූර්වක වන අතර මෙය සකස් කිරීමේදී   තතත.මඑටටඅ.ලක වෙබ් අඩවියත්, පූජනීය කෝට්ටේ දේවානන්ඳ  මාහිමියන්ගේ, අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ‘දේශනා සාරයත්, පූජ්‍ය බඩල්කූඹුරේ සෝමාලෝක හිමියන්ගේ, හා කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමියන්ගේ පත පොතද, පරිශීලනය කළ බව මෙහිලා දන්වනු කැමැත්තෙමිි. මෙකී ධර්්මදානමය කූසලය ඒ අයගේ නිර්වානාවබෝධය පිණිසද හේතූ වාසනා වේවා.
 




පිළිගැන්වීම
කැළණි රජ මහා විහාරාධිපති හා කැළණිය විශ්ව විද්‍යාලයේ  බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්්‍යය අති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත…………………………… මාහිමිපාණන්  වහන්සේට






 ධර්්මදානය සඳහා සකස් කොට වුවද ප්‍රකාශනය කල හැක.



‘”




-   පෙරවදන  -
     
‘’තූන්ලෝකාග්‍රවු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශී්‍ර මුඛයෙන් දේශනාකර වදාල  “්් සබ්බ පාපස්ස අකරණං –- සියළු පාප කර්මයන් නොකර සිටීමත්, කූසලස්ස උපසම්පදා - කූසල් දහම්හි හැසිරීමත්, සචිත්ත පරියෝ දපණං –- තම සිත දමනය කර ගැනීමත්, ඒතං බුද්ධාන සාසනං -  සියළු බුදුවරයන්ගේ දේශනයයි  ්් යන ගාථාව ප්‍රස්තූත වශයෙන් තබා මෙම ග්‍රන්ථය සකස් කරන ලදි. ’ඕවාද ප්‍රාතිමෝක්‍ෂයට අයත් මෙම ගාථාව සියළු බුදුවරයන් වහන්සේලා විසින් ම දේශනා කර ඇත.  තිලෝගූරු අමාමැණීවූ අප මහා සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් වග වෙත පතල මහත් කරුණාවෙන් දේශනාකර වදාළ අසුසාර දහසක්වූ ශී්‍ර ධර්ම ස්කන්ධය පිඩු කොට ගැනෙන මෙම ගාථා රත්නය, තූන් ලෝක වාසී සත්වයන්ට සසර කෙටි කර ගැනීමට හැකි මහාර්ඝ දේශනයක් වන හෙයින් ධර්ම ගෞරවයෙන් යුතූව, ධර්මකාමී සත්පුරුෂයනට අත් වැලක් සැපයීම මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් බලාපොරොත්තූ  වුනෙමි. ශී්‍ර මුඛයෙන්ම දේශනා කල ගාථා රත්නයේම කොටසක් මෙම ග්‍රන්ථයේ නමට ගලපා ගැනීම උවමනාවෙන්ම කලේ, ඊට සමාන සිංහල තේරුමක් සපයා ගැනීමට අපොහොසත්වූ නිසාමැයි.  සියළු බුදු වරයන්ගේ පණිවිඩය, දේශනය, සාසනය, අවවාදය, දර්ශනය, අනුසාසනාව, ධර්මය යනාදී වශයෙන්් අරුත් දෙනමුත් මෙහි අන්තර්ගතය සර්ව සම්පුර්ණයෙන්ම ඉන් ප්‍රකාශ වේදැයි නොදනිමු. ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව පාදක කර ගනිමින් ශාන්තවූ නිර්වාන පදයට ලඟාවීමට මෙම ගාථාරත්නය තූල ඇති පුළුල් කථනය (දේශනය) විකාශනය කර දැක්වීමෙන් අදහස් කරන්නේ, ධර්ම මාර්ගයට පිළිපන් හෝ මාර්ගය සොයමින් සිටින ආර්්‍ය මාර්ග ගවේශකයන්ට ප්‍රායෝගිකව ධර්ම මාර්ගය ජීවිතයට ගලපා ගනිමින් බුදුරජාණන් වහන්සේ වදාල පරිදි නොපමාවම නිර්වාන මාර්ගයට ප්‍රවිශ්ඨ වීමට යුහුසුළු විය යුතූ බැව් තූන් ලෝකාග්‍ර අමාමෑණි බුදුපියාණන් වහන්සේ අපරිමිත කරුණාවෙන් ගෙනහැර දැක්වූ   ්්් වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත ්්් යන  කෙටි දේශනයට ගරු කිරීමක්ද වශයෙනි.
බුදු රජාණන්වහන්සේ වදහල ධර්මය පරිහරණය කරණ ආකාරය ගැන හා පරිහරණය කිරීමට උපදෙස් ලැබී තිබෙන ආකාරය වඩාත් ප්‍රතිඵල දායී කරගැනීමට යම් ප්‍රමාණයක දායක වීමක් මෙම ග්‍රන්ථය සකස් කිරීමෙන් බලාපොරොත්තූ වන්නෙමි. ‘උදාහරණයක් ලෙස දක්වතොත්  ්්් ඒක නාම කිං ්්් යනුවෙන් නගන ලද ප්‍රශ්නයට දුන් උත්තරය  ්් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා  ්් යන්න සියළු සත්වයෝ ආහාරයෙන් (කෑමෙන්) යැපෙන්නාහ යනුවෙන් අර්ථ දක්වා ඇත. සාමනේර භික්‍ෂුවකගේ උත්තරයක් දැයි සැක සිතෙන තරම්ය, ධර්මයට ආදාල උත්තරයක් දැයිද සැක සහිතය. මෙහි යම් අඩුවක් ඇත. මහා තණ්හා සංඛාය සූත්‍රයේ මෙය මෙසේ දක්වා ඇත. ්්් මහණෙනි උපන් සත්වයාගේ පැවැත්ම පිණිසද, සම්භවය සොයන සත්වයනට අනුග්‍රහය පිණිසද පවතින ආහාරය සතර ආකාරයි. ‘ඒ කවරේද යත් දැඩිවූ හෝ සිවුම් හෝ පිඩුකොට ගතයුතූ කබලිංකාර ආහාරය, දෙවැනිවූ පස්ස ආහාරය, තූන්වැනිවූ මනෝ සංචේතනා ආහාරය හා සතර වැනිවූ විඤ්ඤාන අහාරයයි. ‘මේ අනුව සියළු සත්වයන් සතර ආකාරවූ ආහාරයෙන් පවතී යන්න වඩාත් උචිතයැයි සිතමි.  තවත් උදාහරණයක් ලෙස ගතහොත් නාමරූප දෙක වෙන්කර දක්වන්නේ නාමය යනු නමටත් රූපය යනු රූපයට නොහොත් ශරිරයටත් යනුවෙනි. නාමරුප යනු රුප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ස්ඛන්ධ පංචකයයි. ‘එනම් රූප යන්න අටවිසි රුපයන්ට අදාල සතර මහා භූතයන්ටත්, නාම යන්න වේදනා, සංඥා, සංඛාර, විඥාන යන්නටත් ගැනේ. මෙය බෙදා වෙන්කර හඳුනා ගැනීමට සමත් ඥානය නාමරූප පරිච්ඡේද ඥානයයි. ‘නාමරුප යන්න නමටත් රූපයටත් ගලපා ගතහොත් ධර්ම මාර්ගය එතැනම ලොප් වනු ඇත.
මුළු සූත්‍රපිටකය පුරාම ඇති දේශනාවන් නිර්වාණය අරමුණු කර ගනිමින් දේශනා කර ඇති අතර ඊට ප්‍රවිශ්ඨ වීමට අනේකවිධ මාර්ග පෙන්වාදී ඇත. කූමන මාර්ගය කින් පිවිසියද නිර්වානය එකක්මය. අසුසාර දහසක්වු ධර්ම ස්කන්ධයෙන් අසුසාර දහසක් දෙනා අසුසාරදහස් ආකාරයෙන් නිවනට පිවිසියද නිවන එකක්මය. එහිදී  ්් තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති  ්් වශයෙන් දේශනා කර වදාලේ තෘෂ්ණාව නැතිකිරීම සියළු දුක්ඛයන් ජය ගැනීමක් හෙවත් නිවන් පසක් කිරීම බව සංක්‍ෂිප්තයෙන් දේශනා කරමිනි. ඒ අනුව යමින්,  නිවන කරා යොමුවන බුද්ධ දේශනාවෙන් තොර කිසිවක් ගැන මෙම ග්‍රන්ථයේදී සාකච්ඡා නොකිරීමට වග බලාගත්තෙමු. බුද්ධ දේශනාව පුරා කිසිවිටෙකත් නිර්වානය කල් දැමීමට හේතූවන කිසිදු ඉඟියක් නොමැති බවත්, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන නිර්වානය අවබෝධ කලයුතූ බවත්, එය අප්‍රමාදීව කලයුතූූ බවත් බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර දේශනාවයි. මෙයට අමතරව සත්වයා කර්මානුරූපීව මතූ ආත්ම භවයන්හිදී නිර්වානය පසක් කරගන්නා බව ඇතැම් දේශනා තූල ගැබ්වී තිබුනද, සියළු බුදුවරයින්ගේ දේශනාවන් කිසිවිටෙකත් නිර්වානය කල් දැමීමක් ගැන කිසිදු සඳහනක් තබා නොමැත. එහෙයින් නිවන් පසක් කරගැනීමට ඇති හොඳම අවස්ථාව මෙය බව වටහාගෙන අප්‍රමාදීව නිර්වානගාමී ප්‍රතිපදාවේ යෙදෙන්නේ නම්  එය වඩාත් ප්‍රඥා ගෝචරවනු ඇත. දිව්‍යලෝක සම්පත්තියත්, ස්වර්ග සම්පත්තියත් වළඳා කෙළවර අමාමහ නිවන් සම්පත්තිය පැතීම සංසාරය වුවමනාවෙන්ම දිගූ කර ගැනීමකි. සියළු කාමයන් මෙන්ම භවයන් හා විභවයන් ගැන ඇති ඇලීම නැති කළ යුතූය. මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා යනුවෙන් බොහෝදෙනා තූල ඇති වැරදි දෘෂ්ඨිය මෙසේ මෙසේ නිවැරදි විය යුතූ යයි හඟිමි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයම මෛත්‍රී යන වචනය තූල අන්තර්ගතවී ඇත. මෛත්‍රී බුදුන් දැකීම යනු මෛත්‍රිය බුද්ධියට නගා නිවන් පසක් කර ගැනීමයි. මෛත්‍රි භාවනාව වඩා එමගින්  විදර්ශනා ඥාන කූළු ගන්වා නිර්වානය පසක් කර ගැනීම එක මාර්ගයකි. නොහොත් මෛත්‍රී බුදුන් බුදුවන තෙක් නිවන පමා කිරීම, සංසාරයේ ඉපිද ඉපිද දුක් විදීමට අනුබල දීමක් නොවන්නේ කෙසේද? සියළු සත්වයෝ අනාදිමත් කාලයක් සසර සැරිසරන්නාහුය. සත්ව සන්තතිය තූල සංඛ්‍යාත්මකව මනුෂ්‍යයා නොසැලකිය යුතූ තරම් අඩු ප්‍රමාණයකි. එහෙයින් සම්භාවිතා නියමය අනුව වුවද යළිදු මනුෂ්‍යය ආත්මයක් (ස්වරූපයක්) ලැබීම ඉතාමත් උගහට කරුණකි. කර්ම නියාමය අනුව එය වඩාත් උගහටය.
මෙම ප්‍රනීත ගථා රත්නයේ සම්මුති අර්ථයට වඩා පරමාර්ථය සොයා බැලීම නිර්වානයට වඩාත් ප්‍රායෝගික වේ. දෙවන පදයේ (කූසලස්ස) කූසල් වැඩීම දක්වා ඇති අතර මුල් පදයේ අකූසලස්ස ලෙස නොව (පාපස්ස) පව් නොකරන්න යනුවෙන් දක්වා ඇත. මෙහි පැහැදිළි අර්ථය වන්නේ පින්, පව් යනු කූසල්, අකූසල් නොවන බවයි. මින් ගම්‍ය වන්නේ නිර්වානය සදහා සෘජුව දායක වන්නේ පින් නොව කූසල් බවයි. පින් යනු මනුෂ්‍ය, දිව්‍ය ආත්මයන්හි ප්‍රනීත විපාක ලබා දෙන කාර්්‍යයක් වන අතර එය නිර්වාන ගාමී පටිපදාව වන්නේ පිනෙන් කූසලය කරා ලඟාවූවොත් පමණි. ආනන්දයෙන් ප්‍රඥාවට පැමිණීම ළුහු කොට නොගත යුතූවේ.
ධර්ම ඥානය සඳහා ගාථා රත්නයට ආධාරක ධර්මයන්වූ කර්මය, නාමරූප, පටිව්ව සමුප්පාද, චතූරාර්්‍ය සත්‍ය, ඇතූළු සතර සතිපට්ඨාන, සතර සම්ම්‍යප්‍රදාන, සතර සෘද්ධි පාද, පංචේන්ද්‍රය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්්‍ය අශ්ඨාංගික මාර්ග යන සත්තිස් බෝධිපාක්‍ෂ්ක ධර්ම, හා සතරමග, සතරඵල හා නිර්වාන යන නවලොව්තූරු දහම ගැන ද සංක්‍ෂිප්ත යෙන් අදාල තැන් වල සඳහන් කිරීමට වගබලා ගතිමි.


මහාපදාන සූත්‍රයේ 86 වැනි ඡේදයේ මෙසේ සඳහන් වෙයි.  ්් මහණෙනි එකල අර්හත් සම්්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතූන් වහන්සේ බන්ධුමතී රාජධානියෙහිවූ සංඝ සමාගමයේ මෙසේ සඝ පාමොක් උදෙසති.  ්්සියළු අකූසල් නොකිරීමද, නූපන් කූසල් ඉපදවීම හා උපන් කූසල් වැඩීමද, සිත පිරිසිඳු කිරීමද සියළු බුදුවරයන්ගේ අනුසාසනාවයි.  ්්

   -   තෙරුවන් සරණයි – -

19.05.2009
ශී්‍ර බු.ව. 2553 ක්වූ වෙසක් මස පුර පසලොස්වක් පොහෝ දින

‘’23, විදර්ශනා මාවත,
ගලවිලවත්ත,
හෝමාගම.












්්  නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස  ්්
්්්  නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස  ්්
්්්  නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදධදස්ස  ්්

පළමුවත්, දෙවෙනුවත්, තෙවෙනුවත්, ‘ඒ භාග්‍යවත්වූ අර්හත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

සබ්බ පාපස්ස අකරණං –   - සියළු පාප කර්මයන් නොකර සිටීමත්
කූසලස්ස උප සම්පදා       - කූසල් දහම්හි හැසිරීමත්
සචිත්ත පරියෝ දපණං   – - තම සිත දමනය කර ගැනීමත්
ඒතං බුද්ධාන සාසනං     -  සියළු බුදුවරයන්ගේ දේශනයයි


සබ්බ පාපස්ස අකරණං –

සියළු පාප කර්මයන් නොකරන්න යනුවෙන් ගැනෙන මෙම පදය බොහෝ ගැඹුරු දේශනාවකි. විශාල වපසරියක් ආවරණය කරන්නකි. විනය, සූත්‍ර යන පිටක දෙකෙහි සඳහන් වන අකූසල ධර්ම සැකෙවින් ලෝභ, ද්වේෂ, මෝහ, දස අකූසල්, නීවරණ ධර්ම, සංයෝජන, කාම, දිට්ඨි, මාන, අවිජ්ජා, අකූසල චෛතසික ආදී නිවන අවුරන, නිවනතොරකරන,නිවනපමාකරනධර්මයෝය.උපනාහ,ව්‍යාපාද,ක්‍රෝධ,මක්ඛය,ඉස්සා,අභිජ්ජා,මච්ඡරිය,මායා, සාඨෙයි්‍ය,ථම්භ,සාරම්භය,මාන, මදය, ප්‍රමාදය යන උප ක්ලේශයන් ගැන දැනුවත්වීම වැදගති. තමන්ට පීඩාවක් ගෙනදෙන හෝ අනුන්ට පීඩාවක් ගෙන දෙන හෝ තමන්ටත් අනුන්ටත් පීඩාවක් ගෙනදෙන කිසියම් කායික, වාචික, මානසික කර්මයක් වේද එය පාප ගනයට වැටේ. කූසල් ගනයට නොවැටෙන ක්‍රියා අකූසල් ගනයට වැටේ. සබ්බ පාපස්ස යනුවෙන් දැක්වෙනුයේ පාප කර්ම මෙන්ම අකූසල කර්ම යන උභය පාර්ශවයයි. අකූසලය හා පාපය ප්‍රභේද දෙකකි. එමෙන්ම පින හා කූසලය යනුවෙන් ද ප්‍රභේද දෙකක් වේ. දස කූසල් යනු දස පුණ්‍යක්‍රියා නොවීමෙන් අරුත් දෙකක් ඇති බව වටවා ගැනීම උගහට නොවේ.


1.  දස අකූසල්
  1. ප්‍රාණඝාතය’-  දිවි තොරකිරීම මෙහි අදහසයි.  ‘තවත් කර්මයක් සකස් වීමට හැකි කර්මයක් වෙතොත් ඒවා කර්ම පථ හැටියට ගැනේ. ප්‍රාණඝාත අකූසලයද කර්ම පථයකි. ප්‍රාණඝාත අකූසලය සකස්වීමට සතකූ වීම, සතකූ යැයි දැන සිටීම, දිවිතොර කිරීමේ චේතනාව පහළවීම, ඝාතනය කිරීමට උපක්‍රමයක් සැලසීම, ජීවිතය තොර කිරීම යන කාරණා 5 සම්පූර්ණ විය යුතූ වුවත් මැරීමේ චේතනාව ඇතිවනවාත් සමගම ඇතිවන ද්වේෂ සිත අකූසල මූලයකි. මෙය වෙනත් ආකාරයක අකූසලයක් ගැලපීමට සමත් වන හෙයින් කර්ම පථයක් ද වෙයි. අජ්ඣත්ත වශයෙන් ද්වේෂ සහගත සිත සකස්වී අකූසලයක් සම්පූර්ණ වන අතර බහිද්ද වශයෙන් වෙනත් සත්වයෙකූට මරණ බියක් ඇතිකිරීමට සමත් වන ක්‍රියාවක් හෙයින් අකූසලය පරිපූර්ණ වෙයි. මෙ නයින් චිත්ත පීඩාවම අකූසලයක් සර්වසම්පූර්ණ කරයි. ප්‍රාණඝාතයට සත්ව හිංසනයද ඇතූළත් වන අතර එය මිච්ඡා සංකප්ප යටතට ගැනේ. කූමන අරමුණක් හෝ තේමාවක් යටතේ සිදුකළද, ප්‍රාණ ඝාතය අකූසලයක්ම මිස එය සම්මා සංකප්පයක් හෝ සම්මා කම්මන්තයක් නොවේ. එනම් අකූසල් සිතින් කූසල් වත්, කූසල් සිතින් අකූසල් වත් සිදු කළ නොහැක. කර්මයේ ස්රූපය සිත අනුවම යයි. අකූසල් චෛතසික යන්ගෙන් සැදුම් ලත් සිතින් සිදුවන හෝ සිදු කරණ හා කියනු ලබන ක්‍රියා පාප කර්ම වන අතර කූසල් චෛතසික යන්ගෙන් සැදුම් ලත් සිතින් සිදුවන හෝ සිදු කරණ හා කියනු ලබන ක්‍රියා පුණ්‍ය කර්ම වෙයි. මෙය ඉතාමත් පැහැදිලිව ධම්ම පදයේ චිත්ත වග්ගයේ එන ගාථා යුගලයේ   ්්් මනසාචේ පදුට්ඨේන භාසතීවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්වේතී - මනසාචේ පසන්නේන භාසතීවා කරෝතිව තතෝනං සුඛ මන්වේතී “”’්”්් යනුවෙන් ඉතා පැහැදීළිව දක්වා ඇත.
2. අදත්තාදානය-  නොදුන් දෙය ගැනීම මෙහි අදහසයි. මෙයින් ප්‍රකාශවන පරිදි අන්සතූ වස්තූව සොරකම් කිරීම පමණක් නොව තාමාට අයිති නැති, තව කෙනෙකූ විසින් නොදෙනලද, අයිතිය අනෙකෙකූ වෙත ඇති දෙයක් ගැනීම පරිහරණය කිරීම අදත්තාදානයට හසුුවන කාර්ණයකි. පොදු වස්තූ පරිහරණය කිරීම අදත්තාදානයයි වරදවා නොගත යුතූයි. අදත්තාදාන කර්ම පථය සකස්වීමේදී  අන්සතූ දෙයක් වී තිබීම, අන්සතූ බව දැන ගැනීම, සොරකම් කිරීමේ සිත, සොරා ගැනීමට උපක්‍රම යෙදීම, අන් සතූ වස්තූව පැහැර ගැනීම යන කාරණා 5 සම්පූර්ණ විය යුතූ වුවත් ආරම්භයේදීම ලෝභ සිතක් ඇතිවන හෙයින් අකූසල කර්ම ගනයට එක එල්ලේම වැටේ. ලෝභ සිතක් සකස් වීමේදී තමාට ඇතිවන පීඩාකාරී චිත්ත ස්වභාවයත්, අන් අයෙකූට තම  වස්තූව  නැතිවේ යයි පහලවන බිය නිසා ඔහුට හෝ ඇයට ඇතිවන චිත්ත පීඩාවත් පාප කර්මය සම්පූර්ණ කරයි. සොර සිත පහලවීමම කර්ම පථයක් සකස් වීමට බලපාන කර්මයක් වන හෙයින්  ්් චේතනාහං භික්ඛවේ කම්මං වදාමි  ්් යන දේශනය අනුව චේතනාවම කූසල හෝ අකූසල කර්ම සකස් කරයිි. ‘උදාහරණයක් ලෙස දක්වතොත් පින්දීම හා පින් අනුමෝදන් කිරීම, චේතනාව මතම සකස්වන කූසල පක්‍ෂයේ ගැනෙන කර්මයකි. කූසල් හෝ අකූසල් පුර්ණත්වයට පත්වීමට චේතනාවද ගැලපිය යුතූය. චේතනාවෙන් තොරව සිදුවන ක්‍රියා කර්ම පථ සකස් කිරීමට සමත් නොවේ. චේතනාව පිරිසිඳු කර ගැනීම අකූසල කර්ම දුරු කිරීමේ මගයි.
3. කාම මිත්‍යාචාරය-  කාමයෙහි වැරදි ලෙස හැසිරීම යනුවෙන් කාම මිත්‍යාචාරය පද අග අරුත් පැහැදිළි කර ඇත. ශික්‍ෂා පදයක් වශයෙන් ගත් කල ඒ අරුත් පැහැදීම නිවැරදියි. ‘එනම් නොහැසිරිය යුතූ ස්ත්‍රියකූ හෝ පුරුෂයකූ වීම, මෙවුන්දම් කිරීමේ සිත පහලවී තිබීම, මෛතූන සේවයේ යෙදීම හා එය ඉවසාසිටීම යන කාරණා හතර සම්පූර්ණ වීම මත අකූසලය සිදුවන බවයි. නමුත් මෙහි අරුත මීට වඩා ගැඹුරට යයි. කාමයන්හි යනුවෙන් හැදින්වෙන්නේ රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ශ කාම යන පංච කාම සම්පත්තියත් වස්තූ කාම හා ක්ලේශ කාම යන මේවායෙහි වැරදි ලෙස ඇලීමයි. මෙකී පංචකාම සම්පත්තිය ඉෂ්ට, මනාප, කාන්ත හෝ නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් වැරදි ලෙස ගෙන උපාදාන සකස් කරගැනීම අකූසලයයි. ්් දිට්ඨේ දිට්ඨ මට්ටං භවිස්සති ්් යන ආකාරයට ධර්මයේ ගැනෙන පරිදි  දුටු දේ දුටු ආකාරයට පමණක් ගැනීමත්, ඇසුන දේ ඇසුන ආකාරයට පමණක් ගැනීමත්, දිවට, නාසයට, ශරීරයට දැනුන දේ දැනුන ආකාරයට පමණක් ගැනීමත් විඥාන ගත වූ දෑ ඒ ආකාරයට පමණක් ගැනීමත් හේතූ කොටගෙන  ඉංද්‍රිය මගින් ගන්නා අරමුණු නිසා අකූසල් සිදු කරගැනීම වලක්වා ගත හැකිවේ.
4. මුසාවාදය-  ලාභ චේතනාවෙන් සත්‍ය නොවන දෙයක් ප්‍රකාශ කිරීම නිසා ලෝභ මූලික අකූසල් සිතක්ද, අනුනට විපතක් සිදුවන ආකාරයේ ප්‍රලාපයක් පැවසීම නිසා ද්වේෂ මූලික අකූසල් සිතක් ද යන අයුරින් මුසාවාදය, ලෝභ ද්වේෂ අකූසල් මුල් දෙකටම පොදුවේ. මුසාවාදය බොහෝසේ අගතිගාමී හෝ අනර්ථකාරී අකූසලයක් සේ මතූපිටින් නොපෙනුනද මෙය ඉතාමත් බලවත් අකූසලයකි. අප මහ බෝසතානන් වහන්සේ බෝසත් කූලයට පැමිණි දා පටන් සිදුහත් කූමාරයා දක්වා පැමිණි අති දීර්ඝ සංසාර ගමනේදී කිසි දිනක මුසාවක් ප්‍රකාශ නොකල බව සඳහන්වෙයි. තවද ශක්‍ර දේවේන්ද්‍රයා ශක්‍ර පදවියට පත්වීමට  පෙර මඝ මානවකයා ලෙස සිටි කාලයේදී මොනවට සමාදන්වූ සත්වත අතර මුසාවාදයෙන් වැලකී සිටීමේ වතද එකකි. මුසාවාද අකූසල කර්මය සකස් වීමට සත්‍ය නොවන දෙයක්වීම, එය ප්‍රකාශ කිරීමට ඇති චේතනාව, එය ප්‍රකාශකිරීම හෝ වෙන අයුරකින් හැඟවීම, එය හේත්තූ ගැන්වීම හෝ පිළිගැන්නවීම යන කාරනා හතර සම්පූර්ණ විය යුතූයි. මේ අනුව මුසාවාදය අභිනයෙන් පවා සිදුකල හැක. සත්‍යය යැයි තමා නොදන්නා කිසිවක් ප්‍රකාශ කිරීම හේතූකොට ගෙන අනුනට අයහපතක් අවැඩක් සිදුවේ නම් හෝ  ඒ හේතූ කොට ගෙන තමාට ලාභ ප්‍රයෝජනයක්   අත්වේ නම් එය මුසාවාද අකූසලයට ගැනේ.
5.  පිසුනාවාචා-  සාමාන්‍ය ව්‍යවහාරයේදී කේලාම් කීම වශයෙන් ගැනෙන අතර පිසුනු වදන් නොහොත් සමගිය බිඳවීමේ අදහසින් කෙරෙන ප්‍රකාශ මේ ගනයෙහිලා ගැනේ. මුසාවාදය මෙන්ම ලෝභ හා ද්වේෂ අකූසල මූල සම්පූර්ණ වීමක් මෙකී අකූසල කර්මය නිසා සිදුවෙයි. මෙම අකූසල කර්මයේ පරාසය කෙනෙකූට මෙන්ම බොහෝ පිරිසකට පාඩු පීඩා ගෙන දීමට තරම් ව්‍යාප්තය. දෙදෙනෙක් නොව බොහෝ දෙනෙකූ  බිඳවීමේ අදහසින් කල හැකි හෙයින් සමාජ සාපරාධී ක්‍රියාවක් හැටියටත් ගැනේ. සුළු පාපකර්මයක් සේ පෙනුනද සදාතනික වෛරයක් ගොඩනැංවීමට සමත් හෙයින් බරපතල පාපා කර්මයකි. භේද කරවිය යුතූ දෙදෙනෙකූ හෝ පිරිසක් සිටීම, භේද භින්න කරවීමේ චේතනාව පහලවීම, ඒ සඳහා උපාය මාර්ගයක් ගැනීම හෝ උත්සාහ කිරීම, ඉන් දෙදෙනෙකූ හෝ පිරිසක් භේද භින්න වීම යන කාරණා හතර සම්පූර්ණ විය යුතූ වුවත් ද්වේෂය හෝ ලෝභය මුල්වූ සැනින්ම අකූසලයක් සිදු කිරීමට සමත් කර්ම පථයක් සකස් වෙයි.
6  ඵරුසා වාචා-   කෙනෙකූ හෝ පිරිසක් හෙලා පෙලා ආක්‍රෝශ පරිභව කොට ඉන් චිත්ත පීඩාවක් ඇති කිරීම මෙම අකූසල ක්‍රියාවට අරුත් සපයයි. සම්මත යයි නොහඟිනා වචන හෝ අනෙකෙකූට චිත්ත පීඩාවක් ගෙන දෙන ආකාරයේ වචන පරුෂ වචන වෙයි. මෙම ක්‍රියාව නිසා ද්වේෂ සිත් ඇතිවීමත් එය තවදුරටත් ප්‍රතික්‍රියා ඇති කිරීමටත් හේතූ සාධක වෙයි. වචනයෙන් වන තවත් අකූසලයක් වන මෙය සම්පූර්ණ වීම සඳහා බැනවැදීමට කෙනෙකූ සිටීම, පටිඝ සහගත සිතක් මතූවීම, ආක්‍රෝෂ පරිභව කිරීම යන කාරණා තූන සම්පූර්ණ විය යුතූ වුවත් ද්වේෂ සිත සකස් වනවාත් සමගම අකූසලය සම්පූර්ණ වෙයි. ප්‍රථම කාරණය වන බැන වැදීමට කෙනෙක් සිටීම යන්න සම්පූර්ණ නොවුවද අසා සිටීමට කෙනෙක් නොසිටියද පරුෂ වචන කථා කිරීමේ ද්වේෂ සිතම අකූසල මූලයකි.
7  සම්පප්‍රලාප-  හිස් වදන් බිනීම යනුවෙන් මෙය දැක්විය හැකිය. වචනයෙන් සිදුවන අකූසලයක් වන මෙය ලෝභ ද්වේෂ දෙකම නිසා සිදුවිය හැකියි. ලෝභ චේතනාවෙන් හිස් වචන තෙපලීම නිසා ලෝභ සිතක් ඇති වීමත් ද්වේෂ සිතින් හිස් වචන ප්‍රලාප කරීමෙන් ද්වේෂ සිතක් ඇතිවීමත් සිදුවෙයි. බොහෝ දුරට අනර්තකාරී වචන මෙන්ම අර්ථයෙන් හෝ ධර්මයෙන් පරිභාහිර වචන මෙම ප්‍රලාප ගනයට වැටේ. අර්ථයෙන් ධර්මයෙන් හීන වචනවීම, ඒවා ප්‍රකාශ කිරීමේ චේතනාව හා ඒ වචන ප්‍රකාශ කිරීම යන කාරණා තූන සම්පූර්ණ විය යුතූ අතර ලෝභ ද්වේෂ මුල්වන හෙයින් අකූසල ක්‍රියාවෝය.
8  අභිජ්ජා-  දස අකූසල් වල ලෝභ ගනයට වැටෙන තවත් අකූසලයක් වන මෙය දැඩි ලෝභයයි. ‘ආසය අනුසය වශයෙන් පවතින මෙම අභිජ්ජාව, ලෝභය හදුනාගැනීම මගින්ම තූරන් කල යුතූ අකූසලයකි. අනුන්ට අයත්  දෑ තමන්ට ලැබේවායි කියා සිතීම මෙන්ම අනුන්ට අයත් දෙය තමන් සන්තක කර ගැනීමට යත්ත දරණ චෛතසික මාත්‍ර අකූසලයකි මෙය. සිතින් කරන අකූසල කර්ම ගනයට වැටෙන මෙය සිතින් සිතට ගැලපී යන හෙයින්ද, ආසය අනුසය වශයෙන් රඳා පවතින හෙයින්ද මෙය මුලිනුපුටා දැමිය යුතූ අකූසල කර්මයකි. අන් වස්තූවක් තිබීම, එය තමන් සතූවේවා යන දැඩි ලෝභ සහගත සිත අභිජ්ජා නමි.
9  ව්‍යාපාදය-  සකදාගාමී ඵලයෙන් තූනීවී අනාගාමී ඵලයේදී පූර්ණ වශයෙන් විශ්කම්භනය වන මෙකී බලවත් අකූසලය පුහුදුන් චිත්ත සන්තාන තූල නිරන්තරයෙන් මතූ වෙමින් යට යමින් තිබේ. සතර මග සතර ඵලයන්හිදී අවස්ථා දෙකකදී ප්‍රථමයෙන් තූනීකොට අනතූරුව ප්‍රහානය කල යුතූ කාමරාග අකූසලයට පසු ගැනෙන පස්වැනි සංයෝජන අකූසල ධර්මය මෙයයි. පංච නීවරණ ධර්ම වලින් දෙවන තැනට ගැනෙන මෙය, සංකත අවස්ථාවන් අනුව ක්‍රෝධ, ද්වේෂ, වෛර, පටිඝ යන නම් වලින්ද හඳුන්වයි. වහා පැතිරෙන ස්වභාවය නොහොත් ව්‍යාප්ත වීමේ ලක්‍ෂණය ඇතිහෙයින් ව්‍යාපාද නමින් හඳුන්වයි. සිතින් කරන අකූසලයන් ගෙන් එකක් වන මෙය හුදෙක්ම පැතීම් මාත්‍රයක් පමණි. අකූසල් කිරීමට විධාන කරන හා බලකරන ස්වරූපයක් ඇති හෙයින් මෙය අකූසල් සිත් තැනීමට සමත් චෛතසික ධර්මයකි. මෙයද ආසය අනුසය වශයෙන් දිගින් දිගටම චිත්ත සන්තානයේ පැලපදියම්වී තිබීම විශේෂ ලක්‍ෂණයකි. එහෙයින් මෙය සම්පූර්ණයෙන් ප්‍රහීන වන්නේ උතූම් අනාගාමී අවස්ථාවේදිය. ද්වේශ කිරීමට කෙනෙකූ සිටීම හා ද්වේශ සහගතව ඔහුගේ හෝ ඇයගේ විනාශය පැතිම යන හේතූ දෙක මත මෙම අකූසලය සම්පූර්ණ වෙයි. පංච නීවරණ ධර්ම අතර දෙවන ස්ථානයේ ලා ගැනෙන මෙය භාවනාවක් මාර්ගයෙන් බහා තැබිය හැකි වුවත් නැවත මතූවන හෙයින් විශ්කම්භන වශයෙන්ම ප්‍රහානය කල යුතූවේ. මෙම අකූසලය නිසා දෙවන පාර්ශවයට සිදුවන කායික හා චිත්ත පීඩාවට වඩා තම චිත්ත පරම්පරාව දූෂණය වීම නිසා ඇතිවන චිත්ත පීඩාව අධිකය. එය බලවත් අකූසලයකි.
10  මිච්ඡා දිට්ඨි-  දස අකූසල්වල අවසාන අංගයට ගැනෙන මෙහි (විරුද්ධ) ප්‍රතිපක්‍ෂය ආර්්‍ය අෂ්ඨාංගික මාර්ගයේදී දුක්ඛේ ඤානං යනුවෙන් සම්මා දිට්ඨි ලෙස මුලටම ගැනේ. මෙහි සාමාන්‍ය අරුත වන්නේ වැරදි දෘෂ්ඨි යයි. කූමන හෝ වැරදි දෘෂ්ඨියක් වෙතොත් එය මිච්ඡා දිට්ඨි ගනයෙහි ලා සැලකිය යුතූ අතර ධර්මය හා ගලපා ගැනීමේදී මෙය දශ වස්තූක මිච්ඡා දෘශ්ඨිය වශයෙන් දක්වයි.

ඉ. දුන් දෙයෙහි විපාකයක් නැත.
ඉඉ. පිදීමෙහි විපාක නැත.
ඉඉඉ. ගූණවතූන්ට, සිල්වතූන්ට පූජා කිරීමෙන් අමුතූ විපාකයක් නැත.
ඉව. පවුකිරීමෙන් වන විපාකයක් නැත.
ව. මෙලොවක් නැත.
වඉ. පරලොවක් නැත.
වඉඉ. මවට හොඳ කිරීමෙන් විපාකයක් නැත.
වඉඉඉ. පියාට හොඳ කිරීමෙන් විපාකයක් නැත.
ඉභ. කර්මානුරූපීව මෙලොවට එන හෝ මෙලොවින් යන සත්වයෙක් නැත.
භ. නිවනක් නැත.
මෙම අකූසලය සම්පූර්ණ වීමට යමක් වැරදිලෙස දැකීම හා එය වැරදි ආකාරයෙන් වටහා ගැනීම යන උභය අංශය සම්පූර්ණ විය යූතූය. නියත මිත්‍යා දෘෂ්ඨිකයා ආනන්තර්්‍යය පාප කර්මය කල තැනැත්තාට වඩා නිවනෙහි පිටුපසින් සිටින බව දැක්වෙයි. ඒ මන්ද යත් ආනන්තර්්‍ය පාප කර්මය කල තැනැත්තා කිසියම් අයුරකින් නිරයේ දුක් විඳ සිය ගරුක කර්මය අවසානයේ ප්‍රවිශ්ඨ වන්නාවූ ජනක කර්මය ශූභ දායක වුවහොත් එම තැනැත්තේ 11 කාම භවයෙහි තැනෙක ඉපදීමට වුවද වරම් ලබන අතර විටෙක ධර්ම මාර්්යකට පැමිනීමටද ඉඩකඩ ඇති හෙයිනි. නමුත් නියත මිත්‍යා දෘෂ්ඨිකයාට සසරෙන් ගැලවිමක් නොමැත. ඔහුට සතර අපාය ගෙමිදුල මෙනි. මන්ද ඔහුගේ දෘෂ්ඨිය නිර්වාන මාර්ගයෙන් බැහැරව සකස්වී ඇතිහෙයිනි. ස්වකීය ආත්මභාවයේදී ගෙවා අවසන් කල නොහැකි මව්පිය කෘතගූණය නොහොත් තමාව මෙලොවට බිහිකර හදාවඩා ගත් මව් පිය දෙදෙන කල කී දෑ සඳහා කෘතගූණ සැලකීම් වශයෙන් කලහැකි එකම කර්මය හැටියට දහමෙහි දක්වා තිබෙන්නේ සිය මව්පිය දෙදෙන මිත්‍යාදෘෂ්ඨික නම් ඉන්් මුදවා සම්්‍යයක් දෘෂ්ඨියේ පිහිටුවීම පමණක් බවයි. එවිට සිය මව්පියනට කලගූණ සැලකූවා නොහොත් කලයුතූ යුතූකම් කොටස ඉටුකලා වේ යන වගයිි. මෙයින් හැගෙන මහාර්ඝ තේරුම ගැන මෙහිදී වඩාත් දැනුවත් විය යුතූයි. එනම් මවු පිය  උපස්ථානයට බුද්ධ දේශනාවේ ඉතාම වැදගත් ස්ථානයක් හිමිකරදී ඇති බවයි.
‘දස අකූසලයට අමතරව එන අකූසල කර්ම අතර අකූසල සාධාරණ චෛතසික 14 කි. එයට  මෝහ, අහිරික, අනවතප්ප, උද්ධච්චය, යන හතරත්  ලෝභ, දිට්ඨි, මාන යන ලෝභ ත්‍රිකයත්  ද්වේෂ, ඉස්සා, මච්චරිය, කූක්කූච්චය යන දෝස චතූස්කයත් ථීන, මිද්ධය, විචිකිච්චාව යන තූනත් ඇතූලත් වෙයි.

11. අකූසල සාධාරණ චෛතසික 14

1. මෝහ ඃ- අනුවන බව හෝ ලෝභ, ද්වේෂ දෙක නොවැටහීමෙන් මිත්‍යාදෘෂ්ඨි හා සම්මා දෘෂ්ඨි දෙක බෙදා වෙන් කර නොදැකීමත්, පංච උපාදාන ස්කන්ධය මමය, මාගේය මාමය යන හැඟීමෙන් ගැනීමත්, සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නොව නිත්‍ය, සුඛ, ආත්ම හැටියට ගැනීමත් මෝහ යනුවෙන් දැක්විය හැකියි.
2. අහිරික ඃ-  ලෝක පාලක ධර්ම වශයෙන් ගැනෙන ලජ්ජා, භය දෙකෙන් පවට ඇති ලජ්ජාවෙහි විරුද්ධාර්ථය  වන පවුකම් කිරීමට ඇති නිර්ලජ්ජාව අහිරික නමි. මෙය අකූශල චෛතසිකයකි. ශීලයක නොපිහිටි තැනැත්තා මෝහය සමග හෝ මෝහය නැතූව සසංකාරික හෝ අසංකාරික වශයෙන් මෙකී ලාමක චෛතසිකය නිසා පවුකම් කෙරෙත්. සියළුම පාපකර්මයන්ට මෙම අහිරික චෛතසිකය යෙදෙත්, මන්ද ඔහු පවට ලජ්ජා නැති හෙයිනි. කයින්, වචනයෙන් හා මනසින් යන තිදොරින්ම මෙම දූෂිත චෛතසිකය නිසා පව්කම් රුස් කරයි.  කූදු මහත් කූමන හෝ පාප කර්මයක් කෙරෙන්නේ කෙනෙකූ තූල තිබෙන අහිරික චෛතසිකය නිසාමැයි. මෙය සිතින් හඳුනාගෙන අත්හල යුතූ චෛතසිකයකි.
3. අනවතප්ප ඃ- ලෝක පාලන ධර්ම වල ගැනෙන දෙවැන්න වන පවට ඇති භයෙහි විරුද්ධාර්ථය වන අනවතප්පය යනු පවට භය නැති කමයි. මෙම අනවතප්ප චෛතසිකය නිසාද ඕනෑම කූදු මහත් පාපකර්මයක් කිරීමට සිත පොළඹවයි. මෝහය මූලිකව හෝ ලෝභ ද්වේෂ දෙක සම්මිශ්‍රවත් මෙම බරපතල චෛතසිකය ක්‍රියාත්මක වෙති. ඕනෑම පාප කර්මයක් සිදු කිරීමට ඇති හැකියාව නිසා මෙම චෛතසික යුගලය වඩාත් අනර්ථකාරී වෙයි. මෙයද හඳුනාගෙන අත්හල යුතූයි.
4. උද්දච්චය ඃ-  උද්දච්චය යනු නොසන්සුන් බවයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී උද්දච්චකම යනු මෝඩ මාන්නය”” ලෙස හඳුන්වන්නේ එකී තැනැත්තා තූල පවතින නොසන්සුන් කම නිසාම මැයි. මෙයද අකූසල චෛතසිකයකි, නිවන අවුරන හෙයින් නීවරණ ධර්මයකි. මෙය එක එල්ලේ විපාක ගනයට වැටෙන්නේ උද්දච්චය නිසා සැම අවස්ථාවකදීම කූසල් සිත් බැහැර කරණ හෙයිනි. නොසන්සුන් බව සතියට බාධාවකි. සමාධිය කඩා විසුරුවන්නකි. ක්‍රෝධ සිත් පහළ වීමට හේතූවේ. උද්දච්චයද සිතින් හඳුනාගෙන අත්හල යුතූ චෛතසිකයකි.
5. ලෝභ ඃ-  ලෝභය යනු ලැබීමේ කැමැත්තයි. හුදෙක්ම අරමුණෙහි ඇලීමයි. මෙහිදී කූසල් ලැබීමේ කැමැත්තවත් නිර්වාන අරමුනෙහි කැමැත්තවත් ලෝභ යයි නොගත යුතූයි. පංච උපාදානස්කන්ධයම ලෝභය යැයි දැක්විය හැකියි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන සය ආරම්මණයන්හි ඇලීම ලෝභ යයි. පුහුදුන් සිතක පංචද්වාරය ආවර්ජනය වන හැම අවස්ථාවකම මුලින් ලෝභ යත් අනතූරුව ද්වේෂ යත් යෙදීම සිදුවෙයි. හුදෙක්ම ලෝභය යනු ඇලීම් ස්වභාව යයි දැක්විය හැකියි. මන්ද ලෝභය වන්හි ඇලීම නිතැතින්ම සිදුවන හෙයිනි. ලබා ගැනීමේ කැමැත්ත මෙන්ම නොදීමට ඇති කැමැත්ත ද ලෝභ වශයෙන් ගැනේ. සම්මුති වශයෙන් ඉහතාර්ථය සත්‍ය වන අතර පරමාර්ථ ධර්මයක් ලෙස ලෝභය තෝරා බේරා ගැනීමේදී තෘෂ්ණා සහගත බව මුලටම ගලපා ගතයුතූයි.  මෙය බලවත්ම අකූශල මූලයයි, හඳුනාගෙන අත්හලය යුතූ චෛතසිකයකි.
6. දිට්ඨි ඃ-  වැරදි සහගත දැකීම අරභයා දිට්ඨිය අකූශල පක්‍ෂයෙහිලා ගැනේ. මෙය මිච්ඡා දිට්ඨිය වශයෙන් ප්‍රභේදනය වෙයි. බලවත් අකූශල චෛතසිකයකි. සෝවාන් ඵලයෙහිදී විශ්කම්භනය වන්නාවූ මුල් සංයෝජන ධර්මය වන සක්කාය දිට්ඨිය ඇතිවීමට හේතූකාරක වන චෛතසිකයයි දිට්ඨිය. කිසියම් හෝ වැරදිවූ වැටහීමක එල්භ සිටීම දිට්ඨියයි. දෙසැටක්වූ මිත්‍යා දෘෂ්ඨි, දශ වස්තූක මිත්‍යා දෘෂ්ඨි, පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇතිවන්නාවූ මමය, මාගේය, මාමය යන සක්කාය දිට්ඨිය යන සියල්ල සකස්වීමට මෙම දිට්ඨි චෛතසිකය මුල්වෙයි. මෙයද හඳුනා අත්හල යුතූ චෛතසික ධර්මයකි.
7. මාන ඃ-  මානය යනු මැන බැලීමත්, මැන බැලීම මත උපන් මානසික තත්වයත් යන දෙකයි. මෙය සාපේක්‍ෂතාවය මත සිදුවන්නකි. උඩඟූකම, මාන්නය වැනි ලාමක ධර්මයන් බිහි කිරීමට ප්‍රමුඛ වන මෙම චෛතසිකය අධිමාන, හීන මාන, සෙයිය මාන, සදිසි මාන, සමාස මාන යනාදී වශයෙන් නානා ආකාර වන්නාවූ මැන බැලීම් ඇතිකරගැනීමට පොලඹවයි. තමා උසස් කොට සැළකීම, අනුන් පහත් කොට හෙළා දැකීම, තමා පහත් යැයි තමාම සලකා ගැනීම, තමා උසස් කෙනෙකූ හා සමාන යයි සලකා මැන බැලීම යනාදී වශයෙන් කරන මැන බැලීම් වලට අමතරව නැති සීලාදී ගූණ ඇති බව හැඟවීම යනාදී ලාමක අකූශල කර්ම බොහොවක්  මානය නිසා සිදුවෙයි. අනුනට සාපේක්‍ෂව හෝ තමාට සාපේක්‍ෂව මැන බැලීම මෙයින් අදහස් කරන අතර මෙය බොහෝ දුරට අකූශල පක්‍ෂයට බරව සිදුවන හෙයින් බැහැර කල යුතූ චෛතසික ධර්මයකි.
8. ද්වේෂය ඃ- තැනක විස්තර කරදී ඇති මෙය බලවත් අකූශල මූලයකි. චෛතසිකයක් ලෙස සිත පෙරටුකොට ගමන් ගන්නා හෙයින් අකූශල කර්ම පථ කිහිපයක්ම සම්පූර්ණ කිරීමට සමත් මෙය දස සංයෝජන වලදී පටිඝ  යටතේ හා පංච නීවරණ ධර්ම වලදී ව්‍යාපාදය ලෙසින් දැක්වෙයි. වෛර, පටිඝ, ව්‍යාපාද හා ක්‍රේ්ධ සිත් වලදී පෙරටුව ගමන් ගන්නා චෛතසික ධර්මය මෙයයි. අකූසල් මුල් තූනෙන් එකක් ලෙසද ගැනේ. අනුන් ඉවසා නොසිටීම නිසා ඇතිවන දූෂිත චිත්ත ස්වභාවය මෙයින් අදහස් කෙරේ. ද්වේෂය නිසා සිදුවන පාපකර්ම බොහෝ වෙයි. සිත මූලිකව කය, වචනය යන තිදොරින්ම ද්වේෂය ක්‍රියාත්මකවේ. ද්වේෂ චෛතසිකය නිසා දූෂිතවූ මනසින් ද්වේෂ සහගත ලෙස හෙලා පෙලා කථාකිරීම, අනෙකකූ පීඩාවට පත්කිරීම, ද්වේෂ සහගතව බැලීම, ද්වේෂය නිසා හරිදේ හරි යයි පිළිනොගැනීම, ප්‍රාණඝාත, අදත්තාදාන, පිසුනාවාචා, පරුෂාවාචා වැනි අකූසල් සිදුකරගැනීමද  සිදුවේ. මෙම අකූසල චෛතසිකය තම සන්තානයේ ඇතයැයි හඳුනා ගනිමින් පිරිසිඳු කර ගැනීම සඳහා නිරන්තර වෑයමක යෙදිය යුතූයි. ලාමක චෛතසිකයක් වන මෙය දුරුකර ගත යුත්තකි.
9. ඉස්සා ඃ- අකූසල සාධාරන චෛතසිකයක් වන මෙය ලෝභ හා දෝස අකූසල් සිත් දෙකම පහල කිරීමට හේතූවෙයි. අන් සැපත නොඉවසීම මෙහි ඇති මූලික ස්වභාවයයි. එලොව මෙලොව දෙලොවටම අවැඩදායී වන නොහොත් කිසිම ඵල ප්‍රයෝජනයක් ලබාගත නොහැකි ලෞකික වශයෙන් මහත් පශ්චාත්තාපයට පත්කිරීමට සමත් මෙම අකූශල චෛතසිකය හුදෙක්ම ඊර්ශ්‍යාව පදනම් කරගෙන මතූවන්නකි. මෙය විපාක චෛතසිකයක් ලෙස හඳුන්වා දිය හැකියි. මෙලාව විපාක වශයෙන් දූෂිත මනසකින් යුතූව පැසවමින් කල් ගෙවීම මෙහි ඇති විශේෂ ස්වභාවයයි.  හැමවිටම අනුන්ගේ  නොහොඳක් අඩුවක් පෙනීම, දැනදැන අනුන්ගේ ගූණ වලකා නුගූණ බිනීම, ඇති ගූණ නැති බව කියා පෑම අනුන් අවඥාවට හා අව තක්සේරුවට ලක් කිරීම වැනි ලාමක පාපකර්ම මේ නිසා සිදුවෙයි. වඩාත් හොඳින් අධ්‍යයනය කර අත්හල යුතූ චෛතසිකයකි. මෛත්‍රිය පෙරදැරි කරගත් සුවපත්වූ මනසකින් බැලීම මින් මිදීමට ඇති මගයි. ඉස්සා නැමති ගින්දරට මුදිතාව සිසිල් ජලයයි. මෙම චෛතසිකය හඳුනා ඉවත් කරගැනීම මගින්  ලෝභ, ද්වේෂ, මෝහ යන අකූසල් මුල් තූනම තරමක් දුරට තූනී කරගත හැකි වනු ඇත.
10. මච්චරිය ඃ-  මච්චරිය යනු මසුරුකමයි. අකූසල චෛතසිකයකි. ලෝභ මූලික වන මෙය බොහෝදුරට තම සම්පත් ගැන ඇති අසීමිත ලෝභය නිසා ඒවා සඟවා සිටීමට ගන්නා උත්සාහය ලෙස දැක්විය හැකියි. ‘ඒ නිසාම තමාටවත් සිය භව භෝග සම්පත පරිහරණය කළ නොහැකි තත්වයකට පත්වන අතර අනුන් උදෙසා යමක් පිරිනැමීමද කළ නොහැකි  තරමටම සිත දූෂණය කරයි. මච්චරිය දුරු කිරීමට දානය හුරු පුරුදු කරගත යුතූයි. වස්තූ තණ්හාව නැතිකල යුතූයි. හුදෙක් මෙම අකූශල චෛතසික ස්වභාවය හිංසාකාරී නොවන්නක් මුත් තෘෂ්ණාව ජනනය කිරීමට හේතූ වන හෙයින් නිවන් දොරට බාධා පමුණුවයි. සිත දෙස නිරන්තරව බලමින් නෙක්කම්ම සංකප්පය චාග, පටිනිස්සග්ග, මුක්ති, අනාල වශයෙන් සිතා බලා කටයුතූ කිරීමෙන් මෙකී චෛතසිකය දුරු කර ගැනීමට උත්සාහ ගත යුතූයි.  
11. කූක්කූච්චය ඃ-  මෙය බොහෝ  දුරට උද්දච්ච චෛතසිකයත් සමග ලඟින්ම යෙදෙන්නකි. මෙය පසුතැවිල්ල නොහොත් පශ්චත්තාපයයි. මෙය මෙලොවදීම විපාක ගෙනදෙන අකූශල පක්‍ෂයේ බලවත් චෛතසික ධර්මයකි. ඡන්ද, චිත්ත, විරිය, මීමංසා යන සතර සෘද්ධි පාදයෝම පීඩාවට ලක් කරන්නකි. විශේෂයෙන්ම විරිය ආරම්භක චෛතසිකයන් පීඩාවට පත්කරයි. මෙය අකූසල් ස්මරණය කිරීමකි, එහි ගැලී සිටීමකි, ඉන් මිදීමට මග නොසෙවීමකි. හිරිය, ඔත්්තප්පය හඳුනාගැනීම නිසා මෙම කූක්කූච්චය (පශ්චාත්තාපය) සිතෙහි ඇතිවන බව පෙනුනද හිරි ඔතප් හරිහැටි හඳුනා ගනිමින් නොහොත් කූක්කූච්චයෙන් තොරව හඳුනාගැනීම මගින්ම කූක්කූච්චය පහකල යුතූය. මෙයද චෛතසික ධර්මයක් නිසා එය ඇතිවීම වළක්වා ගැනීම මගින් සිත පිරිසිඳු කර ගැනීම කලයුතූය. කූක්කූච්චය දුරු කිරීමට පුරුදු පුහුනු කළයුතූ ගූණධර්මය වන්නේ අටලෝ දහමෙහි ගැනෙන අලාභ, අයස, නින්දා, දුක යන හීන පරායන ධර්මයන් කෙරෙහි වන මධ්‍යස්ථ භාවය නොහොත් උපේක්‍ෂාවයි.
12.  ථීන ඃ-  ථීනය යනු අලසකම හෙවත් කම්මැලි කමයි. මෙයද බලවත් අකූශල චෛතසිකයකි. නීවරණ ධර්මයකි. කූසල් සිත් අවදිකරවා ගැනීම වලක්වා ලයි. නිවන අහුරාලයි. ථීනය දුරුකල යුත්තේ විරිය චෛතසිකය මගිනි. සතර සෘද්ධි පාද ධර්මයන් ගෙන් එකක් වන  විරිය මගින් ථීනය දුරු කර ගත හැකිවා මෙන්ම බොහෝ කූසල් සිත්ද වඩාගත හැකිවේ.
13. මිද්ධය ඃ-  මිද්ධය යනු නිදිබර ස්වභාවයයි. ධ්‍යාන අංග වැඩීමට බාධාවකි. පංච නීවරණ ධර්ම වලදී ථීනය හා මිද්ධය එකක් ලෙස ගැනේ. කූසල් සිත් වඩවා ගැනීමට නොහැකිවන පළිබෝධයකි. අකූශල චෛතසිකයකි. භාවනා කිරීම් ආදියෙන්  සිත සන්සුන් කලද මිද්ධය නිසා සතිය යටපත් කොට සිත නිදිගන්වයි. සතිය දියුනු කිරීම මගින් නොහොත් සතර ඉරියව්ව සති සම්පජඤ්ඤ යෙන් යුතූව පවත්වා ගැනීමෙන් මිද්ධය පහකල යුතූවේ.
14.  විචිකිච්චා ඃ-  බුද්ධාදී අටතැන්හි සැකය විචිකිච්චාවයි. මෙම බලවත් අකූශල චෛතසිකය නිවන අවුරා සිටියි. ‘පහකල යුතූ පලිබෝධයකි. පංච නීවරණ ධර්මයන්ගෙන් පස්වැන්න වන මෙය දස සංයෝජන ධර්මයන් ගෙන් දෙවන ස්ථානයෙහි ලා ගැනේ මේ සංයෝජනය ඉවත් කිරීම මගින් පෘතග්ජන භාවය ඉක්මවා සෝතාපන්න මාර්ගයට ප්‍රවිශ්ඨ වීමට මගපාදයි. කූසල් අකූසල් තේරුම් ගැනීමත් ධර්ම මාර්ගයේ ස්ථාවර වීමත් විචිකිච්චාව දුරුකර ගැනීම මගින් සිදුකර ගත හැකිවේ. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි ඇතිකරගන්නා අවෙච්චප්‍රසාදය නිසා සිත ස්ථාවරවෙයි. කූසල ධර්මයන්ගෙන් බැහැර නොවේ.

111. මදය
මානය යටතෙහිම වර්ග කලහැකි මෙය ධර්මයේදී තරුණ මදය, සෞඛ්‍ය (නීරෝගී) මදය, ජීවන මදය යනුවෙන් ප්‍රභේද තූනකි. මෙය හුදෙක්ම අධිතක්සේරුව ලෙස හැදින්විය හැකියි. “්්් පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහංජති, අත්තාහි අත්ත නෝ නත්ති කූතෝ පුත්තෝ කූතෝ ධනං  ්්  යනුවෙන් අප තිලෝගූරු අමාමෑනියන් වහන්සේ ඉතාමත් සරලව මෙය පහදාදී ඇත. මෙතැනදී, තමාට ධනය ඇත, ඇති හැකි දූ පුතූන් සිටී යන පෘතග්ජන ආකල්පය මදයක් නොහොත් මත්වීමක් හැටියට පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ එකී පුද්ගයයාගේ ස්වභාවය නොහොත් මතය නිශ්ඵල නිරර්ථක බව කියා පෑමට තමාට තමාවත් නැත යන සංකල්පය දක්වාලයි. මේ ආකාරයට තමාට තරුණකම ඇත, ජව සම්පන්න නිරෝගි සෞඛ්‍යයක් ඇත, මහේශාඛ්‍ය ජීවන රටාවක් ඇතය යනුවෙන් කෙනෙකූ සිතීම මදය නම්වෙයි. අනාත්ම වශයෙන් ගෙන බලා මෙම අකූශල චෛතසිකය උදුරා දැමිය යුතූයි.
පස් පව් අතර ගැනෙන සුරාව හා මේරය පංච ශීල ශික්‍ෂාවේදී සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී යනුවෙන් මදයට හා ප්‍රමාදයට හේතූවන බව දක්වා ඇත. මෙම මදය සතිය සුනු විසුනුකරන, අහිරික අනවතප්ප විනාශකරන, උද්දච්චය පරූෂාවාචා තියුණු කරණ අකූසල පාප කර්මයකි. බොහෝ අකූසල් කිරීමට පොළඹවන ශක්තියක් මදයෙහි අන්තර්ගත වන හෙයින් බලවත් අකූශලයකි. සිහි නුවනින් සිතා එලොව මෙලොව දෙලොවටම අනර්ථය ගෙනදෙන මදයට හේතූවන ක්‍රියාවන් වලින් තමාද වැලකී අනුන්කෙරෙහි පැවැත්මද වැදගත්ය.







ඉව.  ප්‍රමාදය

බුද්ධ සාසනයේ ඇති වැදගත්ම පැහැදිලි කිරීම් වලින් එකකි මෙය.  ්් අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං ්්  ප්‍රමාදය මරණයට උපමාකොට ඇත. අප්‍රමාදය මුළු බුද්ධ සාසනය හැටියටත්, විටෙක ප්‍රමාදය  මරණය නොහොත් බියකරු සසර හැටියටත් අප්‍රමාදය අමෘත පදය නොහොත් නිවන හැටියටත් නිර්ණය කොට ඇත. ප්‍රමාදයෙහි ස්වභාවය නිරන්තරයෙන්ම නිවන පමාකිරීමයි. මෙම ප්‍රමාදය කොතරම් දුරට සත්වයා සසරට බැඳ තබයිද යනු දැක්වීමට බුදුරජාණන් වහන්සේ සිය අන්තිම වාක්‍යයටත් ප්‍රමාදය හල යුත්තක් බව දක්වමින් මෙසේ දේශනා කොට ඇත.
‘්්’්  හන්දදානී භික්ඛවේ ආමන්තේ ආමී වෝ  වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත  ්්  මහණෙනි  ඔබලා වෙනුවෙන් අනුකම්පාවෙන් යුතූව මා විසින් යමක් කලයුතූව තිබුනා නම් මා එය කලා වෙයි. සියළුම සංඛත ධර්මයන් නැසෙන සුළුයි එහෙයින් අප්‍රමාදව සිහි නුවනින් යුතූව කටයුතූ සම්පාදනය කර ගන්න. මේ මහා කාරුණික දේශනය දෙස බැලීමේදී සාධනය වන්නේ පමාව නොහොත් ප්‍රමාදය මුලාවක් ලෙසයි. මෙම ලාමක ධර්මය ඉවත් කල යුතූයි අප්‍රමාදී විහරණයෙන් මෙය දුරු කල යුතූයි.  අකූසල් යනු නොකටයුතූ කර්මවේ. ක්‍රියා හෝ චෛතසික වේවා යමක් නොකලයුතූද? නොහැඟිය යුතූද?   ‘ඒවා අකූසල් වේ.


ව.  නීවරණ ධර්ම
                කාමඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ද, උද්දච්ච කූක්කූච්ච, විචිකිච්චා යනුවෙන් නීවරණ ධර්ම පහකි. මේවා අකූසල ක්‍රියා හැටියට නොව අකූශල ධර්මතාවයන් හැටියට ධර්මයේදී විග්‍රහවෙයි. නිවන ආවරනය කොට තබන හෙයින් නීවරණ ධර්ම වන අතර  අපාය ගාමී වීමට හේතූ කාරක වන හෙයින් අකූශල ධර්ම මෙන්ම පාප කර්ම ගනයෙහි ලා ගැනිය හැකිවේ. කාම, ව්‍යාපාද දෙක පාප කර්මයෝයි. මේ ධර්ම යුගලය තමන්ටත් අනුන්ටත් පීඩාවක් ගෙන දෙමින් නිවන අවුරමින් අපාය කරා රුගෙන යාමට සමත් වෙයි. සංසාරයේ සැරිසැරීමටද, විපාක ස්වරූපයෙන් නැවත නැවත ඉපදීමට හේතූ වන හෙයින්ද සසරට බැඳ තබන  ධර්ම ලෙස හඳුන්වා දිය හැකියි.
අපාය යනු සැප නැති නොහොත් දුක් විපාක ගෙනදෙන ස්ථාන හා දුක් පීඩා පනවන මානසික මට්ටම් වෙයි. සතර අපාය ලෙස තිරිසන්, ප්‍රේත, අසුර හා නිරය ගැනෙන අතර ඉනිදු නිරය අටමහ නරකය වන කාලසුත්‍රය, සංජීවය, සංඝාතය, තාපය, ප්‍රතාපය, රෞරවය, මහා රෞරවය හා අවීචිය  යනුවෙන් කොටස් වේ. මෙහිලා වැදගත් වන්නේ සකල විධ භූමි ඇතූලත් 31 තලයෙන් දිව්‍ය ලෝක 6 ත් අරූප ලෝක 4 ත් බ්‍රහ්ම ලෝක 16 ත් සුගති ලෙස හදුන්වන අතර මනුෂ්‍ය ලෝකය තල ස්වභාවයෙන් සුගති භූමියක් ලෙසත් පුද්ගල ස්වභාවයෙන් සුගති දුගති දෙකෙහිම ලා ගැනෙන අතර 4 අපාය නිත්‍ය දුගති ස්ථාන ලෙසත් ගැනේ. කෙසේ වෙතත් විපාක ප්‍රකාර දුගති භූමියක් ලෙස පුද්ගල ප්‍රභේදයෙන් ගැනුනද මනුෂ්‍ය ලෝකය සුගති භූමියකි. මේ සැම තලයකම විඥාන ගත සත්වයා සැරිසරන අතර විඥාන මට්ටමට අනුරුපවම 30 තලයක්ම සමන්විත වන අතර මනුෂ්‍ය තලය පමණක්  වේදනා, සංඥා, සංඛාර, විඥාන යන නාම ධර්මයන්ගේ සංකත ස්වරූපය අනුව සුගති දුගති දෙකෙහි ගැනේ.  ඉතිරි තල 30 ටම වඩා මනුෂ්‍ය තලය බලවත් තලයක් ලෙස දැක්විය හැකියි. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වැඩ වාසය කරන්නේත් දිව්‍ය බ්‍රහ්මයන්ගේ පූජනීයත්වයට පාත්‍ර වන්නේත් මනුෂ්‍යයන් හෙයිනි. අරූපී බ්‍රහ්ම තලවාසී බ්‍රහමයන්ට වඩා මනුෂ්‍යයන් විටෙක භාග්‍යවන්ත වෙයි මක්නිසාද යත් බුද්ධෝත්පාද කාලයකදීවත් අරූපතල බ්‍රහ්ම රාජයන්ට සෝත ඉන්ද්‍රිය නොමැති හෙයින් ධර්ම ශ්‍රවනය කිරීමට නොහැකි යැයි දැක්වෙන හෙයිනි. බුදුරජාණන් වහන්සේගේ ගිහිකල ශාස්තෘන්වූ ආලාර කාලාම, උද්දකාරාම පුත්‍ර දෙදෙනා අරූප ධ්‍යානය වඩා අරූප බ්‍රහ්ම තලයක උපත ලබා තිබුන හෙයින් අප මහ බුදුරජාණන් වහන්සේගේ ශී්‍ර සද්ධර්මය ශ්‍රවනය කිරීමට වරම් නොලැබුනි.
සෙසු සුගති භූමි වලදීද නිවන් අවබෝධ කර ගත හැකි නමුත් බුදු, පසේබුදු වරුන් පහලවන්නේ මනුෂ්‍යය ලෝකයේ පමණි. ලෝකෝත්තර ධර්මතාවයක් වන නිවනින් මෙහා උසස් මානසික තත්වයක් ඇතිකරලිය හැකි එකම ස්ථානය මනුෂ්‍ය ලෝකය වන නිසා සුගතින් අතර වඩාත් සුවිශේෂී සුගතිය ලෙස මිනිස් ලොව ගැනේ. මන්ද යත් පසේ බුදුවරු හා බුදුවරු පහල වන්නේ මනුෂ්‍ය ලෝකයේම නිසා වන හෙයිනි.
මනුෂ්‍ය ලෝකය තූලම අපායත් දීව්‍ය ලෝකයත් යන දෙකම පවතී හා මනුෂ්‍ය ලෝකය තූල අපායත් දීව්‍ය ලෝකයත් යන දෙකම නොපවතී  යන ද්වි වාදයක්  මෙකල පවතී. මෙයින් ඇතමෙක් අදහස් කරන්නේ අපාය යනුවෙන් වෙනම ස්ථානයක් නොමැති බවත්් හා දිව්‍ය ලෝකය යනුවෙන් වෙනම ස්ථානයක් නැති බවත්ය ඒ දෙකම ඇත්තේ  මනුෂ්‍ය ලෝකය තූලම බවත් ය. මෙයට ඉඳුරාම වෙනස් අදහසක් තවකෙනෙකූ තූල පවතී. මෙයට දියහැකි හොඳම පිළිතූර අග්ගඥ්ඤ සූත්‍රයෙන් අපට සොයා ගත හැකියි. එනම් මෙකල අපාය, දිව්‍ය ලෝක සංකල්පය මෙන්  ලෝකයේ අග මුල සෙවීම පිළිබඳ සංවාදයක් එකල පැවතී තිබුන හෙයිනි. අග්ගඥ්ඤ සූත්‍රයේ මෙසේ දැක්වේ ………….  ්් ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. ‘සත්වයෝ යන කොසටම ඇතූලත් වෙති. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොලව පිහිටන්නීය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොලව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීරිඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයේ රළු ගතියද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීමද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතූවෙන් ‘ඔවුන්ගේ රස පොලව නැතිවී ගියේය. පුරාණ ලෝකෝත්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය. ඒ පිළිබඳ අර්ථය නොදනින්මය. ්්
්්  වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයන්ගේ රස පොලව නැතිව ගිය කල්හි (බිම්හතූ) ඕජා සහිත මොලොක් පස පහල වුයේය. එය වර්ණ සම්පන්න විය. සුවඳින් යුක්තවිය. රසයෙන් යුක්තවිය. එවිට ඒ සත්යෝ බිම්හතූ අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බවද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතූවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ, බිම්හතූ (බිම් පතූරු) නැතිවී ගියේය. එකල බදලතා නම්වූ වැල් ජාතියක් පහලවිය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්තවිය. රසවත් විය. එවිට ඒ සත්වයෝ බදලතා නම් වැල් අනුභව කරන්නට පටන්ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු බවද බොහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බවද පෙනුනේය. වර්ණය නිසා උපන් මාන හේතූවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදලතා නැතිවී ගියේය. ්්
  ්්  මෙසේ ඒ පුරාණ ලෝකෝත්පත්ති වංශ කථාවට අනුව යෙත්. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනින්මය  ්්
්්  වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයන්ගේ බදලතා වැල් නැතිව ගිය කල්හි, කූඩු රහිතවූ දහයියා (පොතූ) රහිතවූ සුවඳ ඇත්තාවූ සහල්ම ඵල කොට ඇත්තාවූ හැල් පහල වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැර ගනිත්ද, සවසට ඒ කොටස පැසී සීටීයේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද බොහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බවද පෙනුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවාද ඇයට ස්ත්‍රී ලකූණූ පහලවිය. පෙර යමෙක් පුරුෂ වූවාද ඔහුට පුරුෂ ලකූණූ පහලවිය. ඒ සත්වයන්ට කාම රාග ඇතිවීය. මෙකලද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්, සමහර කෙනෙක් අළු දමා ගසත් සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ ඒ පුරාණ ලෝකෝත්පත්ති වංශ කථාවට අනුව යෙත්. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනින්මය  ්් අග්ගඤ්ඥ සූත්‍රය අනුව බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ සමහර දෑ ලෝකෝත්පත්ති කථාව අනුව යනවා මිසක් එහි අර්ථය නොදනින්මය යන්නයි. මේ අනුව අපාය හා දිව්‍ය ලෝකය මේ මනුෂ්‍ය ලෝකය තූලම තිබේද නොතිබේද යන්න ගැන විචාලීම ලෝකෝත්පත්ති කථාවේ සත්‍ය අසත්‍ය සෙවීම හා එය ගැන සොයා බැලීම  වැනියි. ‘තවද මනුෂ්‍ය ලෝකය කියා වෙනම භූමියක් හෝ තලයක් මේ විශ්වය තූල වත් වෙන කොතැනකවත්  නොමැත්තේමය එනමුදු මනුෂ්‍ය තලයක් නම් ඇත. එම මනුෂ්‍ය තලය ඇත්තේද මේ ගස් වැල් හා සතා සිව්පාවා නොහොත් තිරිසන් යෝනිය වෙසෙන තලයේමය. සූත්‍ර පිටකය පුරාම යක්‍ෂ, ප්‍රේත, අසුර ආදීහූද මෙම ලෝකයේම සිටි බව සඳහන් වෙයි. රුක් දෙවියන් අරක්ගත් වන ආරණ්‍ය වල භික්‍ෂූන් වැඩ වාසය කල බවත් අමනුෂ්‍ය භය දුරුකිරීමට සඳහා බුදුරජාණන් වහන්සේ කල දේශනා ගැනත් සූත්‍ර පිටකයේ කිහිප තැනකම දැක්වේ. එසේනම් සතර අපායෙහි ගැනෙන තිරිසන්, ප්‍රේත අසුර යන දුගති තල තූනත් මනුෂ්‍ය යන සුගති තලයත් එකම භූමියක වාසය කරණ බව නොරහසකි. එනමුදු තල වශයෙන් ප්‍රභේද පවතී. දිව්‍ය, මනුෂ්‍යන් එකම භූමියක වෙසේද යන්න අප නොදනිතත් එකට සිටිබවට බොහෝ අවස්ථාවල අසා ඇත. කෙසේ වෙතත් තල යනු ලෝක හෝ ස්ථාන නොවන බවත් එකම ස්ථානයක හෝ ලෝකයක තල කිහිපයක් තිබිය හැකි බවත් සත්‍යයකි. 31 එක් තලයක් ගැන මිස 31 ලෝක හෝ භූමි ගැන සඳහනක් නොවේ.


1 කාම ඡන්ද ඃ-  කෙටියෙන් විස්තර කලහොත්  කාම ලෝකයට, කාම වස්තූන්ට ඇති කැමැත්තයි. පංච ඉනද්‍රියයන් හරහා පැමිණෙන පංච කාම සම්පත්තියට ඇති කැමැත්තයි. ‘චක්කූ, සෝත, ඝාන, ජිව්හා, කාය මන යන අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම යන බාහිර අරමුණු වල ගැටී ‘’’’’ඉෂ්ට, මනාප, කාන්ත වශයෙන් ගන්නා සෑම ආරම්මණයක්ම කාම ඡන්ද ගනයෙහිලා ගැනෙයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් හෝ උපේක්‍ෂා සහගතව නොගෙන ‘’’’ඉ’ෂ්ට, මනාප, කාන්ත වශයෙන් ගන්නා ලෝභ සිත් 4 කාමඡන්ද සිත් වලට මූලික වෙයි. එනම් ඃ-
1. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත
2. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත
3. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත
4. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික සිත.

‘වස්තූ කාම, ක්ලේශ කාම වශයෙන් කාමය ප්‍රධාන කොටස් දෙකකට ගැනේ. මේ කාම කොට්ඨාශ දෙකෙහිම අරමුණු ගැනීම නිසා ඇතිවන කැමැත්ත යලියලිත් ඇතිවීම දෑකීමට හෝ ලැබීමට ඇති රිසියෙහි (පෝනෝභවිකා) රාගාදී හැඟීම් වශයෙන් ගෙන රාග සහගතවීම (නන්දිරාග සහගතා) හා ඉන් අනතූරුව යලි යලිත් පිනවීම් හා නන්දනයට පත්වීම් වශයෙන් ගැනෙන කාම ධර්මයන් කෙරෙහි සතූටුවීම (තත්‍ර තත්‍රාභිනන්දනී) යන්න මේ කාම ධර්මයන්ගේ  නිත්‍ය ස්වරූපයයි.
කාමඡන්දය සිතේ ඇතිතාක් කල් ත්‍රිලක්‍ෂණය නොපෙනී යන හෙයින් ද, නාම රුප ධර්මයන්ගේ යථා ස්වරුපය අවබෝධ නොවන හෙයින් ද, විරාග වශයෙන් නිරෝධ නොවන හෙයින් ද, ධ්‍යාන මාර්ගාංග වලක්වන හෙයින් ද නිවනෙහි මග අවුරා තැබීම සිදුවේ. පුහුදුන් සිතක්  මෙකී නීවරණ ධර්්ම වලින් ආවරණය වී තිබීම සාමාන්‍ය ස්වභාවයි. නිවන් මගට නොපිළිපන් නොහොත් සෝවාන් මාර්්ගස්ථ තත්වයට වත් නොපැමිණි පුද්ගලයාගේ සිත මෙකී ධර්්මතා 5 ට නිරන්තරයෙන් ගොදුරු වෙමින් පවතී. සිතක ස්වභාවය වන්නේ එය ක්‍රියාත්මක ස්වරූපයෙන් පවත්වා ගැනීමයි. කූමන අරමුණක හෝ රුඳී සිටීම සිතේ ස්වභාවයයි. තද නින්දේදී, සිහිසන් නොමැති අවස්ථාවේදී පවා භවාංග අරමුණෙහි සිත පවතී. සෑම චිත්තක්‍ෂණ 17 කම ස්වභාවය සිත මොනයම් අරමුණක හෝ රඳවා ජීවීතේන්ද්‍රිය පවත්වා ගැනීමයි. අනුපාදා පරිනිර්්වාන ධාතූවෙන් මෙහා හැම සිතක්ම ක්‍රියාත්මක ස්වරූපයෙන් පවතී.
මේ අනුව යම් සිතක මෙකී නීවරණ ධර්මතා 5 යටපත් වනවාත් සමගම එම සිතෙහි තවත් අංග 5 ක් වර්්ධනය වේ. සිත පිරිසිඳු වීම් ප්‍රකාර නීවරණ ධර්ම ඉවත් වනවාත් සමගම සති සම්පජඤ්ඤ යෙන් යුතූව සිතෙහි එකඟතාවයක් නොහොත් ඒකාග්‍රතාවයක් ඇතිවී විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්ගතා යන ධ්‍යාන අංග 5 පහලවේ. මේ කරණකොට ගෙන ප්‍රථම, ද්විතීය, තෘතීය, චතූර්්ථ හා පංවම යන ධ්‍යන පිළිවෙලින් පහල කරගැනීමට හැකිවනු ඇත. නීවරණ ධර්්ම ඇතිතාක් කල් ධ්‍යාන අංග පහල නොවෙන අතර ධ්‍යාන අංග ඇතිතාක් කල් නීවරණ ධර්්ම  පහල නොවේ. සමාධිය නොහොත් ඒකග්ගතාවය නිසා ඇතිවන ධ්‍යාන අංග තූලින් කාම ඡන්දය දුරුවී යයි.

2  ව්‍යාපාදය  ඃ-   ඇලීම් ගැටීම් වශයෙන් ගැනෙන චිත්ත ස්වභාවයේ ගැටීම් වශයෙන්  සිදුවන ක්‍රියාවලිය ව්‍යාප්ත කිරීම ව්‍යාපාදයයි. හුදෙක්ම දෝමනස්ස සහගත විත්ත ස්වභාවයයි. ‘ද්වේෂ, ඉස්සා, මච්චරිය, කූක්කූච්චය, ථීනය, මිද්දය යන චෛතසික සමග යෙදෙන සිත් දෙක ව්‍යාපාද සිත්වේ.
 1. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත හා
  2. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සංකාරික සිත
‘සත්ව ඝාතනය, සත්ව හිංසනය, කිපෙනසුළු බව වැනි පාප කාරී ක්‍රියාවන්හි යෙදීම මගින් සිදුවන විපාක විඳීම් ආකර කායික හා චිත්ත පීඩාවන් නිසාද නිර්්වානය ආදී ලෝකෝත්තර ධර්්ම කෙරෙහි සිත නො ඇලීම නිසාද ව්‍යාපාදය නිවන අවුරා සිටියි. ‘ව්‍යාපාදය හුදෙක්ම නිවනට පරිභාහිර සතර අපාය කරා සත්වයා පමුණුවන මාර්ගයකි. මෙය කූසලයට බාධා පමුණුවයි. පී්‍රති ධ්‍යාන අංගය සිතෙහි වැඩෙනවාත් සමගම ව්‍යාපාදය දුරුවී යයී. ‘ව්‍යාපාදය  පී්‍රතිය සමග එකට නොරඳන හෙයින් පී්‍රතිය ඇතිවනවාත් සමගම ව්‍යාපාදය විශ්කම්භනය වෙයි. ඒකාග්ගතාවය ධ්‍යාන අංගයක් ලෙස පැවතීම මත ව්‍යාපාදය පමණක් නොව මොනම නීවරණ ධර්්මයක්වත් එලඹෙන්නේ නැත. ප්‍රීති ධ්‍යාන අංගය පහලවනවාත් සමගම ව්‍යාපාදය ප්‍රහීනය වන්නේය.  මෙහිදී චිත්ත හා චෛතසික වෙන්කර හඳුනාගැනීම ඉතාම වැදගත්ය. මෙය ඉතාම වැදගත් පැහැදිළි කරගැනීමකි. ‘නාම රූප පරිච්ඡේද ඥානයට ලඟාවිමට අත්වැලකි.  ‘උදාඃ- චිත්තය යන්න භාජනයක් ලෙසත් චෛතසික යන්න එහි අඩංගූ දෑ ලෙසත් හෝ චිත්තය යන්න කිසියම් ආහාර වර්ගයක් ලෙසත් චෛතසික යන්න එය පිළියෙල කිරිමට යොදා ඇති කලමනා ලෙසත් ගත හැකියි. තවද ආහාර දැමූ බඳුන ආහාර බඳුන ලෙසත් වසුරු දැමූ බඳුන වසුරු බඳුන ලෙසත් අපි දකිමු. ‘පැනි රස යෙදූ ආහාරය රසකැවිල්ලක් ලෙසත් ඇඹුල් දමා සැදූ ආහාරය ඇඹුලක් ලෙසත් අපි හඳුනන්නෙමු. මේ අනුව චිත්තයද වර්්ග වන්නේ එය සකස්වුන චෛතසික මතයි. සිත නිරන්තරයෙන්ම ප්‍රභාස්වර වස්තූවකි.  ්්් පභස්සර මිදං භික්කවේ චිත්තං, තංචකෝ ආගන්තූකේන උප කිලිට්ටේසි උප කිලිට්ටං  ්්  යනුවෙන් චිත්ත වග්ගයේ සඳහන්වන ආකාරයට සිත ප්‍රභාස්වර වස්තූවකි එහි පැහැයක්, ආකාරයක් නොමැත. සිත, ආගන්තූකව පැමිණෙන උප ක්ලේශයන් ගෙන් දූෂිත වන බව දැක්වෙයි. මේ අනුව කූසල චෛතසික මත සැකසුනු සිත කූසල් සිතක් ලෙසත් අකූසල චෛතසික මත සැකසුනු සිත අකූසල් සිතක් වන බවත් දැක්වේ.

3.  ථීන මිද්ද ඃ-   චෛතසික ධර්්මයන් හිදී දෙකක් ලෙස ගැනෙන මෙය නීවරණ ධර්්ම යන්හිදී එකක් ලෙස යොදා ගැනේ. අලස බවත් නිදිබර බවත් නොහොත් සිතේ ඇති මලානික බව ථීන මිද්දයයයි. කූසල් කිරීමට හෝ ධ්‍යාන අංග වඩා ගැනීම සඳහා භාවනා කමටහනෙහි සිත රඳවාගැනීමට සිතේ ඇති මැලි භාවය හා නිදිබර ස්වභාවය ථීන මිද්දයයි. ‘කමටහනෙහි සිත මෙහෙයවීමට හෝ චිත්ත ඒකාග්‍රතාවය ඇතිකර ගැනීමට බාධා කරන අකූසල ධර්්මයකි. ධ්‍යාන අංග පහල නොවීමට හේතූ වන හෙයින්ද නිවන පමාකිරීමට හේතූවන හෙයින්ද අකූශල ධර්්මයකි. ප්‍රථම ධ්‍යානය ලැබීමේදී ඇතිකර ගත යුතූ  විතක්ක විචාරය නිසා ඇති වන සම්පජඤ්ඤය මගින් මෙම නීවරණය දුරුවී යන්නේය. භාවනානු යෝගියා කමටහනේ සිත මෙහෙය වනවාත් සමගම පහලවන විතර්ක ධ්‍යානාංගය මගින් ථීනමිද්දය දුරුවී යන්නේය.

4.    උද්දච්ච කූක්කූච්ච  ඃ-  චෛතසික ධර්්මයන් හිදී දෙකක් ලෙස ගැනෙන මෙයද නීවරණ ධර්්ම යන්හිදී එකක් ලෙස ගපලා විග්‍රහ කෙරේ. මෙය අකූසල් ධර්්මතා දෙකක සම්මිශ්‍රණයකි. මෙම ධර්්මතා දෙකෙහි සමාන බවට වඩා යෝග බවක් පෙනෙන හෙයින්ම එකම නිවරණයක් ලෙස වර්ගකර ඇත. උද්දච්චය යනු සිතක ඇතිවන නොසන්සුන් භාවයයි. මෙය කූමන අකූසල් මූලයක් හේතූ කොට ගෙන හෝ සිදුවිය හැකියි. ලෝභය මත පදනම්ව හෝ ද්වේශය මත පදනම්ව ඇතිවන නොසන්සුන් තාවයයි. චිත්ත ඒකාග්‍රතාවය දුරින් දුරටම පලවා හැරීමට සමත් අකූශල ධර්්මතාවයකි. කූක්කූච්චය යනු පශ්චත්තාප යයි. මෙකී පසුතැවිල්ල තමන් කල අකූශලයක් ගැන හෝ තමා නොකල අකූශලයක් ගැන විය හැකියි. එමෙන්ම තමන්ට කළනොහැකිවූ කූසලයක් නිසාද වියහැකියි. මෙම ධර්්මතා දෙක නිසා සිතෙහි ඇතිවන නොසන්සුන් භාවය සැපයට බාධාවකි. පසුතැවිල්ල සිත නොසන්සුන් කිරීමට හා සිතේ තැන්පත් භාවය නැති කිරීමට හේතූ භූතවේ. උද්දච්ච කූක්කූච්ච පළිභෝධයක් වන අතර අකූශල ධර්්මයකි. සුඛ ධ්‍යාන අංගය පහලවනවාත් සමගම උද්දච්ච කූක්කූච්ච විශ්කම්භනය වෙයි. යෝගාවචරයා විසින් 4 වන ධ්‍යාන අංගය  වඩනවාත් සමගම 4 වන නීවරණය වන උද්දච්ච කූක්කූච්චය දුරුවී සුඛ්‍ය පහලවේ.

5.   විචිකිච්ඡා ඃ-  පංච නීවරණ ධර්මයන්ගේ අවසාන ධර්්මය වන විචිකිච්ඡාව සහමුලින්ම විශ්කම්භනය කිරීමෙන් නිවන් මග අවුරා තිබූ දොරටු නිත්‍ය වශයෙන් විවෘත වෙයි. විචිකිච්චාව ප්‍රහානය වනවාාත් සමග නිර්වාන ධර්මය ගැන අචල විශ්වාශයක් පහල වෙයි. ‘්්” ‘්බුද්ධෙ අවෙච්ච ප්‍රසාදේ, ධම්මේ අවෙච්ච ප්‍රසාදේ, සංඝේ අවෙච්ච ප්‍රසාදේ, තින්නං රතනේ අවෙච්ච ප්‍රසාදේ  ්් යන ආකාර පරිදි ත්‍රිවිධ රත්නය කෙරෙහි පහල වන අචල ‘ශ්‍රද්ධාව හේතූ කොටගෙන බුද්ධාදී අට තැන්හි සැකය සහ මුලින්ම දුරුවී යයි. සතිය දියුනුවී විචාර ධ්‍යාන අංගය පහල වනවාත් සමගම විචිකිච්චාව දුරුවී ශාන්ත වූ නිර්්වාන ධර්්මය අරමුණුවෙයි. සමත භාවනාවේ යෙදෙන යෝගාවචරයා විසින් ප්‍රථම, ද්විතීය, තෘතීය හා චතූර්ථ යන ධ්‍යානයන්ට පිළිවෙලින් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමවැදී යලිදු ප්‍රථම ධ්‍යානයෙන් නැගී විදර්්ශනාව පාදක කර විචාර ධ්‍යාන අංගයෙන් විපස්සනා කරමින් ශාන්ත වු නිවන අරමුණු වශයෙන් ගෙන අවබෝධ කරගත යුතූයි. සද්ධර්්මය කෙරෙහි නාමමාත්‍ර වශයෙන් හෝ පැවතූන විචිකිච්චාව මග හැරෙනවාත් සමගම පිළිවෙලින් නාමරූප පරිච්චේද ඥානය, උදයවය ඥානය, භංග ඥානය මගින් සෝවාන් ආදී මාර්්ග ඵල පිළිවෙලින් නිර්්වාන සංඛ්‍යාත ධර්්මය අවබෝධ වෙයි.
සබ්බ පාපස්ස අකරණං යන තැන්හි සියළු අකූශල ධර්්ම බහා තැබිය යුතූ බව සඳහන් වෙයි. මේනයින් බලනකල පාප ක්‍රියා මෙන්ම  අකූශල චෛතසිකයන්ද මුලින් උපුටා දැමිය යුතූ බව ඉහත දැක්වුයෙමු. ඊට අමතරව සියලු අකූසල් මුල් හඳුනා ගත යුතූ බවත් දක්වනු කැමැත්තෙමු.
මීට අමතරව සත්වයා සසරට බැඳ තබන දස සංයෝජන නොහොත් ධර්්මතා 10 ක් ඇත.


වඉ.  දස සංයෝජන ඃ-

1. සක්කාය දිට්ඨි  ඃ-  සක්කාය යනු පංච උපාදාන ස්කන්ධයට තවත් නමකි. ‘ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන පංච උපාදාන ස්කන්ධයේ යථා ස්වරූපය හරිහැටි නොවැටහීම නොහොත්  මමය, මාගේය, මාමාය යනුවෙන් ස්වකීය කය ආත්ම වශයෙන් ගැනීම සක්කාය දිට්ඨිය යන්න ලෙස හදුන්වා දිය හැකිය.  මෙයද වැරදි දෘශ්ඨියකි. ‘වැරදි දෘශ්ඨින්හි එල්බගෙන සිටීම අකූසල  ක්‍රියාවකි. මන්ද යත් එය නිර්්වානය ඈත්කර තබන හෙයිනි. මෙය දෘශ්ඨියක් වශයෙන් ගෙන බොහෝ කායික, වාචික හා මානසික පවුකම් සිදුකර ගනියි. ‘සක්කාය දිට්ඨිය නිසා ඡන්දය, තෘෂ්ණාව, ව්‍යාපාදය, රාගය සකස් වෙයි. සක්කාය දිට්ඨිය තූරන් කල විට ආත්ම සංකල්පය නැතිවී යන හෙයින් බොහෝ පාප ක්‍රියා වලින් ඈත්වීමක් සිදුවේ.
2. විචිකිච්චා  ඃ-  දෙවන සංයෝජනය වන මෙය සෝවාන් මාර්ග ඵලයේදී තූරන් වන්නකි. විචිකිච්චාව සැකය මත පදනම් වන්නකි. ‘මමය, මාගේය, මාමය යනාදී වශයෙන් ගන්නා කල ඇතිවන ආත්ම ස්වරූපය නිසා  අටතැන්හි ඇතිවන සැකය ‘එනම් බුදුන් ගැන, ධර්්මය ගැන, සංඝයා ගැන, ශික්‍ෂාපද ගැන, භවය සසර ගැන, භවයක් නැතැයි සැකය, පෙර අපර භව ගැන සැකය, පටිච්ච සමූප්පාදය ගැන සැකය  විචිකිච්චාවයි.  මෙය දුරුකිරීම සඳහා තමා කෙරෙහි ඇතිවූ ආත්ම සංකල්පය නැති කල යුතූයි. අනාත්ම වශයෙන් මෙනෙහිකර බලා විචිකිච්චාවට මුල්වන ආත්ම සංකල්පය නැතිකර ගත යුතූයි. විචිකිච්චාව ඇති තැන ඒකග්ගතාවය බිඳවැටී ධර්්මය ගැන, සසර ගැන, විපාක ගැන, සත්වයා ගැන, ආත්ම ගැන අවුල්වූත් වික්‍ෂිප්තවූත් අදහස් දරයි. කිසිදු ධර්්මතාවයක් ගැන පැහැදිළි අදහසක් ලබා ගැනීමට අපොහොසත් වෙයි. තවද විතක්ක විවාර යන්න විචිකිච්චාව යයි වරදවා නොගත යුතූයි. විචිකිච්චාව නිසා වැරදි නිගමන, වැරදි දෘශ්ඨි වලට එලඹිය හැකි අතර විතක්ක විචාර නිසා ධර්්මතා නිරවුල් කරගත හැකි බව දත යුතූයි.
3. සීලබ්බත පරාමාස  ඃ-  අන්‍ය ශීල, අන්‍ය වෘත සමාදානය මෙයින් අදහස් කෙරේ.  ශාස්වත දෘශ්ඨිය, උච්ඡේද දෘශ්ඨිය යටතේ ගැනෙන මිත්‍යා ශීල හා ඒ හා බැඳුනු වෘත සමාදන්වීමයි. සිදුහත් තාපස කල රකින ලද සිල් හා සමාදන්වූ වෘත පිළිබඳ දීර්ඝ විස්තරයක් මහා සීහනාද සූත්‍රයේ දැක්වේ. ඒ සියල්ල නිවැරදි සිල් නොවන බව වටහාගත් බෝසත් සිදුහත් තාපස තූමා එකී සිල් හා  වෘතයන්ගෙන් බැහැරව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යනාදී වශයෙන්වූ ආර්්‍ය අශ්ඨාංගික මාර්්යේම ගමන්කර නිර්්වානය සාක්ක්‍ෂාත් කරගන්නා ලදි. මිත්‍යා ශීල හෝ මිත්‍යා වෘත සමාදන්වීම අකූසල් වැඩීමකි. ‘ සමහර ශාස්තෘවරුන් ගේ දේශනයන්ට අනුව සතූන් මැරීමෙන් පාපයක් නොමැත, සොරකම් කිරීමෙන් පාපයක් නොමැත යනාදී වශයෙන් වැරදි සිල් සමාදන්වීම, එකල තිබූ දෙසැටක් මිත්‍යා දෘශ්ඨි වලින් එකකි. මෙසේ සිල් සමාදන්වීම හෝ ලබ්ධි ගැනීම අකූසල් සිදුකර ගැනීමකි. එහෙයින් නිවනට පාදක නොවන මිත්‍යා ශීල වෘත සමාදානය සත්වයා සසරට බැඳ තබන බැම්මකි. මෙය ලිහා හැරිය යුතූ සංයෝජන ධර්්මයකි. සෝවාන් ඵලයේදී මේ සංයෝජනය තූරන් වෙයි. මෙකී සංයෝජන ධර්්ම තූන ප්‍රහීනයවීමත් සමග සිත ශ්‍රද්ධා පදනමේ මනාව සකස් වේ. ශ්‍රද්ධාව නිරන්තරයෙන් ශීලයට සිත යොමුකරවමින් සමාධි ප්‍රඥා මාර්්ගය පරිපූර්ණ කරයි.
4. කාම රාග  ඃ-  සකදාගාමී අවස්ථාවේදී තූනීවී ගොස් අනාගාමී ඵලයේදී සහමුලින්ම විශ්කම්භනය වන මෙම සංයෝජන ධර්්මය නම් පංච කාම සම්පත්තිය කෙරෙහි ඇති ඇලීම් ස්වභාවයයි. ‘වස්තූ කාම, ක්ලේශ කාම වශයෙන් ගැනෙන සකල කාමයන්ට (කැමැත්තට) ඇති ඇල්ම කාමරාග යයි. ආසය අනුසය වශයෙන් චිත්ත සන්තානයේ රුඳී පවත්නා මෙය තෘෂ්ණා නිරෝධයේදී කාම තණ්හා ලෙස ගැනේ. සිතින් හඳුනාගෙන දුරු කල යුතූ සංයෝජන ධර්්මයකි.
5. ව්‍යාපාදය  ඃ-  සකදාගාමී අවස්ථාවේදී තූනීවී ගොස් අනාගාමී ඵලයේදී සහමුලින්ම තූරන්වන තූරු ආසය අනුසය වශයෙන් චිත්ත සන්තානයේ බලපවත්නා බලවත් අකූශල මූලයකි. ‘ව්‍යාපාදයට මුල්වන අකූසල් ස්වරූපය ‘ද්වේශයි. සිත දූෂණය වීම මෙහි ගති ස්වරූපයයි. සියළු ආකාර පටිඝ සිත් උපදීමට මූලයයි. තිලෝගූරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිය අවශේෂ ඥානයෙන් දැන වදාල පරිදි මෙම රාග දෝෂ යුගලය ප්‍රථමයෙන් තූනී කොට අනතූරුව විශ්කම්භන වශයෙන් ප්‍රහාණය කලයුත්තක් බව පෙන්වාදී ඇත. සකදාගාමී අවස්ථාවේදී මෙය ආසය අනුසය වශයෙන් රුඳී තිබෙන බවත් අනාගාමී ඵලයේදී සහමුලින්ම විශ්කම්භනය වන බවත් දක්වා ඇත. මෙම සංයෝජන යුගලය  අවධි දෙකකදී ශූද්ධ වීමක් සිදුවේ. මෙම සංයෝජන යුගලය ලිහා දැමූ උතූමෝ යලිදු එක් වතාවක් වත් මනුෂ්‍ය ලෝකයට නොපැමිණම ශූද්ධාවාස බ්‍රහ්ම ලෝකයක උපත ලැබීමට තරම් විශූද්ධියකට පත්වන අතර එහිදීම ඉතිරි සංයෝජන 5 දුරු කොට යලිත් උපතක් නොලබන ශාන්ත නිර්්වාන සම්පත්තිය අවබෝධ කරගැනීමට සමත් වෙයි.
6.   රූප රාග  ඃ-  දස සංයෝජනයන් ගෙන් 6 වන ස්ථානයේ ලා ගැනෙන මෙය මීට ඉහත විස්තර කෙරුනේ සංයෝජන ධර්්මයක් ලෙස නොවේ. රාග යනු ඇලීමක් වන අතර රූපරාග යනුු කාමාචචර රූප ලෝක වලට ඇලීමක් වේ. මෙය භව තෘෂ්ණාව ලෙසද ගැනේ. රූප ලෝකයන්හි, රූප ආරම්මණයන්හි, රූප ධ්‍යානයන්හි ගැවසීමට, ඇලීමට, එහි සැරිසැරීමට යලි යලිත් ඉපදීමට ඇති ආශාව රූපරාගයයි. ආරම්මණයන් ගැන ගත්කල්හි සියළු රූප භවයන්හි ඇලීමත් ලෝක ගැනගත් කල්හි සියළු රූප ලෝක යන්හි ඇලීමත් ධ්‍යාන ගැන ගත් කල්හි සියළු රූපාවචර ධ්‍යාන වලට ඇති ඇල්මත් රූපරාග යයි. මෙය නිවනට බාධාවකි. තමා සමවැදුනු රූපාවචර ධ්‍යානයන්හි ඇලී ගැලී එයම ආත්මය කොට ගෙන එයම පරම නිෂ්ඨාව කොට සිටීම නිසා එය නිර්වානයට පළිබෝධයකි. අකූශල ධර්්මයකි. ලිහා හැරිය යුතූ සංයෝජන ධර්්මයකි. සංක්‍ෂිප්තයක් කොට ගත් කල සියළු රූප ධර්්මයන් ද, රූප අරමුණු ද, රූප විඤ්ඤානද, රුප ලෝකද, රූප ධ්‍යාන ද යන සකල රූප සංයෝජනයන්ගේ ඇලීම දැක්විය හැකියි.
7.   අරූප රාග  ඃ-  දස සංයෝජන වලදී 7 වැනි ස්ථානයේ ලා ගැනෙන මෙය අර්හත් ඵලයේදී තූරන්වී යයි. අරූපරාග යනු අරූප ලෝකවලට ඇති ඇල්මයි. මෙය විභව තෘෂ්ණාව ලෙස තැනක සඳහන්වී ඇතත්්. අරූප අරමුණු වලට ඇති ඇල්ම, අරූප භවයන්හි ඉපදීමට, එහි සැරිසැරීමට ඇති ඇල්ම,  අරූපාවචර ධ්‍යාන වලට ඇති ඇල්ම අරූප රාග වෙයි. අරූපාවචර ධ්‍යාන වල ඇලීමත් එය ආත්මය කොට ගැනීමත් එය පරම නිෂ්ඨාව කොට ගැනීමත් නිසා නිර්්වාන මාර්ගය නොපෙනී යයි. රාගය සම්මිශ්‍රිත මෙයද සංයෝජන ධර්මයකි. දුරු කල යුත්තකි. විශේෂයෙන් දතයුතූ කාරණය වන්නේ රූප ධ්‍යාන, අරූප ධ්‍යාන කිසිවිටෙක වත් පාප ධර්මයක් නොවන බවත් ඒවා නිර්වානයෙන් පරිභාහිර නිසාම ඉවත් කල යුතූ බවත්ය. රූපාවචර හා අරූපාවචර ධ්‍යාන සිත් සියල්ලම කූසල් සිත්ය.
8.    මාන  ඃ-  ඉහත විස්තර කරදී ඇති මෙය අර්්හත් ඵලයේදී දුරුවී යන්නකි. මුල් සංයෝජන 7 විශ්කම්භනය වන විට මානය මදක් තූනීවී චිත්ත අභ්‍යන්තරයේ රුඳී තිබෙන ධර්්මතාවයක් බවට පත්වේ. මමය, මාගේය, මාමය යන්න පහවන විට අස්මි මානය තූනීවී යයී. එය සෝවාන් ඵලයේදී සිදුවන්නකි. ඉතිරි කොටස් විශ්කම්භන වශයෙන් සහමුලින්ම අර්්හත් ඵලයේදී නැතිවී යන්නේ අජ්ජත්ත භහිද්ද වශයෙන් මිම්මකට හසුකර ගැනීමට අවශ්‍ය නොවන තරම් නිරවුල් දැක්මක් සිත තූල පිබිදී තිබෙන හෙයිනි. මේ අනුව දිට්ඨිය මැකීයාම නිසාත් වස්තූ කාම, ක්ලේශ කාම අත්හැරීම නිසා ලිහුනු මානයත්, රූප අරූප ධ්‍යානයන් පරම නිෂ්ඨාව නොවේ යනුවෙන් හඳුනාගන්නා ඥානයත් නිසා මානය රුඳවීමට හෝ මැන බැලීමට කිසිම ඉසව්වක් හෝ මානය රඳවා ගැනීමට ස්ථානයක් චිත්ත සන්තානයේ නොපවතී. මෝහ මූලික චෛතසිකයක් වන මානය මෝහය පහවීමෙන් දුරුවී යයි. අකූශල සාධාරණ චෛතසික 14 න් පළමුවැන්න මෝහයයි. මෝහයාගේ පහවීම මානය දුරුවීමට හේතූවේ.
9.    උද්දච්ච  ඃ-  9 වන සංයෝජනය වන මෙය ඉහතදී විස්තර කර ඇත. සිතේ පවතින නොසන්සුන් භාවයයි. අර්හත් ඵලයේදී නැතිවන මෙය මෝහ මුලික දෙවැනි සිතයි. ‘උද්දච්චය පහවීමෙන් සිත පස්සදි බවට පත්වේ. සිත සන්සුන් වේ. පිරිසිදු ජලයෙන් පතූල දැකිය හැකිවාක් මෙන් උද්දච්චය පහවු සිත පිරිසිදුය, එය කිසිවිටෙක චංචල නොවේ. එම සිත ‘ඕනෑම ඥානයක් සඳහා මෙහෙයවිය හැකියි.
10.  අවිජ්ජා  ඃ-  10 වන සංයෝජනය වන මෙය මෝහ මුලික තෙවැනි සිතයි. බලවත් චෛතසික ධර්මයකි. මිච්ඡා දෘශ්ඨිය පවත්වාගෙන යෑම අවිජ්ජාවේ ස්වභාවයයි. චතූරාර්්‍ය සත්‍යය, ආර්්‍ය අශ්ඨාංගික මාර්ගය, ත්‍රිලක්‍ෂණය, නවලෝතූරු දහම, පටිච්ච සමුප්පාදය, සප්ත බොජ්ජංග,  හා නිර්වානය ගැන නොදැනීම අවිජ්ජාවයි. මෙම අවිජ්ජා පදනමේ සක්කාය දිට්ඨිය ඇතූළු සෙසු සංයෝජන ධර්ම 9 ම ක්‍රියාත්මකවේ. හුදෙක්ම අවිජ්ජා යනු ඉතිරි සංයෝජන ධර්මයන් ගැන ඇති වැරදි වැටහිම හෝ නොදන්නා කමයි කීම වැරදිනොවේ. අවිජ්ජා සංයෝජනය දුරුවීමේදී සකල ක්ලේශයන් ප්‍රහීනය වන අතර අජරාමර සංඛ්‍යාත නිර්්වාන ධර්මය අරමුණුවෙයි. අවිජ්ජාව දුරුවීමත් සමග අනතූරුව එළඹෙන සම්‍යක් දෘෂ්ඨිය මූලික කරගත් ආර්්‍ය අශ්ඨාංගික මාර්ගය ශාන්තවූ නිර්වානය පසක් කර දෙයි. ලුහුකොට දක්වතොත් අවිජ්ජාව දුරුවීම පටිච්ඡසමූප්පාදයේ නැවැත්මයි.

ආයතන වශයෙන් බුද්ධත්වයෙන්, පසේ බුද්ධත්වයෙන් හා අර්හත් තත්වයෙන් යන ත්‍රිවිධ ආකාරයෙන් නිවන් පසක් කරගත හැකිවේ.  සම්මා සම්බුදුන් වහන්සේ,  පසේ බුදුන් වහන්සේ  හා රහතන් වහන්සේ යනුවෙන් නිර්වානය පසක් කරගන්නා පුද්ගල ස්රූප තූනකි.  ‘සමත යානිකයා හා විපස්සනා යානිකයා වශයෙන් පුද්ගල ස්වරූප, දෙ ආකාර වෙයි.
‘සමත යානික ඃ  ප්‍රථම ධ්‍යාන ආදී අෂ්ඨ සමාපත්ති උපදවා පුබ්බේ නිවාසානුස්සති ආදී ඥාන ලැබ සතර මග සතර ඵල නිර්වාන පිලිවෙලින් අවබෝධ කර නිවන් පසක්කල ආර්්‍ය පුද්ගලයා.

විපස්සනා යානික  ඃ  සියළු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යාදී ත්‍රිල’ක්‍ෂණ බැලීම් ආකාර විපස්සනා ඥානය මෙහෙයවා කෙලෙස් පමණක් නැසූ ශූෂ්ක විදර්ශක ඵලයෙන් මාර්ගඵල අවබෝධ කරගත් පුද්ගලයා.
මෙසේ දස සංයෝජනයන් දුරුකිරීම් වශයෙන් අකූශල කර්ම දුරුකර ගත යුතූයි. සසරට බැද තබන හෙයින් සංයෝජන ධර්ම නමි. මේ නයින් ගෙන  බලන කල අකූශල කර්ම කයින්, වචනයෙන්, සිතින් යන තිදොරින්ම සිදුවන අතර ප්‍රහීනය කිරීම් වශයෙන් ක්‍රියාවෙන් පමණක් නොව චේතනාවෙන්ම නවතා දැමිය යුතූයි. ඒ අනුව චේතනාවන්ගේ පාරිශූද්ධත්වය අකූශල කර්ම වලින් මිදීමට ඇති එකීය වූත් නිවැරදි වූත් අංග සම්පූර්ණ ක්‍රමය වන්නේය.  මෙම ග්‍රන්ථයේ ප්‍රස්තූතවූ ගාථා රත්නය ගැන වඩාත් සරල පැහැදිළි කිරීමක් අංගූත්තර නිකායේ සංකිත්තන කර්ම සූත්‍රයේ මෙසේ දක්වා ඇත.   ්්  මහණෙනි, මේ කර්ම 4 මා විසින් මෙසේ දැන, විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දක්වනු ලැබේ කවර සතරෙක් ද යත් ඃ-

1. අකූසල්වූ අකූසල විපාක ඇති කර්මයන් වන්නේය
2. කූසල්වූ කූසල විපාක ඇති කර්මයන් වන්නේය.
3. අකූසල් වූද, කූසල්වූද අකූශල විපාක ඇත්තේද කූශල විපාක ඇත්තාවූ කර්මයන්  ඇත්තේය.
4. අකූසල් නොවූ, කූසල් නොවූ කර්මයන් කර්මක්‍ෂය පිණිස පවතී.

අප මහ සම්්‍යක් සම්බුදු රජාණන්ගේ ශී්‍ර මුඛයෙන් දේශිත මජ්ජිම නිකායේ වත්තූපම සූත්‍රයේ සඳහන් සිත කෙලෙසන්නාවූ පාපධර්මයන් වන 16 වැදෑරුම් උපක්ලේශයෝ ද  සහමුලින්ම දුරුකොට යුතූවේ.
1. අභිජ්ජා නම් වූ විෂම ලෝභය ( අනුන් සතූදේ මට ලැබේවා යන දැඩි ලෝභය).
2. ව්‍යාපාදය නම්වූ අනුන් නැසීමට ඇති කැමැත්ත.
3. ක්‍රෝධය නම්වූ තරහව, වහා කිපීම
4. ‘උපනාහය නම්වූ බද්ධ වෛරය
5. ‘මක්කය නම්වූ ගූණමකූ කම
6. ‘පලාසය නම්වූ නිරන්තරයෙන් අනූන් අභිබවායාම
7. ‘ඉස්සා නොහොත් ඊර්ශ්‍යාව නම්වූ අනුන් සැපත නොඉවසීම
8. ‘මච්චරිය නොහොත් මසුරුකම නම්වූ තමා සතූ සම්පත් සැඟවීම
9. ‘මායා නම්වූ අනුන් රුවටීම
10. ‘පාතෙයිය නොහොත් කපටිකම (සාඨෙයිය)
11. ‘තම්භ නම්වූ මුරණ්ඩු ගතිය නොහොත් නම්‍යශීලී නැතිබව
12. සාරම්භය නොහොත් එකට එක කිරීම
13. ‘මාන නම්වූ ජාති, කූලමල, ධනය නිසා වන අහංකාරය
14. අතිමාන නොහොත් අභිමාන නම්වූ අධික මානය නොහොත් අනුන් පහත් කොට සැලකීම
15. මදය නම්වූ ජාති, කූල,ධන, බල ආදියෙන් මත්වීම
16. ප්‍රමාදය නම්වූ පංචකාම සම්පත්ති යෙහි ඇලිම, නිවනට ප්‍රමාදවීම

ඉහත දක්වන්නට යෙදුන අකූසල් හා අකූශල චෛතසික යන්ට අමතරව භික්ඛු භික්ඛුනී වර්ගයේ ලා ගැනෙන  විනය පිටකයේ අන්තර්ගත ඇවත්, පචිති, සංඝාදිසේස, පාරාජිකා යන කර්මයෝද අකූශල කර්ම ගනයට වැටෙත්. දුකූලා ඇවැත් වලින්ද වැලකිය යුතූ බව විනය පිටකයේ සඳහන්වේ.

අකූශල වර්ගය මෙතෙකින් නිමයි.







කූසලස්ස උපසම්පදා


සියළු බුදුවරයන්ගේ දෙවන අවවාදය වන කූසල් දහම් පුරන්න යනුවෙන් ගැනෙන පාඨය යටතේ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම, දස කූසල්, දස පුණ්‍ය ක්‍රියා, දස ධම්ම, දස පාරමිතා, ආර්්‍ය අශ්ඨාංගික මාර්ගය, පංච ශීල, ආජීව අශ්ඨමක ශීල, දස ශීල, සාමනේර ශීල, උපසම්පදා ශීල, කෝටියක් සංවර ශීල, පාතිමොක්ක ශීල, දාන, ශීල, භාවනා,  සමාධි, ප්‍රඥා යන කූසල පක්‍ෂයේ ලා ගැනෙන සියළු දෑ සමග කූසල සිත් 21 ක් වූ කාමාවචර කූසල සිත් 8 ත්, රූපාවචර කූසල් සිත් 5 ත්, අරූපාවචර කූසල් සිත් 4 ත්, ලෝකෝත්තර කූසල් සිත් 4 ත් ගැනේ. සියළු ආකාරයේ කූදු මහත් කූසල් ‘’’ ‘’ඉෂ්ඨ සිද්ධ කර ගැනිමින් සියළු ආකාරයේ අකූශලයන් සිදු නොකර සිටීමෙන්  කූසලස්ස උපසම්පදා නොහොත් කූශලයට පැමිණීම කල හැකියි. සෑම කූසල් සිතක්ම ඵලදායී වන අතර කූසල් සිත් නිරතූරුව වැඩිය යුතූයි. ලෞකික විමුක්තිය සඳහා ලෞකික කූසලයන්ද ලෝකෝත්තර විමුක්තිය වන නිර්වානය සඳහා ලෝකෝත්තර කූසල් සිත්ද යෙදෙයි.  අලෝභ, අදෝස, අමෝහ කූසල මූලයන් ප්‍රමුඛව ගැනෙන ශ්‍රද්ධාව සියළු ආකාර කූසල් ඉපදවීමට මුල්වේ. අමූලික ශ්‍රද්ධාවට වඩා ඉදිරියෙන් සිටින ආකාරවතී ශ්‍රද්ධාව බුද්ධ, ධම්ම, සංඝ, කර්මය හා කර්ම ඵලය යන පස්තැනෙහි පීටීම නිසා එකී ශ්‍රද්ධාව හේතූ ඵල ප්‍රත්‍ය සම්පන්න පටිච්චසමූප්පාද ධර්මය කරා නැඹුරු කරගැනීමෙන් ශ්‍රද්ධාව ප්‍රඥාව කරා මෙහෙයවීම කලහැකිවේ.


(1) දස කූසල් ඃ- සතූන් නොමැරීම (සත්ව අවිහිංසාව), සොරකම් නොකිරීම, කාමයන්හි වරදවා නොහැසිරීම, බොරුනොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් චවන නොකීම, ලෝභ නොවීම, ද්වේෂ නොකිරීම නොහොත් මෛත්‍රිය පැතිරවීම, සම්්‍යයක් දෘශ්ඨිය නොහොත් වැරදි දැකීම් නොගැනීම යන කූශල ධර්මයෝ දස කූසල් වෙයි. මේවා දශ අකූශලයාගේ විරුද්ධ පාර්ශවයෝයි. දස අකූසල් වලින් වැලකී සිටීම දස කූසල් නමි. මෙම කූසල් ක්‍රියා  ස්වරූප දෙකකින් අර්ථය පිණිස පවතී. එනම් එක් එක් ශික්‍ෂා පදයකින්  අකූසල ක්‍රියාවන් ගෙන් වෙන්වී සිටීම නොහොත් විරමණයත් (වේරමණී) එකී විරමණය නිසාම ඇතිවන කූසලය වන නොකර සිටීමේ ශික්‍ෂණය හෙවත් සීලය (පදං සමාදියාමි) යන උභය කාර්්‍යය සිදුවේ.  නොකිරීමත්, නොකරසිටීමත් යන දෙක නිසා තිදොරින්ම පිරිසිඳු වීම සිදුවේ. එනම් නොකිරීම කයින් හා වචනයෙන් ද නොකරසිටීම සිතින් ද පිරිසිඳු වීමට හේතූ වේ. උදාඃ- ප්‍රණගාතය නොකිරීම නිසා සතූන් නොමැරීමත් වැලකී සිටීමෙන් අවිහිංසාවත් යන කාර්්‍යයන් දෙකම සිදුවේ. මෙහිදී සම්මා කම්මන්තයත්, සම්මා සංකප්පයත් යන ආර්්‍යය මාර්ගාංග දෙකම වැඩේ. මේ අනුව දස කූසල් කිරීමෙන් කූශල පක්‍ෂය වැඩිවීමත් අකූශල පක්‍ෂය පිරිහීමත් සිදුවේ. දස අකූසල් ඉහතදී විස්තර කෙරුනි.  දස අකූසල් වලින් වැලකී සිටීම දස කූසල් වැඩීම නමි.
(2) දස පුණ්‍ය ක්‍රියා  ඃ-   පුණ්‍ය ක්‍රියා සියල්ලේදීම ශ්‍රද්ධාව මූලික විය යුතූයි. ශද්ධාව මුල්කොට ගත් ක්‍රියා මහත්ඵල මහානිසංස වන බව දත යුතූයි. තිදොරම පිරිසිඳු කරගත හැකිවූත් කූසල පාර්ශවයේ මහානිසංස ලබන්නා වූත් ක්‍රියාවෝ 10 ක් වෙති. එනම්
ඉ  දන්දීම ඃ- ආමිස දාන, අභය දාන, ධර්ම දාන වශයෙන් තූන් ආකාරයකට ගැනෙන මෙය තූන් සිත පහදා දීමෙන් මහත් ඵල මහානිසංස වෙයි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර දානය මූලික ලෙස ගැනේ. ලෝභ මූල සිත් තූරන් කිරීම සඳහා පුරුදු පුහුණු කල යුතූ ධර්මතාවයකි දානය. ‘’දානය තූන් ආකාර වේ.
ඉ.ඉ ආමිස දාන ඃ-  චීවර, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය, සේනාසන යනුවෙන් බාහිර වශයෙන් ද, ජීවිත අංග පූජා කිරීම් වශයෙන් (ඇස්, ඉස්, මස්, ලේ) අභ්‍යන්තර දානමය ක්‍රියාවලියද සම්පූර්ණ වෙයි. මෙකල පවත්නා අක්‍ෂිදාන, ලේ දන්දීම, වකූගඩු, පටක, සිරුර දන්දීම් ආදී වශයෙන්ද මෙම ආමිස දානය සපුරා ගත හැකියි. තූන් සිත පහදා දන් දීම යනු පූර්ව චේතනාව හෙවත් දන්දීමට සූදානම් වන අවස්ථාවේ ඇතිවන දානමය සිත, මුඤ්චන චේතනාව හෙවත් සිය වස්තූ පරිෂ්කාර දානය සඳහා යොදාගන්නා කල්හි ඇතිවන දානමය සිත, අපර චේතනාව හෙවත් දානමය කටයුත්ත කලපසු ඒ ගැන බලා සතූටුවීම යනුවෙන් අවස්ථා තූනකදී පිරිසිඳු සිතක් ඇතිකර ගැනීමයිි.  දශ පුන්‍යක්‍රියා සිදු කිරීමේදී තූන් සිත පහදා කිරීම මහත්ඵල මහානිසංස වේ.  ප්‍රතිග්‍රාහක පක්‍ෂයේ බල දුබලතා මතත්, දානමය කාර්්‍ය ඉටුකරන පාර්ශවයේ පාරිශූද්ධ භාවය මතත්, යොදා ගන්නා ක්‍රමවේදය හෝ පිළිවෙත මතත් මෙකී කූශල කර්මය ප්‍රනීත, මධ්‍ය, හා හීන යයි තූන් ආකාරයි.
‘උසස් සීලයක පිහිටා කම්ඵල අදහා දෙන දානයත්, ආර්්‍ය ශ්‍රාවකයන් කෙරෙහි දෙන දානයත්, මහත්ඵල මහානිසංසයි.  ‘දානමය කාර්්‍යයේ අන්තර්ගත ඵලය දානමය කර්මය කල අය කරා ලඟාවනු නියතයි. ලාභ කීර්ති ප්‍රසංසා ආදිය බලාපොරොත්තූ වෙන්  හෝ නිවැරදි නොවන මාර්ග හා ක්‍රමෝපාය අනුගමනය කරමින් හෝ නිවැරදි නොවන චේතනාවෙන් කල දානමය කර්මය හීන කූසල කර්මයක් වන්නේය. දානය පාරමිතා ධර්මයක් වන අතර ලෝභය දුරු කිරීමට ඇති හොඳම ප්‍රති කර්මයයි.  මේ අනුව දන්දීම පිං ලබාගත හැකි මාර්ගයක් මෙන්ම කූසල් සිදුකර ගැනීමේ මාර්ගයක්ද වන්නේය. ප්‍රතිග්‍රාහක පක්‍ෂයේ ගූණය මතත් දාන පාරමිතාවේ ගූණය මතත් ආනිසංසයෝ එකිනෙකට වෙනස් වෙත්.
ඉ.ඉඉ  අභය දාන ඃ-  සතූන් මරණයෙන් මුදවා හැරීම, සතූන් නොමැරීම, සතූනට හිංසා නොකිරීම, කිසියම් ප්‍රාණියෙකූට වැඩි කලක් ජීවත් වීමට ඉඩකඩ සැලසීම යන මේ සියල්ල අභය දානවේ. මෙහි මුඛ්‍ය අරුත වන්නේ බිය නැති කිරීමයි. මේ අනුව භයට පත් අයවලුන් බියෙන් මිදවීම (භයප්පත්තාච නිබ්භයා) අභය දානමය පුණ්‍ය කර්මය සකස් කර ගැනීමට මගකි. විශේෂයෙන්ම තිරිසන් ගත සත්වයන් භය පදනම් කරගෙන දිවි ගෙවති. එකී සත්වයන්ගේ මරණ භය දුරු කිරීම අභය දානයවේ. සම්මා සංකප්පයේ දෙවන අංගය වන අවිහිංසා සංකප්පය වඩා ගැනීමට මගකි. ද්වේෂය තූනී කිරීමේ මගකි.

  ඉ.ඉඉඉ  ධර්ම දානය ඃ-  ්”්්් සබ්බ දානං ධම්ම දානං ජිනාති. ්් යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාල පරිදි ධර්ම දානමය පිංකම දාන පිංකම් අතූරෙන් උතූම් වෙයි. මෙහිලා බණදේශනා කිරීම, ධර්ම සාකච්ඡාව, ධර්මය පැතිරවීම, දහම් ශ්‍රවනයට මඟ සැලසීම, ධර්ම ප්‍රචාරය, දහම් පුස්තක ලියා තැබීම, හොඳ නොහොඳ කියාදීම යන මේ සියල්ල උතූම් දානමය පුණ්‍ය කර්ම ගනයට වැටේ. මෝහය දුරු කර ගැනීමට හා මෝහය දුරු කරවීමටද හොඳ මගකි. සැරීයුත් මහ රහතන් වහන්සේ තම මව් පෝෂණය කිරීමේ සත් කාර්්‍යය ගැන බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ පරිදි, යමෙකූ සිය මව් පියන් දෙඋර මත තබා අවූරුදු 100 ක් සත්කර කලද දෙමව් පියන් කළ කී දැ වෙනුවෙන් වන්දි ගෙවා නිම කළ නොහැකි බවත් එ වෙනුවෙන් ප්‍රති උපකාර ලෙස කළ හැකි එකම කර්මය වන්නේ සිය මව් පියන් මිත්‍යා දෘශ්ඨික නම් ඉන්් අත් මුදවා සම්්‍යක් දෘශ්ඨියේ පිහිටුවීම පමණක් බවයි. මෙය ධර්ම දානමය පිංකමකි, ඒ අනුව ධර්ම දානය වඩාත් උතූම් පිං කමකි.

‘ආමිස දාන, අභය දාන, ධර්ම දාන මගින් ලොභය, ද්වේෂය, මෝහය යන අකූසල් මුල් තූනම ප්‍රහානය කළ හැකිවේ. දානය යන්නෙහි පරම අරුත ජීවිතයට වඩාත් ප්‍රායෝගික කර ගැනීමෙන් අත්ත කූසලය මනාව සකස් කරගත හැකිවේ. මෙහිදි දානය යන්නෙහි පරමාර්ථය ගැන විමසා බැලීම වටී. ‘පරමාර්ථ වශයෙන් දානය යනු අත්හැරීමයි, මෙකී අත් හැරීම  ලෝභය දුරු කිරීම සඳහා විය යුතූ අතර මෝහයෙන් කරනු ලබන අත් හැරීමවත්, ද්වේශයෙන් කරනු ලබන ඈත් කිරීමවත් නොවිය යුතූයි. එය වාග, පටිනිස්සග්ග, මුක්ති අනාල වශයෙන් පූර්ණ විය යුතූයි. පරමාර්ථ වශයෙන් කරනු ලබන දානය නිවන් ද්වාරය අභියසට පමුණුවයි. සියළු බුදු වරුන්ගේ දේශනාවන් සම්මුති හා පරමාර්ථ වශයෙන් ප්‍රභේදනය වෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ අති පාරිශූද්ධ පරමාර්ථ දේශනය මුල මැද අග පිරිසිඳු වන අතර අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයටම පොදුය  එය සත්‍යයෙන් තොර බවට ප්‍රකාශ කිරිමට සමත් බ්‍රහ්මයෙක්, දෙවියෙක්, ගාන්ධර්වයෙක්, මනුෂ්‍යයෙක් හෝ මාරයෙක් මේ කාම රූප අරූප යන තූන් ලෝකය තූලම නැති බව සීහනාද සූත්‍රය ඇතූළු සූත්‍රාන්ත කිහිපයකම දේශනා කර ඇත. බුද්ධ දේශනය ස්වාක්කාතය අර්ථ ව්‍යංජන සහිතය, ( හේතූ හා ඵල) ඇස් ඉදිරිපිටම ඵල ලැබෙන හෙයින් සංදිට්ඨිකය, කල් නොයවාම ඵල ලැබෙන ( කර්ම හා ඵල) හෙයින්  අකාලිකය නොහොත් කාලයක් කිව නොහැකිය. බුදුවරුන්ගේ දේශනාවන් අධ්‍යාත්මික, බාහිර (අජ්ඣත්ත, බහිද්ද) වශයෙන් හා සම්මුති පරමාර්ථ වශයෙන් ආයාසයෙන් බෙදා වෙන් කර ගත යුතූයි. නාම රූප ධර්මය හා සමානමැයි. නාම රූප පරිච්ඡේද ඥානය ලත් කෙනෙකූට හැර අන් කවරෙකූට හෝ නාම රුප වෙන්කොට හඳුනාගත නොහේ. එය තේරුම් සහිතව අර්ථ ව්‍යංජන සහිතව විභජනය කර ගත යුතූයි. මේ අනුව බුද්ධ දේශනය සම්මුතිය කැටිකොට ගෙන පරමාර්ථය කරා ගමන් කරණ සුමට මගකි. සුමට දෙසුමකි. ශ්‍රද්ධා, ශීල, ප්‍රඥා යනුවෙන් අනුපූර්ව ප්‍රතිපදාවකි. පිළිවෙලින් ගමන් කලහැකි මාර්ගයකි. ‘කර්කශ නොවේ ප්‍රනීතය ප්‍රත්‍යක්‍ෂයෙන්ම දත හැකිය, දැන දැනම කළයුතූය. දනිමින් කළ යුතූය, ්් පච්චත්තං වේදිතබ්බෝ  විඤ්ඤූහීති  ්් යනුවෙන් තමාම ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගත යුත්තක් බවත් තමාටම යොදා ගලපා තමාම වින්දනය කළයුත්තක් බවත් දේශනා කළසේක.
සම්මුති වශයෙන් දානය යනු කම්ඵල අදහා දෙන  දක්‍ෂිනාවයි. මෙය පුණ්‍ය කර්මයකි. බුදු, පසේ බුදු මහරහත් උතූමන් ඇතූළු සකල විධ සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ප්‍රදානය කල යුත්තකි. එතෙකූදු වුවත් දානයෙහි අධ්‍යාත්මික නොහොත් පරමාර්ථ ස්වරූපය වන්නේ අත්හැරීමයි. සිය වස්තූව අන් අය කෙරෙහි පත්කිරීමෙන් ලැබෙන මුදිතාවයි. මෙය චාග, පටිනිස්සග්ග, මුක්ති, අනාල වශයෙන් කල තරමට  ඵල ලැබෙන්නකි. කූසල් වඩවා ගැනීමට මගකි. දුන් වස්තූව කෙරෙහිවත්, ලැබෙන ඵලය කෙරෙහිවත්, ලැබිය යුතූ කූසලය කෙරෙහිවත් නොඇලී ප්‍රදානය කිරීමයි. එය පුන්‍ය ක්‍රියාවකට වඩා කූසල් සම්පූර්ණ කර ගැනීමට මගකි. ‘එයම නිවන් මාර්ගයකි. ‘දානමය කාර්්‍යය අර්ථවත් ලෙස සිදුකර ඒ ගැන නුවණින් සලකා ඇලීම් ගැටීම් දුරුකර විදර්ශනා ඥාන කූළු ගන්වා නිවන් ලබා ගත හැකි බව සූත්‍රාන්ත දේශන කිහිපයකම සඳහන්කර ඇත.
ඉඉ.  සිල් රුකීම  ඃ- චාරිත්‍ර ශීලය හා වාරිත්‍ර ශීලය යනුවෙන් ශීලය කොටස් දෙකකට බෙදේ. ශීලය යන්නෙන් ඉතාමත් තිවෘර ලෙස හික්මීම දැක්වේ්. අවබෝධයෙන් හා සංයමයෙන් යුතූ ශීලාචාර හික්මීම ශීලය වනඅතර හීලෑකම හෝ හුදු හික්මීමෙන් ශීලය පරිපූර්ණ නොවනු ඇත. ශික්‍ෂණය බොහෝ ආකාර විය හැකියි. සියළු ‘ශීලයන් තූල හික්මීම අන්තර්්ගත වුවද හැම හික්මීමක්ම ශීලයක් යයි නොගතයුතූය. ‘’යම් ශික්‍ෂණයක් නිර්්වානගාමී පටිපදාවට අනුපූර්ව වෙයිද එය ශීලය යයි ගිණිය හැකියි. ‘චාරිත්‍ර ශීලය යනු සිදු කළ යුතූ හික්මීමෙහි පිහිටීමයි. ‘වාරිත්‍ර ශීලය යනු සිදුනොකල යුතූ දෑ සිදුනොකර සිටීමයි නොහොත් වැලකිය යුත්තෙන් වැලකී සිටීමයි.  මේ අනුව බලන කල ‘ශීලය යනු යම් යම් දේවල් (කූසල්) කිරීම හා යම් යම් දේවල් (අකූසල්) නොකිරීමයි. ගිහියාට පංච ශීලය  නිත්‍ය ශීලය හැටියට හඳුන්වාදී ඇත. පංච ශීලය අනුගමනය නොකරන්නෙකූට ඉන් එහා කිසිදු ‘’ශීලයක්, සමාධියක්, ප්‍රඥාවක් ගැන සිතීමවත් උගහටය.
පංචශීලය, ආජීව අශ්ඨමක ශීලය, අටසිල්, දසසිල් ආදී උපෝසත ශීලය, සාමනේර ශීලය, කෝටියක් සංවර ශීලය පිළිවෙලින් උසස් ශීලයන් වෙයි. භික්‍ෂු සංඝයා කෙරෙහි අනිවාර්්‍යයෙන් පැවතිය යුතූ ශීලය චතූපාරිශූද්ධ ‘ශීලයයි. ‘එනම් ඃ-
ඉඉ.ඉ ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය ඃ-  ඕවාද ප්‍රාතිමෝක්‍ෂයේ දැන වදාළ කූදු මහත් එක සිල් පදයක් වත් කඩ නොකොට රුක ගනිමින් ගෞරව සම්ප්‍රයුක්තව හා ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුතූව සුළු වරදෙහි පවා විපාකය හා භය දැන ශික්‍ෂාපද රුක ගැනීම ප්‍රාතිමෝක්‍ෂ සංවර ශිලයයි.
ඉඉ.ඉඉ   ඉංද්‍රිය සංවර ශීලය  ඃ- ඇස, කණ, නාසය, දිව, ශරීරය හා මනස  යන ඉන්ද්‍රියයන් 6 ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම යන අරමුණු මත යෝනිසෝ මනසිකාරයෙන් හා සති සම්පජඤ්ඤයෙන් යුතූව නුවනින් බලා එහි ඇති ලක්ඛණ, විකාර, ආදිය ‘’ ඉෂ්ඨ, මනාප, කාන්ත වශයෙන් නොගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙසින් නුවණින් දැන ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීම ඉන්ද්‍රිය සංවර ශීලයයි.  මෙය ඉතා අසීරු වූවද නිවන් සොයන්නාවූ යෝගාවචරයා විසින් පිළිපැදිය යුතූ උතූම් ශීලයකි.
ඉඉ.ඉඉඉ  ආජීව පාරිශූද්ධ ශීලය  ඃ-  ආර්්‍ය අශ්ඨාංගික මාර්ගයේ සඳහන් සම්මා ආජීවයට අනුකූලවන පරිදි මහණ දම් පිරීමත් පාරාජිකා, සංඝාදිසේස, ආදීයට හසුවන ශික්‍ෂාපදයන් කඩනොකොට ලාභ ප්‍රයෝජන, කීර්ති, ප්‍රශංසා, පරිෂ්කාර ආදිය කෙරෙහි පැවතෙමින් ඇතිවන මිත්‍යා ආජීවයෙන් වැලකී මහනදම් පිරීම ආජීව පාරිශූද්ධ ශීලයයි. මෙය භික්‍ෂු, භික්‍ෂුණීන් විසින් රුකිය යුතූ උතූම් ශීලයකි.
ඉඉ. ඉව  ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය ඃ-  චීවර, පිණ්ඩපාත, ගිලානප්‍රත්‍ය, සේනාසන යන සිව්පසය කෙරෙහි නොඇලී ප්‍රත්‍යවේක්‍ෂා කොට පිළිගැනීම ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලයයි. විලි වසාගැනීම, ශීත, උෂ්ණ, මැසි මදුරු වන්ගෙන් බේරීම සඳහා චීවරයත්, සැපය බලය පිණිස නොව ජීවත්වීමට ප්‍රමාණවත් ආහාරයත්, ගිලනුන් හැටියට ගතයුතූ දෑ හෝ පැවැත්මට අවශ්‍ය ප්‍රත්‍ය වැළඳීම යන ආකාරයට දැන වැළදීමත්, ශීත උෂ්ණ වර්ෂා මැසි මදුරුවන් ආදී ස්වාභාවික පීඩාවන්ගෙන් බේරී විවේකව විසීමට සෙනසුන් පරිහරණය කිරීමත් යනුවෙන් සිව්පසය ප්‍රත්‍යවේක්‍ෂාකර පිළිගැනීම මෙයින් අදහස් කෙරේ.
කෝටියක් සංවර ශීලය යනුවෙන් අදහස් කරණ සියළු ලොකූ කූඩා ශික්‍ෂාපද, දුකූලා ඇවැත්, පචිති, සිදු නොකරමින් භාවනා කෘත්‍ය සඳහා යොමු කිරීමට හැකි සිතක් සකස් කරගැනීම ශීලයෙන් සිදුකර ගත යුතූ කාර්්‍යයකි.

ඉඉඉ. භාවනා  ඃ- ත්‍රිවිධ පුණයක්‍රියා හා දස කූසල්හි තෙවන ස්ථානයේ ලා ගැනෙන භාවනාව නිවන් දොරටුවකි. භාවනාව යනු සතිය වැඩීමයි. ‘සමත හා විදර්ශනා වශයෙන් ප්‍රභේද වන මෙය සම්මා ගනයෙහිම ලා ගිණිය යුතූයි. නොහොත් මිච්චා භාවනා පවා ඇතිවිය හැකි හෙයිනි. එනමුදු මිච්ඡා ගනයෙහිලා ගැනෙන මිච්ඡා භාවනා ගැන කිසිදු සඳහනක් නොවේ. නිවැරදි ආකාරයේ සතිය වැඩීම නොහොත් සම්මා දිට්ඨි ගණයෙහිලා ගැනෙන  සමසතලිස් කර්මස්ථාන අරභයා කෙරෙන මනසිකාරය භාවනාවයි. ආර්්‍ය අශ්ඨාංගික මාර්ගයෙහි ලා ගැනෙන 7 වන මාර්ගය වන සම්මා සති යනු භාවනාවයි. යෝනිසෝ මනසිකාරය, සම්මා සතිය, විදර්ශනා නුවන, ධ්‍යාන අංග, සමාධියෙහි සිත හැසිරවීම යන මේ සියල්ල හෙවත් කූසල ධර්මයන් පුරා ගැනීම සඳහා කරණු ලබන සතිය වැඩීම භාවනාවයි.  ්් කූසල ධම්මේ භාවේතීති භාවනා  ්් යනුවෙන්  දක්වා ඇත. මේ අනුව සතිය (සිහිය)  මත පිහිටා සිත දියුණු කිරීම භාවනාවයි. සමතය මගින් සතිය (සිහිය) එකඟ කරවා, ඕනෑම කාර්්‍යයක් සඳහා එය යොදවා ගැනීමට හැකි අයුරින්  සමනය කිරීමක් කෙරේ. විදර්ශනාවේදී මෙසේ සමත භාවයටපත් සිත ත්‍රිලක්‍ෂණය මැදින් නිර්වානය හා අනෙකූත් ඥාන දර්ශන වෙත හැසිරවීම කරණු ලබයි. මෙලෙස සමත හා විදර්ශනා යන දෙයාකාරයෙන් කරනු ලබන භාවනාව මගින් සකල ක්ලේශයන් විශ්කම්භනය කොට අමෘත මහා නිර්වානය කරා යොමුවිය හැකියි. බණ කීම, (දේශනාකිරීම), බණ ඇසීම, ධර්ම සාකච්ඡාව, යන මේ සියල්ල භාවනාවක් වැඩෙනසේ කල යුතූයි. සංක්‍ෂිප්ත වශයෙන් ගතහොත් සතර ඉරියව්ව වන යාම් ඊම්, ඉඳීම්, සිටීම්, නිදීම් යන කූමන හෝ ඉරියව්වක සතිය පිහිටුවා සිටීද ඒ භාවනා මනසිකාරයයි. ‘කර්මස්ථාන ගැනීම් වශයෙන් උපදේශ ලබාගන්නා අතර  තම තම නැන පමණින් සලකා සුදුසු පිළිවෙලක් අනුගමනය කිරීමෙහි දොසක් නොපෙනේ.  සමත, විදර්ශනා වශයෙන් භාවනාව මෙසේ ප්‍රභේදවේ.

සමත භාවනාව  සමත භාවනාවට කර්මස්ථාන 40ක් අයත්වේ. සමත භාවනාවද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයට යටත් කොට විදර්ශනාවක් ලෙස වැඩීම කලයුතූ අතර ඒ අනුව සියළු කර්මස්ථානයෝම අවසානයේ නිර්වානයට යොමු කරවයි. කසින 10, අසුභ 10, අනුස්සති 10, බ්‍රහ්ම විහාර 4, පටික්කූල සංඥා 1, ධාතූ වවත්තන 1 සහ ආරුප්ප 4 ත් සම සතලිස් කර්මස්ථානයෝයි.

දස කසින ඃ-
1. පඨවි කසිනය ඃ- පොලොව අරමුණු කරගත් කසිනය නොහොත් තද ගතිය අරමුණු කරගත් කසිනය. මෙය මත සිහිය පිහිටුවා භාවනා කිරීම පඨවි කසිනයයි.
2. ආපෝ කසිනය ඃ- ජලය අරමුණු කරගෙන නොහොත් වැගිරෙන සුළු ගතිය අරමුණු කරගත් කසිනය. මෙය මත සිහිය පිහිටුවා භාවනා කිරීම ආපෝ  කසිනයයි.
3. තේජෝ කසිනය ඃ- ගින්න නොහොත් උනුසුම අරමුණු කරගත් කසිනය. මෙය මත සිහිය පිහිටුවා භාවනා කිරීම තේජෝ  කසිනයයි.
4. වායෝ කසිනය ඃ- සුළඟ, වාතය නොහොත් පැතිරීම අරමුණු කරගත් කසිනය. මෙය මත සිහිය පිහිටුවා භාවනා කිරීම වායෝ  කසිනයයි.
5. නීල කසිනය ඃ- නිල්පාට අරභයා සිත යොමා සියල්ල නිල් පැහැයෙන් දක්මින් සිහිය පිහිටුවා කරණු ලබන භාවනාව නීල කසිනයයි.
6. පීත කසිනය ඃ- කහපාට අරභයා සිත යොමා සියල්ල කහ පැහැයෙන් දක්මින් සිහිය පිහිටුවා කරණු ලබන භාවනාව පීත කසිනයයි.
7. ලෝහිත කසිනය ඃ-  රතූපාට අරභයා සිත යොමා සියල්ල රතූ පැහැයෙන් දක්මින් සිහිය පිහිටුවා කරණු ලබන භාවනාව ලෝහිත කසිනයයි.
8. ඕදාත කසිනය ඃ- සුදුපාට අරභයා සිත යොමා සියල්ල සුදු පැහැයෙන් දක්මින් සිහිය පිහිටුවා කරණු ලබන භාවනාව ඕදාත කසිනයයි.
9. ආලොක කසිනය ඃ- ආලොකය නොහොත් දීප්තිය අරමුණු කරගෙන ඒ මත සිහිය පිහිටුවා කරණු ලබන භාවනාව ආලෝක  කසිනයයි.
10. ආකාස කසිනය ඃ-  අභ්‍යාවකාශය නොහොත් හිස් අහස අරමුණු කරගෙන ඒමත  සිහිය පිහිටුවා කරණු ලබන භාවනාව ආකාස කසිනයයි.

‘භාවනාව නිතිපතා සෑම මොහොතකම කළ යුතූ දෙයකි. ‘එනම් සතියෙන් යුතූව කටයුතූ කිරීමයි. විශේෂයෙන්ම කර්මස්ථානයක් ගෙන භාවනාව කරනු ලබන යෝගාවචරයා විසින් ඊට අදාල කමටහන ගෙන කර්මස්ථානාචාර්්‍ය වරයා හෝ භාවනාව පලපුරුදු කෙනෙකූ යටතේ භාවනා කිරීම ඉතාම වැදගත්ය. විශේෂයෙන්ම කසින භාවනාව වැඩීමේදී ආචාර්්‍ය, උපාධ්‍ය යන අයගේ මග පෙන්වීම යටතේ භාවනා කිරීමට ආධුනිකයා විසින් මතක තබාගත යුතූ කාරණයකි.

‘දස අසුභ ඃ-  අසුභ භාවනාව නම් බාහිර මෘත ශරීරයක් ගෙන බලා ඒ ගැන සිතමින්, මෙනෙහි කරමින් තම ශරීරයද එසේම විය හැකියයි කයේ අශූභ භාවය ගැන මනසිකාර කිරීම අශූභයයි.
11.  උද්ධු මාතක  ඃ- පිම්බී ඉදිමීගිය මළ සිරුරක් ගැන සිතා මෙනෙහිකිරීම.
12.  විනීලක ඃ-  නිල්පාට ගැන්වීගිය මළ සිරුරක දැක බලා ඒ ගැන මෙනෙහිකිරීම හා කයේ අශූභ භාවය ගැන මෙනෙහිකිරීම.
13.  විපුබ්බක ඃ-  පිම්බී, නිල්වී සැරව ගලන මළසිරුරක් දැක ඒ ගැන සිතා කයේ අශූභය මෙනෙහි කිරීම.
14. විවිජිද්දක ඃ- කැපී වෙන්වී ගිය මළ සිරුරක් ගැන සිතා ඒ ගැන සිතමින් කයේ අශූභය මෙනෙහි කිරීම.
15.  වික්කායිතක ඃ-  තැනින් තැන කැඩී ගිය සතූන් විසින් කනු ලැබූ මළ සිරුරක් දැක ඒ ගැන මෙනෙහි කරමින් කයේ අශූභය සිහිකිරීම.
16.  වික්ඛිත්තක ඃ-  සතූන් විසින් මුළුමනින්ම කා දමන ලද මළ සිරුරක් දැක ඒ ගැන සිතා මෙනෙහි කිරීම.
17. හත වික්ඛිත්තක ඃ-  කැබලි කැබලි වලට පෙති ගසා කපන ලද මළ සිරුරක් දැක ඒ ගැන සිතයොදා කයෙහි අශූභය මෙනෙහි කිරීම.
18. ලෝහිතක ඃ-  ලේ වැගිැරමින් තිබෙන මළ සිරුරක් දැක ඒ ගැන මෙනෙහි කරමින් කයේ අශූභය සිහි කිරීම.
19.  පුලවක ඃ- පණුවන් නලියමින් තිබෙන මළ සිරුරක් දැක, ඒ ගැන සිත යොදා කයෙහි අශූභය මෙනෙහි කිරීම.
20.  අට්ටික ඃ- ඇට සැකිල්ලක් බවට පත්වූ මළ සිරුරක් දැක ඒ ගැන සිත යොදා කයෙහි අශූභය මෙනෙහි කිරීම.
මේ සඳහා මිනිසකූ හෝ ගැහැණියකගේ මළ සිරුරක් අවශ්‍යම නොවේ.
‘දස අනුස්සති ඃ-  ගූණ හා අවස්ථා 10 ක් මත පදනම් කරගෙන එකී ගූණ ගැන මෙනෙහි කරමින් සිත එකඟ කරගැනීම මෙම අනුස්සති 10 න් සිදුවේ. බොහෝසේ ප්‍රසන්න භාවයට චිත්තප්‍රසාදයට පත්විය හැකි ලිහිල් භාවනා ක්‍රමයකි.

21.  බුද්ධානුස්සති ඃ- නව අරහාදී බුදු ගූණයන් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඥාන සම්පත්තිය කෙරෙහි පැහැදී ඒ ගූණ ස්කන්ධය යලි යලි මෙණෙහි කිරීම හා එහි පැහැදී සිටීම බුද්ධානුස්සතියයි. බුදුගූණ භාවනාව   ්් ‘ස්වාමීනි භාග්‍යවතූන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත, සකල ක්ලේශයන්ගෙන් දුරු වූ හෙයින්ද, රාගාදී කෙලෙස් සතූරන් නැසූ හෙයින්ද, සංසාර චක්‍රයේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලූ හෙයින්ද, ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසුවූ හෙයින්ද, රහසත් පවක් නැති අති පාරිශූද්ධ සන්නාන ඇති හෙයින්ද, අරහං  නම් වනසේක. මෙසේ අරහං ආදී අනන්ත ගූණයෙන් සමන්නාගත වන සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා! ජීවිතයද පූජා කරමි පූජා වේවා!. ස්වාමීනී භාග්‍යවතූන් වහන්ස ඔබ වහන්සේ විශිෂ්ඨ ඥාණයෙන් දත යුතූවූ සත්‍ය ධර්මයන් විශිෂ්ඨ ඥාණයෙන් දැන වදාල හෙයින් ද, පිරිසිඳ අවබෝධ කටයුතූ වූ දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළ හෙයින් ද, ‘ප්‍රහාණය කළ යුතූවූ සමුදය සත්‍යය ප්‍රහාණය කළ බැවින්ද, ප්‍රත්‍යක්‍ෂ කළ යුතූවූ නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින්ද, භාවනා වශයෙන් වැඩිය යුතූවූ මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩූ හෙයින් ද, සංඛාර, විකාර, ලක්ඛණ, ප්‍රඤ්ඤප්ති, නිබ්බාන යන පංච විධ ඤෙය්‍ය මණ්ඩලය පරෝපදේශ රහිතව ස්වයම්භූ ඥාණයෙන් සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක. මෙසේ සම්මා සම්බුද්ධාදී  අනන්ත ගූණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා! ජීවිතයද පූජා කරමි පූජා වේවා!. ස්වාමීනී භාග්‍යවතූන් වහන්ස ඔබ වහන්සේ පුබ්බේනිවාස, දිබ්බචක්ඛු, ආශ්‍රවක්‍ෂයකර ඥානය යන ත්‍රි විද්‍යාවෙන් සමන්නාගත හෙයින් ද,  විදර්ශනා ඥානය, මනෝමය සෘද්ධි ඥානය, සෘද්ධි විධ ඥානය, දිව්‍යශ්‍රෝත ඥානය, පරචිත්ත විජානන ඥානය, පුබ්බේ නිවාසානුස්මෘති ඥානය, දිව්‍යචක්‍ෂුරභි ඥානය, ආශ්‍රවක්‍ෂයකර ඥානය, යන අෂ්ඨ විද්‍යාවෙන් සමන්නාගත හෙයින්ද, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනයෙහි මාත්‍රඥතාවය ජාගරියානුයෝගය, ශ්‍රද්ධාවය, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රැත භාවය, වීර්්‍යය, ස්මෘතිය, ප්‍රඥාවය, රූපාරූප ධ්‍යාන සතරය, යන පසලොස්චරණ ධර්මයන්ගෙන් සමන්නාගත හෙයින් ද විජ්ජාචරණ නම් වන සේක. මෙසේ විජ්ජාචරණ සම්පන්නාදී  අනන්ත ගූණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා! ජීවිතයද පූජා කරමි පූජා වේවා!. ස්වාමීනී භාග්‍යවතූන් වහන්ස ඔබ වහන්සේ පරිශූද්ධ ආර්්‍යය මාර්ග සංඛ්‍යාත ශෝභන ගමන් ඇති හෙයින්ද, අජරාමර සුන්දර නිර්වාණ ස්ථානයට ගමන් ගත් හෙයින්ද, සතර මග නැණින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් ගත් හෙයින්ද, දීපංකර පාද මූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත් හෙයින්ද, සාර්ථකවූ සද්ධර්ම දේශනා ඇති හෙයින් ද සුගත නම් වන සේක  මෙසේ සුගත ආදී  අනන්ත ගූණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා! ජීවිතයද පූජා කරමි පූජා වේවා!. ස්වාමීනී භාග්‍යවතූන් වහන්ස ඔබ වහන්සේ ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ හෙයින්ද, ලෝක ස්වභාව වශයෙන් අවබෝධ කළ හෙයින්ද, ලෝක සමුදය අවබෝධ කළ බැවින්ද, ලෝක නිරෝධය අවබෝධ කළ බැවින්ද, ලෝක නිරෝධ උපාය අවබෝධ කල බැවින්ද, සංඛාර ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින්ද, සත්ව ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින්ද, අවකාශ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින්ද, ලෝක විදූ නම් වනසේක. මෙසේ ලෝක විදූ  අනන්ත ගූණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා! ජීවිතයද පූජා කරමි පූජා වේවා!.  ස්වාමීනී භාග්‍යවතූන් වහන්ස ඔබ වහන්සේ සීලස්කන්ධයෙන් උත්තරීතර වන බැවින්ද, සමාධිස්කන්ධයෙන් උත්තරීතර වන බැවින්ද, ප්‍රඥාස්කන්ධයෙන් උත්තරීතර වන බැවින්ද, විමුක්තිස්කන්ධයෙන් උත්තරීතර වන බැවින්ද, විමුක්ති ඥාන දර්ශනස්කන්ධයෙන් උත්තරීතර වන බැවින්ද, දමනය කටයුතූවූ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම, නාග, සුපර්ණ, යක්ෂ, රාක්ක්‍ෂ, සිද්ධ විධ්‍යාධර, තිරස්චීන ආදී සත්වයන් උත්තරීතර අයුරින් දමනය කළ බැවින්ද, අනුත්තර පුරිසධම්ම සාරථී නම්වන සේක. මෙසේ අනුත්තර පුරිස ධම්ම සාරථී ආදී  අනන්ත ගූණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා! ජීවිතයද පූජා කරමි පූජා වේවා!. ස්වාමීනී භාග්‍යවතූන් වහන්ස ඔබ වහන්සේ ඉහලෝකාර්ථයෙන් අනුශාසනා කළ බැවින්ද, පරලෝකාර්ථයෙන් අනුශාසනා කළ බැවින්ද, නිර්වාන පරමාර්ථයෙන් අනුශාසනා කළ බැවින්ද, ජාති කාන්තාරයෙන් සත්වයන් එතෙර කල බැවින්ද,  ජරා කාන්තාරයෙන් සත්වයන් එතෙර කල බැවින්ද, ව්‍යාධි කාන්තාරයෙන් සත්වයන් එතෙර කල බැවින්ද, මරණ කාන්තාරයෙන් සත්වයන් එතෙර කල බැවින්ද, ශෝක, පරිදේව, දුක්ඛදෝමනස්සුපාසාය කාන්තාරයෙන් සත්වයන් එතෙර කල බැවින්ද, සංසාර කාන්තාරයෙන් සත්වයන් එතෙර කල බැවින්ද, විශේෂයෙන් එතෙර කළ බැවින්ද, නිර්වාන ක්‍ෂේම භූමියට සැපත් කළ බැවින්ද, සත්තා දේව මනුස්සානං නම් වන සේක මෙසේ සත්තා දේව මනුස්සානං ආදී අනන්ත ගූණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා! ජීවිතයද පූජා කරමි පූජා වේවා!. ස්වාමීනී භාග්‍යවතූන් වහන්ස ඔබ වහන්සේ  දුක්ඛාර්්‍යය සත්‍යය අවබෝධ කළ බැවින්ද, අනුනට අවබෝධ කරවූ බැවින්ද, දුක්ඛ සමුදයාර්්‍යය සත්‍යය අවබෝධ කළ බැවින්ද, අනුනට අවබෝධ කරවූ බැවින්ද,  දුක්ඛ නිරෝධාර්්‍යය සත්‍යය අවබෝධ කළ බැවින්ද, අනුනට අවබෝධ කරවූ බැවින්ද,  දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්්‍යය සත්‍යය අවබෝධ කළ බැවින්ද, අනුනට අවබෝධ කරවූ බැවින්ද, බුද්ධ නම් වන සේක මෙසේ බුද්ධාදී  අනන්ත ගූණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා! ජීවිතයද පූජා කරමි පූජා වේවා!.  ස්වාමීනී භාග්‍යවතූන් වහන්ස ඔබ වහන්සේ සමත්‍රීංසත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත බැවින්ද, ක්ලේෂමාරාදී පංච මාරයන් බිඳ දැමූ හෙයින්ද ඓශ්චර්්්‍යාදී භාග්‍ය ධර්මයන්ගෙන් සමන්නාගත බැවින්ද, සකල ධර්මයන් අනේකාකාරයෙන් බෙදා වදාළ බැවින්ද, භජනය කළ යුතූ විවේක, විහරණ, විමෝක්‍ෂ ආදී උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින්ද, සංසාර ගමනට හේතූවූ තෘෂ්ණාව නිවා දමා නිර්්වාණ ශාන්ත සැපතට සැපැත් වූ බැවින් ද භගවා නම් වන සේක. මෙසේ භගවා ආදී  අනන්ත ගූණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා! ජීවිතයද පූජා කරමි පූජා වේවා  යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී ගූණ මෙනෙහි කිරීම.
්් සුප්පබුද්ධං පබුජ්ජන්ති – - සදා ගෝතම සාවකා
යේ සං දිවච රත්තෝච   - නිච්චං බුද්ධ ගතාසති

නිවන ලඟා කරගැනීමට කැමති සිව්වනක් පිරිස වන භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන අය අතූරෙන් යමෙක් බුද්ධානුස්සති භාවනාව වඩන්නේද හෙතෙම යහපත් සිහියෙන් පුබුදුවේ යන්න එහි අදහසයි. අනුස්සති අතූරෙන් ඉහලම අනුස්සතියක් වන බුද්ධානුස්සතිය වඩන පුද්ගලයා විසින් ප්‍රථමයෙන් තූණුරුවන් කෙරෙහි ජීවිතය පූජාකොට බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරගැනීම් වස් බුදුරජාණන් වහන්සේ, ධර්මය හා සංඝයා සරණගොස්, මේ උතූම් පිළිවෙත මගින් මම ඒකාන්තයෙන් ජාති, ජරා, මරණ දුක් වලින් මිදෙම් යයි සම්මුති ප්‍රාර්ථනාව තබා සියළු සත්වයන් කෙරෙහි මෙත් සිත පතූරමින් පූර්ව කෘත්‍ය අවසන් කොට බුදු බැතිය, ප්‍රසාදය, ශ්‍රද්ධාව ඇතිකර ගනිමින් තම සිත නිරවුල්ව පැහැදිළිව බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගූණස්කන්ධය කෙරෙහි මනසිකාර කරමින්  නව අරහාදී ගූණයන් පිළිවෙලින් ස්මරණය කරමින් බුද්ධානුස්සති භාවනාවේ යෙදීමෙන් විදර්ශනා භාවනාවට පාදක වන ශ්‍රේෂ්ඨ සමාධි තත්වය ලබාගත යුතූයි.

22. ධම්මානුස්සති ඃ- ස්වාමීනි භාග්‍යවතූන් වහන්ස, ඔබ වහන්සේ විසින් ජයසිරි මහ බෝ මැඩදී අවබෝධ කොට වදාළා වූ සපර්්‍යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුල මැද අග යහපත් බැවින් ද අර්ථ සම්පනන ව්‍යඤ්ජන සම්පන්න සර්ව සම්පූර්ණ සුපරිශූද්ධ ශාසන බ්‍රහ්මචර්්‍යාව ප්‍රකාශ වන බැවින්ද ස්වාක්ඛාත නම් වන සේක. තමා විසින් ම මේ ජීවිතයේ දීම අවබෝධ කළ යුතූ බැවින් සන්දිට්ඨීක නම් වන සේක. මාර්ග කූසලයට අනතූරුවම ඵල විපාක ගෙන දෙන බැවින් අකාලික නම් වන සේක. මෙහි එව බලවයි දැක්විය යුතූ වූ විද්‍යමාන ගූණ ඇති බැවින් ඒහිපස්සික නම් වන සේක. සතර මාර්ග සතර ඵල ධර්මයන් උපදවා ගැනීම වශයෙන් ද නිර්වාන ධර්මය අරමුණු කිරීම් වශයෙන් ද උපනයනය කළ යුතූ බැවින් ඕපනයික නම් වන සේක. භාවිතා ප්‍රඥා ඇති ඥානවන්තයන් විසින් තම තමන්ගේ නැන පමණින් අවබෝධ කළ යුතූ බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී නම් වනසේක. මෙසේ ස්වාක්කඛාතාදී අනන්ත ගූණයෙන් සමන්නාගතවූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා!  යනාදී වශයෙන් ධර්මයේ ගූණ දැන සතර මග, සතර ඵල, නිර්වාන යන ලොව්තූරු දහම ගැන පැහැදී නැවත නැවතත් ඒ ගූණ අනුස්මරණය කිරීම ධම්මානුස්සතියයි………….

23.  සංඝානුස්සතිය ඃ- මාගේ ස්වාමී වූ භාග්‍යවතූන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර බවට පැමිණියාවූ අෂ්ඨාර්්‍ය පුද්ගල මහා සංඝරත්නය සම්‍යක් මාර්්යට පිළිපන් හෙයින් සුපටිපන්න නම්වන සේක. සෘජු මාර්ගයට පිළිපන් හෙයින් උජු පටිපන්න නම් වන සේක. නිර්වාන මාර්ගයට පිළිපන් හෙයින් ඤාය පටිපන්න නම් වන සේක. ගරු කටයුතූවූ අනුයාත මාර්ගයට පිළිපන් හෙයින් සාමීචී පටිපන්න නම් වන සේක. යොදුන් සිය දහස් ගණන් දුර සිට වුවද සිව්පස දානය ගෙනවුත් පූජා කිරීමට සුදුසු ගූණ ඇති හෙයින් ආහුණෙය්‍ය නම් වන සේක. ආගන්තූක සත්කාරයට සුදුසු ගූණ ඇති හෙයින් පාහුණෙය්‍ය නම් වන සේක. පින්පල අදහා දෙන දක්‍ෂිනාවට සුදුසු ගූණ ඇති හෙයින් දක්ඛිණෙය්‍ය නම් වන සේක. දොහොත් නගා වැඳ නමස්කාර කිරීමට සුදුසු ගූණ ඇති හෙයින් අඤ්ජලි කරණීය නම් වන සේක. සදේවක ලෝක වාසීන්ගේ ලොව්තූරා සැප සම්පත් නෙලා ගැනීමේ උතූම් පින් කෙතක් බැවින් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්ත නම් වන සේක. මෙසේ සුපටිපන්නාදී අනන්ත ගූණයෙන් සමන්නාගත වූ අෂ්ඨ ආර්්‍ය පුද්ගල මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා! මෙසේ  සෝවාන් මාර්ගස්ථ, ඵලස්ථ  වශයෙන් වන අෂ්ඨ ආර්්‍ය පුද්ගලයාගේ ගූණ යලියලිත් මෙනෙහි කිරී්ම සංඝානුස්සතියයි.

24.  සීලානුස්සතිය  ඃ- තමන් මොනවට සමාදන්වූ ශීලයේ නොපළුදු බව, නොකැලැල් බව, පිරිසිඳු බව පුන පුනා ආවර්්ජනය කරමින් සීල ගූණයන් ගැන මෙනෙහි කිරීම.

25.  චාගානුස්සති ඃ- තෘෂ්ණාව දුරුකිරීම් වස් තම සන්තානයේ ඇති ත්‍යාගශීලී ගූණය නොහොත් මුල මැද අග පිරිසිඳු සිතින් කලාවූ දාන මානාදී චාග කර්ම, පිංකම් ගැන යලි යලිත් මෙනෙහි කිරීම.

26.  දේවතානානුස්සති ඃ-  ලෝභ, දෝෂ පාලනය කරගැනීම් වස් ලැබෙන දේවත්වය හා දේව ස්වරූපය ගැන තම සන්තානයේ ඇතිවන ස්වභාවය හා දිව්‍ය, බ්‍රහ්ම, දේවතාවන් ආදීන්ගේ ගූණස්කන්ධය ගැන මෙනෙහි කිරීම. විශේෂයෙන් ශ්‍රද්ධා, ශීල, බහුශ්‍රැත, චාග, ප්‍රඥා ආදී ගූණ ගැන යලි යලිත් මෙනෙහි කිරීම.


27.  උපසමානුස්සති ඃ-  අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයට නොගැනෙන නොවැටෙන, ලෞකික ධර්මයක් නොවූ නිර්වානය නම්වූ එකම ලෝකෝත්තර උතූම් ධර්මය ගැන යලි යලිත් ප්‍රසන්න සිතින් මෙනෙහි කිරීම.

28. මරණානුස්සති  ඃ-  ්් අද්ධුවං ජීවිතං ජීවිතය අනිස්තීරයි, ධුචං මරණං මරණය ස්තීරයි, අවස්සං මයා මරිතබ්බං මා ඒකාන්තයෙන්ම මරණයට පත්වන්නේය, ජීවිත මේව අනියතං  මේ ජීවිතය අනිත්‍යයි, මරණං නියතං මරණං නියතං මරණය නියතයි මරණය නියතයි  ්් යනුවෙන් අනිත්‍ය ලක්‍ෂණය අරමුණු කරගත් ජීවිතයාගේ සිඳීයාම ගැන මනසින් මෙනෙහි කිරීම.

29.  කායගතා සති ඃ- පාද තලයෙන් උඩ, හිසකෙස් මුදුනෙන් යට හම කෙලවර කොට ඇති නානාවිධ කූණුපයන්ගෙන් පිරුණු මේ කය ගැන ‘නුවණින්  බැලීම කයගතා සතියයි. ‘කායගතා සති සූත්‍රයේ මෙසේ සඳහන්වේ. ්් මහණෙනි මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිඳුළු, වකූගඩුව, හෘදය මාංසය, අක්මාව, දළඹුව, බඩදිව, පෙනහැල්ල, බඩවැල, අතූණුබහන්, නොදිරූ ආහාර, මල, හිස්මොලය, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල, කඳුළු, වරුණ තෙල, කෙල, සොටු, සඳමිදුළු, මුත්‍ර යනාදී කූණුප කොට්ඨාශ තිස් දෙක ගැන පිළිකූල්ව මෙනෙහි කරව් යලි යලි මෙනෙහි කරව්.්් මෙම කායගතා සතිය සමත පූර්වාංගම විදර්ශනා කර්මස්ථානයකි.


30. ආනාපාන සති ඃ-  හුස්ම ගැනීම් හෙලීම් වශයෙන් සතිය පිහිටුවා ඒ ගැන මෙනෙහි කිරීම ආනාපාන සතියයි. මෙයද සමත පූර්වාංගම විදර්ශනා කර්මස්ථානයකි. පහසුවෙන් කල හැකිවූ බොහෝ දෙනෙක් පුරුදු කරන්නාවූ මෙම කාය සංකාරය ගැන ආනාපාන සති සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
්්්් මහණෙනි, වඩන ලද්දාවූ, පුරුදු කරණ ලද්දාවූ ආනාපාන සති භාවනාව මහත්ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, වඩන ලද්දාවූ, පුරුදු කරණ ලද්දාවූ ආනාපාන සතිය සතර සතිපට්ඨානය සම්පූර්ණ කරයි. වඩන ලද්දාවූ, පුරුදු කරණ ලද්දාවූ ආනාපාන සතිය සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ජංගයන් සම්පූර්ණ කරති. වඩන ලද්දාවූ, පුරුදු කරණ ලද්දාවූ සප්ත බොජ්ජංගයෝ විජ්ජා විමුක්තිය සම්පූර්ණ කරති.   මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදු කරණ ලද්දාවූ, ආනාපාන සති භාවනාව මහත්ඵල මහානිසංස වේද? ‘ මහණෙනි මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ රුක් මුලකට ගියාවූ හෝ විවේක ස්ථානයකට ගියාවූ හෝ මහණ තෙම, පර්්‍යඬක බැඳ, (එරමිණිය ගොතා) කය කෙලින් තබා, සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන් හුස්ම ගනියි. සිහියෙන්ම හුස්ම පිට කරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දන්නේය. දිගට හුස්ම පිට කරන්නේ හෝ දිගට හුස්ම පිට කරන්නෙමියි දන්නේය. කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දන්නේය. කොටින් හුස්ම පිට කරන්නේ හෝ කොටින් හුස්ම පිට කරන්නෙමියි දන්නේය. හුස්ම ගැනීමේ මුල මැද අග යන සියල්ල දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. හුස්ම පිට කිරීමේ් මුල මැද අග යන සියල්ල දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියිි පුරුදු කරන්නේය. ආශ්වාශ ප්‍රාශ්වාශයන් සංසිඳුවමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාශ ප්‍රාශ්වාශයන් සංසිඳුවමින් හුස්ම පිටකරන්නෙමියි  පුරුදු කරන්නේය.  ප්‍රීතිය දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. ප්‍රීතිය දැනගනිමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. සැපය දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. සැපය දැනගනිමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. විත්තසංඛාරය (වේදනා සංඥාවන්)  දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. විත්තසංඛාරය (වේදනා සංඥාවන්) විශේෂයෙන් දැනගනිමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. වේදනා සංඥාවන් සංසිඳුවමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. වේදනා සංඥාවන් සංසිඳුවමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. සිත දැනගනිමින්  හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. සිත දැනගමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. සිත සතූටු කරමින්   හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. සිත සතූටු කරමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය.  සිත මනාකොට එකඟ කරමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. සිත මනා කොට එකඟ කරමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. සිත කෙළෙසුන් කෙරෙන් මුදවමින්  හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. සිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. අනිත්‍යය නැවත නැවත දකිමින්   හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. අනිත්‍යය නැවත නැවත දකිමින්  හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. නොඇලීම (විරාගය)  නැවත නැවත දකිමින්   හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. නොඇලීම (විරාගය)  නැවත දකිමින්  හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. නිරෝධය නැවත නැවත දකිමින්   හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. නිරෝධය  නැවත දකිමින්  හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. අත්හැර දැමීම (පටිනිස්සග්ගය)  නැවත නැවත දකිමින්   හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. අත්හැර දැමීම (පටිනිස්සග්ගය)   නැවත දකිමින්  හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. ්් මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ,  ආනාපාන සතිය වනාහී මහත්ඵල ඇත්තී, මහානිසංස ඇත්තී වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදු කරණ ලද්දාවූ ආනාපාන සතිය සතර සතිපට්ඨානය සම්පූර්ණ කෙරේද?  මහණෙනි, යම් කලක මහණ තෙම දිගට හුස්ම ගන්නේ දිගට හුස්ම ගන්නෙමියි දනීද, දිගට හුස්ම පිටකරන්නේ  දිගට හුස්ම පිටකරන්නෙමියි දනීද, කොටින් හුස්ම ගන්නේ කොටින්  හුස්ම ගන්නෙමියි දනීද, කොටින්  හුස්ම පිටකරන්නේ කොටින් හුස්ම පිටකරන්නෙමියි දනීද, සියළු ආශ්වාශ ප්‍රාශ්වාශ කය දන්නේ හුස්ම ගන්නෙමියි හික්මේද, සියළු ආශ්වාශ ප්‍රාශ්වාශ කය දන්නේ හුස්ම පිටකරන්නෙමියි  හික්මේද, ආශ්වාශ ප්‍රාශ්වාශයන් තූනී කරමින් හුස්ම ගන්නෙමියි හික්මේද, ආශ්වාශ ප්‍රාශ්වාශයන් තූනී කරමින් හුස්ම පිටකරන්නෙමියි  හික්මේද, මහණෙනි, එකල කය අනුව බලන්නාවූ, කෙලෙස් තවන වීර්්‍යය ඇත්තාවූ, විමසන නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ, මහණතෙම, පඤ්චස්කන්ධය නැමති ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරු කොට වාසය කරයි.
්් මහණෙනි, මම මේ ආශ්වාස ප්‍රාශ්වාස කාය කොට්ඨාශයන් අතූරෙන් එක්තරා කාය කොට්ඨාසයකැයි කියමි. මහණෙනි ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්්‍යයෙන් යුක්තවූ, නුවණින් යුක්තවු, සිහියෙන් යුක්තවූ, මහණතෙම කයෙහි කය අනුව බලමින් පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරයි.
්් මහණෙනි යම් කලක මහණතෙම ප්‍රීතිය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද,  ප්‍රීතිය දැනගනිමින් හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද, පුරුදු කරන්නේය. සැපය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද,  සැපය දැනගනිමින් හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද,  විත්තසංඛාරය   දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, විත්තසංඛාරය  දැනගනිමින් හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද, විත්තසංකාරය සංසිඳුවමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, චිත්තසංකාරය සංසිඳුවමින් හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද,  මහණෙනි, එකල වේදනාවෙහි වේදනාව අනුව බලන්නාවූ, කෙලෙස් තවන වීර්්‍යය ඇත්තාවූ,  නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ, මහණතෙම, පඤ්චස්කන්ධය  ලෝකයෙහි ලෝභය සහ දෝසය දුරු කොට වාසය කරයි. මහණෙනි, යම් අශ්වාස ප්‍රාශ්වාසයන් මනාකොට මෙනෙහි කිරීමක් වෙයිද, මම එය වේදනාවන් අතූරෙන් එක්තරා වේදනාවකැයි කියමි.්්  මහණෙනි ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි කෙලෙස් තවන උත්සාහය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරයි.
්් මහණෙනි යම් කලක මහණතෙම සිත දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද,  සිත දැනගනිමින් හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද, සිත සතූටු කරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, සිත සතූටු කරමින්  හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද, සිත මනාකොට එකඟ කරමින්  හුස්ම ගන්නෙමියි හික්මෙයිද, සිත මනාකොට එකඟ කරමින් හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද, හිත කෙළෙසුන් කෙරෙන් මුදවමින්  හුස්ම ගන්නෙමියි හික්මෙයිද, හිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද,  මහණෙනි, එකල සිතෙහි සිත අනුව බලන්නාවූූ, කෙලෙස් තවන වීර්්‍යය ඇත්තාවූ,  නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ, මහණතෙම, පඤ්චස්කන්ධය  ලෝකයෙහි ලෝභය සහ දෝසය දුරු කොට වාසය කරයි. මහණෙනි, මම සිහි මුලාවූ නුවණ නැත්තාහට ආනාපාන සති භාවනාව නොකියමි.
මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි සිතෙහි සිත අනුව බලමින් කෙලෙස් තවන වීර්්‍යය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරයි. මහණෙනි, යම් කලෙක මහණතෙම අනිත්‍යය නැවත නැවත දකිමින්   හුස්ම ගන්නෙමියි හික්මෙයිද, අනිත්‍යය නැවත නැවත කියමින්  හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද,  නොඇලීම (විරාගය)  නැවත නැවත දකිමින්   හුස්ම ගන්නෙමියි හික්මෙයිද,  නොඇලීම (විරාගය)  නැවත දකිමින්  හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද, නැතිවීම (නිරෝධය) නැවත නැවත දකිමින්   හුස්ම ගන්නෙමියි හික්මෙයිද, නැතිවීම (නිරෝධය) නැවත දකිමින්  හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද,  අත්හැර දැමීම (පටිනිස්සග්ගය)  නැවත නැවත දකිමින්   හුස්ම ගන්නෙමියි හික්මෙයිද, අත්හැර දැමීම (පටිනිස්සග්ගය)   නැවත නැවත දක්නේ  හුස්ම පිට කරන්නෙමියි හික්මෙයිද, මහණෙනි, එකල ධර්මයෙහි ධර්මය අනුව බලන්නාවූ, කෙලෙස් තවන වීර්්‍යය ඇත්තාවූ,  නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ, මහණතෙම, පඤ්චස්කන්ධය  ලෝකයෙහි ලෝභය සහ දෝසය දුරු කොට වාසය කරයි.  හෙතෙම ලෝභ දෝසයන්ගේ යම් ඒ පහකිරීමක් වේද, එය නුවණින් දැක මනාකොට මධ්‍යස්ථවේ. මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි ධර්මයන්හි ධර්මය අනුව දක්මින්  කෙලෙස් තවන වීර්්‍යය ඇත්තේ,  නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ,  පඤ්චස්කන්ධ  ලෝකයෙහි ලෝභය සහ දෝසය දුරු කොට වාසය කරයි. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ පුරුදු කරණ ලද්දාවූ ආනාපාන සතිය වනාහි සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කරයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ පුරුදු කරණ ලද්දාවූ  සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ඣඬගයන් සම්පූර්ණ කෙරෙත්ද? මහණෙනි, යම් කලෙක මහණතෙම කයෙහි කය අනුව බලමින්, කෙළස් තවන වීර්්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කඣ ලෝකයෙහි ලෝභය හා දෝසය දුරුකොට වාසය කරයි. එකල ඔහුට මුලා නොවූ, එළඹ සිටි සිහිය ඇත්තේ වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට මුලා නොවූ, එළඹ සිටි සිහිය ඇත්තේ වෙයිද, එකල්හි භික්‍ෂුව විසින් සති සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල්හි භික්‍ෂුතෙමේ සති සම්බොජ්ඣඬගය වඩයි එකල්හි භික්‍ෂුව ගේ් සති සම්බොජ්ඣඬගය සම්පූර්ණවීමට පැමිණෙයි. එසේ සිහියෙන් යුක්තව කරන්නාවූ හෙතෙම ඒ ධර්මය නුවණින් සොයයි. පරීක්‍ෂා කරයි විමසීමට පැමිණෙයි.
මහණෙනි යම් කලෙක එසේ සිහියෙන් වාසය කරන්නාවූ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයිද, පරීක්‍ෂාකරයිද, විමසීමට පැමිනෙයිද, එකල්හි භික්‍ෂුව විසින් ධම්මවිචය සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම ධම්මවිචය සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ‘ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්‍ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ ඒ මහණහුගේ නොපසුබස්නා වීර්්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි භික්‍ෂුව විසින් විරිය සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම විරිය සම්බොජ්ඣඬගය වඩයි. එකල මහණහුගේ විරිය සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ‘පටන් ගන්නාලද විරිය ඇත්තාහට ආමිස රහිතවූ ප්‍රීතිය උපදවයි.
මහණෙනි යම් කලෙක පටන්ගන්නා ලද වීර්්‍යය ඇත්තාවූ මහණහට නිරාමිස ප්‍රීතිය උපදීද, එකල්හි මහණහු විසින් පී්‍රිති සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම ප්‍රීති සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ ප්‍රීති සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ප්‍රීති සිත ඇත්තහුගේ කයද සංසිදෙයි සිතද සංසිඳෙයි.
මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කය සංසිඳෙයිද, සිත සංසිඳෙයිද, පස්සධිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම පස්සධිි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ පස්සධි  සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුනු කයහුගේ සිත එකඟවේ.
මහණෙනි, යම් කලෙක සංසිඳුනු කය ඇතිි මහණහුගේ  සිත එකඟ වෙයිිද, එකල මහණහු විසින් සමාධිිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම සමාධිිි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ සමාධි සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ එකඟවූ සිත් ඇත්තාවූ ඒ මහණතෙම එකල මධ්‍යස්ථ වූයේ වෙයි.  
මහණෙනි, යම් කලෙක එසේ එකඟවූ සිත්  ඇතිි මහණතෙම මනාකොට මධ්‍යස්ථවූයේ වේද, එකල මහණහු විසින් උපේක්ඛා සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම උපේක්ඛා සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ උපේක්ඛා සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.
මහණෙනි, යම් කලෙක මහණතෙම වේදනාවන්හි වේදනාව අනුව බලමින් කෙලෙස් තවන වීර්්‍යය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරයි. එකල්හි මහණහට නොමුලා සිහිය එළඹ සිටියේ වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට නොමුලා සිහිය එළඹ සිටියේ වේද, එකල මහණහු විසින් සතිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම සතිිි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ සතිි සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ සිහියෙන් වාසය කරන්නාවූ සිත් ඇත්තාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි. පරීක්‍ෂා කරයි විමසීමට පැමිණෙයි.  
 මහණෙනි, එසේ සිහිය ඇතිව වාසය කරන්නාවූ මහණතෙම එකල්හි ධර්මය සොයයිද, පරීක්‍ෂා කරයිද, විමසීමට පැමිණෙයිද, එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම ධම්මවිචය සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ‘ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්‍ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, ඒ මහණහු විසින් නොපසුබස්නා වීර්්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. මහණෙනි, යම් කලෙක ඒ ධර්මය, නුවණින් සොයන්නාවූ, පරීක්‍ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, මහණහු විසින් නොපසුබස්නා වීර්්‍යය පටන්ගන්නා ලද්දේ වෙයිද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම විරිය සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ විරිය සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.  ‘පටන් ගන්නාලද වීර්්‍යය ඇත්තාහට නිරාමිස ප්‍රීතිය උපදී, ‘මහණෙනි, යම් කලක පටන්ගන්නාලද වීර්්‍යය ඇත්තාවූ මහණහට නිරාමිස ප්‍රීතිය උපදීද, එකල්හි මහණහු විසින් පීතිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල්හි මහණතෙම පීති සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ ප්‍රීති සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පිනාගිය හිතැත්තහුගේ කයද සංසිඳෙයි, සිතද සංසිඳෙයි. මහණෙනි, එකල  මහණහු විසින් පස්සධිිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම පස්සධිි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ පස්සධිි සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුනු කය ඇත්තහුගේ සිත එකඟවේ.
මහණෙනි, යම් කලක සංසිඳුනු කය ඇති මහණහුගේ සිත එකඟවේද, එකල්හි මහණහු විසින් සමාධිිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල්හි මහණතෙම සමාධි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ සමාධිි සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඔහු විසින් එසේ එකඟවූ සිත මනාකොට මධ්‍යස්ථ කරන ලද්දේ වෙයි. එකල  මහණහු විසින් උපේක්ඛා සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම උපේක්ඛා සම්බොජ්ඣඬගය වඩයි, එකල්හි මහණහුගේ උපේක්ඛා සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.
 මහණෙනි, යම් කලෙක මහණතෙම සිතෙහි සිත අනුව බලමින් කෙලෙස් තවන වීර්්‍යය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ,  ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරයි. එකල්හි මහණහට නොමුලා සිහිය එළඹ සිටියේ වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට නොමුලා සිහිය එළඹ සිටියේ වේද, එකල මහණහු විසින් සතිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම සතිිි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ සතිි සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ සිහියෙන් වාසය කරන්නාවූ සිත් ඇත්තාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි. පරීක්‍ෂා කරයි විමසීමට පැමිණෙයි.
මහණෙනි, එසේ සිහිය ඇතිව වාසය කරන්නාවූ මහණතෙම එකල්හි ධර්මය සොයයිද, පරීක්‍ෂා කරයිද, විමසීමට පැමිණෙයිද, එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල්හි මහණතෙම ධම්මවිචය සම්බොජ්ඣඬගය වඩයි, එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ‘ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්‍ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, ඒ මහණහු විසින් නොපසුබස්නා වීර්්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. මහණෙනි, යම් කලෙක ඒ ධර්මය, නුවණින් සොයන්නාවූ, පරීක්‍ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, මහණහු විසින් නොපසුබස්නා වීර්්‍යය පටන්ගන්නා ලද්දේ වෙයිද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම විරිය සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ විරිය සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.  ‘පටන් ගන්නාලද වීර්්‍යය ඇත්තාහට නිරාමිස ප්‍රීතිය උපදී, ‘මහණෙනි, යම් කලක පටන්ගන්නාලද වීර්්‍යය ඇත්තාවූ මහණහට නිරාමිස ප්‍රීතිය උපදීද, එකල්හි මහණහු විසින් පීතිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල්හි මහණතෙම පීති සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ පීති සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පිනාගිය හිතැත්තහුගේ කයද සංසිඳෙයි, සිතද සංසිඳෙයි.
මහණෙනි, එකල  මහණහු විසින් පස්සධිිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම පස්සධිි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ පස්සධිි සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.  සංසිඳුනු කය ඇත්තහුගේ සිත එකඟවේ.
මහණෙනි, යම් කලක සංසිඳුනු කය ඇති මහණහුගේ සිත එකඟවේද, එකල්හි මහණහු විසින් සමාධිිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල්හි මහණතෙම සමාධි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ සමාධිි සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඔහු විසින් එසේ එකඟවූ සිත මනාකොට මධ්‍යස්ථ කරන ලද්දේ වෙයි. එකල  මහණහු විසින් උපේක්ඛා සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම උපේක්ඛා සම්බොජ්ඣඬගය වඩයි, එකල්හි මහණහුගේ උපේක්ඛා සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.
මහණෙනි, යම් කලෙක මහණතෙම ධර්මයන්හි ධර්මය අනුව බලන්නේ කෙලෙස් තවන වීර්්‍යය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ,  ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරයි. එකල්හි මහණහට නොමුලා සිහිය එළඹ සිටියේ වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට නොමුලා සිහිය එළඹ සිටියේ වේද, එකල මහණහු විසින් සතිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම සතිිි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ සතිි සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ සිහියෙන් වාසය කරන්නාවූ සිත් ඇත්තාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි. පරීක්‍ෂා කරයි විමසීමට පැමිණෙයි.
මහණෙනි, එසේ සිහිය ඇතිව වාසය කරන්නාවූ මහණතෙම එකල්හි ඒ ධර්මය සොයයිද, පරීක්‍ෂා කරයිද, විමසීමට පැමිණෙයිද, එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල්හි මහණතෙම ධම්මවිචය සම්බොජ්ඣඬගය වඩයි, එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.  ‘ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්‍ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, ඒ මහණහු විසින් නොපසුබස්නා වීර්්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. මහණෙනි, යම් කලෙක ඒ ධර්මය, නුවණින් සොයන්නාවූ, පරීක්‍ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, මහණහු විසින් නොපසුබස්නා වීර්්‍යය පටන්ගන්නා ලද්දේ වෙයිද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම විරිය සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ විරිය සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.  පටන් ගන්නාලද වීර්්‍යය ඇත්තාහට කාමාශාවන් ගෙන් වෙන්වූ (නිරාමිස) ප්‍රීතිය උපදී, ‘මහණෙනි යම් කලෙක පටන් ගන්නාලද වීර්්්‍යය ඇත්තාවූ මහණහට කාමාශාවන් ගෙන් වෙන්වූ (නිරාමිස) ප්‍රීතිය උපදීද,  එකල්හි මහණහු විසින් පීතිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල්හි මහණතෙම පීති සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ පීති සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පිනාගිය හිතැත්තහුගේ කයද සංසිඳෙයි, සිතද සංසිඳෙයි. මහණෙනි, එකල  මහණහු විසින් පස්සධිිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම පස්සධිි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ පස්සධිි සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.  සංසිඳුනු කය ඇත්තහුගේ සිත එකඟවේ.
මහණෙනි, යම් කලක සංසිඳුනු කය ඇති මහණහුගේ සිත එකඟවේද, එකල්හි මහණහු විසින් සමාධිිි සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල්හි මහණතෙම සමාධි සම්බොජ්ඣඬගය වඩයි, එකල මහණහුගේ සමාධිි සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඔහු විසින් එසේ එකඟවූ සිත මනාකොට මධ්‍යස්ථ කරන ලද්දේ වෙයි. එකල  මහණහු විසින් උපේක්ඛා සම්බොජ්ඣඬගය පටන් ගන්නා ලද්දේවේ. එකල මහණතෙම උපේක්ඛා සම්බොජ්ඣඬගය වඩයි, එකල්හි මහණහුගේ උපේක්ඛා සම්බොජ්ඣඬග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.
මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ පුරුදු කරණ ලද,ූ  සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ඣඬගයන් සම්පූර්ණ කරත්. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරණ ලද සප්ත බොජ්ඣඬගයෝ විජ්ජා විමුක්තිය සම්පූර්ණ කෙරෙත්ද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, විවේකය ඇසූරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුවාවූ, සති සම්බොජ්ඣඬගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, විවේකය ඇසූරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ, ධම්මවිචය සම්බොජ්ඣඬගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, විවේකය ඇසූරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ, විරිය සම්බොජ්ඣඬගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, විවේකය ඇසූරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ, පීති සම්බොජ්ඣඬගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, විවේකය ඇසූරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ, පස්සධි සම්බොජ්ඣඬගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, විවේකය ඇසූරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ, සමාධි සම්බොජ්ඣඬගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, විවේකය ඇසූරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ, උපේක්ඛා සම්බොජ්ඣඬගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ පුරුදු කරණ ලද,ූ  සප්ත බොජ්ඣවගයෝ විජ්ජා විමුක්තිය, (අර්හත් ඵලය හා නිර්වාණය) සම්පූර්ණ කරති. සතර සති පට්ඨානයෝ සප්ත බොජ්ඣඬගයන් සම්පූර්ණ කරති. ‘භාග්‍යවතූන් වහන්සේ මෙය වදාළසේක. සතූටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතූන් වහන්සේගේ දේශනාව සතූටින් පිළිගත්හ.  ඉහතින් දක්වන ලද්්දේ ආනාපානසති සූත්‍ර ප්‍රකාර අප්‍රමාදී විහරණයෙන් යුතූව පදන් වීර්්‍යය ඇත්තේ ආනාපාන සති භාවනාව මගින් සතර සතිපට්ඨානයන්හි සිහිය පිහිටුවා නිවන් පසක්කර ගන්නා පිළිවෙලයි.

‘සතර බ්‍රහ්ම විහාර ඃ- මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යනුවෙන් බ්‍රහ්ම විහාර සතරකි.
31. මෙත්තා ඃ-  ්් අහං අවේරෝ හෝමී අභ්‍යාපජ්ජයා හෝමී අනීගෝ හෝමී … ්්..  යනුවෙන් දක්වා ඇති පරිදි  මම වෛර නැත්තෙක් වෙම්වා,  ක්‍රෝධ නැත්තෙක් වෙම්වා, දුක්කරදර නැත්තෙක් වෙම්වා, නිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා, මා මෙන්ම උඩ වසන සත්වයෝද, යටවසන සත්වයෝද, සිරස වසන සත්වයෝද, වෛරී සත්වයෝද, අවෛරී සත්වයෝද, හිතවත් සත්වයෝද, මැදහත් සත්වයෝද, පා නැති සත්වයෝද, දෙපා සත්වයෝද, සිව්පා සත්වයෝද, බඩගායන සත්වයෝද, බොහෝ  පාද ඇති සත්වයෝද, තැති ගන්නා සුළු සත්වයෝද, තැතිනොගන්නා සුළු සත්වයෝද, දික්වූ ශරීර ඇති සත්වයෝද, විශාල ශරීර ඇති සත්වයෝද, මධ්‍යම ශරීර ඇති සත්වයෝද, ඉතා කූඩා ශරීර ඇති සත්වයෝද, සිහින් සත්වයෝද, වටකූරු සත්වයෝද, ඇසට පෙනෙන සත්වයෝද, ඇසට නොපෙනෙන සත්වයෝද, දුර වසන සත්වයෝද, ලඟ වසන සත්වයෝද, උපන්නාවූ සත්වයෝද, උපදිමින් සිටින සත්වයෝද, සියළු සත්වයෝම වෛරනැත්තෝ වෙත්වා, ව්‍යාපාද නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සෝක නැත්තෝ වෙත්වා, සුවසේ ආත්ම පරිහරණය කරන්නෝ වෙත්වා යනුවෙන් පතල මහා කරුණාවෙන් සියළු ප්‍රාණීන් කෙරෙහි මැදහත් සිතින් යුතූව මෛත්‍රිය පතූරමින් වාසය කිරීම හා ඒ මත සිහිය පිහිටුවා මෛත්‍රිය වැඩීම මෙත්තා විහාරයයි.  සුවසේ නින්ද යාම, සුවසේ අවදිවීම, නපුරු හීන නොපෙනීම, දෙවියන්ට ප්‍රියවීම, මනුෂ්‍යයන්ට  ප්‍රියවීම, අමනුෂ්‍යයන්ට ප්‍රියවීම, වසවිස කැවීම් ගින්නේ ආයුධ වැදීම් ආදි විපත් සිදු නොවීම, සිහිනොමුලාව කළුරිය කිරිම යන ආනිසංස  මෙම මෛත්‍රී විහරණය නිසා මෙලොවදීම ලැබෙන අතර මෛත්‍රී භාවනාව වැඩීමෙන් යලි යලිත් වැඩීමෙන් විදර්ශනා ඥාන කූළුගන්වා සකල ක්ලේශයන් ප්‍රහීනය කර යළි උත්පත්තියක් නොලබන ශාන්තවූ නිවනින් සැනසීම සඳහාවූ රහත් භාවය ලැබීමට නොහැකිවී නම් මරණින් මතූ ‘ශූද්ධාවාස බඹලොවක උත්පත්තිය ලබයීි.
32. කරුණා ඃ-  ්් කරුණා සීතල හදයං  ්් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගූණය මෙනෙහි කරමින් එම ගූණස්කන්ධය නිරතූරුවම තම සන්තානයේ රඳවා ගනිමින් “ ්් දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා භයප්පත්තාච නිබ්භයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තූ සබ්බේපි පානිනෝ  ්් යනුවෙන් නිරතූරුවම දුකින් පෙලෙන අය දුකින් මිදෙත්වා, බියෙන් පෙලෙන සත් බියනැති වෙත්වා, සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මෙහැමසත් සුවපත් වෙත්වා යනුවෙන් සියළු සත වෙත දයානුකම්පාව පතූරමින් කරුණා ගූණය මෙනෙහි කිරීම හා ඔවුන් කෙරෙහි පැවතීම.
33.  මුදිතා ඃ-  අනුන්ගේ සැපත ප්‍රාර්ථනා කිරීම හා අනුන්ගේ සැප සම්පත් හා ෙඓශ්චර්්‍යය වඩවඩා වර්ධනය වේවායි මෙනෙහිකිරීම. සියළු සත්වයෝ සැපවත් වෙත්වා යයි පැතීම එය සිත්හි පිහිටුවා මෙනෙහි කිරීම. අනුන් සැපවත් වෙත්වායි තූටු සිතින් වාසය කිරීම එය මනසිකාර කිරීම.
34. උපේක්ඛා ඃ-  ලාභ, අලාභ,යස, අයස, නින්දා, ප්‍රසංශා, දුක, සැප යන අශ්ඨ ලෝක ධර්මය අනුනට මෙන්ම තමාටද එකසේ බව සිතමින් එක් සිත්ව තමා ඇතූළු සියළු සත්වයෝ දුක් සැප තමාගේ කර්මඵල විපාක වශයෙන් භජනය කරණ බව මැදිහත් සිතින්  යුතූව සිතීම. සියළු දෑ උපේක්‍ෂාවෙන් ඉවසීම හා මනසිකාර කිරීම.
‘සතර ආරුප්ප ඃ-  අ’ෂ්ඨ සමාපත්තීන්හි ප්‍රථම, දෘතීය, තෘතීය, චතූර්ථ ධ්‍යානයන්ට අමතරව ගැනෙන
35. ආකාසනඤ්චායතනය ඃ- ආකාශය අනන්තයයි කියා සිතා ඒ ගැන  මෙනෙහි කරමින් භාවනා කිරීම.
36. විඤ්ඤාණඤ්චායතනය ඃ- විඤ්ඤානය අනන්තයයි සිතා ඒ ගැන මෙනෙහි කරමින් භාවනා කිරීම.
37. ආකිඤ්චඤ්ඤායතනය  “ඃ- ආකාශයවත් විඤ්ඤානයවත් කිසිවක් නැතැයි සිතා ඒ ගැන මෙනෙහි කරමින් භාවනා කිරීම.
38.  නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ඃ-  සංඥාවක් ඇතිබව සිතා හෝ සංඥාවක් නැතිබව සිතා ඒ ගැන මෙනෙහි කරමින් භාවනා කිරීම.
39. ආහාර පටික්කූල සංඥාව ඃ- තමා ගන්නා ලද ආහාරය කැබලි වලට කැඩී ජීර්ණවී පිළිකූල් ස්වභාවයට පත්වන බව සිතමින් ඒ අනුව ආහාරය බෙදා කොටස්්කර වෙන් වෙන් වශයෙන් ගෙන මෙනෙහි කරමින් කරන භාවනාව.

40.  සතර ධාතූ වවත්තනය ඃ- තමාගේ ශරීරය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන කොටස්  4 කින් සමන්විත වනබව සිතමින් ඒ අනුව තම කය බෙදා කොටස්කර කොටස් වශයෙන් ගෙන මෙනෙහි කරමින් භාවනා කිරීම. ශරීරය සතර ධාතූන්ගේ සංකලනයක් බව ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමින් බෙදා වෙන්කර මනසිකාර කිරීම.


විදර්ශනා භාවනාව  ඃ-  අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, යන ත්‍රිලක්‍ෂණයට යොමුකර විශේෂ බැලීම් වශයෙන් ගෙන කරන භාවනාව විදර්ශනා භාවනාව නමි. නිවන් සාක්‍ෂාත් කර ගැනීමට ඇති එකම මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ විසින් කූරුරට කම්මස්ස දම්ම නියම් ගමෙහි දේශනා කරණ ලද මහා සතිපට්ටාන සූත්‍රයේදී විදර්ශනා භාවනාව නිවනට ඇති එකම මාර්ගය බව මෙසේ සඳහන් කර ඇත. ්් ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං  අත්ථ ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා  ්්  එනම් සංසාරයේ දිගූ කලක් අපිරිසිඳුව පැවති සිත විශූද්ධ කිරීම්වස් නොහොත් පිරිසිඳු කිරීම් අයුරින් සත්වයාට විශූද්ධිය පිණිසද  සෝක කිරීම්, වැලපීම්, හැඩීම් ආදිය ඉක්මවීම සඳහාද සෝකය සමනය කර ගැනීමටද, දුක දොම්නස ඉක්මවා යෑමටද, සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත් යන මාර්ග ඥානයට බැස ගැනීම සඳහාද සියළු දුක් නැති කරමින් අසංකත ධාතූවක් වූත් ලෝකෝත්තර ධර්මයක් වූත් නිර්වානය සාක්‍ෂාත් කර ගැනීම සඳහා ඇති එකම මාර්ගය මේ සතර සතිපට්ඨානයයි. සමසතලිස් කර්මස්ථානයන් ගෙන් යුතූ සතර සතිපට්ඨානය කාය, වේදනා, චිත්ත, ධම්ම යනුවෙන් කොටස් 4 කට බෙදේ.
(1) කායානු පස්සනාව කර්මස්ථාන 14 කින් සමන්විතය.
‘1.  ආනාපානසති ඃ- ඉහතදී විස්තර කල පරිදි හුස්ම ඉහල පහල යෑම ගැන සතියෙන් සිටිමින් මනසිකාර කිරීම. මෙය හුස්ම ඇතූළුවීම හා පිටවීම නොහොත් පිම්බීම් හැකිලීම් වශයෙන් ගෙන බැලීම කල හැකියි. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ සමත භාවනාවක් ලෙස වඩා ත්‍රිලක්‍ෂණය පාදක කරගනිමින් විදර්ශනා ඥානය පසක්කර ගනිමින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිවන් අවබෝධකරගත හැකිවීමයි.
2.  ඉරියාපත ඃ- යාම් ඊම්, ඉඳීම්, සිටීම්, නිදීම්  යන සතර ඉරියව්ව මත සිහිය පිහිටුවා ඒ මගින් විදර්ශනා ඥාන පසක්කර ගනිමින් නාම රූප පරිච්ඡේද ඥාන ඈ වෙසෙස් ලබා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලබාගැනීම සඳහා භාවනා කිරීම.
3.  චතූ සම්පජඤ්ඤය ඃ- සාර්ථක, සප්පාය, ගෝචර, අසම්මුල්හ යන ප්‍රඥා 4කින් මනසිකාර කිරීම. දින චරියාව 7 කට බෙදා එහි ඇති අභික්කන්තේ, පටික්කන්තේ, ආලෝකිතේ, විලෝකිතේ, සම්මිඤ්ජිතේ, පසාරිතේ, සංඝාපටිපත්ත චීවරධාරනේ, අසිතේ පිතේ, ඛායිතේ, සායිතේ, උච්චාර පස්සාව කම්මේ, ගතේ, ඨිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ තූණ්හිභාවේ යනුවෙන් ඇති කොටස් ඉහත කී ප්‍රඥා 4 න් මනසිකාර කරමින් භාවනා කිරීම.
4.  පටික්කූල මනසිකාර ඃ- ඉහත දක්වා ඇති අයුරු දෙතිස් කූණුප කොට්ඨාශයන්ගේ පිළිකූල (පිළිකූල් භාවනාව) මෙනෙහි කරමින් විදර්ශනාව පාදක කරගනිමින් නිවන් ඵල ලබාගැනීම් වස් භාවනා කිරීම.
5.  ධාතූ මනසිකාර ඃ- ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර භූතයන් ධාතූ ස්වරූපයෙන් ගෙන මනසිකාර කිරීම. ධාතූ කර්මස්ථාන සිහියෙන් භාවනා කිරීම.
නවසීවතිකය ඃ-  දශ අශූභයේදී පෙන්වා දුන් පරිදි  කයේ අශූභ භාවය ගැන මනසිකාර කිරීම. කර්මස්ථාන 9 කි.
6.  අ. උද්ධු මාතක,  - පිම්බී ඉදිමීගිය මළසිරුර
7.  අ. විනීලක,        - නිල්පාට ගැන්වීගිය මළසිරුර
8.  ඇ. විපුබ්බක,       - පිම්බී, නිල්වී සැරව ගලන මළසිරුර
9.  ඈ. විවිජිද්දක,      - කැපී වෙන්වී ගිය මළසිරුර
10. ‘’ඉ. වික්කායිතක,   - තැනින් තැන කැඩී සතූන් කා දැමූ මළසිරුර
11. ඊ. වික්ඛිත්තක,    -  සතූන්  විසින් මුළුමනින්ම කා දැමූ මළසිරුර
12. උ. හත වික්ඛිත්තක, -  කැබලි කැබලි වලට පෙති ගසා කපන ලද   සිරුර
13. ඌ. ලෝහිතක,      - ලේ ගලමින් තිබෙන මළසිරුර
14. එ .පුලවක,        - පනුවන් නලියමින් තිබෙන මළසිරුර


(2) වේදනානු පස්සනාව  කර්මස්ථාන 9 කින් සමන්විතය.  වේදනාව 9 ආකාරයකට කර්මස්ථාන ලෙස ගෙන බලා විපස්සනා කිරීම.
15.  සුඛ ඃ- දැනීම සුඛයක් ලෙස ගෙන කරණ මනසිකාරය.
16.  දුක්ඛ ඃ- දැනීම දුකක් ලෙස ගෙන කරණ මනසිකාරය.
17. උපේක්‍ෂා ඃ- දැනීම උපේක්‍ෂාවක් ලෙස ගෙන කරණ මනසිකාරය.
18. සාමිස සුඛ ඃ- දැනීම සැපදායී සුඛයක් ලෙස ගෙන කරණ මනසිකාරය.
19.  සාමිස දුක්ඛ ඃ- දැනීම දුක්ඛදායී දුකක් ලෙස ගෙන කරණ මනසිකාරය.
20. සාමිස උපේක්‍ෂා ඃ- දැනීම සැපදායී උපේක්‍ෂාවක් ලෙස ගෙන කරන මනසිකාරය.
21. නිරාමිශ සුඛ ඃ- දැනීම ලාභයෙන් තොර සැපයක් ලෙස ගෙන කරන මනසිකාරය.
22. නිරාමිශ දුඛ ඃ-   දැනීම ලාභයෙන් තොර දුකක්් ලෙස ගෙන කරන මනසිකාරය.
23. නිරාමිශ උපේක්‍ෂා ඃ-   දැනීම ලාභයෙන් තොර උපේක්‍ෂාවක්් ලෙස ගෙන කරන මනසිකාරය.

(3) චිත්තානු පස්සනාව ඃ-  එකම සිත 16 ආකාරයට බෙදා මනසිකාර කිරීම නොහොත් අනුපස්සනා කිරීම. මෙහිදී තම සිත පහත සඳහන් ආකාරයට සංයෝජනය හෝ විසංයෝජනය වී ඇති බව නොහොත් සම්පයුක්ත හෝ විප්පයුත්ත බව මෙනෙහි කිරීම. මෙහිදී තත් සිත සකස්වූ ස්වරූපය ගැන මනා අවබෝධයක් ලැබේ. රාග, දෝස, මෝහ යන අකූසල් මුල් සිතෙහි ඇති බව දැන හැඳින ඉන් සිත මුදවා ගැනීමෙන් ලැබෙන නිරාමිස සුවය ස්පර්ශ කර ගැනීමට හැකියාව ලැබේ. චිත්තානු පස්සනාව ඉතාමත් සියුම් (ූහඅරප ්‍ය පරඋඩඑනට) භාවනා ක්‍රමයකි.
24.  සරග සිත - රාගයෙන් යුතූ සිතක් දැයි අනුපස්සනා කිරීම.
25.  වීතරාග සිත - රාගය නැති සිතක් දැයි අනුපස්සනා කිරීම
26.  සදෝස සිත - ද්වේෂයෙන් යුතූ සිතක් දැයි අනුපස්සනා කිරීම
27.  වීතදෝස සිත - ද්වේෂය නැති  සිතක් දැයි අනුපස්සනා කිරීම
28.  සමෝහ සිත - මෝහයන් යුතූ සිතක් දැයි අනුපස්සනා කිරීම
29.  වීතමෝහ සිත - මෝහය පහවගිය සිතක්දැයි අනුපස්සනා කිරීම.
30.  සංඛතන සිත - විසිර ගිය සිතක් දැයි අනුපස්සනා කිරීම
31.  වික්ඛතන සිත - විසිර නොගිය සිතක් දැයි අනුපස්සනා කිරීම
32.  මහග්ගත සිත - උසස් වූ සිතක් දැයි අනුපස්සනා කිරීම
33.  අමහග්ගත සිත - උසස් නොවූ සිතක් දැයි අනුපස්සනා කිරීම
34.  සඋත්තර සිත - අකූශලයන් ඉක්ම නොගිය සිතක් දැයි අනුපස්සනා කිරීම
35.  අනුත්තර සිත - කූශලයන් ගෙන් යුත් සිතක් දැයි අනුපස්සනා කිරීම
36.  සමාහිත සිත -  එකඟ වූ සිතක් දැයි අනුපස්සනා කිරීම
37.  අසමාහිත සිත -  එකඟ නොවූ සිතක් දැයි අනුපස්සනා කිරීම
38.  විමුත්ත සිත - නිදහස් වූ සිතක් දැයි අනුපස්සනා කිරීම
39.  අවිමුත්ත සිත - නිදහස් නොවූ සිතක් දැයි අනුපස්සනා කිරීම

‘තම සිත රාගී සිතක්ද විරාගී සිතක්ද, ද්වේෂයෙන් යුතූ සිතක්ද, ද්වේෂය නොමැති සිතක්ද, මෝහයෙන් යුතූ සිතක්ද, මෝහය පහව ගිය සිතක්ද, උක්ත කාරණා තූන මත විසිර ගිය සිතක්ද නොවිසිරුනු සිතක්ද, ඵලයන් ගෙන් උසස් වූ සිතක්ද, උසස් නොවූ සිතක්ද, අකූශලයන්් ඉක්මගිය සිතක් ද අකූශලයන්් ඉක්ම නොගිය සිතක් ද, කූශලයන් ගෙන් යුක්ත එකඟවූ සිතක්ද ඒකාග්‍ර නොවූ සිතක්ද, නිර්වාන සංඛ්‍යාත ධර්මය කෙරෙහි යොමුවන්නට සියළු සංයෝජනයන් ගෙන් නිදහස් සිතක්ද එසේ නිදහස් නොවූ සිතක්ද යනුවෙන් විදර්ශනා මාර්ගයෙන් සිත  වඩවා ගැනීම චිත්තානු පස්සනාවයි.

(4) ධම්මානු පස්සනාව ඃ-  නිවන් පසක් කරගැනීම සඳහා කරණු ලබන ඉතාම උසස්,  උතූම්, එමෙන්ම ප්‍රඥා, ඥාන, විශාල ප්‍රමාණයක් ලබා ගතහැකි භාවනා මාර්ගයකි. මෙය කර්මස්ථාන 5 කින් සමන්විතය.

40. නීවරණ විදර්ශනා ඃ- කාම ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ද, උද්දච්ච, කූක්කූච්ච, විචිකිච්ඡා යන නීවරණ ධර්ම 5 නිවන අවුරා සිටී.  සිතේ ඇති මේ නීවරණ ධර්ම ගැන මනසිකාර කිරීම නීවරණ විදර්ශනාවයි. මෙකී නීවරණ ධර්ම තමා ලඟ ඇති බව හා නැති බව අනුපස්සනා කිරීම, නීවරණ ධර්ම හටගන්නා හේතූ අනුපස්සනා කිරීම, නීවරණ ධර්ම ප්‍රහානය වන හේතූ අනුපස්සනා කිරීම, ප්‍රහානයවූ පසු නැවත නූපදනා බව අනුපස්සනා කිරීම යනාදී වශයෙන්  කර්මස්ථාන ස්වරූපයෙන් විදර්ශනාව පාදක කරගෙන භාවනා කිරීම.

41. ස්කන්ධ විදර්ශනාව ඃ- මෙය අංග 5 කින් සමන්විතය. ‘රූප උපාදාන ස්කන්ධය, ‘වේදනා උපාදාන ස්කන්ධය,  සංඥා උපාදාන ස්කන්ධය,  සංඛාර උපාදාන ස්කන්ධය,  විඤ්ඤාන උපාදාන ස්කන්ධය,  යන මේවා ඇතිවෙන හැටි මෙනෙහි කිරීම, නැතිවෙන හැටි මෙනෙහි කිරීම, නැවත උපාදාන නොවන ආකාරයට මෙනෙහි කිරීම යන තූන් ආකාරයට උපාදාන ස්කන්ධ පංවකය 15 ආකාරයට මනසිකාර කිරීම.

42.  ආයතන විදර්ශනාව ඃ- ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන අධ්‍යාත්මික ආයතන 6 ට අමතරව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන භාහිර ආයතන 6 ත් ඇතූළුව මුළු ආයතන 12 ගැනම මනසිකාර කරමින් මේ ආයතන 12 නිසා ඇතිවන දස සංයෝජන ධර්මයන් ඇතිවෙන හැටි, නැතිවෙන හැටි, නැවත නූපදනා අයුරු ප්‍රහානය වන හැටි වශයෙන් අනුපස්සනා කරමින් විදර්ශනා ඥාන පාදක කරගෙන නිවන් අරමුණු කිරීම් වස් භාවනා කිරීම.



43.  බොජ්ඣඬග විදර්ශනාව ඃ- බෝධියට අංග වූ හෙයින් බොජ්ඣඬග නමි. සති, ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සදි, සමාධි, උපේක්ක්‍ෂා යන මෙකී බෝධි අංගයන් එකින් එක ගෙන මනසිකාර කිරීම බොජ්ඣඬග විදර්ශනාවයි.

43.1.  සති බොජ්ඣඬගය ඃ- තමා සති සම්පජඤ්ඤයෙන් යුතූවන බව දැනිමට සිහිය එළඹවා ගැනීම් ප්‍රකාර තමා තූල බෝධි අංගයක් වන සිහිය ඇතැයි දැන ගැනීම, නැතිනම් නැතැයි යන්න දැන ගැනීම, නූපන් සති සම්බොජ්ඣඬගයේ් ඉපදීමක් වේද එය දැන ගැනීම, එමෙන්ම උපන්නාවූ සති සම්බොජ්ඣඬගයේ වැඩීමක් වේද එය දැන ගැනීම යන ආකාරයෙන් සතර ආකාරයට බෝධියට අංගවූ සතිය වැඩීම කළයුතූයි.

43.2.  ධම්ම විචය බොජ්ඣඬගය ඃ-  ධම්ම විචය යනු ප්‍රඥාවයි. තමා තූල බෝධියට අංගවූ ප්‍රඥාව වන ධම්ම විචය බොජ්ඣඬගය ඇත යයි දැනගනී, එය නැතිනම් නැත යයි දැනගනී, නූපන් ධම්ම විචය සම්බොජ්ඣඬගයේ ඉපදීමක් වේද එය දැනගැනීම, යම් හෙයකින් උපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣඬගයේ වැඩීමක් වේද එය දැනගනී යනුවෙන් ප්‍රඥාව සතර ආකාරයට තමා වෙත භාවනානුකූලව වඩවා ගැනීම.

43.3.  විරිය බොජ්ඣඬගය ඃ- සම්මා වායාමයේදී ඇතිකරගත යුතූ වීර්්‍යය  ඇති කරගැනීමට විරිය බොජ්ඣඬගය වැඩීම කල යුතූයි. මෙම විරිය සම්බොජ්ඣඬගය තමා තූල ඇතැයි දැන ගැනීම, නැතිනම් තමා තූල නැතැයි දැන ගැනීම, නූපන්නාවූ විරිය සම්බොජ්ඣඬගයාගේ ඉපදීමක් වේනම් එයද දැනගැනීම, යම් අයුරින් උපන්නාවූ විරිය සම්බොජ්ඣඬගයාගේ වැඩීමක් වේද එයද දැන ගැනීම යන හතර ආකාරයකට වීර්්‍යය ගැන කරණ විපස්සනා භාවනාව.

43.4.  ප්‍රීති බොජ්ඣඬගය ඃ-  නීවරණ ධර්මයන්ගේ යටපත් වීමෙන් ඇති වන ප්‍රීතිය මත සති, ධම්මවිචය හා විරිය යන සම්බොජ්ඣඬගයන්් ඇතැයි යන ප්‍රීතිය  තමා තූල ඇතැයි දැන ගැනීම, ප්‍රීති සම්බොජ්ඣඬගය තමා තූල නැතිනම්  නැතැයි දැන ගැනීම, නූපන්නාවූ ප්‍රීති සම්බොජ්ඣඬගයාගේ ඉපදීමක් වේනම් එයද දැනගැනීම, යම් අයුරින් උපනානාවූ ප්‍රීති සම්බොජ්ඣඬගයාගේ වැඩීමක් වේද එයද දැන ගැනීම යන හතර ආකාරයකට ප්‍රීති සම්බොජ්ඣඬගය වැඩීම.

43.5.  පස්සදි බොජ්ඣඬගය ඃ-  කාය පස්සදි, චිත්ත පස්සදි යනුවෙන් ක්ලේශ ධර්මයන්ගේ ප්‍රහීනයවීම නිසා සිත, කය යන දෙකේ ඇතිවන  සන්සුන් කම හා සැහැල්ලුබව අනුව සිතේ පැහැදුනු ස්වභාවය ඇතිබව දැනීම, සංසිදුනු බව නැතිනම් නැති බව දැනගැනීම, උපදවා ගන්නේ කෙසේද යන්න දැන ගැනීම, එය සිදු කරන්නේ කෙසේද එය වඩා වර්ධනය කරන්නේ කෙසේද යන්න දැන ගැනීම යන අයුරින් පස්සදි සම්බොජ්ඣඬගය 4 ආකාරයකට වැඩිය යුතූයි.

43.6.  සමාධි සම්බොජ්ඣඬගය ඃ-  පස්සදි සම්බොජ්ඣඬග  යෙන් සංසිඳුනු සිත එක අරමුණක පවතින බවත් සිත විසිර නොයන බවත් ඒකග්ගතා චෛතසිකය අනුව සිත එක අරමුණකට අරමුණුවන බවත් දනිමින් සමාධි සම්බොජ්ඣඬගය ඇතැයි යනු දැන ගැනීම, සමාධි සම්බොජ්ඣඬගය නැතිනම් නැතැයි යනු දැන ගැනීම, උපදවා ගන්නේ කෙසේදැයි දැන ගැනීම, උපදවා ගන්නා ලද සමාධි සම්බොජ්ඣඬගයේ වැඩීමක් වේද එය දියුණු කරගන්නේ කෙසේද යන්න දැනගැනීම් වශයෙන් සමාධි සම්බොජ්ඣඬගය වැඩිය යුතූයි.

43.7  උපේක්ක්‍ෂා සම්බොජ්ඣඬගය ඃ-  ඉතිරි බොජ්ඣඬග  6 ම එකකට එකක් බල දුබල නොව සමව පවත්වා ගැනීම් වස් මැදිහත් බව දරණ තත්‍රමංජතා චෛතසිකය උපේක්‍ෂා සම්බොජ්ඣඬගයයි. උපේක්‍ෂාව තමා වෙත ඇතිබව, නැතිබව, ඉපදීමක් වේ නම් ඒ බව හා උපන් උපේක්‍ෂාව වඩා වර්ධනය කරගැනීම යන 4 ආකාරයට මෙම බොජ්ඣඬගයද වැඩිය යුතූයි. මෙය ඒකග්තා චෛතසිකයේ මැදහත් බවයි.

44.  ආර්්‍ය සත්‍ය විදර්ශනාව ඃ-  විදර්ශනා කමටහනේ අවසාන කමටහන වන මෙය ධම්මානු පස්සනාවේ 5 වන අංගයයි. බුද්ධ දේශනයේ ඇති නෛර්්‍යානික ධර්මයයි. ‘පරම සත්‍යයයි. මෙය ප්‍රභේද 4 කින් සමන්විතයි. ‘දුක, දුකට හේතූව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන සත්‍ය සතර ගැන මනසිකාර කරමින් භාවනා කිරීම ආර්්‍ය සත්‍ය විදර්ශනාවයි.
44.1. දුක්ඛ සත්‍යය ඃ-  දුක දුක්ඛ, විපරිනාම දුක්ඛ, සංකාර දුක්ඛ යනුවෙන්  දුක්ඛ සත්‍ය කොටස් 3 කි.
සංඛාර දුක්ඛ ඃ- සංඛාර දුක්ඛ යනු සියළු සංස්ඛාර ධර්මයන්ගේ වෙනස්වන සුළු භාවය නිසා ඇතිවන දුකයි. ්් සබ්බේ සංඛාරා දුක්ඛා  ්් යනුවෙන් දක්වා ඇත.  සියළු සංකත (අජ්ජත්ත, බහිද්ද) ධර්මයන් අනිත්‍යය.  ්් අනිච්චා වත සංඛාරා  ්් යනුවෙන් දක්වා ඇති පරිදි සකස් වන ලද කිසියම් ධර්මතාවයක් වෙතොත් එය සකස් විමේදීම විසංකත භාවයද අන්තර්ගත වන හෙයින් එහි පැවැත්ම නිත්‍ය නොව අනිත්‍යවේ. මෙකී වෙනස්වන සුළු භාවය හෙවත් නිත්‍ය නොවන ස්වභාවය දුක් ඇතිකරන්නකි.
විපරිනාම දුක්ඛ ඃ-   ඇතිවීම, වැඩිවීම, අඩුවීම යන කාරණා නිසා සියල්ල තිබූ ස්වරූපයෙන් වෙනස්ව අනෙක් ස්වරූපයක් ගනී. අනිත්‍ය ධර්මතාවය මත පරිනාමය වී ගන්නා වෙනස් ‘ස්වරූපය නිසා  ඇතිවන දුක විපරිනාම දුක්ඛයයි.  තිබූ ස්වරූපයෙන් කිසිදු ධර්මතාවයක් දිගූ කලක් එක දිගට නොපැවතීම විපරිනාම ස්වභාවයයි. මෙය සකස් නොකල සිතට දුක් ගෙන දෙන්නකි.
දුක දුක්ඛ ඃ- සච්ච විභංග සූත්‍රයේ පෙන්වාදී වදාල පරිදි දුක දුක්ඛය යනු ජාති, ජරා, ව්‍යධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේ නොලැබීම, සංක්‍ෂිප්ත වශයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන යන පංච උපාදානස්කන්ධයේ ඇති දුක්ඛ ස්වභාවයයි.  දුක ගැන විග්‍රහ කිරීමේදී පටිච්ච සමුප්පාදය (ඪඑපඑනඩඑනට ුරඉගඉනඅටඉඔන) ගැන මනා දැනුමක් ලබාගත යුතූමැයි. හේතූ, ආරම්මන, අධිපති ආදී 24 ආකාර පච්චයා යනුවෙන් ගැනෙ ප්‍රත්‍යවීම පරාමරණ, සෝක පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයේ සිට අවිද්‍යාව දක්වා 12 ආකාරයෙන් පටිච්ච සමුප්පන්නවෙයි. පටිච්චසමුප්පාදානුකූල දුක ඇතිවීම මෙසේ වෙයි.
අවිද්‍යා  පටිච්ඡසමුප්පාදය ගැන නොදැනීම නොහොත් සියළු සංස්ඛාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව සම්පූර්ණ වශයෙන් නොදැනීම නිසා  ( අවිද්‍යාව සහමුලින්ම තූරන් වන්නේ අර්හත් මාර්ගයේ දීය)
සංඛාර  නොහොත් කර්ම රුස්කරයි, 1 කාය සංඛාර, 2 වචී සංකාර, 3 මනෝ සංඛාර වශයෙන් ගැනෙන මෙය පුඤ්ඤාභි සංඛාර, අපුඤාඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර වශයෙන් කර්ම සකස්වේ.  සංඛාර හේතූවෙන්
විඤඤාණ නොහොත් පුරාණ කර්මයට අනුරූප සිත් සකස්වේ. මෙය ප්‍රතිසන්ධි විඤ්ඤානයි (චුති චිත්තයෙන් අනතූරුව ඇතිවන ප්‍රතිසන්ධි සිතයි – නේහොත් අවසාන ජවනය චිත්තක්‍ෂනයයි) නොහොත් යළි ඉපදීමක් ඇතිකිරීම සඳහා කර්මානුරුපීව ඇතිවන සිතයි.  විඤඤානය හේතූවෙන්
නාම-රූප නොහොත්  පංච ස්ඛන්ධයන් පහලවේ. ප්‍රතිසන්ධි විඤ්ඤානය මවුකූසක පළිසිඳගැනීමයි.
නාමඃ-  1 වේදනා
         2 සංඥා
         3 චේතනා
4 පස්ස
5 මනසිකාර
රූපඃ-   සතර මහා භූත  හා  ඒ හා ගැනෙන උපාදාය රූප 24 යි. නාමරූප හේතූවෙන්
සලායතන නොහොත් ඇස,කණ,නාසය,දිව,ශරීරය හා මනස යන ඉනද්‍රිය 6 පහලවේ (ඛන්ධානං පාතූභාවෝ ආයතනං පටිලාභෝ) සලායතන හේතූවෙන්
පස්ස නොහොත් ඉනද්‍රියන් ගෙන් අරමුණු ගැනීම් වශයෙන් වන ස්පර්ශය හටගනී. ස්්පර්ශය හේතූවෙන්
වේදනා නොහොත් දැනීම ඇතිවේ. දැනීම  හේතූවෙන්
තණ්හා (ඇලීම) නොහොත් යොමුවීම ප්‍රකාර ආශාව හා ඇලීම  ඇතිවේ. ඇලීම හේතූවෙන්
උපාදාන (බැඳීම) නොහොත් අල්ලාගැනීම ඇතිවේ. උපාදාන හේතූවෙන්
1 කාම උපාදාන,
2 දිට්ඨි උපාදාන,
3 සීලබ්බත උපාදාන,
4  අත්තවාද උපාදාන
භව (නැවත ඉපදීමේ ශක්තිය –වන නාම රූප දෙක නිරුද්ධ නොකර ගැනීම නිසා )නොහොත් කර්මභව ප්‍රධාන උප්පත්තිභව විපාක වීම සිදුවේ.  ( උත්පත්ති චේතනා යයි ගැනේ)
1 කාම භව ගැන කර්ම සකස් වීම
2 රූප භව ගැන කර්ම සකස් වීම
3 අරූප භව ගැන කර්ම සකස්වීම
‘භව නිරුද්ධවීම යනු නාම රුප පහල නොවීමයි. රහතන් වහන්සේට නාම රුප පහල නොවීම නිසා උත්පත්ති භවයක් සකස්නොවේ. භව හේතූවෙන්
ජාති නොහොත් පහලවිම (උත්පත්තිය) සිදුවේ. ජාතිය හේතූවෙන් සංසාර දුක්ඛය වන ජාති,
ජරා මරණ, සෝක, පරිදේව ආදී සකල විධ දුක්ඛ ස්ඛන්ධයෝ ඇතිවේ.
මෙම දුක්ඛ ස්වභාවය ගැන මනසිකාර කරමින් භාවනා කිරීම ප්‍රථම ආර්්‍ය සත්‍ය විදර්ශනාවයි.

44.2. සමුදය සත්‍යය ඃ- දුකට හේතූව ගැන මෙනෙහි කරමින් විදර්ශනා ඥාන කූළු ගැන්වීම සමුදය සත්‍ය භාවනාවයි. සච්ච විභංග, චුල්ල වේදල්ල ආදී සූත්‍රයන්හි දැක්වෙන පරිදි දුකට හේතූව තෘෂ්ණාවයි.  ්් යායං තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දනී සෙයියතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා  ්් යනුවෙන් දුකට හේතූව කාම, භව, විභව කෙරෙහි ඇති තෙවැදෑරැම් තෘෂ්ණාව යයි අනුදැන වදාරා ඇත. සියළු ආකාර කාමයන්හි, සියළු ආකාර භවයන්හි, සියළු ආකාර විභවයන්හි ඇලීමට, විඳීමට, ඉපදීමට ඒවා යලි යලි ලැබීමට ඇති කැමැත්ත, හා සැප යයි රාග සහිතව යලි යලිත් ඇලීමත්, සුඛය, ආත්මීය, නිත්‍යය වශයෙන් අභිනන්දනය කරමින් හැසිරීමට ඇති කැමැත්ත සියළු දුක් වලට මුලයි. දුකට හේතූව ගැන මනසිකාර කරමින් භාවනා කිරීම දෙවන ආර්්‍ය සත්‍ය විදර්ශනාවයි.
1. කාම තණ්හා ඃ- රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම සම්පත්තියෙහි හෙවත් සියළු ආකාර කැමැත්තෙහි ඇලීම කාම තෘෂ්ණාවයි. කාම යනු කැමැත්තයි, තෘෂ්ණාව යනු යොමුවීමයි. පංච ඉන්ද්‍රියයන් ගෙන් ගන්නා ආරම්මනයන්හි කෙරෙහි ඇති කැමැත්තට යොමුවීමත් සියළු ආකාර කාම භවයන්හි ඇලීමත් කාම තණ්හාවයි. වස්තූ කාම, ක්ලේශ කාම යනුවෙන් දෙයාකාරවේ.
2. භව තණ්හා ඃ- ජීවිතයට ඇති ආශාව, නැවත නැවත ඉපදීමට ඇති ආශාව, මෙම භවය පතා සිටීම, භවය, ජීවිත ආශාව අත්නොහැරීම, භවයෙහි (සංසාරයෙහි) සැරිසැරීමට ඇති ආශාව, ආත්මයක් ඇතැයි සිතා ශාස්වත දෘශ්ඨිය සමග යෙදෙන රූපාරූප භවයන්හි ඉපදීමත් එහි ඉපිද සදාකාලික සැප විඳීමටත් ඇති ආශාව භව තණ්හාවයි. කූමන භවයක් අරමුණු කරගෙන හෝ පැවතීමට ඇති ආශාව භව තෘෂ්ණාවයි.
3. විභව තණ්හා ඃ-  මේ භවයෙන් තොර වෙනත් භවයක් නැත නොහොත් උච්ඡේද දෘෂ්ඨිය හා බැඳුනු මේ ආත්මය සමග සියල්ල නැතිවෙනවා, යළි උපතක් නැත මේ භවය පමණක් ඇතැයි යන විශ්වාශය නිසා මේ භවයේ රුඳී සිටීමට ඇති බලවත් තණ්හාව විභව තෘෂ්ණාවයි. අටුවාචාරීන් වහන්සේලා දක්වා ඇති පරිදි භව යනු සිදුවීමටත්, විභව යනු සිදු නොවීම පැතීමටත් ඇති තෟෂ්ණාවයි. බුද්ධ දේශනය සම්මුතියෙන් පරමාර්ථය කරා ලඟා විය යුත්තකි. නොවැටහීම නිසා සම්මුති වශයෙන් ගත්තද, සියළු දෑ පරමාර්ථ ධර්මයෝ මැයි. එහෙයින් කාම, භව, විභව පරමාර්්ථ වශයෙන් ගලපා බැලීම යෙහෙකි. ඒ සඳහා උපහැරණයක් ගෙන දක්වතොත් සුනකයෙකූ ලේ තැවරුන මස් කටුවක් දැක ඒ ඩැහැගැනීමට යොමුවීම කාම තණ්හාව ලෙසත්, එම මස් කටුව තමා සතූ කොටගෙන දෙපයින් මැඩ ආශාවෙන් ලෙව කෑම භව තණ්හාව ලෙසත්,  එය තවෙකෙකූ ඩැහැගනී හෝ එය තමනට නොලැබී යයි සිතා ගොරවමින් ඒ වෙතම යොමුවීම විභව තණ්හාව ලෙසත් ගෙන සලකා බැලිය හැකියි.

44.3. නිරෝධ සත්‍යය ඃ-  තෘෂ්ණාව සහමුලින් නිරුද්ධ කිරීම් වශයෙන් දුකින් මිදීම නිරෝධයයි. ්්තණ්හා අසේස විරාග නිරෝධෝ, චාගෝ, පටින්ස්සග්ගෝ, මුක්ති, අනාලයෝ  ්් වශයෙන් කාම, භව, විභව තණ්හාවන් සහමුලින් අත්හැරීමටත්, යලි යලිත් ඒ ගැන සොයා නොබැලීමත්, යලි විපරම් නොකිරීමත්, යලි නොඇලීමත්, යලි නොගැටීමත්, එකී තෘෂ්ණා වන්ගෙන් ඉවත් වීමත්, යලිදු ආශාවක් කැමැත්තක් නැති බවත් මනසිකාර කරමින් තෘෂ්ණාව සහ මුලින්ම දුරු කිරීම නිරෝධයයි. මෙම නිරෝධය ගැන විශේෂයෙන් දකිමින් භාවනා කිරීම තෙවන ආර්්‍ය සත්‍ය භාවනාවයි.

44.4.  මාර්ග සත්‍යය ඃ- දුක නැතිකිරීමේ මාර්ගය වන ආර්්‍ය අශ්ඨාංගික මාර්ගය සතරවන ආර්්‍යය සත්‍යයයි. ඒ ගැන මෙනෙහි කරමින් කරන භාවනාව ආර්්‍යය සත්‍ය විදර්ශනාවේ හතරවන අංගයයි. මෙය විදර්ශනා කර්මස්ථාන වල අවසාන අංගයද වෙයි.  ්් ඉති තේ භික්ඛවේ උභෝ අන්තේ අනිපගම්මා, මජ්ජිමාපටිපදා තථාගතේන අභිසම්බුද්ධා, වක්ඛුකරණී, ඥානකරණී, උපසමාය. අභිඥාය, නිබ්බානාය සංවත්තතී ති  ්් යනුවෙන් කාම සුඛල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය  යන අන්ත දෙකටම අයත් නොවන මධ්‍යම ප්‍රතිපදාව වන මෙම ආර්්‍ය අශ්ඨාංගික මැදුම් පිළිවෙත ධම්ම චක්කපවත්තන සුත්‍රයේ මෙසේ අංග අටකින් දක්වා ඇත.

44.4.1.  සම්මාදිට්ඨි. ඃ-  අනිත්‍ය  දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය ගැන වැටහීම, කර්මය හා කර්ම ඵලය ගැන ඇති කම්මස්සකථ සම්මාදිට්ඨියත්, චතූසච්ච කත යන චතූරාර්්‍ය සත්‍යය පිළිබඳ ඇති යහපත් දැකීමත් සම්මා දිට්ඨියයි.  ‘එනම්   ්් දුක්ඛේ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං, දුක්ඛ නිරෝධේ ඤාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඤාණං  ්් යනුවෙන් දුකත්, දුකට හේතූවත්, දුක නැති කිරීමත්, දුක නැති කිරීමේ මාර්ගයත් ගැන ඇතිවන යහපත් දැකීමයි. නිර්වානයට ඒකායන මාර්ගය එය බවත්, පංව උපාදානස්කන්ධය යනු සක්කාය දිට්ඨිය බවත් එවිට වැටහීයයි. මෙතැනදී කම්මස්සකත සම්මා දිට්ඨිය යනු කර්මය හා කර්ම ඵලය ගැන තබන විශ්වාශයයි.   චේතනාවක් සම්බන්ධවී සිදුවන විඥ්ඥප්ති කර්මයත් වේතනාවක් නොගැලපී සිදුවන අවිඥප්ති කර්මයත් යනුවෙන් දෙයාකාරයි.
විපාකදෙන පිළිවෙල අනුව 4 ආකාරවේ. (1) ගරුක කර්මය - භවයක් (ජනක) සකස් කිරීමට බලපාන බලවත්ම කර්මය ලෙස මුලින්ම ගැනෙන කූසල පක්‍ෂයේ අෂ්ඨ සමාපත්ති යත් අකූසල පක්‍ෂයේ ගැනෙන පංචානන්තර්්‍ය කර්්මයත් ගරුක කර්මවේ. (2) ආසන්න කර්මය – මරණාසන්න මොහොතේ සිදුකරගත් හෝ සිතාගත් කර්මය. (3) ආචින්න කර්මය -– (යබ්බහුල කර්මය) බහුල වශයෙන් පුරුදු පුහුනුකල කර්මය. (4) කටත්තා කර්මය -– දුර්වල කර්ම ගනයේලා ගැනෙන මෙය ඉහතකී කර්ම 3 නැති අවස්ථාවේ බලපැවැත්වේ.
කෘත්‍ය ස්වරූපයෙන් ප්‍රභේද 4කි.  (1) ජනක කර්මය -– උත්පත්තියක් ලබාදීමට සමත් කර්මයයි. කම්මක්‍ෂය මරණය යනු ජනක කර්මයේ බලය අවසන්වීමයි. (2) උපස්තම්භක කර්මය –- ජනක කර්මයට උදව්වක් ලෙස පැමිණෙන කර්මයයි. කූසල පක්‍ෂයේ නම් කූසලය වැඩිදියුනු කිරීමටත් අකූසල පක්‍ෂයේ නම් අකූසලය වැඩිදියුණු කිරීමටත් හේතූවේ. (3) උපපීඩක කර්මය -  ජනක කර්මයට බාධා පමුණුවන කර්මයයි. මෙයද කූසල අකූසල දෙපක්‍ෂයටම පොදුවේ. (4) උපඝාතක කර්මය -– උපඝාතක කර්මය මගින් ජනක කර්මයේ විපාකය සහමුලින්ම නවතා දමයි.
විපාක දෙන කාල වශයෙන් සිවු ආකාරයි. (1) දිට්ඨ ධම්මවේදනීය - මේ ආත්මයේදීම පලදෙනු ලබන කූසල හෝ අකූසල විපාක. (2) උපපජ්ජවේදනීය - දෙවන ආත්මයේදී විපාක දෙන කර්මය (3) අපරාපරියවේදනීය - තෙවන ආත්මයේ හෝ ඉඩලද අවස්ථාවක පලදෙන කර්මය (4) අහෝසි කර්ම – අර්හත් මාර්ගයත් සමග යලි භවයක් සකස්නොවීම නිසා විපාකදීමට අවස්ථාවක් නොලැබී අහෝසිවී යන කර්ම.

44.4.2.  සම්මා සංකප්ප ඃ-  සියළු කාමයන් ගෙන් වෙන්විය යුතූ යයි හැඟෙන නෙක්කම්ම සංකප්පයත් ( කල්පනාවත්), පර පණ නොනැසීම් ආදී අව්‍යාපාද සංකප්පයත් (කල්පනාවත්), හිංසා නොකිරීම් ආදී අවිහිංසා සංකප්පයත් (කල්පනාවත්) සම්මා සංකප්ප යටතට ගැනේ. මෙහිදී සියළු මිච්චා (වැරදි) කල්පනාවන් ගෙන් වෙන්වීමක් සිදුවේ.

44.4.3.  සම්මා වාචා ඃ-  යහපත්වූ සත්‍ය වචනයම කථා කිරීමත් බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම  ආදී ශික්‍ෂණයන් ලැබීමත් සම්මා වාචා වෙයි.

44.4.4 සම්මා කම්මන්ත ඃ-  සතූන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයන්හි වරදවා නොහැසිරීම, මදයට හා ප්‍රමාදයට හේතූවන රහ මෙර පානය නොකිරීම යනාදී යහපත් ක්‍රියාවන් (කර්මාන්තයන්)  වල යෙදීම.

44.4.5   සම්මා ආජීව ඃ-  ්්මිච්ඡා අජීවේ පහාය සම්මා ආජීවේන ජීවිකං  ්් යනුවෙන් යහපත් ආකාරයට දිවි පවත්වා ගෙනයෑම සම්මා ආජීවයයි. ගිහියන් විසින් ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා කලයුතූ රුකීරක්‍ෂා, ජීවන වෘත්තී හා ව්‍යාපාරයන් වන ගොවිතැන, පශූපාලනය, වෙළදාම,රාජ්‍යසේවය, ආදී යහපත් රැකියාවල නියැලීම මිස නොකළයුතූ රුකී රක්‍ෂා, වෘත්තීන් වන මස් පිණිස සතූන් වෙළඳාම, වහල් වෙළඳාම, වස විස වෙළඳාම, මත්පැන් වෙළඳාම ආදී නොකටයුතූ රැකියාවල නොයෙදීම. භික්‍ෂූන් විසින් අකටයුතූ ජීවන පැවැත්ම, භීක්‍ෂු ජීවිතයට අදාල නොවන වෘත්තීන් හා ව්‍යාපාර වල නොයෙදීම.

44.4.6  සම්මා වායාම  ඃ- නූපන් අකූසල් නොඉපදවීම, උපන් අකූසල් පහකිරීම, නූපන් කූසල් ඉපදවීම, උපන් කූසල් වැඩිදියුණු කිරීම යනාදී වශයෙන් ගන්නා යහපත් ව්‍යායාමය.

44.4.7.  සම්මා සති  ඃ-  ්් කායේ, කායානු  පස්සී විහරති සතිමා වින්‍යෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස, වේදනා, වේදනානු පස්සී විහරති සතිමා වින්‍යෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස, චිත්තේ, චිත්තානු  පස්සී විහරති සතිමා වින්‍යෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස, ධම්මේ, ධම්මානු  පස්සී විහරති සතිමා වින්‍යෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස,  ්් යනුවෙන් කාය, වේදනා, චිත්ත, ධම්ම යන සතර සතිපට්ඨාන ධර්මයන්ගේ සිත අලවා සම්මා සතිය පිහිටුවා ගැනීම. මෙය සතර සතිපට්ඨාන භාවනාවයි.

44.4.8.  සම්මා සමාධි ඃ-  වස්තූ කාම ක්ලේශ කාමයන්ගෙන් වෙන්ව, පංච නීවරණ ධර්මයන්ගෙන් මුක්තව, විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන කූසල චිත්තය, විතක්ක විචාර සිඳීමෙන් අනතූරුව ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ද්විතීය ධ්‍යාන කූසල චිත්තය, ප්‍රීතිය සිඳීමෙන් උපේක්‍ෂා සහගතව සුඛ ඒකග්ගතා සහිත තෘතීය ධ්‍යාන කූසල චිත්තය, සුඛය (සැපය) සිඳීයාමෙන්  උපේක්‍ෂා වුයෙන් දුක් නොවූ සැප නොවූ උපේක්‍ෂා හා පිරිසිඳු සිහිය ඇත්තාවූ චතූර්ථ ධ්‍යාන කූසල චිත්තයට පැමිණ වාසය කරයිද මෙය සම්‍යක් සමාධිය යැයි සච්ච විභංග සූත්‍රයේ දක්වා ඇත. ප්‍රථම ධ්‍යාන සමාධිය, ද්විතීය ධ්‍යාන සමාධිය, තෘතීය ධ්‍යාන සමාධිය, චතූර්ථ ධ්‍යාන සමාධිය සතර සම්‍යක් සමාධීන් වේ. ප්‍රථම ධ්‍යාන සමාධිය පූර්වභාග කාමාවචර සමාධිය හැටියටත් දෙවන තෙවන සතරවන සමාධීන් රූපාවචර සමාධි ලෙසත් ගැනේ. අරූපාවචර ධ්‍යාන කූසල් සිත් අරූපාවචර ධ්‍යාන සමාධි නමි. මේ සමාධි සියල්ල ලෞකිකය. පුරුදු කරණ ලද සමාධීන් අතූරෙන් එක් සමාධියක් මාර්ගයාගේ අංගයක්ව මාර්ග චිත්තය හා තත් සම්ප්‍රයුක්ත ධර්මයත් නිර්වාන සංඛ්‍යාත ආරම්මණයන්හි මනාකොට පිහිටුචමින් ලෝකෝත්තර සම්්‍යක් සමාධියවූ මාර්ගාංගය පහල කරගනු ලැබේ. එය ආර්්‍ය අශ්ඨාංගික මාර්ගයයි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී වශයෙන් පිළිවෙළින් සතරවන අවස්ථාවෙිදී පහලවන  ලෝකෝත්තර අශ්ඨාංගික මාර්ගය අර්හත් මාර්ගය වෙයි.


ඉව. අපචායනා ඃ-  දස කූසල්වල 4 වන අංගයට ගැනෙන අපචායන යනු වැඩිහිටියන් පිදීමයි. ‘මා පිය, ගූරුවරු, පූජ්‍ය පූජිත, ඥාති, කූලයේ ජේෂ්ඨයන් ඇතූළු සියළු දෙනාට ගෞරව පුර්වකව පුද පූජා පැවැත්වීම, සැලකිලි කිරීම, සැලකිලි ලැබීමට සුදුසු තත්වයේ අයට ගරු බුහුමන් කිරීම අපචායනයයි. ‘පිදිය යුත්තන් පිදීම වන මෙය මහඟූ කූසල කර්මයකි.

ව. ව්‍යොවච්ච  ඃ- දස කූසල් වල 5 වන ස්ථානයට ගැනෙන මෙය සියළුම වැඩිහිටියන් වෙත උවටැන් කිරීමයි. අපචායනය කළ යුතූ අයට මෙන්ම අනෙකූත් උපකාර ලැබිය යුතූ ගිලනුන් ඇතූළු සියළු දෙනාකෙරෙහි මෙත් සිතින් යුතූව ගිලන් හෝ නොගිලන් අවසථාවේදී උවටැන් කිරීම, සාත්තූ සප්පායම් කිරීම, ගිලාන ප්‍රත්‍ය සපයාදීම ව්‍යොවච්චයයි. මහඟූ කූසල කර්මයක් වන මින් වතාවත් කිරීම අදහස් කෙරේ.

වඉ. පත්තිදාන  ඃ- පත්තිදාන යනු පින්දීමයි. පින් ලැබිය හැකි ස්ථානවල පින් බලාපොරොත්තූව සිටින දුර්වල ආත්ම ඇති අයටත්, පින් ලැබිය හැකි උසස් ආත්ම භාව ඇති අයටත්, ඥාති, නොඥාති මළගිය වර්ගයාටත්, දෙවි දේවතාවුන්ටත්, ශූද්ධ ආත්මභාව ඇත්තන්ටත්, ප්‍රේත භූත සමූහයාටත්, අනෙකූත් ආත්මභාව වල වෙසෙන සියළු සත්වයන්ටත් තමා විසින් කරණ ලද කූසල කර්මයේ බලයෙන් නිදුක්ව එකී දුර්වල ආත්ම වලින් මිදේවා යන්නත්, උසස් ආත්ම භාව ඇති සත්වයන් ඒ කූසල කර්මයේ බලයෙන් ප්‍රාර්ථනීය බොධියකින් නිර්වානය සාක්ක්‍ෂාත් කරගනීත්වා යනුවෙන් පින්දීම පත්තිදානයයි. පත්තිදානයෙන් පින් වඩා වර්ධනය වේ.

වඉඉ. පත්තානු මෝදනා  ඃ-  පත්තානු මෝදනා යනු පින් අනුමෝදන් වීමයි. ‘තමන් කල කූශල කර්මය අනුව මෝදනයට පත්වී චිත්ත ප්‍රීතිය ලබාගැනීමත්, අන් අය කල කූසල කර්මයන් දෙස බලා පිරිසිඳු සිතින් යුතූව ඒ පින් අනුව මෝදනයට (පිනායෑමට) පත්වීමත් පත්තානු මෝදනාවයි. මෙයද කූසල ධර්මයන්ගේ වැඩීමට ආධාර අනුබල දෙන්නකි.

වඉඉඉ. ධර්ම සවන  ඃ-  බණ ඇසීම කූසල් සිත් ඇතිවීමටත් ඇතිවූ කූසල් සිත් වඩාවර්ධනය වීමටත් හේතූවේ.  ්් කාලේන ධම්ම සවනං ්් යනුවෙන් මංගල කරුණු යටතටද ගැනෙන මෙය  ්් අස්සුතං සුනාති සුතං පරියෝ දපෙති කංකං විතරති  ්් යනුවෙන් දැක්වෙන පරිදි නොඇසූ දහම් පද ඇසීමට ලැබීමත්, ඇසූ දහම් පද වඩාත් ධාරණය වීමත්, සැක සංඛා විමති විචිකිච්ඡා දුරුවීමටත් හේතූ වන අතර නිවන් පසක් කර ගැනීමට ධර්මශ්‍රවනය හේතූවේ. පරතඝෝෂ ප්‍රත්‍යයෙන් යෝනිසෝ මනසිකාරයත් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියත් පළිවෙලින් සැකසේ.

ඉභ. ධර්ම දේශනා  ඃ-  ධර්ම දේශනයත් නිවනට මාර්ගයකි. දේශකයන් වහන්සේ විසින් ධර්ම ගෞරවයෙන් යුක්තව දේශනා කරණු ලබන ධර්මය කෙරෙහි සතිය පිහිටුවා භාවනා ස්වරූපයෙන් විදර්ශනා ඥාන වැඩෙන සේ බණ දේශනා කිරීම මගින් නිර්වාන සම්පත්තිය ලබාගත හැකිවේ.  මලියදේව මහරහතන් වහන්සේ හා නාගසේන රහතන් වහන්සේ බණ දේශනා කරමින් සිටියදී අර්හත් භාවයට පත්වූ අය අතරින් දෙදෙනෙකි.

භ. දිට්ඨිජ්ජුකම්ම  ඃ-  දෘශ්ඨිය සෘජු කිරීම මින් අදහස් කෙරේ් කර්මය කර්ම ඵල ගැන අදහා ධර්මය කෙරෙහි පැහැදිලි අචල දෘශ්ඨියක්  ඇතිකර ගැනීම නිසා සම්මා දිට්ඨිය පහලවී ධර්මඥානය දියුණුවේ. ්් දිට්ඨිං උජුංකරෝති චිත්ත මස්සං පසීදති  ්් යනුවෙන් දෘශ්ඨිය සෘජුවී සිත ප්‍රබෝධමත් වන බව සඳහන්වේ. මෙසේ සෘජු කරගත් දෘශ්ඨිය නිසා  ්් බුද්ධේ අවෙච්ච ප්‍රසාදේ ධම්මේ අවෙච්ච ප්‍රසාදේ සංඝේ අවෙච්ච ප්‍රසාදේ තින්නං රතනේ අවෙච්ච ප්‍රසාදේ   ්් යනුවෙන් බුදුන්, දහම්, සඟූන් යන ත්‍රිවිධ රත්නය කෙරෙහි තූන් සිත පහදා ගැනීමට හැකිවන බව ධර්මයේ දේශනා කර ඇත.  ශ්‍රද්ධා, සීල, සමාධි මාර්ගයෙන් නිර්වානයට ප්‍රවිශ්ඨ වීමට හැකිවන ආකාරයේ කූසලයක් වන දිට්ඨිඋජුංකම්ම දස කූසල් වල 10 වන අංගයයි.

 (3)   දස පාරමිතා  ඃ-   දස කූසල් මෙන්ම දස පාරමිතාද කූශල පක්‍ෂයේ ලා ගැනේ. පාරමිතා යනු පුරුදු පුහුණු කිරීමයි. කූසල ක්‍රියා පුරුදු පුහුණු කිරීම මින් අදහස් කෙරේ් පාරමිතා, උප පාරමිතා, පරමත්ත පාරමිතා යනුවෙන් තූන් ආකාරයකට පරිපූර්ණය කළයුතූවේ. බෝසතාණන් වහන්සේ  සාරාසංඛෙයිය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමිතා ධර්ම පුරුදු පුහුණු කලබව සඳහන්වේ.

3.1. දානපාරමිතා ඃ-   සියළු සත්වයන්ගේ සුඛිත මුදිත භාවය තකා හා ලෝභය දුරු කිරීම් වස් තම සතූ ධනය,  කළමනා, අංග පරිත්‍යාග කිරීම. ප්‍රතිග්‍රාහක පක්‍ෂයේ ගූණාගූණ ගැන නොසලකා ආමිස හා ප්‍රතිපත්තිමය වශයෙන් කරණු ලබන දානමය කර්මය හා එය යලි යලිත් පුරුදු පුහුණු කිරීම දාන පාරමිතාවයි.
3.2. ශීල පාරමිතා ඃ-  කය, වචනය පිරිසීඳු කිරීම් වස් අනේක විධ ශීල සමාදානය හා අවිහිංසාව පුරුදු පුහුණු කිරීම ශීල පාරමිතාවයි. මෙය චාරිත්‍ර හා වාරිත්‍ර වශයෙන් එනම් කූසලයේ පිහිටීම හා අකූසලයේ නොපිහිටීම චශයෙන් දෙයාකාරයි. කයේ වචනයේ හික්මීම උදෙසා පුරුදු පුහුණු කරණ ශීලය කූසල් පුරන නිවන් මාර්ගයකි.
3.3. නෙක්කම්ම පාරමිතා ඃ- සම්මා සංකප්පයට අයත් එක් සංකප්පයක් වන මෙය සියළු ඇලීම් බැඳීම් වලින් නිදහස් වීම් වස් පුරුදු පුහුණු කරණු ලබන ක්‍රියාවකි. නෛෂ්කර්ම පාරමිතාව මගින් සියළු කාම, ක්ලේශයන්ගෙන් ඈත් වීමක් ඉවත්වීමක් කරණු ලබන අතර එය සසර බැමි ලිහිල් කරයි.
3.4. ප්‍රඥා පාරමිතා ඃ-  තමා ඇතූළු සියළු සත්වයන්ට හිත සුව, අර්ථය පිණිස පවතින ධර්ම හා තමා ඇතූළු සියළු සත්වයන්ට අහිත, අනර්ථය පිණිස පවත්නා ධර්මතා මොනවට අවබෝධ කරගැනීම් වස් ඥානය දියුණු කිරීම සඳහා පුරණ පාරමිතාව ප්‍රඥා පාරමිතාවයි.
3.5. වීරි්‍ය පාරමිතා ඃ-   තමා ඇතූළු සියළු සත්වයන්ගේ හිත සුව පිණිස හා අන් අය සුවපත් කිරීම සඳහා කරණු ලබන වීර්්‍යයත්, පුරනු ලැබූ කූසල්,  පාරමිතා  නොපිරිහී තබාගැනීමටත්, නොපුරනු ලැබූ කූසල් පාරමිතා පුරා ගැනීමටත් කරණු ලබන නොපසුබස්නා උත්සාහය වීර්්‍යය පාරමිතාවයි.
3.6. ඛන්ති පාරමිතා ඃ-  තමා සමාදන්වූ ශීලයන් ආරක්‍ෂා කරමින් ඉවසීම පුරුදු පුහුණු කිරීම මින් අදහස් කෙරේ. තමන්ටත් අනුන්ටත් හිත සුව පිණිස අටලෝ දහමින් කම්පානොවී සිහි එලඹවා ගැනීමට පුරුදු පුහුණු කීරීම හා ඉවසා සිටීම ඛන්තී පාරමිතාවයි.
3.7. සත්‍ය පාරමිතා “ඃ-  බෝසතාණන් වහන්සේ සිය සංසාර ගමනේ සැම ආත්මයකදීම කඩ නොකොට පුරනලද්දාවූත්, පුහුණු කරණලද්දාවූත් ධර්මතාවයකි. කළදේම කීම, නොකළදේ නොකීම, නෙකීදෑ නොකිරීම් වස් වචනයේ බලය පිහිටුචා කටයුතූ කිරීමට පුරුදු පුහුණු කිරීම සත්‍ය පාරමිතාවයි.
3.8. අධිෂ්ඨාන පාරමිතා ඃ-  කිසියම් කාර්්‍යයක් නොපසුබස්නා වීර්්‍යයයෙන් යුතූව කිරීම සඳහා සිත සකස් කිරීම අධිශ්ඨානයයි. යම් වූ යහපත් දෙයක් කරම්හයි තිව්‍රෘ අදහසින් යුක්තව කටයුතූ කිරීමට ඉටා ගැනීමත්, පාප කර්ම නොකිරීමටත්, පුණ්‍ය කටයුතූ වල නියැලීමටත් ඉටා ගැනීම අධිෂ්ඨාන පාරමිතාවයි. මෙය කූසල් පූර්ණය කරණ මාර්ගයකි.
3.9. මෛත්‍රී පාරමිතා ඃ-  සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් කරණු ලබන ප්‍රාර්ථනය හා සියළු සත්වයෝ සුවපත් කිරීමේ අදහසින් කටයුතූ කිරීමට පුරුදු පුහුණු කිරීම මෛත්‍රී පාරමිතාවයි. පතල මහා කරුණාවෙන් හා වෙනස් නොවනු ලබන දයාවෙන් (උනසහඅකඑඅබලඑ ඛඉනඩනඑසස) කටයුතූ කිරීම මෙත්තාවයි.
3.10. උපේක්‍ෂා පාරමිතා ඃ-  මැදහත් සිතින් යුතූව කිසිදු ප්‍රති උපකාරයක් බලාපොරොත්තූ නොවෙමින් සියළු සතූනට පිහිටවීමට පුරුදු පුහුණු කිරීම හා සියළු දෑ සතූටින් නොවත්, නොසතූටින් නොවත් ලැබීමට පුරුදු කිරීම උපේක්‍ෂා පාරමිතාවයි. කිසිදු අපේක්‍ෂාවක් නොමැති මධ්‍යස්ථ භාවය ජිවිතයට පුහුණු කිරීම හා ජීවන පැවැත්ම.
 
(4) කූසල් සිත් 21  ඃ-  කූසලස්ස උපසම්පදා ගනයෙහි ලා ගැනෙන අවසන් අංගය වන්නේ කූසල් සිත් වඩා වර්ධනය කරගැනීමයි. මේ ආකාර කූසල් සිත් 21 ක් වේ. මේ එක් විසි කූසල චිත්තයෝ කාමාවචර කූසල් සිත් 8 කිනුත්, රූපාවචර කූසල් සිත් 5 කිනුත්, අරූපාවචර කූසල් සිත් 4 කිනුත්, ලෝකෝත්තර කූසල් සිත් 4 කිනුත්  සමන්විතයහ.


ඉ.  කාමාවචර කූසල් සිත් 8 ඃ- කාම ලෝකය ඇසුරු කරගෙන උපදනා සිත් සියල්ල මෙහිලා ගැනේ.
1. සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත අසංකාරික කූසල් සිත.
2. සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත සසංකාරික කූසල් සිත.
3. සෝමනස්ස සහගත ඤාණ විප්පපයුක්ත අසංකාරික කූසල් සිත.
4. සෝමනස්ස සහගත ඤාණ විප්පපයුක්ත සසංකාරික කූසල් සිත.
5. උපේක්‍ෂා සහගත ඤාණ සම්පයුක්ත අසංකාරික කූසල් සිත.
6. උපේක්‍ෂා සහගත ඤාණ සම්පයුක්ත සසංකාරික කූසල් සිත.
7. උපේක්‍ෂා සහගත ඤාණ විප්පපයුක්ත අසංකාරික කූසල් සිත.
8. උපේක්‍ෂා සහගත ඤාණ විප්පපයුක්ත සසංකාරික කූසල් සිත.
මෙකී සිත් සියල්ල සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, අමෝහ, තත්‍රමංජතා, කායපස්සදි, චිත්ත පස්සදි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගූඤ්ඤතා, චිත්ත පාගූඤ්ඤතා, කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා, මුදිතා, කරුණා, පඤ්ඤා යන චෛතසිකයන් සමග යෙදෙන කූසල් සිත් වෙයි.
ඉඉ.  රූපාවචර කූසල් සිත් 5 ඃ-  රූපයන්  ඇසුරු කරගෙන උපදනා සිත් මෙහිලා ගැනේ.
9.  ප්‍රථම ධ්‍යානය -–  විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන සිත.
10.  ද්විතීය ධ්‍යානය -–   විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා සහිත  ද්විතීය ධ්‍යාන සිත.
11.  තෘතීය ධ්‍යානය -–    ප්‍රීති, සුඛ, ඒකග්ගතා සහිත  තෘතීය ධ්‍යාන සිත.
12.  චතූර්ථ ධ්‍යානය -–      සුඛ, ඒකග්ගතා සහිත  චතූර්ථ ධ්‍යාන සිත.
13.  පංචම ධ්‍යානය -–       උපේකා ඒකග්ගතා සහිත  පංචම ධ්‍යාන සිත.
ඉඉඉ.  අරූපාවචර කූසල් සිත් 4 ඃ-  අරූප භවයන්  ඇසුරු කරගෙන උපදනා සිත් මෙහිලා ගැනේ.
14.  ආකාසානඤ්චායතනය.
15.  විඤ්ඤාණඤ්චායතනය.
16.  ආකිඤ්චඤ්ඤායතනය
17.  නේවසඤ්ඤානාසඤ්ඤායතනය.
ඉව.  ලොකෝත්තර කූසල් සිත් 4 ඃ-   ලෞකික නොවන්නාවූ ලෝකෝත්තර සිත් සතර.
18.  සෝතාපත්ති කූසල චිත්තය.
19.  සකදාගාමී කූසල චිත්තය.
20.  අනාගාමී කූසල චිත්තය.
21.  අර්හත් කූසල චිත්තය.

             කූසල වර්ගය මෙතෙකින් නිමයි.





සචිත්ත පරියෝ දපණං

ත්‍රිශික්‍ෂාවේ මුලින් ගැනෙන දාන, ශීල යන්න ප්‍රස්තූත ගාථාවේ මුල් පද දෙකෙන් ප්‍රකාශ වෙද්දී, තෙවන පදය භාවනා යන්න නියෝජනය කරයි. ශීල, සමාධි, ප්‍රඥා අනුපූර්ව ප්‍රතිපදාව එයයි. තම චිත්ත සන්තානය ලෝභ, ද්වේෂ, මෝහාදී අකූශල යන්ගෙන් මුදවා ගැන්ම මුඛ්‍ය පරමාර්ථයයි.  අකූසල් නොකොට කූසල් කිරීම සිත දමනය කිරීමේ මූලික කාර්්‍යයයි. එකෙූදු නොව සතියෙන් යුතූ සමාධි ගත සිත අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදී  වශයෙන් ගෙන විපස්සනානු ප්‍රකාර නිර්වාන සංඛ්‍යාත ධාතූව කරා මෙහෙයවීම පරමාර්ථය විය යුතූයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය නොවැටහෙන තාක්කල් සත්වයා නිර්වානයෙන් ඈත්කර තබයි. මෙහිදී දුක්ඛ ස්වරූපය වැටහීමත් (දුක ඇතිවන්නේ ඉපදීම නිසා බවත්) එය හටගැනීමේ ස්වභාවයත් (තෘෂ්ණාව නිසා යලි ඉපදීමක් ඇතිවන බවත්) දුක නැතිකර ගැනීමත් (තෘෂ්ණාව නැතිකිරීමෙන් ඉපදීම නැතිවී දුක නැතිවන බවත්) ඒ සඳහා ගතයුතූ ක්‍රියා පිළිවෙත අනුගමනය කලයුතූ බවත් ප්‍රඥාවට ගෝචර කරගත යුතූයි.  ධම්ම පදයේ චිත්ත වර්ගය සිත සඳහාම වෙන් කර ඇතත් අනෙකූත් වග්ග සියල්ලෙහිද සිතට ප්‍රධාන තැනක් දී තිබේ. එහිදීි සිත ගැන මනා පැහැදිළි කිරීමක් කරණු ලබන අතර දමනය කිරීමෙන් ලද හැකි ආනිසංස බොහොමයක් දක්වා ඇත. දාන සිල භාවනා හා ශීල සමාධි ප්‍රඥා යන කූමන මාර්ගයක හෝ පරමාර්ථය වන්නේ නිර්වාන සංඛ්‍යාත ධර්මය කෙරෙහි සිත හැසිරවීමයි. සචිත්ත පරියෝ දපණං යන්නෙහි මුළු බුද්ධ දේශනයේ ම දර්ශනය අන්තර්ගතව ඇත.   ්් දූරගමං ඒක චරං අසරීරං ගූහාසයං යේ චිත්ත සඤ්ඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනං  ්්  කොපමණ වුවද දුූරක් චිත්තක්‍ෂණයක් තරම් කෙටි කාලයකදී ගමන් කල හැකියි නොහොත් එපමණ දුරකට මෙහෙයවිය හැකියි. සංසාරයේ අපමණ දුරක් ගෙවා ඇත, එපමණම දුරක් ගෙවීමටද ඇත. සිත් දෙකක් එකවිට නුපදින අතර එකවිට එක සිතක්ම උපදී. එහිම තනිව හැසිරේ. ස්වකීය රූපයක් නැති අතර  ශරීරය නැමති ගූහාවේම වාසය කරයි. යේ චිත්ත සඤ්ඤ මෙස්සන්ති යනු සචිත්ත පරියෝ දපණං මැයි. හේතූ ප්‍රත්‍ය නැතූව නූපදින්නාවූ නොහොත් රූප, වේදනා, සංඥා, සංඛාර යන හේතූන් මත ප්‍රත්‍ය වන්නාවූ විඤ්ඤානය මත සකස්වන මෙම සිත යමෙක් සකල ක්ලේශයන්ගෙන් වන පීඩාවන්ගෙන් මෙල්ල කලේද, සංඛාර වන්නාවූ ක්ලේශ ස්කන්ධය සහමුලින්ම විනාශ කලේද ඔහු යලිත් උපතක් නොලබන හෙයින් නොහොත් එම සිත යලි ප්‍රතිසන්ධි නොවන හෙයින් මරණයක් හෝ චුතියක් නොවන (මාර මුඛ්‍ය) බව මේ ගාථාවෙන් දැක්වෙයි.
සිත දමනය කිරීමේදී භාවනාවට විශාල මෙහෙවරක් ඉටුකළ හැකිවේ. දමනය කළයුතූ සිත් සියල්ල රාගයේ, ද්වේෂයේ හෝ මෝහයේ අධිකව හැසිරෙන්නාවූ වරිතයෝ වෙත්. රාගාධිකයාට අසුභය වැඩීමත්, ද්වේෂාධිකයාට බ්‍රහ්මවිහාරයත්, අස්මිමානය, සක්කායදිට්ඨිය දුරුකිරීමට අනිච්ච සංඥාව වැඩීමත්, සිත විසිර ගිය අයට අනාපානසති භාවනාවත් වැඩීමත් මහත්වූ ලාභයෝ ගෙනදෙත්.
චේතනාවෝ කර්ම රුස්කරයි. “ “’’වේතනාහං භික්ඛවේ කම්මං වදාමි “ යනුවෙන් බුද්ධ දේශනයේ මෙය දක්වා ඇත. අතීතය ගැන ගැටීමෙන් හෝ අනාගතය ගැන ඇලීමෙන් හෝ සත්වයා කර්ම රුස්කරයි. කර්ම රුස්වෙන තාක්කල් ජාතිය නොහොත් උපත වැලැක්විය නොහැක. චේතනාවෝ සංසාරයේ සත්වයා රඳවා තබා ගැනීම සලස්වයි. එය ධර්මතාවයකි. සංසාරයෙන් ඉවත්වීමට වෙර දරණ පබ්බජිතයා විසින් චේතනාවෝ ගැන මනාවූ සිහියෙන් කටයුතූ කලයුතූයි. ‘එය සතියයි. වර්තමානයේ සතිසම්පජඥ්ඥ යෙන් යුතූව සිටීමෙන් ( සතර ඉරියව්ව සිහියෙන් පවත්වාගැනීමෙන්් ) කර්ම රුස්කිරීමෙන් වැලකී සිටිය හැකිවේ.  පුරාණ කර්මය ක්‍ෂයවූයේ අළුත් කර්මයක් හටනොගැනේ යන්න ධර්මයේදී කර්මක්‍ෂය ලෙස හැඳින්වේ. සිත දමනය කරගැනීම මෙය යැයි් කෙටියෙන් හැඳින්විය හැකියි. සංයුක්ත නිකායේ ජරාසූත්‍රයේ දී එක් දෙවියකූ විසින් මිනිසකූ විසින් ජරාවට පත්වනතාක්කල් කල යුත්තේ කූමක්දැයි ඇසු ප්‍රශ්නයට ‘”්්්“සීලං යාව ජරා සාධූ ් යනුවෙන් බුදුන්වහන්සේ දැක්වූයේ සිල් රුකීම සුදුසු බවයි. ශීලය චාරිත්‍ර හා වාරිත්‍ර යනුවෙන් කලයුක්ත හා නොකල යුක්ත ලෙස දැකිය යුතූයි.  අශ්ඨාංග හෝ නවාංග උපෝසත ශීලයක පිහිටියකූ විසින් සමාදන්වු කාලය තූල ධර්මශ්‍රවනය, ධර්ම සාකච්චාව හැරුනුවිට අන් සැම කාලය තූලදීම භාවනාවක නියැලී  හෝ කර්ම රුස් නොවන ආකාරයට චේතනා ගැන සතියෙන් සීටීම පරමාර්ථ ශීලයයි නොහොත් සීලානුප්‍රතිපදා සමාධියයි.   “
සචිත්ත පරියෝ දපණං නොහොත් සියළු ක්ලේශයන්ගෙන් පිරිසිඳු වීම් වස් දස සංයෝජනයන් තදාංග, විශ්කම්භන, හා සමුච්ඡේද වශයෙන් ප්‍රහීනය වීම කළයුතූ වෙයි. ඊට පූර්වගාමීව සිදුවන කාමාවචර කූසල් සිත් 8 අට නිසා ක්ලේශ ධර්මයන් තදාංග වශයෙන් ප්‍රහීනය වෙයි. රුපාවචර හා අරූපාවචර කූසල් සිත් (9) නමයෙන්  ක්ලේශ ධර්මයන්  විශ්කම්භන වශයෙන් ප්‍රහීනය වෙයි. ලෝකෝත්තර නොහොත් මාර්ග සිත් (4) හතරෙන්  ක්ලේශ ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහීනය වෙයි.

මාර්ග සිත් වලදී දස සංයෝජන ධර්මයන් මෙසේ පිළිවෙලින් ප්‍රහීනයවීම සිදුවේ ඃ-
1.  සෝවාන් මාර්ගස්ථ ඵලස්ථ ඃ-
(ඉ) ස්වකාය ගැන වැරදි ලබ්දිය වන මමත්වය නොහොත් උපාදානාස්ඛන්ධය නැමති සක්කාය දිට්ඨිය ඉවත්වීම. ‘සක්කාය යනු පංච උපාදාන ස්කන්ධයයි, දිට්ඨිය යනු මමය, මාගේය, මාමාය යන හැඟීමයි.
(ඉඉ)  බුද්ධදී අටතැන්හි ඇති විචිකිච්ඡාව දුරුවීම.
(ඉඉඉ)  නවලෝතූරු දහමින් තොර අන්‍ය ශීල වෘත නොපිළිගැනීමාදී වශයෙන් වන සංයෝජන තූන දුරුවී යනු ඇත.
මේ අනුව සෝවාන් කූසල චිත්තය හේතූ කොටගෙන දිට්ඨිය හා විචිකිච්ඡාව යන අකූශල චෛතසිකයන් සහමුලින් දුරුවී යයි.
සත් හැවිරිදි වියේදී සෝවාන් ඵලස්තවූ විශාඛාවෝ විවාහවී දරුවන්ද ලැබුවාය. ගිහිව සෝවාන්වූ අය ගැන ධර්මයේ බොහෝතැන්වල දැක්වේ. සෝවාන් සැපත ගිහි දිවියේ ධර්මාභිසමයයි. ‘රාග, ද්වේෂ පහවීමක් නොගැනෙන සෝවාන් මාර්ගස්ථයකූ වීමට සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝමනසිකාරය හා ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය යන අංග සතර සම්පූර්ණ වියයුතූයි. එවිට මමය, මාගේය මාමය යන අස්මිමානය නොහොත් පංච ඉන්ද්‍රයයන්ගෙන් ඉෂ්ට, මනාප කාන්ත යනුවෙන් ගන්නා 20 වැදෑරුම් සක්කාය දිට්ඨිය පහවෙයි. මෙහිදි කෙලෙස් ප්‍රහානයක් සිදුනොවේ නමුත් ආනන්තර්්‍ය පාපකර්ම 5 නොකෙරෙන අතර හා මිච්චාදිට්ඨිය පහවන නිසා සතර අපායට වැටෙන පව්කම් නොකෙරේ. බුද්ධ, ධම්ම, සංඝ, ශික්‍ෂාපද, භවය ( සසර ගමන), පෙර පසු බව ගැන හා පටිච්චසමූප්පාදය ( කර්ම, හේතූ, ඵල) යන අටතැන්හ් ඇති  විචිකිච්චාව දුරුවේ. මේ අනුවයමින්  අන්‍ය ශීල වෘතයක්, අන් ධර්මයක් නොපිළිගන්නා අතර නිවන අරමුණු කරගත් ධර්ම මාර්ගයම ඒකායනමාර්ගය කරගනී. රතන සූත්‍රයේ “””’”ඃ සහාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා’ ඃයන ගාථාවේ මෙය දක්වා  ඇත. සේ්වාන් මාරගයට ප්‍රවිශ්ට වීම සඳහා සත් පුරුෂ ආශ්‍රය, සද්ධම්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය, ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය යන කාරණා සතර සම්පුර්ණ විය යුතූයි.

2.  සකදාගාමී මාර්ගස්ථ ඵලස්ථ ඃ-
(ඉව)  පංච විධ කාමයන් කෙරෙන් දුරුවීම් වශයෙන් වන කාමරාගය තූනීවීම.
(ව) ද්වේෂය, පටිඝය දුරුවීම් කෙරෙන් වන ව්‍යාපාදය තූනී වීම.
මේ අනුව සකදාගාමී කූශල චිත්තය හේතූ කොටගෙන ද්වේශය, ඉස්සා, මචරිය, කූක්කූච්චය යන අකූශල චිත්තයන් තූනීවී යයි.

3.  අනාගාමී මාර්ගස්ථ ඵලස්ථ ඃ-
(ඉව )  පංච විධ කාමයන් කෙරෙන් සහමුලින් දුරුවීම් වශයෙන් වන කාමරාගය සහ මුලින්ම දුරුවීම.
(ව)  ද්වේශය, ක්‍රෝධය, කෝපය, පටිඝය කෙරෙන් සහමුලින් දුරුවීම් වශයෙන් වන ව්‍යාපාදය සම්පූර්ණයෙන් දුරුවීම.
‘අනාගාමී කූශල චිත්තය නිසා යලිත් 7 වැනි උපතක් නොලබන, ශූද්ධාවාස බ්‍රහ්ම තලය අරමුණු ගැනීම් වස් ද්වේශ, ඉස්සා, මච්චරිය, කූක්කූච්චය යන අකූශල චෛතසිකයන් සහමුලින්ම දුරුවී යයි.

4.  අර්හත් මාර්ගස්ථ ථලස්ථ  ඃ-
(වඉ)    රූප රාගය දුරුවීම.
(වඉඉ)   අරූප රාගය දුරුවීම.
(වඉඉඉ)  මානය දුරුවීම.
(ඉභ)   උද්දච්චය දුරුවීම.
(භ)    අවිජ්ජාව දුරුවීම.

‘උද්දම්භාගිය සංයෝජන 5 දුරුවීම් වශයෙන් ලබන අර්හත් කූශල චිත්තය නිසා මෝහ, අහිරික, අනවතප්ප, උද්දච්ච, ලෝභ, මාන, ථීන, මිද්ධ යන අකූශල චෛතසිකයන් සහමුලින් ප්‍රහානය වීම් මගින් ශාන්තවූ නිර්වාන ධර්මය අරමුණු වෙයි. කාම,භව,දිට්ඨි, අවිජ්ජා යන ආශ්‍රවයන් පහකොට ශීල විසුද්ධියේ සිට ඥානදස්සන විසුද්ධියවූ සප්ත විසුද්ධියෙන් පිරිසිඳුව මෙසේ විදසුන් වඩන්නේ පරිකර්ම, උපචාර, අනුලෝභ, ගෝත්‍රභූ  යන චිත්තයන්ට අනතූරුව එලඹෙන නිර්වානය අරමුණු ගැනීම් වස්  සෝවාන් ආදී සතර මග සතර ඵලයට පැමිණෙන වාත් සමගම ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත අරි අට මග වැඩීම් වශයෙන් වන කෘත්‍යය සම්පූර්ණ වෙයි.  ්් කත කිච්චෝ  ්් යනුවෙන් අර්හත් මාර්ගයට පැමිණියාවූ අර්්‍යය පුද්ගලයාට මින්පසු භවය සඳහා හෝ නිවන සඳහා හෝ ඉටු කලයුතූ කාර්්‍යයක් ඉතිරිව නැත.
‘ඒ ආර්්‍ය පුද්ගලයා ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයෙන්  ්් මාගේ මින්මතූ වන ඉපදීමක් නැත, මාර්ග බ්‍රහ්ම චර්්‍යාවට බැස නිමවන ලදින් සතර මාර්ගයෙන් කලයුතූවූ කාර්්‍යය නිම කළෙමි. ‘ආත්මය සඳහා හෝ නිවන සඳහා මා විසින් තවත් කලයුතූ කිසිවක් නැතැයි දනී  ්්
්් ඛීනං ජාති වූසිතං බ්‍රහ්මචරියං කත කරණීයං  නා පරං ඉත්තාය හි පාරජාති  ්්
‘මාතෘකා කල ගාථා රත්නය අනුව ඒ මග පිළිවෙලින් ගමන් කොට බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා ප්‍රනීතයයි පැමිණ වදාළ අමාමහ නිර්වාන සම්පත්තිය සාක්‍ෂාත් කර ගැනීමට සියළු බුදුවරයන් අනුදැන වදාළ මෙම මාර්ග ප්‍රතිපදාව සියළු දෙනාහට උපකාරීවේවා. සකල ක්ලේශයන් ප්‍රහීනය කිරීමෙන් අර්හත් මාර්ගයට අරමුණු වන ප්‍රනීත ශාන්ත භාවය ක්ලේශ පරිනිර්වානයයි, ඒ මගින් තෘ’ෂ්ණාදී සංස්කාරයන්ගේ යළි පිළිසිඳීමක් නොමැත. රහතන් වහන්සේලාගේ ජීවිතේනද්‍රිය සිඳී යාම අනුපදා පරිනිර්වාණයයි.
මෙම  ප්‍රතිපදාව අනුගමනය කරමින් ප්‍රාර්ථනීය බෝධියකින් ශාන්ත පදයයි කියන නිර්වානය සාක්‍ෂාත් කරගැනීමට මේ ආත්මභාවයේ දීම හැකිවේවායි යන අධිෂ්ඨානය පෙරදැරි කරගෙන අෂ්ඨ සමාපත්ති, පංච අභිඤ්ඤා, පුබ්බේ නිවාසානුස්සති, දිබ්බු චක්කූ, ආසවක්ක්‍ය, චුතූපපත්ති, ආදී ඥානයන් ලැබ අර්ථ, ධර්ම නිරුක්ති, පටිභාන යන සිව් පිළිසිඹියා පත් මහරහත් භාවයට හෝ එකී ඥාන හෝ ධ්‍යානයන් නොමැති සකල ක්ලේශයන් පමණක් ප්‍රහීන කිරීමෙන් ලැබෙන ශූෂ්ක විදර්ශක රහත් ඵලය හෝ ලබා ගැනීමට ධර්මකාමී සිව්වනක් පිරිස සමත් වේවායි මෙය ලියා තැබීමෙන් ප්‍රාර්ථනය කරන්නෙමි. නිර්වාන ධාතූව ශාන්තය, ප්‍රනීතය.

‘ඉහතින් දැක්වූ ආකාරයට සිත දමනය කිරීම කෙසේ කළයුතූද යන්නත් සිත දමනය කිරීමේ මාර්ගය දෙවන කොටසෙහි (කූසලස්ස උපසම්පදා) දක්වා ඇතිබවත් දන්වමින්, මෙම ධර්ම ග්‍රන්ථය නිතර නිතර කියවා තේරුම් ගෙන ජීවිතය සකස් කරගන්නා මෙන් මෛතී්‍ර පූර්වකව දන්වා සිටිනු කැමැත්තෙමි. අනාපානසති භාවනාව ගැන විශාල උද්යෝගයක් මෙන්ම පැහැදිළි විස්තරයක් බලාපොරොත්තූ වන අය වෙනුවෙන්ම, අනාපානසති භාවනාව නිර්වානය කරා  යොමුකරවන ආකාරය අනාපාසසති සූත්‍රයේ සඳහන් අයුරින්ම විස්තර කර තැබීමි.

මෙය පරිශීලනය කිරීමෙන් යමෙක්වෙත ප්‍රනීතවූ දහම් මග යම්තරමක් දුරට හෝ හෙලිවූයේ නම් කතෘගේ කාර්්‍ය සපිරුනේ වෙයි. සාරිපුත්ත මොග්ගල්ලාන ප්‍රමුඛ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන සිව්පිළිසිඹියා මහරහත් කෙනෙකූට හැර  ඌනතාවයක් නොමැතිව අනෙකෙකූට බුදුන් වදහල ධර්මය පැහැදිය නොහැකි විය හැකියි. එහෙයින් අඩු ලහුඬු, පදඅග අරුත්, ඌනතා හා වැරදි නිරවද්‍ය කරත්වා හේ අකූසල් පිණිස නොයෙදෙත්වා.

………………                     සබ්බේ සත්තා භවන්තූ සුඛිතත්තා  

No comments:

Post a Comment

ධර්මයෙන් බිඳක්

255            කඨිනානිසංසය විචාර බුද්ධියෙන් යුතුව ධර් මය සම්මර් ශනය කිරීම ධර් මයට අගෞරවයක් වත් වරදක්වත් නොවන අතර එය ධර් ම...